අප ගුවන් තොටට ආයේ පාන්දරය. ගුවන් ගමනක කලින් යෙදී නැති මාගේ මුල්ම ගුවන් ගමන මෙය විය. පාස්පෝට හැදීම ගුවන් ටිකට් පත් වෙන්කිරීම සහ අනෙක් කටයුතු සියල්ලම මා විසින් මිතුරන්ගේද උදව් ඇතුව කලෙමි. පලමු ගුවන් ගමන නිසා මා සිතුවේ වැදගත් මිනිසුන් ගුවන් යානා වල යන නිසා ලස්සනට ඇද පැලදගෙන යායුතු බවයි. ඒ නිසා අත් දිග කමිසයකින් දිග කලිසමකින් සැරසී සපත්තුද දා මා කටුනායක ගුවන් තොටුපලට මිතුරා සමග ආවෙමි. එකල මා නවාතැන් ගෙන සිටියේ මහරගමය. මහරගමින් පටන් ගත් බජට් ටැක්සියට මාලඹෙන් සෝඩාද එකතු විය.
අපේ කට්ටිය
සෝඩාද මාද ඇතුළු නඩේ ඔක්කම 8කි. එයින් දෙකක් අලුත් කපල් එකකි. එනම් ඔවුන් විවාපත් වී මාසයක් හෝ දෙකකි. එවැනි ගමනක් ඒමට ඒ යුවතිය කැමති විය. ඇය සැබැවින්ම නිර්භිත අයෙකි. මෙතැන ඉතාලියේ සිටි මිතුරෙක්ද සිටී. ඔහු කොළඹ සිට ඉතාලි යනවාක් මෙන් තල්ලු කරගෙන එන ගමන් මල්ලක්ද රැගෙන ආවේය. ඔහු නම් ගුවන් තොටට ආවේ කොට කලිසමකින් සැරසී ගෙනය. මා මිතුරු ගම්පහ චතුරංග පැමිණියේ සිය පියා සමගිනි. සිය වයිෆ් සමග නිශ් අයියා පැමිණියා විය යුතුය. කට්ටියම ගුවන්තොටුපලේදි එකතු විය. (නිශ් අයියා පසුව දිල්ලියෙන් අපි සමග එකතු විය ) ඩුබායි සිටි රුචා නම් ගුවන් ගමන් කාපර කෙනෙකි. මා පලමු වරම ගුවන් තොටට ගියානම් එය අන්දුන් කුන්දුන් වෙන වැඩකි. බස් එකක කෝච්චියක යනවාට වඩා ගොඩක් වැඩ ගුවන් ගමනකදි කරන්නට තිබේ. එබැවින් අත්දැකීම් ඇති සෙට් එකකට සෙට්වීම මාර වාසියකි.
ගුවන් යානය
එය බොම්බාඩියර් නැමැති ලංකාවේ කටුනායක සිට ඉන්දියාවේ චෙන්නයි දක්වා යන අඩුම මිල ගුවන් යානය විය. එකල එහි ටිකැට් පත රු 25,000කට ආසන්න විය. අපි යන්නේ කාශ්මීරයට වුවත් කොළඹ- චෙන්නයි හරහා දිල්ලියට ගොස් එතැනින් දුම්රියේ යෑම අපේ අරමුණ විය. ඒ ස්පයිස් ජෙට් වල බොම්බාඩියර් ගුවන් යානය ගැස්සෙන එකකි. මාගේ මිතුරු ඉතාලි යේ සිට පැමිණි ඩිලාත්, ගුවන් ගමන් කිහිපයක්ම ගොස් ඇති රුචාත් ඉන් පෙර එවැනි රූම් පෙති සහිත බොම්බාඩියර් ගුවන් යානයක ගමන්කොට තිබුනේ නැත. මට නම් මොකේ ගියත් වැඩි වගක් නැත. ඉතාලි ඩිලා ගුවන් යානාව ගැසසෙන විට හාපෝ මේ ලකඩම වැටෙයිද දන් නෑ ආදී වදන් දුන් නමුත් මට නම් ඒ පලමු ගමන නිසා එය වැඩිය වගක් නැතිවිය. කොහොමත් අපේ ගමේ බස් එහෙම ඔහොමය ගැස්සෙනවනේ? කියා මට සිතුනි.
