Monday, April 18, 2016

අවුරුදු ට්‍රැෆික්

අලුත් අවුරුද්ද කියන්නෙ දැන් සංකේතයක් විතරයි. කාලෙකට කලින් දැනුන අවුරුදු සිරියක් දැන්නම් මට දැනෙන් නෑ.. නිකංම ගෙවිල ගිය දවස් ටිකක් විතරයි. 
අවුරුදු කාලෙට පිටරට සවාරියක් දාගන්න කාලෙක ඉදලා ඔලුවේ තිබුනත් ඉදිරියට මට වියදම් අදික කාලයක් පැමිණීමට නියමිත නිසා ඒ සදහා කාසි වියදම් කරන්නට ලෝබ වුනා. ඇරත් අවුරුදු කිට්ටු වෙද්දි හැමෝම පැනලා බුක් කරන නිසා ෆ්ලයිට් වල ඉඩ පහසුව තිබේද කියලත් ගැටළුවක් ආවා. 

නොදන්න දේවල් ගැන හෝ බාගයක් දන්න දේවල් ගැන අපි මොකුත්ම නොකිය හිටියොත් 
1. අපි නොදන්නෙ කොච්චරයිද කියලා අපි දැනගන්නෙ නෑ..
2. අපි නොදන්නවා කියල අනික් මිනිස්සු දැනගන්නෙ නෑ. 
 ඒ නිසා අපි දෙයක් නොදන්නවා වුනත් ඒ ගැන දන්න සුට්ට අපි බෙදාහදාගන්න ඕනි. 

චීනෙ රක්ෂාවට ගිය සුදු ජාතික මහත්මයෙක් චීනේ ජීවිතය, සංචාරය, චීන මිනිසුන් ගැන අපූරු වීලොග් එකක් කරනවා. වී ලොග් කීවෙ වීඩියෝ බ්ලොග් එකක්. මං වීලොග් එකක් පටන් ගන්න බඩු බාහිරාදිය ගතතත් මගේ යම් යම් දේවල් වල දැනුම මදි හින්ද වැඩේ පටන්ගන්න බැරි වුනා. විශේෂයෙන් වීඩියෝ සංස්කරණ හැකියාව ටිකක් දියුනු කරගන්න ඕනි වීඩියෝ බ්ලෝග කරන්න නම්. 

මේ චීනෙ ගිය සුද්දා කියනවා සුද්දෝ සංචාරක ආතල් එක ගන්න විදියයි ..චීන්නු ඒ ආතල් එක ගන්න විදියයි වෙනස් කියල . ඒ කියන්නෙ සුද්දෙක් ඇවිත් චීන කෑල්ලක්(යුවතියක්)  චීනෙන් සෙට් කරගෙන කෑල්ල එක්ක ඇවිදින්න ගත්තොත්..චීන කෑල්ල ඔරිමජිනල් චීන ගති තියෙන එකක් නම්..එක්කො චීන කෙල්ලට පිස්සු හැදෙනවා..නැත්තං අර සුද්දට පිස්සු හැදෙනවා. 

ලොකේෂන් ෆලෝ කිරීම 


සංචාරය කියන දේ සුද්දාගේ අදහසින් ගත්තාම සංචාරය කරන්නෙ යම් කිසි නිස්කලංක ස්වභාවයක් විවේකයක් ජීවිතයට දෙන්න. නමුත් චීනා ගේ සංචාරයත් ඇවිත්ත නෝමල් උගේ ලයිෆ් එක වගේම තමයි. හරියටම ශෙඩියුල් කරල තියෙනවා මේ මේ දවස්වලදි අපි මේ මේ දේවල් බලාගන්න ඕනි කියලා. ඒ වගේම ්ඒ තැන්වලදි කරන්න ඕනි දේවලුත් චීනා කලින්ම සැලසුම් කරලා තියෙනවා. යම්තැනක යම් අවහිරයක් නිසා එතැන බලාගන්නට බැරිවුනොත් ඔවුන්ට අනුව ඒක ඒ තරං හොද ට්‍රිප් එකක් නෙමෙයි. 

