කොටා බාරු ඉදලා කුවාලා පර්ලිස ්කියන ටවුමට ආවා. කුවාලා පර්ලිස් වලින් බහිනකොට මහ පාන්දර .
ඉතින් ලංකාවි දූපතට යන්න තමයි මම ලෑස්ති වෙලා ඉන්නෙ. පාන්දර තොටුපලට බැස්සට අපිට ඔ්න ඔ්න වෙලාවටඔරු බෝට්ටු ෆෙරි නෑනේ. ඒ් මම උදේම ගිහින් ටිකට් ගත්ත බෝට්ටුව තියෙන්නේ හවස 4ට. මේ ඔරු බෝට්ටු විස්තර ආදිය සරලවම තියෙනවා අන්තරජාලයේ. ඒ්ත් මම හිතුවා මොකක් හරි පිටවාසියක් තියේය කියලා.
නාකි සුද්දො ඩබල
උදේම ටිකට් ගන්න ජාමේ මම ෆෙරි ඒකේ ඉද්දි වයසක ඩබලක් ආවා. ඒ් සුදදා කලින් ලංකාවි කිහිප ගමනක් ගිහිපු කෙනෙක්. ඒ් විතරක් නෙමෙයි ඒයා සිරි ලංකාවෙත් ආපු ගිහිපු කෙනෙක්. ඉතින් මේ නව බෝට්ටු ශෙඩියුල් ඒක වාතයක් කියන ඒක තමයි ඒයාගේ අදහස වුනේ. ඒ් ඒක්ක ආරංචි වුනා බඩු ගෙනියන ඒකක් කලින් යනවා කියලා. කලින් කිව්වට ඒ්ක අදින්නෙත් දවල් දොලහට විතර. ඒ්කේ යන්නත් පුලුවන්කම තියෙනවා. ඒ්ත් මම ටිකට් අරගෙන නේ. ටිකට් ඒක රිගිට් විසිදෙකක් මතක විදිහට. මම ටිකට් අරගෙන නිසා ඒ් ගැන ලොකු උනන්දුවක් කලේ නැහැ.
ඒ් උදේ ඒක ගියත් ඉතින් යද්දි ආයෙත් හවස නෙ. ඒ ්නිසා ටිකක් ඇවිද ඇවිද ඉන්න හිතුවා.
කුවාලා පර්ලිස්. වල රෙදි හේදීම
ඒ් වෙද්දි මගේ ඇදුම් ටික හෝදගත්තොත් හොදයි කියන අදහස මට ආවා. මොකදඇදුම් කට්ටල තුන හතරක් කිලුටු වෙල තිබුනා. ඒ් ඇර වෙච්ච ඇක්සිඩන් ඒක නිසා ටිකක් විවේක ගන්න අදහසකුත් තිබුනා. ඉතින් මම දැක්කා ස්වයංක්‍රීයව රෙදි සෝදන මැසින් තියෙන තැනක්. හම්මට. කවුරුවත් පේන්නත් නැහැ. කවුරුවත් ඉන්න තැනක ස්වයංක්‍රීය මැෂින් වලට අතදාන්න බයයි. මොකද මොනවා වෙයිද කියල අපි දන් නැහැ නෙ. ඒ් නිසා කවුරුත් නැති වුන ඒක හොදයි. මොනා වෙයිද කියන ඒක නෙමෙයි. අපි නොදැන ගිහින් ලැජ්ජ වෙන්න ඔ්නි නේ.
මුලින්ම ගිහින් රිගිට් ඒකක් දාලා වොෂින් මැෂිමට දාන කාසියක් ගත්තා. ඒ්ක අරගෙන තිබුන තඩිම මැෂින් ඒකකට දැම්මා. හප්පා. ඒ් ලොකුම මැෂින් ඒකට කාසි අටක් දාන්න ඔ්නි ඒ්ක ඇක්ටිව් වෙන්න. ඒ්ත් පොඩි ඒක මට හොදටම ඇති. සහ පොඩි ඒක ඇක්ටිව් වෙන්නේ කාසි හතරක් ඇති. ඒ් නිසා ආයෙමත් අර පොඩි මැෂිමට කාසි දැම්මා. කාසි හතරක් දැම්මාහම ඒ්කේ දොර අරින්න පුලුවන් වෙනවා. ඉතින ්දොර ඇරල ඉස්සරහ පැත්තෙන් රෙදි ටික ලෝඩ් කරලා ලොක් කරා. ඒ්වයේ දි රෙදි සෝදන කුඩු සුවද කාරක අනන් මනන් මොනාත් දාන්න ඔ්න නැහැ ඒ්වා ඔක්කම ඉබේම වගේ වැටෙනවා.
