කාල් මාක්ස් තුමා වරෙක වදාරා තිබෙන පරිදි කාර්මික විප්ලවය නිසා නිර්ධන පාංතික කම්කරුවා විශාල යන්ත්‍රයක කොටසක් වගේ ඒකාකාරී කාර්යයක් පමණක් කරන්නට නියම වූ යන්ත්‍ර කොටසක මට්ටමට වැටෙනවා. යන්ත්‍රයක කොටසක් කියන එකෙන් අදහස් කලේ කම්කරුවාගේ වෙහෙස වීම පිළිබද හෝ කටුක බව කියනදේට වඩා ඒකාකාරී සහ අවධානයක් රහිත වීම කියන කාරනා වෙන්නට ඕනි.
අද මාක්ස් ගේ කාලේ වගේ පන්ති වලින් වෙන් වුන නිර්ධන ධනපති කොටස් දකින්නට අමාරුයි. අපි වගේ පරිධියේ තිබෙන රටක විශාල මාසික ඉපයීම් ලබාගන්නා වත්කම් රැසක් හිමි අය පවා ගතකරන්නේ යන්ත්‍ර කොටසක් වගේ ජීවිතයක්. ඔවුන් උදෑසන නැගිටිනවා. මූනකට හෝදගන්නවා. කන්තෝරු යනවා. වැඩ කරනවා .හවසට පාටි තිබුනොත් බොනවා නටනවා..ආයිත් ඇවිත් නිදාගන්නවා.
ඒ ඒකාකාරී ජීවිත ගමන වෙනස් වෙන්නෙ ඉතා අඩුවෙන්. නිවාඩු දවසකට වුනත් කාර්යබහුල සතියක් අවසානයේ ලැබෙන අවකාශයෙන් ගෙදර වැඩ ටිකක් කරගන්න එක සහ නිවාඩුවට වත් ඩිංගක් නිදාගැනීම හැර වෙන්ත විශාල දේවල් කරන්න අවස්ථාව අඩුයි.
කොළඹ සමාජයේ කාර් හිමි, ගෙවල් දොරවල් හදාගනිපු, සමාජයේ ඉහල පිලිගැනීම් ලබන වෘත්තිකයින් වුනත් බොහෝවිට ගෙවන්නෙ සීමාසහිත වටපිටාවක ඒකාකාරී ජීවිතයක්. ඇතැම් විට කාර් රථයේ සුවපහසුවෙන් යන නිළදාරියා දෙස දුම්රියේ තෙරපෙමින් යන මගියා ඉරිසියාවෙන් බලනවා. ඒත් දුම්රියක තිබෙන සුලු හෝ සමාජගත අවකාශය මිනිස්සු හා ගැටෙන්නට තිබෙන ඉඩකඩ කාර් එක තුල නැහැ. ඔහු ඒකාකාරි කාර්යාලයෙන් මිදිලා ආයෙත් යන්නෙ වෙනදා වගේම වැඩ ඇරිල මහන්සිවෙලා හති අරින්න බලාන ඉන්න බිරිද සිටින ගෙදරට..උදේ සිට ටියුෂන්, ස්කෝල, කැම්පස් වලට ගිහින් මහන්සිවෙලා ආපු දරුවන් ඉන්න ගෙදරකට.. ඒ ගෙදර තිබෙන්නෙ දවස තිස්සෙ ඇවිදගෙන ගිහින් මහන්සි වෙච්චි මගියො පිරුන අම්බලමක තිබෙන නිහඩ අවකාශයක් පමණයි බොහෝවිට.
ඒකාකාරී වුනත් මේ ජීවන ගමනේ එල්ලිලා ඉන්න අපිට සිද්ධ වෙනවා. නමුත් සැබැවින්ම ධනපතීන් ලෙස හදුන්වන අය ලංකාවෙදි නම් බොහෝවිට ව්‍යාපාරිකයින් වගේ අය විදියට පේනවා. එයාලට කන්තෝරු යා යුතුමයැ කියල නියමයක් නෑ.. එයාල ගත කරන්නෙ සැහැල්ලු ජීවිතයක්.. ආදායම් මාර්ග කිහිපයක් තිබෙන නිසා එක් ආදායම් මාර්ගයක දැඩි ස්ථාවරත්වයක් ගැන ලොකු හෙවිල්ලක් ඕනි නෑ.. ගතවෙන කාලයෙන් වැඩි කොටසක් සැහැල්ලුවෙන් විනෝදයෙන් ඉන්න එයාලට අවස්ථාව ලැබිල තියෙනවා.