ආච්චිලා සිට් අල්ලන්න පොර කෑවනෙ
ගුවන් ටිකැට් පතේ ආසන අංකයක් තිබුනා. ඒත් අපේ ගුවන් යානේ යන්න ගිය ආච්චිලා ටිකකට කණ වැටිලා සිට් නැතිවෙිවිය කියලා. අනේ ඒ ගොල්ලා පොරකකා ගුවන් යානයට නගින්න ගත්තා. ඒ සිද්දියට මගේ යාලුවෝ වගේම ගුවන් යානයේ සිටි කාර්යමන්ලයටත් හිනා. අනික් අය හිනාවුන නිසා මාත් හිනාවුනා. පස්සේ තමයි මම දන්නේ හරි සීන් එක. ඒ දැනගත්තට පසසෙ මම ඇතිවෙන්න ආයිම හිනා වුනා. කොහොම හරි ගුවන් යානයට නැග්ගට පස්සේ හරි හීතලයි. බෙල්ට් එකක් දාන හැටි සහ කටින් පුම්බන මොකද්ද උලව්වක් ගැන කොටට ඇදපු කෙල්ලෙක් කිව්වා. ඒ ගුවන් යානේ වැටුනොත් පුම්බලා බේරෙන හැටිලු කියන්නේ. ඒ කොටට ඇදපු ගුවන් සේවිකාව ගාව ටිකක් ගදයි. විලවුන් ගහල තිබුනත් ඒකිගේ ඇදුම මම හිතන්නේ සතියකින් විතර හෝදල නැද්ද කොහෙද? පෙලක් දා යට ඇදුමේ ගදද දන් නේ නෑහැ කොට ඇදුම නිසා යටේවැයිත් ගද දැනෙනවා ඇති නේ. ගද කොහොම වුනත් සිරියාවන්ත ඔක්කෝම දේවල් පිරිලා තියෙන සෝක් කෑල්ලක් ඒක.
දඹදිව නඩේ
දඹදිව යන්න ආපු නඩයක් චෙන්නයි බහිනවා කියන්නේ වහක්. මම පස්සේ හොයා බැලූ විදියට බුදුන් වහන්සේ ගේ සිද්ධස්ථාන තියෙන්නේ උතුරු ඉන්දියාවේ. ඒත් ගුවනින් චෙන්නයි ගිහින් එතනින් වෙනත් ගුවන් යානෙක දිල්ලියට හරි වාරනාසි ගයා වලට හරි යන එක පර්ස් එකට වාසියි. මේ දඹදිව යන්න අපේ ප්ලේ්න එකට ගොඩවුනු ඇත්තෝ ආවේ ලංකාවේ බොහොම දුර පලාත්වල ඉදලා වෙන්න ඕනි. අනේ ඒ කට්ටිය දන්නේ නැහැනේ මේ ගමන බොහොම දුර එකක් විත්තිය. ඒ මනුස්සයෝ ගමේ පංසලේ සිල් ගන්න යනවා වගේ සුදු ඇදුමින් තමයි ඇවිල්ල තිබුනේ. එක මනුස්සයෙක් ගේ සාක්කුවේ රුපියල් පන්දාහේ ලංකා රුපියල් කොල වගයකුත් තිබුනා දැක්කා. ලංකාවේ රුපියල් ලංකාවේ ගුවන් තොටින් පස්සේ පිච්චියක් වටින්නේ නැතිබව උන්දැ දන්නේ නැතුව ඇති. පව් ඉතිං..වැඩි හොදට ගෙදරින් හෝ කෙහෙන් හරි මග වියදමට දිපු සල්ලි වෙන්න ඇති ඒ මනුස්සයා ගාව තිබුනේ.
