Thursday, November 1, 2018

අංකල් මලා


දිග කාලයක් ලෙඩ වෙලා ඉදිය මිනිහෙක් මලාට වැඩිය ඊයේ පෙරයිදත් අපිත් එක්ක හොදට කතා බහ කරලා උන්න කෙනෙක් මලාම දුක වැඩියි. අපේ කන්තෝරුව ක්ලින් කල අංකල් මලා. මිනිහා හොද කෙනෙක්වත් නරක කෙනෙක්වත් නෙමෙයි. හරි සරල විදියට මනුස්සයෙක්.
අපේ කන්තෝරුවේ කොරිඩෝවේ අපේ ඔෆිස් ක ඉස්සරහ තමයි මිනිහා ඉන්නේ. කාලයක් අපි පුටුවක් දීල තිබුනා. අවසාන වරට නම් අනෙක් කාමරෙන් පුටුවක් දුන්නා. මීට කලින් මට මතකයි ටිකක් දිග මේසයක් තිබුනා. අංකල්ට කලින් හිටපු ආච්චි අම්මා උන්නේ ඒ මේසේ යට දවසක්. ඒක හරිම මිනිස් කමට නිගා දෙන වැඩක්. මම වහාම පුටුවක් දීල මේක ඔයාගේ පුටුව කවුරුහරි ඉල්ලුවොත් කියන්න කියලත් කිව්වා. ඉන් පස්සේ ඒ කාලේ කොරිඩෝවේ තිබුන හැම බඩුවක්ම අයින් කලා. පස්සේ ඒ ආච්චි අම්මාත් ගියා. ඊලගට ආවේ මේ අංකල්.
මිනිහගේ මරි වැඩ
මිනිහ ඉන්නේ අතුපතු ගාන්න. කන්තෝරු ආවම කොස්සත් අරං කොස්ස වනනවා වනනවා ඒත් අතුගෑවෙන් නෑ. මිනිහ අතුගෑවොත් හරි පිහදෑවොත් හරි තව කෙනෙක්ට කරන්න වැඩ ඉතුරු වෙනවා. ඒත් කුනු බාල්දි අයින් කරන එක සහ මේස පිරිසුදු කරන වැඩ ටික වෙලාවට කරනවා. බුවා එලියේ කොරිඩෝඑකේ හිටියට අපේ කන්තෝරුවට පේනවා පොර ඉන්න විදිය. මොකද අ පිට තියෙන්නේ විදුරු දොරවල්. දවසක් දෙකක් පේනවා මිනිහා ඇදුන් මාරු කරනවා හවසට මේ අපි ඔෆිස් එකේ ඉද්දි හවස 4ට විතර. අපේ ඔෆිස් එකේ මිස් කෙනෙකුත් ඉන්නවා. ඒ නිසා අපේ කන්තෝරුවේ මහත්මයෙක් ඒ ඇදුන් මාරුව ඔතනදි කරන්න එපා කියාල කිව්වා.
ඒ වගේම පොර විනෝදයට ලැදි මිනිහා. පොකට් රේඩි එකක් වගේ පොඩි ෆෝන් එකක් අරං ඇවිත් ඕකෙන් සින්දු දානවා මහ සද්දෙට. අපේ ඔෆිස් එක සිල් නැති නිසා සහ දොර ඇරිය ගමන් මහ සද්දයක් එන නිසා අපිට ඒකත් නවත්වන්න උනා. ඒත් ඒ කිසිම වෙලාවක මිනිහා ඒ ගැන ලොකු විරෝදය්ක දැක්කුවේ නැහැ. ඒ වගේම වැඩ ඇරිලා යන වෙලාවට හොදට නාලා පිරිසිදු වෙල ඇදුමක් දාගෙන තමයි යන්නේ. එයාගේ යාලුවා වෙන ආන්ටියෙක් ඉ්නනවා සුනිතා කියලා. සුනිතා ආන්ටි එක්ක දවසක් කියනාව හොදට යන්න ඕනි නේ..කෝච්චියේ යන මිස්ලා නැත්තං අපි කිට්ටුවට ගන්නේ නැහැ නේ කියලා.