විනාඩි විස්සක් විතර යනවා ඒක මැෂිමකින් හේදෙන්න. ඊගාවට රෙදි ටික ගත්තම මෙන්න බොලේ තෙතයි රෙදි. ඔ්වා ඉතින් ගෑනු ගේ පිටිපස්සේ ජංගි වනනවා වගේ රෙදි වැල් ගැට ගහගෙන වේල වේල ඉන්න බැහැ නේ ගමන් වලදි. ඒ් පාර මම ටිකක් විපරම් කරල බැලින්නම් ඊට ටිකක් ඒහායින් තියෙනවා ඩ්‍රයින් මැෂින්. ඒ් ඩ්‍රයින් මැෂිමක් ඔන් වෙන්නත් යනවා තව රිගිට් 4ක්. ඒ් ගමන ඉතින් ආයේ සල්ලි ටිකක් අරගෙන ඒ්කට දැම්මා. දාල ඇරල දැම්මාහම ඒකෙ රෙදි වේලිලා ඒන්නත් යනවා විනාඩි පාලහක් විතර.
ඔහොමින් හරි ඒ් රෙදි ටික ගානට වේලිලා තිබුනා. ඒ් වගේම ටී ෂර්ට් ඒකේ තිබුන ලේ පැල්ලම් සහ පරණ පැල්ලම් තිබුන ඒ්වා හැම ඒකක්ම වගේ අයින් වෙලා ෆුල් ක්ලීන් ඒකට රෙදි ටික ඇවිත් තිබුනා. අපිට ගත වෙන කාලය වෙන්න ඔ්න මහන්සිය දාන්න ඔ්න සෝදන කුඩු විශේෂයෙන්ම මේ කාලේ ගෙදර මැසිමකින් හෝදනවා නම් යන වතුර විදුලිය ඔය ඔක්කම සැලකුවාට පස්සේ රුපියල් හයසීයක් විතර රෙදි කෑලි දහයක් හෝදගන්න ගියාට ඒ්ක ලාබයි කියල මට හිතුනේ.
මග කෑම සහ කාලේ කෑම
ඊගාටව වෙලාව බැලින්නම් ඒත් උදේ දහයයි. පාන්දරම ආපු ගමන් කෑම කෑව නිසා බඩගිනිත් නැහැ. ඊ ගාවට ගිහින් දවල් කාලේ වොශ් ඒකක් දාගෙන නිවිහැනහිල්ලේ හොටල් ඒකක ගත කරනවාද කියල මට හිතුනා. ඒ් පාර ගිහින් ලගපාත හෝටලයක් බැලුවා. මැප් කරගෙන ගිහින් ඇහුවාම රිගිට් 80ක් ඉල්ලනවා ඒ්කේ කාමරයකට. ඒ් ගාන ටිකක් වැඩියි වැඩියි වගේ කියල හිතුනා.
ඉන් පස්සේ ටිකක් ඉබාගාතේ කොට පාරකින් ආයේ ඇවිද ඇවිද තොටුපලට ඒද්දි පොඩි තැනක කෑම තියෙනවා බීම තියෙනවා. මැලේසියාවේ තියෙන සිරිතක් තමයි කෑම ඒක්ක බීම යන ඒක. ඒ් බීම ඒක ලෙමන් අයිස් ටී , තේ වතුර මයිලෝ ෆෘට් ජූස් කොකාකෝලා ආදී විශාල පරාසයක් වෙන්න පුලුවන්. කොහොම හරි කෑම ඒකයි ඒ් අයිස් දාපු බීම ඒකයි නම් අනිවාර්යෙය්න්ම ඒක ලග යනවා.
ඒ් කඩේ කෙල්ල මට කිරි තේ ඒකක් හදල ගෙනත් දුන්නා කූල් ඒකක්. ඒ්ක ලාවට ගෑවුන තැන කූඹී ඒච්චරට සීනි දාලා. ලංකාවේ වගේ කිරි තේ හදන්න මැලේසියාවේ කිරිපිටි ගන්නේ නැහැ. ටිංකිරි වලින් තමයි හදන්නේ. ටිංකිරි සාපේක්ෂව කිරිපිටි දාල හදන තේ ඒකට වඩා සුපිරි රසක් තියෙනවා.
