Sunday, April 13, 2014

අපේ මහ ගෙදර අයිති ලන්දේසින්ටද?

 මෙ තියෙන්නෙ දෙගල්දොුරුව විහාරයේ සිතුවමක්. මේක මම නයා පෙන්නලා දාන එකක් නෙමෙයි සත්‍ය වශයෙන්ම දෙගල්දොරුව විහාරයේ ඇදලා තියෙන නුවර යුගයට අයත් සිතුවමක්. මෙ සිතුවම 1700 ගනන් වල හිටපු  රාජසිංහ කාල සමය හෝ ආසන්න කාලයකට අයත් කියලා තමයි පිළිගන්නෙ. මෙ ඇඳල තියෙන්නෙ මාරයා. දුනු හී කඩු අරගෙන දත් විලිස්සගෙන පිංතූරවලට පෙනී ඉන්න මාරයා තුවක්කුවක් අරගෙන මොකෝ? ඒ වෙනකොට පහතරට ඇතුළු රටේ මුහුදුබඩ පළාත් වල හිටියෙ පෘතුගිසින්. මේ පෘතුගිසින් භාවිත කරපු මාරක ආයුධයක් වෙච්චි තුවක්කුව මාරයාට ආදේශ කරන්නට සිත්තරා පෙළඹිලා තියෙනවා.


මේ තියෙන්නෙ අපේ තාත්තලයි මහ ගෙදර. මේකෙ තමයි මම පුංචි කාලෙ හිටියෙ. නවසිය හැට ගනන් වලෙ මේ ගෙදර හදන්නට ඇතත් මේ ගෙදර ඕලන්ද ගෘහ නිර්මාණ කර්තව්‍යයන් දකින්නට තිබෙනවා කියලා මට හිතෙනවා. ඕලන්ද කිව්වෙ ලංකාව ඉංගිරිසින්ට කලින් පාලනය කරපු ලන්දේසි කාරයින්ට. ලන්දේසි කාරයො ගෙවල් හදන්න හෙම දක්ෂයො. සැබැවින්ම මේ කාලයේ තිබුන ගෘහ නිර්මාණ ශිල්පයේ අවශේෂයන් ඉංගිරිසි පාලනයෙන් පස්සෙත් එහෙමම පරම්පරා වලින් පැවතගෙන ඇවිල්ල තියෙන්න ඇති. ලොකු ඉස්තෝප්පු, කුඩා කාමර, තට්ටු සහ සොල්දර,මැදමිදුල්, ආදිය ලන්දේසි ගෘහනිර්මාණ ශිල්ප වල තියෙනවා කියලා අහල තියෙනවා.
මේ ජනේල දොරවල් වල පවා ඒ ගතිය ඇති කියලා මට හිතෙනවා. නමුත් ඉතිං ඒවා සනාථ කරන්න තරම් පුරාවිද්‍යා දැනුමක් නම් මට නැහැ.මේ ගෙදර සාමාන්‍යයෙන් ලොකු එකක් වුනාට ගෙදරට තියෙන්නෙ එකම එක කාමරයයි. හෝල් තුනක් වගේ අවකාශ තුනක් මුලු ගෙදරටම තියෙනවා.
මේ තියෙන්නෙ අපේ සීයල නිදාගත්ත ලනු ඇඳක්. කොටුවෙ ඕලන්ද කෞතුකාගාරයට ගියොත් මේ වගේ ලනු සහ වියන ලද ඇඳන් දකින්නට හැකි වෙනවා. මේ ඇඳට යොදල තියෙන්නෙ ලනු. මේ ලනු උඩ හොඳ පැදුරු කඩමාල්ලක් දෙකක් දාගෙන තමයි අපි නිදියන්නෙ. දැන් නම් මේ ලනු ඇඳ පාවිච්චි කරන්නෙ මොන මොනවහරි වේලගන්න වගේ රාජකාරියට විතරයි. මේ ඇඳ ගෙනල්ල වියාගන්න ඕන කියලත් මට හිතුනා. මේක හැබැයි අපි අර පාවිච්චි කරන සාමාන්‍ය ඇඳට වඩා දෙගුණයක් විතර උසයි. 
මෙ වියන ලද පුටු කලාවත් ඇවිල්ල ලන්දේසි වැඩක්.දැන් වියන පුුටු අඩුයි. ඉස්සර තිබුනා. ගෙවල් වල මේ විදියට වියාපු විශාල සෙටි පවා ඉස්සර තිබුනා.පොඩිලමයි විදියට අපිට ඒ කාලෙ පැවරුනු එක රාජකාරියක් තමයි පුටු විවිල්ල. පුටුවල තියෙන වැල් කාලයක් යද්දි කැඩිල යනවා. ඉන් පස්සෙ ඔය පුටු වටේ රාමුවෙ තියෙන සුට්ටි සිදුරු වලි වැල් දදා රටා වියන එකත් එක්තරා කලාත්මක වැඩක්. 
හොදින් බැලුවොත් මේ පින්තූරයේ පේන මුදුන් බිත්තියෙ සිදුරක් පේනවා. මෙ සිදුර තියෙන එක ගෙදර පවතින උෂ්ණත්වය අඩු කරන්න කරපු වැඩක්. ඉහලට ගිහිපු උණුසුම් වාතය මේ කවුලු හරහා පිටට යනවා. එතකොට ගෙදර ටිකක් සීතල වෙනවා. මේක සොල්දරේ සිදුර ගැන පොඩි විරිදු කෑල්ලක් තියෙනවා "සිරිවර්ධන සිටානන්ට හිතුනලු හිටගෙන කරන්ට..නැංගා සොල්දරේ උඩට දුන්නා බිත්තියේ හිලට.." මේ ජාතියෙ ගෙවල් වල සොල්දරයක් තියෙනවා. ඒකෙ තමයි ඉස්සර පරණ බඩු ආදිය දාල තිබුනෙ. ඔය කියන සොල්දරේ තිබිල අපේ සීයා ගේ සියද මන්දා කියෝපු එක්දාස් අටසිය ගනන් වල අග කාලෙ පොත් කෑල්ලකුත් මං එකපාරක් හොයාගත්තා. දැන් ඒව කොහෙද දන් නැහැ.

