Tuesday, April 8, 2025

ලංකාවේ සිට ඉන්දියාවට ගොඩබිම හරහා යාමට හැකිද?

 ලංකාවයි ඉන්දියාවයි අතර තියෙන අඩුම දුර රාමේශ්වරම් තලෙයිමන්නාරම් හරහා තියෙන්නේ ඒක කිලෝමීටර් 32ක්. ඒත් තවම ඒ දෙක අතර ලිංක් එකක් හැදිලා නැහැ. සාමාන්‍ය අපිට ඒ ගමන යන්න අවස්තාව නැහැ. ඉන්දියාවේ ලොක්කා නරේන්ද්‍ර මෝඩි නම් ලගදි අනුරාධපුරෙන් හෙලිකොප්ටර එකක නැගල මදුරෙයි වලට පියාඹලා ගියා. ඒත් අපිට සාමාන්‍ය ජනයාට එහෙම චාන්සමක් නැහැ.


ඉතිහාසය: තලෙයිමන්නාරම්-රාමේශ්වරම් බෝට්ටු සේවය
1980 ගණන් වන තෙක්, තලෙයිමන්නාරම් සිට රාමේශ්වරම් දක්වා බෝට්ටු සේවයක් තිබුනා. කෙසේවෙතත්, 1983 කොටි කලබල නිසා මේක නැවතුනා. ඒ කාලේ ලංකාවේ අය තලෙයිමන්නාරමට ගිහින් එතනින් බෝට්ටුවකට ගොඩ වෙලා ලංකාවෙන් ඉන්දියාවට ගියා . ඒ බෝට්ටු ගමනට පැය 2ක් විතර ගතවුනා. ඒ වගේම ඒ කාලේ කෙලින්ම ලංකාවේ ස්ටේශන් වලින් ඉන්දියාවෙ ස්ටේශන් වලට ටිකටුත් දුන්නා. එතකොට මෙහෙන් තලෙයිමන්නාරම් වලදි කෝච්චියෙන් බැහලා බෝට්ටුවකට ගොඩවෙල ගිහින් එහෙන් ආයේ කෝච්චියට නැගලා ලේසියෙන් ගමන් පහසුව සලසාගන්න ඉඩ තිබුනා.

නවතම බෝට්ටු සේවා: කන්කසන්තුරේ-නාගපට්ටිනම්
මෑතකදී, කන්කසන්තුරේ සිට ඉන්දියාවේ නාගපට්ටිනම් (පුඩුචේරි) වෙත බෝට්ටු සේවයක් පටන් ගත්තා .දුර කිලෝමීටර් 150යි බෝට්ටුවට යන කාලය පැය 5යි. . එක ගමනකට රු 14,000යි. මූද රලු හින්ද බෝට්ටු සේවාව අවස්තා කීපයකදිම කැන්සල් වුනා. . ඒ නිසා වැඩේ හිට් වුනේ නෑ.

වේගවත්ම විකල්පය: ගුවන් ගමන්
- **කොළඹ → චෙන්නායි:** ගුවන් ගමන (ආසන්න ගාස්තු: රුපියල් 42,000).
- **යාපනය → චෙන්නායි:** ගුවන් ගමන (ආසන්න ගාස්තු: රුපියල් 55,000).

මේකට අමතරව මදුරෙයි වලට වුනත් කොළඹින් ගුවනින් යන්න පුලුවන් ඒත් දේසීය අපේම සිරිලංකන් ගුවන් සේවාව කරන වැඩක් නිසා සාමාන්‍යයෙන් ඉන්ඩිගෝ කොළඹ චෙන්නයි ෆ්ලයිට් එකට වඩා වැඩි ගානක් අපිට ශ්‍රී ලංකන් කොළඹ මදුරෙයි ෆ්ලයිට් එකට ගෙවන්න වෙනවා.

