Wednesday, October 31, 2018

අවාරේ සිරිපාදේ

I am Saman I am From Sri Lanka. කියන්නේ අපි හැමෝටම හුරුපුරුදු වාක්‍යයක්. ඒක කිව්වාම සුද්දෙක් සමන්ගෙන් මේම අහනවා. Oh No I heard about Saman at Adams Peak. සුද්දා ඉදලා තියෙන්නේ මේ ඇවිල්ලා සිරිපා අඩවියේ නමන් කියලා. ඒත් අවසානේ සමන් I am not That Saman. I am a boy who .. කියලා සමන් ජාම බේරාගත්තා. ඇත්තටම සමන් කියන්නේ දෙවියෙක්. එයා දක්සයෙක්. එයා බලාගන්නේ සිරිපාදේ. සිරිපාදෙ තියෙනනේ සමනල අඩවියේ.

අපි ගිය පාර
අපි ගියේ මරේ වත්ත හරහා තියන සිරිපා පාරේ අපි ගමන පිටත් වුනේ 2018 ඔක්තොම්බර් මස 27 වැනිදා පාන්දර. හරියටම කිව්වොත් දේදුනු විප්ලවයෙන් මහින්ද රාජපක්ශ මහතා මෛත්‍රී පාල මහතා ඉදිරියේ අගමැති ලෙස දිවුරුම් දිලා ඊට පසු වෙනිදා. අපේ තුවාන් යාලුවා කලින් කතාකරගනිපු විදියට රෑ 1ට පිටත්වෙන නුවරඑළිය බස් එකක ගිනිගත්හේටනට ටිකට් අරන් තිබුනා.
අපි යන්න තියෙන්නේ මරේ වත්තට. මරේ වත්ත කියන්නේ නල්ලතන්නිය ආසන්නයේම තියෙන වත්තක්. මේ මරේ වත්තට යන්න බස් තියෙනවා මස්කෙළියේ ඉදලා. ඉතිං අපිට කොළඹ සිට මස්කෙලි යන්න ක්‍රම දෙකක් තියේ. එකක් හැටන් වලට ගිහින්. අනෙක ගිණිගත්හේනේන් කෙලින්ම නෝටන් පාලම හරහා මස්කෙළිය. එයින් හැටන් ගිහින් මස්කෙළිය යන පාර බ්ලොක් වෙලා. කොළඹ සිට හැටන් හරහා මස් කෙළිය දක්වා යන රෑ 11 ලංගම බස් රිය හැටන් දක්වා පමණක් යන බවක් තමයි අපිට ආරංචි වුනේ. පාරට පස් කන්දක් කඩන් වැටිලා බ්ලොක් වෙලා කියලා තමයි ආරිංචිය ගියේ.

අපි පාන්දරම රෑ 1ට ගොඩවෙලා මෙන්න බොලේ රෑ 4ටත් කලින් අපි ගිණිගත්හේනේ. ඇත්තටම අපිට උදේ 3.30ට කොටුවෙන් තියෙනඑ කේ ගියත් ඇති. ඒත් ටුකාන්ට  එහෙම බැහැ..ලොකුවට ඕනි නේ..ඒ නිසා පාන්දරම ගිහින් අපිට 7.30 වෙනකල් ගිනිගත්හේනේ ඉන්න වුනා. ගිණිගත්හේන් සිට මස්කෙලියට පලවෙනි බස් එක යන්න තියෙන්නේ 6.30 ට ඒත් ආන්ඩු පෙරලියත් එක්ක ඩිපෝවේ ඒ බස් එක ධාවනය වුනේ නැහැ. ඒ නිසා අපි වෑන් එකක් හෙව්වා කෙලින්ම මරේ යන්න. ඒත් හොයාගන්න බැරිවුනා. ඒ නිසා 7.30 අවිස්සාවේල්ලේ ඉදලා ආපු බස් එකේම මස්කෙළි ගියා. අනේ මේ ආණ්ඩු මාරුවක් නිසා පාන්දරම තියෙන බස් එක නැහැ. ඒ නිසා අපේ බස් එකට සෙනග සූ ගාලා. මිනිස්සු ගොඩායි.