තංගල්ලට ලන්දේසි අාභාෂය.

තංගල්ල ඉංගිරිසියෙන් ලියන්නෙ ටෙන් ගෝල් හෝ ටැන්ගෝල් (tengalle) කියලා. මේ නම ලන්දේසින් විසින් දාන්න ඇති නමක්. තංගල්ලෙත් ඉස්සර කොටුවක් තියෙන්නට ඇති. තංගල්ල බාලිකා විද්‍යාලය, තංගල්ල මූලික රෝහල ආදිය තියෙන ඒරියා එක ඉස්සර කාලෙ ලන්දේසි ඉංගිරිසි බලය බල පැවැතුනු තැන් කියලා හිතන්න පුලුවනි. නමුත් පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් කියලා මෙලෝ තැනක් තංගල්ලෙ නම් කරපු බවක් නම් මම දන්නෙ නැහැ. 


තංගල්ල සිට මාතර පාර කලින් වැටිල තිබිල තියෙන්න තංගල්ල බෙලිඅත්ත ගැටමාන්න කිරින්ද පුහුල්වැල්ල තිහගොඩ හරහා මාතර වශයෙන්. පස්සෙ කාලෙක තමයි මුහුදුබඩ තීරයේ තියෙන මාවත ජනප්‍රිය වෙලා තියෙන්නෙ. අපේ සීයලා ගෙදර තියෙන්නෙ ඔන්න ඔය පරණ පාර අසබඩ හරියක. තංගල්ල නගරයෙන් මුහුදට එකතුවෙන කිරම ඔය සහ රන්න නගරය අසලින් ගලා යන ඌරුබොකු ඔය හරහා වේලි ආදිය බැඳලාඒ පැත්තෙ කුඹුරු ලියදි අස්වද්දන්න ලන්දේසින් වැඩකලාය ඒ වැඩ ඉන්ගිරිසින් විසින් තවත් දියුනු පවුනු කලාය කියලා ඉංගිරිසි වාරි ඉංජිනේරු බ්‍රෝහියර් මහත්මයා කියලා තියෙනවා. ඔය දැන් ගිරුවාපත්තු කියලා කියන පැත්ත ඉස්සර හදුන්වල තියෙන්නෙ ගිරාව පත්තු හෝ ගිරවා පත්තු කියන නමින්. 

මුහුදුබඩ පලාත් නුවර සහ අනෙක් රට ඇතුලෙ පලාත් වලට වඩා බොහොම වැඩි කාලයක් ලන්දේසි පෘතුගිසි සහ ඉංගිරිසි පාලනයට නතු වෙලා තිබුනා. ඒ නිසා ඒ පැත්තෙ ගෙවල් දොරවල් සහ සංස්කෘතියට ලැබුනු පුරාණ බටහිර ජාතින්ගේ ගතිගුන තරමක් වැඩි වෙන්න අවස්ථාවක් තිබෙනවා. සංස්කෘතික අතින් යම් වෙනස් කම් තිබුනාට දකුනු මුහුදුබඩ පලාත්වල ජනයා බෞද්ධ ආගම ඒ විදියට පවත්වාගෙන ගියා. ඔවුන් ක්‍රිස්තියානි බවට පත්වෙලා ආගම වෙනස් කරපු ආකාරයක් නම් පෙන්නුම් කරන් නැහැ.

