Sunday, November 4, 2018

මිහිපිට දෙවිවරුන් ගේ අතින් සුරැකෙන ප්‍රීතිපුර දරුවෝ

අද මම ගියා ප්‍රීතිපුර. මීට කලින් ලංකාව වටේ යද්දි අපි ප්‍රීතිපුර හමු උනා. ඊට පස්සේම මේ පැත්තේ ආවේ අද තමයි. මම මුලින්ම ගිහින් තිබුනේ ප්‍රීතිපුර වැඩිහිටි විශේෂ අවශ්‍යතා නිවහනට. ඒත් අපිට නියමිත වැඩසටහන තිබුනේ ප්‍රීතිපුර ළමා නිවාසේ. ප්‍රීතිපුර ළමා නිවාසේ ඉන්නේ විශේෂ අවශ්‍යතා සහිත දරුවෝ. ඔවුන් ගැන බලනවාටත් වඩා ඔවුන්ව බලාගන්නා අය එක්ක කතා බහ කරලා සින්දු කියලා නටලා විනෝද වෙන්නයි අපිට ඕනා වුනේ.


මැජික් බලන්නට ආ දෙමව්පියෝ

අපි ගිහින් ටිකකින් එතැනට ආවා සාමාන්‍ය දරුවෝ කන්ඩායමක්. අම්මලා එක්ක තමයි ඒ දරුවෝ ආවේ. එයාල එද්දි පොඩිම ළමයි ඉන්න නිවහනේ පාලිකාව ඒ නිවහනේ දොරවල් වැහුවා. පස්සේ තමයි වැඩේ තේරුනේ. තමුන්ගේ දරුවන්ට මේ විශෙහ්ෂ අවශ්‍යතා සහිත දරුවන් පෙන්වීමට අම්මලා බොහෝම කැමතියිලු. ඉන් පස්සේ තමුන්ගේ දරුවනට තරවටු කරන්න උඹලට ඔච්චර දේවල් තිබිලත් කෝ හරක් වගේ නේ වැඩ කරන්නේ කියලා බනින්න හොද අවකාශයක් හදාගන්න ඒ එන දෙමාපියන්ට හැකියාව ලැබෙනවා. කොහොම නමුත් ඒ වැඩේට එතැන හිටපු පාලිකාව ඉඩ දුන්නේ නැහැ. එයාලව වැඩිවෙලා තියාගන්නේ නැතිව යවන්න ඇයට හැකි වුනා. ළමුන් දෙදෙනකු සන්සන්දනය කිරීම කිසිසේත්මඒ ළමුන් දෙදෙනාටම හොද නැහැ. මේ ගැන කතාකරන්න ගියොත් අපිට සමහර විට වචන දහස් ගානක් කියන්න පුලුවනි.

ලංකාව වගේ රටකදි දෙමාපියන් විසින් සපයන අධ්‍යාපනික ඉලක්ක වෙත දරුවා බලෙන් දැක්කීම තමයි සිද්ද වෙන්නේ. එතැනදී හොද හෝ නරක මොනම ක්‍රමේකින් හරි එක්සැම් වලින් දරුවන් පන්නවන්න දෙමාපියන් ක්‍රියාකරනවා. මේ ක්‍රමය වෙනස් කරන්න මුලින් සමාජයෙන් මේ ගැන කතිකාවත් එන්න ඔනා. එහෙත් තවමත් නගරබද ගම්බද ගොඩාක් දෙමාපියන් තමුන්ගේ දරුවන් බලෙන් දැක්කවීම ජයටම කරනවා විතරක් නෙමෙයි සමස්ථ ජීවිතේ විමුක්තියම එක්සෑම් මත රදාපවතිනවා කියලා දරුවන්ට කියනවා. ඉතිං ඒ ආකල්පය වෙනස් කරගන්න කල් අපිට යුරෝප් රටවල වගේ දරුවාට විවෘතව හිතන්න ඉඩදෙන අධ්‍යාපනයක් දකින්නට බැරිවේවි.