එක අතකින් මට හිතුනේ මේක හරි වැරදි දෙයක්. අපි අපේ අම්මලා තාත්තලා රට යවන්නේ ආගමික දේකට. ඒකත් බොහොම තද ප්ලෑනක් සහිත දේකට. ඒ ගොල්ලා අපි වෙනුවේන දුක් මහන්සි වෙලා මුලු ජීවිතේම අපි වෙනුවෙන් සකස් කරලා දෙනෝ..සමහර වෙලාවට අපිට ගෙවල්දොරවල් හදලා දීලා, යාන වාහන අරන් දිලා, අපේ දරුවොත් නළවනෝ..ඒත් ඒ කට්ටිය විනෝද වෙන්න විදියක් හිතන්න් නැහැ. මගේ අම්මා නැහැ.එයා හදිසියේ නැතිවුනා 2009දි. මේ ගමන යෙදුනේ 2015 දි. ඒ වෙනකල් අම්මා ජීවත් වෙලා හිටිය නම් අපේ අම්මවත් වන්දනා නඩයකට දමලා වැඩි ගානක් ගෙවලා හරි සැප සංචාරයක යවන්න තිබුනා කියලා හිතුනා. අපේ තාත්තා ආගමට දහමට වැඩිය ලැදි මනුස්සයෙක් නෙමෙයි. බාගෙදා ආගම ගැන තියෙන කට කැඩිච්ච කතා සහ නොගැලපෙන මතවාද මට එන්නට ඇත්තේ තාත්තගේ ජාන සෙට් එකෙන් වෙන්නට ඇති.කොහොම වුනත් තාත්තා නිකං වදින පුදන නඩයක් එක්ක දඹදිව යවන්න ඕනි කියල හිතුනත් ඒකෙන් එයාට ලොකු ආතල් එකක් ලැබෙන එකක් නැහැය කියලා තමයි මට හිතුනේ. එයා ආගම විශ්වාස නොකරන නිසා.
මෙහෙන් ගත්ත බෝතල
මෙහෙ මොනාහරි සේල් එකක් තිබිලා ඩියුටි ෆ්‍රී එකේ අපි විස්කි ගත්තා. ගමන බොහොම තදබල දවස් ගානක එකක් නිසා අපි විස්කි බෝතල 6ක් අරං බැග් වල දාගත්තා. හප්පට සිරි. චෙන්නයි වලදි තමයි කේස් එක වුනේ. අපි ලංකාවේ ඉදන් චෙන්නයි ගියේ ඉන්ටනැශනල් ෆ්ලියට් එකක. ඒකෙදි හෑන්ඩ් ලැගේජ් එකේ විස්කි ගෙනයෑම අවුලක් නැහැ. ඒත් චෙන්නයි වලට ගියාම උන් අපේ බෑග් ස්කෑන් කරා. දැන් ඕන්න එක එකබැග් එක අපේ ඩිටෙක්ට් වෙනවා. අපේ ලිකර් තියන එව්වෝ පැත්තකට ගන්නවා. පසසේ අමාරුවෙන් අපි ලිකර් ටික හැන් ලැගේජ් නැතුව අනෙක් ලැගේජ් වල දැම්මා. ඒ වඩේට ටික වෙලාවක් ගියා.
චෙන්නයි වල ඩොමෙස්ටික් එයා පෝට් එක සහ ඉන්ටනැශනල් එක අතර කිලෝමීටරයක් විතර දුරයි.එ ්දුර යන්න ශටල් සර්විස් එකකුත් තියෙනවා. කොහොම වුනත් අර බෑග් වල ලිකර් පලහිලව්ව ටිකක් සැරට ගියා. ඒ අව් අස්සේ අපිට චෙන්නයි වලට ගිහින් චෙන්නයි වලින් ඊලගට යන්න තිබුන ෆ්ලයිට් එකට තිබුන කාලය පැය දෙකක් විතර. ඒ කිවවෙ ට්‍රාන්සිට් ටයිම් එක පෑ දෙකක් වගේ. අපි ටැග් ගහලා ඒවා ඇතුලේ ලැගේජ් එකට දැම්මා. ඒ අස්සේ ඉතිං බෝතල කුඩුවෙලා ලික් වෙලා සතියක්දෙකක් අදින්න තියෙන ඇදුම් ටික තෙමෙයි කියලත් බයක් තිබුනා. කොහොම වුනත් කරන්නවෙන දෙයක් තිබුන් නැහැ.ඒ ලිකර් ටිකන්ම අපිට සිරා වාතයක් වුනා ගමනෙදි.
