Tuesday, March 12, 2019

ක්‍රඩාන් දූව කරා to Koh Kradan

දූපතට ගියා
කෝ මොක් කියන්නේ ට්‍රාන්ග් වල තියෙන ලස්සනම දූපතක්. ට්‍රාන්ග් මූදේ සූටි සූටි දූපත් 18ක් විතර තියෙනවා. කෝ ලිබොන්, කෝ ක්‍රාඩන්, කෝ ලන්ටා ඒ දුපත් වලින් කීපයක්. මේ මූදේම ටිකක් යට හරියට වෙන්න මැලේසියාවට අයිති ටිකක් ලොකු ලංකාවි දූපත තියෙනවා. මැලේසියාවේ ඉදන් මේ ට්‍රාන්ග් වලට මම හිතන්නේ පැයක දෙකක බෝට්ටු ගමන තියෙන්නේ. මැලේසියාවෙනුත් සංචාරකයන් එනවා මේ පලාතට. අපිට ඉතින් මැලේසියාවටඅ ැවිත් ආවාය කියලා ලාබයක් නැහැ නේ.අ පි තායිලන්තයටත් වීසා අරන් මැලේසියාවටත් තව වීසා ගන්න එපාය. ඒ නිසා අපිට බැංකොක් වලින් ගුවන් යානෙකින් ට්‍රාන්ග් ඇවිත් එන එක ලාබයි. ඒත් කාටහරි වීසා ඩබලම තියේ නම් මැලේසියාවේ ලංකාවි දූපතේ ඉදලා තායිලන්තයේ කෝ ලන්ටා ආදී ට්‍රාන්ග් වල දූපත් වලට බෝට්ටුවේ ඉන්න පහසුව තියෙනවා.

දූපතට ගියාම බැස්ස තැනම තියෙනවා පොඩි ටැක්සි. ටැක්සි කිව්වට ත්‍රිවිල් වගේ ඒවා. බයික් එකකටම තව පොඩි සයිඩ් එකේ මෙව්වා එකක් සෙට් කරලා ඒවා තමයි දූපතේ එහෙ මෙහෙ යන්නේ. ඇත්තටම දූපතේ සම්පූර්ණ වැඩිම දිග කිලෝමීටර 15ක් නැහැ. පොඩි දූපතක්. ඒත් දූපතමැද කදු තියෙනවා ඒ නිසා ගමනට බයික් හෝ ට්‍රයිසිකල් යොදාගන්නවා.



දුපතේදි නවතින්න කාමර කලින් මම බුක් කරලා තිබුනේ නැහැ. ඒත් අගෝඩා ඩොට් කොම් සයිට් එකෙන් අඩු මිලට පොට්එ කක් බලලා ස්කිරින් සොට් එකක් අරන් තිබුනේ. මම නැවතුනේ හඩ්ෆරාන් බංගලෝ එකේ. හඩ්ෆරාන් කියන්නේ දූපතේ එහා කෙළවරේ බීච් එකක්. ඒක පට්ට ලස්සන තැන. ඒ කිට්ටුව තියෙන රූම් ප්ලේස් එක්ක තමයි හඩ්ෆරාන් බංගලෝ. 


මම අගෝඩ බලද්දි බාත් 260ක් වගේ පෙන්නුවේ එක්කෙනක්ට ගාස්තුව. ඒත් ගිහින් ටෝක් කලාම මගෙන් ඉල්ලනවා කාමරේකට බාත් 500ක්. පස්සෙයි මට සීන් එක තේරුනේ මම අගෝඩ බලලා තියෙන්නේ එක් කෙනෙක්ට. එතකොට පෙන්වන ගාන තමයි අර. මම ඒ වෙලේ ඇග්රි උනේ නැහැ. කෝකටත් එවෙලේ දවල් 12 වෙලත් නැහැ. ඒ නිසා මම ටිකක් වටේ කැරකිලා එන්න ඕනි කියලා යද්දි සෙට් එකක් කන බොන රෙස්ටුරන්ට් එකක් තිබුනා. ටුවරිස්ලා ගැවසෙන තැනක් නිසා පාරේ තැන් තැන් වල පොඩි පොඩි රෙස්ටොරන්ට් ිතයෙනවා.