අලුත් අය අඩු වීම

ළමයි හැටක් වගේ ඉන්න තැන සෑම සියලු දේටම ඉන්නේ කාර්යමණ්ඩලය 15-20ක් වගේ ප්‍රමාණයක්. මේක බොහොම අඩු ගනනක්. එතැන පිරිසිදු කරන්න, කෑම උයන්න ළමුන්ට සලකන්න ඕක්කොම කරන්න ඕනා ඒ කට්ටියම තමයි. අපි දන්නවා සාමාන්‍යයෙන් ට්වින්ස්ලා ඉන්න පවුලක් දැක්කාම අපිට ඒ දෙමාපියෝ ගැන දුක හිතෙනවා. මොකද අපිට ක ළමේක් බලාගන්න බැරුව ඒ ගොල්ල දෙන්නෙක් බලනවා. ඒත් මෙතැනදි දරුවෝ 3-4කට කවන්නේ, නාවන්නේ, වතුර පොවන්නේ, කිරි පොවන්ේන, ඔවුන්ගේ වැසිකිලි අවශ්‍යතා බලන්නේ, ඔවුන්ගේ අද්‍යාපනික වැඩ බලන්නේ එක්කෙනෙක් විතරයි. ඉන්න අයගෙනුත් කිහිප දෙනෙක්ම විශේෂ අවශ්‍යතා තියෙන යමක් කමක් වැටහෙන අය. ඒ අයත් ඔවුන්ට හැකි පමණ ඔවුන් වැනිම පිරිසක් බොහොම හොදින් රැකබලාගන්නවා.

පිිරිමි නැති නිවහන

ඉතිං මේ නිවහනේ පාලිකාව වගේම ඉන්න අයත් ගොඩක් අය ගැහැනු. පිරිමි විදියට ඉන්න පිරිස විශේෂ අවශ්‍යතා තියෙන උදවිය. සමහර විට පරිපාලන කටයුතු වලදි පිරිමි අය ඇති. ඒත් බොහෝ කැපී පෙනන රාජකාරි කරන්නේ ගැහැනු අය. මේ වගේ තැන්වල ලැබෙන අඩු වැටුප එක්ක පිරිමි අය සේවයට එන්නේ නැතුවත් ඇති.

අංකල් ගේ කතාව

මම ගියාට පස්සේ එක අංකල් කෙනෙක් ටිකක් ෆිට් වුනා. ඔහුගෙන් විස්තර අහගෙන යද්දි ඒ අංකලුත් යම් පමණක විශේෂ අවශ්‍යතා තිබුන එහෙත් දැන් බොහේම දුරට සුවපත් වුන අයෙක්. ඉතිං මේ අංකල් තමයි මේ නිවහනේ කෙනෙක් ලෙඩ උනොත් එයාව ඉස්පිරිතාලේ අරං යන්නේ සහ සාත්තු කරන්නේ. මේ සාත්තු කරන කොට ඉස්පිරිතාලෙන් ලෙඩාට කෑම බීම ලැබෙනවා. ඉතින් මේ සහායට යන කෙනාට කෑම බීම කොහොමද කියලා මම ඇහුවා. ගොඩක් වෙලාවට ඒ ඉස්පිරිතාලෙන්ම කෑම ලැබෙනවා කියලා කිව්වා. පහුගිය දවසක එහෙම ගියාම වාට්ටුවේ නර්ස් නෝනලා වගයක් එයාගෙන් ඇහුවාලු කෑම කොහමොද කියලා. ඉන් පස්සේ වාට්ටුවේ නෝනලා ටික මෙයාට රස කෑම එකක් ගෙනත් දීලා. අංකල්ගේ අදහස උනේ අපරාදේ එහෙම කෑම එකක් එයාට ඕනි නැහැ කියලා. කොහොම වුනත් රාගම ඉස්පිරිතාලේ විශේෂ අවශ්‍යතා තියෙන අයත් එක්කම නිදාගෙන කාගෙන බීගෙන තමුනගේ වැඩටික කරගෙන සාත්තු කරගෙන ඉන්න මේ අංකල් කරන සේවය පොඩි නැහැ.