නුවර යුගය අවසාන කාලයේ මහනුවර අවටින් හමුවන ගෘහ නිර්මාණ ශිල්ප වලින් බොහෝවිට දකින්නට තිබෙනවා කියන්නෙ පෘතුගීසි ලන්දේසි ආභාෂය. එහෙම නැතුව අපේ කියලා ඒ දවස්වල ඉතිරි වෙලා තිබුන එකම ගෘහ නිර්මාණ කේස් එක තමයි බිත්ති හතර සහ වහල. ඕකත් ඉතිං අපේ අය පට්ට ගහනවා ඒක බුදු දහමෙ අනිත්‍ය ගතිය නිසා මිනිස්සු හිතල මතලා වැඩිය ලස්සන කරන්නෙ නැතුව ගෙවල් හදන්න ඇති කියලා.  

දකුන හරි ලොකුය ඒ අය යකාටවත් බය නැතිය, ගොඩක් දක්ෂ මිනිස්සු දකුෙන ඉන්නවාය කියලා වැල් බයිල සමාරු බුකියෙ හෙම කියලා තියෙනවා දැක්කා. එහෙම එකක් නැහැ. වම්බොට්ටා,චන්ඩි මල්ලි,සුනිල් රත්නවීර,හින්නි මහත්තයා ආදි ජනප්‍රිය අය හිටියෙ දකුණෙ. ඒ වගේම මුණිදාස කුමාරතුංග, චන්ද්‍රරත්න මානවසිංහ, මාටින් වික්‍රමසිංහ, හිටියෙත් දකුණෙ. ඒත් ඉතිං ඔය කොයි ජාතියෙ කවියො හිටියත් මොඩර්න් යුගයේ බස් කවියෙක් වෙන අජිත් මුතුකුමාරණ හිටියෙත් දකුණෙ. 

දැන් මේ දකුනේ පතල නම් කියනකොට කෙනෙක් හිතන්න පුලුවනි කෝ බොලේ අරයලා නැද්ද කියලා. මං මේ ලගදි ජැක්සන් රූපවාහිනි චැනලයක කියනවා දැක්කා එයාල බොහොම උසස් පෙලපත්වලින් පැවතෙන බුදුන්ට පවා නෑකම් කියන්න පුලුවන් පවුල්වලින් ඇවිත් දකුනු පලාතෙ පදිංචි වුන අය කියලා. ඉතිං අනේඒ පිටින් ආපු උන් ගැන මොන කතාද? ඒ විස්තර ජැකාගෙන්ම අහගන්න පුලුවන් නේ. 

28 comments:

  1. ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ වලට මුලුමනින්ම වගේ ලංදේසි ආභාශය ලැබිලා තියෙනවා. ඇත්තටම මේකෙන් මුලුමනින් අත්මිදෙන්න බෑ කියන එකයි මමනම් හිතන්නේ.

    ReplyDelete
  2. අමිල උතුරු මූදු තීරේ ඉදන් කොලබට යනකන් මූදු තීරේ ආගමත් වෙනස් කලා නේද,,ඕනා තරම් ඔප්පු කරන්න සාධක තියෙන්නෙ,වාසගම් ඉදන්ම

    ReplyDelete
    Replies
    1. ඔව් හැබැයි සමහරු තමයි නම එක්කම ආගම වෙනස් කරේ...දකුණේ ඕනෙ තරම් සිල්වල ප්‍රනාන්දුල පෙරේරලා හිටියත් ආගම බුද්ධාගම නෙ.

      Delete
    2. නෑ, ඒකෙ උනේ අර බන්ඩරණායකල වගේ මුලින් නමයි ආගමයි දෙකම වෙනස් කරා, පස්සෙ පරංගි ගියාම නම තියල ආගම අයි වෙනස් කරගත්ත, ඔක්කොම කරේ ගොඩක් වෙලාවට වාසියට, තනතුරු වලට.

      Delete
    3. සොලමන් ඩයස් කියන්නෙ කීර්ථිමත් නිළධාරිෙයක්. ඔහුගේ මුත්තා තමයි සුද්දන්ගේ රජයේ හිටපු භාෂා පරිවර්ථක.
      අපි හැමදේම දන්නෙ නහැ නේ. මොනවා හරි ප්‍රබල හේතුවක් තියෙනව ඇති කොළඹ සිට උතුරට මුහුදුබඩ කලාපය ක්‍රිස්තියානි වෙන්නත් පහල කොටස යළිත් බෞද්ධ වෙන්නත්..