මස්කෙළි සිට මරේ දක්වා
මස්කෙළියෙන් අපි ඕනි කලමනා ආදිය ගත්තා. අපි සැලසුම් කරල  තිබුන විදියට මේ ගමන ඇවිල්ලා එක නයිටක් අම්බලමක ගත වෙන්නේ. ඒ නිසා අපි උදේම මස්කෙලියෙන් හොදට කාලා බීලා ආහක්වෙලා ඕනි කරන අඩුම කුඩුම කෑම ජාති ටිකත් මිලදි ගත්තා. මස්කෙලියෙන් අපිට මාට්ටු උනු ඩෑලෙකක් රාජමලේ හෙවත් මස්කෙළිය සිට මරේ වත්තේ සිරිපා කෙළවරටම යන බස් එකක් සෙට් කරලා දුන්නා අපි 8 දෙනයි. බස් එක 4500ක් ඉල්ලුවා. බොහෝවිට අපිට උදව් කරන්න ආපු ඩෑලෙක පන්සියක් දාහක් ගලවගන්න ඇති. කොහොම වුනත් යාන්තම් ටොක් කරලා ගාන 4000ට බස්සා ගත්තා.
ඔක්කොම ගමන කිලෝමීටර 20-25ක් තියෙන්නේ . බස් එක අර ටාටා බස් වල තියෙන බටු සයිස් බස් එක. මේ කදුකර පාරේ ගමන බොහොම දුෂ්කරයි. මරේ වත්ත ඇතුලේ පාරවල් සමහර තැන් හදලා. ඒත්ගොඩක් තැන්ව දුර්වලයි. ෆිෂින් හට් දක්වාවත් පාර හොද නැහැ. අපි ෆිෂින් හට් යන්නත් ඉදියා. ඒත් කාලවේලාව සම්බන්ධ ගැටලු තියෙන නිසාත් ෆිෂින් හට් සිට  සිරිපාදේ නගින්න තියෙන තැනට කිලෝමීටර 2-3ක් දුර නිසාත් අපි ෆිෂින් හට් ස්කිප් කලා.

රාජමලේ සිට උඩමලුවට
රාජමලේ පාර බොහොම කිට්ටු පාරක් විදියට තමයි ජනප්‍රිය. ඒත් අපිට හිතුන විදියට රාජමලේ සදගලතැන්න සිරිපාදේ කියෙන්නේ හැටන් මාර්ගය තරම් හොද එකක් නෙමෙයි. හැටන් වලට වඩා මේ පාරේ බාධාවන් වැඩියි. කූඩලු විමානේ. අනික වැසි කාලය නිසා තැන් තැන්වල වතුර වලවල් තිබුනා. පඩිපෙල් නැති නිසා ගස් මුල් වල එල්ලීගෙන නගින්න වෙන තැනුත් තිබුනා. සදගලතැන්න මාර්ගය විදියට බොහොම ජනප්‍රියවුනත් මරේ වත්ත ඇතුලේ එන්න තියෙන දුෂ්කර මාර්ගයේ ගමන සහ තව එකතුවෙන දිග අපහසු ට්‍රේල් එක එක්ක බැලුවාම ඇත්තටම හැටන් පාර කියන්නේ ලොකු අවුලක් නැතුව ගිහින් එන්න පුලුවන් මාර්ගයක්. හ ැටන් වලන් යද්දි රෙන්න බරක් හැදුනත් කිසිගේමක් නැතුව දාන්න පුලුව්න වැසිකිලි තියෙනවා. ඒ වගේම හැටන් වල බොන වතුරත් තියෙනවා. කැලේ ඇතුලේ කූඩැල්ලෝ කාගෙන අමුතු පුකේ අමාරුවකට සිරිපාදේ යන අපි වගේ සෙට් එකකට ඇරෙන්න සිරිපා කරුනාවේ යන අයට නම් සදගලතැන්න රාජමලේ සිට සිරිපාදේ කරුණාව එච්චර කික් එක්ක තියෙන වැඩක් නෙමෙයි.