නිශ් අයියා ආපු හැටි
ඇත්තටම අපි සෙට් එක ගුවන් ටිකට් වෙන් කරද්දි අවසානේටම අපිට එකතු වුනේ නිශ් අයියා. එයා ගමන කන්ෆර්ම් කරද්දි ගුවන් ටිකට් මිල අපි ගිය ගුවන් යානයේ ටිකක් වැඩිවෙලා. ඒ ගමන අපි සෙට් එක හොයාගත්තා ලංකාවෙන් මුම්බයි හරහා දිල්ලි යන ජෙට් එයාවේස් එකේ ටිකට් මිල අඩුයි කියලා. ඉතිං ජෙට් එකක් බුක් කල එයා. එයා ගියපු ප්ලේන් එකෙත් උපාසක අම්මලා නඩයක් ගිහින් තිබුනා. ඒ ජෙට් එයාවේස් එකේ නම් ලිකර් සහ කන්නබොන්නත් දිලා තිබුනා. ඒකට අපි ගිය ස්පයිස් ජෙට් එකේ. වතුර විතරයි නිකන්. අපි ගියේ අගෝස්තුවේ. අගෝස්තු කියන්නේ ඉන්දියාවේ යන දඹදිව නඩ මෙහෙන් එහේ යන සීසන් එකක්. ඉතිං නිශ් අයියා අපිට ජොයින් වුනේ දිල්ලියේදී. හරිම ආශ්චරයක් තමයි ඒක. කොහොම හරි ගුවන් ටිකට් පත් එහෙන් මෛහන් අරන් අපි සෙට් එක දිල්ලියේදි එකතු වුනා.
දිල්ලියෙන් බැහැලා
දිල්ලියෙන් බැස්සට පස්සේ අම්බෝ රස්නේ. මෙහෙ තරම් ඇගට දැනෙන් නැතිවුනත් මහ පිච්චෙන රස්නයක් තියෙන්නේ. කොහොමින් හරි අපි බැස්සේ දිල්ලියේ ඩොමෙස්ටික් ටර්මිනල් එකෙන්. දිල්ලියේදි ගුවන් තොටුපලේ ඩොමෙස්ටික් සහ ඉන්ටනැශනල් ටර්මිනල්දෙක අතර කිලෝමීටර කිහිපයක දුරක් තියෙනවා. අපේ නිශ් අයියා බැහැල තිබුනේ ඉන්ටනැශනල් ටර්මිනල් එකේ. අපි සෙට් එක එකතු වුනා. එකතුවෙලා ඊලග මිශන් එක තමයි අපි ඕල්ඩ් දිල්ලි ඉස්ටේශමට යන එක. ඇත්තටම එතකොට අපි දිල්ලියට බැහුපු වෙලාව උදේ 10.30 විතර වගේ. පරණ දිල්ලි ස්ටේශමට යන බස් එකක් ගැන අහලා අපි නැග්ගා. නැගලා පරණ දිල්ලි දුම්රිය නැවතුමට ගියා.