මේ ජීවිතේ ටිකක් වෙනස් කරගන්න අපි විවිධ උපායන් යොදාගන්නවා. සුදු ජාතිකයින් හෙවත්බටහිර ජාතිකයින් මේ ජීවිතේ ඒකාකාරී වටපිටාව නැතිකරගන්න දීර්ඝ රාජකාරි නිවාඩු ලබාගන්නවා. ඒ තුලින් එයාල සති ගනන් මාස ගන්න විදෙස් ගත වෙලා රට රටවල සංචාරය කරනවා. ඇතැම් අය සුඛෝපබෝගී විදියට හෝටල් වල නවාතැන් අරගෙන හොද තැන් වලින් කාල බීල ගයිඩ්ලා සමග සංචාරය කරද්දි ඇතැම් අය තරමක අවධානමක් අරගෙන සාමාන්‍ය විදියට හැමදේම හොයා බලාගෙන අනික් අය ගිහිපු විස්තර කියවලා තමුන්ම තමුන්ගේ ගයිඩ් වෙලා සංචාරය කරනවා.
ඇතැම් විට බස් රියවල ගිහින් හැන්දෑවෙ නයිට් කඩෙන් කෑම කාල තුට්ටු දෙකේ තැනක රෑට බුදියගන්න සුද්දා ව අපි දකින්නෙ හිගන සුද්දෙක් විදියට. බොහෝවිට ඔහු මුදල් ඉතිරිකරගන්න එහම කරනවත් ඇති. නමුත් මට හමුවුන ඇතැම් සුදු ජාතිකයින් අතර ඒ රටවල ඉහල සමාජ තත්වයක් තියෙන හොද රැකියා කරන අයත් මෙහෙ ඇවිත් තනියම බස් වල ගිහින්..ආතල් අරගන්නවා. ලාබායි කියල කිව්වට ඇතැම් අවස්ථාවල ටුවර් පැකේජ් වලට වඩා මේ විදියට බැක් පැකින් යන එක වියදම් වැඩි වෙන්නත් හේ.තු වෙනවා.
ටමාශා කියන්නෙ ඒ විදියට සංචරනය කරන චරිතයක් සංචාරක ජීවිතයේදී පෙම්වතියක් හා හාද වීම කියන කතාව තේමාව විදියට තියෙන හින්දි ෆිල්ම් එකක්. ටමාෂා එකේ ගෑල්ලමයා ලවු කරන්නෙ අර සැහැල්ලු විදියට සංචාරය කරන සැහැල්ලු පේමවන්තයාට. ඔහු සැලකිය යුතු සංයමයකින් ඒ ගෑල්ලමයා ඇසුරු කරනවා.
කාලයක් ගතවුනා. ඔවුන්ගේ නිවාඩුව ඉවර වුනා. දැන් ඒ දෙන්නම ආයේ ඉන්දියාවෙ පරණ පුරුදු ජීවිතේටම ඇවිත්. දැන් දෙන්නාම සැලකිය යුතු තරමට කාර්යබහුලයි. එතැනදි මේ කොල්ලා තදබල විදියට හික්මුනු බොහොම නිවුනු හැදුනු නිළධාරියෙකුගේ භූමිකාවක් ගෙනියනවා. ඔහු සමාගම සැලකිය යුතු නිළධාරියෙක්. ආයතනය, සමාජය හිතනවා විධායක නිළධාරියෙකු නම් මේම මේම විය යුතුය කියලා. ඒ නිසා විධායක නිළධාරියාට සිදු වෙනවා අකමැත්තෙන් වුනත් ඒ විදියට හැසිරෙන්න.
ටයි දාගෙන, හොදට ඇදගෙන, කාර් එකක එන මිනිහෙක් තමා විධායක විදියට සාමාන්‍යෙයන් සැලකෙන්නෙ. ඒ වගේම ඒ නිළධාරියා ඇවිල්ල සෞම්‍ය වචන කතා කරන කිපෙන්නෙ නැති. හැසිරීමෙන් පවා විධායක බව නිරුපනය කරන අයෙක් බවට පත්විය යුතුයැ කියල තමයි බහුතර සමාජය හිතන්නෙ.
ඉතිං කෙල්ලට ටික දවසක් යද්දි මීටර් වෙනවා හද් දෙය්යනේ මේ මොකෙක්ද මේ.. මේ ඇවිල්ල පරණ රාජ්‍ය සේවකයෙක් වගේ බුවෙක් නේද? මට අර පිටරටදි හම්බුනේ මූමද? ජීවිතේ ඒකාකාරී නිසා ඒ වගේ හැන්ඩි ක්‍රියේටිව් බුවෙක්ට ලව් කරපු මට මේ කරගහන්න වෙල තියෙන්නෙ මොන හිපාටුවෙක්ටද? කියලා කෙල්ලට ඒ විධායක ජීවිතය එපා වෙනවා.
කොල්ලාත් මේ ඒකාකාරී විධායක කාර්යාල සේවක භූමිකාව ගෙනියන්නෙත් යටිහිතේ කැමැත්තකින් නෙමෙයි. ඉතිං ඔවුන් දෙදෙනා අතර ගැටුම් ඇතිවෙනවා. කොල්ලට සංචාරයකට දුර රටකට ගිහින් වෙනස් වෙනවා වගේ ලේසි නෑ රට ඇතුලෙ වෙනද වැඩකරන සමාජය ඇතුලෙදි වෙනස් පොරක් වෙන එක. ඒ ජීවිතේ වෙනස ලබාගන්න උත්සාහ ගන්න ආකාරය තමයි ෆිල්ම් එකෙන් පෙන්නුම් කරන්නෙ.
ඉන්දියාවෙ සිනමාව කියන්නෙ ෆැන්ටසියක් නෙව. මිලියන ගානක් වෙන මිනිස්සුන්ට සැබෑ ජීවිතේ විදගන්න බැරි ලබාගන්න බැරි දේවල් සිනමාවෙන් එයාල විඳිනවා.අපිට හාමුදරුවරු දිවිය ලෝකෙ විමාන වස්තු ගැන බ්‍රහ්ම ලෝකෙ ජීවිත ගැන ලස්සන කතා කියද්දි අහං ඉන්න උපාසිකා මාතාවො ඒ දේවල් හිතින් මවාගෙන සාදුකාර දෙනවා. මොකොද අපි ජීවත්වෙන කටුක යථාර්තයට වඩා අර දිවියලෝක ගැන සිතන එකත් මිහිරක්.
ඒ වගේ ඉන්දියන් මිනිස්සු ෆිල්ම් ඇතුලෙ ජීවත් වෙනවා. ඒක විඳිමින් සතුටු වෙනවා. ඒ නිසාම මම හිතන්නෙ මේ ෆිල්ම් එකේ අවසානය හැපී එන්ඩින් එකක් වෙන්නෙ ඒ නිසා..වෙනස් විදියට හිතන්න ආසාව සහ කැමැත්ත තියෙන එක එකක්. නමුත් තමුන් වෙනස් කරගන්න සහ අවට වෙනස් කරන්න යන සහ සිස්ටම් එකේ තියෙන බෝරින් ගතියට අභියෝග කරන අති බහුතරයකට ලැබෙන්නෙ සුබදායි අවසානයක් නෙමෙයි.
නිලිය දීපිකා පදුකෝන්. නළුවා රන්බීර්. රන්බීර් කියන්නෙ කෙට්ටු බුවෙක්. දීපිකා අනික් නිලියන්ට සාපේක්ෂව ටිකක් විසාලයි. ඒ වුනාට මේ ෆිල්ම් එකේදි ලස්සනට දෙන්නා මැච් කරලා තියෙනවා. බලන්න ආස හිතෙනව උන් දෙන්නාගේ ප්‍රේම ජවනිකා ආදිය.
ටමාෂා ලංකාවෙත් තිරගත වෙල ඉවර වුනා. මම එතකොටයි බැලුවෙ. හැබැයි මම එක්ක ගිය කෙල්ලට වැඩියෙන්ම ආතල් තිබුන තැන් වලට නෙමෙයි මට ආතල්. එයාට හිනාගිය තැන් වලට නෙමෙ මට හිනාගියෙ. කොහොම වුනත් අලුත් තේමාවක්, වට්ටෝරු හින්දි ෆිල්ම් වලට වඩා ගැන්මක් තියෙන එකක්. කතාව ඉදිරිපත් කරන්නෙම අලුත්ම ආතල් විදියකට. කතාවෙන සුට්ටක් මෙතනදි මම කිව්වෙත් බලන එකාට පාඩුවක් නෑ. මොකෝ මේ කතාව ෆිල්මින් වලට ගනිද්දි අමුතුම සිනමොටෝග්‍රැෆික් ආට් එකකට ඒක අරගනිපු නිසා.. කතාව ෆිල්ම් එක කරද්දි ඒක බොහොම අලුත් විදියට කරලා තියේ.. කියලයි මට හිතුනෙ. බාගෙද ඒක කොහෙ හරි එකක කොපියක්ද දන්නෙත් නෑ.
Tamasha Film කියල ගූගල් කලාම අධ්‍යක්ෂ, තිර රචනය, කතාව ආදිය ගැන විස්තර ගොඩක් එනවා.. මම හිතන්නෙ ෆිල්ම් එක්ක ගැන විස්තර කරද්දි විකිපීඩියා එකේ තියෙන විස්තර ආයෙ ට්‍රාන්ස්ලේට් කරල දාන එක තේරුමක් නෑ. මට ෆිල්ම් එක දැනුන විදිය මොකද්ද? ඒක මොකො හොද පිලුම් එක්ක කියන්නෙ කාරණාව විතරක් ඇතිය කියලයි මට හිතෙන්නෙ.
සාර්ථක ටොරන්ට් එකක් හොයාගත්තු යාලුවෙක් සිටීනම් හොයල කමෙන්ට් එකක් දාන්න. එතකොට අනික් යාලුවන්ට ඒකහොයාගන්න පහසු වේවි. ෆිල්ම් ගැන කතාවකට තරම් නොවන තරම් තරමක දිග ලිපියක්. ඒත් බැලුවාම හලන්න කියල කෑල්ලකුත් හොයාගන්න ණෑ..ඒ නිසා කැපුවෙ නැතුවම දැම්මා.
අද මාක්ස් ගේ කාලේ වගේ පන්ති වලින් වෙන් වුන නිර්ධන ධනපති කොටස් දකින්නට අමාරුයි. අපි වගේ පරිධියේ තිබෙන රටක විශාල මාසික ඉපයීම් ලබාගන්නා වත්කම් රැසක් හිමි අය පවා ගතකරන්නේ යන්ත්‍ර කොටසක් වගේ ජීවිතයක්. ඔවුන් උදෑසන නැගිටිනවා. මූනකට හෝදගන්නවා. කන්තෝරු යනවා. වැඩ කරනවා .හවසට පාටි තිබුනොත් බොනවා නටනවා..ආයිත් ඇවිත් නිදාගන්නවා.
ඒ ඒකාකාරී ජීවිත ගමන වෙනස් වෙන්නෙ ඉතා අඩුවෙන්. නිවාඩු දවසකට වුනත් කාර්යබහුල සතියක් අවසානයේ ලැබෙන අවකාශයෙන් ගෙදර වැඩ ටිකක් කරගන්න එක සහ නිවාඩුවට වත් ඩිංගක් නිදාගැනීම හැර වෙන්ත විශාල දේවල් කරන්න අවස්ථාව අඩුයි.
කොළඹ සමාජයේ කාර් හිමි, ගෙවල් දොරවල් හදාගනිපු, සමාජයේ ඉහල පිලිගැනීම් ලබන වෘත්තිකයින් වුනත් බොහෝවිට ගෙවන්නෙ සීමාසහිත වටපිටාවක ඒකාකාරී ජීවිතයක්. ඇතැම් විට කාර් රථයේ සුවපහසුවෙන් යන නිළදාරියා දෙස දුම්රියේ තෙරපෙමින් යන මගියා ඉරිසියාවෙන් බලනවා. ඒත් දුම්රියක තිබෙන සුලු හෝ සමාජගත අවකාශය මිනිස්සු හා ගැටෙන්නට තිබෙන ඉඩකඩ කාර් එක තුල නැහැ. ඔහු ඒකාකාරි කාර්යාලයෙන් මිදිලා ආයෙත් යන්නෙ වෙනදා වගේම වැඩ ඇරිල මහන්සිවෙලා හති අරින්න බලාන ඉන්න බිරිද සිටින ගෙදරට..උදේ සිට ටියුෂන්, ස්කෝල, කැම්පස් වලට ගිහින් මහන්සිවෙලා ආපු දරුවන් ඉන්න ගෙදරකට.. ඒ ගෙදර තිබෙන්නෙ දවස තිස්සෙ ඇවිදගෙන ගිහින් මහන්සි වෙච්චි මගියො පිරුන අම්බලමක තිබෙන නිහඩ අවකාශයක් පමණයි බොහෝවිට.
ඒකාකාරී වුනත් මේ ජීවන ගමනේ එල්ලිලා ඉන්න අපිට සිද්ධ වෙනවා. නමුත් සැබැවින්ම ධනපතීන් ලෙස හදුන්වන අය ලංකාවෙදි නම් බොහෝවිට ව්‍යාපාරිකයින් වගේ අය විදියට පේනවා. එයාලට කන්තෝරු යා යුතුමයැ කියල නියමයක් නෑ.. එයාල ගත කරන්නෙ සැහැල්ලු ජීවිතයක්.. ආදායම් මාර්ග කිහිපයක් තිබෙන නිසා එක් ආදායම් මාර්ගයක දැඩි ස්ථාවරත්වයක් ගැන ලොකු හෙවිල්ලක් ඕනි නෑ.. ගතවෙන කාලයෙන් වැඩි කොටසක් සැහැල්ලුවෙන් විනෝදයෙන් ඉන්න එයාලට අවස්ථාව ලැබිල තියෙනවා.
මේ ජීවිතේ ටිකක් වෙනස් කරගන්න අපි විවිධ උපායන් යොදාගන්නවා. සුදු ජාතිකයින් හෙවත්බටහිර ජාතිකයින් මේ ජීවිතේ ඒකාකාරී වටපිටාව නැතිකරගන්න දීර්ඝ රාජකාරි නිවාඩු ලබාගන්නවා. ඒ තුලින් එයාල සති ගනන් මාස ගන්න විදෙස් ගත වෙලා රට රටවල සංචාරය කරනවා. ඇතැම් අය සුඛෝපබෝගී විදියට හෝටල් වල නවාතැන් අරගෙන හොද තැන් වලින් කාල බීල ගයිඩ්ලා සමග සංචාරය කරද්දි ඇතැම් අය තරමක අවධානමක් අරගෙන සාමාන්‍ය විදියට හැමදේම හොයා බලාගෙන අනික් අය ගිහිපු විස්තර කියවලා තමුන්ම තමුන්ගේ ගයිඩ් වෙලා සංචාරය කරනවා.
ඇතැම් විට බස් රියවල ගිහින් හැන්දෑවෙ නයිට් කඩෙන් කෑම කාල තුට්ටු දෙකේ තැනක රෑට බුදියගන්න සුද්දා ව අපි දකින්නෙ හිගන සුද්දෙක් විදියට. බොහෝවිට ඔහු මුදල් ඉතිරිකරගන්න එහම කරනවත් ඇති. නමුත් මට හමුවුන ඇතැම් සුදු ජාතිකයින් අතර ඒ රටවල ඉහල සමාජ තත්වයක් තියෙන හොද රැකියා කරන අයත් මෙහෙ ඇවිත් තනියම බස් වල ගිහින්..ආතල් අරගන්නවා. ලාබායි කියල කිව්වට ඇතැම් අවස්ථාවල ටුවර් පැකේජ් වලට වඩා මේ විදියට බැක් පැකින් යන එක වියදම් වැඩි වෙන්නත් හේ.තු වෙනවා.
ටමාශා කියන්නෙ ඒ විදියට සංචරනය කරන චරිතයක් සංචාරක ජීවිතයේදී පෙම්වතියක් හා හාද වීම කියන කතාව තේමාව විදියට තියෙන හින්දි ෆිල්ම් එකක්. ටමාෂා එකේ ගෑල්ලමයා ලවු කරන්නෙ අර සැහැල්ලු විදියට සංචාරය කරන සැහැල්ලු පේමවන්තයාට. ඔහු සැලකිය යුතු සංයමයකින් ඒ ගෑල්ලමයා ඇසුරු කරනවා.
කාලයක් ගතවුනා. ඔවුන්ගේ නිවාඩුව ඉවර වුනා. දැන් ඒ දෙන්නම ආයේ ඉන්දියාවෙ පරණ පුරුදු ජීවිතේටම ඇවිත්. දැන් දෙන්නාම සැලකිය යුතු තරමට කාර්යබහුලයි. එතැනදි මේ කොල්ලා තදබල විදියට හික්මුනු බොහොම නිවුනු හැදුනු නිළධාරියෙකුගේ භූමිකාවක් ගෙනියනවා. ඔහු සමාගම සැලකිය යුතු නිළධාරියෙක්. ආයතනය, සමාජය හිතනවා විධායක නිළධාරියෙකු නම් මේම මේම විය යුතුය කියලා. ඒ නිසා විධායක නිළධාරියාට සිදු වෙනවා අකමැත්තෙන් වුනත් ඒ විදියට හැසිරෙන්න. ටයි දාගෙන, හොදට ඇදගෙන, කාර් එකක එන මිනිහෙක් තමා විධායක විදියට සාමාන්‍යෙයන් සැලකෙන්නෙ. ඒ වගේම ඒ නිළධාරියා ඇවිල්ල සෞම්‍ය වචන කතා කරන කිපෙන්නෙ නැති. හැසිරීමෙන් පවා විධායක බව නිරුපනය කරන අයෙක් බවට පත්විය යුතුයැ කියල තමයි බහුතර සමාජය හිතන්නෙ.