වැස්ස සහ බාධාව
සිරිපාදේ යන්න කාලයක් තියෙනවා. අපේ තුවානයලා කලින් වතාවක ත් මේ විදියට අවාරේ ගිහින් පොරි හැලේන්න වැහල තිබුනා. ඉතිං තුවානයාගේ පරම පිවිතුරු ප්‍රාර්ථනාව මෙවරත් වැස්සක් පහත්වීම.උගේ බෝකකු කට කියෙව්වා වගේම අපි හැටන් පාරේ පඩිපෙල් වලට සෙන්දු වෙද්දිම වගේ හොදට වරුසාවක් වැස්සා. අපි හැමෝම රේන් කෝට් දාගන ගියේ. එක යාලුවෙක් කුඩයක් අරන් ගියා. රේන් කෝට් පට්ට වැඩක් වගේ පෙනුනට කුඩේ අරන් ගිය බුවත් කිසි ගින්නක් නැතුව කන්ද නැග්ගා.

කූඩැල්ලෝ සප්ත කන්‍යා තරම්ම නැතිවුනත් වැස්ස නිසාම ටිකක් හිටියා. කකුල්වල සබන් අතුල්ලගෙන පැගිරි තෙල් ගාගෙන ගියත් කූඩැල්ලෝ අපිව දාලා ගොඩක් ඈතට ගියේ නැහැ.
ඉහලට මහගිරි දඹේ
වහල තිබුනේ මාස කිහිපයක් වුනාට මහගිරි දඹේට යන හැටන් පාරෙත් එක් පැත්තක් බැද්ද විසින් ගිලගෙන තිබුනා. ඒ වගේම තැන් තැන්වල ඉදිකරපු සෑම අට්ටාලයක්ම ගලවලාත් තිබුනා. ඒ කාලේට වෙනදා නැති පාලුවක් සහ ලස්සනක් හැටන් පාරේ වුනත් දකින්නට තියෙනවා.