      Delete
    4. අමිල, මම ඕක දකින්නෙ මෙහෙමයි. කොළඹින් උඩහ හිටි බහුතරය විදේශිකයො (බොහෝ විට ඉන්දියානුවො ). ඒ අය අබෞද්ධයො. අනික හොඳට බැලුවොත් පෙනෙයි ඉස්සර කොළඹින් උඩහට මුහුදුබඩ බෞද්ධ පරිසරයක් තිබිල නෑ, සිංහල ජනගහනයක් ඉඳලත් නෑ. හේතුව වෙන්න පුලුවන් ශුශ්ක පරිසරය. ඉතින් පෘතුගීසි පීඩනය එක්ක මේ ඔක්කොම වෙරළබඩ අය කතෝලික උනාට ආයි බෞද්ධ වෙන්න උවමනාවක් මීගමුවෙ උන්නු අයට ඇතිවෙන්නෙ නෑ.

      ඒත් තොටගමුවෙ, වැළිවත්තෙ තංගල්ලෙ පිරිවෙන් මූලික නියම සිංහල බෞද්ධයො කතෝලික කම අතාරිනව ඉන්ග්‍රීසීන්ගෙ වඩා නිදහස් ජීවන ක්‍රමය යටතෙ සහ පස්සෙ ඇතිවෙන අමධ්‍යප ව්‍යාපාරයෙ ප්‍රබෝධයත් එක්ක. ඒත් ඒ අතාරින්නෙ බොහෝ විට බුදු දහමට තියෙන පැහැදීමට වඩා ඒ වෙනකොට තියෙන දීශපාලන රැල්ලෙ වාසිය ගන්න.

      ඒකට හොඳම උදාහරණය බන්ඩ. සොළමන්ගෙ මී මුත්ත ලංකාවට එන්නෙ හින්දු කපුවෙක් විදියට නවගමු දේවාලෙට. පස්සෙ උන්දැගෙ මුණුබුරෙක් නවගමුවෙ ප්‍රභූ කෙනෙක් වෙල, එයාගෙ මුණුපුරෙක් ලන්දේසි ආන්ඩුවෙ මුදලි කෙනෙක් වෙනව 1700 ගනන්වලදි. ඒ පරපුරෙ එහෙම රාජ්‍ය සේවයෙ ඉන්න මේ පරම්ප්‍රාවෙ ජෙකබ් ඩයස් බන්ඩාරණාඅයක ඉංග්‍රීසි ආන්ඩුවෙ සුප්‍රීම් කෝට් එකේ පරිවර්ථකය වෙනව. ඔහොම ගිහින් අන්තිමේ කපුරාළගෙ මී මුණුපුරෙක් ලංකාවෙ සිංහලයන්ගෙ ලොක්ක වෙනව. ඒ ලොක්කගෙ පුතා තමන්ගෙ පරපුරේ අභිමානවත් කතෝලික උරුමෙ අතෑරල බෞද්ධ වෙනව අලුත් නිදහස් ලංකාවෙ අගමැති වෙන්න හිතාගෙන.

      ඒ කියන්නෙ හින්දු පළවෙනිය කතෝලික වෙන්නෙත්, කතෝලික අන්තිමය බෞද්ධ වෙන්නෙත් එකම දේකට. ඒ බලයට.

      Delete
    5. ඉන්දික උපශාන්ත කියන කතාව 100% ක්ම ඇත්ත. රත්වත්තෙලගෙ වාසගමත් රාමබ්‍රාහ්මණ කියල පටන් ගන්නෙ.ඒ ගොල්ලොත් ඉන්දියන් කපුවො. හින්දු කපුවගෙ මුණුපුරා නවගමුව ගමේ ප්‍රභූවරය වෙලා පස්සෙ ඒ පවුල රට බදු අරන් හිටපු හැටි නම් පුදුමයි. ලංකාවෙ නියම රදලයො නැහැ.ඉන්නෙ ලුම්පන් රදලයො.නියම රදලයන් වුනත් ජනතාවට එරෙහිව රදලකම අටවන එක වැරදියි.ලුම්පන් රදලයො එහෙම කරන එක නම් පුදුමාකාරයි.

      Delete
    6. මම නොකියා උන්නෙත් ඒක තමා මිනිස්සු ආගම්,නම් වෙනස් කලේ වාසි තකා පමනයි...

      Delete
    7. හෙහ් හෙහ් ඔව් ඒකත් වෙන්න පුළුවන්.
      එතකොට මට තියෙන අනිත් ප්‍රශ්නේ තමයි, ඇයි පෘතුග්‍රීසි ගිහිං ලන්දේසි ඉංග්‍රීසි කාල වලදීත් රාජ්‍ය බලය තිබුනේ ක්‍රිස්තියානි ආගමට නේ. එතකොට අරගොල්ලෝ පෘතුග්‍රීසි නම විතරක් තියාගෙන ආගම අත් ඇරියේ ඇයි? මේ ගැන කොහේ හරි තොරතුරු තියෙනවා නම් දැනගන්ඩ ආසයි...