අපි ඉන්දියාවෙ ගිය වෙලාවෙ දිල්ලි ඉදලා අග්‍රා වලට දිල්ලියෙන් පිටත්වෙන වන් ඩේ ටුවර් පැකේජ් එකකට ගියේ. එතනදි වායුසමනය කරන ලද බස් එකක තමයි අපි ගියේ. අපි එක්ක යන්න එකතු වුනා දකුනු ඉන්දියානු පිරිසකුත්. ඒ දකුනු ඉන්දියානු පිරිස දිවා ආහාර උයාපිහාගෙන ලක ලෑස්තිවෙලා ගමනට සැරසිලා හිටියා. දිල්ලියෙන් උදේ පිටත්වෙලා අග්‍රා බලකොටුව සහ ටාජ් මහල් බලද්දි ඉතිං දවස ඉවර වෙලා.. ඇරත් වයසක අයත් හිටිය නෙව..එතකොට යන වෙලාව වැඩියි. 

නමුත් මේ දකුනු ඉන්දීය කන්ඩායමට ඕනි වුනා බ්‍රින්දාවන් කියන කෝවිල බලන්න. එයාලඅ ැවිත් තියෙන්නෙ ත් බ්‍රින්දාවන් පෙන්වනවා කියලා. ඉතිං ඕකට මහ විසාල වාද විවාද බස් එක ඇතුලෙ ගියා. එයාලට අනුව දවසට හරියන්න ඇවිදලා එන එක නෙමෙයි ආතල් එක..සැලසුම් කරන ලද සියලුම දේ හරියට කවර් වුනානං තමයි එයාලගේ ආතල් එක තියෙන්නෙ. කොහොමහරි මින් පසුව ඒමට නියමිත සංචාරවලදි ඔවුන්ගේ ට්‍රිප් එක ඕගනයිස් කල ඕගනයිසරයා මාරු කල යුතු බවට පවා ඒ අය කතා වුනා. මට මතකයි. 

අපි ඉස්සර වන්දනාවල ගියත් එහෙමයි. නඩේ හදන අය කියනවා යන තැන්..ඒ තැන් ඒ වෙලාවට ගිහින් රෑ නවාතැන් අරගෙන උදේම පිටත්වෙලා මාර ටයිඩ් ශෙඩුයිල් එකක තමයි ගමන බිමන යන්නෙ. 
හැබැයි බොහෝවිට මේ පුක කැඩිච්ච කඩි ටික වගේ මොනවා හරි පස්සෙ දුවන එක සුද්දාට අනුව නම් ට්‍රිප් එකක් නෙමෙයි..හරියට ලොකේෂන් ෆලෝ කරලා එනවා වගේ වැඩක් ඒක. 

පොටෝ පිස්සුව 


සුද්දාට අනුව ලොකේෂන් එක විදීමට වඩා චීන්නුන්ට ඕනි පොටෝ ගහන්න. පහුගිය පෙබරවාරි වල චීන අවුරුදු කාලෙ මෙහේ ලොට් ගනන් චින්නු ඇවිත් හිටියා. උන් සදර්න් රේල් ට්‍රැ්ක් එකේ හත් පරණ පවර් සෙට් එකක එනකොට මටත් සෙට්වුනා.. පවර් සෙට් එකට ගොඩඋනු මට මං ඉන්නෙ චීනෙ කෝච්චියකද ලංකාවෙ එකකද කියලා හිතාගන්න බැරි තරමට චීන්නු..කෝච්චි පෙට්ටියෙ. 

ඒක නෙමෙයි වැඩේ.. ඒ හිටපු චීන්නුන්ට මාර පොටෝ පිස්සුවක් තියෙන්නෙ.. දකින දකින හැම දේම ඌට ඇස්දෙකෙන් දකින්නත් කලියෙන් පොටෝ ගහගන්න ඕනි. ඒ වගේම අමුතු දෙයක් දැක්කෝත ඒක ඉස්සරහ සෙල්පියක් ගහන්න ඕනිවෙනවා ඌට.. ඔය කාලෙම කොටුවෙ ටැප් හවුස් එකේ හවස පොඩි බීමකට සෙට් උන දවසකත් මම චීන්නුන්ගේ ඔය සිරිත හොදටම දැක්කා.. ටැප් හවුස් එකේ ඉංගිරිසි සිංදු කියන එක ,ඒවාට මියුසික් කරන එක සහ තාලෙට නටන එක මහ ලොකු සීන් එකක් නෙමයි.. කවුරුත් ඕක පොටෝ ගන්න ඕනි දෙයක් කියල හිතන්නෙ නෑ.. නමුත් එතන්ට ආපු චීන්නු සින්දු කියන එකා, නටන අය, ඌම ආදී ලෙස මේස පුටු පවා හැර ිහැරි පෝන් වලින් පොටෝ ගහනවා.. 

තදේට ආසා වීම 

සාමාන්‍යයෙන් චීනෙක් කෑමකට කඩේකට යන්න හිටියොත් චීනට ඕනිලු ඒ කඩෙන්ම කන්න. ඒ වගේම යම්ක්සි තැනකින් බඩුවක් ගන්න ඕනිවුනොත් බඩුව වෙන කොයි තැන තිබුනත් ඌට එතනම රිංගලා ගන්න ඕනිලු. චීන මිනිහා හිතනවා කියන්නෙ මිනිස්සු ගොඩක් රැස්වෙන තැන්වල තමයි ගොඩක්ම ආතල් තියෙන්නෙ කියලා. ඒ නිසා බටහිර සුද්දො සෙනග මගහරින්න උත්සාහ ගනිද්දි චීනා උත්සාහ කරන්නෙ සෙනග වැඩියෙන් ඉන්න තැන්වලට යන්නලු.. බාගෙද චීන්නුත් ජැක් කාරයොද දන් නෑ.. 

චීනා කෑමට යන්න හෝටලයක් හිතාගෙන ඉන්නෝ නම්..ඒ හෝටලේ සෙනගත් පිරිලාම ඉන්නෝ නම් පැයක් දෙකක් හරි පෝලිමේ ඉදලා ඒකෙන්ම කනවා මිසක ලගපාත වෙන හෝටලේකට රිංගලා බඩට මොනාහරි ඔබාගන්න එක චීන පුරුද්ද නෙමෙයිලු. 

මේ ගතිය මේ විදියටම නැතත් අපේ අය ගාවත් මේ ගති ටික ටික තියෙනවා..ඒක නෙව පෝලිං තියෙද්දි තව රෙදි ගන්න ඒ ඒ තැන්වලට රිංගගෙන දගලන්නෙ. 
 දිග නිවාඩුවක් සෙට් වුනාම..සංචාරක කරන ලංකාවෙ මූලික තැන්වල හැමදාම මාර විදියට ට්‍රැෆික්.. අද කාලෙ ඉතිං කාර් එකක කැබ් එකක යන කෙනෙක්ට ඒකෙ දාගෙන යන්න පුලුවන් සිය පවුල විතරයි නෙව.. පවුලෙ තුන් හතර දෙනාම  නිවාඩු දමලා ඔය බිසී ටයිම් ස්ලොට් මග ඇරලා යනවනං කන්න බොන්න නාන්න වදින්න පුදන්න විතරක් නෙමෙයි කරන්න බලන්න හැමදේකටම ලේසියි. 

එක පැත්තකින් අපේ රටේ කොම්පැනි කාරයෝ සහ සේවා සපයන තැන්වලින් දිග නිවාඩු ගන්න අමාරුයි. අනික් පැත්තෙන් අපි උත්සාහ ගන්නෙම නිවාඩු නිකං තියේනං ඒ නිකං ලැබෙන නිවාඩු අස්සට අපේ නිවාඩුත් දාල ලොකු වීකන්ඩ් එකක්ම අල්ලගන්න නෙව.. 

මහා සේනාවක් යන දවසට ගිහින් එතන මිනිස්සු එක්ක හැමිනි හැමිනි ඉන්නවට වඩා හොද නැද්ද නෝපේ එකක් දෙකක් ගිහින් හරි නිවිහැනහිල්ලෙ යන තැනක ගිහින් එන එක.. මට අනුව නම් අතින් නිවාඩු දාන් යන එක ලාබයි ලේසියි..ට්‍රැෆික් නැති නිසා වාහනේට ලේසියි.. එලවන්නත් අමාරුවක් නෑ..තෙලුත් වැඩියෙන් යන්නෙ නෑ.. නවාතැන් ගාස්තු ආදියත් අඩුයි.. බලන තැන්වල කන බොන කඩ ආදිය හොයාගන්නත් ලේසියි. පෝලින් නැතුව ගිහින් තැන් බලන්න වදින්න පුදන්නත් ඇහැකි.. 

නිවාඩුවක් ගතකරනවා කියන්නෙ මනසට විවේක දෙන්න ඕනි දෙයක්. නමුත් අපි බහුතරයත් අර මෝඩ චින්නු වගේ ලේසියෙන් ගතරන්න තියෙන නිවාඩුවත් දාහක් වැඩ කිඩ එක්ක බොහොම තද ශෙඩුල් ට්‍රිප් දාගෙන ස්ට්‍රෙස් තා ටිකක් වැඩිකරගන්නවා කියලයි මගේ අදහස.. 