රෙස්ටුරන්ට් කෑල්ල

රෙස්ටොරන්ට් එකේ සාමාන්‍ය 19-24 වයසේ ලස්සන ගෑල්ලමෙක් උන්නා. එයා තමයි ජූස් හදන්නේ. තව ඊට වඩා මදක් වැඩි වයසෙ තා එකියක් උන්නා එයා ත් ඕඩර් ගන්නවා ැවඩ කරනවා. තව කැටගල් සයිස් එකේ 7-8 වසරේ ගෑල්ලමයකුත් උන්නා. ඒ අයගේ අම්මා හෝ නැන්දා හෝ කියන්න පුලුවන් වයසේ හැඩ අම්මා කෙනෙක්කුත් උන්නා. එතන කෑමට කදිම තැන. කෑමත් රසයි. මම පුරුද්දට රයිස් ඕඩර් කරලා දැමම සී ෆුඩ් එක්ක. රයිස් කිව්වට අපේ නානගේ කඩේ, හන්දියේ කඩේ රයිස් වගේ නෙමෙයි. රස වෙනස්. ඒත් මම නම් ඒ වෙනස් රසට මනාපයි. හොදට ගසල ඇරියා.රයිස් ගහද්දි පොඩ්ඩක් විතර මිරිස් ඇඩ් කරන්න කියන්න ඕනි. සුද්දගේ දිවට දාන මිරිස් ප්‍රමාණය අපිට කන්න අමාරුයි.



ඉන් පස්සේ තව ටිකක් ඇවිදලා බැලින්නම් මෙන්න බොලේ ලස්සන බීච් එක තියෙනවා. එතනින් ඒකත් බලලා ඇවිත් තිබ්බ අනෙක් තැනකින් රූම් ඇහුවා. හුටස්. උන්ගෙ රූම් බාත් 800ක්. එ පාර ලැජ්ජාව බෑග් එකෙන් වහන් ආයේ ගියා කලින් තැනට හෙවත් හඩ්ෆරාන් බංගලෝ එකට. ඒකට ගිහින් රූම බුක් කරගත්තා සල්ලි දිලා.

මුන් මගේ නම එහෙම room Register එකේ ලියන්න පට්ට කට්ටක් කෑවා. ඒ එක්කම සුද්දියො වගේකුත් ආවා. එවෙලේ මටත් ටෝක දුන්නා රුම් ඉවරයි එව්ව මෙව්ව කියලා.ඒත් මම දවස්දෙක්කටම බුක් කල නිසා ආයේ මුලට ඇවිත් රූම් එක පන්සීයක් ගානේ දුන්නා. මොනව උනත් රිසප්ශන් හිටි කෙල්ල හිත හොද කෙල්ල.

දූපතේ හඩ්ෆරාන් සයිඩ් එකට ටෘෘ මොබයිල් සිග්නල් නැහැ. යාන්ත්ම තියෙනවා ඒත් මදි බොහොම. ඒත් ඒ අයි එස් සිම් එකට මම හිතන්නේ සිග්නල් තිබුනා. කෙල්ලගේ ෆෝන් එක ඒ අයි එස් වෙන්න ඕනි. එයා ඒකෙන් වයිෆයි හරහා සෙයා කලා සිග්නල්. මම ඉතින් ටුවරිස්ට් සිම් එකක් තියාගෙනත් රෙස්ටොරන්ට් එකට ඇවිත්කෙල්ලගේ වයිෆයි ගියා.



රූම් වරුනාව

රූම් එක නම් එච්චරම සුපිරි නැහැ. සෙයාඩ් බාත්රූම් ඇදන් දෙකක් තිබුනා. ස්කෝල ගොඩනැගිල්ලක් වගේ දිග ගොඩනැගිල්ලක් තනි මහලේ. ඒකේ කාමර කිහිපයක්. කොනේම වොශින් මැෂින් සහ වොශ් රූම ්තිබුනා. ඒක රබර් වත්තක්. රබර් කිරි කපාපු වගක් නම් පෙනුන් නැහැ.වෙනකක් තියා ඒ පැත්තේ ගස් වලපොල් වලු පිටින්. පොල් කඩන එකෙක් නැතුවද කඩවන්න උවමනාවක් නැතුවද මන්දා පොල් කඩල තිබුනෙත් නැහැ. අනික වැටිල තිබුන පොලුත් පැල වෙලා තිබුනා. මට අය්යෝ කියල හිතුනා. ඒ වත්තතෙිබුන පොල් ටික කඩල වික්ක්ත සැර ගානක් හොයාගන්න තිබුනා ලංකවේ නම්.

ඒක තනි රබර් වත්ත. මෙහෙ වගේම මදුරුවෝ. මෙහෙට වැඩිය වෙනස් ඇත්තටම මිනිස්සුයි කෑමයි විතරයි. අවට පරිසරේ මෙහෙ විදියමයි. දූපත් සහ වෙරළබඩ භූ විශමතාවයන් නම් සුපිරි.