      Delete
    8. පෘතුගීසි රෝමානු කතෝලික,ලන්දේසි ක්‍රිස්තියානි පෙන්තකෝස්ත,එයාල ඇවිත් ඒ වෙද්දි උන්නු කතෝලිකයන්වත් ඝාතනය කරපු එකයි කලේ,,ඉංග්‍රීසින් එංගලන්ත සභාව කියන කොටස,එයාලා නම් එහෙම දරුණු උනේ නෑ,,ඔයාට පොඩි අදහසක් ගන්න පුලුවන් වෙයි මේ බ්ලොග් එකෙන් http://dreamsofharee.blogspot.it/2013/01/1.html

      Delete
  3. ලන්දේසී ආක්‍රමණය වැඩිපුරම සිද්දවෙලා තියෙන්නේ මුහුදුබඩ ප්‍රෙද්ශ වලට...

    ReplyDelete
  4. ඕනෑම රටක් යටත් විජිතයක්ව පැවතුනා නම් කොපමණ කල්ගියත් ඒ රටතුළ යටත්විජිත ලක්ෂණ ශේෂ වෙනවා.

    ReplyDelete
  5. ඔබ සියලුදෙනාට සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
  6. වටිනා විස්තරයක්....

    ලියා පල කිරීම ගැන ස්තුතියි..

    සුබ අලුත් අවුරුද්දක් වේවා...!!!!

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete

  8. //ඉංගිරිසි වාරි ඉංජිනේරු බ්‍රෝහියර් මහත්මයා කියලා තියෙනවා.//

    බ්‍රොහියර් (1948 ට පෙර ) වෑඩ කලේ ඉන්ග්‍රීසි ආණ්ඩුව යටතේ තමයි නමුත් ඔහු ඉන්ග්‍රීසි ජාතිකයෙක් නොව ලන්දේසි බර්ගර් (Dutch Burgher) ජාතිකයෙක්. ඔහුගේ දුව ඩෙලරින් බ්‍රොහියර් තාමත් ඩච් බර්ගර් යුනියන් (DBU-තුන්මුල්ල) එකේ ක්‍රියාකාරි සාමාජිකාවක්

    පෘතුගීසි බලපෑම සහිත ගොඩනෑගිලි දෑන් ඉතිරිවෙලා නෑති තරම් (කතලුව වලව්වෙ ඒ ලක්ෂන පොඩ්ඩක් තියනව කියල කියනව )
    ලන්කාවෙ ගෘහ නිර්මාණ ශිල්පයට ලොකුම බලපෑම සින්හල දෙමල පෘතුගීසි ඉන්ග්‍රීසි ආදීන්ට වෑඩිය ලෑබුනෙ ලන්දේසින්ගෙන්. එක හේතුවක් වෑඩවසම් යුගයෙ (විශේශයෙන් නුවර කාලයෙ ) සාමාන්ය ජනතාවට ( පහල තත්වයෙ රදලයන් ඈතුලුව ) තිබුනෙ පෑල්පත් වලට සමාන ප්‍රාතමික තත්වයෙ ගෙවල්. ලන්දේසි කාලෙ තමයි මෑද පන්තිය ඉහලට ආවෙ.

    වෑදගත්ම කාරණයක් වෙන්නෙ ලන්දේසීන් උෂ්ණ දෙශගුණයට ඉතා සුදුසු ගොඩනෑගිලි හෑදුව. එනිසා ඉන්ග්‍රීසි කාලෙත් ඒ ලක්ෂන පවත්වාගෙන ගියා.

    ලීබඩු කර්මාන්තයෙත් ස්වර්ණමය යුගයක් ලන්දේසි කාලය (කලුමෑදිරිය ගස් වද වෙන ගානට :-) )
    Dutch architecture and furniture සදහා Wolvendhaal පල්ලිය සහ එහි ඈති පුටු එකතුව හොද නිදර්ශනයක්