මරණ සම්බන්ධ කතාව

මේ නිවහනට ළමයි එන ක්‍රම කීපයක් තියෙනවා. බොහෝ අවස්ථාවලදී දුප්පත් දෙමාපියන් මේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ඉස්පිරිතාල වලම දාලා යනවා. එහෙම නැතිනම් මේ දරුවන් තැන තැන දාලා යනවා. අවසානේ අම්මලා තාත්තලා කවුද කියලා නොදන්න දරුවෝ පිරිසක් තමයි මේ නිවහනේ ඉන්නේ. ඒ අයට සෙමෙන් වැඩෙන කට්ටිය නිසා එයාලට අම්මලා තාත්තලා ගැන ලොකු මතකයක් නැහැ. වේගෙන් වැඩුනත් ඉතින් අවුරුදු පහක් හයක් වුනත් දෙමාපියන් ගැන හරි විස්තරයක් කියන්න දරුවෝ දන්නෙ නැැහනේ..

මේ දරුවෝ කලාතුරකින් නැතිවෙනවා. සමහර අයට උපතින්ම මොලයේ සහ ස්නායු ආබාධ වගේම දරුනු ශාරිරික ආබාධත් තියෙනවා. ඉතින් ඒ අය ගෙනාපු ආයුෂ ඉවර වුනාම නවත්වන්න මේ නවාතැනේ අම්මාවරුන්ට බැහැ. ඔවුන් ජීවිතෙන් සමුගත්තාම මේ නිවහනේ අයට එතැන ලොකු ගැටළුවක්. මොකද මරණ සහතිකයක් ගන්න මරණය නිසි පරිදි අවසාන කරන්න අධිකරණයටත් යන්නට වෙන අවස්ථා තියෙනවා. ඒතැන් වලදි දෙමාපියන් නොමැතිව ඒ මරණ කටයුතු හසුරුවාගන්න ලොකු අපහසුතා එනවාලු. එතැනදි අධිකරණය අහනවා කියන්නේ ළමයින්ගේ නියම දෙමාපියන් කවුද කියලා. එහෙම දෙමාපියන් නොමැති වීම නිසා පොලිසි ගානේ උසාවි ගානේ රස්තියාදු වෙන්නත් සිද්ද වෙන බවත් සමහර අවස්තාවල ඒ ළමුන්ගේ මරණ සති ගනන් මෝචරි වල තියාගන්න වෙන බවත් ඒ එක් වැඩකරන අම්මා කෙනෙක් කිව්වා.

මොකද කට්ටිය අඩු

මේ වගෙ තැන් වලදි ස්ටාෆ් වල වැඩකරන අයට ලැබෙන්නේ තරමක් අඩු වැටුපක්. වැඩියෙන් ගෙවන්න වැඩි වැඩියෙන් ලැබන්නට ඕනි. අනික සේවාවක් විදියට එක තැනක පඩි වැඩිකලොත් ඒක ළමා නිවාස මෙ ්වගේ නිවාස හැම එකකටම බලපාන දෙයක් වෙන්නත් ඇති. ඉතිං මේ වැටුපට කරන්න තියෙන වැඩකටයුතු බොහෝම වැඩියි. ඉතිං කට්ටිය එන්නේ නැතුව ඇති.