උඩ මලුවේ
උඩ මලුවේ ඉබ්බෝ දාලා. ඒක බාර හාමුදුරුවෝ ගමනක් ගිහින් කියලයි අපිට දැනගන්නට ලැබුනේ. ඒ සිරිපා මලුවේ ඒ වෙලේ උන්නේ නල්ලතන්නියේ මනුස්සයෙක්. ඇත්තටම පොර ඇයි එතන උන්නේ කියලා දන්නේ නැහැ. පොලිසිය උන්නෙත් නැහැ. ඉබි යතුරු නැති නිසා අපිට වැස්සේම අමාරුවෙන් මග ගෙවාගෙන ආවත් සිරිපා වැදගන්න බැරිවුනා.
මේ දොර වහන එක ගැන සමහර අය නම් ඒව මේවා කියනවා. ඒත් මගේ මතය නම් සිරිපාදේ කියන්නේ උඩ තියෙන සිද්ධස්ථානයම නෙමෙයි. එය ලස්සන ට්‍රේල් එකක්. ඉතින් ඒ උඩම තැන අගුලුලා තිබුනත් ඒ නිසා ගමෙනේ තියෙන ආතල් එක බින්දුවක් වත් අඩු වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ගැන ලොකුවට වොරි වෙන එක තේරුමක් නැහැ. අනික මේ අවාරේ කියලා අපි හොදටම දන්නවා. ඒක දැනගෙනත් ගිහින් ආයේ ඕක උඩ කෑල්ල වහලා කියලා තැන් තැන්වල බැන අඩගහන්න යන එකත් උචිත නැහැ.
කොහොම වුනත් මම මේ සිරිපාදේ යන 6 හෝ 7 වෙනි වතාව. මේ පාර තමයි මට අර ඝාන්ටාව ගහන්න, පහනට තෙල් දාන්න, සිරිපාදේ උඩ මලුවේ වැසිකිලියේ චූ දාන්න, සිරිපාදේ මිනිස්සු යන පෝලිමේ ගිහින් ගලේ ඔලුව ගහන්න, වගේ දේවල් ටික මිස් වුනේ. ඒත් දුකක් නම් නැහැ. ඒක වෙනම ආතල් එකක් .
ආඩියාමලතැන්නේ රැය
සිරිපාදේ උඩ සීතලයි කියන්නේ වාක්‍යයක් නෙමෙයිනේ.ඒ ක හෛමයි. මීදුම සහ වැස්සත් නිසා දැනෙන සිතල වැඩියි. කොහොම හරි ආඩියාමලතැන්න අම්බලමේ තමයි අපි ඉන්න තීරණය කලේ. ඒ කියන්නේ අපි සදගලතැන්න හරහා නැගලා අවසානයේ අඩියාමලතැන්න තියෙන රත්නපුර පාරේ තමයි බහින්නේ. අපි ගමන ආරම්භ කලේ උදේ 11ට විතර. ඒත් වැස්ස සහ අපේ ගමන් වේගය නිසා අපිට ආඩියමලතැන්නට එද්දි හවස 5.30 විතර වෙලා තිබුනා.  මේ අම්බලන් මිනිස්සු ඉන්න සිරිපා සමයේදී නම් පිරිලා ඉතිරිලා යනවා. ඒත් මේ කාලේ කවුරුවත් නැහැ. අපේ වගා සහ තුවානයා ගිහින් පැදුරු කඩමාලු සහ ඉටිකොල ආදිය ටිකක් වෙනත් අම්බලමකින් හොයාගෙන ආවා. අපි ඒවා දාලා අපේ ගැජට් රාලහාමි වෙච්චි පෝතකයාගේ ඉටිකොලයක් දාගෙන නිදාගත්තා.

පෝතකයා කියන්නේ අල්මරි බාගයක් කරේ දාගෙන යන ගමනකදී ඕනි කරන හැමදෙයක්ම මල්ලේ දාගෙන යන ඩෑල් එකක්. මිනිහා ගාව ප්‍රථමාදාර කට්ටලේ ඉදලා ආය කට්ට දක්වා හැමදේම වගේ තියෙතනවා. මම දැක්කා මිනිහගේ ප්‍රථමාධාර මඩිස්සලේ. මයෙ අම්බේ..ඒකේ තරං බෙහෙත් අපේ ගමෙ ඩිස්පැන්සරියෙවත් තියෙද මන්දා.
රෑ නින්ද
නින්ද නැති රැයේ.. සද කදුලු මීදුමේ. ගෑනු මතක් කරන්න හොද නැද්ද දන් නෑ. ඒත් ඉතිං අපේ ගෑනියෙක් එක්ක ඕ සිරිපාදේ නැගලා ඒකිව තුරුල් කරන් නිදාගන්නවට වඩා වෙන්නේ ඒ ගෑනිගේ කුනු කුනුවයි දෝස්මුරෙය් කකුල් අමාරුවය් හන්දිපත් රුදාවයි අහගෙන කනට නිවනක් නැතුව අවදියෙන් ඉන්න. ඒ නිසා ගෑනු ගැන හිතලා වැඩක් නැහැ. අපි 8 දෙනා සීතල නැති වෙන්න එකිනෙකා මිරිකිලා නිදාගත්තා.

රෑ හොල්මන්
දැන් ඔන්න රෑ වුනා රෑ 8 සිට රෑ 1 විතර වෙනකල් විටින් විටි දාර වැසි වහිනවා. ඒ වැහි සුලුපටු ඒවා නෙමෙයි. මේ වහින ආකාරෙට අනුව අපිට පහල බහින්න බැරිතරම් වතුර පාරක් තියේවිද කියලත් මට හිතුනා. කොහොමින් හරි මේ මහා ධාරානිපාත වරුසාවේ රොම්බ සීතලෙත් සෙට් එකක් හෝ කිහිපයක් සිරිපාදේ ට යනවා ඇහුනා. අපේ තුවාන් චූ දාන්න ගිහින් ඇතින් ටෝච් එකක් පෙනිලා. මූ පයියත් ඉක්මනින් අකුලන් ඇවිත් තිබුනා ටෝච් පාරට බයවෙල.
එක අතකින් ඉන්න තැනක අනික් එවුන් ගැන එබිකන් කරන්නෙ නැතුව හැංගිලා ඉන්න එකයි යුතු. දන් නෑනේ ඉතිං. මොන ජාවාරමකට මහ රෑ මුන් යනවාද කියලා. ඇත්තටම සිරිපාදේ යනවා වුනත් යකෝ මහා රෑ 8-12 ටයිම් එකට සිරිපා දේ යන එක වැස්සේ..ඒකනම් ආයේ පුදුමාකාර පුකේ අමාරු සෙට් එකක් නැතිනම් මොනාහරි ජාවාරම් සෙට් කක්.
බැස්ම
බහිද්දි අපි පටන් ගත්තේ පාන්දර 4ට පාන්දර 4ට පටන් ගත්තේ තුනහමාර විතර නැගිටලා. ඒ වෙලාවට පටන් අරන් අපි හෙමිහිට හෙමිහිට තිබ්බ ලයිට් සෝස් වලින් පිහිට අරන් බැස්සා. අපේ යාලුවෙක්ට පොඩි කරදරයක් වුනා මිනිහට බඩේ අමාරුවක්. වෙන එකෙක් නෙමෙයි අපේ මඩයගේ මල්ලි. ඉතිං අපේ වගාටත් අනුන්ගේ ලෙඩ ඉක්මන්ට බෝවෙන නිසා ඌටත් බොග දාන්න ඕනි වුනා. පාන්දර පහට විතර ලැට් එකක් ගාව මුන් දෙන්නා එනකල් අපි නැවතිලා උන්නා සීතලේ.
යාන්තම් ඉරගල එලිය වැටුනේ අපි පලාබද්දල සහ කුරුවිට පාර බෙදෙන ගල්වංගෙඩිය කියන තැනට ආවම. ගල්වංගෙඩිය ප්ලේස් එකේදි තමයි අපිට පාර හොදටම ක්ලියර් වෙන්න එලිය වැටුනේ. ලැබෙයිද දන් නෑ.ඒත් මහා වරුසාවේ.. මහ රෑක සිරිපාදේ අවාරේ නගින්නත් පොඩි ආසාවක් මට ආවා ඒ රෑ බැසීම එක්කලා.පින්තූර ගන්න බැරිවුනත් හද එලිය එක්ක අමුතු ලල් එකක් තිබුනා රෑ බැහීමේදී.

සීතගගුල
පොඩි දොලපාරක් තිබිලා වගා සහ පිරිසක් නාමුද කියාල ඊලගට ආපු දිලීප සහ තුවාන්ගෙන් ඇහුවා. ඒතනදි බෑ යි කියලා ඉන් පස්සෙ ආපු සිතගගුලෙදි නාමු කියාල දිලීප කිව්වා. ඒගමන මාත් කැමති වුනා. (මම නේපාලේ ගියා, ඉන්දියාවේ කාශ්මීරේ ගියා) මම නේපාලේ දි වෝටර් රාෆ්ටින් කරන්න බැහැපු ග්ලැසියර් දියවෙල එන වතුර තරමටම ඇත්තටම සීතල වතුර තමයි ඒ පාන්දර 6.30ට විතර සීත ගගුල ගාවදි තිබුනේ. ඉතිං බහිද්දි ගින්නට පනිනවා වගේ ඇගම මොකද් වෙලා යනවා. ඒත් ටික වෙලාවක් දගලද්දි වැඩේ හරියනවා. කොහොම හරි බැහැලා පිහදාලා ටික්ක වෙලා ඉන්නකොට ඉබේම ගැහෙන තරමටත් හීතල.
මේ පලාබද්දල මාර්ගයේ පඩි තියෙනවා ඔක්කෝම 9500ක් විතර මේ කේ දුර කිලෝමීටර 7.2ක් විතර.හැටන් මාර්ගය වගේ දෙගුණයක් දිගයි. ඒත් සොබාසිරිය අතින් බොහො ම ලස්සන මාර්ගය්ක තමයි පලාබද්දල මාර්ගය.