    ReplyDelete
  9. මෙවන් පෝස්ට් එකක් පල කිරීම ගැන ස්තුතියි...
    ලන්දේසි ගෘහ නිර්මාන ශිල්ප ක්‍රමවේද ප්‍රධාන වෂයෙන් බලපා තියෙන්නේ වැඩ වසම් යුගයේ බිහිවුන ප්‍රභූ වරයන්ගෙ නිවාස වල..අපි වලව් කියනා ගොඩනෑගිලි වල..මාතර කුමාරතුන්ග මාවතේ සහ නූපේ මාර්ක්ට් ගොඩනෙගිල්ලෙත්, ගාලු කොටුව තුල ඇති බොහොමයක් ගොඩනැගිලි වලත් ලන්දේසි අභාශය අදත් දැක ගතහැකියි...බලකොටු හැරුනකොට රෝහල්, රාජ්‍ය ගොඩනැගිලි ආදියෙහි ලන්දේසි අභාශය මුහුදුකරය වටා දැකගතහැකියි..නමසිය පනස් ගනන් වලදී එන්ගලන්තයෙ ගෘහනිර්මාන ශිල්පය හදාරා මෙරටට පැමිනි මිනෙට් ඩි සිල්වා, ජෙෆ්‍රි බාවා සහ උල් රික් ප්ලෙස්නර් (ඩෙන්මාර්ක් ජතිකයෙක්)වැන්නවුන් ලන්දේසීන් ඉතිරි කර ගොස් තිබුන අප රට දේශගුනයට ඔබින ලන්දේසි ගෘහ නිර්මාන ශිල්ප ක්‍රමවේද ප්‍රධාන වෂයෙන් බලපා තියෙන්නේ වැඩ වසම් යුගයේ බිහිවුන ප්‍රභූ වරයන්ගෙ නිවාස වල..අපි වලව් කියනා ගොඩනෑගිලි වල..මාතර කුමාරතුන්ග මාවතේ සහ නූපේ මාර්ක්ට් ගොඩනෙගිල්ලෙත්, ගාලු කොටුව තුල ඇති බොහොමයක් ගොඩනැගිලි වලත් ලන්දේසි අභාශය අදත් දැක ගතහැකියි...බලකොටු හැරුනකොට රෝහල්, රාජ්‍ය ගොඩනැගිලි ආදියෙහි ලන්දේසි අභාශය මුහුදුකරය වටා දැකගතහැකියි..නමසිය පනස් ගනන් වලදී එන්ගලන්තයෙ ගෘහනිර්මාන ශිල්පය හදාරා මෙරටට පැමිනි මිනෙට් ඩි සිල්වා, ජෙෆ්‍රි බාවා සහ උල් රික් ප්ලෙස්නර් (ඩෙන්මාර්ක් ජතිකයෙක්)වැන්නවුන් ලන්දේසීන් ඉතිරි කර ගොස් තිබුන අප රට දේශගුනයට ඔබින ගෘහනිර්මාන ශිල්පීය වත්කම් නව ආරකට යොමු කලා මිසක් නොව අද දවසෙ නිර්මානය වන බොහෝ ගොඩනැගිලි වල දකිනට ලැබෙන අන්ගයන් නව පරපුරට හඳුන්වා දුන්නා..

    ReplyDelete
  10. Me rate raja parapure urumakkarayo thamay Deva wanshikayo.Sudda nisa agama, jathiya paawala nudun nisa euaalawa kandu walata elawala dalla.Passe whahumpura kiyala namakuth dala pahath karanna uthsaha karala thiyanawa.Mahawanshaya and wikipaedia balanna.Ada rate raja karanne kohen wath aapu aya.Niyama raja kama himi Dewa kulaye ayata.Aagama, wenas nokara hitapu nisa sudda akamathi wuna.

    ReplyDelete
    Replies
    1. ලංකාව කියන්නෙ ඔබ වැනිව සිතන මානසික මනෝරාජික අවිද්‍යාත්මක මත වල තෝතැන්නක්. ලංකාව කියන්නෙ දූපතක් මේකට හතර වටින්ම මිනිස්ස ුඇවිත් පදිංචි වෙලා තියෙනවා. කාලයක් රජ කරපු මිිනිස්සු කාලයක් පච වෙලා බලු වෙලා යනවා. ඒක ඉතිහිාසෙත් එහෙමයි. මොන කුලය වුනත් කාලෙකදි නරක තැන ඉදල කාලෙකදි තැනකට එනවා. කුල මල අදින උන්ට මතක් වෙන්නෛ තමුන්ගේ කුලය හොදට රන් කරපු කාලෙ විතරයි...මං අකමැතිම විශයක් තමයි කුල මල කියන්නෙ.. මොකද එදා ලංකාවෙ කුල ක්‍රමය එදා සමාජය අනුව තිබුන රාජකාරීමය බෙදීමක්. අද වෙනකොට ඒ ඔක්කොම නැතිවෙලා ගිහින්..දැන් කුලමල ඇදගෙන කුලල් කා ගන්න එක කිසිම තේරුමක් නැහැ..

