ගිය එක ලියලා ආයේම එන එක මොකක්ද කියන්නේ තකියලා බලනවා ඇති. ඒ ආපු එකෙත් තියෙනවා ලල් එකක් ඒකත් කියන්නම ඕන කියලා හිතුනා..
මඩකලපුව කොළඹ කෝච්චි
මඩකලපුවේ ඉදන් කෝච්චි තුනක් තියෙනවා. කොළඹට
මේ තියෙන්නේ ඒ විස්තර
පුලතිසි පාන්දර 0135 කොළඹට 0845
උදයදේවි උදේ 0610 කොළඹට 1515
නයිට්මේල් රෑ 2015 කොළඹට 0453
මීට අමතරව මඩකලපුවෙන් 1100ට එනවා බඩු කෝච්චියක් මහවට ඒක. මහවට එද්දි 1836 වෙනවා.. මේ කෝච්චි වල ටයිම් නම් ඉතින් පැයක් දෙකක් පරක්කු වෙන්නත් පුලුවන්. ඉතින් මුලු ඉස්ටේශන් එකටම දවසට හැඩල් වෙන්නේ කෝච්චි 4යි.. ටිකක් පාල ුලයින් එකක් තමයි තියෙන්නේ..
මඩකලපුව දුම්රිය ස්ථානය |
වැස්ස සමග
උදේ පාන්දරටත් ටිකක් වැහි ලයින් එකක් තිබුනා. මම නැවතුන අම්මාන් නවාතැනේ ඉදලා මඩකලපු ස්ටේශන් එකට කිලෝමීටරයක් විතර දරයි. කලින් දවසේ ත්‍රීළුිලර් එකකින් කිලෝමීටරයක් යන්න රුපියල් 400ක් ගත්තා. ඒ නිසා පයින්ම ගමන එන්න පටන් ගත්තා.. ගූගල් දෙවියො කොළඹට විතරද මන්දා හරි සර්විස්.. පයින් එන්නත් ටිකක් පරංගියා කෝට්ටේ පාරෙක් පෙන්නුවා. ඒ පාර දන්න පාරෙන් පයින්ම ආවා.
උදේම නවාතැනේ ඉදලා දුම්රිය ස්ථානයට යද්දි
කොළඹට මඩකලපුවේ ඉදලා ටිකැට් එක රුපියල් 520ක්. දෙවනි පන්තිය නම් දාහක් විතර වෙලා ඇති. කොහොම වුනත් මඩකලපුව දුප්පත් මිනිස්සු ඉන්න පලාත නිසාද මන්දා මිනිස්සුන්ට ඒකත් ටිකක් ලොකු ගානක්. කොල්ලෙක් ඇවිත් තුන්දෙනෙක්ට ටිකට් ඉල්ලලා දාහක් දික් කලා.. ඒත් දාහට දෙකයි ගන්න පුලුවන් කිව්වහම අමාරුවෙන් හොයල තව පන්සීයක් දික් කලා.
මුල හරිය
ඉරිදා නිස කෝච්චිය මගදි පිරුනා. ඒත් පාන්දරම නම් කෝච්චියට එච්චර සෙනගක් සෙට් වුනේ නැහැ.. සීට් වල කකුල් තියාගෙන යන්න පුලුවන් තරමට ඉඩ තිබුනා. . ඒ හරියේ පොටෝ ගහල ෛ්ස්බුක් දාලා රට මෙතෙන්ට වැටිලා තියෙන්නේ කෝච්චියේ සීට් වල කකුල් තියාගෙන ගිය නිසා කියලා චෝදනා කරන්න කෙනෙක් නැති නිසා මමාත් බය නැතුව කකුල් උඩ තියාගෙන ආවා.. මේකෙත් ඉතින් සීමා තියෙනවා.. රට වටේ කුනු ගොඩවල් පාගල ඇවිත් චොර කකුල් ආසන මත තිව්වාම ඒක කේස් . එහම නැතුව සෙරප්පු සපත්තු දාලා ඇවිත් ඒවා ගලවලා කකුල උඩ තියාන ගියා කියලා ලොකු නඩුවක් නැහැ. මොකද ඉන්දියාවේ එහෙම රෑට නිදාගන්න ලැබෙන එකම තමයි දවල්ට වාඩිවෙල යන්න තියෙන්නේ ස්ලීපර් ක්ලාස් එකේ. එතකොට කොහොමත් කකුල් ගෑවෙනවා නෙව. හිරු නගින හැටි
කඩල කරුවා.