සුද්දන්ට විකුනන් බැරිද ඇත්තටම
මේ පඩි 9500ක විතර මා්ගය සම්පූර්ණයෙන්ම වගේ හමුදාවේ ඉංජිනේරු රෙජිමේන්තුවෙන් හදාල තියෙනවා. බොහොම වටිනා වැඩක්. මම නේපාලයේ ඉද්දි කන්දක් නිකන් ඇගේ මහන්සියෙන් යන්න අපි රුපියල් දාහක් නේපාලේ ඒ අදාල වන සංරක්ශන එකට ගෙවන්න ඕනා. තවත් දාහක් කදු නැගීමේ ඒ රටේ සංගමයට ගෙවන්න ඕනි.කොහොම හරි රජයට යම් ආදායමක් කදු නගින විදේශිකයින් නිසා නේපාලයේදී එනවා. මෙතනදී මේ සමනල රක්ශිතය තුල පාරවල් හදලා, වතුර දීලා, නවාතැන් හදලා, විදුලිය දීලා, විදුලි බල්බ් දාලා කරන මහා සේවයයට යන විශාල මුදලින් කොටසක් හෝ හම්බකරගන්න තිබුනා ඇත්තටම සමනල අඩවියට පර්මිශන් ක්‍රමයක් ගෙනාව නම්. ටිකට් කිව්ව ගමන් අපි හැමෝම එපා එපා කියනවා.එ ්ත් හද්දෙයියනේ මේවා හදන්න වියදම් වෙන මහා මුදල එක්ක බැලුවාම යන අපි එක්කෙනෙක්ගෙන් රුපියල් 50ක් වත් අයකරනවා නම්. මේවා නඩත්තුවට ඒකලොකු බලයක් නෙ.

අවාරෙට වුනත් අතරමැද එක තැනක් සැපයුම් සහ නවාතැන් ගන්න හැකි විදියට හදලා සුද්දන්ට වුනත් හොද ට්‍රේල් එකක් විදියට විකුනගන්න පහසුකම් සහ හැකියාව ඕනිතරම් මේ සිරිපාද පාරට තියෙනවා. කැලේ තමයි ඇත්ත. ඒත් රජමලේ පාරෙන් යද්දි කිසිම අණක් ගුනක් නැතිව  නුවමනා විදියටත් කැලේ කපලා පාර හදලා තිබුනා. කොහොමත් මේ පඩිපෙල් අවාරෙ කාලෙදිත් තියෙනවා. ඉතිං මගේ පුද්ගලික අදහස විකුනන් කෑමම නෙමෙයි.ඒත් සංචාරක ආකර්ශනය අතින් සුපිරි මේ වගේ ට්‍රේල් පඩි 9500ක් කියන්නේ අපිට දැනට තියෙන හොද සංචාරක ඔපචුනිටි එකක්. ඒක මැනේජ් කරගන්න දන්නේ නැති එක ඇත්තටම අවාසනාවක්.
පහල ගමන
ගමන අපි අවසාන වෙද්දි 10-11 විතර වෙලා. සෙට් එකම විටින් විට පලාබද්දල අවසානේ තයෙන තඩි දොලපාරෛන් නෑවා. එවෙලෙත් ටිකක් වැස්ස. ඒ නිසා ටිකක් බයෙන් නෑවා. අපි නාද්දි සෙට් වුන අයියෙක් කිව්වේ මල්ලි වහිනකොට ඈත පේන ගල් වලට උඩින් දිය ඇලි වගේ වතුර එනවා නම් තමයි බයවෙන්න ඕනි කියලා. ඒම ගල් උඩින් වතුර එන පලවෙනි වෙලාවේ ඉදලා පැය බාගෙකින් වගේ එනවාලු මහා වතුර කදක් රෙදි ගැලවිලා යන්න. ඒ ගමේ අය දන්නවා වතුර එන වෙලාව විදිය හෙම. ඉතිං ඒ මනුස්සයො එක්ක කතාබහ කරලා අනතුරක් නැති බව දැනගෙන තමයි අපි නෑවේ.
ඒ නාලා අහක්වෙලා අපි ඇවිත් බස් එකට නැග්ගා. පලාබද්දල සිරිපාගම බස් එක අවාරේය කියලා නැහැ තියෙනවා. පැය බාගෙන් බාගට වගේ බස් යනවා.
අවාරේ ගමන සහ පරිසරය
පරිසරය ගැන පොඩි චර්ම රෝගයක් තියෙන අයෙක් විදියට මම සිරිපා ගමන අවාරේ යන එකට ඒ තරම් කැමැත්තක් තිබුනේ නැහැ. ඒත් පඩිපේල් වල ගමන් කරන මේ ගමනේදි ඇත්තටම සතුන්ට සහ ගස් වලට වෙන හිංසාව බෙහෝම අඩුයි. ඒ වගේම සිද්ධස්ථාන පුදබිම වහලා නිසා එයට වෙන්න තියෙන හානියත් අඩුයි. ඒත් ඉතිං අපි කන්ඩායම කලා වගේ අපි ගෙනියන ටොපි කොලේ පවා බිම නොදා ගෙවල්වලම රැගෙන එන්න යන එය ක්‍රියා කරනවා නම් හොදයි. ඒ වගේම වතුර හැමතැනම සුවර් නැහැ. වතුර තිබුනත් බොන්න හොදද කියලා පස්නයක් තියෙනවා. යනවනම් වතුර රැගෙන යෑමත්හොදයි.
බැතිබර වීම සහ වෙරිබර වීම
කැලෑවේ යෑම කදු නැගීම වෙග් දේවලදි වෙරි පිට යෑම මට අනුමත කරන්නේ නැහැ. ඉතිං අපේ තුවාන් සහ ඒ මල්ලිලා සෙට් එකෙන් මට ලැබෙන එක් ලොකු වාසියක් තමයි වෙන සෙට් එක්ක එක්ක ගියාම බොන්න වියදම් වෙන ගානින් පුලුවන් මුන්ගේ ට්‍රිප් එකම කවර් කරගන්න. ඒ වගේම බොහොම අවබෝධයෙන් ඉන්න එකිනෙකාගේ මතයට ගරු කරන ජෝක්ස් දන්න සෙට් එකක් වීමත් ගමනට ප්ලස් එකක්. අමුඩෙට පුක වගේ හැමදාම එකට ගිය සෙට් එක ගැන බොරු ගුණකතන නම් ඕනා නැහැ.
ඔයාලත් යනවා නම් මේක සිද්ධස්ථානයක්. අපි අතර මොන මත තිබුනත් මිනිස්සු සිය දාස් ගානක් වදින පුදන තැනක්. ඉතිං එහම වන්දනාවක් යද්දි අරක්කු සිගරට් නොබි යන්න පුලුවන් නම් ලොකු දෙයක්. අනික වෙහෙසකර ගමනකදි ඔය අරක්කු සිගරට් වලින් ලැබෙන ක්ශණික කික් එකට වඩා එයින් වෙන අහිතකර ප්‍රථිපල වැඩියි. ඇරත් බිබී යන සියදාසක් ගමන් අපිට තියෙනවා. අඩු තරමේ සිරිපාදෙවත් නොබී යන්න හැකි නම් ඒකත් හොදයි නේ.

වැස්ස එක්ක ගමන අනතුරුදායකයි. ලිස්සනවා රිඹ යන්න. ඒ වගේම වතුර ගලාගෙන යනවා කකුල් අස්සෙන්. මේ වගේ දුෂ්කර ගමනකදි අනතුරක් කියන්නේ තමුන්ට වගේම කන්ඩායමටම  පාපයක්. ඉතිං අනතුරු වලට අත වනන මත් දේවල් වලින් ඈත්වෙලා යන එක හොදයි කියන්න ඒකත්එ ක හේතුවක් වුනා.
සිරිපා ඕෆ් සීසන්
කෑම ඔක්කෝම අරන් යන්න ඕනි. මග කිසිම තැනක් නැහැ කෑම ගන්න. වතුර තිබුනත් බොග වලවල් හෝදන් එන වතුරද කියලා සුවර් නැති නිසා ලීටර් එකහමාරක වත් වතුර බෝතලයක් අරං යන්න ඕනි සුවර් වතුර සෝස් හම්බෙනකල් හරි බොන්න. වැස්සට වගේම කූඩැල්ලන්ටත් ලෑස්ති වෙලා යන එක නුවණට හුරුයි. ඉතිං සිරිපා අවාරේ යෑම ගැන කතාව මෙතනින් ඉවරයි. පෝඩ්ඩක් විතර දිග වැඩියි.එ්ත් ගිහිපු ගමන් සහ ඉන්දියාවේ සීරියස් එක ලියන්න ිතයෙන නිසා මේක දිගටම ලිව්වා.

ගමනේ වීඩියෝ එකකුත් මම අමාරුවෙන් හැදුවා. ලොකු දෙයක් නෙමෙයි. ඒත් විඩියෝ කියන්නේ මට ටිකක් අලුත් දෙයක්. ඉතිං ඒකත් බලලාම වැදපුදාගෙනයන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා.


9 comments:

  1. මරු ගමන් අමිලයා. ෆිෂින් හට් ගැන පොඩ්ඩක් කිහයං අහල තිබුනට දැං මතක නෑ ඒ ගැන

    ReplyDelete
    Replies
    1. ෆිෂින් හට් කියන්නේ සිරිපාදේ කිට්ටුව මරේ වත්තේ තියෙන ප්ලේස් එකක්. බුක් කරලා යන්න ඕනි. ඒ ලගපාත දිය ඇල්ලකුත් තියෙනවා.

      Delete
  2. මල්ලි සමලිංගිකද?

    ReplyDelete
    Replies
    1. මේ මල්ලිගෙ පුක පලල දෙන්නකො කවුරු හරි ප්ලීස්

      Delete
  3. Thank you for the share.. love the nature there

    ReplyDelete
  4. මමත් එකපාරක් අවාරේ ගියා....හොද පොස්ට් එකක් ඉස්තුති උබට අපි වෙනුවෙන් ලිව්වට

    ReplyDelete
  5. මම අවසාන වතාවට සිරීපාදේ ගියේ 2006 දී, ඒත් අවාරේක. ඒ මගෙත් 7 වෙනි වතාව...
    ඊට පස්සේ ආයේ යන්න උනේ නැහැ...

    සිරිපාගම ඉඳල පොඩ්ඩක් එහාට ගියානම් මාපලාන ඇල්ල බලන්න තිබ්බනේ...
    වැහි කාලෙට පුදුම ලස්සන දිය ඇල්ලක්, මට මතක විදිහට ලංකාවේ තුන් වෙනියටද කොහෙද උස දිය ඇල්ල...

    ReplyDelete
    Replies
    1. ඒ ගැන සර්ච් කරද්දි පාරවල් කිහිපයක් තියේය කියාල මම දැක්කා. මම හිතන්නේ පලාබද්දල කිට්ටුවම වෙන්න ඇති තියෙන්න ඇත්තේ..

      Delete