Monday, November 3, 2014

මට දැනෙන්න වෙඩි තියන්න

යුදබිමේ ඉන්න සැමියා එනතුරු මගබලා ඉන්න ලගදි බැන්ද බිරිද.
  
වැඩ මරන්න වෙඩි තියන්න
පුරුදු ඔය සරීරේ..
මට බනින්න උඩ පනින්න
දුවල එන්න රහසේ.

පිනි වැටෙන්න පොද හැලෙන්න
පටන් ගත්ත මාසේ
ඔබ තෙමෙන්න ඉඩ තියන්නෙ
නෑ ඔබ මා පහසේ..

මත් බඹරා සිත් අවුරා
පැන් විලට පානගාලා
නෙත් වහලා හුස්ම හෙලා
නුරා ගැබ පියා සලාලා
මල් කඩලා වැල් හදලා
දෙයියන්ට රහසෙ වැදලා
කල් බලලම, ඇති කියලා
කියන්නම් හඩාලා..

බෙරි කරලා බත් උයලා
රැවුම් ඔබෙන් ගන්න
කන කරකවලා ඇස් වහලා
හොරෙන් දුවන් යන්න
සුද්ද කරපු යුද්ද කරපු
කතා අහන් ඉන්න

නැද්ද ගාය?  විද්ද හීය
අරන් සැනින් එන්න 

10 comments:

  1. nice one අමිල!
    ඔබට ඳ, ඬ, ඟ අරහන්ද?

    ReplyDelete
    Replies
    1. කොහොමද බන් ඒවා ටයිප් කරන්නේ? මට සෑහෙන කාලයක් තිස්සේ තියෙන ප්‍රශ්නයක්!

      Delete
    2. උබුන්ටු වල විජේසේකර දාගත්තාම ඕවා ටයිප් කරන එක තරමක අවුලක් ඇතිකරනවා.. ඒ නිසාම ඒවා නැතිව ටයිප් කරන්න හුරුවෙල තියෙනවා.

      Delete
  2. නැද්ද ගාය? විද්ද හීය
    අරන් සැනින් එන්න

    ReplyDelete
  3. මට දැනෙන්න වෙඩි තියන්න.. හිහ් හිහ්.. අතරින් පතර දැන් වදින වෙඩි ඒ හැටි දැනෙන්නෙ නැතුව ඇති.. ආමි වෙඩි කාල පුරුදු වෙලා.. පට්ට පට පට.. ඩෝං ඩිශූම්.. :P

    ReplyDelete
  4. මේක නම් මරු..

    ReplyDelete
  5. පට්ට පට පට....
    ඒත් අමිලය ගෙ හැමදාම ලියන ශෛලියමයි වෙනස් කරකො ඕක ටිකක්
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
  6. මොකක් කියන්න ද මන්දා

    ReplyDelete