Wednesday, July 27, 2016

ඈට සතුටුයිද කාලගෝල

වෙන්වීල ගිය දා පටන් දික්තලා..
ආයෙ නොඑනා ලෙසින්..
කදුලු අඩුනැතුව ඇඩෙනවා ඇහැට
ඌට සතුටුයිලු දැන්.. 
ල ල ලා.. ඌට සතුටුයි ලු.. දැන්.. 

මහරජතුමනි අද දික්තලා කාලගෝල අවුරුදු විස්සකට පස්සේ ආයෙත් නඩුවක් අරං ඇවිත් තියෙනවා. ගොඩක් ෆිල්ම් වලට ටෙලි වලට ගත්ත කතා වස්තුවක් නිසාත් ඔබතුමාත් එයට ආස වේ යැයි සිතූ නිසාත් අපි එය ඔබතුමාට යොමු කරන්නට සිතුවා.. 

රජ : ඔවු වොවු.. මං ආස ටෙලි සීරියස් එකක් තමයි ඉස්සර දික්තල කාලගෝල.. හැබැයි එන්ඩ් එක පුල් සෑඩ්.. ඉස්සර මං බොගක් චාජ් උනත් ඉවසං තටමං ඉන්නවා එපිසෝඩ් එක ඉවර වෙනකල් ඕව් වොව් වොවු.. හේ  හේ හේ .. 

කාලගෝල කියනව බලන්න එහෙනං කේස් එක තමුන්ම.. දැන් නං තමුසෙත් ඇත්තටම කාලගෝල වෙලා.. මොකෝ මේ? 

කාලගෝල : පස්වාන් දහසක් අන්තංප්පුර ලැබේවා දේවයන් වහන්ස. මේ ගෑනි මගේ කෙස් පොත උස්සල ඒ මදිවට ඒක පුච්චල දේවයන් වහන්ස.. ඇත්තමයි දේවයන් වහන්ස.. 

කෙස් පොත? ඒ මොකද්ද බං ඒ.. 

පුරෝහිත ජූනියර් ? මොකද්ද මේ කෙස් පොත් සීන් එක..බැංකු පොතක් වගේ එකක්ද? 

පුරෝහිත ජූනියර් : දේවයන් වහන්ස දික්තලා නැතිවුනායිං පස්සේ හාට ්ඇටැක් එකක් ආවට කාලගොල මැරුන් නෑ..ඉතිං කාලගෝලට ‍  සෙවන් ඉයර්ස් එක්ස්පීරියනස් තිබුන නිසා හොද තැනක රස්සාවක් ලැබුනා.. ලොකු සිටු පවුලක මයිනර් ස්ටාෆ් එකේ හෙඩ්.. ඉතිං කාලගෝල කාලයක් කරපු රස්සාව නිසා හොදට කහවනු එහෙමත් අතේ මිටේ ගැවසුනා.. 

ඔය අතරේ දේවයන් වහන්ස කාලගෝල නගර සෝබිනියන්ගේ ඇසුරට වැටෙනවා.. ඒක වැරැද්දක් නෙමෙයි නේ දේවයන් වහන්ස.. ඉතිං මේ කාලගෝලගේ පුරුද්දක් තිබුනා ඔහු ගිය සෑම නගර සෝබිනියකගේම කෙස් ගසක් ගලවාගෙන ඒ වෙලාව දිනය විස්තර ලබාගත් සැප ආදිය ගැන දිනපොතක් ‍පවත්වාගෙන යන්න.. 

ඒ පොත තමයි දේවයන් වහන්ස මේ දික්තලා උස්සලා තියෙන්නේ.. 

මහරජ : ඕ හෝ ...ජෙලස් කේස් එකක් නේ.. දික්තලා මොකද මේ .. තොටියගේ හබල දිග වැඩියි වගේ හිතුනද අවුරුදු විස්සක් ගත වුනාට පස්සේ ආයෙත් කාල ගෝල හොයාන ආවේ.. ? 

දික්තලා : ස්වාමීනි මං එදා දෙමාපියන්ගේ කීමට ආවා ඉන් පසු මගේ සිතේ තිබූ පෙම්වතා ඔරුවේදීම මුනගැහුනු නිසා ඔහු හා එක් වුනා.. ඒත්.. ඒත්..මේ මීඩියා වලින් සිද්දිය වෙනස් කරලා.. ඉහි ඉහි... 

