Friday, August 19, 2016

ගාලු පාරට BRTS

මේ තියෙන්නේ මේ දිනවල ගාලුපාරේ ඇතිකරන්නට යන බී ආර් ටි සිස්ටම් එක ගැන දල සටහනක්. මෙයින් එකක් මෙහෙ ඇතිකරන එක සාර්ථක වෙයි කියල ඇතැම් අය ඉන්නවා. මම ඉන්නේ විරුද්ධ පක්සේ..ඒ කිව්වේ මම හිතන්නේ මේක අසාර්ථක වැඩක් . ඒ හේතු ආදිය කිහිපයක් අපි දැන් බලමු..සාර්ථකයි කියන අයටත් කිසිම කහටක් නැතුව කමෙන්ට් කරලා හේතුව දක්වන්න පුලුවනි. 

සරලවම කීව්වොත් වැඩේ පිංතුරයේ තියෙන විදියයි. පාර මැදින් පාරේ මධ්‍ය රේඛාව අසබඩින් දෙපසට තීරු දෙකක් විශේෂ බස් ජාතියකට වෙන් කරනවා. ඒ බස් ජාති වලට හැමතැනින්ම නගින්න බෑ..අදාල බස් නැවතුම් තියෙනවා. ඒ බස් නැවතුම් වලින් නැගලා ඒ තැන්වලින් බැහැලා යන්න තමයි තියෙන්නේ..ලංකාවේ දැනට යෝජිත ක්‍රමයේදී පාර මැදට ගිහින් මේ සේවාව ලබාගන්න යන්න තියෙන්නේ කහ ඉර මතින්.. අපි දැන් මේකෙ තියෙන වැරදි මොනවද කියලා බලමු.. 

1. පාර දෙපැත්තේ ගස් නැතිවීම. 
ඔබ ගාලු පාරෙ ගිහින් තියේ නම් හොදටම දන්න දෙයක් තමයි ගාලු පාරට මුහුනලා තිබෙන වෙලදසැල් සහ ගොඩනැගිලි..කෑම බීම, සාරි රෙදි, ඇදුම් පැලදුම්, බැංකු ආදී විශාල පරිමාණයක වාණිජ බිල්ඩින් තොගයක් ගාලු පාරට මුහුනලා තියෙනවා. මේ පිංතුරයේ වගේ ගස් තියෙන හරියක් ඇත්තටම ගල්කිස්ස කනත්ත හරියෙන් හරි ගෝල් පේස් එක හරියෙන් මිසක ගාලු පාරේ දකින්නට බෑ.. පාර දෙපැත්තේ ඒ විදියට ජනයා ගැවසෙන කඩ තියනවා කියන්නෙ මොකෝ වෙන්නේ අඩුගානෙ ත්‍රිවිල එකේ මිනිහ හරි ත්‍රිවිල් එක නවත්තල කඩේට දුවනවා.. ඉතිං එතන වාහන හිර වෙනවා..

ගාලු පාරේ කඩ ටික වහන්න කියනවා නෙමෙයි..ඒත් මෙතනදිගාලු පාර මේ වගේ සිස්ටම් එකකට සුදුසු නොවන තරමට කුඩායි.. 

2. ගාලු පාරට පැරලල් පාරවල්..කොලුලුපිටිය බම්බලපිටිය හරියේ නම් දැන් ගාලුපාරට සමාන්තර පාරවල් දෙකයි..එකක් ඩුප්ලිකේසන් අනික මුහුද අයිනේ පාර. ඒ සෙක්සන් එකට නම් මේ ක්‍රමය ගැලපේවි.. මොකද ගාලු පාරේ එක පැත්තකට විතරයි වාහන යන්නේ.. නමුත් වැල්ලවත්තෙන් එහාට..? 

3. ගාලු පාරට පැරලල් තා තියෙන වැදගත් ප්‍රවාහන ක්‍රමයක් තමයි කෝච්චි. දැන් මේ බස් ජාතිය ඒ සී කරලාලු..ඉතිං හද් දෙයියනේ අපෙන් වැඩියෙන් දෙතුන් ගුනයක් හරි අරං කමක් නැ..ඔය තෙරපිලා යන මගී දුම්රිය දෙක තුනක් ඒ සි කරල දෙනවාකෝ.. ඇත්තටම ඒ සී කියන්නේ මිල අධික වැඩක් තමයි..ඒත් දැනට දුම්රිය ප්‍රවේශපත් ගාස්තු සහ ගාලුපාර වැනි වාණිජමය ඒරියා වලදි දැන් මිල වගේ තුන් ගුනයක් වුනත් ඒ සී කෝච්චියක යන්න මගියා අකමැති වෙන එකක් නෑ.. දැනට තියෙන පැරණි මතවාද ඉවත දාලා අලුත් ජාතියේ ඒසී කෝච්චි කිහිපයක් දැම්ම නම් තෙරපුනත් මිනිස්සු හීතලට ෆීස් වෙලා ගල් ගැහිල යාවි ඒ සී කෝච්චි කිහිපය්ක දැම්මොත්.. 

