ඉරක්කන්ඩි කිව්වට මම දැනගෙන උන්නේ නැහැ ඒක කොයි ලෝකේ තියෙනවාද කියලා. ඒත් ඕනයියගෙන් අහගත් විදියට ඒක තියෙන්නේ උතුරේ කියලා විතරක් ටිකක් නාමිකව දැනගෙන උන්නා. ඔයාල දන්නවද ලංකාවේ දිගම පාලම? ආං හරි.කින්නියා පාලම තමයි ලංකාවේ දිගම පාලම. එතකොට ලංකාවේ දෙවනියට දිගම පාලම? ඒක තමයි මීටර 302 ක් දිග ඉරක්කන්ඩි පාලම. ආන්න ඒ පාලම යටින් යන ඔය මූදට වැටෙන්නේ ඉරක්කන්ඩි වෙරළ තීරයෙන්. සිංහලෙන් කිව්වොත් නිලාවැලි වල සිට උඩහ පැත්තට වෙන්න තියෙන ලස්සන ප්ලේස් එකක්. නිලාවැලි වල පරෙයි දූපත බලන්න ඉරක්කන්ඩි වල ඉදන් උනත් එන්න පුලුවන් කම තියෙනවා.
ටුවර මාදිලිය
මේක ඇවිල්ලා ටේලර් මේඩ් මාදිලියේ සංචාරයක්. ඒ කිව්වේ අදාල පාර්ශවය සියල්ල සැලසුම් කරලා තියෙනවා. (ඔව් ඔව්.නිකං නෙමෙයි සල්ලි ගෙවන්න වෙනවා) ඉතිං මෙහෙම සකසලා තියෙද්දි අපිට තියෙන්නේ අපිව පිකප් කරගන්න පොයින්ට් එකට අදාල වෙලාවට ගිහින් ඉන්න විතරයි. ඉන් පස්සේ අපිව බස් රියෙකින් රැගන ගිහින් අදාල විනෝද වැඩවල නිරතවෙන්න සුන්දර තැනකට ඇරලවනවා. එයින් මනත තියෙන ඇක්ටිවිටිස් වලට වගේම වෙනත් ස්ථාන නරඹන්න යන්නත් සංවිධායකයින් ලොකු සහයෝගයක් දෙනවා. අද කාලේ තියෙන කාර්යබහුලත්වයත් එක්ක යාලුවෝ සෙට් කරගෙන ඉන් පස්සේ ගමනක් සැලසුම් කරගෙන ට්‍රිප් එකක් යන්න හැමෝටම වගේ අමාරුයි. අලුත් යාලුවෝ හමුවෙන නවාතැන්, ගමනාගමන කටයුතු සහ ඇක්ටිවිටිස් පස්නයක් කරගන්න දෙයක් නැති මේ වගේ සංචාරයක් හැමදාම සැලසුම් කරද්දි ම කැන්සල් වෙලා යන නොයන ට්‍රිප් වලට වඩා වටිනවා. අපි සල්ලි ගෙව්වා. ඉන් පස්සේ අපිව එක්කරගෙන ගිහින් අපිට ආතල් ගන්න උපරිම පහසුම් ටික දුන්නා.
අපිව එක්කරන් ගියේ සෙට් මැනේජ්මන්ට ්එකේ ටුවර් කන්ඩායම. සෙට් මැනේජ්මන්ට් කියනනේ අභීතගේ වැඩක්. අබීත කිව්ව ගමන් සමහරු බියෙන් ඇලලී යනවා. සමහර අය පොලු කියලා බනින්න ළෑස්ති වෙනවා. ඒත් අබීත සහ ටුවර් කියන්නෙ නම් අබීත සහ ............ වගේ අවුල් සහගත දෙයක් නෙමෙයි. ඒ නිසා මමත් ඒ ටිම් එකට සෙට් වුනා.
මම පුද්ගලිකව බැක්පැකින් වලට ආසයි. ඒත් මේ වගේ සංචාර වලදි අලුත් යාලුවෝ අලුත් මාදිලියේ දේවල් අපිට හමුවෙනවා. උදාහරණ විදියට මේ පිරිස එක්ක එකතුවෙලා අලුත්ම පිරිසක් අදුරගෙන විවිධ ස්පෝට්ස් ඇක්ටිවිටි, නාන කියන වැඩ, කොරල් බැලීම් වන්දනා කටයුතු කරන එකෙත් ලොකු ලල් එකක් තියෙනවා. අපිට ප්ලේස් විතරක්නෙමෙයි නඩෙත් අලුත්.
