Monday, December 12, 2016

දේශපාලන දෙවිවරුන්ගේ බලය

රාජපක්ෂ නැති කල ඒ පාක්ෂිකයින්ට දැනුනේ මේ රට මනමාලය නැති මගුල් ගෙදරක් වගේ. රාජපක්ෂ කියන්නේ විපක්ෂයේ පුද්ගලයින් පවා ආකර්ශනය කල චරිතයක්. සැබැවින්ම රාජපක්ෂ යුගයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ්‍ය කියන එකට තිබුන ඡන්ද ප්‍රමාණය වැඩිවුනා..යූ ඇන්පී චන්ද පදනම එකලදි එතරම් වැඩිවීමක් සිදු වූයේ නෑ.. 

කේන්ද්‍රීය පාලනය

ක්‍රියාවලිය කෙතරම් අහිතකර වුවත් රාජපක්ෂ යනු කේන්ද්‍රීය පාලකයෙක්. ඔහුට අවනත නොවන තැනක් තිබුනේම නැති තරම්. ඔහු බලය කෙලින්ම නොවුනත් වක්‍රාකාරයෙන් හෝ හැමතැනදීම පාවිච්චි කරන්නට පෙළඹුනා. මෙහි හොදක් දියුනු ලෝකයක දියුනු මනසක ඉන්න අයෙකුට පේන්නේ නැහැ..නමුත් අපේ රටේ කිසිම පද්ධතියක් දියුනු නැහැ..තවමත් ඒවා දුවන්නේ ඉපැරණි මතිමතාන්තර සහිත ඔලු වලින්..ඉතිං වාහනේ හිැටියට එපාය ඩයිවර උන්නැහේ.. හැදෙන්න.. දැන් හිතමු අපේ පාරේ බස් එලෝන, පස්සෙ බස් එක දිහා බලං පිඹගෙන යන ඩයිවරයෙක් කෝමද එංගලන්තේ බස් එකකට දාන්නේ..බෑනෙව..ඌ ෆේල්.. 


රනිල්ගේ ලෝකය 

රනිල් කියන්නේ ආකර්ශනීය දේශපාලන චරිතය ක් නෙමෙයි..ෆිල්ම් එකක වුනත් රනිල් කියන්නේ කෙල්ලගේ මොංගල් සහෝදරයා වගේ සෙවල චරිතයක් මිස පෙම්වතා විදියට සලකන්න අපේ සමාජය කැමති නෑ..අනෙක් පසකින් ඉහලම කෙළවරේදී හැරදා යාමේ අමුතු ගතිගුණයක් රනිල්ට දිගටම තිබෙනවා..ඔහු ඉහලට පත් කල පසු ඔහු හැසිරෙන්නේ කිසිසේත්ම අප වැනි රටක ඉහල තනතුරකට අදාල විදියට නෙමෙයි.. 


රනිල් මහින්ද 

කෙතරම් විවාද වාද තිබුනත් බල ධූරාවලියේ ඉහල තැන්වලදී රනිල් සහ මහින්ද කියන්නේ යහලුවන් මිතුරන් සහ නෑයින්.. සැබැවින්ම ලංකාවේ පද්ධතින් වලට දැනෙන රට සංවර්ධනය කල හැකි ප්‍රබල වෙනස් කම් කරන්න නම් වර්ථමානයේ තියෙන ක්‍රමය තුලින් අසාමාන්‍ය ලාබ ලබන හොරු සහ වංචාකාරයින් ටික කපන්න ඕනි..අලුතින් වංචා අඩු හොරකම අඩු මිනිස්සු ටිකක් පත්කරගන්ට ඕනි..මේක කරන්නලේසියෙන් බෑ.ඒත් රනිල් මහින්ද එකතු වුනානම් උඩ ලේයර් එකේ පැලපදියම් වෙලා ඉන්න ලොකු හොරු පොඩි හොරු ටික ලේසියෙන්ම එලෝල හෝ මකෝල අලුතින් හිතන අලුත් පිරිසක් පත් කරගෙන අලුත් ක්‍රමයක් ගැන හිතන්නට තිබුනා.. 

