Monday, September 7, 2015

The Croods 2013 ද කෲඩ්ස්

ද කෘෘඩ්ස් කියන්නෙ විනෝදකාමී ආදර්ශමත් කාටුන් ෆිල්ම් එකක්. ඒක හොද ෆිල්ම් එකක් මටනම්. බොහෝවිට බොහෝ අය කෘෘඩ්ස් බලලා ඇති 
 
මිනිස්සු ගල් යුගේදි ගල් ගුහා වල ජීවත් වෙමින් ගල් ආයුධ හදාගෙන ජීවත් වුනා. නමුත් කාලයත් එක්ක මිනිස්සු වෙනස් වුනා. මොලය වෙහෙසලා නව දේවල් සොයාගන්නට මිනිස්සු පෙළඹුනා. ගල් ආයුධ වල ඉදලා මිනිස්සු දුන්න ඊතලය දක්වා එන්න අවුරුදු දහස් ගානක් ගත වෙන්න ඇති. ගල් වලින් ගහලා සත්තු මරං කාල බොහොම කුලෑටි විදියට ජීවත් වුන මිනිස්සුන්ට දුන්න ඊතල ගැන අදහස පහල වුන එක හරිම ආශ්චර්යයක්. 

දැනටත් චිම්පන්සින් ඔරං ඔටං ආදී සතුන් ගල් ආයුධම නැතත් ගල් ලී කැබලි ආදිය ආහාර සොයාගන්නට පාවිච්චි කරනවා. නමුත් අපේ මට්ටමට ඔවුන් පැමෙනෙන එකක් නෑ කියල තමයි බහුතර මතය තියෙන්නෙ.
කෘෘඩ්ස් වල එක තැනක් මට හොදට මතක තියෙනවා. එතන තමයි ගල් වලින් පිරුන වංකගිරියක කන්ඩායම අතරමං වෙනවා. එතනදි නිවැරදි පාර පෙන්වීමේ වගකීම සම්බන්ධ පොඩි වලියක් යනවා. පැරණි පවුලේ අධිපති පියා කියන්නෙ මෙතෙක් කල් කලා වගේ එයා තමයි දැන් පාර පෙන්වන්නෙ අනික් අයට පිටිපස්සෙන් එන්නය කියලා. 

ඒත් අලුත් කොල්ලා ඒකට කැමති වෙන්නෙ නැහැ. අලුත් එකා කියන්නෙ හැමෝටම තමුන්ට ආවේනික ක්‍රමයක් ඇති ඒක උත්සාහ කරමු. ප්‍රථිපලය බෙදා ගන්න විතරක් අපි සන්නිවේදන ක්‍රමයක් තියාගමු කියලා. ඉතිං ඒ අනුව පිරිස වෙන වෙනම තම තමුන්ට ලෙහෙසි පහසු විදියට තම තමන්ගේ මොල ගෙඩි වෙහෙසවලා විවිධාකාර විදියට  පාර සොයාගන්නවා. අවසානෙ මුලින් නායකත්වය අරගෙන පිරිස රැගෙනයන්නම් ය කියලා මොර දුන්න පැරනි නායකයා වංකගිරියේ ඉතිරි වෙනවා. 

අපේ කන්තෝරුව හෙම තාම තියෙන්නෙ ආකල්පිය වශයෙන් අර ඉස්සර හිටපු ගල් යුගයේ නායකයා ගේ මට්ටමේ. පහල ශ්‍රේණි වල ඉන්න මිනිස්සුන්ට හිතන්න පුලුවන්ය කියලා ලොකු අය හිතන්නෙ නැහැ. මම වගේ පහල මට්ටමේ අයට  මොනාහරි වැදගත් දෙයක් හිතුනත් ඒක ගිහින් ලොක්කට කිව්වම ඒක ලොක්ක එකපාර පිලිගන්නෙ නැහැ.ඒක තව කෑලි දාල්ල මූට්ටු කරලා එයාගෙම එකක් කරගන තමයි ඒකෙන් වැඩක් ගන්නෙ. 

මම කන්තෝරුවට ආව කාලෙ තිබුන සමහර දේවල් දැන් ලොකු නිලතල වල අය කරන්න අරගෙන. එහෙම වෙල තියෙන්නෙ අපිට තියෙන වැඩ අමාරු නිසා නෙමෙයි. අපේ කන්තෝරුවල ඉහල මට්ටමේ නිල තල වලට අතිරික්ත සංඛ්‍යාවක් පිරිස  බදවාගැනීම. ඉතිං දැන් මට තියෙන බොහෝ රාජකාරි දැන් දැන් ඉතාම සරල හිතන්න දෙයක් නැති දේවල් බවට පත් වෙලා. මේක ගැන තරමක් හිත අමනාපෙන් සිටිය යුතු වුවත් මම නම් ඉන්නෙ සතුටින්. ලොකු අය කැමතිනම් වගකීම් ගොඩගහගන්න සහ හැමදේටම අපිට අණ දෙන්න, ඉතිං අනේ උන්දැල ඒක කොරගත්තු දෙන්..අපිට තියෙන්නෙ යනු කිව්වොත් යන්නයි..කොරනු කිව්වොත් කිසිම ඔලුව වෙහෙසිමකින් තොරව අණ කරන දෙයක් කොරන්නයි විතරයි. 

