Tuesday, October 9, 2018

සොල්දාදු උයන්නා

1 කොටස
අඩෝ පුස්පයා උයන කෑම මරු නේ බං. අපේ ගෑනිට වත් බැහැ ඒ වගේ උයන්න. හොද වෙලාවට මේ පකයට වෙඩි තියාගන්න බැරි වුනේ. පුලුවන් වුන නම් මූත් දාන්නේ ඉස්සරහට නේ. හැබැයි ඉතිං මූ තව කොච්චර කල් තියාගෙන ඉදීද දන් නෑ. ලොක්කන්ට අහවල් රුදාව එනවා නේ හොද එකෙක් අපි එක්ක උන්නාම. ආරි සෙබලා කීවේය
ඒක ඇත්ත මචං. අපි මේ කැලේ කොයි වෙලාවේ ටෙරා පනීද කියලා බයේ ඉන්නවා. ඒත් මුන් අපිට වඩා බලන්නේ ලොක්කෝ ගැන. බන්දුල සෙබලා උත්තර දුන්නේය
අඩෝ ඇත්තට පුස්පයා එක අතකින් වාසනාවයි බන්. අපි මේ මදුරුවො කාගෙන ගද ගහගෙන වැස්සට තෙඹීගෙන..ආ.. ඒනොකන කට්ටක් නැහැ. ඌට තියෙන්නේ උයන්න පිහන්න මේක අස් කරන්න ලොක්කට උනුවතුර වත් කරන්න විතරයි. අනික ඇටෑක් එකක් ආවත් පුස්පයා අහුවෙන්න තියෙන්නෙ උගේ කරුමට ම තමයි. ඒකට අපි. වෙඩි තියන්න කිව්වම ගියානේ පුක දීගෙන..දැන් ඉතිං බට්ටෙක් පෑගුනත් ඉන්නෙපැයි දික් කොරන්... ආරි සෙබලා නැවත වේදනාවෙන් කියයි
හ්ම්.. එහෙම තමයි බන්. ඔය බට්ටට අහුවෙලා ඇගිලි තලාගන්න උන් වගේ කැත වැඩ අපිට කරන්න බැහැ නෙ බන්. උන් නම් ඇගිලි ටික මාට්ටු වෙන් න බට්ට උඩ කකුල තියෙනවා සේප් එකේ. ඉන් පසසේ ඉතින් ඉස්පිරිතාලේ. අපි පුස්පයා වගේ කුස්සියට ගියෙත් නැහැ. අරුන් වගේ බට්ට ඔබන්න ගියෙත් නැහැ. අනේ මන්දා අපිට ඉතිං ඉස්සරහින් ඇවිත් ටෙරා අරිනකල්ම මෙහෙම තමයි. බන්දුල උත්තර දුන්නේය.
අඩෝ මේ බන්දුලයා. අපි පුස්පයා ඉස්සරහට යවමුද බන්. දවසක. ලොක්කට මන් කතා කරන්නම්. ලොක්ක දවසක් කිව්වා පුස්පයා කොහොම හරි එක දවසක් හරි ඉ්සසරහට දාන්න ඕනි නැත්තං මූ මේකේ ඉන්නවා උයනවා, ගිලිනවා ගෑනි වගේ අස් පරස් කරනවා විතරයි කියලා. ආරි ට පුස්පයා ඉස්සරහට යැවිමට අදහසක් ආවේය.
අනේ මොකටද ආරියො. ඌ ඔන්නොහෙ හිටපුදෙන් බාන්. උගේ බුරිය ඇල්ලුවත් හතර අතේ වෙවුලලා හුකුස් ගාන එකා. ඕකා ඉස්සරහට යවලා මුර කරන්න දැම්මොත් ගැරඩින්ටත් බයවෙලා හූතියාවි. ඔන්නොහෙ ඉන්න ඇරහං ඌට. අපි ටෙරා කෑල්ලක් වත් එනකල් ඉමු ආතල් එකක් ගන්න. ඒකත් උත්තියෝ දැන් ඇඨෑක් වලට එවන් නැද්ද කොහෙද? සිහ්. බන්දුලවේදනාවෙන් කීවේය.