හප්පා සිකේ ඕල් දිල්ලිය
ගුවන් තොටුපලේ ඉදලා පරණ දිල්ලියට ගමනේ අපිට හමුවුනු දර්ශන නම් හප්පා..ඉන්දියාවේ තියෙන ටිකක් සවුත්තුම පදාසයක් තමයි ඒ. රික්සෝ කාරයෝ..හත් අවුරුද්දකින් තින්ත නොගාපු කඩ ආදිය තිබුනා. අපිට තිබෙනු ලොකු පස්නයක් සල්ලි මාරු කරගැනීම. අපිට ඇත්තටම සල්ලි විදියට ඩොලර් තිබුනා. ඊට අමතරව අපිට කාඩ්ස් තිබුනා සල්ලි අදින්න පුලුවන්. මේවා තිබුනට මොකද ඇත්තටම විදෙස් මුදල් මාරුකිරීම ලංකාවෙදි වගේ ඉන්දියාවෙදි සරල නැහැ. ලංකාවෙදි නම් බැංකු ගොඩායි..බැංකු හරිම ලස්නයි නේ. දිල්ලියේ පරණ කොටසේ ( ඕල්ඩ් දිල්ලියේ) තිබුන බැංකු අපේ පිටකොටුවේ පෙට්ටි කඩ වගේ. හරිම අපවිත්‍ර වෙලා. ඒවායේ අපේ සල්ලි මාරුකරගන්න තියේය කියලා හිතන්න අමාරුයි. කොහොම හරි අපි ගල තිබුන ඉන්දියානු රුපියල් සුලු ප්‍රමාණයත් අරං ඕල්ඩ් දිල්ලි ගියා.
ඕල් දිල්ලි ස්ටේසම
පරණ දිල්ලි ස්ටේශන් එක කිය්නනෙ විශාල ස්ටේශමක්. ඒ වුනාට ඒකේ ජරාව ජරාව හැම තැනම. එපා වුනා. අනෙක් අතින් අපි ඕල්ඩ් දිල්ලි ස්ටේශමට ඇතුල්වෙන්නෙ අනෙක් පැත්තෙන්. ඒ කියන්නේ ස්ටේශමේ මේන් ගේට් එක නෙමෙයි ඔපොසිට් පැත්තෙන් තමයි අපි ඇතුල් වෙන්නේ. ඒ පැත්තෙන් බැලුවාම හරිම සවුත්තු දර්ශන සෙට් එකක් තමයි අපිට ඕල් දිල්ලි ස්ටේශම පෙනුනේ.
විස්කි නැවත ඇණයක් වූ වගයි
ඉන්දියාවෙ ස්ටේශන් වල තියෙනවා එයාපෝට් එකේ වගේ බැගේජ් ස්කෑන් මැෂින්. ඒවායෙන් සර්ච් වෙලා තමයි බෑග් එක ඇතුලට යන්නේ. දෙය්යන්ටම ඔප්පු වෙච්චාවේ අපේ අර විස්කි බෝතල ටික ආයෙම සර්ච් වුනා. මොනවා කරන්නද ඉතිං. උන්ට ඉංගිරිසි බැහැ. එතන හිටිය රේල්ලු පොලිසියට ඉංගිරිසිත් බැහැ. ඉන්දියානු රේල් සේවාවේ දි ලිකර් ගෙනියන්න බැහැල්ලු. කවුද ඉතිං දනනේ. අපිට සිද්ද වුනේ පැත්තකට වෙන්න.
යාන්තම් එයාල සේප් වෙන්න එන ලයින් එකකුත් තිබුනා. කොහෙමහරි අපේ නිශ් අයියා මැදිහත් වෙලාවැඩේ ගොඩදාගත්තා. අපි බුවාලට විස්කි දෙකක් දුන්නා. ඉතුරු ටික යාන්තම් පැක්කරලා දාගත්තා. කොහොම හරි පගාව දිල හරි අපි ඔක්කොම විස්කි ටික නොදි බඩු 4ක් ඉතුරු කරගත්තා. ඒ ගමන පස්නයක් ආවා. නැවත මේ විස්කි එලියට ගෙනියන්න බැහැ, මොකද ආයි ඇතුලට එද්දි චෙක් වෙනවා නේ. ඇත්තටමඕල් දිල්ලි වල මේන් එන්ටරන්ස් එක තියෙන්නේ එහා පැත්තේ. ඉතිං මේ බෑග් ටික ඇතුලේ තියලා මායි යාලුවෙකුයි ගියා සල්ලි මාරුකරන්න සහ කට්ටියට කෑම ගේන්න.