මහරජතුමනි..ඉස්සර මේ කාලගෝලයා කිව්වේ ඌ කපල ගගේ මූදේ දාලා කෑලි කෑලි වෙන වෙනම ගහගෙන ගියත් මගේ ලගටම එනවා මිස වෙන කොහේවත් යන්නෙ නෑ කියලා.. එහෙම කියපු කොටා.. මේ කොටා.. සමහර මාසවල දවස් 5-6 වේස ගෑනු එක්ක බුදියං තියෙනවා.. 

අර පුරෝහිත ජූනියර් උන්නාන්සේ මොනව කිව්වත් මේකා ලේසි නෑ.. නගර සෝබිනියො විතරක් නෙමෙයි.. තමුන්ගේ ස්ටාෆ් එකේ අයටත් ඉන්න දීල නෑ.. කොටා වගේ හිටියට ස්වාමීනි මූ.. නං.. ඇත්තමයි ස්වාමීනි මේ අහිංසක පෙනුම නෑ මේ යෝදයගේ ජීවිතේ.. 

එදා මාව දැලේ දාගන්න අපේ දෙමාපියෝ දෙන්නට කොහොම හරි කටුව ගැහුව..ඒ ගිහින් මං නැතිවුනාම බොරු හාට් ඇටැක් එකක් ඇවිත් කියල සෝ එකක් දාල ඉස්පිරිතාලෙ ගියා.. දැන්.. මං ගිහින් මාසයක් නෑ මේකා පලවෙනි කෙස් ගහ පොතේ අලවල තියෙන්නේ.. 

මේ වගේ මිනිහෙක්ගේ එ් වගේ වල් වනචර තුප්පහි කතාවක් මේ සමාජේ කාටවත් බලන්න තියන්න හොද නැ.. මං ඒක විනාස කලා ස්වාමීනි.. 

මහරජ : තී.. කොහොමද එවැනි පොතක් කෙලින්ම අවසර නොගෙන, නීතියේ ප්‍රතිපාදන වලින් තොරව විනාස කරන්නේ.. ඇරත් එහි කාලගෝල ලබාගත් අසුවල් සැප ගැනත් විස්තර තිබුනාලු.. එහෙව් පොතක්..බුද්ධිමය දේපලක්.. තී නම් උල තැබීමට සුදුසු බුද්ධිමය දේපල වංචාවක් කරල තියෙන්නේ.. 

කාලගෝල මොකෝ කියන්නේ තමු‍ේස් නලියනෝ වගේ පේනෝ.. ටිකක්.. 

කාලගෝල.: රජතුමනි ගෑනු පසුපස ගියා සත්තයි..උන්ගෙන් සැප ගත්තාද සත්තයි.. ඒත් මාගේ ජීවිතයේ විනෝදය එපමනයි ස්වාමීනි.. ඒ කිසිදු ගැහැනියක මාගේ වස්තුවට ආශා කලා විනා මාගේ කැත කොට ගොරහැඩි සේයාවට ඇලුම් කලේ නෑ.. ස්වාමීනි මේ දික්තලාට වසර විස්සකට පෙර මා පෙම්කලා..ඇය සමග එක් නිවසක බොහෝ විනෝදයෙන් දරු මල්ලන් සමග ජිවිතය ගෙනියන හැටි මා හීන දැක්කා. නමුත් ඒ සියල්ල එදා ‍ ඔරුවෙදි සුනු විසුනු වෙලා ගංගා දියට ගහගෙන ගියා.. 

මට ඉන් පසු තිබූ හොදම විනෝදාංශය මුදලට ගැහැනු සැප සෙවීම..මා දන්නවා මට සිරුරු බොහෝ ගානක් හමු වුවත් ගැහැනියගේ ආදරය හමු වූයේ නෑ..ඇතැම් විට හමුවන්නට ගියත් මා එයට පිටුපෑවා..කිසිම හේතුවක් නිසා මා දෙවරකට වඩා එක් යුවතියක් සමග එකතුවන්නේ නෑ.. එය බැඳීම් ඇති කරන සුලු එකක්.. එවැනි අතීතය කෙස් විදියට පොතක අලවලා පිං පොතක් බලන උපාසකයෙක් වගේ අහිංසක විනෝදයක් මං ලැබුවා..ස්වාමීනි ..  දික්තලා ඇවිත් ඒකත් විනාස කලා.. කමක් නෑ සාමීනි..ඇයට සතුටු නම්..ඒ ඇති.. ඇයට දඩුවම ්කරන්න ඕනි නැතිවැති ස්වාමීනි.. ඇරත් මා ලියපු කුනුහරුප කතාන්දර ආදිය ලොකුවට බුද්ධිමය දේපලක් වෙන එකකුත් නෑ කියලයි මට හිතෙන්නේ.. 