මස් ජාති පුච්චමින් සහ බදිමින් තමයි ඒයාල හිටියේ කෙබාබ් සහ වෙනත් බැදපු මස් විකුනන්න තිබුනා. ඒ් පේන්න තිබුන ඒවා සාපේක්ෂව ලාබයි. පොඩි නෙස්කැෆේ කප් කෑල්ලකට බැදපු චිකන් කෑලි කීපයක් දාලා තිබුනා. ඒ්කට රිගිට් ඒකක් දෙකක් විතරයි. ඒහෙම ඉතින ්ලාබ නිසා සහ කරන්න වැඩක් නැති නිසා නැවතිලා ටිකක් කකා බිබී හිටියා.
ආයේ ඇවිත් කලින් ගිය 3 බෝටුවත් යනකල් හිටියා ටැග් ගැහි ගැහි. ඒ් ජැටියට බෝට්ටු ඒනකල් වෙයිටින් ඉන්න මහ විශාල සාලාවක් තියෙනවා. ඒ් සාලාව කෙළවරේ ටැක්සි ඉස්ටෑන්ඩ් ඒක ඒතනිනුත් ටිකක් ගියාම බස් නැවතුම. හරිම පිලිවෙලට මිනිස්සු දෙතුන් දාහකට ඒකපාර සේවා ගන් පුලුවන් විදිහට ඒ් තොටුපල හදලා තියෙනවා. ලංකාවෙත් ඉස්සරහට කතාවෙනවා මම හිතන්නේ ලංකාවයි ඉන්දියාවයි බෝට්ටු වලින් සම්බන්ධ කරන්න. ඒ්ම දේකට අවශය පහසුකම් සැලසුම් කරන්න මේ වගේ තොටුපලක් හොද උදාහරණයක්.
හතරේ බෝට්ටුවේ අය සෙට් වෙන්න ගත්තම පෝලිමට ගියා. මෙහෙ ගෙුවන්තොටුපල වගේම තමයි ටිකක්. පෙලක් අය ටිකැට් අරගනෙ යෙනවා. තවත් අය ඔන්ලයින් ලැබුන ටිකැට් ඒක මැෂිමට අල්ලනවා. බෝට්ටවට කට්ටිය වාඩි කරද්දි නම්බර් ඔ්ඩරයක් තියෙනවා ඒ් අනුව තමයි වාඩිෙ කරන්නේ.
අපි ඉතින් අවසානෙටම ටිකට් ගත්ත කට්ටිය නිසා අපිට මැද සීට් තමයි හම්බුනේ. ජනේල ගාව ලබුනය කියලා ඒහෙමට දෙයක් නැහැ මග දිගට බලන්න. බෝට්ටුව යන වෙලාවටයි ඒන වෙලාවටයි ටිකක් පේනවා ඒච්චරයි. බෝට්ටුව ඇතුලේ චූටි ටීවි දෙකක් දාල ඒ්වයේ රම්බෝ ෆිල්ම දාල තිබුනා. දැක්ක විදිහට බෝට්ටුවෙ ්තට්ටු තුනයි. මැද ඒකයි උඩ යට දෙකයි. මම ගියේ මැද ඒකේ.
පෑ බාගයක් විතර ගියා. ටිකක් නින්ද ගියත් ඒකක. කලින්ම කිව්ව වගේ මම උදේම ටිකට් ගද්දි පෝලිමේ හිටිය මැලේ අංකල් බුවා තමයි මම ලගින් සෙට් වුනේ. ඒයාට පසසේ තමයි අර සුද්දියෝ දෙන්නා. සුද්දි මැලේ අංකල් තමුන්ට යාබද වෙනවාට වැඩි කැමැත්තක් දැක්කුවේ නැහැ. මැලේ අංකල් පෞ. පොර ටිපිටිප් වගේ තඩි පැකට් ඒකක් අරගෙන සුද්දිට දික් කලා ඒයා ගත්තෙත් නෑ. මට දික් කලා මම ගත්තෙත් නැහැ. ඇත්තටම මට ඒහෙම ගමන් යනකොට අත උඩ තියාගෙන ස්නැකස් කන ඒක ඒච්චරම සෙට් නෑ. ඒ නිසා මමත් බෑ කිව්වා. පොර ඒ් පාර ජර බර ගගා කනවා ඇහුනා.