සල්ලි මාරුව
ඒ කාලේ ඉන්දියානු රුපියල් 63ක් ඩොලර් එකට. ඒත් අපිට ඩොලර් මාරු කරන්න උනේ 58ට වගේ. මොනවා කරන්නද ඉතිං ඩොලර් සීයක් හෝ දෙසීයක් අපි ාමරු කරගත්තා බ්ලැක් මාකට් එකෙන්. ඒ දිල්ලි ස්ටේශම වේදිකා 15ක් තියෙන විශාල ස්ටේශමක්. දන්න විදියට ඒක දිල්ලියේ තියෙන පැරනිම ස්ටේශන් එකක්.එ ්ත් අහල ගම් හතකවත් සල්ලි මාරුකරන්න බැංකුවක් නැහැ. ඒ ටී එම් එකක් තිබ්බත් ඒකේ අපේ කාඩ් වැඩකරන් නැහැ. ඒ කාලෙත් ලංකාවේ නම් හැම හන්දියක් ගානේම පොඩි බැංකුවක් හරි තියෙනවා.ඒ පුරුද්දට ඉන්දියා ගිය අපිට කුනු කොල්ලෙට සල්ලි මාරු කරගන්න උන එක හොද පාඩමක්.
ඉන්දියාවේ යනවා නම් කෙලින්ම රුපියල් කොටුවෙන් ගන්නත් පුලුවන්. ලොකු අලාබයක් නැහැ. දැන්නම් රුපියල් දෙතුන් දාහක් මග වියදමට අරගෙන ඉතුරු ටික ගන්න වුනත් යන්න හැකි. චෙන්නයි වලින් හෝ අපි ගොඩබහින එයාපෝට් එකේ තියෙන ඒ ටී එම් එකකින් කාඩ් එකෙන් ඉන්දියන් රුපියල් ටිකක් ඇදගන්න එක තමයි වාඩාත් සුදුසු. මම එතනින් ඉගෙනගත් පාඩම තමයි අපි අලුත් රටකට යනවා නම් මුලින්ම හම්බෙන එයාපෝට් එකෙන් සල්ලි මාරුකරගන්න ඕනි ඒ රටට ඇතුල්වෙද්දි. ඒ වගේම රිස්කි ලිකර් වගේ දේවල් ගෙනියන්නත් හොද නැහැ.
කෑම
කෑම විදියට රස් කෑම තියෙනවා කියල හිතෙන දිල්ලි ස්ටේශමේ තැනකට ගිහින් සැන්ඩ්විච් සහ වෙනත් රයිස් ආදි කෑම ටිකක් ගත්තා. ඒ සැන්විච් වල ඇතුලේ දාල තිබුන ඒවා වල රසය වෙනස්. ඒවා කන්න අමාරු. වඩේ හෝ තෝසේ වගේ මොනාහරිත් ගත්තා. අරගෙන යාලුවන්ට ගිහින් දුන්නා. රයිස් එකක් විදියට තිබුන බිරියානි එක මෙලෝම රහක් තිබුන් නැහැ. අමාරුවෙන් අපි එව්වා කාලා කෝච්චිය එනකල් උන්නා.