15 comments:

  1. එකඟයි මචෝ. මාත් සෙනඟ පිරිලා තියනවා නම් කැමති නෑ. සෙනඟ නැතිම දවස් බලලා තමයි යන්නෙ යන දිහාවක

    ReplyDelete
  2. අන්තිමට කියල තියෙන දේට නං එකෙන්ම එකඟයි. ගෙවල් වල අයත් එක්ක බිසී දවස් වල ගියාම මාර කට්ට..
    අර චීන්නු ගැන කතාව නං අහල තියා හීනෙං වත් පෙනිල නෑ..
    එාහම බලං යද්දි උංට "චීන්නු" කියන එකෙත් වරදක් නෑ

    ReplyDelete
  3. "නිවාඩුවක් ගතකරනවා කියන්නෙ මනසට විවේක දෙන්න ඕනි දෙයක්. නමුත් අපි බහුතරයත් අර මෝඩ චින්නු වගේ ලේසියෙන් ගතරන්න තියෙන නිවාඩුවත් දාහක් වැඩ කිඩ එක්ක බොහොම තද ශෙඩුල් ට්‍රිප් දාගෙන ස්ට්‍රෙස් තා ටිකක් වැඩිකරගන්නවා කියලයි මගේ අදහස.." - මගේ අදහසත් ඒකම තමයි.

    ReplyDelete
  4. මාත් ඔය සෙනග වැඩි දවස්වල ට්‍රිප් යන්න අකමැති එකෙක් තමයි. නිසකලංකෙ බලන්න තියෙන එක නැතිකරගෙන සෙනග බලන්න යන්නෙ මොකටද.

    ReplyDelete
  5. පිටරටකට ගියාම ටීවී එකෙත් දැකලා තියන ජනප්‍රිය ප්‍රසිද්ධ ස්ථාන බලන එක කම්මැලි හිතෙන වැඩක්. අප්‍රසිද්ධ ඒත් අමුතු දේවල් අමුතු කෑම හා ඒ රටට විශේෂ සාම්ප්‍රදායික දේ දැකීම විඳීම ඉතා ආස හිතෙන දෙයක්

    ReplyDelete
    Replies
    1. @ Mr. Perera
      heh heh
      http://englishvodkacompany.com/

      Delete
    2. Pra ආපහු වරෙන්!!!

      Delete
    3. Aru සල්ලි තිබුන නම් හෙටම එනව
      check email.

      තවත් අමුතු දේ
      http://www.welfordpark.co.uk/
      https://www.bletchleypark.org.uk
      http://www.sofo.org.uk/

      Delete
  6. නැට්ට කැඩිච්ච බල්ලා වගේ දුවන එක එහෙනම් ආසියාවේ ජාන වලින්ම එන එකක් වෙන්න ඕනේ. !
    චීන්නු කෙසේවෙතත් ජපන් ජාතිකයෝ නම් රේස් එකක් යන්නේ ටුවර් එකක් ඇවිල්ලා. විසේසයෙන්ම ඔය ගෲප් ටුවර්ස් යන. කන්නත් තියෙන්නේ විනාඩි පහලොවයි. වැඩිම වුනොත් ඔක්කොම බ්‍රේක් එක විනාඩි තිහක් එහාට යන්නෙම නෑ. ඉස්සර මම වැඩ කරපු රෙස්ටොරන්ට් වලට එන ජප්පන්ට සර්විස් කරලාම මම නම් හිතාගත්ත ස්විප් එකක් ඇදුනත් ජපානෙට නම් යන්නේ නෑ කියලා ;)
    සෙල්ෆි මේනියා එකනම් මම හිතන්නේ ලංකාවේ ඈයන්ටත් මේ වෙද්දි ඒ හා සමානවම තියෙනවා වෙන්න ඕනේ. එක අතකින් ඒකත් හොඳයිනේ.
    මම නම් සෙනඟ ගැවසෙන තැන් වලට නොයන තරම්. මට දැනෙන්නෙම නිකම් හුස්ම ගන්න බෑ වගේ කියලා. වයසත් එක්ක ආව ලෙඩක් කියලා මම හිත හදාගන්නවා. කොටින්ම ලංකාවට ආවම වුනත් නුවරට ඔච්චර ආදරේ වෙන මම නුවර පෙරහැර, කතරගම වගේ තැන් වලට නොයන තරම්. මෙට්‍රොපොලිටන් එකක ජීවත් වෙලත් මට නිකම් අසහනේ වගේ ඔය පෝලිමක් හෙම දැක්කම.

    ReplyDelete
    Replies
    1. ලොකු දෙයක් ඔයා සෙනග ඉන්න තැන් වලට නොයන එක... නැත්නම් ඒ මිනිස්සුන්ගෙ හුස්ම හිරවෙන්නෙ ඔයාගෙ ගඳට...

      අනුන්ගෙ බ්ලොග් අස්සෙ කොමෙන්ට් කොට කොට ඉන්න වෙලාවෙ නාගත්තොත් නරකද... හොඳ බොඩි වොශ් එකක් ගාලා හෙම...

      Delete
    2. You know what? It's not decent asking to be mannered in others houses. I think this blog belongs to amil and I am avid reader of it. Since i didnt get asked to behave by the legitimate owner of this blog I comment here. Just do ur business please.
      Sorry for no sinhala. I'm on phone. (@amil, hope u don't get offended here)

      Delete
    3. This comment has been removed by the author.

      Delete
  7. අනේ මන්දා මේ හොලිඩේස් නම්......කට්ටියක් එක්ක ගියාම නිදහසේ ඉන්න නැහැ...ගෙදර කට්ටිය එක්ක ගියාමත් නිකං එකම සීන් එක වගේ.....තනියම ගියාම පට්ට ආතල්..ඒත් ඉතින් කවදා එහෙම යන්නද? අහෝ හොලිඩේස්.....Aru.

    ReplyDelete
  8. මගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දිනයක් වන අතර, මගේ හිටපු ස්වාමිපුරුෂයාට ඔහුගේ මැජික් හා ආදර අක්ෂර වින්‍යාසය සමඟ නැවත ගෙන්වා ගැනීමට වෛද්‍ය සාගුරු මට උපකාර කර ඇත. මම විවාහ වී වසර 6 ක් ගත වී ඇති අතර එය ඉතා භයානක වූයේ මගේ ස්වාමිපුරුෂයා මට වංචා කර දික්කසාද වීමට බලාපොරොත්තුවෙන් සිටි නිසාය. නමුත් වෛද්‍ය සගුරු අන්තර්ජාලය හරහා විද්‍යුත් තැපෑලක් දුටු විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ආපසු ලබා ගැනීමට උදව් කර ඇති ආකාරය සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කරන්න. සහ ඔවුන්ගේ සම්බන්ධතාවයෙන් මිනිසුන් සතුටු වීමට සලස්වන්න. මම මගේ තත්වය ඔහුට පහදා දී ඔහුගේ උපකාරය පැතූ නමුත් මා පුදුමයට පත් කරමින් ඔහු මට කීවේ ඔහු මගේ නඩුව සඳහා මට උදව් කරන බවත් මගේ ස්වාමිපුරුෂයා යහපත සඳහා මුළුමනින්ම වෙනස් වී ඇති නිසා මම දැන් සමරන බවත්ය. ඔහුට සෑම විටම මා විසින් වීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැකිය. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා. ආචාර්ය සගුරු සැබවින්ම සැබෑ අක්ෂර වින්‍යාසය නිසා මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දරමි. දැන් ඔබට විද්‍යුත් තැපෑල හරහා සම්බන්ධතා වෛද්‍ය සාගුර්ට උදව් කිරීමට අවශ්‍යද: drsagurusolutions@gmail.com හෝ WhatsApp +2349037545183 ඔබේ ගැටලුවට එකම පිළිතුර ඔහු වන අතර ඔබේ සම්බන්ධතාවය ගැන ඔබ සතුටට පත් කරයි. තවද ඔහු 1 ආදරණීය අක්ෂර 2 හි පරිපූර්ණයි 3 ගර්භාෂයේ පලතුරු 4 ප්‍රවර්ධන අක්ෂර 5 ආරක්ෂණ අක්ෂර 6 ව්‍යාපාර අක්ෂර 7 හොඳ රැකියා 8 අක්ෂර වින්‍යාසය සහ අධිකරණ නඩු අක්ෂර වින්‍යාසය.

    ReplyDelete