ආරම්භය
අපි සෙට් වුනේ කොටුව ස්ටේශමේ ලේක්හවුස් පැත්තේ සම්පත් බැංකුව ගාවින්. එතනට කට්ටිය ඇවිල්ලා හිටියා. ලක්ශණ ගෑනු ලමයෙකුත් හිටියා. එයා තමයි රන්මදු. ඉතිං රන්මදුගේ සීට් එකේ ඉඩ තිබුනා තව කෙනෙක්ට. ඒ සීට් එකේ විතරක් ඉඩ තිබිලා අනික් තැන් ඕකකෝම පිරිලා තිබ්බනම් මරු නේද? ඒත් එහෙම වුනේ නැහැ නේ. අනෙක් සිට් වල ත් කට්ටිය කවුරුවත් නැහැ. අපි 12-13ක් විතර ජර්නි මාදිලියේ බස් එකක බොහොම සැහැල්ලුවේන ගියේ. ඒ වගේම අපිට බයක් තිබුනා ඊලගට නගින අපේ නලින් මිත්‍රයා රන්මදුගේ සීට් එකේ වාඩිවේවිද දන් නෑ කියලා. අපි ඒකට දීර්ඝකාලීන වැඩපිලිවෙලකුත් සකස් කරගෙනම තමයි ගියේ. වැරදිලාවත් නලියා වාඩි වුනානම් එතැන ලොකු ගින්නක් නැහැ. ඒත් ඉතිං අපි වාඩි නොවී නලියා ගියාම අපිට එන ලිංගික ඉරිසියාව? ඒක මනින්න බැහැ නේ.
රන්මදු කියන්නේ හැඩකාර ඒත් කටකාර නැති බොහොම නිහඩ චරිතයක් වගේ මට පෙනුනේ. හැඩකාර කිව්වම ඉතිං ඒක සාපේක්ශයි. කෙනෙක්ට හිතෙන්න පුලුවන් යකෝ මේ මොන හැඩකාරද? වැඩන් නැහැ කියලා.එ ්ක ඇත්ත ඉතිං මට ලස්සන එක මම ලසස්නයි කියන්න ඕනි නේ. ඒ නිසා ඔන්න රන්මදු ලස්සනයි කිව්වා ආයේ කෙපර බාන්නේ නැතුවම.
මග තේ වතුර බිව්ව කඩේ
තේ වතුර බොන්න තැනක් හොයාගෙන යද්දි අපිට මීට් වුනා පොඩි කඩයක්. එකේ අලකොල එක්ක රොටි තියෙනවා කියල තිබුනේ. මම හිතුවේ අලකොල දාලා එලවලු රොටී වගේ යමක් වෙන්න ඇති කියලා. ඒත් ඒ තිබුනේ අලකොල මොනවද කරලා තම්බලා සම්බෝල හදලා. ඒ සම්බෝල එක්ක රොටි. ලොකු කික් එකක් නැහැ. ඒත් ඒ වෙලාවෙි හැටියට උණු රොටි දෙක තුනක් කෑවා. මේ හරිය මම හිතන්නේ දඹුල්ලට කිට්ටුව.
තේ ෙෙබොන ෙෙෙෙෙඩේ තිබ්බබ පරණ බඩු |
දැන් වෙලාව රෑ 12 පහුවෙලා. 12 පහුවෙලා රෑ 2-3-4 වෙද්දි අපි ඉන්නේ අලි ඉන්න කැලෑවේ. අලි දෙන්නෙක්ම අපිට හම්බුනා.එකාලියෙක් නම් සම්පූර්ණයෙන් ෆුල් ෆ්‍රේම් එකම පේන විදියට පාරේ හිටියා. අනිකා සයිඩ් එනේ දැක්කා. අලිදෙන්නෙක් ගමන ලගා වෙන්නත් කලින් දැක්ක එක වාසනාවක්.
අපේ රියදුරු මහත්තයාට 2-3 වෙද්දි නිදිමත ලෝඩ් වුනා. මම එයාගේ පිටිපස්සේන් ඉද්දි තේරුනා පොරට එකපාර නිදිමත එනවා. එකපාර ස්ලෝ වෙන ලයින් එකක් තිබුනා. කොහොම නමුත් අපේ නලින් අයියා පස්සෙන් ඉද්දි පොඩ්ඩක් වගේ පාරෙන් එලියට යන්නත් හැදුවා. ඒ ගමන ලගම තැනින් තේ බොන්න සෙට් වුනා.එ ් වදිදියට කිහිප වතාවත් තේ බිබී හෙමින් හෙමින් අපි උදේ ඔන්න ඉර පායද්දිම ඉරක්කන්ඩි වෙත ලගා වුනා. ඉරක්කන්ඩි වල අබීතගේ ගෙස්ට් හවුස් පොට් එකක් තියේ. ඒක මැක්සා ලොකේසන් එක. මේ පැත්තේන් ගියොත් මූද, අනෙක් පැත්තෙන් ගියොත් කලපුව. අපි වෙලාවකට මූදේ නානවා. අනික් වෙලාවට කලපවේ ගිහින් බෝට්ටු පදිනවා. ඒක මරු එක්ස්පීරියන්ස් එකක්.
