Saturday, October 6, 2018

කඩදාසි මල a flower a paper




උඹට තේරෙන් නැහැ මිනිහෝ උඹ ඒ ගැනිගේ වැඩ කාරයෙක් වෙලා.

වැඩකාරයෙක්. වැඩකාරයෙක් කියනනේ මොකෙක්ද? දවසක් පුංචි ශේන් ට ලස්සන සරුංගලයක් යවන්න ඕනි වුනා. හවසක. ඉතිං එදා නිම්මිටත් නිවාඩු. මට කතාකරද්දි මම උන්නේ වැඩක් එනකල් බලාගෙන. හැමදාම කොහෙද ඉතිං අපිට වැඩ. ඉතිං මම එදා ගිහින් ශේන් සහ නිම්මි එක්ක සරුංගල් යැව්වා. ඒක බොහොම හොද තැනක්.

ඒ වගේම තව දවසක් මට අම්බානක වැඩ තියෙන වෙලාවක. අනේ සමී. මට මේ අලුත් චිකන් කරියේ රෙසපි එක ඉන්ටටෙන් එකේ හොයල දෙන්න කියලා නිම්මි මට වාත වෙනවා. අනේ බාන් තොගේ මිනිහගෙන් අහගාන් කියලා මම තිව්වා. මම හිතන්නේ ඉන් පස්සේ දවස් දෙක තුනක් ගියා මට නිම්මි එක්ක හරියට කතා කරන්න. ඒත් ඉතිං එහෙම තමයි.

මචං මිනිස්සු කාටහරි වැඩ කරනවා. ඒකෙන් තෘප්තියක් ලබනවා නැත්තං කොකකක් දාගනනවා හරි මොකක් හරි. වැඩකරන්නේ නිකම් නෙමෙයි. මට පුංචි ශේන් නිම්මි එක්ක සරුංගල් යවන එක බොලා පුක උඩදාන් ටෙලි නාට්ටි බලලා අඩනවා ට වඩා වටිනවා..

හ්ම්.. දැන් උඹට ඔය නිම්මිගේ මිනිහා හම්බෙලා නැද්ද? ඌ සැක කලේ නැද්ද?

ඒක දිගකතාවක් බන්.. උඹට ඕනි නම් කියන්නම්. ඒත් ඒ යකා පොන්නයෙක් නෙමෙයි. මම කියන විදියෙන් සමහර විට පොන්නයෙක් කියල හිතෙයි. ඒත් අවසානේ බලෙන් හරි උඹ හිතපන් ඌ පොන්නයෙක් නෙමෙයි. මොකද මම ගැනියෙක් ගැන කියන්නේ මම පොර වෙලා. එතකොට ඒ ගෑනිට ඉන්න අනෙක් මිනිහෙක් කවදාවත් හොද එකා කියලා කට ඇරලා මට හරියට කියාගන්න අමාරු වෙයි. ඒත් එතනින් කියවෙන්නේ නැහැ අර මිනිහා නරක එකෙක් කියලා.

උඹට මේ සමීකරණ අමාරු ඇති. හරි. ඒත් උඹ කැමතිද? නිම්මි සහ මං ගැන ඌ සැක කලාද කියලා දැනගන්න?

නැතුව.. උඹ එක්ක කතා කරද්දි මට මචං අපේ ගෙවල් වල තියෙනවාට වඩා අමුතු පස්න එනවා. හරියට පාන් කැල්ලකට ජෑම් ටිකක් දාලා ගත්තා වගේ.. මට තියෙන පස්න පාන් කෑල්ල වගේ මෙලෝ රහක් නැහැ..උඹ විස්තර කලාට පස්සේ ඒවා ට ජෑම් දැම්ම වගේ.. හරි කියපං. මන් හරි නම් නිම්මිගේ මිනිහා සුමල්..