කලින් දවසේ වගේම කෝච්චියෙන්ම තමයි කෑම බීම සෙට් කරගන්න වුනේ. මොකද 0610 වෙනකොට මඩකලපුවේ කඩ ඇරලා නැහැ. ඒ නිසා මම මොනාත් ගත්තේ නැහැ.. බිස්කට් කඩයක් එහෙම ඇරලා තිබුනා. ඒ වුනාට මගින් කඩචෝරු කෑම බිස්කට් වලට වඩා ආතල් නිසා ඒකට ලෑස්තිපිට මම කෝච්චියට නැග්ගා. කඩල කාරයා ආවා බුවාගෙන් කඩල එකක් අරගෙන කකා ආවා.. කඩල එකට පොල් වත් මිරිස් වත් මුකුත් නැහැ. ලුනු දාල තම්බලා විතරයි. ඒත් ඒකෙත් ලල් එකක් තියෙනවා..
මුල හරියේ දර්ශන
මේ මැඩකලපු පාර මඩකලපුව සයිඩ් එකේදි කෝච්චි පාරේ ඉදලා මීටර දහයක් විස්සක් ඈතින් තමයි ගෙවල් තියෙන්නේ. සමහර විට යුද්ද කාලේ බෝම්බ ගහයි කියලා බයට එහෙම තිව්වද කොහොමද දන් නෑ. ඒ වගේම ඈතින් වුනත් හොද ඈත පේන වීව් එකක් සෙට් වෙනවා. මොකද කෝච්චි පාර බිමට වඩා උසයි. හබරණ දිහාට එනකල්ම කෝච්චියට කන්දක් නගින්න නැහැ. සමතලා පොලව තියෙන්නේ. මුල හරියේ තල් ගස් ගොඩක් තිබුනා. ඒ වගේම මඩකලපුවේ නවීන සැපවත් ගෙවල් අඩුයි. පැල්පත් සහ බාගෙට හදාපු ගෙවල් තමයි වැඩිහරියක් තියෙන්නේ. මුස්ලිම් දෙමල මිනිස්සු තමයි වැඩිපුර ඉන්නේ.. මඩකලුව හරියේ රේල් පාර අයිනේ
ඉස්ස වඩේ බුවා
ඩාල් වඩේ පාල් වඩේ කියලා බුවෙක් ආවා කෝච්චියට. එයා හොද නිසාද මන්දා කෝච්චියේ නිතර යන අය කිහිප දෙනෙක්ම වඩේ ගත්තා. . මමත් ගත්තා. ඒ වඩේ මැද ඉස්සෙකුත් හිටියා. ඒත් වඩේ 5ම රුපියල් 100ක් විතරයි. ඒ පැත්තේ ඉස්සෝ ලාබ හින්දද නැත්නම් වැරදිලාද මන්දා ඒක ඒ ගානට සෙට් වුනා. කට්ටිය පැන පැන ගත්තා වගේම හරිම රසයි වඩේ. උණුවටත් තිබුනා. ඒ වගේම ඒ වඩේ වලට කිසි අවුලක් ගියේ නෑ. බඩට.. ඉස්සො වඩේ පාර්ස්ලය
ආයේම කජු කාරයා
මුලින්ම ආවා කජු බුවෙක්. එයා බැදපු කජු. ඒත් ටිකකින් කජු කාරයෝ ගොඩක් ආවා තම්බපු කජු. කෝච්චියට නැගලා ඇට වර්ග, කුරක්කන් පිටි , හැලප, වන්ඩු වේග විවිධ දේවල් විකුනනවා. ආ වෙරළු සහ අච්චාරු වගේ දේවලුත් විකුනනවා.. ගොඩක් ලාබ නම් නැහැ. ඒත් මිනිස්සු බඩු කොලිටි ඇති කියලා ගන්නවා. වෙලෙන්දෝ කෙනෙක් දෙන්නෙක් නෙමෙයි පහ හයක් එකපාර නැගලා කෑ ගගහා යනවා. මට ඉන්දියාවේ කෝච්චිය මතක් වුනා. එහේ නම් නොදන්න භාෂාවකින් කෑ ගහන නිසා ලොකු අවුලක් නැහැ. මේකේ සිංහල සහ දෙමල භාෂා දෙකෙන්ම කෑ ගහනවා මුල් හරියේ නම්.
මේ තම්බපු කජු කාරයාගේ කජු ලපටි ඒවා. කලින් දවසේ සෙට්වුන ඒවා වගේ මෝරලා නැහැ. ඒ කජු අරං පැය දෙකකින් විතර ආයේ බැදපු කජු අරං කෑවා. කෝච්චිය ගල් ඔය හරියට එද්දි සෙනග පරිලා. කොටින්ම පොලොන්නරුවට එද්දිත් කෝච්චියේ සීට් පිරෙන්න තරම් සෙනග හිටියා..
මනමපිටියට පෙර..