හරි හරි.. උඹ ඉදහන් එහෙනං ටෙරා කෑල්ල මේන්න කියලා බෝම්බ බැදන් උඹගේ පක කුඩුවෙන්න තියල යනකන්. ආතල් එකට හරියන්න. මම බලන්නම් පුස්පයා ඉස්සරහට තල්ලු කරල පොඩි සැපක් ගන්න. මූත් යුද්දෙට යන්න එපැයි. මූත් ගමේ ගියාම හෙන සෙබලා වගේ පාරේ යනවා ඇති පපුව ඉස්සරහට දාන්. අපි නේ දන්නේ මූ මෙතන කරන පක්කිලි වැඩ ටික. උයනවයි, ලොක්කගේ ජොක්කු හෝදනවයි..තුප් පරයා. ආරි පුස්පයා ඉදිරියට යැවීමේ ආසාව අත හැරියේ නැත.

2 කොටස
මේ අපේ පුස්ප මහත්තයා මට මතකයි අපේ ඉස්කෝලේ ඉදිය කාලේ. ඇත්තමයි මම මේ බොරු කියන්නේ මොකටද මම මෙ කොල්ලට බැනලා ඇති නිමක් නැතුව. ඒ වුනාට අපේ දේසය ගැන හිතපු වෙලාවේ ඒ වෙනුවෙන් මුලින්ම එලියට බැස්ස කෙනෙක් තමයි මේ පුස්ප පුතා. අද වෙද්දි සිය දාස් ගානින් දස දහස් ගානින් මේ වගේ පුතාල රටට ඕනි වෙලා. ඒ නිසයි මේ පුතාල අපිට වටින්නේ. මිනිහෙක්ගේ හැඩහුරුකමින්. පෙනුමින් මනින්න බැහැ. යමෙක්ව. උන්නාන්සෙත් ඒක දේසනා කොරල තියේ. ආන්න ඒ නිසා තමයි පුස්ප වීරයා අපිට වටින්නේ.
පුස්ප ගමේ උපහාර උත්සවයකට ගියේ අකමැත්තෙනි.. එහෙත් පුස්ප ගැන ස්කෝල මහත්තයා ඒසේ කීවේ දේවාලයේ වහල සකස් කිරීමට පුස්පයා රුපියල් තුන්දාහක් පරිත්‍යාග කිරීම නිසාය. පුස්පයාට දේව බැල්ම ලැබෙන බවත් පුස්පයා වැනි වීර චරිත රට ට තවත් උවමනා බවත් වැඩිදුරටත් අදහ්ස් දක්වමින් පරණ ඉස්කෝලේ මහතා කිවේය.
දේවාල කපුවා වැඩිදුර අදහස් දක්වමින්
දෙවියන් කියන්නේ හැම තිස්සේම මිනිස්සුන්ගේ දුක අහන් ඉන්න කාන්ඩයක් නෙමෙ. උන්නාන්සෙලත් තමුනගේ අනසක තියෙන බූමි රැකගන්න. තමුනගෙ ජාති ආරක්සා කරගන්න දේව යුද්ධ වලට ගියා කියල පොත පතේ තියෙනවා. මේ පුස්ප මහත්තයා දේවාලේ වහල ආරක්ෂා කරගන්න දිපු රුපියල් තුන්දාහ කියන්නේ සුලු දෙයක් නෙමෙයි. ඒක ඒ මහත්තයාට තවත් තවත් බොහෝ කල් යනතෙක් ආශීීර්වාදයක් වේවි. ඒ වගේම කොකා ගැස්සීම විතරක් නෙමෙයි යුද්දේ කියන්නේ.අපිට පේන විදියට ආරක්ෂා වීම වගේම නොපෙනන බලවේග වලිනුත් ආරක්සාවක් ලැබෙනෝ. ඒම නොපෙනෙන බලවේග වලිනුත් පුස්ප මහත්තයට ආරක්සාව එන්න මේ කරපු සත් ක්‍රියාව හේතු වෙනෝ.
ඒ අසසේ ඉදිය යාලුවො දෙන්නෙක්
අඩෝ අපි එක්ක සිගා එකක් වත් අදින්නෙ නැතුව හැල ගම්බා වගේ උන්න පුස්පයා දැන් බලහං කො. ඌ නම් අනික් උන් වගේ ඇදිල ගිහින් නැහැ. ජම්බ වගේ. තෝ දැක්කේ නෑනේ. ඊයේ හැන්දෑවේ මූ වැවේ බැහැල නෑව. ලස්සන පුක. ගෑනියෙක් වගේ. මූ හමුදාවට ගියත් හරි ලස්සන වෙලා.