හ්ම්.. සුමල් හරි හොද මිනිහෙක්. සුමල් දක්ශයෙක්. සුමල් උදෙන් නැගිටිනවා. ගෙදර වැඩ කරනවා. මම දන්න විදියට නිම්මි එච්චර කිව්වේ නැති වුනා ඌ ඕකිට පොලුත් ගාල දෙනවා. ඒ වගේම බිස්නස් මයින්ඩ් එකක් තියෙන හොද පොරක්. අනෙක් බිස්නස් කාරයෝ වගේම මිනිහ ටිකක් බිසි. ඒ වගේම හරිම පිලිවෙලයි. ගානට හැම දේම. පොර දවසක් නිම්මි ගන්න එනවා කිව්වොත් මිනිහට එන්න බැරිනම් එදාට කාර් එක හරි එවනවා. නිම්මිට ඒක ඕනි නැතිනම් ඌට කියන්න ඕනි කලින්.

මෙන්න මේ වගේ. ඔන්න ඌ පහුගිය කාලේ ගියා මචං ඇල්ල. හොද තැනක් බුක් කලා. ඒ වගේම බලන්න ඕන තැන් ටික කලින් නිම්මිගෙනුත් ඇහුවා. නිම්මි මගෙන් අහලා මමත් කිව්ව නේ බන්.. ඒම කියලා නිම්මි කැමති විදිය. පොඩි එකාට ඕනි විදිය අනුව මූ ප්ලෑන් කරලා කෝච්චි ටිකට් වෙන් කරලා හරිම ගානට ට්‍රිප් එක. අඩෝ දසමයක් වෙනස් නෑ.

ඔන්න ඒකම මම කලා කියල හිතහං. උදේ යන්න මතක් වුනා කොහෙට හරි කෝල් කලා බස් වෙලා කෝච්චි වෙලා අහගත්තා පුක කැඩිච්ච එකා වගේ මල්ල හදාගත්තා ගියා. ඒත් සුමල් ඒකේ ඔපොසිට් එක. මිනිහගේ පන්චුවල් එක වෙන්නැති සක්සස් එක.

උඹ මාට්ටු වෙලාම නැද්ද? ඉතිං?

මාට්ටු වෙන්න මම මොකුත් කරලා නැහැ. මෙතන තියෙන්නේ එහෙම එකක් නෙමෙයි. වෙනමම ආතල් එකක්. මම පොඩි සයිඩ් කැරැක්ටර් එකක් කරනවා එච්චරයි.

සුමල් නිම්මිව කාලයක් හොදට ට්‍රැක් කලාලු. කොටින්ම නිම්මිගේ මැසේජ් කෝල් පවා බලන්න ඇති කියලා තමයි නිම්මි කියන්නේ. ඒත් මොකවත් හොයාගන්න බැරිවලො දවසක් සුමල් රෑ ඇඩුවලු. මම ඔයා ගැන සැක කලා ඒත් හැම තැනම ඔයා හරි කියලා. ගෑනුනේ බන්..මට විස්වාස නැහැ සම්පූර්ණ කතාව. ඒත් ඌ හොයන්න නම් ඇති. හම්බුනේ නැත්තේ මොකවත් තිබුන් නැති නිසා. පස්සේ මම හිතන්නේ සුමල් තේරුම් ගත්තා මගේ ලයිෆ් එක. බිස්නස් වල බැහැලම  උන් නැති වුනාට මටත් අමුතු වාසි ජල්තර ඔපරේශන් පුලුවන් කියලා බාගෙදා නිම්මිම සුමල්ගේ ඔලුවට ඔබ්බවන්න ඇති.

ම්ම් ..ඇත්ත කියපං උඹ නිම්මිව දවසක් හරි උස්සලා නැද්ද?