4. දුමරිය සේවාව විධිමත් කිරීම..කෝච්චි පාර අයිනෙන් පාර හැදුන එක හොදයි..නමුත් ඒකෙන් එක ලොකු අවාසියක් වුනා..ඒ තමයි කෝචචි පාර දැන් තවදුරටත් පලල් කරන්න බෑ.. ඒ කියන්නේ තව කෝච්චි පාරක් දාගන්න විදියක් ඇත්තේම නෑ.. හොදට හදාපු කෝච්චි පාරක් ඔය හරියෙන් දමලා ස්පෙෂල් ටිකට් ස්කීම ්එකකට උදේට සැප කෝච්චි 8යි හවසට සැප කෝච්චි 8යි දැම්මත් මම හිතන්නේ ඒක සාර්ථක වැඩක්..උවමනා නම් කුඩා පරිමාණ තව ස්ටේෂන් හදන්න තිබුනා ලේසි වෙන්න. නමුත් එහෙම දෙයක් අපේ අයට හිතුන් නෑනෙව..දැන් ඉතිං ආත්මෙකට මුහුදුබඩ මාර්ගයට තව මාර්ගයක් එකතු කරන්න තියා හිතන්නවත් බෑ..ලොක් වෙලා.. 

5. අපේ රටේ ට්‍රැෆික් කියන්නේ සමහර ආකල්ප උඩ හැදුන දෙයක්..කොළඹ කලාපයේ පාසැල් වලින් 2014 දි සාමාන්‍ය පෙලට මුහුන දුන්න ලමයි ගාන 13691ක්..මම හිතන්නේ මේ ගානින් අඩුම තරමේ 8000ක් වත් කොළම තදාසන්න පාසැල් වලට කුමන හෝ ක්‍රමයකින් ප්‍රවාහන මාධ්‍යයකින් පැමිනෙන අය.. ඒ කිව්වේ එක්කෝ පාරේ බස් එකේ, වෑන් එකේ නැත්තං කෝචිචයේ එන අය..එයින් අපි හිතමු ඔක්කෝම වසර වල ඉස්කෝල යන ලමයි තිස්දාහක් පාරෙ යනෝ කියල..ඉතිං මේ ගොල්ල ඔය බී ආර් ටී වල යවයිද දෙමාපියො.. නෑනෙව..ඒත් අර ස්කූල් වෑන් වලින් තමුන්ගේ වාහනෙන් ලමයි ගෙනත් දාන අය ඒ විදියටමයි නෙව ලමය ඉස්කෝලෙට ගෙනත් දාන්නේ.. 

ගාලු පාර දෙහිවල හරියෙදි එකපැත්තට ලේන් දෙකයි..ඒ වගේම පටු තැනුත ් ගොඩයි..දැනට තියෙන 4නුත් යන ට්‍රැෆික් එක විසාලයි. අනික අලුත් සිස්ටම ්එකේ යන්න කියලා තමුන්ගේ ගෙවල් වල වාහන දාලා හෝ බස් වලින් අයින් වෙලා අලුත් සිස්ටම් එකට මිනිස්සු ඒ විද? 

අලුත් දේවල් දිහා සැක ඇතුව බලන්න හොද නෑ..ඒත් අලුතින් හරියට ට්‍රැෆික් ඇලොකේට් කරලා.. හොද මෙට්‍රො එකක් වගේ දෙයක් නැතුව මේ කරන්න යන එක විහිලුවක්..බොහෝවිට මෙය කරන්න හදන ගාලුපාර කියන්නෙ ඔ්‍ය වගේ සෙල්ලමකට කොහොමවත් ගැලපෙන තැනක් නෙමෙයි..කරන්නම ඕනි නම් බේස්ලයින් එකේ කරත හැකි..ඒත් ඉතිංපාර පැනලා පාර මැදින් බස් එකට නගින සිස්ටම් එක ටිකක් වෙනස්.. ඒත් ‍ම්ෙ වගේ වැඩකට ගාලු පාරට වඩා නම් බේස්ලයින් එක ටිකක් හරි සුදුසු තැනක් වේවි..කියල මට හිතෙනවා.. 

