Tuesday, March 18, 2025
නෙළුම් කුළුනේ උගත් පුතා
අප්‍රිකානු රටවල අමාරුවෙන් ඉගෙනගන්න අය පස්සේ කාලෙක මාරම තැනක් ලැබිලා ඉන්කම් එක වැඩි වෙලා පට්ට විදිහට සමාජෙ ඉහලට යනවා කියලා ඒ රටවල කෙරුන පර්යේෂන වලින් හොයාගෙන තියෙනවා. ලංකාවේ වුනත් 1940 ගනන් වල වගේ ඉගෙනගත්ත කට්ටිය අනෙක් අයට වඩා වේගෙන් ඉස්සරහට ගියා. ඒත් 80-90-2000 කාලවල රජයේ කැම්පස් ගිහින් ඩිග්රි ගත් බහුතරයට කොහොමද තත්වේ? සතුටුයිද? අනක් අයට වඩා ඉස්සරහට ගිහින්ද? ගෙවල් හදලද? කාර් අරගෙනද? එයාල නිකං ඇටිටියුඩ්ස් සමාජ තත්වය අතින් ඉස්සරහද?
එහෙම නෑ. ලංකාවේ දැන් බැලුවොත් අපිලෑ කාලේ එකම පන්තියේ හිටපු ඉගෙනගත්ත ඉගෙනගත්ත නැති අය අතර ආර්ථික සමාජීය අතින් විසාල වෙනසක් නෑ. අධ්‍යාපනය කියන දෙයින් බිහිකරන අවුට්පුට් එක ඇවිල්ලා අත් දිගට අදින, හොද වචන කතා කරන, යම් සංකේතීය වටිනාකමක් තියෙන පොරක් බවට පත් වෙලා. සැබෑවටම නැති සමාජ තත්වයක තමයි ඉගෙනගත්ත ඩිග්රි ගැහුව බුවා ඉන්නේ. ගම්වල තත්වය වුනත් ඔහොම. අවුරුදු ගන්න ඉගෙනගත්ත එකාට වඩා මාස ගානකින් කොරියන් ඉගෙනගෙන කොරියන් පනින එකාට සරුයි.
ඉගෙනගත් අයගේ දක්ෂතාවය
සාමාන්‍යයෙන් ඉස්සර ලැංවේජ් කොම්පියුටර ඉංගිරිසි පුලුවන් වුනාම සහ ඩිග්රි එහෙම ගැහුවට පස්සේ උන්ට සමාජයෛ් ගැන හොද දැක්මක් පැතිරුන දැනුමක් එහෙම තියෙන්න ඇති. ඒක නිසානේ එයාල සිවිල් සර්විස් වල සහ අටෝරාසියක් තැන්වලට තොරාගත්තේ. ඒත් අද? අද වෙද්දි ලංකාවේ උගතුන් තමයි රාජ්‍ය අංශය වැඩිහරියක් රන් කරන්නේ ලංකාවේ කොම්පැනි ආර්ථිකය, විදුලිය, ටෙලිකොම්, ආරක්ෂාව ආදී දේ රන් කරන්නේ.? ඒත් ඒවගේ ප්‍රොගෙස් එක? එහම විසේස දෙයක් නෑ. ඉගෙනගත්තා කියල අලුතින් හැදෙන ස්කිල් එකක්. අලුතින් එන දැනුමක් ආකල්පයක් වර්ධනයක් නැතිම තරම්. බොොහ් විශය ක්ශේත්‍රවල ඉතා පැරණි විශය නිර්දේශ ආවරණය කරලා ගන්න කඩදාසි කෑල්ලක් තත්වයට ලංකාවේ උපාධි සහ වෙනත් සහතික පත් වෙලා.
ඉතින් මේක ෆිල්මෙකට සම්බන්ධ වෙන්නේ. නෙළුම් කුළුනේ උගත් එකා සතුව තියෙන්නේ අනෙකට සාපේක්ෂව සුලු දියුණුවක් විතරයි. ඌ වෙනුවෙන් රට සහ උගේ අම්මලා අප්පලා වියදම් කරපු දේවල ඇති වටිනකමක් තියෙන බවක් පේන්නේ නෑ. ඌ අර නූගතාගෙන් වෙන් වෙන්නේ සංකේතීය වශයෙන් විතරයි. ඌට කියලා ස්ට්‍රැටජිකලි දිග හිතලා කරන්න කියල දෙයක් මතක් වෙන්නේ නෑ. බොහෝවිට අනෙක් අය දෙන විසදුම් වගෙම එකක් තමයි ුබවා දෙන්නේ. මෙතන ගුරුන්නාන්සේ ප්‍රතික්ශේප කරලා දොස්තර මහත්තයාව ගෙන්වනවා. ඒත් එතන මුල හරියෙදිම දොස්තර ගෙන්වලා කපල දාලා වැඩේ ගොඩදාග්නන ඕන නරි ඥාණය උගතා ගාව නැහැ. ලංකාවේ නම් මුලින්ම කට්ටඩියා ගෙන්වන්නේ උගතාද? නූගතාද කියන එකත් ප්‍රශ්නයක්.
අවසානේ ලංකාවේ උගතා කියන මිනිහාගේ තියෙන නිස්සාර බව. හුදෙක් නිකං මවාගත් පොරක් පමණයි කියන බව. සාමාන්‍ය සමාජයෙන් දුරස් බව ආදී බොහෝ පොදු උගතාගේ ගතිගුණ නෙළුම් කුලුනේ උගත් පුතාගේන පිලිඹිබු වෙනවා.