අපි ගිය දවසේ පාන්දරම දැල් වල ඉදපු මාලු ගලවන ධීවරයෝ වගෙයක් සෙට් වුනා. එයාල දැල්වල අමාරුවෙන් පැටලිලා ඉන්න මාලු අමාරුවේන ගැලෙව්වා. අපේ ෆිල්මින් කෘෘ එක ඒක පොටෝ ගත්තා. ඒ වගේම පාන්දර ඉර නගින දර්ශනයත් ලස්සනයි. ඉර නැග්ගේ කොහෙන්ද කියලාලොකුවට අදහසක් නැතත් ඒ වෙද්දි අහසේ තිබුන කැටයම් ටික ගති. කලපුව ගාවට ගියාම වටේ බූමිය අංශක 270ක් විතර පදාසයක් පේනවා. ඉරක්කන්ඩි පාලම, නිලාවැලි වෙරළ, පරෙයි දූපත වගේම ඉරක්කන්ඩි මෝය කටත්මේ කලපුව ගාවට සිරාවට පේනවා. අපි ඒ දර්සනයෙන් මල්මත් වෙලා ටික වෙලාවක් එතැන හිටියා.
කයාක් පැදීම
කයාක් පැදීම කියන්නේ කයාක් පැදීමට. කලපු වතුරේ කයාක් පැදීම වෝටර් රාෆ්ටින් වල කයාක් පැදීමට වඩා වෙනස්. කලපුවේ එහා කොණ මෙහා කොණ හබල් ගාගෙන ගිහින් ෆන් එකක් ගන්න අපි සෙට් එකම එකතු වුනා. කලපුව කියලා නැහැ යට ලස්සන ලස්සන මාලු ඉන්නවා. මූනට ගෑස් මාස්ක් එකක් වගේ එකක් දාගෙන කිමිදිලා අපිට මාලුත් බලන්න අවස්ථාව ලැබුනා. කලපු වතුරේහොදට නාගන්නත් අපිට චෑන්ස් එක ලැබුනා. කයාක් එක පදින්න ගියාට හබල් ගහන්න වැඩිය දන්නේ නැති අපිට ඉතිං ඒක පුරුදුවෙන්න කාලයක් ගියා. ඒ පුරුදුවෙලා ගියත් ගිහින් වෙලාවක වැලි ගොඩක් උඩ වදිනවා. ඕ ආකාරයට අපි කයාක් ආතල් එක ගත්තා.
මේ ඉරක්කන්ඩි මෝය කට හරියේ මූද හරිම නිසංසලයි. ඒ වගේම වැල්ල ඇවිල්ල පිටි වගේ පිටි වැල්ලක් තියෙන්නේ. පිටි ගතිය තිබුනාට මඩ නැහැ. ගොඩාක් දුර ගියත් වෙරළ සිට ගැඹුරුත් නැහැ. අනුරාජපුරේ වැවකින් නානවා වගේ සැහැල්ලුවෙන් අපි මූදේ නෑවා. අපරාදේ කියන්න බැහැ සෝක් කරිජ්ජ ටික. නාන අතර අප ටීම් එකේ ඩබලක් හරි ලස්සන මූර්ති වැඩක් කලා බීච් එකේ. ඒකනම් ගතියට ම තිබුනා. කිදුරියක් ලෙසටම හදලා තිබුනා. ඒ හදපු කිදුරියට පන ආවනම් සහේට ගන්න හිතෙන තරම් ලස්සනට ඒකිව හදලා තිබුනා.