බුද්ධිමත් වැඩ
පොර පත්තර බලන්න දක්සයා. ඉන්න කොරිඩෝරෙට එලිය අඩුයි. ඒ නිසා කොනේ තියෙන ජනේලේ ලගට ගිහින් එලියේ තියෙන එලියෙන් පත්තරේ බලනවා. පත්තරේ ළමයි හොද ලමයි ගැන ගියොත් ඒවා පොටෝ කොපි කරගන්නවා එයාගේ මුනුබුරාලට පේන්න. මුනුබුරාල ඉස්කෝලේ යන්න ණෑලු..හරි මුරන්ඩුයිලු..ඉතිං ශිෂ්‍යත්වේ පාස් වෙච්චි අත පය නැති ලමයි ආදී වීර ලමයි ගැන පත්තර වල තියෙන ඒවා මේ මනුස්සයා පොටෝකොපි කරලා ගෙනියනවා. ගෙනිහින් ඒ ළමයිට පෙන්වනවාලු. මෙන්න බලපං මේ අත පය නැති උනුත් ඉගෙන ගන්නවා තොපිට තමයි බැරි කියලා.
කේලම් කීමේ හැකියාව
කේලම් කියන්නෙ ැත්තටම කියන දෙයක්ද? මම හිතන්නේ කේලම් කියන්නේ කනෛක්ගේ යම් පුරුද්දක්. අපි තව කෙනෙක්ගේ දෙයක් ද්නනවා. සමහර පිරිස් ඉන්නවා එයාලට එහෙම දැනගෙන නිකා ඉන්න බැහැ කතාකරන කොට කියන්නත් ඕනි ඒවා ගැන අනෙක් අයට. ඒ වගේ අනෙක් සෙක්සන් වල මහත්වරු මෙයාට කන්න බොන්න දිපු හැටි සලකපු හැටි ගැන විස්තර මිනිහා අපි එක්ක කියනවා. අල්ලපු ඔෆිස් එකේ සෑර් හොද කෙනා. එයා කෑම එක ගෙනවට පස්සේ පාටියක් සෙට් වෙලා.එ ් සෑර්ගේ කෑම එක මට දුන්නා. ඒ සර් දෙන අතුරුපස අනෙක් ඔෆිස් වල පාටි. මෙයාට කරන්න තියෙන වැඩ. පැවරෙන අමාරු වැඩ. සුපවයිසර්ලා..ආදී ගොඩක් දේවල් මිනිහා කියනවා.
නන්ස්ටප් කච කචේ
මම නම් පොරව වැඩිය ගනන් ගන්නේ නැති ලයින් එකෙන් ඉන්නේ. මොකද කට අවුස්සගත්තාම නවත්වන්නේ නැහැ. එක අතකින් එලියට වෙලා කොරිඩෝ එකේ පුටුවක වාඩිවෙල ඉන්න මනුස්සයට කතා කරන්න ගොඩක් දේ තියෙනවා. එයාට කතා කරන්න කෙනෙක් නැහැ නේ. ඉතිං හම්බෙන ාකරුහරි එක්ක කතා කරන්න උත්සාහ කරනවා.
විහිලු තහලු
අනෙක් ක්ලීනර්ස්ලා එක්ක බැලුවම අපේ අංකල්ගේ වැඩ ගැන ගැටලු තිබුන්ත මිනිහගේ ජීවත් වෙන රටාව ගැන නම් පැහැදීමක් තිබුනා. මිනිහා පත්තර බලනවා. රේඩියෝ අහනවා විනෝදෙන් ඉන්නවා. වැඩක් කිව්වත් පැනලා කරනවා. ඉතිං මේ මනුස්සයා අනෙක් සහෝදර ක්ළීන් අයටත් මොනා හරි කිය කිය හරිම විනෝදෙන් ඉන්නේ. මේක නිසාම අපේ ෆ්ලෝ එකේ කට්ටිය පොර ගැන දන්නවා.
