ඩොයිලිගේ දින පොත නැමැති පොත සකස් කර ඇත්තේ උඩරට ප්‍රථම ඉංග්‍රීසි දිසාපති ලෙස වැඩකල ජෝන් ඩොයිලි මහත්මයාගේ දිනපොත් සටහන් උපයෝගී කොටගෙනය. එම දිනපොත දිගින් දිගටම ලියා ඇති මුත් එහි 1814 වර්ශය සම්පූර්ණයෙන්ම නැති වී ඇත. එම වකවානුව වැදගත් වන්නේ 1815 මාර්තු වලදී ඉංග්‍රීසින් විසින් සම්පූර්ණයෙන් උඩරට අල්ලා ගැනීමට හේතු වූ කරුණු සහ උඩරට රජ තුමාගේ පිරිහීමට හේතු වුන කරුනු බොහොමයක් ඇතුලත් වන්නේ 1814 වර්ශයට වන හෙයිනි.
පිලිමතලව්වේ මහ නිලමේ විසින් එවකට 18වන වියේ සිටි කන්නසාමි නැමැත්තා රජ ලෙස පත්කරගත්තේ පසු කලෙක රජ කම ගැනීමේ සිතක් නිලමේ සතුව තිබුන නිසාය. මේ පොතත් ඉතිහාසයත් බැලූ බල්මට බලන අයෙක්ට සිංහලේ අවසාන රජතුමා නරක අයෙක් ලෙස දිස්වීමට හැකි වුවත් ඔහු සතුව නායකයකු සතු විය යුතු බොහොමයක් ගති ගුණ නොමඳව තිබී ඇත. අවසානයේ සිංහල රදලයින්ගේ පාවාදීම් නිසා රජතුමාට නික්මෙන්නට සිදු වුවත් රජතුමා විසින් ඉංග්‍රිසින්ට යටත් නොවීමේ දැඩි ප්‍රතිපත්ති වල නිරතව ඇත.
ජෝන් ඩොයිලි විසින් පහතරට මෙන්ම උඩරට සිටි රදලයින් සහ සාමාන්‍ය ජනතාවට තෑගි ලබාදෙමින් එම සමාජයේ තොරතුරු රැස්කරගන්නා ක්‍රමයක් පවත්වාගෙන ඇත. එවකට ජෝන් ඩොයිලි රජයේ භාෂා පරිවර්ථකයා මෙන්ම කොළඹ දිසාපති තැනද වූයේය. මෙය අති සාර්ථකව සූක්ශමව කලේ යැයි ඇතැමෙක් සඳහන් කර ඇතත් සිංහලේ රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහ විසින් කිහිප විටක්ම ඩොයිලිගේ දූතයින් හඳුනාගෙන ඔවුන්ට රජකාලේ දඬවම් ලබා දී ඇත. එසේම මල්වත්ත විහාරයේ උන්නාන්සේලා ඩොයිලි සමග වැඩිපුර ඇයි හොදයි කම් දක්වනවා යැයි රජුට හැඟී ගොස් ඇති බැවින් ඔවුන් සමග තිබූ ගනුදෙනු බොහොමයක්ම රජු විසින් අඩු කොට තිබුනි. අවසානයේ ඩොයිලිගේ ළඟම හිතවතෙක් වූ වත්තල අප්පු නැමැත්තා උඩරට රජු විසින් අල්වා උල තබා මරන තැනට පත්කරන ලදී.
උඩරට රාජ්‍යෙය් වැටීම ගැන මගේ අදහස නම් ශ්‍රී වික්‍රම රාජසිංහ යන රජතුමා සැබැවින්ම සැබෑ දක්ෂයෙක් වී තිබුනි. දැනට නුවර යැයි අපට හඳුනාගන්නට ඇති නුවර දලදා මාලිගයේ කොටස්, නුවර වැව, අවට පාර ආදිය රජතුමාගේ නිර්මාණයන්ය. ඊට අමතරව ඩොයිලිගේ පොතේ සඳහන් වන අන්දමට රජතුමා වැසියන් ගැනද හොඳ අවබෝධයකින් කටයුතු කොට ඇත. උඩරට රාජ්‍යය වැටීම කෙරෙහි උඩරට රාජ සභාවෛ් එවක සිටි මහාධිකාරම් වරු සහ නිළමේ වරුන් සතුව තිබූ රාජපක්ෂ භාවයේ අඩුපාඩුව හේතු වී තිබේ. රාජාන්ඩුවක පැවැත්ම රඳා පවතින්නේ ඉහළ සිට පහලට රජතුමාගේ අණසකට යටත් වීම මතය. නමුත් ඇහැලේපොල,පිළිමතලව්වේ,මොල්ලිගොඩ ආදී ප්‍රධාන අධිකාරම් වරුන්ම රජතුමාට විරුද්ධව ඉංග්රිසින්ගේ පැත්ත ගත්තේය.
1806 දි පමණ සුදු හමුදාවක් නුවර ආක්රමනය කරන්නට ගියේ මහ නිලමේ වූ පිළිමතලව්වේගේද රහස් උදව් ඇතිවය. නමුත් ඒ මුලු හමුදාවම එකෙක් හැර සමූළඝාතනය කරන්නට රජු සමත් විය. එවන් අවස්ථාවක ඒ යටත් වූ සුද්දන්ද සමූළඝාතනය කිරීම ඩොයිලි විසින් හෙලා දැක ඇතත් අනුන්ගේ රටක් පැහැර ගන්නට ගිය කිසිම බාහිර සේනාවක් පරාජයේදී උතුම් සැලකිලි ලැබිය නොහැකිය. ඔවුන් අනිවාර්යෙන් ඒ රාජ්‍යෙය් හමුදාවෝ අතින් මරණයට පත්වීමේ අවධානම ගනිති. ඒ කන්ඩායමේ නායක වූ කැප්ටන් ඩේව් නැමැත්තා ඝාතනය වූයේ රජුගේ සිර භාරයේදීය. ඩොයිලිගේ දිනපොත් මුල් පරිච්ඡේද වල ඩොයිලිගෙන් නොයෙක් තෑගි ලැබූ අධිකාරමලා දිසාවේලා මේ ඩේව් නම් සුදු නිළධාරියා නිදහස් කර දෙන්නැමැයි කොළඹ සුදු ආන්ඩුවට කියා විශේෂ සත්කාර ලබා ඇත. නමුත් ඩොයිලි ලාට ඩේව් නිදහස් කරගන්නට ලැබී නැත. ඔහු රජුගේ සිර භාරයේදීම මිය පරළොව ගොස් ඇත.
උඩරට රාජ්‍යෙය් වැටීමට උඩරට පැවති කාලය අනුව වෙනස් නොවූ කුල පරතරය සහ රාජ්‍ය පාලනය සම්බන්ධ වත්පිළිවෙත්ද හේතු වන්නට ඇත. 1815 දී සුද්දන් උඩරට අල්වා ගත් පසුද පාතරට කරාවේ දුරාවේ මිනිසුන්ද ගොවිගම වංශිකයින් මෙන් දෝලාවලින් ගමන් කරන්නේ යැයිද එසේ කිරීම උඩරට වංශවතුන්ට නින්දාවක් යැයිද සංඝයා වහන්සේ විසින් එවකට නුවර පැමිණ සිටි රොබට් බ්රවුන්රිග් (General Sir Robert Brownrigg) ආන්ඩුකාරයා වෙත චෝදනාවක් ලෙස ඉදිරිපත් කොට ඇත.උඩරට පවතින කුල සම්ප්‍රධායන් එසේම තිබිය යුතු බවත් එහෙත් රාජකාරි ආදිය පිණිස පාතරට සිට උඩරටට පැමිණෙන පාතරැටියන් දෝලාවෙන් ගමන් කිරීම ගැටළුවක් කරනගෙත යුතු බවටත් බ්රවුන්රිග් විසින් දන්වා ඇත.
පාතරට එවකට වසර සියගනනක සිට විදෙස් පාලනයට නතු වූ වටපිටාවක් තිබී ඇත. එවන් පසුබිමක පහතරට පහත් කුලවල ජනයාට තිබූ නිදහස උඩරට විසූ පහත් හෝ ගොවිගම නොවුන කුලවල ජනතාවට නොලැබී යන්නට ඇත. රජතුමාට පක්ෂව තවදුරටත් කටයුතු කිරීමෙන් තමුන් තවත් මේ නරාවලේම මිය යෑ හැකි බවක් මහජනයාට සිතෙන්නට ඇත. ඉංගිරිසි ආන්ඩුව ආ තැන ඇහැලේපොලට රජ කම ගන්න ආශාවක් තිබු අතර ඇහැළේපොල ඒ තනතුරට සුදුස්සෙක් විය. නමුදු ඇහැළේපොල විසින්ද පෙර දිසාවේ තනතුර කල ජනයාට දැඩි පීඩා ගෙනදෙන පාලනයක් ගෙන ගිය නිසාද ඇහැලේපොල පැරණි කුල මල ආදිය දැඩිව සැලකූ අයෙකු නිසාද ඔහුගේ පත්වීමට එරෙහි උඩරට නායකයින් සිටි නිසාද ඇහැලේපොල උඩරට මහ තැනින් විසිවී ගියේය.
ඇහැළේපොලවත් මොල්ලිගොඩ දිසාවේවෙත් පිළිමතලව්වේ දිසාව වත් රජතුමා අසල බොහෝ කලක් සිටි සේවකයින් වූ නමුත් රජතුමාට තිබූ ශටකපට ගති බොහොමයක් ඔවුන් සතුව තිබු බවක් පේන්නට නැත. වඩාත් ජනප්‍රිය කතාවක් වන ඇහැළේපොල කුමාරිහාමි සහ මද්දුම බණ්ඩාර ඝාතනය කිරීම යනු ඇහැළේපොලගේ තිබූ ගොන් කම ප්‍රදර්ශනය කරන අවස්ථාවකි. ඇහැලේපොල සබරගමුව දිසාව ලෙස පත්ව සබරගමුවේදී රජතුමාට එරෙහිව ඉංග්රිසින්ගේ උදව් ගෙන රජුට විරුද්ධව සේනා සංවිධානය කරන විට ඇහැළේපොල සිය බිරිඳ සහ දරු තිදෙනා කන්දේ නුවර රජතුමා අසල තබා යෑම අණුවන කමකි. මින් පෙර රජතුමාට එරෙහි වූ පිළිමතලව්වේ මහ නිළමේ මේ වරද නොකොට ඔහු රජතුමාට එරෙහි වන්නට බොහෝ කලකට පෙර සිය පවුල සහ දරුවන් රජතුමා සිටින මානයෙන් ඉවත් කරගත් බව සඳහන්ය.
උඩරට රජතුමාට මත්පැන් හුරුකලේ ඩොයිලි විසින් මෙහෙයවන ලද මොල්ලිගොඩ විසිනැයි කතාවක් තිබේ. මේ ඩොයිලි දිනපොතේ 1814 වර්ශය ගැන සඳහනක් නැති වුවත් නුවර මහ දිසාව ලෙස ඩොයිලි පත් වූ විට 1815 දී ඔහුට වයින් බෝතල් රාශියක් කොළඹින් යැවේ. ඒ අවස්ථාවේදී මේ පුරුද්ද තව දුරටත් ව්‍යාප්ත කිරීම සිංහල සමාජයේ ඉංග්‍රීසින්ට එරෙහි විරෝධය වැඩි වන්නට හේතු වේ යැයි සටහනක් ඩොයිලි දිනපොතේ වෙයි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජ මතට හුරුවීමත් ඔහුගේ විශ්වාසවන්තයින් ඝාතනය කිරීම සහ රජු සහ ඇමති මණ්ඩලය අතර විරසකයක් හට ගැනීමත් නිසා රජුට නරක කලදසාවක් උදා වීය.
ගිරවුන්,තොප්පි, ඇඳුම්, මාලු,විසිතුරු බඩු තෑගි ලෙස ගත් බොහෝ සිංහලයෝ ඩොයිලිට සිංහල රටේ විස්තර කේලාම් ලෙස කියා ඇත. ඒ අතර අපේ මහ ගරුතර සංඝරත්නයේ උන්නාන්සේලාද සිටී. උඩරට රාජ්‍යය ගැන ඉංගිරිසි දිසාපති ඩොයිලිට කේලාම් කියපු හාමුදුරුගොල්ලාද කිහිප දෙනෙක්ම සිටිති. නමුත් බොහෝ ඔත්තුකරුවන් දී ඇති තොරතුරු සැබෑ යැයිද රජතුමාට ඉංගිරිසි පාලනය ගැන ඔත්තු නොලැබුනේ යැයිද සිතීමට හැකියාවක් නොමැත. රජතුමා රට වටේටම ඉංග්‍රීසි පාලනයක් තිබියදී පවා ලංකාවට විත් උණ හැදීම නිසා පිටව යන්නට සිද්ද වුන ප්‍රංශකාරයින් සහ පැරණි ලංසින් සමග සම්බන්ධකම් පවත්වාගන යන්නට මුල් කාලයේදී සමර්ථව තිබේ. ප්‍රංශකාරයින් ත්‍රිකුණාමලයට පැමිණියත් ඔවුන්ට මෙහි වැඩිකලක් වසන්නට හැකියාවක් නොවුනේ උණ රෝගය පිරිසට වැළඳීම නිසාය.