      ඉතිහාසෙ බැලුවොත් ලංකාවට නිදහස සුද්දන් කැමැත්තෙන් වගේ දෙනවා මිස මෙහෙ දේශීය බලවේග ඒ තරම් සවිමත් වුනේ නැහැ. ලංකාවෙ අය කරපු අරගල සියල්ල ෆේල් වුනා. අදටත් අපි පිලිගන්න අකමැති දෙයක් තමයි.එදා වගේම අදත් අපි සුද්දට වඩා ගව් ගානක් පහලින් ඉන්නවා කියන එක..ආකල්පිය අතින් මෙන්ම බොහෝ තැන්වලින් අපිට සුද්ද එක්ක හැරෙන්නවත් බැහැ..

      ඒ වගේ ආකලිපික දුර්වලතාවයක් තමයි ඔය ජාති ආගම් කුල බේදය..

      Delete
    2. Mata kiyanna, oya dhobi hari berawa hari kulayaka kellek kasada bandinawada kiyala? Oya bandina kota kellage kulaya hoyanawada nadda kiyanna.?Mamath Tangalle polommaruwa kenek, api balamu oya bandina kota...

      Delete
    3. මම කෙල්ලො එක්ක යාලුවෙනකොට එයාලගෙ නම අහනවා.. ගම අහන්නෙ කලාතුරකින්.. කුලය මම අහන්නෙම නැහැ.. මගේ අන්තර්ජාල භාවිතය තුල මගේ සර්නේම් එකක් නැහැ... ඒ නැත්ෙත මට කුලයක් නැති නිසා නෙමෙයි.. කුලවාදය අදින උන් ආතල් ගන්න එක නවත්වන්න ඕනි නිසා... මාව දවස් කීපයක් හරි ආස්රය කරපු අය මා ගැන හොදටම දන්නවා...

      තොපිට ලෙඩවෙලා ඉද්දි ලේටිකක් ගන්න ගියාම මොකා මොන කුලෙන් ලේ දුන්නද කියල හොයන් නැහැ...
      ඒවගේම වකුගඩුවක් වගේ නැතිවෙලා අඩු මිලට වකුගඩුවක් ගන්න ඕනි වුනාමත් කුල හොයන් නැහැ..
      නමුත් අර අහවල් කසාද බැදිල්ලට ඕනි..ඒත් ඒකට ඉස්සෙල්ල කෙල්ල රූම් එකට අදින්න දුන්නොත් එදාට ඒකට කුලේ හොයන්නෙත් නැහැ...


      තොපි කලිසම ඇන්දට තාම ඉන්නෙ ගල්යුගේ...

      Delete
    4. well said Amila!

      දවසක් අපේ ඔෆිස් එකේ ෂියා ඇරබික් ගෑණු කෙනෙක් කියනව බුඩිස්ට් නොවෙන මේඩ් එකෙන්ක් හොයල දෙන්නලු. මොකද එහෙම කියන්නෙ කිව්වම, උන්ට කතෝලික සහ මුස්ලිම් නොවෙන උන් උයන කෑම කන එක අකැපයිලු. ඉතින් මම ඇහුව උඹ දැන් රෙස්ටෝරන්ට් වලට ගියාමත් කුක්ලගෙ ආගමද මෙනූ එකට කලින් බලන්නෙ කියල?

      මුන් ඔක්කොම එකයි. තාම වඳුරො. කුලෙන් උසස්, හැබැයි අර කිව්ව වගේ නමින් එන්නත් බයයි.

      බොලාගෙ කුල කතාව හින්ද මේ කියන්නෙ. රත්වත්තෙ කියන්නෙ උඩරට රදළ. රාජ ලේ වලට පස්සෙ උඩිම්ම උන්නු කුලය. ඒකෙ ගෑණි බැන්දෙ පහතරට කපුවෙක්ගෙ මුණුබුරා බණ්ඩාරනායකව.

      සල්ලි වලට ඔය ඔක්කොම යටයි. එච්චරයි.

