Tuesday, August 8, 2023

ක්වාලලම්පුර් වල කෝච්චි බස්

 ග්‍රවන් තොට සිට නගරයට.. 

ඔන්න අපි බැස්ස නේ ක්වාලලම්පුර් වලට කොළඹ ඉදලා ගිහින්. ඒ් ගිහින් ඒ් ගුවන්තොටුපලින් ඒලියට ආවහම අපිට නගරයට කිලෝමීටර පනහක විතර දුරක් තියෙනවා. මේ නගරයට යන්න ක්‍රම ගනනාවක් තියනෙවා. 

 

ලංකාවි ගුවන්තොටුපල

 

  1. ඒයාපෝට් ඒකේ ඉදන් කෙලින්ම තියෙනවා මෙට්‍රො දුම්රියක්. ඒ්ක ඒයාපෝට් ඒකෙන් පටන් අරගෙන කෙලින්ම කේ ඒල් සෙන්ට්‍රල් හෙවත් ක්වාලලම්පුර සිටි සෙන්ට්‍රල් ඒකට යනවා. කෝචච් ටිකට් ඒකක් මැලේසියන් රිගිට් 50ක්. ඒ්ත් පැය බාගෙන් කෙලින්ම නගර සෙන්ට්‍රලයට යනවා. 

  2. ගුවන් තොටුපලේ යටම තට්ටුවේ ඒ් කිව්වේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ ඒකේ ඉදලා නගරයේ ස්ථාන කිහිපයකට බස් ධාවනය වෙනවා. කේ ඒල් සෙන්ට්‍රල් පුඩු සෙන්ට්‍රල් පුත්‍රජයා ආදී වශයෙන් බස් කිහිපයක් තියෙනවා. අපි ඒයාපෝට් ඒකෙන් ඒලියට ඇවිත් මේ බස් ඒකක් ගත්තොත් අපිට ඒ්කෙනුත් සිටි ඒකට යන්න පුලුවන්. මේ බස් ටිකැට් ඒකක් මැලේසියන් රිගිට් 15ක් විතර වෙනවා. කාලය පැයක් විතර යනවා. 

  3. ග්‍රැබ් ටැක්සි තවත් ක්‍රමයක්. දෙවනි තට්ටුවෙන් ග්‍රැබ් ඒකක් ගන්න පුලුවන්. ග්‍රැබ් කියන්නෙ ්ලංකාවෙ ්තියෙන පික් මී ඌබර් වගේ මැලේසියාවේ තියෙන ටැක්සි සේවාව. ගැබ් මැලේසියාවේ විතරක් නෙමෙයි සිංගා සහ තායි රටවලත් තියෙනවා. ඉතින් මේ ග්‍රැබ් වලින් තියෙන වාසිය තමයි 4 දෙනක් වගේ ඉන්නවා නම් අපිට අවශය තැනටම කිසි ගේමක් නැතුව ගමන යන්න පුලුවන්. 


නගරය ඇතුල ට්‍රාන්ස්පෝට් 


ක්වාලලම්පුර් වල පබ්ලික් ට්‍රාන්ස්පෝට් වර්ග කීපයක් තියෙ. ලයිට් රේල් මෙට්‍රො සහ බස්. RapidKL කියන රජයට අයිති සමාගමකින් තමයි මේ තුන පාලනය වෙන්නේ. මීට අමතරව වෙනත් බස් සේවාවන් ආදියත් තියෙනවා. මේ රපිඩ් කේ ඒල් කාඩ් පත් ඒහේ තියෙන ෆුඩ්සිටි වගේ සෙවන් ඉලෙවන් වල ගන්න තියෙනවා. ඒ් කාඩ් අපිට ඒ් වගේ තැන්වලින් රී ලොඩ් කරගන්නත් පුලුවන්.

 

බස් ඒකේ නම් නගිනකොට සැරයයි බහිනකොට සැරයයි දෙසරයක් කාඩ් ඒක තියන්න ඔ්න තැනක් තියෙනවා. ඒතනින් කාඩ් ඒක තිබ්බම කීක් ගාල සද්දයක් පත්තු වෙලා ඔ්කේ වෙනවා ඒතකොට අපිට බස් ඒකට ගොඩවෙන්න පුලුවන්. ඒ් කාඩ් ඒකෙන්ම කෝචච්ියට යන්නත් පුලුවන්. ටිකැට් දෙන්න වෙනමම කට්ටිය බස්වලවත් මෙට්‍රො LRT ස්ටේශන් වල නැතිම තරම්.

 

මේ කාඩ් නැත්නම් වෙනම වෙන්ඩින් මැෂීන් තියෙනවා ටෝකන් ගන්න. ඒ්වට සල්ලි දාලා අපිට ටෝකන් ගන්න පුලුවන්. සමහර මෙට්‍රො සහ මොනොරේල් ස්ටේශන් වල ඉදියේ පිරිසිදු කරන කට්ටිය විතරයි. කාර්යමණ්ඩලය කියල ඒකක් නැහැ. මොකද ටෝකන් හෝ කාඩ් ඒක ඇල්ලුවහම ඒ් අදාල ගේට්ස් ඇරෙනවා. ඒ් වගේම ඒලියට යද්දිත් ඒ්වා අල්ලලා ඒලියට යන්නට පුලුවන්.


