Wednesday, March 5, 2014

ඇට අස්සෙන් රට through balls

ඇයි අපිට එක පාරට හිතට එන දේවල් ලියල දාන්න බැරි. අනේ මන්දා. ලියන එක ඇවිල්ල තනි බොරුවක් නේ. අපි මේව ලියන්න හදන්නෙ අපි හොදයි,චෝක් බබාල කියල පෙන්වන්න. එතනින් සාමාන්‍ය ජීවිතේ අපිට නොලැබෙන පට්ට තැනක් අපි සයිබර් ඉස්පේස් එක ඇතුලෙ යාලුවන් අතර හදාගන්න යනවා.

මේක අස්සෙ මම කියන්නෙත් ඔබ කියන්නෙත් තව එක නෝඩ් එකක් විතරයි. පොත් පත් කියෙව්වම චිත්‍රපටි බැලුවම,බ්ලොග් අවකාසෙට ගියාම සංවේදි මනසක් ඇතිවෙල සංවේදි මිනිස්සු වෙනවලු. ආච්චිගෙ බ්ලවුස් එකේ සංවේදී කම. අනික් මිනිහ දිහා හොරෙන් බලන එක අපේ ජානගත පුරුද්දක්. ඒකුනු ආතල් එකට හුරුවුන අපි අනුන්ගේ ජිවිත සහ සමාජ සිද්දි දිහා බලන්න විවිධ ටූල්ස් යොදාගන්නවා. ෆිල්ම්,නවකතා, කෙටිකතා,කවි, සයිබර් ස්පේස් එක වගේ ඒවා එතනදි අපිට අනුන් දිහා බලන්න යොදාගන්න පුලුවනි. 


හැබැයි ඔය අනුන් දිහා බැලුව කියල ලංකාවෙ මිනිස්සු වෙනස් වෙනවද? නැහැ නෙව. ඒ හොරෙන් බැලීම කියන සංසිද්ධිය මගින් වඩාත් හොද දර්ශන පෙන්වන්න පුලුවන් ෆිල්ම් ටෙලි,පොත්,පත්තර,කෙටිකතා ජනප්‍රිය වෙනවා. ඒවා කරන උන් පොරවල් වෙනවා. හැබැයි ඒ රසවිඳින මිනිස්සු න්ගේ ඔලුව තාම එතනමයි. 

ඔලුවෙන් ඉදිරියට යන පොදු සමාජයක් විදියට අපි කාරුවත් හිතන් නැහැ. ඔන්න අපේ කන්තෝරුවෙ තිබුන කැන්ටිමක්. ඒක තේ කඩයක් වගේ. ඒකෙ තේ වතුර බොන්න වෙන්නෙ හිටගෙන. තේ බොනෙකොට ඒ මිනිස්සු තේ බොනව කියල හැමතැනටම පේනවා. ටක ටක ගාල තේ ගහනවා යාරයක් උසට තේ දානවා. ඒ නිසාද මන්දා මේකෙ කිරි තේ එකත් රසයි. 

මේක නිකං කඩයක් කිව්වට කවුන්ටරයක් විතරයි තියෙන්නෙ.හැබැයි කවුන්ටරෙන් මයියොක්ක කිරිබත් ජෑම්පාන් මාලුපාන් ආදි වගේ ගොඩක් පරාසයක කෑම ජාති ගන්න හැකියාවක් තිබුනා. තේ ඉල්ලුවම තේ, යෝගට් ඉල්ලුවම යෝගට් වගේ දේවල් දෙනවා. ඒක පිටිපස්සෙ පොඩි අවකාශයක් තියෙන්නෙ. ඔය පොඩි අවකාශෙ ඇතුලෙ මේ කට්ටිය පාන් ටෝස්ට් කරනවා. කිරිබත් හදනවා. පෘට් සැලට් හදනවා. ඒක කැතයි. සෞඛ්‍යාරක්ෂිත නැහැ.

ඔය වැඩේ නවත්වන්න කියල අපේ මානව සම්පත් අංශෙන් කියලා. මොකක් හෝ තවත් හේතු හින්දා අර තේ වතුර හිටගෙන බොන එකත් අසෝබනයි කියල ඒකත් නවත්වන්න කියලා තිබුන. දැන් එතන කලිං වගේ කෑම තේවතුර නැහැ. බිස්කට් යෝගට් වගේ ඒව තිබුනත් ඒව අරං ගිහින් කන්න ඕන. කලිං එතන මී මැහි පොදිය වගේ මිනිස්සු හිටියට දැන් බල්ලෙක් වත් නැහැ. මිනිස්සුන්ට මාර ගැටලුවක්. දැන් ඒ ගැන ඉහල සිට පහල දක්වා අපේ කන්තෝරු වල කතාවෙනවා.

සමහර ගෑනු අර කැන්ටින් එකේ අයිතිකාර මුදලාලිය ගැන දුක හිතිල බොහොම සොවින් මුදලාලිගෙන් දුක අහනවා. ඒ වගේම දැන් මේ කවුන්ටරය වැහුන නිසා අනික් කැන්ටිමෙ පෝලිමෙ ඉන්න කට්ටියට සිද්ද වෙල. මේ නිසා මේ ගැන ලොකු කතාවක් ඇතිවෙල. ඕක තව දවස් දෙකෙකින් විතර හොද වෙයි. ගොඩක් වෙලාවට අර පෙර තිබුන මජර ක්‍රමයට හිටගෙන තේ බොන්න. අපිරිසිදුවට හදන කෑම කන්න අපේ කට්ටියට අවස්ථාව ලැබේවි.

පොඩි අවුලක් තියෙනවා තමයි. මිනිස්සු කලිසං ඇන්දට ලස්සන හිරට දාර පේන්න සාරි ඇන්දට ගොඩක් මිනිස්සුන්ගේ ඇතුල ඇවිල්ල තාම පරණයි. ඒ මිනිස්සුන්ට තාම අර උණූ වතුර එක දුන්නම තේ පැකට් එක දාල තේ එක හදාගන්න සීන් එක වැටෙන් නැහැ. ඒ ඇරත් මිනිස්සු වාඩිවෙල වැඩකරන අයනේ ඒ නිසා ගෑනු මිනිස්සු බලන්නත් මිනිස්සු ගෑනු බලන්නත් චැට් එකක් දාන්නත් හිටගෙන ටික වෙලාවක් රෙස්ට් එකක් ගන්නත් මෙතන පාවිච්චි කරනවා. කෝකටත් මේක එකපාර එංගලන්තෙ කොරන්න බැහැ නෙව. එහෙම කොරන්න නං ඉතිං එංගලන්තෙ විදියට අනික්වත් තියෙන්න එපාය.

දැන් නවීන ආයතන වල අපේ වගේ කුනු පරිපාලන විදි නැහැලු. කෑම ජාති ෆිජ් වල දාල නෙස්කැෆේ මැෂින් තියල මිනිස්සුන්ට ඕන තරං කන්න බොන්න ජාති තියෙනවා. මං ඒජාතියෙ මෘදුකාංග නිර්මාණ කොම්පැනියක දවසක් වැඩකටත් ගියා. ෂහ් පට්ට සැප. පිටරට ඉන්න යාලුවෙක් කිව්ව එයා ඉන්න රටේ සිකුරාදා ගොඩක් කාර්යාල වල හවසට කන්තෝරුව ගානෙ පාටිලු. අරක්කු එහෙමත් කොම්පැනිය ගානෙ දෙනවලු. ඉතිං අපෙ මිනිස්සුන්ට අරක්කු දෙන්න ඕන නැහැ අඩුතරමෙ නෙස්කැපේ මැසින් එක තට්ටුවට එක ගානෙ හයි කරල කන්න බනිස් ගෙඩියක් ඉන්න තැනට ගෙනත් දෙනවනං කොච්චර එකක්ද? ඒත් ඒ වගේ දියුනු ආකල්පිය තැනකට යන්න අපේ කොම්පැනි වල මැනේජ්මන්ට් උන්ට බැහැ. මොකද උන් දන්නවා පොඩි එකා පොඩි එකා වීම මතම ඌ ලොකු එකා වෙනව මිසක් උන්ට වෙන කිසිම ලොකු කමක් කියල පෙන්වන්න දෙයක් නැති විත්තිය.

මේ ගැටලුවෙ මම දැක්ක තව පැත්තක් තමයි මේක මිනිස්සුන්ට දැනෙන පස්නයක් වෙච්චි එක. අපේ කොම්පැනිය රෙන්ට් එකට අරං ඉන්න මෑංපවර් සේවක කට්ටියක් මිට අවුරුදු එකමාරකට කලිං මහ දැවැන්ත උද්ගෝසනයක් කලා. ඒක කරනකොට අහන අහන හැමෝම කිව්වෙ එයාලයි සහයෝගෙ තියනව කියලා. ඒත් ඒ බාහිර සේවකයො පඩි වැඩිකරන්නය, ස්තිර කරන්නය කියලා උද්ගෝසනය කලාට වැඩ වර්ජනේ කොරාට වැඩේ හරිගියෙ නැහැ. පත්තර වල ටීවි වල ගියෙ නැත්තෙ ඇයි වගේ බොලද පස්න අහන්න එපා. මූලික උනු තුන් හතර දෙනා බුකැස් ගාල වැඩ තහනම් කරලා ටික කාලෙකින් අස් කරලා දැම්මා.

ඒ මිනිස්සු මේ වැඩකරන ලොකු මිනිස්සුන්ගෙම පොඩි පොඩි වැඩ කරපු අය. නැත්තං පොඩි තනතුරු වල අය. උදාහරන විදියට රියදුරු වගේ තනතුරු. මේ අයගෙ ඇගේ වැදි වැදි වැඩකරපු එකට පඩිපෙලෙ ගිහිපු මිනිස්සු. ඉතිං මේ මිනිස්සු හතර දෙනාගේ වැඩ තහනං වෙල ගෙදර ඉන්න වුනාම ඒ තරං කතාවක් අපේ කන්තෝරු වල ඇතිවුනේ නැහැ. හැමෝම බැන්නෙ සංවිධායකයින්ට. හැමෝම බැන්නෙ යූනියන් කාරයින්ට. නමුත් වැඩේ හරි ගියානං අයිතිකාරයො ගොඩාරියක් ඉන්න තිබුනා. ඒ කතාවෙදි මේ කැන්ටිමේ කෑම නැතිවුනා වගේ මහා උනන්දුවක් ඇතිවුනෙ ්නැහැ. අර ගිහිපු උන් දැන් වෙන රස්සා හොයාගෙන මේ තැනට වඩා හොදටත් ඇති. නමුත් අපේ අයගේ සත්ව කරුනාවේ මායිම අන්න අර වගේ තැනක්.

බොහොම ජනාකිර්න කොළඹ පසුබිමක තියන මේ ආයතනයේ රෑට පත්තුවෙන බෝඩ් ලෑලි දිහ බලල එලියෙ මිනිස්සු හිතනවා ඇති අඩේ පට්ට දියුනු කොම්පැනියක් කියලා. ආන්ඩුවෙන් පිනට ඉගෙනගෙන පොරවල් වෙලා අනික් පහල උන් ගැන නොබලන මේ බහුතරයක් මහත්වරුන්ට වඩා මුට්ට කරගහන පිටකොටු නාට්ටාමි මහත්වරු අතර හොදගති තිබෙනවා. කූඩ කේස් එකක් ඇවිත් කූඩ නිසා අවුලක් ඇති වුනාම මාකට් එකම තනිකර වැහුන. දවසට ප්‍රොෆිට් එක විතරක් ලක්ෂෙ පනින මුදලාලිල එක්ක උරෙන් උර ගැටිල නාට්ටාමි මහත්වරුත් කොටුව ස්ටේසම ඉස්සරහ මහ පාරට ඇවිත් බිම වාඩිවුනා

. ඒකට අපේ කන්තෝරු, එකට වැඩකරපු උන් හතරදෙනෙක් නොකවුට් වෙද්දි මේකෙ ඉන්න උන් මුර්ජා වෙලා වගේ ඒක නොපෙනි නොදැක උන්නා. ඒත් දැන් උන්ගෙම තේ වතුර බොන ආතල් එක කැඩෙනකොට ඒක වෙනුයෙන් ආයිත් නැගිටල මයිල් කෙලින්වෙල දගලන්න හදනවා. හැබැයි ඉතිං ඕකත් කටින් පමණක් දැගලිල්ල විතරයි. ඕකටත් පොඩ්ඩක් කට්ටිය එලියට ඇවිත් සද්දයක් දාල බලමුද කිව්වොත් “මට නං සීනි මේ දවස්වල මම තේ බොනඑ ක නවත්තන්නයි අනේ හිටියෙ“කියල නිදහසට කාරනා කියන නෝන මහත්වරු ගොඩක් ඉඳීවි.

යුක්රේනෙ මිනිස්සු පාරට බැහැල මොකද්ද ජරමරයක් තියෙනවා. ඒකට එක හේතුවක් තමයි රුසියාව අත පොවන එකට විරුද්ධ වීම සහ යුරෝපිය සංගමයට තමුන්ගේ රට ඇතුලත් කරගන්න කියන ඉල්ලීම. මේ වගේ දෙයක් කොයි තරම් සංකීර්ණද? ඒ මිනිස්සු පාරට බැහැල අල ලූනු, සීනි, කිරිපිටි, පඩි බෝනස්,හරක් නිසා කෑගැහුව නෙමෙයි. ඊට වඩා දිග අනාගතයේ තමුන්ගේ අනාගතය සම්බන්ධ දේකට. අපේ රටේ පේන හරක් වෙනුවෙන් මිස අර වගේ දිග අරමුණක් වෙනුවෙන් පෙලගැහෙන්න හිතන්න වත් බැහැ.

මේ වගේ නොදියුනු සමාජයක් සංවිධානය කරල ඉස්සරහට ගනිපු උදාහරනයක් හොයාගන්න අමාරුයි. ගාන්ධි මැන්ඩෙලා වගේ මිනිස්සුන්ට වුනත් ඒ රටවල් ගෙනියන්න පුලුවන් වුනේ එක්තරා සීමාවකට විතරයි. ඒකෙදි පොදු විරෝධයක් ගොඩනගාගන්න “සුද්දො“ කියන පොදු සතුරා හිටියා. දැන් මම මෙ කියපු සුලු කාරණාවත් සමාරවිට අපේ කන්තෝරුවල ලොක්කන්ට පෙන්වන්න, පෙන්නල ලොක්කගේ මූනෙ ඇඳෙන කෘතඥතාවයෙ හීන් ඉර දකින්න ආස කරන බත්බැලයො හැමතැනම ඉන්නවා. සමාරවිට උන්ට ඒ නිසා ලැබෙන එකම මහ ලොකු සම්පත තමයි අර ලොක්කගේ මූනෙන් ඌ වෙත ලැබෙන හීන් හිනා පොද. ඊට වැඩිය කිසිම දෙයක් ඒ වගේ කඩේ යන උන්ට ලැබෙන්නෙ නැහැ ගොඩක් වෙලාවට.

මහා සමාජය කියල ලොකු වෙනසක් නැහැ. මේ කෂුද්‍ර සමාජයේ තියෙන ලක්ෂණ ටිකම විසාල සමාජයෙදිත් ඒ විදියටම තියෙනවා.

මේ ලබුගෙඩි රටේ සමහර දෙනෙක් දැන් රජාට එරෙහි වෙන්න නම් අලුත් රජෙක් ඉන්න ඕන කියන මතයේ ඉන්නවා. මේක හරි පරණ කේස් එකක්. 1818දි කැරැල්ල අසාර්ථක වන්න එක හේතුවක් වුනේ අපේ මිනිස්සුන්ට පිලිගන්න පුලුවන් ගැලපෙන රජෙක් තෝරගන්න බැරි වුන එක. එතකොට හිටපු උන් අපේ මුත්තල. අපේ මුත්තලටත් පුද්ගලයින් මිස ක්‍රමයක් ගැන අදහසක් තිබුන් නැහැ. වඩාත් සාධාරන සමාජයක්, සංවර්ධිත අවකාශයක් දියුනුවෙන ලෝකයක් ගැන අපේ මුත්තලට කිසි අදහසක් තිබුන් නැහැ. අරුං සුදුයි ඒ නිසා අපේ ගෑනු උන්ට කැමතිවෙයි. ඊට වඩා අපේ රජතුමා හොදයි කියන පොඩි ඉරිසියාවක් විතරක් තිබුන මුත්තල ටිකක් එදා ඉන්න ඇති. ඕකම 1848,1971,1989 දි ආයෙ ආයෙ සිද්ද වුනා. ඒ කට්ටියට ඕන වුනෙත් දැන් ඉන්න සුද්ද පන්නල අපේ රජෙක් කියන අවශ්‍යතාවය විතරයි. එක අතකින් රජෙක් නැතුව දැන් වගේ රනිල්,ෆොනී,අනුරකුමාර වගේ රජකමට අඩුපාඩු තියෙන සෙට් එකක් ඉන්න එක හොදයි.

රනිල්ට නගින් නැහැ. කට පුරෝල බොරුවට හිනාවෙන්න දන්නෙත් නැහැ. අනුර කුමාර ජෙප්පා නිසා වැඩක් නැහැ. පොන්සේක ගෙ කුලේ ටිකක් මදි. ඒ නිසා මුන් තුන්දෙනාටම තැනක් නැහැ. ඒ කියන්නෙ වර්ථමාන රජතුමා ආතල් කැඩුවත් අපිට සෙට්වෙලා අනාගත හීන දකින්න හීන ලෝකෙන් අනාගත රජතුමාව පත්කරලා දරුවට රස්සාව අරං දෙන්න, පාරට ලයිට් එක දාගන්න, ප්‍රමෝෂන් එක ගන්න, අලුත් ටෙන්ඩරයක් ගන්න, කීයක් හරි හොයාගන්න, පර්මිට් එකක් ගන්න චාන්ස් එකක් පේනතෙක් මානෙක නැහැ. රජා හොද නැහැ. අලුත් රජෙක් ඇත්තෙත් නැහැ. මරු ආතල් එක. අර රජාගෙන් ගැලවෙන සැට් එකට එල්ලෙන්න අලුත් ඔටුන්නක් නැති වුන එකත් අජරාමර ෆන් එකක්.


(මට ඇති වී ඇති මානසික රෝගය සොයා කමෙන්ට් නොකරන මෙන් ඉල්ලා සිටින අතර එසේ මගේ මානසික රෝගය නිමානය කොට කමෙන්ට් එකක් දැමීමට අවශ්‍යම නම් ඒ වෙනුයෙන් මුදල් ගෙවා එය සිදුකරගත හැකි බව සතුටින් දන්වා සිටිමි.)

Monday, March 3, 2014

පාටින් ගේ පිංතූර 1st misfocus of Sri Lanka

මෙය මා විසින් කරන ලද රචනාවක් නොවේ. උපුටාගැන්මකි.
අප රටට ඡායාරුප ශිල්පය හඳුන්වා දුන්නේ කවුද?....කවදාද? අද ක්ෂණික වර්ණ ඡායාරූප මොහොතකින් ලබාගත හැකි තරමට මෙම ශිල්පය මෙරට දියුණුව ඇතත්, මෙහි පුරෝගාමියා ගැන කිසිවෙක් සඳහනක් නොකරති. හේ නමින් පාටිං නැමැති ඉංගිරිසි ජාතිකයෙකි. ඡායාරූප ශිල්පය පාටිං මහතා ලක්දිවට හඳුන්වා දුන්නේ 1856 ජුනි 24 වෙනිදාය. මුල්ම කාලයේ එතරම් අත්දැකීම් නොවූ හෙයින්, වැරදි සිදුවුන අවස්ථාද බොහෝය. මේවා අතර, හාස්‍යජනක සිදුවීම්ද නැත්තේ නොවේ. මෙසේ සිදු වුන අත්වැරදි නිසා, අපේ රටේ ඉතිහාසයේ වැදගත් සිදුවීම් පිළිබඳ සිහිවටන ද අපට අහිමි වුන අවස්ථා කොතෙකුත් ඇත. මේ අප සඳහන් කරන්නට යන්නේ එවැනි එක් අවස්ථාවක් ගැනයි. 

1858 අගෝස්තු 3වන අඟහරුවාදා අප කාටත් වැදගත් දිනයක් විය. එයට හේතුව ලකිසුරු ශ්‍රීමත් හෙන්රි වෝඩ් අතින් ලංකා දුම්රිය සේවයේ මුල්ම පස් පිඩැල්ල කැපීමයි. එම වසරේ වැදගත්ම සිදුවීම එය බව අමුතුවෙන් කිවමනා නොවේ. එදා සමාජයේ කැපී පෙණුන ප්‍රභූ වශයෙන් 573 දෙනෙකුට විශේෂයෙන් මේ උත්සවය සඳහා රජය මගින් ඇරයුම් කොට තිබුනි. ඔවුන් සඳහා අලංකාර මංඩපයක් තනවා තිබුන අතර, එදා එය හැඳින්වුනේ “තාවකාලික බංගලාව“ නමිනි. උත්සවය නැරඹීමට තවත් දහස් ගණනක් ජනතාව පැමිණියද, ඔවුනට (විශේෂ අමුත්තන් සඳහා සාදයක් සංවිධානය කර තිබූ) මෙම බංගලාවට ඇතුළු වීමට නම් ඉඩ නොතිබුනි. සම්පූර්ණ උත්සවය සඳහා පවුම් 2013 කුත් සිලිං 19ක් සහ පැන්ස 6ක් වැයවූ අතර ඉන් පවුම් 570ක් මේ අපූරු බංගලාව තැනීම සඳහා වැය විය. 

උත්සවය ඓතිහාසික එකක් වූයෙන් එම අවස්ථාව ඡායාරූපයට නැඟීම පාටිං මහතාටම පැවරී තිබුණි. උත්සවයේ කුදු මහත් අනෙක් කටයුතු එකකටවත් දෙවනි නොවන රාජකාරිය පාටිං වෙත පැවරුණේ, අනාගත පරම්පරාවන් සඳහා මේ උත්සවයේ සිහිවටනයක් ඉතිරි කර තැබීම ඉමහත් වැදගත් කාරයයක් ලෙස, එදා සැළකුන හෙයිනි. නව ශිල්පය හඳුන්වා දී වැඩි කලක් ගතවී නොතිබුනෙන්, මේ පිළිබඳව එතරම් අවබෝධයක් ලක් වැස්සන්ට තිබුනේ නැත. එනිසා කල් තියා ඔවුන් දැනුවත් කිරීම කළ යුුතුව තිබුණි. ජන සන්නිවේදනය ඒ වන විටත් පුවත් පත් වලට සීමා වී තිබුනෙන්, පුවත් පත් වලටත් මෙහිලා බරපතල වගකීමක් පැවරී තිබුණි. එසේ හෙයින් ස්වල්ප මොහොතක් ඡායාරූප ගැනීම සඳහා නොසෙල්වී සීරුවෙන් සිටින මෙන් ජනතාවට පත්‍ර මාර්ගයෙන් කලින්ම දැනුම් දී තිබුණි. (“එක්සැමිනර්“ වැනි එදා පත්‍ර වලින් මේ පිළිබඳ කදිම තොරතුරු දැක ගත හැකිය ) මධ්‍යහ්නයේ සිටම ස්ථානය, එනම් අද බේස්ලයින් නමින් දන්නා පෙදෙස, ජනී ජනයාගෙන් අතුරු සිදුරු නැතිව පිරී පැවතිනි.

පාටිං මහතාද සියලු “වැඩදා“ ඡායාරූපය ගත්තේය. අහෝ. ඛේදයකි. ශුද්ධ කරගත් විට දිස්වුනේ කුමක්ද? රැළි සායක් ඇඳි, තරමක් මහත දෙහෙත කාන්තාවකගේ පශ්චාත් භාගය කදිමට පාටිං අතින් සේයාරුවට නැඟී තිබුණි.


මේ ඉහත ඡේදය උපුටාගනු ලැබුයේ ගාමිණි සමරසිංහ මහතා විසින් රචිත තීරුලිපි එකතුවක් වන ඇස ගිය රස තැන යන  පොතේ වූ තීරුලිපියකිනි. රටේ මෑත ඉතිහාසයට අයත් රසබර චරිත සහ සිද්ධින් කිහිපයක්ම මේ පොතට ඇතුලත් වෙයි. ඇසු අයගේ නොඇසු තොරතුරු රැසක්ම මේ පොතට ඇතුලත්ය.  එම තීරුලිපි එකතුවේ 1993 ඔක්තෝම්බර් 31 වන දා සිට 1994 නොවැම්බර් මස දක්වා වූ ගාමිණි සමරසිංහ මහතාගේ තීරුලිපි එකතුවක් ඇතුලත් වේ. 

වෘත්තියෙන් බැංකු නිළධාරියෙකු වුවද ඒ ගාමිණි සමරසිංහ මහතා ලේඛන කලාවට අසීමිත ආදරයක් දක්වන සම්මානනීය කතු වරයෙක් බව පොතේ පසුවදනේ දැක්වේ. 
පොතේ නම :- ඇස ගිය රස තැන්
කතෘ :- ගාමිණී සමරසිංහ
ප්‍රකාශණය :- ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ
මිල :- රු 175/=
පිටු :- 167
අංකය :- ISBN 955-20-2298-3

Monday, February 24, 2014

තහනම් කලොත් ඉන්න නැතිවෙන ෆේස්බුක්

ගෑනුලමයි දෙතුන් දෙනෙක් දැන් මැරිල නේ. ඒ මැරුන ලමයි පේස්බුක් නිසා මැරුනා කියලයි ගොඩක් දෙනෙක් කියන්නෙ. එක අතකින් ඒ දෙමව්පියන්ටත් ඒක මාරම අස්වැසිල්ලක්. ළමයා ගැන බලන්නෙ හොයන්නෙ නැතුව අයාලෙ යන ගොනෙක් වගේ යන්න ඇරලා ගිහින් කොහේ හරි ලනුව පටලෝගෙන බෙල්ල වැලදාගත්තම දැන් එක හේතුවක්,මාරයෙක් තියෙනවා. ඒ හේතුව ෆේස්බුක්. ෆේස්බුක් නොතිබුනා නම් පත්තර කාරයොන්ට සහ හුදී මහජනයාට කෙලින්ම පේන්නෙ දෙමාපියන්ව සහ ගුරුවරු. දැන් මේ දෙගොල්ලන්ටම හොද අතරමැදි විරුද්ධ කාරයෙක් හමු වෙලා එයා තමයි ෆේස්බුක්. මේ ගතවෙන මෙහොතෙ දි බස් වල ඉස්කෝලෙ යන ගෑනු ලමයෙක්ට ඉන්න දෙන්නැති පස්ස මිරිකන්න හදන මහත්වරු ෆේස්බුක් එකටත් අර සිද්දිවල වැරදිකාරයො වෙලා ඉන්න දෙමාපියො සහ ගුරුවරුන්ටත් බනිනවා ඇති. එක අතකින් මේ වගේ චූන් එකක් යන එක හොදයි. නැත්තං කිසි ගතියක් නැති වෙනවා නේ. 
 අපිට මේ අපි ජීවත්වෙනවාය කාලය ගතවෙනවාය කියල දැනෙන්නෙ කැලැන්ඩරය බැලුවාම විතරයි. එහෙම නැතුවඅපි ඉන්න අපිට අදාල ලාංකිය වටපිටාව වෙනසක් නොවෙන තරම්. ඒ ඒ බලය තියෙන අය ඒ ඒ අයගෙ වැඩටික ඒ ඒ විදියට කරනවා මිසක වෙන දෙයක් සිද්ද වෙන්නෙනැහැ. මට යාන්තමින් මතකයි පේමදාස ජනාධිපති තුමාව. එදා එතුමා හදපු ගෙවල් කඩන එකත් අද ආන්ඩුවට මහ ගැටලුවක්.  පේමදාස උන්නැහැ හදපු ගෙවල් පේන්ට් කරන්නත් දැන් වෙනම ඇමතිලා ඉන්නවා.  ඒ ගෙවල් හදවන්න එතුමා මොන විදියෙ දේවල් කරන්න ඇතිද? ඒ කාලෙ එක මාසෙට සතියට සිද්දි කියක් වෙනවද? ආන්ඩුව කියන දේ කොයි තරම් නම් තීරණ තීන්දු හරි හෝ වැරදි ඒවා ගන්නවද? ඒත් අද? ආන්ඩුව පැරණි රජ කාලෙට ගිහින්.

සිංහල රජකාලෙ හිටපු රජවරුන්ට ප්‍රශ්ණ විසඳන්න කියල ලොකු අමාරුවක් නැහැ. එයාලට ඕනි එයාලගේ බලය රැකගන්න එක විතරයි. අධිකරණ බලතලත් එයාලටමයි. එතනදි රටේ බලවත් නිළදාරින්ට අධිකාරම්ලට නිලමෙලාට අවාසි වෙන තීරණ රජතුමා ගාවට ගියත් එකයි නැතත් එකයි. කවදාවත් අර ඉහල තලයේ ඉන්න තෝරාගත් ප්‍රභූන්ට අවාසියක් වෙන්නෙම නැහැ. ඒ නිසා ලේසියෙන් තීරණයක් නම් රජතුමා ගන්නෙ නැහැ. ඔක්කොම කැමති වෙන සිද්ධින් විදියට පෙනුන චෛත්‍යක් හදන එක, ලොකු වැවක් ගහන එක, පාරක් හදන එක ඇරුනාම මිනිස්සුන්ගේ ජීවිතය උසස් කිරීමක් ගැන රජවරු හිතන්න නැතුව ඇති. දැනුත් අපිට පහලවෙල ඉන්නෙ ආන්න ඒ වගේ රජෙක් සහ රජයක්. 

මේක ඇතුලෙ වැරදි තිරන ගැනිල්ලකුත් නැහැ හොද තීරණ ගැනිල්ලකුත් නැහැ. වැරදි දෙව්ල් ඔක්කොම හොද වගේ පෙන්නල හොරපාරෙන්ම කරගෙන යනවා. කිසිම අවුලක් නැහැ. එහෙම නැතුව තීරණ ගන්න ගියොත් ආන්ඩුව වැටෙනවා. එක අතකින් මේක තමයි ලංකාවෙ අපිට ගැලපෙනම වැඩිම කාලයක් පවතින විශ්වාසදායි ක්‍රමය. තීරණ ගත්තම අනිවාර්යෙන් තීරණය නිසා පොඩි අවාසියක් වෙන සෙට් එකක් ඉන්නවා. ඒ නිසා කාරුවත්ම තරහ කරගන්නෙ නැතුව මොකුත්ම නොකර සංදර්ශන දාන එක වඩාත් ලේසියි. අනික් එක මිනිස්සුන්ටත් එතකොට විරුද්ධ වෙන්න ඕනි වුනත් හේතුවක් නැතිව අසරණ වෙනවා.

 ගොවින්ට කලිං තිබුනා විශ්‍රාම වැටුපක් කියල දෙයක්. ඒක නැතිවුනෙත් මේ  ජනාධිපති කාලෙමයි. ඒත් ඒ නැතිකරන කාලෙ හිටියෙත් මෙයාමයි කියල දැන් අපේ අයට මතක නැහැ.තිබිල නතර කරපු  එක ආයෙත් දෙන එකටත් අපේ අය හුරේ දානවා. ඒ නිසාම වෙන්න ඇති ඔය ඔප්පු තිරප්පු විස්‍රාම වැටුප් ආදිය දෙනකොට ඔය උතුමන්ලා හිටගෙන ඕවා දෙන්නෙ. ආන්ඩුවෙන් අපෙන්ම අරගෙන අපිටම දෙන එකටත් දෙකට හතරට නැමිල වැදගෙන බාර ගන්නකොට දෙන උන්ට හිනායනව ඇත්තෙ සරම අස්සෙ තියෙන පෝට් එකෙන්. ඒ හිනාවලට ඉඩ හසර තියෙන්න ඕන නිසා, නැගිටල මදක් පස්ස පස්සට දාල ඒ උන්නැහෙලත් නැමිලම ඔය දෙන සහනාධාර පිලිගන්වනවා ඇති.
තව එකක් දෙකක් මැරෙනකොට ආන්ඩුවෙ කාරුහරි කියනවා පේස්බුක් තහනම් කරමු කියලා. ඒකට එන ප්‍රතිචාරය ආන්ඩුව බලනවා. ඒ ප්‍රතිචාරය කියන්නෙ පේස්බුක් තහනම් කරන්න කියල නම් ආන්ඩුව වීරයා වෙලා පේස්බුක් තහනම් කරනවා. ඒක කියන්නෙ පේස්බුක් තිබුනට කමක් නැහැ කියල නම් ආන්ඩුව පේස්බුක් එක ඕෆ් කරන්නෙ නැහැ. කොහොම වුනත් ආන්ඩුවෙ ඉන්න මෝඩ ආර්ථික විද්‍යාඥයො නිසා පේස්බුක් තහනම් වෙයි කියල හිතන්න බැහැ. මේ මෝඩ රෑන හිතාවි පේස්බුක් එක කරන්නෙ ඇමරිකාව මූලික සමාගමක්. ඉතිං ඕක තහනම් කරොත් ඇමරිකාව තරහත් වෙයි. කියලා. ඒ වගේ අපේ මහ තැන් ඇමරිකාවට තියෙන හුඹස් බිය නිසා ෆේස්බුක් නම් මේ අවස්ථාවෙ තහනම් වෙන එකක් නැහැ. අනික අපේ රා ජපක්ස රජ පවුලෙන් තුන් දෙනෙක්ම ඇමරිකන් පුරවැසියන් නේ. 

මං බ්ලොග් ලියන කෙනෙක්. ඒ කියන්නෙ මේ අන්තර්ජාලය කියන මහා අවකාශයේ සුට්ටි සයිස් දූවිලි කෑල්ලක්. ලංකාවෙ පේස්බුක් තහනම් කලොත් අපි විරුද්ධ විය යුතු ඇති. මොකද අපේ මාධ්‍යයත් ෆේස්බුක් වගේම අන්තර්ජාලිය එකක් වෙන නිසා. නමුත් මම  නම් ෆේස්බුක් තහනම ඒ තරං ලොකු දෙයක් කියල හිතන් නැහැ. 

ලංකාවෙ ගත්තොත් හෙන බට්ටා පෝන් වල පවා. රුපියල් තුන් හාරදහට තියෙන චීන කෑලිවල පවා පේස්බුක් වලට වෙනම ඇප් එකක් තියෙනවා. ඒකෙන් ජී පී ආර් එස් වලින් ෆේස්බුක් වලට ලොග් වෙන්න දැන් ගොඩක් තරුණ අය පුරුදු වෙල තියෙනවා. ෆේස්බුක් හදපු සකර්බර්ග් සමාජශීලි තරුණයෙක් නෙමෙයි වාගේ පේන්නෙ. ඒ වගේම සාමාන්‍ය සමාජයට බිය පිරිස ෆේස්බුක් එනවා කියල කාරුහරි කිව්වොත් ඒකෙ මහ වැරැද්දකුත් නැහැ. බස්සෙකේ ස්කෝලෙ, පන්තියෙදි, නැත්තං වෙනත් තැනකදි හමුවෙන ගෑනුලමෙයක් පිරිමිලමෙක් එක්ක සුහදව කතාකරලා පස්සෙ ඒක සම්බන්ධයක් විදියට ඉස්සරහට අරං යන්න අවශ්‍ය කරන ශක්තිය අද සමහර  තරුණ තරුණියන්ට නැහැ. ඉතිං ඔවුන් දවල් දවස තිස්සෙම ගෑනු එක්ක හැමිනි හැමිනි ඉදලත් උපාසකයො වගේ මොකුත් නොකර ඉදලා රෑට ෆේස්බුක් ගිහින් සෙක්ස් කරන්න හොයනවා. 

නංගිලාත් ඒ වගේ. බස් එකක හම්බෙන කොල්ලෙක් ව පොඩ්ඩක් මෝල් කරලා සෙට් කරගන්නෙ නැතුව ගෙදර ගිහින් මහ රෑ අම්මලටත් හොරාට මූන වත් දැකපු නැති හරියට ඇවිදන්නවත් පුලුවන්ද කියල නොදන්න පකිරෙන්තුවො එක්ක චැට් කරනවා. ඒ චැට් කරලා සමාරු මැරෙනවත් එක්ක නෙව. 

පේස්බුක් කේස් එකට මම දකින්නෙ විසඳුම් දෙකයි. එකක් තමයි ලමයිට පේස්බුක් සහ අන්තර්ජාලය ගැන පාඩකමක් දහය නවය වසරෙදි දාන්න ඕනි. ඒක ඉතාම අප්ඩේට් විදියට ගෙනියන්න ඕන.  හොදට ගුරුවරු පුහුනු කරලා පෝන් ගැනත් ගුරුවරුන්ට කියාදීල. ගුරුවරුන් දැනුවත් නැත්තං වීඩියෝ ලෙසන් විදියට හරි ළමයිට අන්තර්ජාලය සයිබර් සහ පේස්බුක් ගැන හොද අවබෝධයක් දෙන්න ඕනි. පේස්බුක් සෙටිං ගනත් හොද දැනුමක් දෙන්න ඕන. අපි ඉස්කොලේ ගිය කාලෙත් ඔය 10-11 පන්තිවල අපි හිටියා. 
ගොඩක් වෙලාවට සර්ලා අපිට ඒ පාරෙන් යන්න කිව්වොත් අපි ඒ පාරෙන් නෙමෙයි යන්න හදන්නෙ බී පාරෙන්. ඒ ඒ වයසෙ තියෙන ඇට්ටර ගතිය.

ළමයිට පේස්බුක් ගැන එසයිමන්ට්, ප්‍රශ්ණ, සෙටිං ගැන හොදට කියල දෙනකොට උන්ට සර්ලා මිස්ලා කියන දේවල් කොහොමත් ඇලජික් වෙන නිසා පේස්බුක් යන එව්වො ටික දෙනත් ඒක අතඇරල වෙන එකක්ට යාවි. නැත්තං පාඩම හොදට ඉගෙන ගත්තෝතින් එයාල පේස්බුක් ගැන සහ සයිබරය ගැන දැනගනීවි. 

ඕවා අමාරු වැඩ. පේස්බුක් සමාජය හරහා පැතිරෙන්න තියෙන හැකියාව වැඩි නිසා ආන්ඩුවට පුලුවන් එක පාරින් ඕක තහනම් කරන්න. පොක්සි වලින් යනවනම් ඒවත් ටික ටික ඩවුන් කරගෙන යන්න පුලුවන්. කොහොමත් පේස්බුක් තිබුනා කියල එක සතේක දෙයක් ඒකෙ යූසර්ලාට ලැබෙනවාද? ලංකාවෙදි නම් නිකං කාල නාස්තියක් විතරයි.සමාර වෙලාවට පාක් වල සහ අලුත හදපු වෝකිං ඒරියා වල යනකොට හෙන හැන්සම් කොල්ලන්ට කැත අජූත කෙල්ලො සෙට් වෙලා ඉන්නවා. ඇන්ටිලාට නාඹර වයසෙ කොල්ලො සෙට් වෙලත් ඉන්නවා. මට ඒ වෙලාවට නම් හිතෙනවා ආ මේවනං පේස්බුක් වෙන්න ඇති කියලා. ඒ අතින් නම් සිළුමින පත්තරේ මංගල දැන්වීම් දාන වැඩේට වඩා ලේසියි  පේස්බුක් කේස් එක. ඒ්ත ඔය ඇලෙන ඇලිලි ගලෝගන්න බැරුව බලුපූට්ටු වගේ පොලිසි ගානෙ ගියාම පොලිසිය විඳින දහදුක් කන්දරාව..ඒ වගේම සමහර දරුවො ඉන්න පවුල් වල මහ උන් වෙන තැන්වල ඇලිල දරුවො දාල ගියාම දරුවන්ට ලැබෙන ආතල් ...යොවුන් වයසෙ ගෑනු පිරිමි ලමයි ඇත්තටම දිවි නසාගන්න ගත්තහම ඒ දෙමාපියො විදින වේදනාව... ආදී වශයෙන් හිතුවාම අපේ සමාජය ලබන පේස්බුක් ලාබාංශය ඒකද කියලා හිතෙනවා.

Thursday, February 20, 2014

වෙළඳාම් කොරන්නෙ කොහෙමෙයි මේ වගේ තැනක Doing Business

පොලවල් වල කෙහෙල්ගෙඩි බිස්නොස් කරන මා දන්න නෑයෙක් ඉන්නවා. ඇය කරන්නෙ කෙසෙල්ගෙඩි තොග වශයෙන් අරගෙන පොලේ විකුනන එක. ඇය සතියේ දින කිහිපයකදී පොලවල් ..තුන හතරකට යනවා. ඇගේ වෙළ හෙළඳාම් වලට බලපාන සාධක ගනනාවක් තියෙනවා.
කෙහෙල්ගෙඩි මිල :- කෙහෙල්ගෙඩි විකුනනකොට ලාබයක් තියාගෙන තමුන්ට කෙසෙල්ගෙඩි වෙනුවෙන් වැයකරන ශ්‍රමයට වටිනාකමක් තියෙන විදියට විකුනන්න වෙනවා. එතනදි තොග වෙළඳපොලේ කෙහෙල්ගෙඩි මිල වැඩිවුනොත් විකුනන්න වෙන්නෙ වැඩිමිලට. කෙහෙල්ගෙඩි කියන්නෙ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යයක් නෙමෙයි. රුපියල් පනහට විතර ඇඹුල් ඇවරි කෑල්ලක් ගන්න බැරිනම් කෙහෙල්ගෙඩි වලට තියෙන අදහස අතහැර ගන්න මිනිස්සු ක්‍රියාකරනවා. ඒ නිසා තොග වෙළඳපොලේ කෙසෙල් මිල වැඩිවන කාලයේදී කෙසෙල් වෙළඳාම අඩුවෙන නිසා පොලේ කෙසෙල් වෙලෙන්දන්ට විකුනන කෙසෙල් ගෙඩි ටික තවත් වැඩිමිලට විකුනලා තමුන්ගේ ලාභය පවත්වාගන්න සිද්ද වෙනවා.

කඩ කුලිය :- පොලවල් හතර පහකට ගියාට ඒ පොලවල් හැම එකේම බඩු විකිනෙන ප්‍රමාණය සමාන නැහැ. සමහර ඒවයි විකිනෙනවා වැඩියි. සමහර පොලවල් වල පොෂ් මට්ටමේ කෙසෙල් ගෙඩියක් වන කෝලිකුට්ටු වගේ ඒවා වැඩියෙන් විකිනෙනවා. මේ පොලවල් වල භූමිය වෙන්කරගන්න මුදලක් පොලේ මුදල් එකතු කරන අයට ගෙවන්න වෙනවා. මේ පොලවල් සමහරක් ප්‍රාෙද්ශිය සභා වලින් බදු දෙනවා. බදුදුන්නම අපිට ඒ බදුගත් අයට සල්ලි ගෙවන්න ඕන අපේ කට්ටිය වෙනුවෙන්.

වාහන කුලිය :- කෙහෙල්ගෙඩි තොග වෙළඳපොලෙන් අරගෙන කෙලින්ම විකුනන්න බැහැ. අමු කෙසෙල් අරගෙන ඒවා ඉදවල තමයි ගොඩක් කෙහෙල් ගෙඩි වෙලෙන්දො සිල්ලරට පොලේ විකුනන්නෙ. ඒ විදියට අමු කෙසෙල් ගේන්නත් ඉදුනු කෙසෙල් ගෙනියන්නත් අපිට ප්‍රවාහන වියදමක් වියදම් වෙනවා. ඒක ලොරි කුලිය කියලා කියනවා. සමහර වෙලාවට පොදු ලොරියක් පොලේ යනවා. එතකොට පාන්දරම අර ලොරියට බඩු ටික පටෝල සමාර විට වෙලඳන් කරන කෙනාට බස් එකේ වුනත් යත හැකි.

කෙසෙල් සැකසීම :- කලින් කිව්වා වගේ අමු කෙසෙල් අරගෙන ඉදවලා විකුනන කොට ඉදවන්න විවිධ ක්‍රම යොදාගන්නවා. ඒකට තිබෙන සුදුස්‍රම ක්‍රමය ලෙස දක්වන්නෙ දුම් ගැසීම. නමුත් ඒක හිතන තරම් ලේසි නැහැ වාණිජමය වැඩ වලදි. ඒ නිසා කාබයිඩ් හෝ ඒ ආසන්න රසායන ද්‍රව්‍ය කෙසෙල් ගෙඩි වලට පිටතින් ඉසිනවා. ඉතිං මේ විදියට ගෙඩි ඉදවන එක ගැන දැන්නම් විවිධ විරෝධතා නැගෙන නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන් මේ කෙසෙල් වෙලෙන්දියන්ගේ නිවෙස් පරීක්ෂාකරන්න පවා යොමුවෙලා තිබෙනවා. මේ කියන කෙසෙල් ගෙඩි නිසි පරිදි ඉදවන්නත් සමහර වෙලාවට කාලය ශ්‍රමය සහ කුලීකාරයෙක් ගත්තොත් ඒ මිනිහට සල්ලි ගෙවන්නත් සිද්ද වෙනවා.

අලුතින් අපි පොලේ පලතුරු විකුනන රස්සාවක් කරන්න හිතුවත් ඒක පිටිපස්සෙ තියෙන වියහියදම්. ශ්‍රමය වැයවෙන තැන්, සල්ලි වියදං වෙන තැන්, අපි ව්‍යාපාරය නීති රෙගුලාසිවලට යටත්ව පවත්ව ගෙන යන්න අවශ්‍ය කරන දේවල්. ආදිය දැනගෙන ඉන්න ඕන. එහෙම නැතිවුනොත් බිස්නොස් එක කඩාගෙන වැටෙනවා. දැන් අපි හිතමු අපේ ගම පැත්තෙම අලුත් පොලක් දැම්මය කියල. ඕක අලුතින් දැම්ම කියල එකපාර වෙලෙන්දියො කඩා පාත් වෙන් නැහැ. ඒ මිනිස්සු ඒ අලුත් පොලට එන්න කලින් ටිකක් හොයල බලනවා වැඩේ ලාබද? මිනිස්සු එයිද? තව ටිකක් එරෙන වැඩද්ද කියල ඒ වෙලෙන්දියො තම නැණ පමණින් සැට් එක(සැටලයිට්) දාල බලනවා.

මං දන්න කියන අනූව දශකෙ මුල් කාලෙ ඉඳලා අපේ රටේ ජනාධිපතිවරු අගමැතිවරු පිටරට යනවා. ගිහින් ඒ රටවල ව්‍යාපාරික මහත්වරු හමුවෙලා කතා බහ කරනවා. ඒ කතාබහ ප්‍රවෘත්ති වල පෙන්නන කොට ඒ ප්‍රවෘත්ති කියන ඇන්ටි හෝ අක්කා කියනවා අදාල රටේ ආයෝජකයො ව්‍යාපාරිකයෝ විශාල පිරිසක් අපේ රටේ ව්‍යාපාර වලට ආයෝජනය කරන්න කැමති වුනා කියලා. ඒ අපේ ජනාධීපති වරු ගිහින් හමුවෙලා හිනාවෙලා අතට අත දුන්න ව්‍යාපාරිකයො ඇවිත් මෙහෙ බිස්නොස් පටන් අරං ෆැක්ටරි දැම්මනං දැනට මේ රටේ තියෙන සිල්ලර කඩ ගානටත් වඩා පිටරට ආයෝජන ඇවිත් තියෙන්න ඕන. නමුත් එහෙම වෙන් නැහැ. ඒ බිස්නොස්කාර මිනිස්සු එදා අපේ ජනාධිපතිවරු එක්ක හිනාවෙල කතාකරල අඩියක් ගහල ගියාට බිස්නස් කොරන්න එන පාටක් නැහැ.

ඇයි මේ එන්නැත්තෙ කියල හිතුවොත් අර මං මුලින් කිව්වා වගේ අලුත් පොලක් දැම්මහම පරණ පොලේ කෙසෙල් වෙලෙන්දියො අලුත් පොලට යන්න කලින් හිතනවා වගේ මේ ආයෝජකයොත් මේ අලුත් සිරි ලංකාද්වීපය කියන රටේ බිස්න්ස කොරනවාද? අපිට ඒ රටේ නිකං වගේ වැඩගන්න පුලුවන් ගෑනු මිනිස්සු ටිකක් අඩුවට හොයාගන්න ඇහැකි නිසා අපේ ෆැක්ටරියක් දෙකක් එහේ දානවද කියලා හොයලා බලනවා. එහෙම හොයල බලල අපේ ඇත්තන්ගේ තියෙන සැබෑ තත්වය ගැන දැකල සන්තෝස වෙනව ඇති. අතින් කාල හරක් බලන්නැහේ මේ රටේ ආයෝජනය කරන්න ඉන්න සල්ලි ටික පොතේ දාල පොලියෙන් බඩුවග් ගහ ගහ ඉන්න එක සැපයි කියල ඒ රටවල ව්‍යාපාරික මහත් වරු හිතනවා ඇති. ඒ නිසා ආයෝජකයෝ ලංකාවට එන්නෙ ඉතාම අඩුවෙන්.

ව්‍යාපාරයක් පටන් අරගෙන කරගෙන යන්න සුදුසු රටවල් ලැයිස්තු ගත කරලා තිබෙනවා. ඒ අනුව යම් රටක ව්‍යාපාර කරන්න හිතන අය මේ කියන දේවල් ගැන සොයලා බලලා තීන්දු තීරන අරගෙන අදාල රටේ ව්‍යාපාර කිරීමට කොතරම් සුදුසු වටපිටාවක් තිබේද කියලා ආයෝජකයෝ හිතනවා. මෙයින් මූලික මට්ටමේ දර්ශකයක් තමයි ලෝක බැංකු දර්ශකය.

මේ දර්ශකයේ අපි ඉන්නෙ 85 කියන තැන පහුගිය අවුරුද්දෙ අපි ඉඳල තියෙන්නෙ 83 කියන තැන. ඒ ගැන වැඩි විස්තර මේ කියන තැනින් (http://www.doingbusiness.org/data/exploreeconomies/sri-lanka) බලාගන්න පුලුවනි. පොඩ්ඩක් ගිහින් එතන බලලා වෙන රටවල් කොහේද තියෙන්නෙ කියලා හොයලා බලන්නකෝ. ඒ වගේම මුල් තැන් ගතපු රටවල් කොහොමද ඒ තැන අරං තියෙන්නෙ කියලත් මේ ලකුණු ක්‍රමය හරහා බලාන්න පුලුවනි. හැමදාම අනුර කුමාරයයි,වික්‍රමසිංහයයි,රාජපක්සයයි,අරුයි මූයි කියන දේවල් ඉහ මුදුනින් පිලි අරං අහගෙන ඉන්නෙ නැතුව තමනුත් මේ වගෙ දෙයක් බලලා තේරුං අරගන්න හුරුවෙනවා නම් හොදයි. මං මේ ගැන මට හිතෙන දේ ඊලග පෝස්ටුවකින් දමන්නම්.

Tuesday, February 18, 2014

වලට හිනාවුන සුනිල්



පෙරලෙන ලෝකෙට
පෙරළෙන්න යන ගෙවල්
තවත් පෙරළියක් නෙමෙයි

පෙරලෙන දෙසට වැනෙන
පෙරලුන පිට හොඳයි කියන
පෙරල පෙරල පොත් පිටු පෙන්වන
පෙරළියක් නැති අල වගේ මොල ගෙඩි..

පුහු පෙරලිකාරයින්ගේ හෘද සාක්ෂිවලට
උඹේ පෙරළිකාර කතාව
පෙර මහ අලියෙක් වගේ
මතක හැටියට උගෙ නම පනාමුරේ ඇත් රාජා

තමුන්ගේ සනුහරේ උන්නු එකා දෙන්නා
අනික් පැත්තට යද්දි
උන් හීලවෙලා නියාලු වෙද්දි
කෝල ගැහෙන හිත
සතුරාට ආලසිනා පාන්න නොදී,,,,
වාත වේගයෙන් තමුනගේ පිරිස වෙනුවෙන් එදිරිව සිටි
පනාමුරේ ඇතා එදා හිටියා

මාලු කඩේ මාලු සුවඳ පරයා
නැගුන වනාතේ සුනිල් සැර
වෙනුවෙන් එසවුනු අත් වල බර
නින්දෙන් ඇවිදින අපිට ලැජ්ජ කරා

වීරයා මැරිල යාවි
ගොට්ට සහ භය හැමදා දිනීවි
ඒත් එක මොහොතක්
ඔබ ලබාදුන් මානසික සුරතාන්තයට
ස්තුතියි සුනිල්...

http://www.33000lk.com/2014/02/sunil-revealed-the-truth.html 

Monday, February 17, 2014

වචන The Words

පොතක් ලියනව කියන්නෙ අමාරු කාර්යයක්. කොටින්ම කතාන්දරයක් කියන්න ලියන්න තියෙන හැකියාව හැමෝටම එන්නෙ නැහැ. ඒකත් ඇවිල්ල මිනිස්සුන්ගේ රුචිකත්වයට ගැලපෙන්න ඔවුන් කැමති වන වට්ටෝරු අනුව ලිව්වොත් තමයි පොත් කියන ජාතිය මිනිස්සු අතරට යන්නෙ. මේ වට්ටෝරු විදි ගානක් තියෙනවා. සාමාන්‍යයෙන් තරුණ වයසේ කෙල්ලන් ආසකරන බොළඳ ප්‍රේම කථා විධිය සැලකුවොත් ඒක මල් පොත් කියල හඳුන්වනවා. ඉන් එහා ගිහින් ජීවිතයේ මිනිස්සුන්ගේ තියෙන සංකීර්ණ ස්වභාවයන් විදහා දක්වන කෘතින් සම්භාව්‍ය කෘතින් විදියට හදුන්වනවා. මේ දෙක අතර ලොකු වෙනසක් නැහැ. මම පුද්ගලිකව හිතන විදියට මිනිස්සු ජීවත් වන ක්‍රමය වෙනස් කරන්න ලොකු හැකියාවක් පොත් වලට නැහැ. පොත් සහ සමස්ථ මාද්‍ය ක්‍රියාකාරිත්වය තමුන් අතට ගතපු පාලකයින්ට පුලුවනි මිනිස්සු හිතන විදියට සහ මිනිස්සුන්ගේ ආසාවල් වල දිශාව සහ බර තීරණය කරන්න. 

මිනිස්සුන්ගේ ආශාවල වල දිශාව සහ බර කිව්වම ඒක නොතේරි යන්න පුලුවන් කස්ටියට. දැන් අදකාලෙ ලංකාවෙ මිනිස්සුන්ට හරි උනන්දුවක් තියෙනවා මංගල උත්සව වලට. මේ උනන්දුව ඇත්තටම ජානවලින් එන අපේ ජෛවීය අවශ්‍යතාවයක් නෙමෙයි. අපිට සමාජය සහ මාධ්‍ය මගින් උරුම කරපු දෙයක්. මංගල උත්සවයකියන එක නිසා අවුරුදු ගනන් වෙන්වෙලා දුක්විඳලා සල්ලි හම්බ කරන අය ඉන්නවා. ඒක ඇවිල්ලා කෘතිමව අපේ සමාජය හිස් වලට ඔබ්බාගත්පු බාහිර උත්සවයක්. ඉතිං මේ වගේ සංස්කෘතිය කියලා හඳුන්වන සමහර ආශාව හා සම්බන්ධ ස්ථාන සහ සිද්දින් වෙනස් කිරීමේ හැකියාව මාධ්‍ය වලට තිබෙනවා. එයින් පොත් පත් වලටත් යම් කිසි සීමාවක මිනිස්සුන් සිතන පතන විදිය වෙනස් කිරීමේ හැකියාවක් තිබෙනවා. 

අපි හැමෝටම පුලුවන් දන්න කැටයම් දාලා කතාවක් ලියන්න. නමුත් ආධුනික ලේඛකයෙක් දැන ඇඳුනුම් කමක්, නෑකමක්, හිතවත් කමක් නැති තැනකින් පොතක් ප්‍රින්ට් කරන්න යනකොට ඒ අයට විඳින්න වෙන අමිහිරි මතකයන් ගොඩායි. ලියපු කතාව ගොඩක් අය ලියපු ජාතියෙ එකක් නම් එයාල කියනවා මේක හරි කොමන් කියලා. කතාව ගොඩක්දෙනෙක්ට නොතේරෙන ගැඹුරු එකක් නම් ඒත් කතාව විකුනගන්න බැරිවෙයි කියලා ප්‍රතික්සේප වෙන්න ඉඩකට තිබෙනවා. ඉතිං එක්තරා තරුණයෙක් යනවා තමුන් ලියන පොතක් අච්චු ගස්සව ගන්න. නමුත් ඔහුට ලැබෙන උත්තර කිසිසේත් සුභවාදී වෙන්නෙ නැහැ.

එයින් මනත එයා හොරකම් කරගන්නවා අනුන් සතු පොතක්. ඒ පොත නැවත ඒ විදියට අකුරක් නෑර කොපි කරලා ඒ නවකතා කාරයා තමුන්ගේම පොතක් වාගේ ඉදිරිපත් කරනවා.  පොත ජනප්‍රියවෙනවා. පොත විකිනෙනවා.  මේ පොත සොරකම් කරපු කෙනා සීනෙන් වත් නොසිතු විදියට පොතේ නියම අයිතිකරුවා ව එයාට හමුෙ වනවා. ඔවුන් පොතේ කතාව නැවත සමාලෝචනය කරගන්නවා. ඒ පොතේ කතාව සහ ඒ හමු වූ මනුෂ්‍යයාගේ කතාව යන දෙකම එකක්. ඒ කියන්ෙන බොහොම කාලෙකට පෙර ජීවත් වුන තරුණයකුගේ සැබෑ කතාවක් තමයි අර අලුත් නවකතා කරු තමුන්ගේ වගේ එලිදක්වල තියෙන්නෙ. 

මේ ෆිල්ම් එක වලි තියෙන නිතර සිදුවෙන සිදුවීම තියෙන ඇක්ෂන් එකක් නෙමෙයි. ඒ වගේම චමත්කාර ජනක ආදරනීය සිදුවීම් පිරුන ලක්ෂන එකකුත් නෙමෙයි. හැබැයි මේ ෆිල්ම් එක සිනමාව කියන එක හොදට පාවිච්චි කරපු එකක්. ෆිල්ම එකේ කතාව මට නම් ඇත්තටම සම්පූර්ණයෙන්ම තේරුං ගියේ නැහැ භාෂා ගැටලුව නිසා. ඒ වුනත් ෆිල්ම් එකෙන් කියන්න හදන දේවල් ගොඩක් අපිට සංගීතය සහ දෘෂ්‍ය රූප පෙලගැස්ම හරහා බලාගන්න හැකි වෙලා තියෙනවා. 

ද වර්ඩ්ස් කියන ෆිල්ම් එකේ කතාව ජර්මන් නවකතාවක කතාවක් කියලා මතයකුත් තියෙනවා. හැබැයි කදිම සිදුවීමක් තමයි ඒකට පාදක වෙන්නෙ. මේ ෆිල්ම් එක කතාව අපිට ඉදිරිපත් කරන්න උපයෝගී කරගන්නා මාර්ගයත් අලුත්ම ජාතියෙ එකක්.

මේ ෆිල්ම් එකේ කාල වකවානු දෙකකදී යුරෝපීය සහ අමරිකාවෙ සිද්ද වෙන විවාහයන් දෙකක් දැක්වෙනවා. ඒ විවාහයන් දෙකටම එකතු වෙන්නෙ ඒ ගෑනියි මිනිහය් විතරයි. අධික තර දරිද්‍රතාවය නිසා එයාලට ලොකු වෙඩින් ගන්න සල්ලි නැති නිසා එහෙම එයාල තනිවෙලා පොඩි විනෝදයක් ගන්න හිතන්න ඇති. කලාත්මක ජාතියෙ කතාන්දර බලන්ට ආස අයට ගැලපෙන කදිම ෆිල්ම් එකක් තමයි ද වර්ඩ්ස් කියන්නෙ. ඉතිං කස්ටිය ෆිල්ම් එක බලලා ඒකෙ කතාව රසවිඳීවි කියලා මම හිතනවා. 

http://www.imdb.com/title/tt1840417/

Friday, February 14, 2014

පංසල් යන ඇඳුම suitable temple

ඔය ඉන්නෙ මල් අරං බුදුන් වඳින්න යන ගෑනුය කියලා මතයක් තියෙනවා. නමුත් මේ මල් අරගෙන යන අය වෙනත් වැඩ වලට මල් ගෙනියනවා කියලත් මත තියෙනවා. අපි හිතමු නිකමට මේ යන්නෙ බුදුන් වඳින්නය කියලා. එතකොට එහෙම හිතුවාම මේ ගෑනු අය ඇයි සුදු ඇදන් යන්නෙ නැත්තෙ. ඇයි මේ එක්කෙනක් උඩ හෙලුවන් යන්නෙ. අනේ මන්දා දැන් නම් හිතනවා මම මේ අය පංසල් යනවා කියල හිතුව එක පවක් කියලත්.
මේ ඉන්නෙත් සිංහල ගෑනු දෙන්නෙක් අයිති වෙන්නෙ 1890ට කියලා සදහන් වෙලා තිබුනා. එතකොට නුවර පැත්තෙ රාජධානිය තියෙනකොට ලංකාවෙ සමහර කාන්තාවො උඩට ඇන්දෙ නැහැලු. ඒ අය පංසල් ගියෙත් මෙහෙමද? බුද්ධාගමේ කියල තියෙන විදියට කුලය සලකන එක වැරදියි. නමුත් තාමත් ලංකාවෙ පංසල් සංස්ථාව තුල කුල අනුව බෙදිමක් තියෙනවා. මේ අය යන්න ඇත්තෙ තමුන්ට කියල තියෙන තමුන්ගේ කුලේ අය මහණ වෙච්චි පංසලට. දැනටත් පංසලට එන කෙල්ලොන්ගෙ ලස්සන පලන්න පංසල් යන පාහර කොල්ලො නං කැමැත්තෙන්ම ඉන්න ඇති අඩු කුලේ අයගේ පංසලට යන්න. නමුත් එයාලටත් පස්සෙ කුලේ මතක් කරන්න දෙමාපියො ඉන්න ඇති. 
මේ වර්ථමාන අසපු සම්ප්‍රදායේ නැටුමක්. මේක තිබුනෙත් අසපුවක තමයි. මේ මල් ගන්න ලලනාවෙො නම් පංසලට සරිලනවිදියට ආගමට ගැලපෙන විදියට ඉන්නව කියල තමයි නිරූපනය වෙනවා ඇත්තෙ. දැන් නම් හොදයි ඔක්කොම වැහිල ගිහින්. නිසි නොනිසි හැමදේම වැහිල ගිහින් තව කාලයක් යද්දි පංසලට ගිහින් ගැනු ඇස් ගහවිය. කොන්ඩ පෙන්නලා කොල්ලන් අමාරුවෙ දාවිය කියලා ලොකු බුර්කාවක් එයිද? අනේ මන්දා . සමාජෙ අපි කිව්වත් නැතත් වෙනස් වනවා.

ගෑනු අය පංසල් යන්න ඕනි මේමය මේමය කියලා සමහර අය කියනවා. කොහොම ගියත් අපිට නං ඒවා වැඩක්නැතිය කියල හිතන්න බැරි මොකද? දැක්ක ගමන් චූන් වෙලා ගෑනු අයට හිරිහැර කරන්න යනවානං කෝ ඒ අයගේ සිල්. බුද්ධාගම කියන්නෙ ස්වභාවයෙන්ම ලිහිල් ආගමක්. ඒ ලිහිල් බව නිසාම එක එක කොටස් විවිධ අර්ථකතන දිගෙන රාමු සෙට් හදාගන්නවා. බුදුන් වහන්සේ රාමුවලින් මිදෙන හැටි ඉගැන්නුවට දැන් ඉන්න අය පුරුදු වෙන්න මේ රාමු අඩු බුද්ධ ධර්මෙට අලුතින් රාමු එකතු කරන්න.