      Delete
    5. Ano kiyala profile ekak thiyenne anonymous comment karanna puluwan nisa. E nisa eka methanata adaala naha.Facts walin enna.Tharaha ganna epa.Mma kiwwe lankaawe thathwaya.Api okkoma samaajedi kiyanawa kulaya,balaya,agama,jathiya epa kiyala. Eth praayogikawa, marry karanne kulaya balala, office ekedi th thamange kulaye aya ekka ekathu wenawa wadiy. Pedige hare henayalage hari Aacharige hari wage sirname thiyana aya gana rahasin katha karanawa.Eyala monawa hari apita hari noyana deyak karoth ,oane iyanne ban,uuu low caste ne,uuta hhenamaanaya ne ,kiyanawa.Boruda mama ahanne?Minissu kula walata bedila iwaray. Eka nathi karanna amaruy.Ape minissu Tamil hari Muslim hari ekek bandinna kamathiy ,adu kulayaka sinhala kenek bandinne nathuwa.Mama danna specialist doctor kenek innawa.Harima famous.Habay, eya ahawalek neda kiyala kiyanawa mata anantha ahila thiyanawa.Obata tharaha yana namuth, meka thamay,api ude hawaa ath windina, praayogika sathyaya.Minissu keemata kiwwata,prayogikawa eka karanne naha.Ekay mama ehema ahuwe.Oba ehema nowey nam itha honday.Mamath ehema nemey. mama marry kareth mage kulayenma nemey.Eheth usas gathi guna walin hebi ayek.Mama sinhala jaathi waathsalyayen yuthu kenek.Habay kula waadiyek neme.Kiyana deya karana, arana deya kiyana eka itha honda gunayaki.Subha pathum!

      Delete
    6. මම හිතුවෙ නැහැ කවදාවත් මේ විදියට සැලකෙන කන්තෝරු ඇත ිකියලා. අපේ කන්තෝරුවල ඉගෙනගත්ත මට්ටම අනුව අදාල විශ්ව විද්‍යාල අනුව යම් යම් බෙදීම් තිබෙනවා. නමුත් ඒවා පවා මෙතරම් ඔවුන්ගේ වරදකදි ඒවා අදින මට්ටමට පහලට යන් නැහැ.. සාමාන්‍ය මිනිස්සු නම් නිළධාරින් ගැන කතාවෙනවා ඇහිල තියෙනවා. ඒත් මේ වගේ කාර්යාල පසුබිමක් ගැන දැනගත්තෙ අද..ස්තූතියි කමෙන්ට් එකට... අපිට ලියන්න පුලුවන් වෙන්නෙ අපි දන්න සීමාව ඇතුලෙ. දැන් ඔබ කියපු මේ කාරනාව ගැන මට ආගන්තුකයි.. මම පොත්වල මෙහෙම සීන් දැකල තිබුනට දැන් නවීන ලෝකෙ මේවගේ දේවල් නැතිවෙලා ඇති කියලයි හිතුවෙ..

      Delete
    7. විශ්ව විද්‍යාලේ දී හෝ ඔෆිස් එකේදී හෝ මටත් ඔහොම කුලය ගැන අත්දැකීම් නැහැ...ආචිචි ල සීයල නම් කියනවා ඇහිලා තියෙනවා. පොඩි කාලේ අපි ගෙයක් කුලියට ගන්න ගියාම ගෙයි අයිතිකාරයා ගේ දෙන්ඩ කැමති වෙලා "හැබැයි අපි නම් xxxx" කියල කිව්වා. (xxxx = අඩු යයි සම්මත කුලයක්) තාත්තා කිව්වා අපිට ඒවා වැඩක් නෑ කියලා. එදා තමයි ඔය කුලය ගැන මුලින්ම දැන ගත්තේ. අපිට නම් ගෙදර ඉගැන්නුවේ ඒක මහ නීච ක්‍රමයක් කියලා.
      මේ ඇනෝ ගේ කතාව වගේ සිද්ධි තවමත් වෙනවා කියන එක හරි පුදුමයි වගේම පිළිකුල් සහගතයි. අලුත් පරපුර ඕවා තකන්නේ නැහැ කියලයි හිතුවේ.

      කසාදෙට බලනවා ඇති සමහරු. මම බැන්ද එක්කෙනාගේ කුලයක් නම් මම දැනන් හිටියෙත් නෑ. අපේ ගෙවල් වල මිනිස්සු ඕව බලන්නෙත් නෑ. බැන්දටත් පස්සේ මොකක් හරි කතාවකදී තමයි දැන ගත්තේ අපි දෙන්න දෙකක කියල. ඔන්න ඔය දේව කියන එකට රජකම අයිති කතාව මේකේ ගියාට පස්සේ එයාට පෙන්නලා මම විහිළු කරා ගිහින් අයිතිවාසිකම් කියන්න කියල. :D :D :D විකාර...!

      Delete
  11. Dewa caste.sri lanka kiyala google search karanna.Api akamethi sathyaya ehi etha.

    ReplyDelete
    Replies
    1. දේව කාස්ට් එකයි අනික් ටිකය් රෝල්කරල ගහගනිවු පුකේ..මහ ලොකුදේවකාස්ට්...අඩු තරමෙ ඇත්ත එකවුන්ට් එකකින් කොමෙන්ට් කරන්නත් බයයි..

      Delete
    2. Ha ,machan.gaha gaththa.Amaruwen thamay roll kara gaththe.

      Delete