මචන් අර හුනුකොටුව හන්දිය ගාවින් ඇතුලට ගියාම තියෙනවා පොට් එකක්. ගෑනියෙක් ඉන්නවා මහත. එතනට ගිහින් තට්ටු කරාම දොර ඇරෙනවා. ඒකේ ඉන්නවා සමහර දවසට පොඩි කෙල්ලොත්. පොඩි කිව්වේ ඉතිං විස්සේ විසිපහේ. හැමදාම නත්තල් නැහැ. ඒත් සමහර දවසට මට හොද පහරවල් සෙට් වෙනවා. මට නිම්මි සලකනවා බන්.. මම  මොනාහරි එයාගේ කේක් හදන ටූල් එකක් හොයලා හොයල ගෙනහින් දුන්නත් තුන් හාරදහක් දෙනවා. මට ඒකිගේ කිරි බොන්න ඕනි නැහැ. මම ගිහින් ඒ සල්ලිවලින් වෙන කඩේකින් කිරි පැකට් එකක් බෙනවා.. සරලයි නේහ්.

ඊය යකෝ ඒ වුනාට ඔය වේස ගැනු වගේ නෙමෙයි නෙ..තූ නොදකින් තොට පින නැහැ.. ?


උඹ හිතනවට වඩා සුමල් කපටියා. වැරදිලාහරි මේක නැවුන නම් සුමල්ට මාට්ටු වෙනවා. සුමල් දන්නවා මම සේවක මාදිලි බුවෙක් කියලා. ඇරත් බන් මම හිතන්නේ මට දෙයක් ලැබෙනවා. මම ඒකට කඩේ යනවා. මේ ලගදි යකෝ මම කිරිඅම්මා දානෙකුත් කරා නේ..ඒක ඇවිල්ලා නිම්මිගේ රට ඉදන් ආපු යාලුවෙකුට. උන්ට ඕනි කරන බඩු හොයලා මට ඇතිවුනා. ඒකිනම් මහතයි. ආයේ අහන්න එපා මම ඒකිටත් ඇන්නේ නැහැ. කොහොම හරි කස්ටමර්ලා ටික මට ගානට කැමති වුනා. උන්ගේ දැන් කොහෙහරි ඔය දානයක් ආවොත් මට කිරි අම්මලා ගෙන් කන්ටැක් තියෙනවා. එක හෙඩ් අම්මෙක් ඉන්නවා පට්ට සෙක්සි..ඒකට තමයි මම ඊලගට දෙන්නේ කිරි අම්ම දාන.. ෂහ්.ඒක නම් සැර ආන්ටි පහර..උඹටත් නම්බරේඕනිද?

තෝ තියාගනින්.යකෝ කිරි අම්මා දානවලට එන පත ඇන්ටි පාරවල් ගහනවා..උඹ ඒවා කරගන්න අම්මලාට කඩේ යනවා නිකං.. අනේ මන්දා බන්.. උඹේ ජීවිතේ..

යකෝ ඒක තමයි ලයිප් එක.

ඔන්න බන් පහුගිය කාලේ සුමල්ට මොකක් හරි සෙට් වෙලා රට ගියා. අපි ගිහින් ඔය අපේ රටේ එහා පැත්තේ අරුගම්බේ දවස් තුනක් ඉදියා. නිම්මියි. එයාගේ යාලුවෝ දෙන්නයි බබයි මායි. මම තමයි කුකුලා. අම්බෝ අරුන් දෙන්නට ආතල් දෙන්න මාව එක්කරන් ගියාද මන්දා. එතන නම් උන් බීල වැඩිවෙලා මට ආතල් දුන්නා. කොහොම වුනත් ඒක මරු ෆන් එකඕයි..

මේ උඹ දැන් හිතන්නේ නිම්මි උඹට ලව් එකක් නැ කියලමද?