( දික්තලා ඉකිබිඳුනු ඇසේ ..) 
මහරජ : දික්තලා තමුන්ට දෙයක් තියේද කියන්න.. 

දික්තලා : ඔවු ස්වාමීනි.. එය මා පිච්චුවේ නෑ.. මා එය සොරාගත්තා පමණයි.. තවමත් මේ ‍කාලගෝලයා යතුර සගවන්නේ නිවසේ එලියේ ඇති සපත්තුව යට.. ඉතිං මං ගෙදර ඇතුලටම ගියා.. ගියාම දැක්කා නිතර පාවිච්චි කරන ලෙජර් පොතක් වගේ එකක්.. බෙහොම හැඩට තියෙනවා..බැලින්නං ඒ මේ කියන කෙස් පොත.. මං ඒක කාලගෝලට දෙන්නම් ස්වාමීනි..ඒත් ස්වාමීනි..මං කැමතියි කා‍ලගෝල යහමගට ඇවිත් මේ දුරාචාර වලින් වැලකෙනවා නම්.. 

මහරජ : ඔවැනි පොතක් නැවත කාලගෝල අතට පත්වීමට ප්‍රථම මාගේ අධීක්ෂණයට ලක් විය යුතුයි.. ඒ බැවින් මුලින්ම පොත මට ගෙනැවිත් දෙනු.. දික්තලා තවත් නුඹ කාලගෝලගේ ගෙවල් නිරීක්ෂණයට එහි නොගියාට කමක් නෑ..කාලගෝලත් දික්තලාට දැන් 40ක් විතර වුනත් තවමත් එංජිම වැඩ කල හැකි බවක් සිහි තබාගත යුතුයි.. සිහිතබාගෙන බෑ හැකිනම් සර්විස් කල හැකි බවක්ද මා කියතෙක් සිටිය යුතු දෙයක් නෙමෙයි නේ.. 

කාලගෝල එතරම් පසුපස එද්දීත් පිටුපාට දිගු හබලට පෙම්බැදි දික්තලා..දැන් තීට කාලගෝලගේ ජීවිතය විනිශ්චය කිරීමට අයිතියක් නෑ.. නමුත් අප ජීවත් වන්නේ සුවල්ප කාලයයි..කාලගෝල ඔබ දික්පිටියා..මම වුනත් අවුරුදු දාස් ගනන් මේ ලෝකයේ ඉන්නේ නෑ..ඉතිං හැමෝටම සතුටින් සිටීමට එක් එක් විනෝද වැඩ තියෙනවා..ඒවා ඒ අය ඒ විදියට කරගත්තාවේ.. අනුන්ගේ සැප අපිට සැප නොවුනාට එය අපිට ඉරිසියාවක් වුනාට .. ඒවා නවත්වන්න අපිට අයිතියක් නෑ,. 

එහෙනං..ආයි ටෙලි සීරියස් එකේ දෙවනි එපිසොඩ් එකකුත් ගහත හැකි වෙයි නේ..කාලගෝල දික්තලා ... හෙහ් හෙහ් හේ.. 

6 comments:

  1. හැක. ගහමු ඊලඟ ටෙලි සීරීස් එකත්.

    ReplyDelete
  2. සාරුවා සුනිලුත් ඔය වගේ රෙජිස්ටර් එකක් පවත්වාගෙන ගියාලු නේද?

    ReplyDelete
  3. අන්න මිනිස්සු, කොයිකත් රෙකෝඩ් තියාගෙන තිතට කරන්න ඕනේ කියන්නේ ඒකයි...

    ReplyDelete
  4. දික්පිටියා කෝ?

    ReplyDelete