කාර්ගිල් හි රැය
කාර්ගිල් කියන්නේ මුස්ලිම් ටවුමක්. මේ අපි යන මාර්ගයේ මම හිතන විදියට අවසානයට හමුවනමුස්ලිම් පලාත තමයි කාර්ගිල්. ඉන් පස්සේ තියෙන්නේ බෞද්ධ කලාපයක්. කාර්ගිල් හි අපිට හමුවුනු ඉතාම බාල මට්ටමේ නවාතැනේ අපිට රැය පහන් කරන්නට සිදු වුනා.ඒක කටුක අත්දැකිමක් වුනා. කොහොම හරි පාන්දරම බස් එක ගමන් ආරම්භ කලා.
හමුදා නිළදාරියා සහ ප්ලේන්ටි කඩය
මේ ගමනේ මේ කොටස තුල එක් තැනකදී අපේ බස් රිය තේ බොන්න නැවැත්තු තැනක හමුදා නිළදාරියෙක් හිටියා. බැලූ බැල්මට අපේ පෙනුම වගේ නිසා ටිකක් කතා බහ කලා. බැලින්නම් ඔහු අපට බොහොම ආසන්න තමිල්නාඩු වල මනුස්සයෙක්. පොර හිතන්නත් ඇති අපි දෙමල අය කියලා. ඒත් අපි සිරි ලංකන් කිව්වාම ත් පොර අපිත් එක්ක හිනාවෙලා කතා කලා. ඒ තැන තිබුනා තේ කඩයක්. ඒ තේ කඩේ තේ වතුර ටික පංකාදුයි.තේ වතුර කිව්වට ඇත්තටම ලැබුනේ කිරි තේ. කිරි තේ හදනවා කියන්නේ ඒ කඩේ උන්දැට වෙනමම ව්‍යාපෘතියක්. එයා කිරි බාජනේ ලිප උඩ තියලා ඉන් පස්සේ තමයි තේ කොල දාන්නේ. තේ කොල විතරක්නෙමෙයි කරදමුංගු කරාබුනැටි වගේ දෙවලුත් දාලා බොහොම රසවත් තේ එකක් අපිට ඒ කඩෙන් ලැබුනා. මතක විදියට ඒ තේ එක බිව්වේ මමයි චතුරංගයි විතරයි. ඒත් රස නිසා අනික් අයටත් ඒකේ හිත නම් ගියා ටිකක්.
කාර්ගිල් පසුකර
කාර්ගිල් පසුකර ඉහලට යන විට කාර්ගිල් ටවුමම හරි ලස්සනට අපිට ආයෙම පේනවා. නිම්නයක දුඹුරු පාට කදු වලින් වටවෙලා කොලපාටට තියෙන කාර්ගිල් ටවුම හරි ලස්සනයි. මේ හරියෙදි අපිට ටිකක් අමාරුයි. මොකද මේ හරියට එද්දි අර කිව්ව ඇල්ටිටියුඩ් සික්නස් එක එහෙම නැත්තං උස යද්දි යද්දි ඇගට එන අමාරුව අපිට ටිකෙන් ටික ලොඩ් වෙන්න අරන් තිබුනා.
කාර්ගිල් යුද්ධය
මේ කාර්ගිල් පලාතත් ජනවාරි දෙසැම්බර් ශීත කාලයෙට හිම තියෙනවා හැම තැනම වගේ. ඒ වගේම තිබෙන ශිතල කාන්තාර තත්වය ඇගට වෙහෙසකර එකක්. මේ බෝඩරේ ඇතිවෙන යුද්ධ කියන්නේ දැඩි ශීතල සහ කදුවැටි එක්ක කරන අමුතුම භයානක සටනක්. මේ තත්වයන්ට හුරු වෙන්න හැමෝටම බැහැ. ඉන්දියාවේ හමුදාවලට ගනිද්දි මේ වගේ ඉහල බෝඩර් වල හමුදාවට ඉහල කලාපවල ජිවත්වෙන අයම බදවාගන්න උත්සාහ කරනවාලු. මොකද එයාලට ටිකක් හරි මේ කදුකර ශීතලේ ඔරොත්තු දේනන හැකියාවක් තියෙනවා. පාකිස්ථානය එක්ක යුද්ධ කරන්න වුනෙත් දෙපාර්ශවයටම අවාසි මේ කදුකර ශීතල පලාතේ තමයි.