ඇති. නැතුවත් ඇති. අදාල නැහැ. දැන් දවසක් නිම්මිට ඕනි සුමල්ගේ ඔෆිස් එකේ ඉන්න මොකියක් හරි සුමල්ගේ කාර් එකේ යනවද කියලා හොයාගන්න. මොකද දවසක් මේකිට අහුවෙලා සුමල්ගේ කාර් එකේ තිබිලා කොන්ඩ බූල් එකක්. ඉතිං මම ඒක හොයාදෙන්න ඕනි. ඒකයි මචං ඒජන්ට් ලගේ වැඩේ. මට ඇත්තටම හොයාගන්න බැරි වුනා. මම කලේ වෙන එකෙක් දම්මලා සුමල්ට කිව්වා. තමුසෙ තවත් කාර් එකේ ගෑනු දාගෙන ගියොත් තමුසෙගේ වයිෆ්ට ඒ පොටෝ යවනවා කියලා. මම හිතන්නේ දැන් සුමල් කාරයා ටැක්සි වල බඩු අදිනවා ඇති ..පවු ඕයි. අහ්..මට ගාන හම්බුනා. නිම්මිගෙන්. එදා නම් මගෙන් ඇහුවා සමී. ඔයාට හිතෙන් නැද්ද මට කිස් එකක් වත් දෙන්න කියලා. මම හිතෙනවා. කියලා කිස් එකක් දිල ආවා. මං ටික දුරක් ගිහින් හැරිලා බැලුවා. එතකොට නිම්මි මගේ දිහා බලං ඉදලා මම බැලු නිසා අහක බලලා අත වැනුවා.

නිම්මිට කොහෙන්ද බං උඹට දෙන්න ඔච්චර සල්ලි/?

නිම්මි කියන්නේ මචං උඹ හිතන ජාතියේ නිකං සෙල්ලමක් නෙමෙයි. එයාට තාත්තගේ ඉඩකඩම් වල සල්ලි එනවා. ඒ වගේම උන්ට වෙනමම බිස්නස් තියෙනවා. ඉදලාම මමත් දාගෙන යනවා ඔය එක එක බිස්නස් වැඩ බලන්න. ලගදි මොනාහරි ලොකු බෑග්ස් වගයක්. සප්ලයි කරන්න කම්පැනියක ලොකු ඉවෙන්ට් එකකට. මේක ලොකු ගානක එකක්. නිම්මි බෑග්ස් ඔරිජිනල්ම ඒවා අරන් සාම්පල් යැව්වා දන්න එකෙක්ගේ මාර්ගෙන්. ඒ බෑග්ස් ආයේ කෙලින්ම බ්‍රැන්ඩඩ් සාම්පල්. අපිට ඕඩර් එක ආවා. අපි ලෝකලි දම්මල මැස්සෙව්වා හොයන්න බැරිවෙන්න. මමයි ගිහින් ඒක බැලුවේ. උඹ හිතහන් එක බෑග් එකෙන් අපිට රුපියල් තුන්දාස් පන්සියක් වැදුනා. මට ලොකු ගානක් නැහැ. ඒත් ඒකයි බිස්නස් කියන්නේ. ලොන්ත කොලිටි නෙමෙයි සුපිරියටම මැහුවා. ඒත් මාජින් සැරයි. උඹට මට බැහැ මචං එහෙම ඕඩර් ගන්න. ඒකට නිම්මි මොකෙක් හරි තොදොල් වෙලා අල්ලගන්නවා ඇති. එහෙම නැතත් කන්ටැක්ස් හැඩල් කිරිමේ නිම්මිගේ හැකියාව මාරයි.

පහුගිය දවසක ඝනයෙක් එක්ක සෙට් වෙලා සප්ලයි කරා ලොකු පූජාවකට සිවුරු. ඒකට මම එක්ක නිම්මි යැව්වේ නිම්මිගේ අයියගේ ඔෆිස් එකේ ඉන්න ලස්සනම කෙල්ලෙක්. සුදට ඇදලා ගානට මේකප් පාර දාලා. යකෝ පන්සලට ගියාම පිලිමත් හැරිල බලනවා ඒකි දිහා. ඒකිට ලස්සනට වැඩේ කියලා දීලා පොඩි රියසල් පාරකුත් දාලා මාව ඇරියා. මටත් පොඩ්ඩක් පිලිවෙලට යන්න කියලා සූට් එකක් ගන්නත් කියලා කිව්වා. කොහොම හරි ලොකු පිරිකර ලෙොට් එක ඕඩරේ  අපිට. අපිට කෝල් දෙක තුනයි බඩු ටික දෙන්න ආවා. පිනුත් හරි.ගානත් හරි වැඩෙත් හරි..