කෝච්චිය
යාලුවෝ හිතාගෙන ඉදියේ හොද කෝච්චියක් කියලා. ඒත් මම බුක් කරලා තිබුනේ පැරණිම තාලේ ඉන්දීය දුම්රියක්. ඒ දුම්රිය දිල්ලි වල ඉදන් ජම්මු දක්වා යන වැඩිම කාලයක් ගන්නා මේල් දුම්ියක් පැය 13.5ක් ඒක දිල්ලි සිට ජම්මු දක්වා යනවා. ඒ දුම්රියේ නම ශලිමාර් එක්ස්ප්‍රස්. ඔය දුරම පැය 8න් යන කෝච්චිත් තියෙනවා. කොහම හරි අපි නැගලා වාඩිවුනා අපේ සීට් වලින්. යාලුවෙකුට ඒ කිව්වේ අවසාන යාලුවට ටිකට් බුක් කලේ පස්සේ නිසා ඒ සිට් එක තිබුනේ වෙන තැනක. කොහෙම හරි අපි සෙට් එකම එකම තැනක ඉන්න තීරණය කලා. බුක් කරලා තිබුනේත් ස්ලිපර්. ඒ කිව්වේ හොද වායුසමන කරපු පන්තියකුත් තියෙද්දි මම ගහල තිබුනේ ස්ලීපර් පන්තිය. දුම්රිය සේවාවේ පන්ති ආදිය ගැන ඇත්තටම මම වැඩි විස්තර දැනගත්තේ ආවටත් පස්සේ සර්ච් කරලා. ඉන්දියාවේ දුම්රිය සේවාව කියන්නේ වෙනමම විශයක්. ඒක ගැන වෙනමම හොයාබල්නන තරම් කරුණු තියෙනවා.
අපිව ආක්‍රමණය කල සෙනග
අපි ඉතිං වාඩිවෙලා ඔහේ පැද්දි පැද්දි යද්දි ඔන්න ටික දුරක් ගියාම කට්ටිය අපේ පෙට්ටි වලට නගින්න ගත්තා. වෙන් කල ආසන වල යන අපි හිතුවේ නැහැ එහෙම වෙන උන් මේකට නගීවිය කියලා. ඒත් එහෙම නැහැ. රජයේ සේවකයෝය කියලා හිතන්න පුලුවන් පැරණි පෙනුම තියෙන ඉන්දියන් සෙට් එකක් නැග්ගා. එතකොට අපේ යාලුවෝ කාඩ් ගගහා උන්නේ. ටිකකින් මුන් අපේ කාඩ් කූට්ටම අරං අපේ සිට් වල වාඩිවෙලා කාඩ් ගහන දිහා අපිට අමාරුවෙන් සීට් වල වාඩිවෙලා බලන් ඉන්න සිද්ද වුනා. කෝචචියේ නොනවත්වා එනවා යාචකයෝ වෙලෙන්දෝ ආදී කට්ටිය. කොහොම වුනත් පලවෙනි දවස විදියට ගුව්න ගමන් දෙකකුයි මැද චාටර් ස්ටේශන් එකකුයි ඒ මදිවට පරණ මොඩල් කෝච්චියක හාඩ් ස්ලීපර් සිට් එකකුයි. යාලුවෝ ඒ දුම්රිය ආසන ටිකට් වෙන්කරපු මට පින් දිදී ගමන ගියා.
ඉන්දියාවේ කැත
ඉන්දියාව ලස්සනයි. නැත්තං අපි ඉන්දියාව බලන්න යනනේ නැහැ නේ. ඒත් අර මැණික් ගරද්දි ලස්සන ගල් හොයන්න පස් ගොඩක් නාස්ති කරන්න වෙනවා වගේ අපිට ඉන්දියාවේ ලස්සන බලනවා නම් අවලස්සන ගොඩකුත් ඇසට සහ පන්චේන්ද්‍රියට දාගන්න වෙනවා. ඉන්දීය දුමරිය ගමන් ගැනකොච්චර උන් ලොකු ටෝක් තිබුනත් දුම්රිය සේවාවේ වැසිකිලි පස්නය බොහොම දරුණු එකක්. ඉන්දියාව 2021 දී වැසිකිලි අපද්‍රව්‍ය රේල් පාරට දැමීම සම්පූර්ණයෙන්ම වගේ නවත්වන්න ඉන්නවාය කිව්වත් ඒක ලේසි පාසු දෙයක් නෙමෙයි. ඒ වගේම ඉන්දියාවේ දිල්ලියේදී අපිට දකින්නට ලැබෙන දර්ශන එයාපෝට සහ නවදිල්ලියේදිබොහොම ලස්සනයි. ඒත් පරණ දිල්ලි රේල් නැවතුමේ ඉදලා ජම්මු වලට යද්දි හම්බෙන ගොඩක් තැන්වල පෙනුනේ දුප්පත්කම.