තේවතුර නවාතැන
තේ බොන්න නැවැත්වු එක තැනක දර්ශනය බොහොම හැඩකාර එකක් වුනා. ගස් යට ඇපල් වැටිලා නරක් වෙලා තිබුනා. සමහර විට ඇපල් ඇහිදින්නවත් කෙනෙක් නැතිවද දන්නේ නැහැ. මේ පලාතේ උසකට නැගුනාම ඉර බැසීම සහ ඉර නැගීම ලස්සනට පේනවා. පාර දෙපැත්තේ දැක්ක මිනිස්සු නම් ගනනින් බොහොම අඩුයි. ඒ වගේම බොහොමයක් දෙනා දුප්පත් සරල ජීවිතයක්ගෙනියනවාය කියලත් පෙනුනා.
ළමයුරු පන්සල
ළමයුරු පන්සල ගාව බස් එක නැවැත්තුවා. ඒ ළමයුරු පන්සල විදෙස් ජාතිකයින් අතරත් ජනප්‍රිය එකක්. ළමයුරු කලාපයේ කදු නගින්නන් ඇවිදින්නන්ද සැරිසරනවා. ඇතැම් කන්ඩායම් මේ වියලි කාන්තාර කදු උඩ දවස් ගනන් කූඩාරාම් අරගෙන ඇවිදිනවා. ළමහයුරු පන්සල ගාව විනාඩි පාලහක් විතර බස් එක නැවැත්වුවා වුනත් අපිට ළමයුරු පන්සල ඇතුලට යන්නට ලැබුනේ නැහැ. වියලි පස් කන්දක දාරයේ පිහිටලා තියෙන ළමයුරු පන්සල ටිබෙට් බුදුදහම ආභාෂය කරගත් 16 වන සියවසේදී පමණ ඉදිවුනු පන්සලක්.
ලමයුරු පසුකර ලේ වෙත
ළමයුරු සහ ලේ අතර මේ පාරේ තිබෙන උසම ස්ථානයත් පහු වුනා. එය මීටර 4000කට වඩා උස තැනක්. බස් එකේ ගිය නිසා අපිට ඉතින් කැමති තැන බහින්න බැහැ. මේ ආසන්නව හෝ කලින් පොලිසියෙන් සහ හමුදාවෙන් සම්පූර්ණ පිරිසම හොදින් පරික්ශා කරනවා. අපි කන්ඩායමට මොනවදෝ කොල වගේකුත් පුරවන්න ලැබුනා අපි විදේශිකයින් නිසා. ඒ තැන්වල ඉන්න හමුදා පොලිසි කන්ඩායම් අපිව හොදින්ම පරීක්ශා කලත් බොහොම ආචාරශීලිව කතා බහ කලා.
ලදාක් වල තිබෙන අවසාන නගරය වෙන ලේ වල ඇත්තටම මිනිස්සනුන්ට වඩා හමුදාව ඉන්නවා. ඒ හමුදාවල් වලට තිබෙන ප්‍රධානතම සැපයුම් මාර්ගයක් තමයි මේ ලේ ශ්‍රී නගර් හයි වේ එක. මනාලි වලිනුත් ලදාක් වලට පිවිසෙන්නට හැකි වුනත් ශ්‍රී නගර් ලදාක් පාරට වඩා මනාලි සිට පිවිසීම අපහසුයි. මාර්ගයත් මනාලි පැතතේ කටුකයි.
ඇතැම් තැනකදි හමුදා ට්‍රක් රථ දහයක් පාලවක් පෝලිමට අපි විසින් පසුකර යන්නට වුනා. ඒ වගේම ලේ වලට කිට්ටුව විශාල බෑවුම් තැනිතලා වල වර්ග කිලෝමීටර ගනන් ශිතල කාන්තාර භූමියෙ අවි ගබඩා, තෙල් ගබඩා, හමුදාව හමුදා කදවුරු ආදිය පේනනට තිබුනා. චීනයට සහ පාකිස්ථානයට මායිම් වෙන කලාපය නිසා ඉන්දියාව හරි බයේ ඇත්තේ යුද්ධ ගැන. බයක් නැතත් බෝඩර් එක නිසා එයාලා ගොඩක් අවිආයුධ වගේම හමුදාමය සැපයුම් ලේ වල ඒකරාශි කරගෙන ඉන්නවා ඇති.