හ්ම්ම.. ඒ වුනාට ඒ ගෑනි උඹට මෙහෙම සලකනවා වැරදියි. උඹ කොච්චර මහන්සි වෙනවද ඉතිං. උඹට ඔය මොනාහරි කන්න බොන්න දීලා තුන් හාර දහක් දුන්නම උඹත් ඇන්දෙනවා..

අන්න අන්න මල්ලි තන්හාව. නිම්මි කියන්නේ උඹ දන්නවා මම ඒ කාලේ ඉදන් දන්න කෙනා. ඇත්තටම නිම්මි දන්නේ ඒ ලෙවල් කාලෙටත් කලින්. ඇත්තටම මට නිම්මි එදා ඇහුවට අකමැතියි කිව්වේ නැහැ. බැහැ කියලා කිව්වෙත් නැහැ. නිම්මි මට ඇතිවුනෙත් නැහැ නැතිවුනෙත් නැහැ. මට ලෙඩක දුකක් හැදුනත් බලනවා. කොටින්ම මම බොන එක පවා වැඩිපුර කරනකොට මේකි මොනාහරි වෙන වැඩකට හරි සෙට් එකකට හරි දාල වැඩක් දාලා ඒක අඩුකරනවා.

පහුගිය කාලේ බයික් එකෙන් වැටිලා මම ඇක්සිඩන්ට් වුනා. නිම්මි හැමදාම ආවේ නැහැ. ඒත් ඕනි වුනොත් කියන්න කිසිම අවුලක් නැහැ සමී කියලා කිව්වේ. සුමල් එක්ක ආපු දවසක සුමල්ම මෙහෙ ඉන්නේ ඇයි?  සමී අපි ආසිරි වත් යවමුද කියලා නිම්මිගෙන් ඇහුවා සුමල්ම. නිම්මි කිව්වා මෙයාට ඒකේ ගිහින් තනියෙන් ඉන්න බැහැ. ඔන්න මේ වටේ වෙන රටේ ලෙඩ බලාගෙන මෙතන ඉන්න දෙන්න කියලා. ඇත්ත මචං මොකෙක් වත් බලන්න එන්නේ නැති මම කොහොමද කාමරේක ඉන්නේ;  නිම්මි ඒක දැනං උන්නා. පුංචි ශේන් මට සෙල්ලම් කරන්න ලස්සන පොඩි සතෙකුත් ගෙනත් දුන්නා. ඒක ලස්සන ඉස්පිරිතාල අත්දැකීමක්. හැමදාම කැම බීම ටික ගානට ලැබුනා.

උඹට හිතෙන් නැද්ද කවදාහරි නිම්මි උඹව බැදලා සුමල් ගේ තැන උඹ හිටියනම් හරි කියල..?