හැරත් ඒ වැඩකරන අය කියපු විදියට ඇතම් වෙලාවට පිරිස් පැමිණියත් තියන වැඩ රාජකාරි නිසා දාල යනවාලු. ඉන්නේ නැතිව. ඔවුන්ට අනුව කැමැත්තෙන් ආවා වුනත් දරුවන්ගේකැත කුනු ඉවත් කරලා දරුවන් හතර පහක් එක්ක කරන්න වෙන මේ මහා ක්‍රියාදාමය කරන්න කට්ටිය කැමති නැහැ. ඉතිං එනවා වගේම යනවා. ඉතිරි වෙන්නේ හැමදාම වැඩකරන අය ටිකක් විතරයි.

විනෝදාංශ

මේ දරුවෝ එක්ක වැඩකරන කොට මේ අයට ඒක දැඩි වෙහෙසක්. විදේශික කාන්තාවක් කියන විදියට මේ දරුවන් ඇතැමෙක් විශාලයි. ඔවුන් එසවිම පෙරළිම් කැවීම වැසිකිලි දේ අරන් දැමීම නෑවීම වැනි දේ කියන්නේ බොහොම තද ක්‍රියාකාරකම් මේවා එක්ක දවසම ගත කරන මේ සේවකයින් මොනවද විනෝදය විදියට කරන්නේ කියලා අපි පස්සේ ඇහුවා.

ගොඩක් අය ප්‍රේම දඩයම, මේ ආදරයයි බලනවා. එක ගෑනු ලමයෙක් ඉදියා එයා ටිකක් ලොකුයි. එයා හෙම ෆිල්ම් එහෙමත් බලනවා. කොටින්ම එයාට ෆ්රෝසන් කාටුන් ෆිල්ම් එකේ සින්දුව සම්පූර්ණයෙන්ම මතකයි. අපි සින්දු කියන නටන වෙලාවේ ඒ ළමයා ොබහොම සක්‍රියව වැඩේට දායක වෙලා නටන්න සින්දු කියන්නට වුනා.

ළමයි සහ ස්ටාෆ් එක

අප ිගිහින් දානයක් දීලා හෝ යම් උපකාරයක් කරලා එද්දි අපි දකින්නේ දරුවෝ.ඒත් මේ දරුවන් එක්ක දවසක් දෙකක් නෙමෙයි අවුරුදු ගානක් තිස්සේ මහන්සිවෙන අම්මලා ටික අපි දකින්නේ අඩුවෙන්. ඒ වගේම තමුන් පොඩි කාලේ ගතකරපු තමුන්ට පිහිට වෙච්චි මේ සේවාවන් වෙනුවෙන් විශේෂ අවශ්‍යතා තිබිලා දැන් සෑහෙන හොදින් ඉන්න අයත් ලොකුවටම දායක වෙනවා. ඉතිං මේ මම ගිය වැඩසටහන තිබුනේම එයාල සදහා. අපි උදේ එයාලගේ විස්තර අදිය කතා කලා. එයාලගේ පස්නගැන කතා කලා. ඇත්තටම අපිට ඒ පස්න විසදන්න බැරුව ඇති.ඒත් අපි ඒ ගැන කතා කල එකත් ලොකු දෙයක් නෙ..

දවල් බොහොම රසවත් කෑම වේලක් එයාලට විශේෂයෙන්ම සකස් කරලා ඇනුවුම් කරලා තිබුනා. ඒ වගේම සවස් කාලේ අපි ගීත කියන්න සහ නටන්න යොදාගත්තා. මෙතැනදි කට්ටිය ගීථ කිව්වා සහ හොදට නැටුවා.