ලේ වල
ලේ නගරයට ලගා වුනාම අපේ තිසර යාලුවා නවාතැනක් සොයාගත්තා. අපිට කාර්ගිල් වල හමුවුන මිතුරගේ සහෝදරයා ඉන්නේ ලේ ලදාක් ටවුමේ. ඔහුට හොද නවාතැන් පොලක් තිබුනා. විශාල එකක් හදමින් තිබුනත් කුඩා එකේ අපිට නවාතැන් ගන්නට ඉඩකඩ තිබුනා. ලොකු මුදලක් වැය වුනෙත් නැහැ කාමරයක් රුපියල් දාහට විතර අපිට සෙට් වුනා.
අපි ආපු ගමන් ටිකක් අතපය කාරිය හෝදාගෙන ඉන් පස්සේ කන්නට ගියා. කන්න ගිය කඩේ ඉන්දියන් එකක්. මේ කඩවල විශේෂත්වය තමයි කන්න යන දේවල් මෙහෙ වගේ උයලා පිහලා නැහැ. අපි ගිහින් ඕනි කරන දේවල් ඇනවුම් කලාම ඉන් පස්සේ කඩිමුඩියේ උයලා දෙනවා. කෑම කියලා ටුවරිස්ට් ප්‍රයිස් නෙමෙයි.අ පිට වේලකටම එක් අයෙක්ට ඉන්දියන් රුපියල් තුන්හාරසියක් යන්න ඇති සුපිරියටම කෑවා වුනත්. ඒත් පිලිගැන්වීම් සුපිරියටම වෙනවා.
අපි මතක විදියට බිෆ් එක්ක රයිස් ඕඩර් කරා. තුප්කා කියන නූඩ්ල්ස් ඕඩර් කරා, මොමෝ ඕඩර් කලා. ඔක්කෝම ආවා. බිරියානිත් ගත්තද මන්දා. කොහොම වුනත් අපි ඒ කෑම කඩෙන් කෑවා බුරිය උල්වෙන්නම.
බෝඩර් පර්මිට් පස්න
අපි ගියෙ මහ කරුම කාලෙක. අපි ගිහින් ඇවිත් අවුරුද්දකට විතර පස්සේ පිටිදුවේ සිරිදම්ම නැත්තං සමන්තබද්‍රයා මේ ඒ ලදාක් කලාපයේම සංචාරය කරලා තිබුනා. සමන්තබද්‍රයා ගිය කාලේ මේ පලාතේ බෝඩර් ඒරියා එකේ තියෙන තැන් කිහිපයක්ම ලංකාවේ ජාතිකයින්ට යන්න පුලුවන් විදියට රිලිස් කරලා තිබුනා. ඒ නිසා උන්නාන්සේ බොහොම පින් බරව නුබ්‍රා වැලි වගේ තැන්වලට ගිහින් තිබුනා.
අපි යන කාලේ ලංකාවේ අපිට පර්මිශන් තිබුනේ හයිවේ දෙකට සහ ලදාක් ලේ ටවුන්එ කට විතරයි. මේ පර්මිශන් පස්න දැන් සෑහෙන දුරට අඩුයි. ලදාක් වල ලංකාවේ අයටත් පර්මිශන් අරගෙන ගොඩක් තැන්වලට යන්නට හැකියි. ඒ කාලේ විදේශිකයින් ලදාක් වල දිස්ත්‍රික් මහේස්ත්‍රාත් ඔෆිස් එකෙන් පර්මිශන් ගන්න ඕනි බෝඩර් ඒරියා එකේ ලස්සන විල් පංසල් එහෙම බලන්න යන්න. ඒත් ලංකාවේ අයට ඒ කියන්නේ සවුත් ඒශියන්ස්ලට එහෙම වත් පර්මිශන් තිබුනේ නැහැ. ඒ 2015 අගෝස්තුවෙදි.
අපි කාපු කෑම කඩේ අයියලා කෝල් කරලා වැඩේ ගෙඩදාලා දෙන්න ට්‍රයි එකක් දුන්නා. ම්ම්හු. ඒ ගමන ඉතිං අපි වැඩේ අත ඇරලා දැම්මා. තවත් දවසක් දෙකක් අපිට ලේ වල ඉන්න උවමනාව තිබ්බා. ඒ වගේම අපිට විවේකයක් ඕනි වෙලත් තිබුනා. ඒත් ඉතිං අපිට ටවුම් විතරයි බලන්න ඉතුරු. වෙන කිසිම සංචාරක ස්ථානයකට යන්න අපිට පර්මිශන් නැහැ. ඒ ගමන අපිට වැඩේ අකුලගෙන පැත්තකට වෙන්නට වුනා.