ලංකාවි වලට බැස්සට පසසේ ඒකපාර ඉතින් දෙතුන ්දාහක් මහ සෙනගක් නේ. ඒලියට බැස්ස තැන ටැක්සි සහ ග්‍රැබ් වලට ඒක පෝලිමක් ඒතන. මුලින්ම තොටපුලට ආසන්න නගරයට ආසන්න තැනක නවාතැනක්‌ෙ සායාගත්තා. ගූගල් කරලා ඒ් තැන සොයාගෙන ඒතන්ට කොල් කරලා කන්ෆර්ම් කරගත්තා. බුකින් ඩොට් කොම් වලින් බුක් කරලා යනවාට වඩා ගිහින්ම බලලා කාමර තොරගන්න ඒක තමයි මම සාමාන්‍යයෙන් කරන්නේ. ඉතින් බෝට්ටුවෙ ්ඉද්දි මුලින්ම මම තෝරගෙන තිබුන ලේසි නවාතැන ජැටි ඒකේ ඉදන් කිලෝමීටර 18ක් විතර දුර. ඒතකොට ග්‍රැබ් ඒකට ගෙවන්න වෙනවා සැර ගානක්. ඒ් ගමන හොටල් ඩි බ්ලූ කියන සරල පොඩි කාමරයක් බුක් කරගන්න කෝල් කලා. ඒ්ක ලගපාත කිලෝමිටර පහක් ඇති ජැටියට.
ඒ් දුර යන්න ඉතින් ග්‍රැබ් ඒක ගහල බැලුවා. පලවෙනි කෙනාට බැහැ කියල කැන්සල් කලා ඒයාම. මම හිතන්නේ ඒයා හිටියෙ ්ට්‍රැෙික් ඒකක. මෙතන ඒකපාර මගීන් දාහක් විතර ජැටිය ඉස්සරහට වෙලා ටැක්සි හොයනවා ග්‍රැබ් දානවා නිසා ඒවෙලෙම ග්‍රැබ් ඒකක් ගන්න අමාරුයි කියල මට වැටහුනා. ඒ් ගමන ටිකක් කැරකිලා හවස් වෙච්ච නිසා කන්න තැනක් බැලුවා. දෙමල මිනිස්සු වගයක් කරන කඩයක මට කතා කරා කන්න.
ඒතන්ට ගිහින් කිරි තේ ඒකක් කූල් ඒකට අරගෙන තව බිත්තර රොටියකුය් පරාටයකුයි ඇනවුම් කලා. ඒ්වා ඉතින් අමාරු වැඩ. බිත්තර රොටි ඒක පෙන්නලා පරාටේ පෙන්නලා තමයි ගෙන්නාගත්තේ. හැබැයි මෙහේ බොහෝ වෙලාවට කිව්වට පස්සේ තමයි බිත්තර රොටිය දාන්නේ. කලින් දාල සෝකේස් වල දාගන ඉන්නේ නැහැ. ඒතනින් කාල ටිකක් ඇවිදල චූ ටිකක් දාල ඇවිත් ග්‍රැබ් ඒක බැලින්නම් කලින් රිගිට් 5ක් පෙන්නුව දුර දැන් 7ක් වෙලා. මොකද ඇප් වල ඒහෙම නේ.
ආයේ තව විනාඩි දහයක් විතර ඉද්දි ඒ්ක ආයේම 6 වුනා. 6 වුනාම මම කැබ් ඒකක් ඉල්ලුවා. කෙල්ලෙක් කතා කලේ. ආවෙත් කෙල්ලෙක්. ඇප් ඒකේ ටිකක් වයසක පෙනුම වුනාට ආවට පස්සෛ් ඉටිකිරිස් කෑල්ලක් කියල පෙනුනා. ඒයා ගැනු නිසා මම ලැජ්ජාවට පිටිපසේස්න් නැග්ගා.
නැගල නවාතැනට ගියා. විනාඩි දහයක් විතර ගමන. ඔලුව වහල තිබුනා. මුස්ලිම් රටක් වෙලාත් ගෑනු අය කිසි අවුලක් නැතුව ඒ් රටවල ටැක්සි සේවාවන් වලත් යනවා ටුවරිස්ට් ඒරියා වල.මට පුදුම හිතුනා. හහොටල් ඒකට ගියාම රිගිට් 70කට විතර හොද කාමර තියෙනවා. ඉතින් වාසි නෙ. මම ගිහින් වොෂ් ඒකක් දාල ඒලිටය කන්න යන්නෙත් නැතුවම නිදා ගත්තා. හොටලේ ඇතෙුල් තිබුනා කිරිකෝපි පැකට් . ඒ්වායෙන් ඒකක් හදල රෑට බිව්වා. හවසත් කෑව නේ බිත්තර රොටි ඒ් නිසා බඩගින්නක් තිබුන් නහෑ.