පිටරට කට්ටිය

පිටරට ඉදන් පිසියොතෙරපි කරන්න දෙන්නෙක් ඇවිත් හිටියා ඒ ගෑනු ලමයි දෙන්නා ඔස්ට්‍රියන්. තව ඒ වැඩ වලට සහාය වෙන්න ඇමරිකානු ගැහැනු ලමයෙක් ඇවත් හිටියා. එයා ඇවිල්ලා ලස්සනට සින්දු කිව්වා. ඉන් පස්සේ නෙදර්ලන්ත ගැහැනියකුත් උන්නා. 4 දෙනාම ලස්සනයි යම් තරමකට. ඇමරිකන් ගෑනු ලමයා නම් ඇත්තටම හැඩයි. කොහොම උනත් එයාල මේ නිවාසය වෙනුවෙන් කැපවෙලා මේකට දායකත්වය දෙනවා. ඒ ගොල්ලා ඒ රටේ ඉදලා ගුවනින් ඇවිත්, වීසා අරන් තමුන්ගේ දාඩිය මහන්සියෙන් හම්බකල මිල මුදල් වියදම් කරලා ලොකු කැපකිරිමක් ලංකාවේ මේ අය වෙනුවෙන් කරනවා. ඇත්තටම අපි වෙනත් රටකට ගිහින් එහෙම සත්කාර කරන්න තියා ලංකාවේ තියෙන මෙම නිවාසෙක සතියක් වැඩට යන්නවත් හිතන්නේ නැහැ. ට්‍රෙන්ඩ් එකක් විදියට අඩුගානේ වීකෙන්ඩ් එක වත් මේම තැනක ගතකරලා ඒ වැඩවලට උදව් වෙන්න පුුලවන් නම් ඒක ලොකු දෙයක්.

දායකත්වය

මේ තැනට ලැබෙන දාන මාන වල අඩුපාඩුවක් නැහැ. ඒත් වැඩකරන අයට පඩි නඩි ගෙවන්න සහ නඩත්තු කටයුතු වලට ලොකු මුදලක් යනවා. හිතන්න මේ අයගේ රෙදි පෙරදි හෝද ගැනීම. ඒවා පවා කලට වෙලාවට කරන්න කොච්චර නම් ලයිට් බිලක් වතුර බිලක් යනවද? ඉතින් මේවා නඩත්තු වෙන්නේ අපි අතරම ඉන්න සමහර විට තමුනේග් නම ගමවත් කියන්න අකමැති නියම දානපතියන්ගේ මිල මුදල් වලින්. කාර්යමණ්ඩලයට වැටුප් ගෙවන්න සහ ඉතිරි වැඩවලට මේ අවරුද්දට නම් සල්ලි ඇති කිව්වා. ඒත් අවුරුද පනස් ගානක් තිස්සේ පැවැත්වෙන මේ ආයතනය තවදුරටත් තියා ගන්න නම් ඉදිරියටත් ආධාර උපකාර ඕනා වෙනවා.

අපිටත් බැරිද මොනාහරි කරන්න

මම අද ගිය අයි අයි ටී එකේ ළමයින්ගේ ප්‍රෝගැම් එක ඇවිල්ලා බොහොම සරල එකක්. එයාල කලේ වැඩකරන අයව සතුටු කරන්න සහ ඔවුන්ගේ පස්න කතාකරන්න තැනක් හදපු එක. ඒ වගේම ඒ වැඩකරන අයව කොටස් වශයෙන් හරි ට්‍රිප් එකක් එක්කරන් යන්න. ඒ පිරිස එක්ක පොඩි පැදුරු පාටියක් සංගීත අවස්තාවක් කරන්න. එයාලට ඩ්‍රාමා දන්න හොද දක්ශයෙන් ගෙනල්ලා ඩ්‍රාමා වැඩමුලුවක් කරන්න. ඒ වගේම මහන්න කියන්න දන්න අයත් කිහිප දෙනෙක් හිටියා ඒ අයට ඒ හැකියාවන් දියුනු කරගන්න ඉඩ දෙන්න හැකියාව අපිටත් තියෙනවා.

ඒ වගේම සතපහක් නැතුව වේලි වේලි ඉන්න කෙනෙක් ට උණත් සති අන්තයක හරි ගිහින් ඒ අයට උදව් පදව් වෙන්න හැකිනම් ඒකත් ලොකු දායකත්වයක් වෙනවා. මේ විශේෂ අවශ්‍යතා තිබෙන දරුවන් කියන්නෙත් අපි වගේම මේ ලෝකේ ජීවත්වෙන ගෞරවණීය පිරිසක්. ඉතිං මේ තැන්වලට ගිහින් ඒ අයව හෑල්ලු කරලා කතාබහ කරන්න සහ සත්තු වත්තට ගියා වගේ පොටෝ ගහන්නත් හොද නැහැ.