ශාන්ති ස්තූපය
මේ ස්තූපය තියෙන තැන බොහොම ලස්සනයි. ස්තූපය ජපන්නු හදපු එකක් වෙන්නට ඕනා. අපේ චෛත්‍යය වගේම රවුන්. මේ චෛත්‍යය පිහිටලා තියෙන්නෙ මීටර තුන්හාරසියක් උස කදු ගැටයක. අපිට ඔක්සිජන් අඩු කේස් එක සැරටම දැනුනේ මේ ශාන්ති ස්තූපය බලන්න කන්ද නගිද්දි. මේක මහ සිරා ලොකු කන්දක්නෙමෙයි. ඒත් අපිට අඩි දෙක තියද්දි ඉක්මනින් මහන්සි එනවා. අපිට වගේම වෙනත් විදේශිකයින්ට සහ ආගන්තුකයින්ටත් ඒ අවුල එහෙම්ම තිබුනා. ඒ නිසා අපි ගිමන් හරිමින් විවේක අරගෙන හෙමින් හෙමින් ශාන්ති ස්තූපයට කිට්ටු උනා.
මේ සාම චෛත්‍යයේ විහාරගෙයි වත් හාමුදුරු නමක් හිටියේ නැහැ. අපි වැදපුදාගන්න ගියත් අපිට වෙනත් බෞද්ධ හිමිනමක් හමු වුනේ නැහැ. ඒ අය වදින පුදන හැටි අපි වදින පුදන හැටියට වඩා වෙනස්. බුදුපිලිම නම් කෙලින්ම ලංකාවේ අපි වදින පුදන හැඩේම බුදුපුලිම වුනා. අපිට ඔන්න මෙන්න රෑවෙන්න තියලා ශාන්ති ස්තූපයේ උඩට නැගගන්න හැකි වුනා. ලදාක් නගරයෙන් කොටසක් වගේම බොහොම ඈතට තියෙන වියලි කදු යායක් මේ ශාන්ති ස්ථූපය තියෙන මලුව කෙළවරට පේනවා. මේ ස්තූප තියෙන්නේ මලු කිහිපයක් තිබෙන ආකාරයට.
ඒ හැන්දෑවේ ටිකක් සෙනග හිටියා ස්තූපය ගාව. ඒ එන අයත් අපේ උපාසක අය විදියටම වාඩිවෙලා වන්දනාමාන කටයුතු කලා. මේ පලාත ටිබෙට් බෞද්ධ උනත් ඔවුන්ගේ චෛත්‍ය වන්දනාව නම් අපේ වාගෙම වෙන්නට ඇතිය කියලා මට හිතුනා. අපිට මෙතැන උදේ පාන්දර එන්න පුලුවන් වුනානම් ඉර පායන හැටි බොහොම ලස්සනට බලාගන්නට තියෙන්න ඇති. මොන උදේ පාන්දර ඒමක්ද? අපි නැගලා බැහැගත්තේත් බෙහොම අමාරුවෙන්.
රෑ කෑවා නිදාගත්තා
අපි ඒ වෙද්දි තීරණය කලා අපිට තවත් මේකස්සේ බලන්න දෙයක් නැති නිසා සහ පර්මිසන් නැති නිසා ලදාක් වලින් එලියට යන්න ඕනි කියලා. අපි ඊලග දවසේ උදේම පිටත්වෙන එක හොදයි කියලා හිතුවත් ඒ වෙද්දි අපිට මහන්සියි. දවස් දෙක තුනක්ම ගමනේ නේ. ඒ නිසා දවල් වෙලා යමුය කියලා කිව්වා. ඒත් මම ඒකට කැමති වුනේ නැහැ. මොකද ලේ නගරයේ සිට මනාලි වලට කිලෝමීටර 450ක් විතර යන්න ඕනා ආවා වගේම ශීතල කාන්තා පලාතක් හරහා. ඒ කලාපයේදී මග හමුවෙන නවාතැන් අඩුයි. ඉතිං පාන්දරින්ම අද කියන දවසේ ගමන පටන් ගත්තොත් තමයි අපිට රැයක් නැවතිලා අනිද්දා කියන දවසේ හැන්දෑ වෙද්දි මනාලි වලට කිට්ටු කරගන්න ලැබෙනනේ. ඒත් ඉතිං තව දවසක් ඉන්න එකේ තේරුමකුත් නැහ නෙ. ඒ පාර අපි ටිකක් දවල් වෙන්න පිටත් වෙමුය කියන යෝජනාව ස්ථිර වුනා.