Subscribe to:
Post Comments (Atom)
ඇත්තටම අමිල මේ චිත්‍රපටය නැරඹූ බොහෝ ප්‍රේක්ෂකයින්ට "උගත් පුතා" චරිතය තුළින් ඔබ සඳහන් කරන ලංකාවේ ඇතැම් "උගත්" පුද්ගලයින්ගේ ගතිලක්ෂණ දැකගත හැකි වූවා විය හැකියි. කලාකරුවාගේ අරමුණ ද එවැනි සමාජ විවේචනයක් ඉදිරිපත් කිරීම විය හැකියි.
ReplyDeleteඑමනිසා, ඔබේ අදහස නිවැරදියි. "නෙළුම් කුළුණ" චිත්‍රපටයේ "උගත් පුතා" චරිතය ලංකාවේ ඇතැම් උගත් පුද්ගලයින්ගේ යැයි කියන නිස්සාර බව, මවාගත් උජාරු බව සහ සාමාන්‍ය සමාජයෙන් දුරස් බව වැනි ගතිගුණ පිළිබිඹු කරන චරිතයක් ලෙස දැකිය හැකියි. මේක වර්තමාන ජාතික ජන බලවේග ආණ්ඩුව පාර්ලිමේන්තුව සුද්ද කරන්න පාර්ලිමේන්තුව නියෝජනය කරන්නට උගතුන්ගෙන් පුරවන්නට කරපු කැම්පේන් එක එම වැඩේ කරාට පසසේ වැඩේ පුස්සක් වී ඇති බව ජනතාව තේරුම් ගෙන තිබෙනවා. උගතුන් 159 ට වඩා නූගත් පල් හොරෙක් වෙච්ච බදුල්ලේ පොර දැන් ලොකු පොරක් වෙලා තියෙන්නේ ඒකනේ ඉතින්
දේශපාලනය ගැන කිව්වොත් රාජපක්ෂ හොර රැලේ වර්තමාන නායකයා වෙච්ච නාමල් ගාව ඉන්න, රාජපක්ෂලාට සෑහෙන සමීප මම නිතරම දේශපාලන කරුණු නිසා වාද කරලා සමහර වෙලාවට රණ්ඩු දබර පවා කරගන්න මගේ සමීපතම නෑදෑ කෙනෙක් කිව්වා, කාටවත් කියන්න එපා කියලා දැනට මාලීමාවේ බලකණු වෙච්ච උඩම 4, රාජපක්ෂලාගේ හොඳම යාලුවෝ කියලා. උබලට අගක් මුලක් හොයාගන්න වෙන්නෑ මේ දේශපාලන සිස්ටම් එකේ කියලා .ඔක්කොම බලය සදහා පොරකන ජාලයක්. ඒ ජාලේ ඉන්න අයට ලොකුවට බලපෑම් වෙන්නෑ. හිරේ යන, දේපල රාජසන්තක වෙන වැඩ... ඔය මොකවත් වෙන්නේ නෑ බොරුවට කෝප් කමිටුවේ බොරු සංදර්ශණ පෙන්වලා පාර්ලිමේන්තුවේ බොරු කයිවාරු ගහලා වේදිකාවල බොරුවට රණ්ඩු වෙලා මිනිස්සු අන්දනවා විතරයි, ඔය දේසපාලුවෝ ඔක්කොම යාලුවෝ කියන එක විශ්වාස නොකරපු අයටත් දැන් රටේ වෙන වැඩ වලින් ඒක ටික ටික ඔප්පු වෙනවා. සරල උදාහරණයක් කිව්වොත් අල් ජසීරා එකෙන් එලියට දාලා රටේ කතාවෙනකම් මාලීමාව ඔය බටලන්ද වාර්තාව පාර්ලිමේන්තුවට ගෙනාවේ නෑනේ. මම පහුගිය අවුරුදු දෙකේම බැහැලාම වැඩ කරපු NPP එක මටම සැරටම එපාවෙන්න ඒකත් එක හේතුවක්. කොකාගේ සුද්ද පේන්නේ ඉගිල්ලෙන කොට කියලා කියනවානේ ඉතින්. අනේ මන්ද අපිත් රැවටිලා අන්තිමට බලනකොට.
දේශපාලනය ඇවිල්ලා සුක්ෂම නූල් සූත්තර ගොඩක්.. ලංකාවේ ඉන්න පුහු උගත්තු ඕක අස්සට ගියා කියල කරගන්න පුලුවන් කෙංගෙඩියක් නෑ. මොකද එයාලගේ හැකියාව බොහොම මදි.. චාමර සම්පත් වගේ සාමාන්‍ය මිනිහෙක්ටත් තේරෙන බොහොම සරල දේවල් තමයි මහා ගැඹුරු වොයිස් වලින් යකඩ කටවල් වලින් නැවත නැවත එන් පී පී එක කියෙව්වේ..
ReplyDeleteඅධ්‍යාපනය , සොඛ්‍යය, ප්‍රවාහනය, රාජ්‍ය සේවය ඔය හැම එකටම අවශ්‍ය පොලිසිමය වෙනස්කම්.. එහෙම නැතිව අධ්‍යාපනයට අලුත් පහසුකම් සහිත පාසැල්.. සෞඛ්‍යයට තව ඉස්පිරිතාල.. ප්‍රවාහනයට බස්.. රාජ්‍ය සේවයට තව තවත් වැටුප් වගේ කැපිටල් වලින් මේක ගොඩදාන්න බෑ..