Saturday, November 3, 2018

පෝ දා ක්‍රෝ අයිලන්ඩ් ශ්‍රමදානය

ජාතික සමාජ සංවර්ධණ ආයතනය කියලා එකක් තියෙනවා රාජගිරියේ. ඕ ආයතනයෙන් උපාධි මට්ටමට යනකල් සමාජ සංවර්ධණය ගැන උගන්වනවා. ඒ උපාධිය ඉගෙනගන්න ශිෂ්‍යාවක් මගේ ට්විටර් මිතුරියක්. ඇය නමින් නයනතාරා. නයනතාරා පහුගිය දවසක ශෙයා කරලා තිබුනා මෝදර බීච් ක්ලීනප් ප්‍රෝගැම් එකක් ගැන. ඒක එයාලගේ සමාජ සංවර්ධන ආයතනයත් දායක වෙලාකරන වැඩක්. මමත් කැමතියි මුහුදු පිරිසිදු වැඩ වලට ඉතිං මාත් ඒකට සහභාගී වුනා.

මෝදර වැල්ල
මෝදර වැල්ල කිව්වාම ඉතිහාසයේ විවිද කාලයේ විවිධ මතකයන් තියෙනවා. මම මට්ටක්කුලිය දිහා ඉගෙනගත් 2006 කාලේ මෝදර වැල්ල කියන්නේ නොයා යුතු තැනක් කියලා තමයි හදුන්වලා තිබුෙන්. ඒත් දැන් එතැන ලස්සන උද්‍යානයක් ගෝඨාභය මැතිතුමා විසින් ඉදිකරලා තියෙනවා. බංකු හදලා කඩවල් හදලා පාරවල් ගහලා ඇත්තටම ලස්සන තැනක් තමයි ඒක. ඒක පිරිසිදු කරන්නත් පිරිසක් පත්කරලා ලකේට තියාගෙන යනවා.

මෝදර මුහුදු වෙරළ
අනේ කොච්චරලස්සන ප්ලේස් එක උනත් මුහුදු වෙරළ නම් ගන්න දෙයක් නැහැ. මූදු වෙරළ කුනු වලින් වැහිලා. සමහර තැනක කුනු කදු මට්ටමට බීච් එකේ. ඒක ක්ලීන් කරන්න යමුය කියලා ගියාට මොකද දැක්කාම නම් අයියෝ කියලා හිතුනා. මේ මෝදර කාක දූපත වෙරළ තීරයට මම හිතන්නේ කැළණි ගග දිගේ අපද්‍රව්‍ය එනවා. ඇවිල්ලා ඒවා එක්රැස් වෙනවා. අපේ අය පාවිච්චි කරන ප්ලාස්ටික් අසුරණ පොලතින් අසරණ වගේම සපත්තු සෙරෙප්පු ජොක්කු රෙදිපිලි බෑග් වගේ ඒ වත් මුහුදු වෙරළට ගොඩ ගහලා තිබුනා. මේ අස්සේ ලී දඩු ලෑලි කෑලි වගේ දේවලුත් ගහන් ඇවිල්ලා තිබුනා.

අපේ ශ්‍රමදාන වැඩේ 


ඇත්තටම නයනතාරාලාගේ බෝඩ් එකේ තිබ්බේ 6.30 වෙද්දි ප්ලේස් එකට එන්න කියලා. මමනම් ඒ වෙලාවට ගියා. එයාල එන්න ටිකක් පරක්කු වුනා. නයන ගේ යාලුවෝ ටැමිල් අය. එයාලත් රාජගිරියේ ඉගෙනගන්නා ළමයි. ඉතිං එයාලත් එක්ක අපි බීච් එක අතුගාලා කුනු ගොඩවල් වශයෙන් එකතු කලා. මේ ශ්‍රමදානය කරන්නේ කාක දූපත සුරැකීමේ සංවිධානය කියලා එකකින්. ඒකෙ අය සෑම පෝය දිනකම මේක කරනවා. ඒ සංවිධානයෙත් මුස්ලිම් දෙමල සිංහල තුන් ජාතියේම අය ඉන්නවා ඒ අය බොහොම සමගියෙන් සහයෝගෙන් ඒ සංවිධාන කටයුතු කරගෙන ගිහින් තිබුනා.

ශ්‍රමදානේ කෑම බීම
අපේ සෙට් එක කන්න යද්දි පිගන් ඉවරයි. ඒ පාර අපි සැට් එක ලොකු බෝල් එකකට ඉදිආප්පු හොදි සහ කඩල දාගෙන ඒකෙම වටවෙලා කෑවා ඉස්සර ඉස්කෝලේ කාලේ බත් කනවා වගේ. ඒ කෑම බිමත් එක එක්කෙනා බාරගන්නවා . ඒ කියන්ේන අර සංවිධානයේ අය පාන්, ඉදිආප්ප හොදි කඩල ආදිය බාර අරගෙන ඒවා ගෙනත් දෙනවා. ඉන් පස්සේ තවත් කන්ඩායම් කිහිපයක්ම අපි වගේම මේ වැඩේට ශ්‍රම දායකත්වය සැපයුවා. ඒ අයට එන්න විතරයි තියෙන්නේ. අර පිරිස කෑම හදලා දෙනවා. ඉතිං අපිනම ්උදෙන්ම ගිහින් ටිකක් ක්ලීන් කරලා කෑමට ආවා. ඒ එද්දි කන වෙලාවටම ආපු සෙට් එකක් පිගන් අරන් පෝලිමේ උන්නා.

මුහුදු වෙරළ අතුගාලා ඒ කුනු අපි ගොඩවලට ගැහුවා. ඊලගට ඩෝසරයක් සහ මහටැක්ටරයක් ඇවිත් ඒ කුනුනු එකතුකරගෙන යන්න තමයි නියමිත වෙලා තිබුනේ. මමත් කෑම කාලා එන්න ආවා මට හදිසි ගෙදර යෑමක් සෙට් වුන නිසා.

වැඩේ අසාර්ථක කම

පිරිස එකතු වීම, වෙරළ ලස්සනට පිරිසිදු කිරීම වෙරලේ කුනු අයින්  කිරීම හොදයි. ඒත් ඉතිං ඉන් පස්ේස කුනු වලට කල දේ නම් හොද නැහැ. ඒ ගොල්ල කුනු මුලින්ම පිච්චුවා. ඒත් පුච්චන්න අමාරුයි. තෙත නිසා. ඉන් පස්සේ ගොඩ ගහපු කුනු ලොකු ටැක්ටර් වල දාගෙන ගිහින් ඩෝසරෙන් වෙරලේ කෙළවරකම වලක් කපලා කුනු ටික මහා පරිමාණයෙන් වල දැම්මා . මේ කන්ඩායමේ ශ්‍රමදානයට වෙරළ සංරක්ශණ අධිකාරියේ දායකත්වය තියෙනවා. ඒ වගේම නාරා ආයතනය තියෙන්නෙත් ඒ ළගමයි. මම වෙනත් පැත්තකින් ආරංචි කරලා බැලුවාම නාරා ආයතනය කරන්නෙත් මේ වගේ කාක දූඵත කුනු එකතු කරලා වෙරළේම කොනක වලදාන එකලු.

මේ මිශ්‍ර කුනු අතර ගොඩක් තිබුනේ පලාස්ටික් පොලිතින්. අපි කන්ඩායම පොඩියි. අපි ගිහින් මහා ශ්‍රමදානයට අපේ ශ්‍රම දායකත්වය දුන්නා මිස ඒ අය සැලසුම් කරපු විදිය වෙනස් කරගන්න අපිට පුලුවන්කමක් තිබුන් නැහැ.

අපේ අරමුන
ඉතිං අපේ කන්ඩායම පස්සේ කතාකරගත්තා අපි ඔය ප්ලාස්ටික් පොලිතින් ටික හෝ පමණක් වෙන්කරගෙන කුනු ටැක්ටරයකින් වෙරලෙන් පිටතට අදින මාදිලියේ ශ්‍රමදානය්ක කරන්නට ඕන කියලා. ඒක හරියාවිද දන් නැහැ. ඒත් අපි ඒක කරන්න ලොකු උථ්සාහයක් ගන්නවා.

කසල කළමණාකාරනය 


කසල වෙන්කරලා දෙන්න කිව්වට ඇත්තටම නගර සබාව ඒ කසල වෙන්කරලා ගෙනියනවද? ගෙනියන කසල නිසි පරිදි බැහැර කරනවාද කියන එක ලොකු ගැටළුවක්. ඒත් ඒක නගර සබාවට අයිති වැඩක්. අපි පොලිතීන් ප්ලාස්ටික් වෙන් කරලා දුන්නම ඒවා අවසානේ කොහේ යනවාද කියන එක ගැන බලන වගකීමක් අපට තියෙනවා. ඒත් අවම වශයෙන් ප්ලාස්ටික් පොලිතින් සහ දිරන කසල විදියට වෙන් කල කසල වෙන්කරලා අපි නගර සබාවට දුන්නාම වත් ඒ වැඩේ එයාලට බලාගන්න හැකි වෙන්න ඕනා කියලා තමයි අපි හිතන්නේ.

බීච් ක්ලීනප් සහ අනාගතය 


ලස්සන මුහුද කියන්නේ අපිට තියෙන දායාදයක්. ඒක රැකගන්න කොළඹ ඉන්න මිනිස්සු ටිකකට නිවාඩු දවසට වෙරළට එකතු වෙන්න හැකි වීම ලොකු දෙයක්. ඒත් ඒ වගේම කුනු කාක දූඵත වෙරළ තීරයෙන් බැහැරට ගෙනියන්න පුලුවන් නම් හොදයි. එතැනම පුච්චන එකත් හොද දෙයක් නෙමෙයි. කොහොම වුනත් අර පරණ කාලේ වගේ හැමදේම නගර සබාවට සහ බලධාරින්ටම පවරන්නේ නැතිව අපේම පිරිසක් දාපු කුනු අපිම අයින් කරන්න මැදිහත් වෙන එක බොහොම වටිනවා. ඒ වගේම අපි ඉස්සරහට කාක දූපත ක්ලීන්කරන ප්‍රෝගැම් එකක් අටවගන්න අපිට හැකි වුනොත් මගේ බ්ලොග් එක බලන ඔයාලටත් ඒ ගැන අනිවාර්යෙන්ම දැනුවත් කරනවා. ඔයාලටත් හැකියාවක් තිබුනොත් නයනතාරා සහ අපි ටීම් එකේ ක්ලීනප් එකට දායකත්වයක් දෙන්නට හැකියාව ලැබේවි. 


බීච් එක කොච්චර කැතද කියාල මේ පහල වීඩියොවෙනුත් ඔ්‍යාලට බලාගන්න හැකි වේවි. 


















1 comment:

  1. පුද්ගල නිදහස යනු බටහිර කුමන්ත්‍රණයක් ලෙස හඳුන්වන රාජපක්ෂ රෙජීමය සම්බන්ධ අමිල චතුරංගගේ අදහස කුමක්ද?

    ReplyDelete