9 comments:

  1. What we need is a good light rail system. We should remove the railway lines near colombo area and replace them with a fat light rail system.
    For example the line that runs from Pettah to Homagama, Pettah to Panadura, Pettah to Gampaha could e replaced by light rails. If people are going further than that they can simply switch to a regular train at the end of the light rail line.
    I believe the distance from Pettah to Homagama is like 25-30km, SO this journey should only take 20-30 minutes in a good light rail.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ දැනට තියෙන රේල් සිස්ටම් එක එහෙමම තියෙද්දි දියුනු ක්‍රමයකට අලුත් මෙට්‍රො එකක් ගේන්න ඕනි.. මෙට්‍රො තරමක් මිල අධිකයි..නමුත් මෙට්‍රො නැතිව මේ ඉන්න මගීන් අදින්න බෑ..කැලනිවැලි පාරේ දුම්රිය සාමාන්‍ය දුම්රියට වඩා ස්ලෝ.. ඒකෙ දුම්රිය වැඩිකරන්න බැරි තාක්ෂණික හේතු තියෙනවා.. ඇත්තටම කැළණිවැලි දුම්රිය පාරෙම උදේට විනාඩි පහෙන් පහට කෝචිචි ආවත් මිනිස්සු පිරිල ඉන්නවා..

      ඒත් ඒ මදි..තවත් දුම්රිය පාරවල් තියෙනවා පාවිච්චි නොකරන..උදාහරණ විදියට වරායට බඩු ගෙනියන්න හදපු රේල් ටැක් එක එහෙන්ම නිකං තියෙනවා.. ඔරුගොඩවත්ත, රාජගිරිය ඇතුල දිහා එහෙම දැන් නාගරීකරණය වෙලා.. ජනගහනය, මගීන්.. අවශ්‍යතා ඇතුලත් සංඛ්‍යාලේඛන සහිත ලොකු වැඩක් තමයි නාගරික ප්‍රවාහන සැලැස්ම කියන්නේ..චීනයේ ජකර්තා වල හෝ අහමදාබාද් වල තියෙන එකක් ගෙනල්ලා එහේ තියෙනවා මෙහෙත් හරියයි කියලා උඩින් පාත් කරන එක අසාර්ථකයි.. ඉතිං..

      Delete
  2. "ගාලු පාරේ ට්‍රැෆික් නැති කරන්න හදන අලුත්ම ක්‍රමය: BRT" https://t.co/WekzsKlNxO

    ReplyDelete
    Replies
    1. a) The BRT will operate only up to Pettah. Hence people coming from Moratuwa and other distant places will find it difficult to use this system effectively since there is no feeder service implemented yet.

      b) Moratuwa and Pettah area will act as bottlenecks feeding the people from the BRT system and also other bus operators and the private vehicles -- all facing off each other at this junction.

      c) Not many free land available in Moratuwa and Pettah to remodel and develop it as a transit terminal.
      Solutions

      a) Can put up buildings (vertical space) near BRT access points in Pettah and Moratuwa, to provide vehicle parking enabling private vehicle owners to park their vehicles and access the BRT where they will enjoy a comfortable ride.

      b) The existing road linking Maradana and Wellawatta can be developed into a ring road, which will limit people having to pass via Pettah and thus will ease traffic.

      http://www.sundaytimes.lk/111023/BusinessTimes/bt020.html

      Delete
  3. මේක කරන්න නම් මූද ගොඩ කරලා කඩ ටිකයි ගෙවලුයි එහාට කරලා ගාලු පාරෙ ඉඩ ගන්න ඕනෙ. පේනවනෙ දෙහිවල ගුවන් පාලමක් හදලා වැඩේ දෙල් වෙලා තියෙන හැටි. තව මුළු පාරම ඒ වගේ මැදින් තීරු දැම්මොත් කොහොම වෙයිද? මම හිතන්නෙ මේක කරන අය හිතනවා ඇත්තෙ මේ බස් දැම්මම කාර් වෑන් තියෙන හැමෝම එව්වල එන්නෙ නැතුව මේ බස් වල යන්න ගනී කියලා වෙන්න ඕනෙ. ඒක නම් ප්‍රායෝගිකව ඇතිවෙන තත්වයක් නෙමෙයි. පෞද්ගලික වාහන ඇතුළුවීම තහනම් කියලා නීතියක් නොදැම්මොත් මම නම් හිතන්නෙ නෑ ඒවා අඩුවෙයි කියලා.

    මම තැන් කිහිපයක දැක්කා මුහුදු මාර්ගයෙන් සෙනඟ අදින ක්‍රමයක් හැදුවනම් හොඳයි කියලා. මාත් හිතන්නෙ ඒක හොඳ අදහසක්. මොරටුවෙ ඉඳන් කොළඹටත් මීගමුවෙ ඉඳන් කොළඹටත් ඒ වගේ සේවයක් දැම්මා නම් තදබදය ටිකක් අඩුවෙයි. ඒ වගේම කෙටි දුර දුවන කෝච්චි දාන්නත් පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මුහුදු මාර්ගයෙන් යන එක හිතන තරම් ලේසි නෑ.. ඊට වඩා බෝම ලේසි වැඩ තියෙනවා.. දැන් ඔය ස්කෝල වලට හෙම එන චූටි චූටි බටු වෑන් වෙනුවට විසාල බස් ආදිය දමනවා නම් ගොඩක් ඉඩ ඉතුරු වෙනවා.. ඒ වගේමයි ඇත්තටම ජනතාවගේ සුව පහසුව ගැන හිතනවා නම් ජනප්‍රිය රූට් වෙන 138,176,100 වගේ ඒවට වායසුමනය කල හොද බස් ඇතුලත් කරන්න පුලුවන් රූට් එකකට පහක් වගේ.. මම හිතන්නේ පුද්ගලික අංශයත් කැමති වෙයි ඒ වගේ වැඩකට.. තරමක් මිල අධික වුනත් ටැපික් එකේ සීතලේ යත හැකි නෙව..