නාගපට්ටිනම් වෙත බෝට්ටුවෙන් ගියත්, එතන ඉදල චෙන්නායි වෙත තවත් කිලෝමීටර් 300ක් යන්න වනෙවා. ඇරත් නාගපට්ටිනම් රාමේශ්වරම් තරම් ජනප්‍රිය තැනක් නෙමෙයි

තලෙයිමන්නාරම්-රාමේශ්වරම් සේවය රීස්ටාට් නොවූයේ ඇයි?
කිලෝමීටර් 32ක කෙටි දුරක් ඒ වුනාට ඒක තාම පටන් අරන් අරං නෑ. . ඒම කලොත් සිංගප්පූරු වැසියන් බෝට්ටුවෙන් ඉන්දුනීසියාවේ බටම් දිවයිනට බුං ගාල ස්පීඩ්බෝට්ටුවෙන් යනවා වගේ අපිලටත් පැයකින් විතර තලෙයිමන්නාරම් ඉදලා රාමේශ්වරම් වලට යන්න තිබුනා. . රාමේශ්වරම් ඉන්දියාවේ ප්‍රධාන දුම්රිය ස්ථානයක් , එතැන් ඉදල:
- මදුරෙයි (කිලෝමීටර් 173, පැය 3ක ගමන).
- චෙන්නායි (දිනපතා දුම්රිය සේවා).

අනාගත අවස්ථා
මෙ පරණ කනෙක්ෂන් එක නැවත ඇති කළහොත්:
- ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ජනතාවට ඉන්දියාවට ඉක්මනින් යන්න පුලුවන්.
- දකුණු ඉන්දියානු සංචාරකයින්ට ශ්‍රී ලංකාවේ උතුරු පළාතට ඉක්මනට එන්න පුලුවන්
ලංකාවේ වන්දනාකාරයින්ට දකුණු ඉන්දියාවේ අයස්කාන්ත සිද්ධස්ථාන ආදිය බලන්න පුලුවන්. ඒ වගේම දකුණු ඉන්දියාවේ දෙමළ ජනතාවට රාවනාගෙ නැතිවූ ලබ්බ ඇතුලු වැදගත් සිද්ධස්ථාන ගොඩක් දැකබලාගන්නත් ලේසියෙන් පුලුවන්. තව සුද්දන්ට රටවල් දෙකක් බලන්නත් චාන්සමක් ලැබෙනවා. වැඩි මහන්සියක් නැතුව.

දැනට එහෙම කනෙක්ෂන් එකක් නැහැ. ඒත් හැදුවොත් ඉස්සර කාලේ වගේම මේ කාලෙත් දෙපැත්තටම වාසි ඩීල එකක් වෙයි. අපිටත් ඉතින් වීකෙන්් එකක ඉන්දියාවට ගිහින් ලාබෙට කාලා බලන දෙයක් බලලා ෆිල්ම් එකක් කාරිය බලලා එන්නත් පුලුවන් ලාබ ලේසි තලෙයිමන්නාරම් රාමේශ්වරම් බෝට්ටු සේවාව ආයේ පටන් ගත්තොත් ✈️⛴️🚆






*#ලංකාව #ඉන්දියාව #ගමන් #ප්‍රවාහන #සංචාරක*

3 comments:

  1. රසික පොන්නපෙරුමApril 8, 2025 at 10:48 AM

    චෙන්නායි වල ප්‍රධාන සංඝනායක තමිලනාඩුවේ සුන්දරවංශ නායක ආදීපාද ස්ථිවරයන් වහන්සේ මේකට අනුමැතිය දුන්නලු පෙරේදා හැන්දෑවේ මෝදී මහත්තයට

    ReplyDelete
    Replies
    1. මේ පාර ගමනෙදි මෝදි චෙන්නයි ගියේ නෑනේ මහත්තයෝ..

      Delete
    2. රසික පොන්නපෙරුමApril 8, 2025 at 3:18 PM

      මේ ගමනද ඒ ගමනද කියා නෑ.

      කෙසේ නමුදු මෝදී ගියා ආදිපාද ස්ථිවරයන් හමුවෙන්න.

      Delete