වෙන්නේ නැති දේවල් මචං හීන දකින්න හැකියි. ඒත් මම මොකටද ඒවා අස්සේ ජීවත් වෙන්නේ. නිම්මි කීයටවත් මම වගේ අන්ස්ටේබල් එකෙක්ව බදින්නෙ ්නැහැ. නිම්මි හෙන මීටරේ ඒකි දුක්ෙ වන්න කැමති නැහැ. නිම්මි දවසක් කියනවා කොහේද යන ගමන්. බයික් වල රූම් යන කෙල්ලෝ දැකලා එයාට ඒ දවස්වලම හිතුනලු කවදාවත් බයික් එකක නම් කොල්ලෙක් එක්ක රූම් යන්නේ නැහැ කියලා. ඒ වගේම එයා රූම් ගියේ නෑමලු. ඒවනම් මම දන් නැ. එයාගේ හිතේ තියෙනවා ජීවතේ එක්ක ස්ටේටස් එකක්. එයාගේ ලෝකයක්. ඒකක් අහලක වත් මම නැහැ. මේක අර වලාකුල් වල ජීවත් වෙන දිවියලෝකේ නෙමෙයි. මට නිම්මි පේනවා..ඇහෙනවා. දකිනවා. අපි එකිනෙකා හමුවෙනවා. මම එයාට උදව් කරනවා. එයා මම ගැන හොයනවා. අපිට දැන් ශේන් ඉන්නවා. මේ එකක්වත් මම සුමල් වුනා කියලා ලැබෙන්නේ නැහැ. ලෝකෙ යනවා සමහරු සයිඩ් වෙනවා. සමහරු මාස්ටර් වෙනවා. එච්චරයි.

හරි..දැන් උඹ කිහාන් ඇයි මේ උඹ එකපාර කසාද හොයන්නේ. උමට නිකං කඩේ ගිහින් ඇති වගේ හිතුනද?

බයික් ඇක්සිඩන් එක වෙලාවේ නිම්මිට ගොඩක් දුකයි. එයාට බැහැ ආන්ඩුවේ ඉස්පිරිතාලෙකට ඇවිත නිතර මාව බලන්න. ඒ වගේම එක වෙලාවක ඇඩුවා. මට මම හිතන්නේ අපි දෙන්නගේ සම්බන්ධය තුල දෙවනි පාරට පැටියෝ කියලා මට ගොඩක් රිදෙනවාද කියලත් ඇහුවා. ඒක මටත් සැරට රිදුනා. එයා කිව්ව මට කෙල්ලෙක් ඉන්න ඕන කියලා.
එයාට ඒ මගේ කෙල්ල කවුද කොහොමද කියලා දැනගන්න ඕනි නැහැ කිව්වා. ඒත් මට කෙල්ලෙක් ඕනි කියලා නිම්මි කියනවා. මං දැන් මේ කේන්දර හදනවා. ගෙදර ගිහින් අපෙ ගෙදර අයටත් කිව්වා.

ඉතින් බන් නිම්මිටම හොයල දෙන්න කිහාං කෝ? උඹ ගැන එච්චරම දන්න එකේ..?

ම්ම්... නිම්මි කියන්නේ .. තමුසේ ගැන මම හොදට දන්නවා. තමුසේ එක්ක හරියට කෙල්ලෙක් සෙට් වුනොත් මට ඒකිව හරියන්නේ නැහැ. ඒත් සමී. තමුසෙට හැමදාම මගේ එක්ක ඉන්න බැහැ. කෙල්ලෙක් ඕනා. ඒක තේරුම් ගන්න. මටත් ඇත්තටම තේරෙන් නැහැ නිම්මිට මොකද්ද අවුල කියලා. ඒත් එයා හිතනවා මට ගැනියෙක් ඕනය කියලා. ඉතිං මම හොයනවා. සමහර විට මට තව ටික කලකින් නිම්මිම කොහෙන් හරි පර්මනන්ට් මොනාහරි රස්සාවකුත් සෙට් කරයි. දැන් මේ කරන වටපිට වැට උඩ වැඩ වලට වඩා හොද එකක්.

3 comments:

  1. හම්මේ..මෙහෙම කැරක්ටරුත් ඉන්නවා නේද බන්...

    පට්ට විදියට සේරම බැලන්ස් කරගෙන ඉන්න්නවා කියන්නෙත් දක්ෂකමක් තමයි..

    ReplyDelete
  2. මරු ඕයි..නියමයි..

    කොටින්ම මටත් හිතුන කියහංකො සේවක මාදිලි බුවෙක් වෙන්න...දෙයියම්ප...

    ReplyDelete