විස්තර
පුතාල දෙන්නයි. එක පුතෙක් රට. ගෙදර තියෙන්නෙ අපේ ඔෆිස්එ කේ ඉදලා කෝච්චියේ පැයක දුර. පාන්දර පහමාරට තමයි ගෙදරින් එන්නෙ. මොකද ක්ලීන් කරන අය උදෙන් ඔන්න ඕනා. මේ මනුස්සයාට කෝච්චි සීසන් එක අවසාන සීසන් වැඩිවීමෙන් රුපියල් 480ක් වැඩිවුනා. ඒක ටිකක් දරාගන්න අමාරු වැඩිවීමක් එයාට. මොකද මෙයාට දවසකට ලැබෙන්නේ රුපියල් 600ක් විතරයි.එ කත් එන්න බැරිවුනොත් ලැබෙන් නැහැ. මේ පුද්ගලයා විතරක් අපේ තට්ටුවේ අවුරුදු 4ක් ඉන්න ඇති. ඒත් හම්බුනු මුලු ගාන අපේ කන්තොරුවල ඉන්න ලොකු මහත්තයෙක් මාසෙකට කොම්පනියෙන් ගන්නගාට වඩා අඩු ඇති.
මේ ලියන මම නිකං ඉදියේ නැහැ. මට පුලුවන් විදියට මම මේ අයට ැවඩිපුර ගෙවන්න ඕනි කියලත් හොද රෙස්ට් රූම් හදාදෙන්න ඕනි කියලත් ලොකු තැන්වලට ලි්වවා. ඒ ලිව්වේ මම ඒ රිස්ක් එක අරගෙන. ඒ ලියුම් ලැබුනාක ියල මට දන්නලා තිබුනා. ඒත් හොද නිල ඇදුම් උපකරණ, එක්ක හොද රෙස්ට් රූම් ආදිය මේ අයට ලැබුනේ නැහැ. එ වගේම මේ පිරිසිදු කරන මහ්තවරුන්ට ලැබෙන රු 600 කාලෙකින් වැඩි වුනෙත් නැැහ. මිනිස්සු ජිව්ත් වෙනාව මැරෙනවා. අපේ අංකල් බුවා ආතල් ඩයල් එක. අවුරුද්ද අවසානේ මොන අවුල් තිබ්බත් මමයි අපේ ඔෆිස් එකේ අයයි එකතු වෙලා පොරට කියක් හරි දෙනවා. ඒත් මට ඒ දෙන ගාන මදි වගේ කියලත් හිතුනා දෙතුන් වතාවක්.
මැරුන හැටි
මිනිහා එක දවසක් ආවේ නැතුවාම එයාගේ යහලු ගැහැනියක් ඇවිත් කුනු බාල්දි ටික අස් කරගෙන යනවා. ඒ ආපු ගෑනු කෙනා කිව්වා කොළඹ ඉස්පිරිතාලෙට ගෙනත් කියලා. මට මිනිහාව බලන්න යන්න තිබුනා. ඒත් මොකක් හරි උද්දච්ච කමක් නිසා මට යන්න හිතුනේ නැහැ. ඇරත් මම ගියානම් පොර හොද වෙලා ආවම මුලු ෆ්ලෝ එකම ගිනි තියෙනවා. තියලා හැමෝටම කියනාව ආන්න අර මහත්තයා මම බලන්න ආවා කියලා. ඒත් මිනිහගේ කරුමෙට පොර හාට් ඇටෑක් එකෙන් මලා. ඇත්තටම මෙඩිකල් ඉන්සුවරන්ස් මොකුත්ම නැති දවස් පඩි කාරයා ලෙඩ වුනාම කරන්නෙ පොලියට ණයක් ගන්න එන ගිනි පොලියට. මට ගිහින් රුපියල් දාහක් දෙදාහක් වත් දෙන්න තිබුන නම් හොදයි.
අපි අදුරන්නේ මල මිනිහ විතරයි. ඉතිං මලගෙදර ගිහින් වැලපිලා ආවට වැඩක්යැ. ඒ නිසා ගියේ නැහැ. කවදහරි පිං අතේ වැඩක් කරන්න ලැබුනොත් මිනිහාව්ත සිහිකරගෙන ඒක කරනවා. මම ආගම විස්වාස කරන් නැහැ. ඒත් අදාල කෙනා ඒක විස්වාස කරා නම් ඒ අපි ෆේක් විදියට කරන පිනුත් යනවැති .කියාල මට හිතෙනවා.