පුස්පයාට පොන්නයා කියපු නැති ටික විතරයි මුන් ඒ දවස්වල. ස්කෝලයත් ඔය දැන් බොරුවට පුස්පය  දේවාලෙට රුපියල් තුන්දාහකට හොද කියෝනවා. ඉස්සර මතකයිද මූට බනින හැටි ඉස්කෝලේ. හැබැයි මචං ගෙවල් වලින් යන්න දෙන්නේ නැති මිස මටත් ඔය හමුදාවට යන්නමයි හිත. කොහෙද ඉතිං. අපේ අම්මල හිතන්නේ ගිය තැන මැරෙනවා කියල නේ.

3 කොටස
සර්.
පුස්පයා කියනවා ඌට උයන්න තියෙන්නේ හාල් විතරයි ලු. වෙන මොකවත් නැහැලු. ඉවර ලු බතුයි පරිප්පුයි ඉව්වම කොල්ලෝ කුනුහබ්බ කියනවාලු. ඌට බැහැලු. සොල්දාදෙුවෙක් පුස්පයා ගැන කේලාම් කියන්නට විය.
ඔය ගොම් පකයව දාපන් ඉස්සරහට. ඌට කිහාන් ඔය අර එහා වගුර අස්සෙන් ගිහින් එහා පැත්තේ තියෙන හිස් ගෙවල් වලින් මොනාහරි අරන් එන්න කියලා. ඌත් එනවා නැලවෙන්න. ඕකා යවන්න ඕනි. ඕකා යැව්වම ඔය කොල්ලන්ට කිහාන් තියෙන ටික එකතු කරලා මොනාහරි කරගන්න කියලා. අඩුගානේ කැද හරිහදාගන්න. මුන් මේවට ආවත් ගෙවල් වල ගෑනු වගේ වෙන්න ගන්නවා. ආවනම් ඒ විදියට ඉන්නේ නැතුව උයන්න ගියාම තක්කලි ගෙඩියයි. මිරිස් කෑල්ලයි හැම හුත්තම ඉල්ලන්න ගන්නවා. ඇරපං ඕකව. මගේ දෑටහ නොපෙනි. ටෙරාලගේ පැතතේ ගෙවල් වලටම.. සර් බුරන්නට විය.
ඒ වුනාට සර් පුස්පයාට හරියට වෙපන් එකත් බෑ වගේ..සර් කියන නිසාම.. සොල්දාදුවා සර් ඉදිරිපිට කෙදිරිගාන්නට විය.
දැන් තොට මම දෙයක් කිව්වම කොරන්න බැරි දැන් කියහන් මෙතන මහ එකා තෝද? එහෙම නැත්තං වෙන තොපේ ම්ම්..ට හැමනෙච්ච එකෙක්ද? පුස්පයා කියන්නෙත් මේකේ ඉන්න අනික් උන් වගේම යුද්දෙට ආපු එකෙක්. ඌත් යන්න ඕනි යුද්දෙට. ඌට කියලා මෙතන පුක හෝදවගන්න මට ඕන නැහැ. ඌගේ මිශන් එක ගිහින් එහෙන් බඩු ගේන එක. තේරුනයි. ආයේ මගෙන් අහන්න එන්න එපා ඌ ජොකා දාල යනවද? වෙපන් අරන් යනවද? ඌට සපෝට් යවනවද කියල. මෙච්චර හිර වෙලා ඉද්දි උඹලත් දෙයක් හිතපන්.
4 කොටස
අඩෝ මේ සර් කියනවා බං පුස්පයා යවන්නලු එහා පැත්තට. අපිට ඕනි සිල්ලර බඩු  කෑම බීම අරන් එන්න. අනේ මන්දා මචං කොච්චර වුනත් ඌ එහෙම තැනක යවන එක. දැන් මුන් අපිට කියනවා ඌව යවන්නලු. අවසානේ ඕකා ආවේ නැතිවුනොත් අපේ පපු කැවුතු තමයි පිච්චෙන්නේ.
එක අතකින් තව පිච්චෙන්න දෙයකුතු නැැහ නේ.
මුන් හැම එකාම යුද්ද කරන්න ඕනි කියන්නෙ. ඒත් හිතපං වෙප්න එකක් හරියට අල්ලගන්න බැරි හිකනලා කොහොමද ? ඌ කතා කරගෙන යනවිට එකෙක් බාදා කරන්නට විය.
තොට ලොක්කා කිව්ව නම් වද ගෑනි වගේ අඩන්නේ නැතුව තෝ ගිහින් පුස්පයාව යවහන්. තොගේ හරියට පුස්පයාගේ පුක් කාරයා වගේ නේ අඩන්නේ.

5 කොටස
සතුරු පැත්තේ මුරපොලක
අඩෝ අර ඈතින් මොකෙක්ද යනවා වගේ නේ බලහං ආන්න ගියා. ෆයර් රේන්ජ් එකෙත් නෙමෙයි.
කෝ කෙහෙද කියහං.
ආ..අහෙ..
හ්ම්ම්..
යකෝ කෝ බං..එකෙක් එනවද? බං ඔය වගුරු කෑල්ලෙන් .ඒ වුනාට බලහං වතුරෙ මොකෙක්ද ගිහින් වගේ නෙ.
කබරෙක් වෙන්න ඇති ඌරො. නිදාගනින් පිස්සු නොකෙල. එන උත්තෙක් පාන්දර ගහල දාපුදෙන්. දැන් ඕක කිව්වොත් මෙතන මහ රෑ ඔය හීතලේ ඕකේ මඩේ බැහැගෙන හාන්න වෙනව. ඔන්න නිකං ඉදපන්..
තොපි වගේ කම්මැලි එක්ක ඉතිං අනෙ මන්දා. දැන් ඕකා හෙට කොහෙන් හරි මතුවුනොත් ඉස්සරහ ඉන්නසෙට් එකම විනාසයි.
ඒ යකෝ එකෙක් ගියානම් නෙ. ඔය තෝ කබරෙයක් දැකල වෙන්න ඇති. නිදාගනින් කො පව් නොදී.
6 කොටස
මුන්ට කිසි ගුණයක් නැහැ. මුන්ට කරල වැඩක් නැහැ. දැන් ඉතිං තව ටිකකින් මැරන්න තමයි වෙන්නේ. මාතුපාලය කිව්ව විදියට උන් යන එන පාරවල් වලින් යන්න ඕනි. නැත්තං බට්ටො නෙ. මාතුපාලය මක්ක වුනත් හෙන මොල කාරයා.
දැන් ඉතිං සරම ඇදන් ආපු නිසා මුන් මං දැක්කත් එකපාර මරන එකක් නැහැ. කෝකටත් පාන්දර වෙන්න කලින් මොකක් හරි ගෙයක්වත් හොයාගන්න ඕන.
වතුරෙන් එලියට ආවා. ඉන් පස්සේ පාරේ වාහන ගිහින් තියෙනවා නම් පලයං. ඕ කිට්ටුවම ගෙවල් ඇති. මිනිස්සු නැතුව ඇති.
හ්ම්ම්.
දැන් කොච්චර ආවද? කෝ මෙලෝ සතෙක් නැහැ නෙ. බල්ලෙක් වත් නැහැ. මේ ටෙරා කටේ මැරෙන්න වෙන්නෙ.
ආහ්.. යාන්තං බිත්ති කෑල්ලක් පේනවා. යන්නෝන.
මේක බොහොම ලගදි මිනිස්සු උන්න තැනක්. ටිකක් ඇලවෙන්න ඕනි. හප්පා මහන්සියි රෑ නමවට විතර පටන් ගත්ත එක නෙ. දැන් පාන්දරත් වෙල. අඩුගානේ හැතැම්ම විස්සක් වත් එන්න ඇති. ආයි යන පාරක් නම් මතක තියෙද් දන් නැහැ.
හොරාට වගේ පාන් කෑල්ල දාන් ආපු එක වටිනවා. කන්න ඕනි මේක. අම්මෝ. කොහොම වුනත් මේ බොකු බඩවැල් ඕක්කොම තව තුන් වරුවක් පණ තියෙයි. ඉන් පස්සේ මමත් මේ ලොකෙ නැහැ.
රුපියල් තුන්දාහට වහලෙට සල්ලි දුන්නට දෙයියන්ට බැරිවෙයි මාව තව මෙ ලෝකෙ තියාගන්න. පුස්පයා සිතන්නට විය.

4 comments: