Tuesday, June 23, 2015

ජොලි ජීවිතං

වැඩිහිටියන්ට වඩාත් සුදුසු වෘත්තාන්තයකි..

ඔහු ඇය නම්මාගන්නට වැර වෑයම් කලේය..ඇය ඔහුව තදින් ප්‍රතික්ෂේප කරමින් ඔහුව තල්ලු කරයි. ඔහු නැවත පිබිදී ඇයගේ තොල් වලට හාදුවක් දෙන්නට වෙහෙසෙයි එවරද ඔහු පරාජය විය.
දැන් ඔහු ඇඳමත වැතිරී ගිමන් හරී..ඇය ඇදේ පසෙක සිට ඔහු සිටින පැත්තට පිටුපා සිටී...
අනේ ...මලිත්..ඔයා බබෙක් වෙන්න හදන් එපා.. ඔයා දන්නවනේ මම ගැන හොදටම. මම ඕකට නෙමෙයි ඔයාව හමුවෙන්න ආවෙ.. මං මේ බදුලු ආවෙ වෙන වැඩකට..ඒ ගමන් ඔයාව බලල එන්නයි ආවෙ.. ඒ ඇවිනුත් ඔයාගෙ නමට හානියක් වෙයි කියල හිතලයි වෙනම කාමරයක් අරගෙන ආවෙ..
ඇවිත් නිකම්ම ඉන්න බැරි නිසා බියර් ටිකක් ඕඩර් කලා..දැන් ...
දැන්.. ඔයා බියර් පොඩ්ඩක් බීල මාව පෙරලගන්න හදනවා..
මොනවද මලිත් ...ඔයාට ලැජ්ජ නැද්ද?
සන්ධ්‍යා ඇසුවාය..

හුම්.. ඔයා ගෑනියෙක්...මම පිරිමියෙක්..තාම 40හවත් නොවුන පිරිමියෙක්..මම ඉන්නෙ කාමරේක ඔයත් එක්ක තනියම...තනියෙම ගෑනු පිරිමි දෙන්නෙක් එකතු වුනාම.. පිරිමියා ගෑනිට බලහත්කාරකමක් කරන්න හදනවා..
අනික ඔයා ලස්සනට කිව්වට..ඔයා දැන් හේතු හැටක් විතර හදන් හිටියට ඔයා බදුලු ආවෙ මාව බලන්න.. මාව බලන්න බදුලු ඇවිත්..වෙන අයට පේනවට කාමරේකටත් ඇවිත්.බියරුත් බීල එලියට ගියාම මේක දකින ඕනි කෙනෙක් හිතන්නෙ කාමරේ ඇතුලෙදි මම ඔයාට අහම කරයි කියලා..
කවුරුවත්..අඩුතරමෙ මේ ගෙස්ට් එකේ අයිතිකාරයවත් අපි මගදි දැකපු කස්ටියවත්..හිතයිද අපි දෙන්න මේක ඇතුලට ඇවිත් කතා කරල ඉදල යයි කියල..?  නෑ..
කොටින්ම මගේ යටි හිත කියන්නෙ ලස්සනට සුදට රතුපාටට දිලිසි දිලිසි තක්කලි ගෙඩිය වගේ ඉන්න ඔයාව පෙරලගෙන ඔයාට අතවර කරන්න කියලා.. අනික ඔයාත් මට කැමති ඇති..
ඉතිං දැන් කලා හෝ නොකලා මගේ යෂ්ඨිය දැන් ඔයාට හුවමාරු වෙල ඉවරයි...ඒක ලෝකයා අනුව බැලුවාම ලෝකයාගේ සීයට අනුනවයක් හිතන්නෙ මම ඔ්‍යාව පෙරලගෙන පෙරලාම පහර දෙන්න ඇති කියලා..
මලිත් කියවන්නට විය.. 


කවදාවත් මලිත් ඔයා ආදරේ කියන දේ දන්නෙ නෑ.. හැගීම් තේරුම ්ගන්නෙ නෑ..ඔය කියන වනචාරී උවමනාවට උඩින් කොච්චර දේවල් තියෙද කියලා ඔයා තේරුම් ගන්නෙ නැහැ.. ඔයා මුල ඉදලම හිතන්නෙ මම ඔයාට ආස වෙන්නෙ ඔය උවමනාව නිසා කියලා..
සමහර විට ඔ්‍යා යන මසාජ් වල ඔයා හම්බෙන්න යන ගෑනු ඉන්න තැන්වල ගෑනු හිතන්නෙ ඒම නිසා ඔයත් එහෙම හිතනව ඇති.
එතනින් එහාට ගෑනියෙක් ගැන ඔයාට කිසිම අදහසක් නෑ මලිත්..කොටින්ම ගෑනියෙක්ගේ අවශ්‍යතාවය ගැන ඔයාට අවබෝධයක් නෑ මලිත්.. ඔයා හරිම භෞතික වාදියෙක්. ඔයා පණ්ඩිතයෙක්..ඒත් ඔයා කරන්න හදන මෝඩ තකතීරු අමන වැඩ ඔයාම ඔයාගේ පණ්ඩිත කම් වලින් වහන්න යනවා.
ඔයා දැනගන්න ඔයා මගේ සහෝදරයෙක් වගේ බාල කෙනෙක්..මම ඔයාගේ අක්කි කෙනෙක් වාගේ.. මං ඔයාට දෙන්න අද ශර්ට් එකකුත් ගෙනාවා..
මේ බලන්න..

සන්ධ්‍යා මලිත්ට ෂර්ට් එක පෙන්වයි..
මට කෙහෙම්මල් ෂර්ට් එකෙන් වැඩක් නෑ සන්ද්‍යා.. දැන් ධර්මය අනුවත් අපි වැරදි කාරයො වෙල ඉවරයි..නේ.. චේතනාහම් බික්කවේ කම්මං වදාමි නම් මගෙ චේතනාව දැන් ඔ්‍ය ෂර්ට් වත් ඔ්‍යාෙග් මිනිහ ඉද්දි තැන් තැන්වල ලගින්න යන ඔයාගේ පිවිතුරු ආදරේ වත් නෙමෙයි..මට ඕනි ඔයාත් එක්ක විනෝද වෙන්න.. මේ ලෝකෙ ගොඩක් පිරිමි ආස ලස්සන ඝෑනුන්ගෙන් එහෙම දෙයක් ..එහෙම නැතුව පැද්දෙන උකුල කරත්ත රෝදෙ වගේ..තන් හන්සයො වගේ කියලා උපමා කිව්වෙ කරත්තෙන් හංසයො ගෙනියන්න හදපු හාමුදුරු නමක් නෙමෙයි.. එයාට කෙලින්ම වර්ඩ් එක දාන්න බැරි නිසා කලාව දැම්මා..
බාගෙදා  මගේ කලාව ඔයාට හරියන් නැතුව ඇති. ඒකනේ මේ අවුරුද්දක් විතර ඔයාට බැලමෙහෙ කරලත් ඔයා තාම නැමෙන්නෙ නැත්තෙ..
මලිත් ඇසුවේය..

සන්ධ්‍යාෙග් ඇසට කදුලක් ආවේය..
හරි මලිත් මං යන්නම්..මං කවදාවත් ආයිත් ඔයා බලන්න එන්න හිතන් නැ..ඔයා මම ගැන වැරදියට හිතාගෙන ඉන්නෙ..
මෛහම කිව්වට මලිත් මට ඔ්‍යාව අමතක කරන්න අමාරුයි.. වෙන හේතුවක් හරි දාගෙන ඔයා දකින්න එන්නමයි හිතෙන්නෙ..ඒත් ඔයා කියන ජාතියෙ වල් අදහසක් මගෙ නෑ.. ප්ලීස් මලිත් තේරුම් ගන්න..
සන්ධ්‍යා කියාගෙන යයි.. 

හරි හරි..දැන් පැනගෙන යන්න ඕනි නැහැ.. ඔයාට මාව ඕනි නැත්තං හරි මාව ඕනි මගෙන් සැප ඕනි නැත්තං හරි ඕනි ඔප්ෂන් එකක් එකයි මට.. මට උලේ හිටියත් එකයි පිලේ හිටියත් එකයි.. මෙ ගෙනාපු ඒව කන්න..ඔයාට ඕනි නම් ෂවර් එකක් දාගෙන එන්න..
අනේ මන්දා.. මට තේරෙන් නෑ සන්ධ්‍යා අපි බාගෙට සතුටු වෙලා මෙහෙම ලපටි ආදර කතාවක් තියං යන එකේ තේරුම.. ඒත් ඔයා ආස නම් මට කමක් නෑ.. මලිත් කීවේය..

කාමරය පුරා නිහඩතාවය රජ කරන්නට විය..
කොළඹ ඉදල ඇවිත් අමාරුයි..මං වොෂ් එකක් දාගෙන එන්නම්.. කොහොමත් හෙට නේ යන්නෙ..අපිට ඩිනර් එකට යන්න තැනක් තියේද මලි?
ම්ම්..මෙහෙ නම් ඉතිං වැඩි හොද හොටෙල් නෑ කොළඹ වගේ...අපි කෝකටත් රවුමක් දාමු.. ඩයිවරේට රෙස්ට් කරන්න කියාල ඔයාට පුලුවන් ඩ්‍රයිව ්කරන්න...නේද ? සන්ධ්‍යා..
මලිත් ඇසුවේය..

අනේ අනේ..මෙහෙමත් පිරිමි..ඇත්තටම මලිත් ඔයා ලයිසන් ගත්තට තාම වාහනයක් එලෝලම නැද්ද? සන්ද්‍යා අසන්නට විය..
දන්න කියන කාලෙ ඉදලා ලයිසන් එක සාක්කුවෙ..වාහන ලගින් යනවා එච්චරයි.. තාම එලවන් න හදනවා..වාහනත් තියෙනවා..ඒත් මොකක් හරි අවුලක්.. මලිත් එය අදිමින් කිවේය..සන්ධ්‍යාට එහි යට අරුතක් තේරුම් ගියාය..නමුත් ඇය බාත්රුම් එකට පිටත්ව ගියාය.
ඇය ඇගපත පිරිසුදුව ආවාය..මලිත් ඇදමත දිගාවී සගරාවක් කියවයි..
සන්ධ්‍යා ඇදමත දිගාවූවාය..සන්ධ්‍යා මලිත්ගේ අතක් ගෙන එහි ඇගිලි ගනින්නට විය..මලිත් තවම සගරාව කියවයි.
මලි...ත්..?
මොකද නිකං තරහ වෙල වගේ.. අනේ වෙනද වගේ ඉන්නකෝ.. මොකද්ද හලෝ..
සන්ධ්‍යාට කිසියම් අමුත්තක් ඇති ආකාරයක් පෙනෙයි..
හැමදාම එකම වගේ..කිසි වෙනසක් නෑ.. අනේ මන්දා.. හරි දැන් තියෙන්නෙ ඔයාට මගේ පපුව අතගාන්න. ඉන් පස්සෙ මාව බදාගන්න. ඉන් පස්සෙ මම ඔයාට ලිප් කිස් එකක් දෙනවා..ඉන් පස්සෙ ඔයා ටික වෙලාවක් යනකල් ඒක විදිනවා..

ඉන් පස්සෙ බෑ මලි අනී බෑ කියලා අහක බලනවා..
අදත් ඒමම තමයි.. පොඩ්ඩක් ඉන්න මං එන්නම්..
මලිත් කියවාගෙන ගියේය. ඔහු මැගසිනයෙන් ඇස් ඉවතට නොගත්තේය..
මලිත් අපි බබාල නෙමෙයි..මට දැනුවත්ව වරදක් කරන්න බෑ..මම කසාද බැදපු ගෑනියෙක්..මට එයා කිසිම වරදක් කරලා නැහැ..එයාට මාව බලන්න වෙලාව ක් නැතුව ඇති..ඒ්ත මට කිසිම වරදක් කරන්නෙ නැති එයාට මට පිටුපාන්න බෑ,.සන්ධ්‍යා කටපාඩම් කරගත්තාක් වැනි වාක්‍ය පේලියක් කියවන්නට විය..

හපෝ අති ඇති..මලිත් වහා සගරාවේ කොලයක් නවා.. පසෙකින් තැබුවේය... මලිත් ඇය කිස් කරන්නට පටන් ගත්තේය.. එය හාදු කිස් එකක් නොව ප්‍රංංශ ජාතියේ කිස් එකක් විය..විනාඩියක් දෙතොල් අතර ඝට්ටනයත් දිවවල් වලින් කරන චලනයනුත් දිගට පවතින්නට විය..
හරි දැන් ඇති...නේ..මෙතනින් එහාට ගියොත් ඔයා ගේ පතිවත නැතිවෙනවා..ඒ නිසා මෙතනින් නවත්තමු..
හහ් හහ් හා.. මලිත් රුදුරු වෙසින් සිනාසෙන්නට විය... 

ඔයා හොදයි..ඒත් වෙලාවකට යකෙක්ටත් වඩා නපුරුයි..නරුමයි.. ඇත්තමයි.. මං මේ කැමති වුනාට ඔයා කෙල්ලෙක් කැමති වෙන්නැතුව ඇත්තෙත් ඔ්‍යාෙග් තියෙ න මේ නපුරු කම් වලට තමයි.. ඇත්තමයි..
සන්ධ්‍යා මලිත්ට මෘදු ලෙසින් සෙමෙන් චෝදනාවක් කරන්නට විය.. 

දෙවනි කොටස හෙට 

Sunday, June 21, 2015

ලෝකයේ උසම දුම්රිය මාර්ගය

වර්ශ 2006 දී හූ ජින්තාවෝ ජනාධිපති තුමාගේ මැදිහත් වීමෙන් චීනයේ ක්සිනින් නගරයේ සිට ටිබෙටයේ ලාහ්සා නගරය දක්වා අතිශය දුෂ්කර දුම්රිය මාර්ගයක් විවෘත කලා. ඒ දුම්රිය මාර්ගයේ වැඩිකොටසක් තියෙන්නෙ මුහුදු මට්ටමේ සිට මීටර 4000ට වඩා උසින්. දැනට ලෝකෙ තියෙන දුම්රිය මාර්ග වලින් වැඩිම උසකින් පිහිටා තිබෙන දුම්රිය මාර්ගය තමයි ක්සිනින් ලාහ්සා දුම්රිය මාර්ගය. මේ දුම්රිය මාර්ගය 2001 ජුනි මස 29 වෙනිදා පටන් අරං 2005 ඔක්තෝම්බර් මස 12 වෙනිදා වැඩ නිමකලා. දැනට මේ දුම්රිය මාර්ගය ඔස්සේ චීනයේ ෂැංහය්,බෙයිජින්, ගුආන්ශු,ක්ෂියාන් ආදී තැන්වල සිට ටිබෙටයේ ලාසා වලට දුම්රිය සේවා ක්‍රියාත්මක කරනවා. 

ලෝකයේ වැඩිම උසක් තිබෙන දුම්රිය ක්වින්ග්හායි ලාසා මාර්ගය කදුමතින් මිනිස්සුන් නැති කාන්තාර බිම් මතින් අයහපත් ශීත කාලගුණයන් යටතේ අඩු ඔක්සිජන් සැපයුමක් තිබියදී පවා වසර 5කින් නිම කරන්න චීනයට හැකි වෙනවා. සීතලට හිම මිදෙන කදුවල වැසි කාලයට සහ ශීත කාලය නිමවීමත් සමගම එක වකවානුවකදී පොලව මඩ සහිත ස්වභාවයක් ගන්නවා. ඒ තත්වයන්ට ඔරොත්තු දෙන විදියට දුම්රිය මාර්ගය සැලසුම් කරන එක එක්තරා විශාල අභියෝගයක් වෙනවා.

ක්වින්හායි සිට ටිබෙට් දක්වා දිවෙන මේ දුම්රිය මාර්ගය ශීත කාලයේදී හිමෙන් වැහෙනවා. ඒ වගේම මහා විල් වනෝද්‍යාන කෙළවරක් නොපෙනන කදු පන්ති පසුකරමින් යන ගමන චීන ජාතිකයින්ගේ පමණක් නොවෙයි ලෝකවාසී සංචාරකයින්ගේ පවා සිත්ගත් එක්ක බවට පත්වෙලා තියෙනවා.  මේ දුම්රිය මාර්ගය හැදුවයින් පස්සෙ ටැන්ගුලා කන්දෙ තියෙන දුම්රිය ස්ථානය ලෝකයේ උසම දුම්රිය ස්ථානය බවට පත්වුනා.

ක්වින්ග්හායි ලාසා මාර්ගය ස්ථාන 6කින් තවත් තැන්වලට දික් කරන්න වැඩකටයුතු සූදානම් වෙලා තියෙනවා. නේපාල රජයේ ඉල්ලීමක් අනුව ලාහ්සා සිට නේපාලය දක්වා මේ දුම්රිය මාර්ගය දිගු කරන්නට සැලසුම් සකස් වෙලා තියෙනවා..

මෙහි ඇතැම් ස්ථාන මුහුදු මට්ටමින් මීටර 5000කට වඩා උසින් යුක්ත වෙනවා.ඒ වගේ උස තැන්වලදි සාමාන්‍ය මිනිස්සුන්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවෙන්න බොහෝ ඉඩකට තිබෙනවා. මොකද එතරම් උස මට්ටමවලදී වාතයේ තිබෙන ඔක්සිජන් ප්‍රතිශතය අඩුවෙන නිසා. ඒ නිසා චීන ටිබෙට් දුම්රියේ ගමන්ගන්නා මගීන්ට විශේෂ ඔක්සිජන් සැපයුමක් ලබාදෙන්නත් චීන දුම්රිය සේවය කටයුතු කරලා තිබෙනවා. මේ දුම්රිය මාර්ගයේ ගමන් කරන්නට යොදාගෙන ඇති දුම්රිය එන්ජින් පවා කදුකර අඩු ඔක්සිජන් තත්වයන්ට ඔරොත්තු දෙන පරිදි සකස් කරලා තියෙනවා.

ආර්ථික පැත්තෙන් ගත්තෝතින් ටිබෙටයට මුහුදක් නැහැ.ඒ කට්ටියට බඩු එන්නෙ ගොඩබිම් මාර්ගවලින් හරි ගුවනින් හරි තමයි. බඩු මෙට්‍රික් ටොන් එකක් කිලෝමීටරයක් දුර ගෙනියන්න වියදම් වුන ශත 38ක මුදල ශත 12 දක්වා අඩුකරගන්නමේ නව දුම්රිය මාර්ගය නිසා ටිබෙටයට හැකි වලා තියෙනවා.ඒ වගේම නව දුම්රිය මාර්ගය ඉදිවීමත් සමග නව වෙළද සංස්කෘතියක් ඇතිවුනා. සමහර දුම්රිය ස්ථාන අවට ඇති බොහෝ ගොඩනැගිලි 2006ට පසු ගොඩනැගුනු නව ටිබෙට් දුම්රිය මාර්ගයේ අනුහසින් තැනුන ඒවා. 

චීනය මේ දුම්රිය මාර්ගය ඉදිකරන්නේ ටිබෙට් රටට. ටිබෙට් රට කොටසක් විශාල කොටසක් චීනයටත් සුලු කොටසක් ඉන්දියාව දෙසටත් වන පරිදි කැඩි වෙන්වෙලා දැන් චීනයටම සින්නක්කර ලියවිච්ච රටක්. දුම්රිය මාර්ගය තැනීමේදී වනෝද්‍යාන වලට යම්හානියක් සිදු වෙලා තියෙනවා.වනෝද්‍යාන වල සමහර කොටස් වලින් සතුන්ට මාරුවෙන්න තැන් හදලා තියෙනවා. මේ දුම්රිය මාර්ගයේ දික් කරන්නට නියමිත ඇතැම් ස්ථාන ඉන්දියානු මායිමට ආසන්න වෙලා තියෙනවා. ඒ වගේම නේපාලයේ කත්මන්ඩු දක්වා දුම්රිය මාර්ගය දික් වුනොත් ඉන්දියාව නේපාලය හරහා ගොඩබිම මතින් චීනයට පිවිසුමක් නිර්මාණය වෙනවා. 


Thursday, June 18, 2015

විස්වාසබංගය

මේ දවස්වල දේසපාලනය ගත්තොතින් වැඩිපුරම ඉලක්කම් ගැනකතාවෙන අවස්ථාවක්. 19 ඉවරයි..දැන් 20.
සෘතු භේදය තියෙන රටෝල ස්මාට් ෆෝන් වල බොහෝවිට මේන් ස්ක්‍රින් එකේම තියෙන ඇප් එකක් තමයි වෙදර් ඇප් එක. ඒ කිව්වෙ කාලගුන වාර්ථාව පෙන්නුම් කරන ආකර්ශනීය ඇප් එකක්. 

මම හිතන්නෙ ලංකාවෙ මේ දවස්වල දේසපාලන තත්වය ගත්තොතින් ආන්න ඒ වගේ ඇප් එකක් හැදුවනම් මිනිස්සුන්ට වැදගත් වෙයි. මහින්ද මහත්තයාගේ රැස්වීමක් කොහේ හරි තිබුනද? ඒකට එතුමා සහභාගි වුෙන් කෝමද? 20ට කීයක් කැමතිද? විස්වාසබංගෙ කවද්ද? ආන්ඩුවෙ අලුත් ඇමති කවුද වගේ පොඩි පොඩි නිවුස් ආකර්ශණීය විදියට ඉදිරිප්ත කරන්න පුලුවනි වෙදර් අැප් එකක වගේ.. 

රනිල් මැතිතුමා අගමැති වෙනකොට බොහෝ දෙනා හිතුවා එතුමා සාපේක්ෂව විනයක් සහිත පදනමක් සහිත යම් රාමුවක් හදාවිය කියල. එතුමා යමක් කරන්න හැදුවා. නමුත් ඒ කරන්න හදපු බොහෝ දේවල් ඇතුලෙ තිබුනෙ ඊලග ඡන්දය වෙනුවෙන් ටොපි ලබාදීම විතරයි. එ් වගේම එතුමා විධායක බලය මහින්ද සහ හොර මුල වගේ කැත විදියට පාවිච්චි නොකලාට ඇතැම් අවස්ථාවල දි එතුමා දීපු සුලු බලය අයුතු විදියට පාවිච්චි කලා. 

අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති සම්බන්ද බැදුම්කර ගැටලුවේදී ඊලග මාස කිහිපයේදී මැතිවරණයක් පැවැත්වීමට නියමිතව තියනවා  කියන දේශපාලනික අවාසිය වත් නොතකා එක්සත් ජාතික පක්ෂ්‍ය හැසිරුනේ ඉතාම ලාබාල විදියට. දූෂණය මිනිස්සුන්ට තිත්තම වෙලා ඒෙ වනුවට වෙන තෝරාගැනීම්ක සිදු කරපු වෙලාවක සුළුතර ආන්ඩුවක් විදියට එක්සත් ජාතික පක්ෂ්‍ය සහ රනිල් වික්‍රමසිංහ මහබැංකු අධිපති සම්බන්ධ සිද්දියේදී මහජනයාගේ විශ්වාසය කඩකලා. 

එතනින් ගියාම හැමෝම මහින්ද ලොක්කට බනිනවා පේනවා එතුමා ජනාධිපති ඉදලා ආයිත් අගමැති වෙනවා කියලා. ඒවගේම ඩුප්ලිකේට් සත දහයෙ වැඩක් මෛත්‍රි උන්නැහේත කරගත්තා. ඒ තමයි ජනාධිපති වුනායින් පස්සෙ නිදහස් පක්ෂයක් බදාගන්න යෑම..

පක්ෂ වල ව්‍යවස්ථා පක්ෂ වල තියෙන රෙගුලාසි වලට වඩා මෛත්‍රිට රට ගැන හිතන්න තිබුනා. එතුමා පත් කලේ රටේ ජනතාව. අනික් අතින් ගත්තොතින් පුද්ගලයෙක් විදියට ලංකාවෙ ඉහලම තැනට පත්වුනාට පස්සෙ ආයිත් වැටෙමින් යන පක්ෂයකට කර ගහනවා කියන්නෙ අවුල් වැඩක්. චන්ද්‍රිකා, රනිල් හෝ මහින්ද එහෙම කලා වෙන්න පුලුවන්. නමුත් මෛත්‍රිට එහෙම නොකර ඉන්න තිබුනා. 

මොකද ලංකාවෙ විපක්ෂය මූලික වෙච්චි විකාර සහගත ඡන්ද පදනමකින් බලයට ආපු කෙනෙක්ට යළිත් තමුන්ගේ විරුද්ධ වාදියාගෙ පක්ෂයක වාඩිවෙලා ඉන්න එක මහ අවුලක් වෙන වැඩක්. 

රනිල් උන්නැහේ විපක්ෂයේ ඉද්දි දක්වපු මහත්මා ගතිය දැන් දැන් ඇතැම් තැන්වල දි එතුමාගේ නැහැ. ඒ වගේම මැරෙන්න යන ආච්චි කෙනෙක් කරේ තියාගත්ත වගේ මෛත්‍රි උන්නැහේ දැන් කොරන්නෙ එතුමා ගැන රට වැසියන් තියපු විශ්වාසයට වඩා කොහේද යන නිදහස් පක්ෂයක් ගොඩදාන්න හදන එක.. 

මේ දෙන්නම අපේ විශ්වාසය කඩ කලා. හැබැයි මෙතනින් කියවෙන්නෙ නැහැ..මේ දෙන්න හොද  නැති නිසා මහින්ද සීයා හරි සෝක් කියලා.. මහින්ද දැන් අතීතයට යවන්න කාලෙ හරි.. ඒ වගේම ඉතුරු දෙන්නටත් දැන් කාලෙ හරි කියලා ඒ අය කරන වැඩ දිහා බැලුවාම පේනවා. අපි අලුත් විදියක අලුත් පිරිසක් ගැන හිතපු..පරණ වලව් හැරදා පියාඹන්නට හැකිදැය ිකියලා නිකමටවත් හිතමු..   

20 වන සංසෝදනය සම්මත වුනොත් ඒකෙ එක්තරා හොදක් තියෙනවා. එතකොට යම් තෝරාගත් මැතිවරණ කොට්ඨාශයකදි පක්ෂ වෙනුවෙන් කඩේ ගිය පක්ෂ මත්තෙ නැහීගෙන හිටපු අපේක්ෂකයෙක්ට වඩා වෙනමම ජනප්‍රිය හාල් කෑල්ලක් අහසින් පාත්වෙලා ආවොත් උන්නැහේට අවස්ථාවක් ලැබෙන්න ලොකු අවකාසයක් තියෙනවා කොට්ඨාශ ක්‍රමේට මන්ත්‍රිවරු පත් කරද්දි. 

ඒ කිව්ෙව එක කොට්ටාසෙට එක මන්තිරියා ගානෙ පත් කරද්දි ජනප්‍රිය පක්ෂ වල ඉන්න ඩෑල් වලට වඩා කොහෙන් හරි උඩින් පාත් වෙච්චි එකෙක් ඒ ආසනය තුල ජනප්‍රිය නම් මිනිහ කෙලින්ම කවුන්සිලේටම සිලෙක්ට් වෙනවා. ඒක අලුත් එවුන්ගෙන් පාර්ලිමේන්තුව පුරවාල මේ හොර, පදනමක් නැති විශේෂ ප්‍රතිපත්තියක් නැති වැල යන අතට මැස්ස ගහන පක්ෂවල පැවැත්ම අභියෝග කරන ලොකු දෙයක් වේවිය කියලා මට හිතෙනවා. 

Saturday, June 13, 2015

යට ඇදුමක් කල හදියක් A Underware

වචන 3652ක් සහිත දීර්ඝ කතාවස්තුවකි. මේ කතාන්දරය ඇතුලේ ලිංගික ජවනිකා නැත. එසේ වුවත් වැඩිහිටි තේමාවක් නිරූපනය වේ.

1 කොටස
කෝ ලමයො මේ පනාව...අර තාමත් නිදං ඉන්න තාත්තිට නැගිටල කන්තෝරු යන්න ලෑස්ති වෙන්න කියන්න. මං පොඩ්ඩක් කලිං යන්න හැදුව කියල මේ මනුස්සය තවත් නිදාගෙන හරියනවෑ..
හපෝ...අද නං කලබලේට මොනව මිස් වුනාද මන්දා..

චන්ද්‍රිකා කඩිමුඩියේ ඇදපැලද ගන්නේ ඇගේ කන්තෝරුවේ අද නව ලොක්කා පිලිගන්නට සැරසෙන උත්සවයක් ඇති බැවිනි. ඇය කදිමට ඇද පැලදගෙන කන්නාඩියෙන් හැඩ බලයි. එසේම ඇය ඇගේ දරුවන් දෙදෙනාද අන්දවාගෙන ඇත. ලොකු එකිය යන්නේ දුර පිහිටි චන්ද්‍රිකාගේ කන්තෝරුව අසබඩ පාසැලකටයි. පුතාටද ලෑස්ති වන්නට කීවද ඌ ලෑස්ති වෙන පාටක් නැත.

ඌද පියා මෙන්ම කම්මැලියෙකැයි චන්ද්‍රිකා දෙස් තියයි.

මහින්ද….මහින්ද….නැගිටින්නකො මහින්ද.. මොකද්ද හලෝ වෙල තියෙන්නෙ. දැන් ඔයෑලයි කන්තෝරුවෙන් ඔයැයි එක්ක යන්න වාහනෙකුත් එන කතාවකුත් කිව්ව නේ. මට වැඩිය පැයයි නේ ඔයාට පරක්ක වෙන් තියෙන්නෙ..

චන්ද්‍රිකා උදෙන් නැගිට ඇදගෙන යන්නට සැරසෙනවා මදිවට සිය සැමියාද කුලප්පු කර නැගිටවගන්නට වැර වෑයම් කරයි. අද දරු දෙදෙනාටද මොවුන් දෙදෙනාටද කෑම ඉක්මනින්ම චන්ද්‍රිකා විසින් පිලියෙල කරගන්නා ලදී. පෙරදින රාත්‍රිෙය් මහින්ද හා එක්ව කපාගත් එලවලු ගා මිරිකා ගත් පොල් ශීතකරනයෙ ්තිබු නිසා උ්යමනට ගත වූ කාලය විනාඩි ගානකි.

හප්පා..ඔයා කලිං ගියත් ඔ්ය ටකරම වහගෙන යන්න බැරි හැටි..එහෙනං ලොක්කි ඔයා අරං යන්න. මං මේ පොඩි විසේ දාගෙනම එන්නං..


අංක 2

පැයක් විතර ගතවිය. දැන් පෙර කී චන්ද්‍රිකා ඇගේ කන්තෝරුවටම ගොස් ඇත.
මහින්ද දැඩි කඩිමුඩියකින් සැරසේ..

හනී..්චන්දි..අද ඔයා ලස්සන වෙලා.. මේ චන්දි ඔයාට මතකනේ..අද හවසත් පොඩි වැඩක් තියෙනවා..ඔයා යනවද? …
ආහ්.. සංසලා මට අමතක වුනානේ..කමක් නෑ මේ කිට් එක හොදයි නේද?
චන්ද්‍රිකාට නව ලොක්කා පිලිගැනීමේ සවස සාදය අමතක වී ගොස් තිබුනි..දැන් සංසලා කියන්නේ ඒ සවස සාදය ගැනය. උදෑසන ඇවිත් වැඩබාරගන්න කෝලමක් කලා මදිවට තව සාදත්..ඇතැමෙක් එසේ කියති. නමුත් බොහෝ දෙනා මේ ලොක්කා පැමිනෙන උත්සවයට යන්නේ ඉතා සැලකිල්ලෙනි. මගහරින්නේ ඉතාමත් කලාතුරකින් අයෙකි.

පෙර අවස්ථාවක චන්ද්‍රිකාගේ කන්තෝරුවට පැමිණි බොස් තුමා පැමිණි දිනයේම ඔහුගේ තට්ටය ගැන ඔහුම වරුණාවක් දී තිබුනි. මිස්ට දැන් ඔයාල හිතනවා ඇති මගේ තට්ටේ නිසා මම කට්ටයෙක් කියාල.ඒම නෑ..මට කොන්ඩෙ තියනවාට වඩා මහ පුදුම නිදහසක් තියෙනවා තට්ටේ.. තට්ටෙ තිබුනම අපි නලලෙන් උඩට මුකුත් හිතන්න ඕනි වෙන්නෙ නෑ..රියලි ..මට තට්ටෙ මාර පහසුවක් යැයි ලොක්කා කියා තිබුනි..

ඉන් දින කිහිපයකට පසු ඒ කන්තොරුවේ ලොක්කාට පහල කීප දෙනෙක්ම තට්ට සහිතව සිටියෝය. තට්ටය ගෑම නිසා ඔවුන්ද ඔවුන්ට රියලි සැහැල්ලුවක් එතැයි පවසන ලදී..

ආහ් චන්දි..අද ඔයා හරියට ගස්ලබු ගෙඩියක් වගේ..කහපාටයි ලස්සනයි..ඒත් පොඩි අඩුවක් තියේ.. ඒ චන්ද්‍රිකාගේ හොදම මිතුරියක වන චතුරි නැමැති යෙහෙලියයි..

චතු..ට කියන්න අද හරිම බිසි මෝනින් එකක්. මහි ට නම් කිසි ගානක් නෑ එයා නිදි නේ..කවුද වගේ අනේ නිදාගන්න ගියාම..
මං ඉක්මන්ට ලෑස්ති වෙල ආවෙ.. මොනාද අනේ චතු අඩු කියන්නකෝ වස්තු..

නෑ නෑ..චන්දි ඔ්‍යාෙග් කොන්ඩෙත් හරි ඔක්කොමත් හරි ඒත් ඇදුමෙ හැටියට පස්ස මදි වගේ.. සමහර විට දාපු හීල්ස් දෙක පොඩිද මන්දා.. අනේ මන්දා..චන්දි ඒක අවුලක් නෑ ඔයා කොහොමත් ලස්සනයි.. කවුද අනේ පස්සවල් බලන්නෙ? ඕක ගානක් ඔයා හිතන් එපා.එ.්ත් අනික් දවසට ටිකක් ලොකුවට තියෙන නිසාම අද නිකං අඩුයි වගේ පේනව..

ආහ්.. චතු ඒකට මොකද..අඩුපාඩුවක් පෙන්නන එක හොද දෙයක් නේ..ඒක නෙමෙයි චතු ඔයා අර නයිට් පාටියටත් ඉන්නවද? අද රෑ තියෙන එකට?
ම්ම්..මමත් ඒකට ඉන්න ඕනි..මහි ට වත් කියලා ඇදුමක් ගෙන්න ගන්න ඕනි..මේ සාරි හරියන් නෑනෙ මෙයා නයිට් පාටියට..


අංක 3
මහින්ද කඩිමුඩියේ ලෑස්ති වෙයි. ඔහු පුතාටද අණ දෙයි. චූටි පුතා අද අම්මි නෑ ඔයාම සපත්තු දාගන්න. ..මහින්ද කුඩා පුතුට උපදෙස් දෙයි...කුඩා පුතුටද කුඩා පස්නයකි..

තාත්ති වම් කකුලෙ මේස් එක නෑ වගේ..දකුනෙ දෙකක් නේ තියෙන්නෙ.. ?

ලමයෝ මේස් වල වම දකුනක් තියේයැ..ඔය අම්මට තමයි හැම එකම වම දකුන කියලා තියෙන්නෙ..ඔය දෙකෙන් ඕනි එකක් හරි.. දාගන්නකෝ.. හරියට..

ට්රිං...ට්රී.ං….

තාත්ති මේ ෆොන් එක වදිනවා.. පුතා තාත්තට කීවේය..

පුතා ටිකක් ඕක ගන්න මං එන්නම් මේ කලිසම ඇදගෙන.. මහින්ද පුතාට ෆෝන් එක ගන්නැයි කීවේය..

ආ….තාත්තී...අම්ම කතා කරන්නෙ…තාත්තට එන්න කියන්නලු… පුතා කෑ ගසයි..
්‍
මහින්ද දුවගෙනඅ ැවිත් දුරකථනය අතට ගනී..

මොකද අනේ මේ කරන්නෙ.. ඉන්නකං දෙස් තියල ගියාට පස්වෙත් අපි දෙන්නට නිදහසේ ඇදගෙන යන්න දෙන් නැද්ද? මහින්ද නෝක්කාඩු ස්වරයේන බිරියගෙන් පස්න කරයි..

අනේ මහී...පොඩි උදව්වක් කරන්කෝ..ඔන්න බෑ කියල කෝලං කරන්න එපා..හැමදාම මම ඔයාට කරදර කරන් නෑනෙ.. චන්ද්‍රිකා මහින්දට තොදොල් වෙයි..
මේ මගේ අර අලුත ගත්ත කලුපාටයි මෙරුන් පාටයි තියෙන නයිට් පාටි වලට අදින ඇදුමයි.. එදාම ගත්ත යටඇදුමයි අරං එන්නකූ….මං ඔෆිස් එක ඉස්සරහට එන්නං..ඔයා කාර් එකේ දාගෙන එන්න.. චන්ද්‍රිකා මහින්දට කීවාය.

ඔය ඉතිං...යනකොට ඕව අරං යන්න එපැයි..ඒ පාර කොහෙ යන්නද ඔයාට නයිට් පාටි ඇදුන්… චන්දි ඔ්‍යා ලමයි දෙන්නෙක් ඉන්න අම්ම කෙනෙක්..ඔයාට ඔය කපපු පලපු ඒවා මොකටද? ඇරත් අද ඔෆිස් නේ.. මට බෑ ඕවට වාත වෙන්න.. දැන් මහින්දට ටිකක් තද වී ඇත්තේ උදේ ගිය වයිෆ් තව්ත ඇදුමක් ගෙන ඒම කිනම් කෝලමක්දැයි නොතේරෙන නිසාය..

අයයෝ මහී..ඔයාටත් ඉක්මන්ට ජෙලසි එනව නී...මේ අපේ ලෝකක ආපු එකට අද නයිට් ඉවනට් එකකුත් තියේ.. ඒකට යන්න ත් එපැයි..ද්නනවනේ ඉතිං ලොක්කව ෂේප් කරගන්න ඕනි නේ..අනික අලුත් කෙනා කොහම කෙනෙක්ද දන්නෙත් නෑනෙ.. ඔෆිස් එරකේ ඔක්කමෙ යනවා.. ටෙක්ලා..චතුරි එහෙමත් යනවා.. ගෑනු අයත් යනවා..මං හිතන්නෙ ඔෆිස් එකෙන් ගෙදරට ට්‍රාන්ස්පෝට් දෙනවා.  මට හවස ඇවිත් යන්න වෙලාවක් නෑ මහි..අනික දැන් ට්‍රැෆික් එකත් වැඩි..

ආහ් හරි හරි..කියනව කෝ මොකද්ද ගේන්න ඕනි.. අර මෙරුන්පාටයි කලුපාට යි ඇදුමයි..බෙසියර් එකයි නේද? හප්පා ඔයාගේ බෙසියර් තෝරන්නෙ කෝමද  කෝ….
මහින්ද කියන්නට යන දේ චන්දි ඔහුව නැවැත්තූ වාය..

ඔන්න ඉතිං ඔය ටිකට අමතක කරා නේද ගේන්න කියපු ටික..මහි ඔයා මම කිව්වට අර භාවනා පංතියට යන්නකෝ..මේ කියන දේ මේ මතක නෑ ඔයාට.. මට ඕනි අර කියපු ගවුමයි..මගේ අර අන්ඩර්වෙයාර්ස් එකකුයි..මතක නැද්ද ඕක ගත්ත දවසක ඔයාට කිව්ව ඔයිට හොදයි හරක් හමක් හරි පුවක් කොලයක් හරි අලවගත්ත නං කියලා..
චන්දි කියවාගෙන යයි.

ආහ්..මතකයි මතකයි.. මහින්ද වෙලාව බැලුවේය. වෙලාවද තරමක් පරක්කු වී ඇත..

මහින්ද දුවගෙන ගොස් චන්ද්‍රිකාගේ අල්මාරිය අවුස්සන්ට විය. පුතාහ්… අම්මිගේ කලුපාට නයිට් ඩ්‍රෙස් එක මේක නේද? දැන් බෑගයේ ඇති පොත් වල හැඩ බලමින් සිටි පුතාද දුවගොස් අල්මාරිය ගාව අම්මිගේ ඇදුම් බල්නනට විය.. ආහ් ඔවු ඔවු.. තාත්ති..මේක තමයි.. පුතා ද තාත්තාට නොදෙවනිව උත්තර දුන්නේය..


හා හා..දැන් ඔයා යන්න.. ආ ..හා මට තේරෙනව තාත්ති අම්මිගෙ අන්ඩස්කට්  අදින්න නේද යන්නෙ.. කොල්ලා කිය යුතු දේට අමතරව තවත් යමක් කියන්නට විය..

මොකක්..පැහිච්ච කම් නැතිව දුවනව යන්න ගිහින් බලනව අද ගෙනියන පොත් ටික හරියට දාගෙන ද කියලා..ලමයිටත් ඕනි නැති දෙයක් නෑ..

යට ඇදුම් කොටස විවෘත කල මහින්දට එහි ඇති සුකුරුත්තං රාසියක යට ඇදුම් හමුවිය. ඔහුට ඇය කියන ජාතියේ ඒවා මතක තිබුනත් ඒ මාදිලියේ කිහිපයක් තිබු බැවින් ඇය ට හරියන එක තෝරාගන්නට සිතන්නට විය. තෝරමින් සිටියොත් වෙලාව යයි. එකක් රැගෙන ගොස් එය වැරදි එකක් වුවොත් මාස ගානක් ඇය ..කටින් මහා වැඩකාරය වගේ කය්ය වුනාට හරියට ඒකවත් තෝරගන්න බෑ  යැයි නෝක්කඩු අසන්නට වෙයි.්‍ ඒ නිසා මහින්ද තීරණයක් ගත්තේය.. ඔහු කිහිපයක් අරගෙන බෑග් එකට දාගත්තේය.

ඔහු දැන් යට ඇදුම ්සහ රාත්‍රී සාදයට අදින චන්දිගේ  ඇදුම එක් බෑගයක දා ගති. එසේම හදිස්සියේ බැංකු කාඩ් එක මතක් වූ බැවින් අද පුතාගේ හවස පංතියට සල්ලි දිය යුතු බැවින් ඔහු අල්මාරියේ තිබු කා්ඩ් එක රැගෙන එයද නයිට් ඩ්‍රෙස් එක උඪින් තබන ලදී…

දැන් කන්තෝරුවේ වාහනය පැමිණ හෝන් එකක් ගැසුවා මතකය. තවත් හෝන් දෙකක් ගසා ඉන් පසු මේ ඩයිවරයා මාරු විය හැකි බව මහින්ද දනී..
ඔහු ගේට්ටුව දිහා දඩි බිඩි ගා ගොස්..මේ පොඩ්ඩක් ඉන්න ඈහ්..මං විනාඩි පහෙන් එනවා යැයි කියා ආවේය..

ඔහු පුතාගේ බෑගයද, ඔෆිස් බෑගයද, අමතර බිරියගෙ ඇදුම් බෑගයද රැගෙන යන්නට සැරසුනි..
එවිට පුතා..

තාත්ති..කෑම එක ගත්තෙ නෑනෙ… ආහ්.. පුතා මතක් කල එක හොදයි.. ඉන් පසු දිව ගිය මහින්ද කෑම එකද රුවාගෙ යළිත් පැමිනියේය..

චානක...මේ පුතාව දාන්න ඕනි කොලේජ් එක ලගින්..වැඩි දුර නෑ මේ ලගමයි..පොඩ්ඩක් බස්සල යං කෝ..

ඉන් පසු ටිකකින්
චානක..මට බෙල්ට් එකක් ගන්න ඕනි..පොඩ්ඩක් ...අහ් දැන් කඩ ඇරල නෑනෙ..හවස බලමු..

චානක මට….සල්ලි ටිකක් ගන්න ඕනි..පොඩ්ඩක් ඉස්සරහ වීස ඒ ටී එම් එකක් ගාවින් නවත්වන්න.. මහින්ද පැමිණ සල්ලි ගන්නට බහින්නට සැරසුනි..නමුත් කාඩ් එක හොයාගන්නට බැරිවිය. ඔහුට පසුව මතක් වූයේ කාඩ් එක වැඩි පරිස්සමට බිරියගේ දමාගත් ඇදුම් සමග තැබූ බවය. ඔහු ඒ මල්ල අවස්සා යාන්තම් කාඩ් එක සොයාගන්නට විය.

චානක… අද හරි ටැෆික් නේද?
අනේ චානක අපේ වයෆ් ඉන්නෙ ඒ වී අයි හෙඩ් ඔෆිස් එකේ..අර ගවමන්ට් එක..ආන්න එකෙ..
පොඩඩක් මේ පාර්සලේ දෙන්න නවත්වන්න

චානක… ඔයාල ඕවර් ටයිම් කරනවා නේද? අපිට එනව ඒ ව ඇපෘෘ කරන්න..තව ඉතිං ඔ්‍යාල කරන දේවල් ක්ලේම් කරන දේවල් එන්නෙත් අපිටම තමයි…..අපිත් කැමති ඔයාලට වැඩිපුර දෙන්න..
ඒත් ඉතිං දන්නවනේ..ආයතනේ වැඩ ගැන..

අපිත් බේරිල ඉන්න හරි අමාරුවෙන්..මහින්ද චානක ෂේප් කරගන්නට හදයි..

චානක හෝ වෙන රියදුරෙකු මහින්ද හා යන්නේ එතරම් මනාපයකින් නොවේ. ඔහු කාර්යාලයේ සිට නිවසට ගියත් නිවසේ සිට කාර්යාලයට ගියත් ඔහුගෙ ඇති සියලුම පුද්ගලික රාජකාරි වලට වාහනය යොදා ගත යුතුය. තැන් තැන්වල විටෙක නිසියාකාර පාකින් නොමැති තැන්වලද වාහනය නවත්වා මහින්ද මහත්තයාග් රාජකාරි වලට ඉඩ දිය යුතුවේ.

මහින්ද මහත්තයාගේ වැඩ ද එතරම් පිරිසිදුවක් නැත. විටෙක වඩේ කාරයෙකු දැක්්ක සැනින් රියදුරුටද වඩේ එකක් රැගෙන දී ඔහු ද වඩේ කන්නේ කාර් රථය පුරා වඩේ කැබලි සහ පොල්සම්බෝල විසුරුවමිනි. ඔහු දවල් දරුවන් ගන්නට කාර් රියේම පාසැල් කරා යන අතරමග දීද ඔහුගේ ගමන් බිමන් වල නිමක් නැත.. එබැවින් බොහෝ රියදුරන්ට මහින්ද මහත්තයා නොදිරවන චරිතයක් විය.

අංක 4
මේම කරන්න බෑ..අපිට තියෙන දේවල් ඔක්කොම කපල ලොක්කන්ට  විතරක් කෑමට මේව හදාගන්න දෙන්න ඇහැක. අනික අපිට ලැබෙන ඕටී එක කොයි තරං සොච්චමක්ද? මුන්ට ලැබෙන දවසක පඩිය සමාර විට අපිට ලැබෙන ඕටි මාසෙම එකතු කරලත් ලැබෙන් නැතුව ඇති..

මේව අපේ උන්ගෙත් වැරදි..

මහින්ද මහත්තයා වැඩ කල ආයතනයේ පවතිනනේ රියදුරු සහ වාහන පූල් එකකි. යම් නිළධාරියෙකුට වාහනයක් ඇවැසි කල ඒ ට්‍රාන්ස්පොට්  පූල් එකට අදාල අංශයට දැන් වූ විට වාහනයක් නියම වෙයි. ඒ වාහන බොහෝවිට එක් එක් අය වෙන්කරගෙන ඇත. ඒ අනුව වාහන වල ගමන සිදුවෙයි.

රාත්‍රි වැඩවලට සහ දුර ගමන් වලට යෙදෙන රියදුරන්ගේ ආදායම වැඩිය. ඔවුන් කිහිප දෙනෙක් ඒ පූල් එකට අරක් ගත් දේවතාවන් මෙන් වැඩිපුර ආදායම් තකා ඒ රාත්‍රි රාජකාරිවලම යෙදෙති.. යහපාලනයක් නොව පාලකයාට කැමැති අයට වැඩියෙන් ඇති පාලනයක් සහිත එකක් වූ මෙහි වැඩි සැලකිලි නිතර පාලකයන්ට නැවෙන කෝණය මත රදාපවතින්නේ විය.

එක් තරා මාස අන්තිමේ දිනක ප්‍රවාහන පූල් එක තුල මහත් කෝලහාලයකි. සියලුම රියදුරන්ට කල හැකි අතිකාල ප්‍රමානය පාලනාධිකාරිය විසින් කප්පාදු කර තිබුනි.
පිරිසක් එයට එතැන සිටින මහත්වරුන්ට දෙස් තියති. ඇතැමෙක් එය දේශපාලන පක්ෂ වලට බර කරති..ඇතැම් අය සියලු දේ යූනියන් වලට බැර කරති.

මේ අතර මේ අයට හදිසි මීටිමක් පැවැත්වෙන්නට යෝජනාවිය. උදෑසන නවයට මීටිම ආරම්භ විය. රියදුරන්ගේ අභිලාෂය විය යුත්තේ තමුන්ට අවැසි අතිකාල ලබාගැනීම ය.  රියදුරන්ට ලැබෙන වරප්‍රසාද වැඩිකරගන්නට ද රියදුරු තැන් වලට  උවමනා විය.

දැන් එකා දෙන්නා අදහස් දක්වයි..

සේර්ලට කියන්න මේකෙ සමහර කට්ටිය ඉන්නවා හැමදාම රෑ වැඩ..අපි කොහොමෙයි ඒව නැහැයි කියන්නෙ. දැන් සේර්ල ඒ කට්ටියගෙ ඕ ටි කොල බලල අපිටත් කියනවා ඒව වැඩිය අඩුකරන්නය කියල.ඒ ගොල්ලයි ඕටි වැඩි එකට අපිත් පලිද මන් දන් නැහැ..මගේ දැනුම සේර්ල තරං නැහැ. මට හිතෙන විදියට ඒ වැඩි කට්ටියගේ අඩු කරලා අපි හැමෝටම සාදාරනයක් වෙනව නම් හොදයි..එක්කෙනෙක් දෙන්නෙක් වැරදි කොරාම ඔක්කොන්ටම ඕටී කපන එක වැරදිය නේ සේර්.. එක් අයෙකු කීවේය..

සර් මේක අපිට ගෙවන එක ගැන පස්නයක් වෙන්න ඇති.. ඒක හරි..ඒත් මහත්තුරු වාහන පාවිච්චිය කරන විදියත් හරිම කැතයි..සමහර මහත්තුරු කෑම කාල කොලේවත් දාන්න කම්මැලි.. සමහරු මේකෙ පටවන්නෙ නැති බඩුවක් නෑ..ඇත්ත මහත්තයො..අපි ලග සාක්කිත් තියෙනවා..

මේ අවස්ථාවේ මහින්ද මහත්තයාගේ රියදුරුද නැගී සිටියේය. චානකෙගේ කට සැරය. සර් ඇත්තටම කියනව නං මටත් දෙයක් තියනව කියන්න. මගේ වාහනේ දවසක් යට ඇදුමක් තිබුන. මං වැඩ කරන කාර් රෙකෙ යන්නෙ කවුද කියල හැමෝම දන්නව ඇතිනෙ. ඒ මහත්තය නොයන ගමනකුත් නැහැ මේකෙ.. මේක අස්සෙ තිබුන යට ඇදුම මං පොටොත් ගැහුව.. ඕන්නං ඕන කෙනෙකුට පෙන්නන් පුලුවන්..

මහත්තයල හැමතිස්සෙම අපි ගන්න දේවල් ගැන හොයනව බලනව. අපිට හරි අනුකම්පාවෙන් අපේ ැවඩිවෙන ඕටී ගැන දුක හිතිල ඒව අඩුකරන්න හදනවා. ඒත් මහත්තයල මේ ආයතනෙ මහත්තුරු වාහන අරං කෙරන වැඩ මොනාද? ඒ කට්ටිය යන ගමන් බිමන් මොනාද කියලත් ඒ උනන්දුවෙන්ම හොයනෝ නම් හොදයි.. ඇත්තමයි මට බොරු කියල මෙතන ලකුනු ඕන නැහැ..ඒත් අපේ වැඩි ඕටී කැපෙනවා නම්  ඒ කැපෙන්නෙ අපේ ආයතනේ පාඩු නිසා නං..අනේ මං කියන්නෙ ඒ ගොල්ලගෙත් වැඩි ගමන් බිමන් කැපෙන්න ඕන..

අපි යට ඇදුන් දැකල නැත්තෙ නැහැ.. මහත්තය ඒ වාහනේට කොහොම යට ඇදුමක් ආවද දන්නෙත් නැහැ. කොහොම වුනත් ඒ ඇදුම මම කෝටුවකින් අරං එලියට දැම්ම ඕන්නං පිංතුරෙ තියෙනවා..

සත්‍ය වශයෙන්ම චානකගේ කතාව තරමක් දැඩි විය. ඔහු සතුව වාහන අවභාවිතය පිලිබද සත්‍යම කතාවක් තිබේ. එසේම රියදුරන්ගේ ගැටලුව තුල මෙවැනි ගැටලුවක් මතු වීම එක්තරා විදියකින් ලොකුතැන් වලට වාසියකි. රියදුරන්ගේ ගැටලු විසදීම අමාරු වැඩකි. ඔවුන්ට රිසි සේ අතිකාල කරන්නට ඉඩ දුනහොත් ඔවුන් පැය විසි ගානක් දවසට වැඩ කර ඇති ලෙස ඔවුන් අතිකාල වල යෙදෙති.. එසේම එසේ නොවී ඔවුන්ගේ අතිකාල කැපුවොත් ඔවුන් විවිධ වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ගනී..

මේවා සංකීර්ණ ගැටලු වේ..දැඩි ලෙස මෙ ගැටලු විසදන්නට ගියොත් වන්නේ විශාල කරදර ගොඩකට පැටලෙන්නටය. ඇග බේරාගන්නට සමත් මේ ඉහල නිළධාරිහු කිසිදු තීරණයක් දැඩිව ගැනීමෙ අසමර්ථයෝය. ඔවුහු පැලැස්තර දමති..

දැන් එක ලොක්කෙකු කට ඇරියේය. ඔහු කලින් ගැටලු වලට දියාරු පිලිතුුරු දුන්නත් කාර් එකේ තිබුන යට ඇදුම ගැන ඔහුගේ අදහස දැඩි විය.

අපි ඇත්තටම ඇත්ත තත්වෙ දැනගන්න ලැබෙන්නෙ මේ වගේ සාකච්චා වලින්. අපිට මේ වාහන පාවාිච්චිය ගැන එක එක කතාන්දර තිබුනත් ඇත්තම විදියට සාක්ක ිඇතිව සිද්දි එන්නෙ නැහැ..අපිට කටකතා වලට ඇක්ෂන් ගන්නත් බෑ..අපි මේ චානක කියපු සිද්දිය ගැන වහාම පරීක්ෂණයක් තියෙනවා.. ඇත්තටම අපිට ඕ ටී ඔයාලට දෙන්න ලොකු මහන්සියක් නෑ..අපි මෙහෙන් ඇපෘෘ කරල යැව්වම එහෙන් ගෙවාවි. නමුත් කම්කරු කාර්යාලෙට ගිහින් එක්නෙක් නඩුවක් දැම්මෝත අපි ඔක්කොම ඉවරයි..කොහොමද මිනිස්සු මාසෙට පැය දෙතුන් සී්‍යක් ඕටී කරන්නෙ? ඔයාල දන්නව අපේ ආයතනයට විරුද්ධ අය කොච්චර ඉන්නවද? ඉතිං මේ වගෙ දේවල් වලදි අපි නීතියට අනුව වැඩ කරන්න ඕනි. ඔයාලට ඕටී කරන්නම බැරි වෙන් නෑ..නමුත් ඒකෙ සීමාවක් තියේවි.. එච්චරයි..

ඉන් අනතුරුව ඒ මහත්මයාගේ කතාව අවසන් විය.. ටාන්සිපෝට් පූල් එකේ ඇදන්වල රෑට නිදාගන්නා විට මදුරුවො කෑම..රාත්‍රියට ඇතැම් විට විශාල ගනනක් වැඩ බලාපොරොත්තුවෙන් සිටීම ආදී වැදගත් පස්නද ඇතැම්විට වාහන නැතිවිට මෙන්ම වාහන ඇති විටද වාහන ඉවර යැයි දක්වා  පුද්ගලික කැබ් සර්විස් වලින් සේවා ලබා ගැනීම නොවැදගත් පස්න ද ඒ සාකච්චාවේ කතා විය..

නමුත් කතාව අවසානයේ බොහෝ දෙනෙක්ට හිනා ගිය මහින්ද මහත්තයාගේ කාර් රථයේ තිබු යට ඇදුම් කතාව හැමෝටම මතක තිබුනි. බෙහෝ දෙනා ඒ කලිසම බලාගන්නට චානකගේ ෆෝන් එකට එබුනි..

කොටස් අංක 5
ආහ්..මිස්ට මහින්ද…
මහින්දට ලිෆ්ට් එක තුල මිතුරෙක් හමු වී ඇත. ඔහු මහින්දගේ කණට කර රහසක් කියන්ටන හදයි..ඇත්තද? මිස්ට මහින්ද අලුත් බිස්නස් එකක් පටන්අරං කියන්නෙ?
කාර් එකේම එකක් තිබුනලු නේද?

මහින්ද මහත්තයාට වෙනත් මාර්ගයකින් කාරණාව ආරංචි වි තිබුනි. ඔහු මෙවැනි ඔලොක්කු කතා අහන්ට කණ කෙතෙක් සූදානම් කරගෙන තිබුනත් ඔහුට තරහ ආවේය. නමුත් එය විගසින් පාලනය කරගත්තේය.

ඔවු ඔවු ඔවු...ඉතිං දැන් ඉස්සරහට ඩයිවර්ලට වගේ අපිටත් වැඩියෙන් ඉල්ලන්න වෙයි. ..කට්ටිය මීටින ්තියන්නෙ පඩි වැඩිකරගන් පස්න විසදගන්න..ඒත් එයාල දන්නෙ ඉතිං තව පස්න ඇතිකරගන්න.. ඕම තමයි අපේ කස්ටියගේ එකමුතු වැඩ..

හෙහ් හෙහ් හෙහ්…
ඒකනං ඇත්ත මිස්ට මහින්ද...ඔය වගේ තැනක එ් වගේ සුලු දෙයක් ඇදගත්ත කියල ඩයිවර්ස්ලයි ඕටී එකවැඩිවෙයිද? නෑනෙ.. එතුමා කියන්නට විය..

මං නං හිතුවෙ නෑ අනී මිස්ට මහින්ද ඔය වගේ චරිතයක් කියලා.. අනික එයා එහෙම කෙනෙක් නෙමෙයි නේ..

එකියක කීවාය..
මං අහල තියෙනවා ඔය ගැනුන්ගේ  යට කලිසම් එකතු කිරිල්ල මානසික රෝගයක්ලු..සමහර විට අපි හීනෙන්වත් හිතන් නැති අයට ඒ වගේ රෝග තියෙන්න පුුලුවන්ලු..මිස්ට මහින්දටත් ඒ වගේ එකක් ඇති..

ඒක ඇත්ත අපේ හොස්ටල් වලත් ඉස්සර ඔහොම උන් හිටියා..කලිසමක් වැලක දාගන්න බැ ඇවිත් උස්සන් යනවා..

ඒ තවත් තැනක මහින්ද ගැන වූ කතාවකි..

මිස්ට මහින්ද මේකට පැටලුන එක දුකයි..ඒත් මහින්ද කියන්නෙ ඔය කිසි දේකින් සැලෙන් නැති අමුතු මොඩල් එකක් නේ.. මහින්දට ඕක ගානක් නෑ..මිනිහ හරි සතුටින් දෙන දඩුවමක් බාර ගනී..අනික මිනිහ ගෙ තනතුර හැටියට කරන වැඩකුත් නෑ..පොඩ්ඩක් එහෙට මෙහෙට වුනා කියල මිනිහට නැතිවෙන දේකුත් නෑ..

ඒ ඉහල මට්ටමේ දෙදෙනෙක් මහින්ද සහ ඒ යට කලිසම් සිද්දිය ගැන කතා වුන අයුරුය.

මහින්ද ට කන්තෝරු සංකීර්ණය පුරාම එක්තරා කතාන්දර ඇති වී තිබුනි. එහෙමට කරන්න යැයි වැඩක් නැති බොහෝ දෙනා සංසාර පුරුද්දට පද්ධතියේ කොටස් ලෙස සිය දායකත්වය සමාගම වෙත දක්වති. ඔවුන් කොතෙක් වැඩ කරයිදැයි සෙවිල්ලක් පරිපාලනය ටනැත. එහෙත් ඔවුන් එකිනෙකා  නැති තැන සමාගම නැතැයි සියල්ලෝම සිතති.

එබැවින් වැඩ කරන කාලයට වඩා බොහෝ කාලයක් බොහෝ දෙනාට නිකම් ඉන්නට වාසනවා ලැබේ. අනුන් ගැන සෙවීමටද සාපේක්සව වැඩි වේලාවක් හැමෝටම උරුම වේ..
එබැවින් මහින්ද මහත්මයාට ගෑනු යට කලිසම් කාර් එකේ දමාගෙන යෑමේ කැත පුරුද්ක් ඇතැයි යන කතාව ද..එසේ හෛයින් ඔහු ගෑනුන් කෙරෙහි කෙලින්ම ආසා නැති පොන්ස් ඩයල් එකක් යැයිද අතුරු කතාවක් කන්තෝරු පුරා පැතිරෙන්ට විය..

බොහෝ දෙනාට එය ඔප්පු කිරීමට සාදක එහෙන් මෙහෙන් හොයාගත හැකි විය. ඇතැම් ගැහැනියකට තමුන් සමග ලිෆ්ට් එකේ යන විට මිස්ට මහින්ද ඕනවට වඩා ඈත් වී යන්නට හැදුව බවක් කියය්. ඇතැම් ගැහැනියක තමුන්ගේ හැට්ට කර උඩින් මහින්දයා එබී බලන බවක් පෙනුන බවද කියයි..

සත්‍යට වඩා ප්‍රබන්ද රසවත් වේ.. වර්ණවත් වූ කල ඕනෑම දෙයක් දුර සිට ඇදිනිය හැකිද වේ. එබැවින් වර්ණවත් වූ ඕප දූප කලින් තිබූ අවර්ණ ගතියෙන් තොරව ඉක්මනින්ම විසිරෙන්නට විය.

කොටස 6
ඒ අතර කලින් පත්ව ඇවිත් මහින්ද අසල සිටි චමත්කා නැමැති යොවුන් වියේ සිටි තරුණියක්ද සිටියාය. ඇය මහින්ද මහත්මයා විසින් කල බොහෝ වැඩකටයුතු වලට කන්තෝරුවේදී සහාය වෙයි. ඇයට පරිස්සම් වන්නට යැයි බොහෝ ගැහැනුන් උපදෙස් දුනි. නමුත් ඒ ගැහැනුන් වූ කලී චමත්කාට ආදරෙන් සලකන අය නොවේ. බොහෝ කන්තෝරු වාසී ගැහැනුන් මැදි විය කරා ලගා වෙමින් සිටින්නියෝයැ.

ඇතැම් ගෑනුන් තරුණ වයසේ සිටියද ඔවුන්ද රිසි සේ මෝරා සැදී ගොස් සතලිස් වියැති මෙන් ඈතට දිස්වේ. එබැවින් චමත්කා වැනි නාඹර තැඹිලි වියේ යුවතියක් යනු සියලු දෙනාට අකමැති වස්තුවකි. මේ ඉරිසියාකාර ගෑනු,  ඇය කෑමට යන විට බත් පත නිරීක්ෂනයෙ ්සිට ඇය නානකාමරයට ගිය තැන කරන්නේ කුමක්ද යන්න පවා සොයා බලා හැම එකටම ඇගිල්ල ගසති. ඔවුන්ට අනුව අලුත් එකියන් හදාගැනීම ඔවුන්ට අයත් කරුණකි..

අලුත් එකියන් හදාගැනීම යනු ඔවුන්ගේ කොන්ඩ මෝස්තරයේ සිට යට කලිසම දක්වා ආධිපත්‍යයට ලක් කොට කැම්පස් එකේ නවකවද සමය වැනි වධකාරි පීඩාකාර පරිසරයක් නිර්මාණ්‍ය කිරීමයි. එය ගැහැනු ලමයෙකු කාර්යාල පසුබිමට අනුව සකස් කිරීම ඒ ලමයා ට්‍රේනින් කිරීමලෙස ඇතැම් අම්මන්ඩිලා සලකති. ඒ අම්මන්ඩිලාට අනුව අලුත ආ ගෑනු ලමයෙකු හැසිරිය යුතු විසේස ක්‍රම තිබේ. වොෂ් රූම් එක් මේක් අප් දාන විදියක් තිබේ.. ඒසදහා ගන්නා කාලය අඩු විය යුතු වේ.. කැන්ටිමට ගියද එතැන හයියේන හිනා නොවිය යුතුය. ඇවිදින විට බිම බලාගෙන යා යුතු අතර අම්මන්ඩිලා මෙන් හතර වටේ යන කොල්ලන් මෝල් කරමින් යෑම නැවතිය යුතුය.

චමත්කා මේ හේතුවෙන් බෙහෝ බාහිර වැඩ සහ බොහෝ බාහිර උපදෙස් වලින් ඈත්ව සිටියාය. මහින්ද යනු ද එක්තරා අමුතු චරිතයක් වූයේ වෙනත් බොස් තුමන්ලාමෛන් ගුරු මුෂ්ඨිය ඇත්තෙක් නොවීය. ඔහු රාජකාරියක් පවරද්දී ඒ ඇති රාජකාරිය පලමුව මුල සිට විස්තර කරයි. ඉන් පසු එයින් ලැබෙන ප්‍රතිපල විස්තර කරයි.. විටෙක එයද මහ කන්දෝස්කිරියාවකි. නමුත් මහින්ද මහතා ලේසියෙන් අයෙකුට නොදිරවන සුලු ගති ඇති චරිත ස්වභාවයක්ද නොවේ.

ඔහු කියන ලෙස වැඩ කිරීම්ත ඔහුගේ අදහස් වලට නිතරම ඵලදායී උදහස් අදහස් ලැබීමත් නිසා චමත්කා සහ මහින්ද අතර සුහදතාවය වැඩි විය. එසේම චමත්කා කෙරෙහි සාමාන්‍ය ආයතනය දක්වන තරුණ ගෑනු ලමුන්ට ඇති ප්‍රතිරෝධය පිටින් එල්ල වූ නිසා චමත්කාද වෙනත් කාර්යන් පසෙක ලා මහින්ද මහතා සමග වැඩ රාජකාරි ඇත්නම් ඒ වා ගැනම යොමුවූවාය.

එය මහින්දගේද සිත් ගති. මහින්දට ඇය ගැන ඇති වූයේ අනුකම්පාවකි. සැබැවින්ම අැය මේ ආයතනයේ සිටින පිටු දෙකක ලියුමක් ගහගන්නට ගිය විට දවස් දෙකක්  එයට ඉල්ලන බොහෝ ගෑනුන්ට වඩා බොහෝ වේගවත්ය. ඇය ආකල්ප අතින්ද වෙනස්ය. ඇතැම් විට චමත්කා රූපයෙන් තරුණ නිසා මහින්දට එසේ සිතෙනාව ඇති යැයි මහින්දටම සිතුනි..

කෙසේ වෙතත් මහින්ද මහත්මයා ගැන ඇති වූ නොයෙක් කට කතා ආදිය විශ්වාස කරන්නට බැරි තරම් දුරස් ්ඒවා ලෙස චමත්කා සැලකුවේය. ඇතැම් විට කැන්ටිමට ගිය විට චමත්කාට අහන්නට සිදු වන්නේ කටුක ඇනුම් පද වේ. නමුත් ඒ ඇතිවෙන විවිධ බාධාවලින් චමත්කා සහ මහින්ද අතර සුහදතාවය වැඩි වන්නට විය.

මහින්දට සියලු කටකතා කණ ගාවින් යන දූවිල්ලක් පරිද්දෙන් සිතිය හැකි වුවත් ඔහුගේ පිරිමි කම අභියෝගයට ලක් කර ඔහු ගෑනු යට ඇදුම් එකතු කරන්නකු වේ යැයි යන කටකතාව යම් තම් සිත රිදවන එකක් වීය. ඔහු එය නැතිකරගන්නට උපායක් කල්පනා කලේය.

චමත්කා..ඔයාබස් දෙකක යනව නේද? මං ඔයා කැමති නම් දෙවනි බස් එක යන හෝල්ට් එක ලගින් දාගෙන යන්නම්..මම යන්නෙත් ඒ පාරෙමනේ..අනික ඔෆිස් එකේ වාහන නේ..

නෑ සර්..කමක් නෑ සර්…

අයියෝ චමත්කා ඔයා එච්චර හිතන් එපා.. ඔයා කලිං වගෙ දුවන්න ඕනි නෑ හතරහමාර වුන හැටියෙ..ඉන්න මං එක්ක යන්නම්.. බය වෙන්න දෙයක් නෑ...මං හරි කාලෙ මැරි කලානම් සමහර විට ඔ්‍යාෙග වයසෙ දූලත් ඇති මට…

චමත්කා එහෙනං හවසට මාත් එක්කම වෙහිකල් පාක් එකට යමු..

සත්‍ය වශයෙන්ම මහින්ද මහතාට චමත්කා ගැන කරුණා සිතක්ද පහල වී තිබුනි. නමුත් ඊටත් වඩා මහින්දට ඔහුගේ චරිතය ආරක්ෂා කරගන්නටද උවමනා විය. දැන් වෙනදා මෙන් මහින්ද සහ චානක අතර වැඩි අයි හොදයියක් නැත. මහින්ද චානක විසින් සිය වැරදි පාලනාධිකාරියට ඉදිරිපත් කර ඇති බව දැන සිටියේය. නමුත් චානක ගේ ගොන් කමට එවැන්නක් කියන්නට ඉඩ ඇති මුත් අහිංසක චානක මේ කිසිවකට වැරදි නැතැයි මහින්ද ලොක්කා  සිතන්නට පෙලඹුනි.

යම්කිසි විදියකින් බිරිදගේ ඇදුම් මල්ලක් රැගෙන අපිලිවලට එහි ඇදුම් දාගෙන සිය ජංගම දුරකථනයත්..බැංකු කාඩ් එකත් අපිලිවෙලට ඒ මල්ලේම දාගෙන කිසිදු සංයමයකින් තොරව එක් එක් තැන නවත්වමින් ගිය ගමනේදී බිරියගේ ඇදුම් මල්ලේ වූ යට ඇදුමක් කාර් එකේ බිම වැටෙන්නට ඇත. එය අමතක වී තිබෙන්නට ඇත.

කාගේ වුවද ගැහැනු යට ඇදුමක් කාර් රථයේ තිබීම මහත් ගැටළුවකි. එය චානකටද එසේමය.

එසේ චානක ගැන මහින්ද සිතුවේ වුවද චානක නම් කාර් රථයේ යෑමට අදි මදි කලේය. නමුත් මහින්දගෙ ගතිගුණ අනුව ඔහු පුද්ගලිකව පලිගැනීමක් සිදු නොකරන අයෙක් බවට විශ්වාසයක් චානක තුල විය…

මහින්ද චමත්කා සමග යන විට ඇයගෙන් ඇගේ පවුල ගැන ප්‍රශ්ණ විචාරන්නට විය. මහින්ද යනු දෙය්ක එකලෙස අසාගෙන සිටිය හැකි චිත්‍රපට නළුවෙකු වැනි සංවේදී චරිතයක්නොවේ..

අහ් චමත්කා ගියෙ හිල්ඩා කොලේජ් එකටද? හහ් හහ් අපේ වයුෆුත් ඒකට ගියේ..

හිල්ඩ එකෙ කෙල්ලෙක්ට මම ඉස්සර ලවුත් කලා..වයිෆ් ඒ කෙල්ලට වැඩිය අවුරුදු හයක් විතර බාලයි..
හිල්ඩ එකේ කෙල්ලො ලස්සනයි.. දැනුත් ඒමයි..චමත්කත් ලස්සනයි නේ..

චමත්කා ලැජ්ජාවෙන් අහක බලාගනී..සර් කොහෙද ඉස්කෝලෙ මෙහෙමද?

ආහ්.. ඔවු ඉතිං අපි මෙහෙම අය තමයි.. හැබැයි අපි ලග ගොඩේ ගතිය තියෙනව මොකද අපේ තාත්ත ගොඩක වෙල..ගොඩක වෙල ඉදලාත් ගොඩේ ගතිය නැත්තං වැඩක්ද ? නේද?

සර් කියන්නෙ ගොඩකවෙල හිටියොත් ගොඩයො කියලද? චමත්කා සිනාසෙමින් ඇසීය..

නෑ නෑ චමත්කා..හැමෝම හදන්නෙ අපි අර ටවුමෙ මේ ටවුමෙ කියලා ටවුම උඩින් වාඩිවෙන්න නේ.. දැන් ඉස්කෝලෙ වල වුනත් කස්ටිය නිකං බෙදිලා අපි අර ඉස්කෝලෙ කියල මරාගන්නවා.. මං ආස නෑ ඒකට..

මං කාරුහරි ඇහුවොත් කියන්නෙ මම ගොඩේ ඩෑල් එකක් කියලා..

ඒ වුනාට සර් … අනේ මන්දා.. සර් ටිකක් විතර ඕවර් වගේ මට නම්..

තරහ වෙන්න එපා.. ඒ වුනාට සර් ටිකක් නෝමල් වුනානං හොදයි.. නැත්තං සර් ල වගේ ටිකක් අමුතු විදියට හිතන අයට එන පස්න වැඩියි..දැන් සර් ගැන එක එක කතා මේ දවස්වල ඔෆිස් වල යනවා.. මම සමහර විට සර්ට ඕනි නැති දෙයක් කියනවා ඇත්තෙ..ඒත් මම කැමති සර් ඒ වගේ චෝදනා වලින් ඈත් වෙල ඉන්නවා නම්. .

නෑ චමත්කා ගොඩක් අය එහෙමයි..අනුන්ට හැම දේම වෙද්දි ඇහ කණ පියන් ඉදලා තමුන්ට දෙයෙක් වෙද්දි පෙරලගෙන ගහන්න යනවා.. ඒක මට අල්ලන් නෑ..හැබැයි ඒක මගේ වීක් පොයින්ට් එකක් වෙන්න පුලුවනි..දැන ්ඔයා මගේ වරදක් පෙන්වද්දි ඒක එහෙම නෑ ඒක තමයි තියෙන සුපිරිම ගතිගුණ කියලා මට කියන්න පුලුවනි.. ඒත් … ඒක මගේ ප්‍රැක්ටිස් එක නෙමෙයි..
මිනිහෙක්ට නොගැලපෙන දෙයක් නොගැලපෙනවා කියල දැනගෙන දාගෙන ඉන්න අමාරුයි..

සරලව හිතුවොත් මට ගැලපෙන් නැති සපත්තුවක් මට දාගෙන වැඩිම ූඋනොත් පැය හයක් ඉදීවි..ඉන් පස්සෙ ඒක මට වදයක්..

ඒ වගේ චමත්කා මම හුරු වෙච්චි විදියට මේ ආයතන හැදෙන් නෑ..ඒත් මට ඒකට කරන්න දෙයක් නෑ..මට මීට වඩා රගපාන්න අමාරුයි..

සර් ඒක එච්චර ගනන් ගන් එපා..අනික මං තාම සර්ලයි ඔෆිස් එක ඇරුනම වැඩ කරල තියෙන්නෙ තැන් දෙකක විතරයි..ඒකත් පොඩි කාලයක්..සර් වගේ කෙනෙක් මට හමුවුනාමයි.. චමත්කා කියන්නට විය.

ආහ්...ආන්න අද ඉන්නව  වඩේ කාරයා.. චානක.. පොඩ්ඩක් නවත්තන්න කො ඔය වඩේ කාරය ගාවින්.. මහින්දගේ ඒ රික්වෙස්ටුව චානකට අලුත් දෙයක් නොවේ..ඔහු වේගය අඩු කල රථය පාර අයිනේ නවත්වගන්නට විය.


නිමි..