හවස බෝට්ටු ගමන
මේ නිලාවැලි පැත්තේ මූද නිල්ම නිල් පාටයි. ඒ වගේම ගල් පර කොරල් පර ආදියත් තියෙනවා. අපිට බෝට්ටු ගමනේදී බෝට්ටුව මූදට ගන්න ටිකක් වැරවෑයම් කරන්නට වුනා. කලපුවේ ඉදන් මූදට වැඩි වතුර පාරක් තිබුන් නැති නිසා යට වදින්න ගත්තා.එ ්ත් අමාරුවෙන් හරි ගත්තා. බෝට්ටුවේ යද්දි බෝට්ටුවේ අයියා නම් ඔහේ කිසි ගානක් නැතුව නවනවා ස්පීඩ් කරනවා..පද්දනවා.ඒත් ඒ වැඩ දාද්දි අපේ බොකු බඩවල් කිලිපොලා යනවා. ලයිෆ් ජැකට් තිබ්බ නිසාලොකු බයක් නැහැ. ඒත් හද්දියියනේ මූදට වැටිලා මොකෙක් වත් ගිල්ලොත් කියලා බයක් තිබුනා බෝට්ටු පදිද්දි.
මේ මෝය කට ගාව පෙද පාසි වගේම පොලිතින් වගේ දේවලුත් ගොඩ ගැහිලා තිබුනා. කොළඹ මට්ටක්කුලියේ කාක දූපතේ වගේ ලොකු වට තිබුන් නැතිවුනා ලාවට වගේ එක එක දේවල් ගොඩ ගැහිල තිබුනා. සමහර තැනක තුනී පොලිතින් වලින් වෙරළ තීරය වැහිලා. අපි වෙනත් දෙයක් කියාල හිතලා අල්ලලා බලද්දි පොලිතීන්. කන බොන දේවල් කාල ඉවර වෙලා කන ඒවා වැසිකිලි වලට ගිහින් ඉවර වුනත් ඒවායේ කවර බොහෝ කාලයක් පොලවේ හෝ වතුරේ හෝ මූදු වෙරළ වල තියෙනවා. ඇත්තටම ඇසුරුම් වශයෙන් පොලිතින් ප්ලාස්ටික් ගැනීම ගැන නැවත හිතාබලන්න කාලේ ඇවිත්ය කියලා මට හිතෙන්නේ.
රෑ බාබකිව් ගමන
බාබකිව් එක දාන්න උන්නේ නම් වෙරළේ. එත් එකපාර වැස්ස ලයින් වෙන ආකාරයක් පෙන්නුම් කලා. ඒ නිසා අපි කෑම කන තැනම සයිඩි එකේ බාබකිව් එක දාන්න ඕනි කියලා කතා වුනා. බාබකිව් එක දාන්න බඩු ටික වෙරළට ගෙනිච්චත් ඒ ටික ආයේ පටවන් ඇවිත් අපි නැවතුන නවාතැනේම කෑම කන්න හදලා තිබුන පොට් එකට ඒක ඉන්ස්ටෝල් කලා.
මුහුදු කෑම වර්ග වෙන කකුලුවෝ, මාලු, ඉස්සෝ, දැල්ලෝ වගේම චිකනුත් බෘබකිව් එකේ පිච්චුනා. සුපුරුදු පානය වෙන ගල් බෝතලත් ඒ එක්ක හිස් වුනා. අපේ නලින් අයියගේ සහායක ඩැනී වෙච්චි හේමන්ත වික්‍රමසිංහ යාලුවා හරිම දක්සයා බෙර ගහන්න. බෙර කිව්වේ ගැට බෙර යක් බෙර නෙමෙ. අර එකැස් බෙර කියලා හදුන්වන ඩොල්කි සහ බොංගෝ ගහන්න මිනිහා දක්සයා. ඒ වගේම මම යම්තාක් දුරට සිංදු කියන්න දක්සයා. සිග්නල් තිබුන නිසා ලිරික්ස් අපිට හොයාගන්න අමාරු උනේ නැහැ ෆෝන් වලින්. ඇත්තටම මට හරියට කන්න උනෙත් නැහැ ඒ තරං සිංදු කිව්වා.
රෑ කෑමත් තිබුනා. ඒත් හරියටම නිච්චියක් නැහැ කෑවද නැද්ද කියාල. රෑ 12ට එකට විතර අපිට ගානට පදම. ගෑල්ලමයි දෙන්නා නම් ගියා නිදාගන්න. අනික් ජෝඩුවේ උන්න ගෑල්ලමයා නම් ආවා අපි එක්ක. කොහොමින් කොහොම හරි මේ අව් අස්සේ අපිට හිතුනා රෑ කයාක් පදින්න.