මගේ පෝස්ට් එක ඇතුලෙත් අවස්තා දෙකතුනකදි මම ඒ අය ගැන පොඩ්ඩක් ඕනාවට වඩා කියලා ඇති. ඒත් අපිට ඒ තැන ගැන ඒ අය ගැන කතාකරන්න ඒ තොරතරු ඕනා වෙනවා. ඒ නිසා තමයි එයාලා ගැන කියන්න වෙන්නේ.

මේ තැන ඉන්න ඔක්කෝම දරුවෝ ලාංකිකයෝ. ඒ වුනාට මේ ස්ථානයේ තිබුන ගොඩනැගිලි ඔක්කෝම වගේ විදේශ වලින් ලැබුන ඒවා. ඒ වගේම පහසුකම් වලටත් රට ඉන්න උදවිය ගොඩක් දායක වෙලා තිබුනා. ඉතිං දේශ දේශාන්තර එහා ඉන්න දරුවන්ටත් ඒ රට ඉන්න මනුස්සයින්ගේ කරුණාව සෙනෙහස පහල වෙනවා. මිනිසුන්ගේ කරුණාව කියන්නේ කිසිම ජාතියක් ආගමක් කුලයක් පදනම් නොවී සියලු ජාතින්ටම පිහිටවිය යුතු සංකල්පයක් නම් ඒ රට ඉදන් අපේ රටේ මේ ළමා නිවාස වලට උදව් කල පිරිස මහා උතුම් පිරිසක්. අපේ ඇත්තනුත් මෙතන දාන මාන සහ වැඩකටයුතු වෙනුවෙන් දායක වෙලා තියෙනවා. ඒත් අපිට තවත් දායක වෙන්න හැකියාව තියෙනවා. 


6 comments:

  1. ඔවුන් දෙවිවරු වෙති.

    ReplyDelete
  2. අගේ ඇති වැඩක්.
    ළමා නිවාසෙකට ගියාම ඒකෙ ඉන්න ළමයි ගැන බලනව මිසක් ඒ ළමයි බලාගන්න මිනිස්සු ගැන බලන්න කවුරුවත් මෙතෙක් කලක් උත්සාහ කරල නැතුව ඇති.

    ReplyDelete
  3. ගර්භනී කාලය තුලම මේ වගේ ළමයි හදුනා ගැනීමේ හැකියාවක් දැන් වෛද්‍ය විද්‍යාවට තියෙනවා. අදාල කළලය දරා සිටින කාන්තාව කැමති නම් එවැනි කළල විනාශ කරදැමීම කල යුතුයි.

    ReplyDelete
  4. අදෘෂ්‍යමාන බලවේගයක් මට පුකේ ඇරලා ගියා. මල්ලිට කවුරුත් පුකේ ඇරලා නැද්ද?

    ReplyDelete
  5. අමිලගේ සටහන කියෙව්වේ දැන්.
    මේ ස්ථානවලට රජයෙන් නඩත්තු වෙන්නේ නැද්ද?
    වොලන්ටියස්ලාගේ ආධාරවලින් විතරද නඩත්තු වෙන්නේ?
    මෙහෙමත් එකක් තියෙනවා අමිල සමහර අය ආධරා ගන්නම තමන්ට මුදල් ලැබෙන්නේ නෑ කියනවා. මම දැන් දැන් ලංකාවේ දේවල් ගැන යම් කියවීමක ඉන්නවා. ඒත් ඒක ඇත්තටම උදව් අවශ්‍ය තැනක් නම් මාත් අමිලත් එක්ක හිටගන්නම්.

    ReplyDelete