බස් හෝ වේවා කෝච්චි හෝ වේවා සම්පූර්ණ වායුසමනය කරලයි තියෙන්නේ. ඇතුලත ඇත්තටම පිරිසිදුයි. අපේ ඇගවල තියෙන කුනු ඒ් ආසන වල කෝචචියේ ගෑවුනොත් මිසක කෝච්චි වල කුණු අපේ ඇගේ ගෑවෙන් නැහැ.

 

මැලේසියාවේ ක්වාලලම්පුර ගියොත් මේ කාඩ් මිලදී ගෙන බස් ඒකේ දුම්රියේ මෙට්‍රො ඒකේ ගමන් පහසුව සලසාගන්න ඔයාලටත් පුලුවන්. ඒ් බස් ගමන් විස්තර ආදිය කෙලින්ම ගූගල් මැප් ඒක හරහාම අපිට ගන්න පුලුවන්. බොහෝවිට මැප් ඒකේ වෙලාවටම වගේ මෙට්‍රො ලයිට් රේල් ආදිය දුවනවා.

හැබැයි මැලේසියාවෙත් ඒක්තරා පිරිසක් විතරයි මේ පොදු ප්‍රවාහනය පාවිච්චි කරන්නේ. ඒහෙත් කර් ඒක නැත්නම් වැඩට යන්න බැරි තැනකට යන්න බැරි ඉහල පැලැන්තියෙ ්පිරිසක් ඉන්නවා. කීප දෙනෙක් ඒක්ක ටුවර් ඒකක් යනවා නම් ඒ් රටේ තියෙන ග්‍රැබ් ටැක්සියත් ලාබ වැඩක්. ඒ් කොයි හැටි වුනත් ඒ් රටට ඒන සංචාරකයෝ ඒහෙමත් මේ කෝච්චි බස් සේවාවන් හරි හරියට පාවිච්චි කරනවා.


අවසානයට මම ගිය වතාවේ අපි කන්ඩායමට බස් පාවිච්චි කරන්න බැරිවුනා. මොකද කන්ඩායමක් නිසා අපි හැමෝම කාඩ් ඒකක් ගන්න ඔ්න නැහැය කියල හිතුනා. ඒ්ත් අපට කාඩ් ගත්ත නම් වාසියි. මොකද මෙට්‍රො තිබුනත් බස් ඒකේ යන ඒක වාසියි මොකද බස් රූට් අපිට අවශය කරන තැන්වලින් හරියටම යනවා. අපි නවාතැන් ගත්තේ ජලන් ඉපෝ හෙවත් ඉපෝ පාර කියන හරියේ. ඒ් හරියේ ඉදලා නගරයට ඒන්න බොහෝවිට ගැබ් ඒකක් තමයි පාවිච්චි කලේ. 


මැලේසියා රට ඇතුලත ගමනාගමනය 


මැලේසියාවේ දුර ගමන් කෝච්චි සේවාවත් සුපිරි. ඒ්ක වෙනමම KTMB කියල හදුන්වනවා. මැලේසියාව ඇතුලත සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර 100-120 වගේ වේගෙන් ධාවනය වෙන විදුලි කෝච්චි තියෙනවා.


මැලේසියාවෙ ගුවන් ගමන් පට්ටම ලාබ රටක්. ටිකක් කිලෝමීටර් තුන් හාරසියක දුරක් නම් බස් වල යන්න පුලුවන් කෝච්චි වල යන්නත් පුලුවන්.ඒ්ත් කලින් බුක ්කරගන්න පුලුවන් නම් ෆ්ලයි කරන ඒක ඒහෙම නැතිනම් ගුවන් ගමනක යෙදෙන ඒක ලේසියි වාසියි කාලය අඩුයි. අපි ලංකාවි යන්න මැලේසියාවේ ක්වාලලම්පුර ඉදලා ලංකාවි වලට මයි ඒයාලයින් කියල ෆ්ලයිට් ඒකක් ගත්තා. ඉන් පස්සේ අපි ඒනකොට ලංකාවි  දිවයිනේ ඉදන් ෆෙරි ඒකක නැගලා අලෝ සෙටර් වලට ඇවිත් ඒතනින් බස් ඒකක ක්වාලලම්පුර ආවා. 

 

අලෝ සෙටර් සිට ක්වාලලම්පුර ආපු තට්ටු දෙකේ බස් ඒක
 

මේව දිහා බලල ලංකාවේ පොදු ප්‍රවාහනය දියුනු වෙයි කියල හිතන්න ඒපා.. තේරුමක් නැහැ නෙ... 😂💪😅😁 ඒ්ත් ඒ් මැලේසියාවට රාජකාරි වැඩකට ටුවර් ඒකකට ගියොත් මේ සේවාවන් අත්දැකල ඒ් ආතල් ඒක සහ සේවාව ලබා ගන්න ඔයාලටත් පුලුවන්.


3 comments: