ඇයි අපිට එක පාරට හිතට එන දේවල් ලියල දාන්න බැරි. අනේ මන්දා. ලියන එක ඇවිල්ල තනි බොරුවක් නේ. අපි මේව ලියන්න හදන්නෙ අපි හොදයි,චෝක් බබාල කියල පෙන්වන්න. එතනින් සාමාන්‍ය ජීවිතේ අපිට නොලැබෙන පට්ට තැනක් අපි සයිබර් ඉස්පේස් එක ඇතුලෙ යාලුවන් අතර හදාගන්න යනවා.
මේක අස්සෙ මම කියන්නෙත් ඔබ කියන්නෙත් තව එක නෝඩ් එකක් විතරයි. පොත් පත් කියෙව්වම චිත්‍රපටි බැලුවම,බ්ලොග් අවකාසෙට ගියාම සංවේදි මනසක් ඇතිවෙල සංවේදි මිනිස්සු වෙනවලු. ආච්චිගෙ බ්ලවුස් එකේ සංවේදී කම. අනික් මිනිහ දිහා හොරෙන් බලන එක අපේ ජානගත පුරුද්දක්. ඒකුනු ආතල් එකට හුරුවුන අපි අනුන්ගේ ජිවිත සහ සමාජ සිද්දි දිහා බලන්න විවිධ ටූල්ස් යොදාගන්නවා. ෆිල්ම්,නවකතා, කෙටිකතා,කවි, සයිබර් ස්පේස් එක වගේ ඒවා එතනදි අපිට අනුන් දිහා බලන්න යොදාගන්න පුලුවනි.
හැබැයි ඔය අනුන් දිහා බැලුව කියල ලංකාවෙ මිනිස්සු වෙනස් වෙනවද? නැහැ නෙව. ඒ හොරෙන් බැලීම කියන සංසිද්ධිය මගින් වඩාත් හොද දර්ශන පෙන්වන්න පුලුවන් ෆිල්ම් ටෙලි,පොත්,පත්තර,කෙටිකතා ජනප්‍රිය වෙනවා. ඒවා කරන උන් පොරවල් වෙනවා. හැබැයි ඒ රසවිඳින මිනිස්සු න්ගේ ඔලුව තාම එතනමයි.
ඔලුවෙන් ඉදිරියට යන පොදු සමාජයක් විදියට අපි කාරුවත් හිතන් නැහැ. ඔන්න අපේ කන්තෝරුවෙ තිබුන කැන්ටිමක්. ඒක තේ කඩයක් වගේ. ඒකෙ තේ වතුර බොන්න වෙන්නෙ හිටගෙන. තේ බොනෙකොට ඒ මිනිස්සු තේ බොනව කියල හැමතැනටම පේනවා. ටක ටක ගාල තේ ගහනවා යාරයක් උසට තේ දානවා. ඒ නිසාද මන්දා මේකෙ කිරි තේ එකත් රසයි.
මේක නිකං කඩයක් කිව්වට කවුන්ටරයක් විතරයි තියෙන්නෙ.හැබැයි කවුන්ටරෙන් මයියොක්ක කිරිබත් ජෑම්පාන් මාලුපාන් ආදි වගේ ගොඩක් පරාසයක කෑම ජාති ගන්න හැකියාවක් තිබුනා. තේ ඉල්ලුවම තේ, යෝගට් ඉල්ලුවම යෝගට් වගේ දේවල් දෙනවා. ඒක පිටිපස්සෙ පොඩි අවකාශයක් තියෙන්නෙ. ඔය පොඩි අවකාශෙ ඇතුලෙ මේ කට්ටිය පාන් ටෝස්ට් කරනවා. කිරිබත් හදනවා. පෘට් සැලට් හදනවා. ඒක කැතයි. සෞඛ්‍යාරක්ෂිත නැහැ.
ඔය වැඩේ නවත්වන්න කියල අපේ මානව සම්පත් අංශෙන් කියලා. මොකක් හෝ තවත් හේතු හින්දා අර තේ වතුර හිටගෙන බොන එකත් අසෝබනයි කියල ඒකත් නවත්වන්න කියලා තිබුන. දැන් එතන කලිං වගේ කෑම තේවතුර නැහැ. බිස්කට් යෝගට් වගේ ඒව තිබුනත් ඒව අරං ගිහින් කන්න ඕන. කලිං එතන මී මැහි පොදිය වගේ මිනිස්සු හිටියට දැන් බල්ලෙක් වත් නැහැ. මිනිස්සුන්ට මාර ගැටලුවක්. දැන් ඒ ගැන ඉහල සිට පහල දක්වා අපේ කන්තෝරු වල කතාවෙනවා.
සමහර ගෑනු අර කැන්ටින් එකේ අයිතිකාර මුදලාලිය ගැන දුක හිතිල බොහොම සොවින් මුදලාලිගෙන් දුක අහනවා. ඒ වගේම දැන් මේ කවුන්ටරය වැහුන නිසා අනික් කැන්ටිමෙ පෝලිමෙ ඉන්න කට්ටියට සිද්ද වෙල. මේ නිසා මේ ගැන ලොකු කතාවක් ඇතිවෙල. ඕක තව දවස් දෙකෙකින් විතර හොද වෙයි. ගොඩක් වෙලාවට අර පෙර තිබුන මජර ක්‍රමයට හිටගෙන තේ බොන්න. අපිරිසිදුවට හදන කෑම කන්න අපේ කට්ටියට අවස්ථාව ලැබේවි.
පොඩි අවුලක් තියෙනවා තමයි. මිනිස්සු කලිසං ඇන්දට ලස්සන හිරට දාර පේන්න සාරි ඇන්දට ගොඩක් මිනිස්සුන්ගේ ඇතුල ඇවිල්ල තාම පරණයි. ඒ මිනිස්සුන්ට තාම අර උණූ වතුර එක දුන්නම තේ පැකට් එක දාල තේ එක හදාගන්න සීන් එක වැටෙන් නැහැ. ඒ ඇරත් මිනිස්සු වාඩිවෙල වැඩකරන අයනේ ඒ නිසා ගෑනු මිනිස්සු බලන්නත් මිනිස්සු ගෑනු බලන්නත් චැට් එකක් දාන්නත් හිටගෙන ටික වෙලාවක් රෙස්ට් එකක් ගන්නත් මෙතන පාවිච්චි කරනවා. කෝකටත් මේක එකපාර එංගලන්තෙ කොරන්න බැහැ නෙව. එහෙම කොරන්න නං ඉතිං එංගලන්තෙ විදියට අනික්වත් තියෙන්න එපාය.
දැන් නවීන ආයතන වල අපේ වගේ කුනු පරිපාලන විදි නැහැලු. කෑම ජාති ෆිජ් වල දාල නෙස්කැෆේ මැෂින් තියල මිනිස්සුන්ට ඕන තරං කන්න බොන්න ජාති තියෙනවා. මං ඒජාතියෙ මෘදුකාංග නිර්මාණ කොම්පැනියක දවසක් වැඩකටත් ගියා. ෂහ් පට්ට සැප. පිටරට ඉන්න යාලුවෙක් කිව්ව එයා ඉන්න රටේ සිකුරාදා ගොඩක් කාර්යාල වල හවසට කන්තෝරුව ගානෙ පාටිලු. අරක්කු එහෙමත් කොම්පැනිය ගානෙ දෙනවලු. ඉතිං අපෙ මිනිස්සුන්ට අරක්කු දෙන්න ඕන නැහැ අඩුතරමෙ නෙස්කැපේ මැසින් එක තට්ටුවට එක ගානෙ හයි කරල කන්න බනිස් ගෙඩියක් ඉන්න තැනට ගෙනත් දෙනවනං කොච්චර එකක්ද? ඒත් ඒ වගේ දියුනු ආකල්පිය තැනකට යන්න අපේ කොම්පැනි වල මැනේජ්මන්ට් උන්ට බැහැ. මොකද උන් දන්නවා පොඩි එකා පොඩි එකා වීම මතම ඌ ලොකු එකා වෙනව මිසක් උන්ට වෙන කිසිම ලොකු කමක් කියල පෙන්වන්න දෙයක් නැති විත්තිය.
මේ ගැටලුවෙ මම දැක්ක තව පැත්තක් තමයි මේක මිනිස්සුන්ට දැනෙන පස්නයක් වෙච්චි එක. අපේ කොම්පැනිය රෙන්ට් එකට අරං ඉන්න මෑංපවර් සේවක කට්ටියක් මිට අවුරුදු එකමාරකට කලිං මහ දැවැන්ත උද්ගෝසනයක් කලා. ඒක කරනකොට අහන අහන හැමෝම කිව්වෙ එයාලයි සහයෝගෙ තියනව කියලා. ඒත් ඒ බාහිර සේවකයො පඩි වැඩිකරන්නය, ස්තිර කරන්නය කියලා උද්ගෝසනය කලාට වැඩ වර්ජනේ කොරාට වැඩේ හරිගියෙ නැහැ. පත්තර වල ටීවි වල ගියෙ නැත්තෙ ඇයි වගේ බොලද පස්න අහන්න එපා. මූලික උනු තුන් හතර දෙනා බුකැස් ගාල වැඩ තහනම් කරලා ටික කාලෙකින් අස් කරලා දැම්මා.
ඒ මිනිස්සු මේ වැඩකරන ලොකු මිනිස්සුන්ගෙම පොඩි පොඩි වැඩ කරපු අය. නැත්තං පොඩි තනතුරු වල අය. උදාහරන විදියට රියදුරු වගේ තනතුරු. මේ අයගෙ ඇගේ වැදි වැදි වැඩකරපු එකට පඩිපෙලෙ ගිහිපු මිනිස්සු. ඉතිං මේ මිනිස්සු හතර දෙනාගේ වැඩ තහනං වෙල ගෙදර ඉන්න වුනාම ඒ තරං කතාවක් අපේ කන්තෝරු වල ඇතිවුනේ නැහැ. හැමෝම බැන්නෙ සංවිධායකයින්ට. හැමෝම බැන්නෙ යූනියන් කාරයින්ට. නමුත් වැඩේ හරි ගියානං අයිතිකාරයො ගොඩාරියක් ඉන්න තිබුනා. ඒ කතාවෙදි මේ කැන්ටිමේ කෑම නැතිවුනා වගේ මහා උනන්දුවක් ඇතිවුනෙ ්නැහැ. අර ගිහිපු උන් දැන් වෙන රස්සා හොයාගෙන මේ තැනට වඩා හොදටත් ඇති. නමුත් අපේ අයගේ සත්ව කරුනාවේ මායිම අන්න අර වගේ තැනක්.
බොහොම ජනාකිර්න කොළඹ පසුබිමක තියන මේ ආයතනයේ රෑට පත්තුවෙන බෝඩ් ලෑලි දිහ බලල එලියෙ මිනිස්සු හිතනවා ඇති අඩේ පට්ට දියුනු කොම්පැනියක් කියලා. ආන්ඩුවෙන් පිනට ඉගෙනගෙන පොරවල් වෙලා අනික් පහල උන් ගැන නොබලන මේ බහුතරයක් මහත්වරුන්ට වඩා මුට්ට කරගහන පිටකොටු නාට්ටාමි මහත්වරු අතර හොදගති තිබෙනවා. කූඩ කේස් එකක් ඇවිත් කූඩ නිසා අවුලක් ඇති වුනාම මාකට් එකම තනිකර වැහුන. දවසට ප්‍රොෆිට් එක විතරක් ලක්ෂෙ පනින මුදලාලිල එක්ක උරෙන් උර ගැටිල නාට්ටාමි මහත්වරුත් කොටුව ස්ටේසම ඉස්සරහ මහ පාරට ඇවිත් බිම වාඩිවුනා
. ඒකට අපේ කන්තෝරු, එකට වැඩකරපු උන් හතරදෙනෙක් නොකවුට් වෙද්දි මේකෙ ඉන්න උන් මුර්ජා වෙලා වගේ ඒක නොපෙනි නොදැක උන්නා. ඒත් දැන් උන්ගෙම තේ වතුර බොන ආතල් එක කැඩෙනකොට ඒක වෙනුයෙන් ආයිත් නැගිටල මයිල් කෙලින්වෙල දගලන්න හදනවා. හැබැයි ඉතිං ඕකත් කටින් පමණක් දැගලිල්ල විතරයි. ඕකටත් පොඩ්ඩක් කට්ටිය එලියට ඇවිත් සද්දයක් දාල බලමුද කිව්වොත් “මට නං සීනි මේ දවස්වල මම තේ බොනඑ ක නවත්තන්නයි අනේ හිටියෙ“කියල නිදහසට කාරනා කියන නෝන මහත්වරු ගොඩක් ඉඳීවි.
යුක්රේනෙ මිනිස්සු පාරට බැහැල මොකද්ද ජරමරයක් තියෙනවා. ඒකට එක හේතුවක් තමයි රුසියාව අත පොවන එකට විරුද්ධ වීම සහ යුරෝපිය සංගමයට තමුන්ගේ රට ඇතුලත් කරගන්න කියන ඉල්ලීම. මේ වගේ දෙයක් කොයි තරම් සංකීර්ණද? ඒ මිනිස්සු පාරට බැහැල අල ලූනු, සීනි, කිරිපිටි, පඩි බෝනස්,හරක් නිසා කෑගැහුව නෙමෙයි. ඊට වඩා දිග අනාගතයේ තමුන්ගේ අනාගතය සම්බන්ධ දේකට. අපේ රටේ පේන හරක් වෙනුවෙන් මිස අර වගේ දිග අරමුණක් වෙනුවෙන් පෙලගැහෙන්න හිතන්න වත් බැහැ.
මේ වගේ නොදියුනු සමාජයක් සංවිධානය කරල ඉස්සරහට ගනිපු උදාහරනයක් හොයාගන්න අමාරුයි. ගාන්ධි මැන්ඩෙලා වගේ මිනිස්සුන්ට වුනත් ඒ රටවල් ගෙනියන්න පුලුවන් වුනේ එක්තරා සීමාවකට විතරයි. ඒකෙදි පොදු විරෝධයක් ගොඩනගාගන්න “සුද්දො“ කියන පොදු සතුරා හිටියා. දැන් මම මෙ කියපු සුලු කාරණාවත් සමාරවිට අපේ කන්තෝරුවල ලොක්කන්ට පෙන්වන්න, පෙන්නල ලොක්කගේ මූනෙ ඇඳෙන කෘතඥතාවයෙ හීන් ඉර දකින්න ආස කරන බත්බැලයො හැමතැනම ඉන්නවා. සමාරවිට උන්ට ඒ නිසා ලැබෙන එකම මහ ලොකු සම්පත තමයි අර ලොක්කගේ මූනෙන් ඌ වෙත ලැබෙන හීන් හිනා පොද. ඊට වැඩිය කිසිම දෙයක් ඒ වගේ කඩේ යන උන්ට ලැබෙන්නෙ නැහැ ගොඩක් වෙලාවට.
මහා සමාජය කියල ලොකු වෙනසක් නැහැ. මේ කෂුද්‍ර සමාජයේ තියෙන ලක්ෂණ ටිකම විසාල සමාජයෙදිත් ඒ විදියටම තියෙනවා.
මේ ලබුගෙඩි රටේ සමහර දෙනෙක් දැන් රජාට එරෙහි වෙන්න නම් අලුත් රජෙක් ඉන්න ඕන කියන මතයේ ඉන්නවා. මේක හරි පරණ කේස් එකක්. 1818දි කැරැල්ල අසාර්ථක වන්න එක හේතුවක් වුනේ අපේ මිනිස්සුන්ට පිලිගන්න පුලුවන් ගැලපෙන රජෙක් තෝරගන්න බැරි වුන එක. එතකොට හිටපු උන් අපේ මුත්තල. අපේ මුත්තලටත් පුද්ගලයින් මිස ක්‍රමයක් ගැන අදහසක් තිබුන් නැහැ. වඩාත් සාධාරන සමාජයක්, සංවර්ධිත අවකාශයක් දියුනුවෙන ලෝකයක් ගැන අපේ මුත්තලට කිසි අදහසක් තිබුන් නැහැ. අරුං සුදුයි ඒ නිසා අපේ ගෑනු උන්ට කැමතිවෙයි. ඊට වඩා අපේ රජතුමා හොදයි කියන පොඩි ඉරිසියාවක් විතරක් තිබුන මුත්තල ටිකක් එදා ඉන්න ඇති. ඕකම 1848,1971,1989 දි ආයෙ ආයෙ සිද්ද වුනා. ඒ කට්ටියට ඕන වුනෙත් දැන් ඉන්න සුද්ද පන්නල අපේ රජෙක් කියන අවශ්‍යතාවය විතරයි. එක අතකින් රජෙක් නැතුව දැන් වගේ රනිල්,ෆොනී,අනුරකුමාර වගේ රජකමට අඩුපාඩු තියෙන සෙට් එකක් ඉන්න එක හොදයි.
රනිල්ට නගින් නැහැ. කට පුරෝල බොරුවට හිනාවෙන්න දන්නෙත් නැහැ. අනුර කුමාර ජෙප්පා නිසා වැඩක් නැහැ. පොන්සේක ගෙ කුලේ ටිකක් මදි. ඒ නිසා මුන් තුන්දෙනාටම තැනක් නැහැ. ඒ කියන්නෙ වර්ථමාන රජතුමා ආතල් කැඩුවත් අපිට සෙට්වෙලා අනාගත හීන දකින්න හීන ලෝකෙන් අනාගත රජතුමාව පත්කරලා දරුවට රස්සාව අරං දෙන්න, පාරට ලයිට් එක දාගන්න, ප්‍රමෝෂන් එක ගන්න, අලුත් ටෙන්ඩරයක් ගන්න, කීයක් හරි හොයාගන්න, පර්මිට් එකක් ගන්න චාන්ස් එකක් පේනතෙක් මානෙක නැහැ. රජා හොද නැහැ. අලුත් රජෙක් ඇත්තෙත් නැහැ. මරු ආතල් එක. අර රජාගෙන් ගැලවෙන සැට් එකට එල්ලෙන්න අලුත් ඔටුන්නක් නැති වුන එකත් අජරාමර ෆන් එකක්.
(මට ඇති වී ඇති මානසික රෝගය සොයා කමෙන්ට් නොකරන මෙන් ඉල්ලා සිටින අතර එසේ මගේ මානසික රෝගය නිමානය කොට කමෙන්ට් එකක් දැමීමට අවශ්‍යම නම් ඒ වෙනුයෙන් මුදල් ගෙවා එය සිදුකරගත හැකි බව සතුටින් දන්වා සිටිමි.)