අපේ සත්ව කරුණාව
පංසල් වල පිංබත් ගිල ගිල ඉන්න ඝනයෝ ගත්තොත් ඒ කට්ටියට දන් දුන්නම පිං සිද්ද වෙනවා. ඉතින් මිනිස්සු පින් බලාපොරොත්තුව අර ඝනයොන්ට කොස්් හතර පහකට බත් ගිල්ලවනවා. පාරෙයන බල්ලෝ හැමෝම නැතත් ටිකක් හරි ඔටාරා බලා ගන්නවා. කැලේ ඉන්න අලියෙක් හැප්පුනාම අපි පේස්බුක් එකේ ඌ ගැන කවි ලියනවා. ඔව්..මේ පිරිසිදු කරන මහත්මයා වගේ අය ගැනත් අපි කවි ලියනවා පොටෝ ගහනවා..ඇත්තටම මම ලාවට වගේ කුලී ලියන්නෙක් වුනත් මේ වගේ දෙයක් ලියලා කියක් හරි හම්බකරගන්න මට නිකං මොකද්ද වගේ අවුලක් එනවා. එත් හැමෝටම එහම නැහැ.
මේ අපේ මල අංකල් විතරක්නෙමෙයි . ඒ විදියේ පිරිසිදු කරන වැඩ වල ඉන්න මිනිස්සු ගෑනු ගොඩක් ඉන්නවා. පහුගිය වැහි දවසක පාර අතුගාන පිරිසක් පඩි පෙලක් උඩ වාඩිවෙලා.තැඹිලිපාට ඇදුම් සමහර අයගේ තෙමිලා. කොන්ඩගස් තෙමිලා ඇලිලා .  ඒ මිනිස්සු ගෙදරින් හදාගෙන ආපු නූඩ්ල්ස් ටිකක් බත් ටිකක් කන්න වාඩිවෙන්නේ තෙත පඩි උඩ. සමහර අයගේ ඇග තෙත ටී සර්ට් එකෙන් වැහිලා. ගස් හෙවනක් යට ඒ කෑම කද්දි ගහ උඩ කුරුල්ලෙක් හරි ඉදලා ජරා කලොත් කෑම කාල හමාරයි. ඒවා හැදෙන්න ඕනා. ඒ අයට කෑම කන්න තැනක් දීලා වෙලාවක් වෙන් කරලා පුලුවන් නම් අඩුගානේ පෝශදායි කෑම වේලක් හරි දෙන්න වටිනවා. ඒත් ඒවා ව්‍යවස්තා වල නැහැ.. චක්‍රෙල්ඛ වල නැහැ. ඒ නිසා ඒම දෙන්නත් බැහැ කියලා කියාවි නිළධාරින්ගෙන් ඇහුවොත්.
දීමේ අච්චර මෙච්චර දෙයක් තියෙනවා. දීමෙන් එලොවට මෙච්චර දේවල් හම්බෙනෝ කියලා අපි නිතර දෙවේලේ අහනවා. ඒත් මේ පිරිසිදු කරන පිරිසට අපි වගේ සමාජයේ යම් තාක් දුරට හරි උසස් මිනිස්සු මොනවද දීල තියෙන්නේ. මොකුත් නැහැ. රජයක් පත්වුනා හෝ ජනාදිපතියෙක් ආවා හෝ කොම්පැනියට බොසෙක් ආවා හෝ අපි ඔක්කෝම බලන්නේ අපේ බඩේ පාර ගැන. මේ වගේ අනෙක් මිනිස්සු. අනික් දුක්පත් මිනිස්සු. අසරණ පිරිසිදු කරන මිනිස්සු ගැන හිතන්න පුලුවන් මිනිස්සු ගොඩාක් ඉ්නනවා නම් හොදයි නේද? .අර දියුනු රටවල වගේ අපි බොන බාර් එකෙන් හැන්දෑවට අරක්කු ඩිංගක් බොන්න තරම් මේ මේ මිනිස්සු උසස් තත්වෙකට එනවා නම් ආන්න ඒකයි වටින්නේ. රු 600 කියන්නේ ඇත්තටම මට නම් හැන්දෑවට අරක්කු ඩිංගක් වෙරි වෙන්න බයිට් එක්ක බොන්න්ත් බැරි ගානක්.

6 comments:

  1. Machang, Good article (honest writing) However you said you only know the dead person and no point going to the funeral, you could have gone and give the family some Rs (whatever you could afford). I grew up in a village, we go to funerals to honer the dead person, do not have to know anyone else. The thing about monks in temples, not all monks are same, some do valuable work (for Buddhists)

    ReplyDelete
  2. මල්ලි, අංකල්ලත් එකක් සමලිංගික සේවනයේ නිරත වෙන්න ආසද?

    ReplyDelete