මනම්පිටිය හරියට එන්න කලින් මඩකලපුව හරියේදිම ගොවිපල පරිසරයක් සෙට් වෙනවා.. ඒ ගොවිපල වල රට හරක් ඉන්නවා. අඹේ වෙල වගේ කදුකර පරිසරයක් නැතත් කෝච්චියට පේන ඒ හරක් ඉන්න පැතලි පරිසරයට කදිම ලස්සනක් තියෙන්නේ. ඊට පස්සේ කලින් වගේම වනාන්තර සහ වගුරු බිම් පසුකරගෙන යන හරියක් සෙට් වෙනවා. ඒ හරියෙත් ල්සසනයි. පොලොන්නරුව කිට්ටු වෙනකොට කෙත් වතු වගා බිම් තමයි වැඩිහරියක් තියෙන්නේ.
මනම්පිටිය හරිය..
මම ඉන්දියාවේ ගිය 2017 අප්‍රේල් වල බ්‍රහ්මපුත්‍ර නදි තීරයට උඩින් ගුවාහටි වල ඉදලා ගොරක්පූර් වලට ආවා. ඒ බ්‍රහ්මපුත්‍ර නදිය හරියෙදි සාමාන්‍ය පොලව මට්ටමට වඩා මීටර 20ක් විතර උඩින් තමයි කෝච්චි පාර යන්නේ. ඒ වගේම ඒ බ්‍රහ්මපුත්‍ර නදියේ පාලම කිලෝමීටරයක් විතර දුරයි. ඒ ගග ගංවතුර කාලෙට සමහර තැන්වල කිලෝමීටර 30ක් තරම් පලලයි.
ඉතින් ඒ මතක ආයේ මතක් වුනා මේ මනම්පිටිය පාලම දිහාදි. ඒ හරියේ රේල් පාර පොලවට වඩා උඩින් හදලා තියෙන්නේ. සමහර තැන්වල ගල් දාල තියෙන්නේ කාලයකදි ගලන ගංවතුර වලින් හේදිලා ගිය නිසා වෙන්න ඇති. මනම්පිටිය ඉස්සර නම් බස් සහ කෝච්චි දෙකම ගිය පාලමක් කියලා මම අහල තියෙනවා. දැන් නම් අලුත් පාලමක් තියෙනවා බස් වලට යන්න. ඒ හරියෙදි නුවර හරියේ වගේ නෙමෙයි මහවැලි ගග පලලයි. පලල නිසා පාලමත් ටිකක් දිගයි.
අර විශ්ව විද්‍යාලයයද කොහෙද මේ.
සෙනග
ඉරිදා නිස සෙනග වැඩියි. කෝච්චියේ සීට් බලාගෙන නැගපු ගොඩක් අයට හිටං යන්න වුනා. මේ පාරේ පොලොන්නරුව දිහායින් නගින ගොඩක් කට්ටිය හාල් මලු එක මලු පෙට්ටි එක්ක නගින්නේ. ඒවා ත් එක්ක නිසා තවත් ඉඩ මදි වෙනවා.. කොහොම වුනත් මහවට එද්දි කෝච්චිය පැයක් විතර ප්‍රමාද වෙලා තිබුනා. එතැන ඉදලා ආපස්සට තමයි යන්න සෙට් වුනේ..
කෝච්චිය ඇතුලේ තුන්වෙනි පන්තිය
ඒකත් වෙනමම ආතල් එකක්. දෙවනි පන්තිය හෝ පලවෙනි පන්ති ටිකට් ගත්තොත් අපට බොහෝවිට හමු වෙන්නේ එකිනෙකා දොඩන්න කම්මැලි ටිකක් ගල් බූතයෝ වගේ කනේ ඇබ ගහගත් සෙට් එකක්. ඒත් තුන්වෙනි පන්තිය එහෙම නැහැ. හරිම ඇක්ටිව්. එක එක දේවල් ගොඩක්. පොඩි උන් ඒක්ක නැගපු සෙට් එකක පොඩිම ඩබලක් හිටියා අවුරදු 4 වගේ නිවුන්නු. ඉතින් ඒ නිවුන් දෙන්නා ට කෝච්චිය හිමින් යද්දි දිරවන් නෑ. හයියෙන් හයියෙන් කියලා කෑ ගහනවා. ඒ වගේම කෝ්චචියේ වඩේ ආදිය ගෙනියද්දි බුවාල දෙන්න නලියනවා.. සමහර විට මුස්ලිම් දමල සිංහල කියල නැහැ එකට කට්ටිය වාඩිවෙලා හැකි පමණ කතා බහ කරගෙන කෑම ආදිය බෙදාගෙන කාගෙන සුහදව යනවා..
සමස්ථ එක්ස්පීරියන්ස් එක නම් පෝස්ට් එකට ගන්න අමාරුයි. කොහොම වුනත් හැමදාම යන කදු බැලීමට වඩා වෙනමම ලල් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා මේ මඩකලපුවේ ගමන.