මම ගිහින් තියෙන ගමන් වලින් ලේ නගරයේ අත්දැකිම විශේෂ එකක්. ඒ වගේ ශීතල කාන්තාර නගරයක ජීවිතය ගැන අපිට වැඩිය දැනුමක් ගන්න අත්දැකිමක් ගන්න වෙලාව මදි වුනා. ආයේම ඉතිං ඒවැයේ යන්න ලැබේද දන්නෙත් නැහැ. ඒත් දැන් පර්මිශන් තියන නිසා ගිහින් අත්දැකිම් අරගන්න හොද තැනක් තමයි ලේ නගරය. මෙහෙ ඉදන් යනවා නම් යන තැන් ටික බලාගෙන ඒවා ගැන තොරතුරු ටිකක් දැනගෙන යන එක වටිනවා. මේ ලේ ලදාක් වල තමයි ත්‍රි ඉඩියට් ෆිල්ම් එක ශූට් කරලා තියෙන්නේ. ඒ ශූට් කරපු ලොකේශන් බලන්නත් කට්ටිය යනවා.
ලදාක් යනෝ නම්
මේ ලදාක් වල පංසල් ටිබෙට් බුදුදහම ඇදහුවා වුනත් ඒවායේ සම්ප්‍රදායන් ඇදහිලි විවිධාකාරයි. ලදාක් කියනනේ බෞද්ධ ජනතාව ඉන්න පලාත්නිසා ටිටෙබ් බෞද්ධ ජනයා සහ ඔවුනගේ සංස්කාතික දේවල් දැකබලාගන්නත් ජනතාව ලේ ලදාක් වෙත යනවා. ඈත නුබ්‍රා වැලි, ලොව උසම මාර්ගය ආදී ස්මාරක ගනනාවකුත් මේ ලදාක් පලාතේ දි දකින්නට ලැබෙනවා. දිල්ලියෙ ඉදන් ලේ වලට කෙලින්ම ගුවන් යානා තියෙනවා. ගුවනින් ලදාක් වෙත ගියොත් දවසක් විතර මොකුත් නැතිව ටිකක් ඇවිද ඇවිද ඉන්නට ඕනි මොකද අර උස එක්ක එන කෙස් එකට ඇග හුරුවෙන්න. කොළඹ ඉදන් සම්පූර්ණ පැකේජ් බුක් කරගෙන එන්නේ නැතිව බලන්න ඕනි තැන් ටික අරන් ඇවිත් ලේ වලින්ම පැකේජ් වෙන් කරගන්න එක ඕනිම කන්ඩායමකට වුනත් ලාබදායි වැඩක්. ඔන්ලයින් බුක් කියන්නේ අපිට කිසිම දෙයක් දැකගන්න නැතිව බුක් කරන්න ලැබෙන අවකාශයක්. යන වාහනය, ඒ ගයිඩ්ලාගේ තත්වය ආදි දේ තරමක් හෝ දැකබලාගෙන බුක් කරගන්න පුලුවන් ඇවිත් ඉන් පස්සේ සංචාරක ස්ථාන බුක් කරගන්න ගියොත්.
ඒ වගේම දවසක් විතර කොහොමත් නිකං ඉන්න ිතයෙන නිසා ඒ දවසේ යන්න තියෙන ගමන් ආදිය හොදට ප්ලෑන් කරගන්නත් අවකාශ ඉබේම ලැබෙනවා. ඉන්දියාව ටිකක් සංචාරයේදි කරදර වැඩි තැනක්. ඒත් ලදාක් පලාත ඒම කරදර වැඩිය නැති පලාතක්. ඊශ්‍රායල ජාතිකයින්, ප්‍රංශ කාරයින්, රුසියන් කාරයින් ලදාක් වල ඇවිත් ලොකු බයික් වලින් මාස ගනන් ඇවිදින බව අපිට ලදාක් වලදි හමුවුනු අය කිව්වා. ඒ වගේම තඩි රෝයල් එන්ෆි්ලඩ් බයික් වල නැගලා ඩොක ඩොක සද්දෙන් එහෙ මෙහෙ යන සුද්දෝ සුද්දෝ නිතරම අපිට ලේ වලදි මුණ ගැහුනා.
බොහොම ස්තුතියි විස්තරයට...
ReplyDeleteමේ සම්පුර්ණ ගමන දවස් කීයක්ද අමිල...
11
Deleteපට්ටයි.
ReplyDeleteසුපිරි.
ReplyDeleteයන්න ආසයි
ReplyDeleteස්තූතියි අමිල...:)
ReplyDeleteසුපිරි අත්දැකීමක්.අපත් සමග බෙදා ගත්තාට ස්තුතියි.
ReplyDelete