අපේ නම් මුඩුක්කු පේලියක් ගිය තැන හොදට හදලා තින්ත ගාපු ගෙයක් දෙකක් හම්බෙනවා නේ කෝච්චි පාරේ යද්දි වුනත්.ඒත් ඉන්දියාවේ ගෙවල් අපේ වගෙ කම්ප්ලීට් නැහැ. ගෙවල් වල ගඩොල් පේනවා. වහලවල් කියලා ජාතියක් නාහැ. උඩත් ස්ලැබ් දාලා හෝ ගඩොල් හෙවිලි කරලා. කොහොම හරි අපේ වගේ ගෙවල් ලස්සන නැහැ. කපරාරු කරන තාක්ශනේ ගිහින් නැතුවද මන්දා ගෙවල් තාමත් කපරාරු නොකරපු වා වැඩියි දුප්පතුන් ඉන්න පැතිවල.
මෙහේ නම් මොනාද ඉතිං කොළඹ නගරේ වුනත් පැය බාගෙක දුම්රිය ගමනකින් බස් ගමනකින් නගර දර්ශන ඉවර වෙනවා. ඒ කිව්වේ කොළඹ කොටුවේ ඉදලා පැය බාගයක් දෙපැත්තට දුම්රියකින් ගියාම අපිට ගම්මාන වගේ දර්ශනපේනවා. ඒත් අපි ඉන්දියාවේ හැන්දෑවේ 3.30 විතර කෝච්චියට නැගලා පැය තුනක් විතර තිස්සේ ඉර බහිනකල් ඒ කිව්වේ 6.30 විතර වෙනකල් කිලෝමීටර 80-100ක් ගියත් අපිට දිල්ලි නගරය ඉවර වෙලා කියලා පෙනුනේ නැහැ. ගොඩාක් ඈතට යනකල් ගෙවල් ගෙවල් ගෙවල්.. කඩසාප්පු වීදි මුඩුක්කු ආදිය තියෙනවා. ඇත්තටම සිටි එකක් කියන්නේ කොච්චර ලොකු එකක්ද කියලා බලන්න චෙන්නයි දිල්ලි මුම්බයි වගේ සිටි එකක දවසක් විතර ඇවිදින්නම ඕනා.
කොහොම හරි අපි සෙට් එකට ඇණයක් වුන ඉන්දියන් ඔෆිස් කාරයි ටික බැස්සා රෑ බෝ වෙද්දි. ජම්මු වලින් උදේ බහින බලාපොරොත්තුවෙන් අපි නින්දට ගියා. බ්ලැන්කට් එකකුත් නැතිව හාඩ් ස්ලිපර එකේ නිදාගන්න අමාරුයි. ඒත් අමාරුවෙන් හරි නිදාගත්තෝත් කාටද? ඒ නිසා මම සහ යාලුවෝ ටික නිදාගත්තා. මුල් දවසේම දකින්න විදගන්න ලැබුනේ අමිහිරි මතකයන් ටිකක් වුනත් අපි හිතුවා අපිට පස්සේ ලස්සන දේවල් මුන ගැහේවිය කියලා. ඇත්තටම කූඹියෙක් රෝස මලකට එන්නේ කටු පහුකරලා. ඒ වගේ අපේ ගමනෙත් සාමාන්‍යෙයන් ලංකාවේ කෙනෙක්ට එසේ මෙසේ ලේසියෙන් විදගන්නට ලැබෙන් නැති සිරාම අත්දැකිම් ටිකක් පස්සේ ලබාගන්න මුලින් කෑව මේ චාටර් එක ආශිර්වාදයක් වුනාද මන්දා.
ඉතිං අපි ඊලගට බලමු ජම්මු වල ගිහින් කොහොම ද අපි කාශ්මීරේ ශ්‍රී නගර් වලට ගිහින් කාබරයක් හොයාගත්තේ කියලා.