රෑ කයාක්
කයාක් එක හරෝල කරලා අරගෙන පසනුයි මායි නම් හොදට පැදලා වැඩි දුර යන්න නැතුව ආයෙම ආවා. ඒත් අපේ නලින් අයියා සහ යාලුවා සහ මම කයාක් එකේ අනික් පැත්තට හැරිලා වාඩිවෙලා හබල් ගහන්න ගිහින් බඩු පෙරළුනා. ලොකු ආබාදයක් නැහැ. කට්ටිය ජැකට් දාල හිටියේ ඇරත් ඒ කලපුවේ නොගුබුරු හරිය. කොහොමින් හරි ඔන්න නලින් අයියා කියනවා වමට වමට කියලා. ඔන්න ඒ පාර මමත් වමට ගහනවා..බෝට්ටුව කැරකෙනවා ඒ විරුද්ද පැත්තට..ආයේ දකුනට කිව්වම මෙලව සිහියක් නැතුව දකුනට ගහනවා ඒ පාර කැරකෙනවා අනික් පැත්තට . අබීත සහ අනෙක් යාලුවා නම් ගිහින් ඉරක්කන්ඩි පාලමත් පහුකරලා ඇවිත් තිබුනා. අපිට එච්චර යන්න බයහිතුනා. අනික අපේ හබල් ගැහීම් අවුල්. ඉතිං ටිකක් වෙලා ඉදලා ආයේම ආවා. ආයේ ඇවිත් ලෑන්ඩ් කරන්න උනේ නෑ ආයේ පෙරලුනා. මම ඇදන් හිටියේ සරම. සරමත් තෙමුනා ඒ වෙලාවේ නම්.
අපි කොහොම හරි ඊලග දවසේ පාන්දරම නැගිටින්න ඕනි නිසා පිස්සු එතනින් නවත්වලා නිදාගන්න ගියා. අපිත් එක්ක මගේ වයසේම වගේ තවත් සහොදරියක් ගියා. ඇය නම් පොඩ්ඩක් ගිලෙන්නත් වගේ ගියා නාන්න යද්දි. කලපුවේ ගලක් තියෙනවා ගල එහා පැත්තේ පොඩ්ඩ්ක ගැඹුරයි. ඒ හරියට යන්න එපාය කියලා තිබුනේ. කොහොම හරි ඉතිං ගියා ආසාව නිසා එතැන පෙඩ්ඩක් ගිලෙන්න ගියා. ඒ වගේම අපි කලපුවෙන් එතෙර වෙන්න කයාක් එක නැතුව පයින් එන්න ආවා. ඒකත් ලල් ගමන. සමහර තැනක ඉන ගාවට වතුර. ඒකෙදිත් අපේ ඒ සහෝදරී පොඩ්ඩක් ගිලෙන්න ගිහින් පසනා ගොඩ දාගත්තා.
ඇත්තටම ඒක මතක හිටින දවසක්. මට ගෝ ප්‍රෝ එකක් නැති එක ගැන සිරා සාංකාවක් ඇතිවුනා. මූද යට දැක්ක සමහර දේවල් රූගත කරන්න හැකියාවක් තිබුනේ නැහැ. ගෝ ප්‍රෝ එකක් ගැන හින දැක දැක උන්නත් ඒකක් ගන්න තාම බැරිවුනා. ගමන ඇවිත් බලද්දි මම බල බල ඉදිය ගෝ ප්‍රෝ හීරෝ 2018 කියන බජට් ගෝ ප්‍රෝ එක බඩු ඉවර වෙලා. බජට් කිව්වට ඒකත් රුපියල් 31,000ක් විතර වෙනවා.
විස්තරේට ස්තූතියි අමිලයා...
ReplyDeleteඔක්කෝමත් හරි උඹගේ සරම තෙමිච්චි එකටයි බං මට දුක. නලියාද?? අපි ඒ ගැන කතා නොකර ඉම්මු හැක්
ReplyDeleteබලාං මේ කැලියෝ මට විරුද්ධව කුමන්ත්‍රණ කරලා
Deleteට්‍රිප් එකකත් ලස්සනයි. අර ගෑණු ළමයත් ලස්සනයි.
ReplyDelete++++++++
ReplyDeleteපයියා නැග්ගා අමිල මේ කෑල්ල දකිද්දී. උබ හිකුවේ නැද්ද මේකිට ඉරක්කන්ඩි වලදී. පුකෙත් අරින්න තිබ්බේ.
ReplyDeleteඔය පැත්තට මම ගිහිල්ලම නැහැ...
ReplyDeleteනියම ට්‍රිප් එකක් වගේ...
පට්ට පට පට... රහ ලියැවිල්ල.. මේ ටොපි මං අර කෙළි ගාව ඉදගන්නවට හෙන ගේමක් ගහලා එහෙමනං නේහ්.. ඔව්වා අභියගේ කුමන්ත්‍රණ. මේ අර රොටි කෑවේ දඹුල්ලේ නෙමේ දංඕවිටදි....
ReplyDelete