අපි දහසක් මල් පිපේවා නැවුම් උයනක් තැනේවා කියලා කිව්වට ඇත්තටම අපි බොහෝවිට නායකයින්ට හැමදේම බාරදෙනවා.  උන්නැහේලට කරගන්න පුලුවන් හෝ නැතා නායකයොත් හැම රෙද්දම මල්ල අස්සෙ දාගෙන හැමදේටම විසදුම් අපිට දෙන්න යනවා. 

මනුෂ්‍ය ප්‍රජාව සම්බන්ධතා වලින්  සක්තිමත් වෙද්දි සන්නිවේදනයෙන් ශක්තිමත් වෙද්දි නායකයාගේ භූමිකාව සැබවින්ම වේදිකා නිර්මාණය කිරීමට පමණක් සීමා වෙනවා. නමුත් ලංකාවෙදි වේදිකාව නිර්මාණය කරලා..නාට්ටියේ තියෙන හැම අංගෙටම පෙනී සිටලා පුලුවන් නම් නායකයා, නාටකය තුලත් නායක භූමිකාවක් රගදක්වන්නත් උත්සාහ ගන්නවා. සහ එවැනි දෙයක් අපි නායකයාගෙන්  අපේක්ශා කරනවා. 

මේ ෆිල්ම් එකේ මිනිස්සු ගල් යුගෙන් දියුනු ලෝකෙට යද්දි නායකත්වය කියන භූමිකාව ලොකු මිනිහට.. සද්දෙ වැඩි එකාට.. බලය වැඩි එකාට.. දීප්තිමත් එකාට දීලා උගෙන් හැමදේම කරවගන්නවාට වඩා එකිනෙකාගේ අදහස් එකතු කර අදහස් ගැටෙන්නට සලස්වා නැවුම් අදහස් මතින් දියුනු වෙන්න ගන්න උත්සාහය පෙන්නුම් කරනවා. 

මේ ෆිල්ම් එකේ ගෑල්ලමයා රළුයි..ඊප් කියන ගෑල්ලමයා ගේ හැසිරීම කතාවේ කොල්ලගේ හැසිරීමට වඩා කටුකයි. ගෑනු ලමයා ලස්සන සුකුමාර චරිතයක් විදියට නිරූපනය කරන්න ෆිල්ම් එක හදපු අයට ඌමනා වෙලා නැහැ. ඒ වගේම ප්‍රධාන චරිතය හෙවත් නව අදහස් ගේන කොල්ලා හැඩි දැඩි පුරුෂ ලක්ෂන වලින් පිරුන මස් පරුවතයක් කරන්නත් ෆිල්්ම එක හදපු අයට ඕනි වෙලා නෑ.. 

ෆිල්ම් එකෙ ටොරන්ට් එක හොයාගන්න ලේසියි මෙහෙම ගියාම. 

මුලින් The Pirate Bay කියන ටොරන්ට් ගුහාවට යන්න. 
එතන තියෙන සේච් බාර් එක ඇතුලෙ The Croods කියලා ටයිප් කරන්න. දැන් තමුන්ට ඕනි ප්‍රමාණයේ කොපියක් තෝරාගෙන බාගෙන බලන්න.

6 comments:

  1. අපි තාමත් ගල් යුගයේ.... මේක බලන්න ඕනි.

    ReplyDelete
  2. බලමු බලමු.............

    ReplyDelete
  3. ඒ, පයිරට් ‍ෙබ් ආයෙත් වැඩද? කාලෙයක් අප්සට් එකේ තිබ්බා.

    නායකත්ව ශෛලි පාඩම මතක් උනා. මං මේ ෆිල්ම් එක බලලා කාලයක් වෙනවා. ඒ වුනාට මේ මතු කරපු අදහස දැක්කෙ මේක කියෙව්වට පස්සෙ.

    ReplyDelete
  4. උඹ දෙන ඔත්තු ගැන මං බොහොම කල්පනාවෙන් ඉන්නේ.. අපොයි බං ඕවා මොනාද?? මේ ලොක්කෝ කියන උන් නම ගන්නම බලන් ඉන්න ජාතියක්.. හැක්

    ReplyDelete
  5. මේක මම බලපු ලස්සනම ඇනිමේෂන් ෆිලුමක්
    කතාවයි ඇනිමේෂනුයි නියමයි

    ReplyDelete
  6. ඒකෙ ගෑණු ළමයා සහ ඇගේ පවුල රලු විදිහට පේන්නේ ඒ උදවිය නියැන්ඩතාල් ලා සහ කොල්ලා සේපියන් එකෙක් නිසයි.

    ReplyDelete