      Delete
  4. සාමාන්‍යයෙන් ලංකාවේ වෙන්නේ අලුත්ම අලුත් පාරේ දෙපැත්තේ කානු කඩල ටෙලිකොම් වයර් ඇදල උන් කල ඩැමේජ් එක ආයෙත් පාරවල් හදන අවුන්ම අලුත්වැඩියා කරන සීන් එකනේ. ඔක්කොටම කලින් අලුත් නීති රීති ගෙනල්ල එතනින් වෙනස පටන්ගන්ට ඕනි. මේ දියුණු රටවල සුස්ටම් දැක්කහම පුදුම හිතෙනව. උන් අවුරුදු 100කට කලින් හයිවේ එක හදන්නෙ තව අවුරුදු 100කින් වෙනස් වෙන දේවල් ගැන හිතල. ලංකාවේ වෙන්නේ අලුත් ආණ්ඩුවක් ආවට පස්සේ උන්ට ඕනි සිස්ටම් එක ඉම්ප්ලිමෙන්ට් කරන්නයි එකෙන් කොමිස් කුට්ටියක් ගන්නයි අසරණ මිනිස්සු ජිවිත කාලෙම හම්බ කරල හදපු ගෙවල් පේලියක් කඩල දාල උන්ගේ ජිවිත පාරට දාල සොච්චම් මුදලක් වන්දි විදිහට ගෙවන එක විතරයි. මේ වෙනසට අපි අකමෙත්තෙන් උනත් කැමති වෙන්ට ඕනි.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ දක්ෂිණ අධිවේගී මාර්ගය සැලසුම් කරද්දි එක් එක් පිවිසිම් එකිනෙක සම්බන්ධ කරන සන්නිවේදන පහසුකම් ගැන හිතලා තිබුනේ නෑ..විවෘත කරන අවස්ථාව එද්දි තමයි කස්ටියට පත්තු වුනේ..ඉන් පස්සේ දඩි බිඩි ගාල කණු හිටවලා කඩිමුඩියේ ටෙලිකොම් ලයින් එකක් ඇද්දා.. ඒ ඉක්මන්ට කැතට හිටවලා පාර දෙපැත්තේ කණු උඩ ඇද්ද ලයින් තාමත් දක්ෂිණ අධිවේගයේ බොහොම යසට පේන්න තියෙනවා..

      නගරයේ එක් එක් ජනාකීර්ණ ස්ථාන අතර අනෙක් පවතින මාර්ගයන්ට බාධා නොවන ආකාරයට ලන්ඩන් සහ මොසකව් වගේ නගර වල තියෙන භූගත මෙට්‍රො සිස්ටම් ගැන ඒ අය හිතුවේ මීට අවුරුදු 80කට විතර කලින්..හැබැයි තාමත් ඒවා වැඩ..තාමත් මොසකව් වල පොලව යට උමං හරහා දුවන ට්‍රැක් තමයි එහේ නාගරික ප්‍රධානතම ප්‍රවාහන මාධ්‍යය..

      අපේ අය පරණ ට්‍රෑම්ප් කාර් ට්‍රැක් ගලවද්දි වත් හිතුවේ නෑ අලුතින් මොනාහරි කරන්න ඕනි කියලා.. තාමත් මොකක් හරි පැලැස්තරයක් හොයනවා.. තමුන්ගේ කාලේ කලා කියලා පෙන්වන්න සහ නෑදෑ හිතමිතුරන්ට කොමිස් පිණිස දායාද දෙන්න..

      Delete
  5. colombo තරමක් දීයූණු නගරයක් , මේ වගේ නගරයකට වඩාත්ම සුදුසු ක්‍රමය තමයි මෙට්ට්‍රෝ ට්‍රෙන් , ආයේ වෙන විකල්ප හොයන්න බෑ ... දැනට ලෝකේ තියන සාර්ථකම ක්‍රමයක් ., හැබැයි ලොකු වියදමක් යනවා තමයි, එත් කොහොමරි හදාගත්තොත් අවුරුදු 100කට විතර ඇති ..

    ReplyDelete