අපි දූෂිත ක්‍රමයක් ගනිමු අධ්‍යාපනය..දැනට ඉස්කෝල වල ලොකු තැන් පින්සිපල් වාගදෛ්වල් තනිකර මුදල් උපයන තැන්..අයථා කලු සල්ලි ජනප්‍රිය පාසල් පිනාලා ගාව තිබෙනවා..ඉතිං පක්ෂ දේශපාලන ක්‍රමය නිසා ප්‍රින්සිපල්ලා තමුන්ට තියෙන බලය සහ ධනයෙන් ටිකක් මන්ත්‍රි දේශපාලුව්නට  දීල අනවශ්‍ය බලයක් තමා වටා ගොඩනගා ගන්නවා..මේ අය එලවන්න වඩාත් ලේසි වෙන්නේ ප්‍රධාන පක්ෂ දෙකම මේ වගේ බැලයින්ට එන්න බැරිවෙන්න හොද පද්ධති වලට රට එක්කරං ගියොත් විතරයි.. 


ජයලලිතා ගේ මලගම 

මහින්ද ගියායින් පස්සේ හොදක් වුනා..එලවන්න දායක වුනු මම ඇතුලු දායක පිරිස එහෙම බණක් කිව්වට සැබැවින්ම මොකද්ද උණු හොදේ..? යමක්කොරනවා කියලා කියනවා..පමණයි.. හොදක් වෙලා නැහැ..කියන එක ඡන්දෙ දුන්න අපි ලැජ්ජාවෙන් උනත් පිලිගන්න ඕනි.. සිරිසේන වැනි චරිතයක් ගැන කතාකරන එක තේරුමක් නෑ.. කතාන්දර ආතා ජනාධිපති වුනා වගේ කතාන්දර කියන්න දක්සයා ..එපමණයි.. 

ජයලලිතා ඉන්න කාල ජෙයලලිතා තමයි ගෑනි.. එතන වටේ තමයි බලය..දැන් එයා මලා...දැන් පොඩි බල අස්ථාවරත්වයක් තිබෙනවා.. ඕක උඩුදුවන්න ගත්තොතින් තමිල්නාඩුවත් අස්ථාවර වෙනවා..සැබැවින්ම සමහර දුප්පත් රටවල් දුප්පත් වෙලා තියෙන්නෙ බලය ඒකරාශී නොවී විවිධ සන්නද්ධ සහ වෙනත් කන්ඩායම් වටා බලය විහිදීම නිසා.. 

අපි රටක් විදියට රාජපක්ෂ වටාත් ප්‍රාන්තයක් විදියට ජයලලිතා වටාත් වඩාත් කේන්ද්‍රිය බලයක් එකතු වුනා..ඔවුන් දක්ෂ පාලකයින් නොවන්නට ඇති..නමුත් විවිධාකාර කොල්ලකරුවන් අටොරාශියකට විවිධාකාරයෙන් ගසාකන්නට දෙනවාට වඩා එකම කන්ඩායමකට කන්න දීම හොද නැද්ද...කැඩෙනවාට වඩා එක සෙට් එකක් කන එක මට අනුව හොදයි.. එතකොට අඩුම තරමේ පගා දෙන්න වෙන්න පිරිසට හරි ලේසියක් තියෙනනවා.. නැත්තං පගා දීල ඉවර වුනාම කරන්න ව්‍යාපෘතියකුත් නැතිවෙන තරමට කන්ඩායම් ඉන්නෝ නේ.. 

මම කියන්නේ බොරු.අලුත් ආණ්ඩුව සෝක් . අලුත් අය ගසා කන් නෑ කියන අය දන්න කියන ප්‍රධාන ආයතන කිහිපයක ඇතුලට පොඩ්ඩක් ඔලුව දාල මැදහත් අයකුගෙන් විස්තර අසා දැනගන්න.. පෙරට වඩා ගසාකන වංචාකරන හොරු වැඩිවෙලාද අඩුවෙලාද? පොඩ්ඩක් බලලා කමෙන්ට් එකක් දාල යන්න බලන්න එහෙනං.. 

4 comments:

  1. වාද විවාද වලින් තොරව කියල තියෙන සියල්ලටම එකඟ වෙනව.. 👍🏽

    ReplyDelete
  2. Your analysis is 100% correct.SL need authoritarians like MR or Lee Kuan Yew reason is most of our people don't want to work for money, 80-95% want free money. This govt is good for lazy people, no action talk only. Our country is going from bad to worse.

    ReplyDelete
  3. අනේ කුහුඹුවනේ
    තොපටත් රජෙක් ඇත්තෙ
    අපිට ඇයි නැත්තේ
    අපේ කරුමෙද මෙහෙම වෙන්නෙ

    රජෙක් ලැබුණෝතින්
    කැවුම් කිරිබත් කන්නම්
    පෙරහැර කරන්නම්
    සාදු කාරෙන් ගිගුම් දෙන්නම්

    කුංකුණාවෙ හාමුදුරුවො.

    ReplyDelete