රජතුමාද ඔහුගේ අණසක තිබුන තැන්වලදී ඉංගිරිසි ඔත්තුකරුවන්ට දැඩි දඬුවම් පමුණුවා තිබේ. ඉතිහාසය අයිති ඉතිහාසයට මිස වර්ථමානයට නොවේ. දැන් සුද්දන් අපේ රට අල්ලාගෙන ඉවරය. සුද්දන්ගෙන් නිදහස ලබා පත් වූ ජයවර්ධන, බණ්ඩාරනායක, සේනානයක,කොතලාවල ලා පමණක් නොව රාජපක්ෂ පවා පහතරට ප්‍රභූන් විය. උඩරැටියෙකු ලසෙට ලොකු තැනකට ආවේ මගේ මතකයට අනුව සිරිමා රත්වත්තේ මැතිනියත් ඩිංගිරි බණ්ඩා විජේතුංග මහතාත් පමණි. සිරිමා මැතිණියටද දේශපාලනය ආවේ ශරීරයේ යට අර්ධයට පහතරට සොලමන් ඩයස් මුදලිඳුගේ පුත්‍රයාගෙන් සත්කාර ලැබීමේ පිනෙනි.
ජෝන් ඩොයිලිගේ සටහන් අතර ශ්‍රී පාදස්ථාන අඩවියේ ගවරා නමින් අං පහතට හැරුන මී හරකාගෙන් බාගයක් සයිස් වෙන සතෙකු සිටි බවත් එයින් එකෙක් අල්ලා වරක් කන්දේනුවරට ගෙනා නමුත් ඌ මසක් වත් ජීවත් වූයේ නැතැයිද සඳහන් වී ඇත. මේ සතා දැන් ඇති බවක් මා දන්නේ නැත. දැන් ඌ වඳවී ගොස් ඇතිවා විය හැක. නැතහොත් කඳුකරයේ සහ ඝන කැලෑවල සිටින අලින් උසින් අඩු පෙනුමෙන් කාලවර්ණ කුරු අලින් වනවා සේ සිරිපා අඩවියේ සිටි විශේෂ මී හරක් ජාතියක් වන්නටද පුලුවන. ජෝන් ඩොයිලි ද ඉංගිරිසින් උඩරට අල්වාගන්නට පෙර සිරිපා වඳින්නට ගොස් ඇති අතර ඒ ගමන් විස්තරයේ දුරද ඇතුලත් වාර්ථා කොටසක්ද දිනපොතේ ඇත.
අපේ රටේ මිනිසුන් සහ අපේ දේශයේ අතීතයේ පාවාදීම් කෙසේ සිදුවීද යන්න බුද්ධියෙන් විමසා බලා දැනගත හැකි කෘතියකි ඩොයිලිගේ දිනපොත. සමහර අයෙක් ඩොයිලි කපටියෙකු ලෙස දක්වා ඇත. සැමවිටම රජකමම අපේක්ෂාවෙන් වස්තු සහ බල තණ්හාවෙන් ක්‍රියාකල ඇමති මණ්ඩලය ඩොයිලිට සිය ශටකපට කම් වපුරන්නට සරු බිමක් තනා දුන්නේය. මා මේ කෘතිය බලා අදද ඒ වැනි වස්තු තන්හාවෙන් සිය ජනයාත් රට ජාතියත් ක්‍රමයෙන් විදෙස් රටවලට(චීනයට) විකුනමින් අපි නං රට ජාතිය ආගම ආරක්සා කොරනවා යැයි කට්ටියක් සද්දෙන් බෙරිහන් දෙති. සංඝයාට දුටු තැන වඳිමින් මල් වට්ටි උස්සන් විහාර වන්දනාවේ යන සුදෝ සුදු ඇඳුම් ඇඳගත් කපට නරියන් අද මෙන්ම එදාද සිට ඇති බව මේ පොත බැලූ විට වැටහේ.
පොත :- ඩොයිලිගේ දිනපොත
සංස්කරණය :- එච් ඩබ් කොඬ්රින්ටන් මහතා
පරිවර්ථනය :- ධර්ම ශ්‍රී ගුණපාල
ප්රකාශනය :- ඇස් ගොඩගේ සහ සහෝදරයෝ
මිල :- රු 125/= (1994 ප්‍රථම මුද්‍රණය)
පොතේ අංකය :- ISBN 955-20-1109-4

.jpg)
.jpg)