බීච් එක

දිග බිච් එක්ක පොඩි මඩ ගතියක් තිබුනා. සුද්දෝ ෆැමිලි ඇවිත් ඉන්නවා. ඔයාලට කියන්න එක සුද්දියෙක් මම ඉන්නවාද කියලා කිසිම ගානක් නැතුව මම විවේක ගන්න අතරේ බිකිනිය ගලවල වෙන බිකිනියක් දාගත්තා. නෝමලි මෙ වගේ තැන්වල බිච් එකේ කැමර් පාවිච්චියක් නැහැ. ඒ නිසා මාත් ෆෝන් එකවත් මානන්න ගියේ නැහැ. මිනිස්සු ෆන් ගන්න තැන නේ. විවේකෙන් ඉන්නේ. ඔය අතර ඉතින් මම ටිකක් විවේක අරං හොදකෝපි කෝප්පයක් එහෙම ගැහුවා බී්ච එකෙ තිබුන ස්පොට් එකෙකින් අරගෙන.



කලින් කීවත් වගෙ මේ බච් එකට කපල් වලට වඩා ඇවිත් තිබුනේ ෆැමිලි. සුද්දෝ හැඩය, උන් තුන්වේල එක්සයිස් කරනවාය, සුද්දෝ සෝශල්ය, සුද්දෝ නම් හොදය අනම් මනම් මගේ හිතේ තිබුන ගොඩ්ක දේවල් මේ දූපතට ඇවිත් තිබුන සුද්දො ්නිස නැතිවෙලා ගියා. අපි ඒ ගැන පසුව බලමු.

මේ දූපතේ සයිඩ් කිහිපයක් තියෙනවා. ඒ කෙන් මම ඉදි සයිඩ් එකයි ඊටම විරුද්ධ පැත්තයි ගොඩක් ලස්සනයි. අනික් පැතිත් ලල් එකක් තියෙනවා. දූපතේ වැඩි කොටහක් වනාන්තරයට වෙන් කරලා තියෙන්නේ. දැන් දැන් දූපත සංචාරකයින්ගේ ඇස ගැටිලා. හැම තැනම කාමර හෝටල රෙස්ටොරන්ට් තියෙනවා.

ඊලග දවස 3 වන දවස

ගුහා ගමන

ඔය කෝ මොක් වල තියෙන සුප්පා ඉවෙන්ට් එකක් තමයි එමරල්ඩ් ගුහාව බලන්න යන එක. ගුහාව තියෙන්නේ දුපතේම එක් වනාන්තර පලාතක. ඒ තැනට යන්නට ඕනි බෝට්ටුවේ. එතැනට ගිහින් පීනගෙන තමයි ගුහාව ඇතුලට යන්නට ඕනා. පීනගෙන කිව්වට ඔලුව උස්සලා යන්න පුලුවන් කිමිදෙන්න උවමනා නැහැ. බෝට්ටු ඇතුලට ගන්න ඉඩක් නම් නැහැ උඩ වදිනවා සුවර් එකටම. පොඩි ඉඩක් තියෙන්නේ එක තැනක.



මම මේ ගුහාව ගැන බලලා තිබුනේ යන්න ආසාව තිබුනා. ඒත් එක් කෙනෙක්ට බාත් 800ක් වැඩි නැහැ. ඒත් සෙයා කරගන්න පුලුවන් නම් ගාන අඩුයි නේද? පොඩ්ඩක් බීච් එකට ගිහින් ටෝක් කලා බාත් 600කට මාව ගෙනියන්න එකෙනෙක් කැමති වුනා බෝට්ටු කරුවෙක්. ඉතින් බිච් එක වටේ කැරකිලා බිකිනි වලින් බේරෙන සුදුමැලි ගල් කෑලි බලලා ඇවිල්ලා නවාතැනට එද්ද ි මෙන්න රිසෙප්ශන් හිටි කෙල්ල මට කතා කරනවා.

මම රෙසිප්ශන් කෙල්ලට කියලා තිබුනේ කාරුහරි බෝට්ටු ගමන් වලට සෙට් වෙලා ඉන්නවා නම් මාවත් පොඩ්ඩක් දැනුවත් කරන්න කියලා. එතකො ට ඉතින් වැඩේ වාසියි නේ. ඒ අහිංසක එකී ට ඒක මතක තිබිලා. සුද්දියෝ දෙන්නෙක් එක්ක මාව සෙට් කරලා කෝ ක්‍රඩාන් කියන දූපත බලන්න සහ එමරල්ඩ් ගුහාව බලන්න. සම්පූර්ණ ටුවර බාත් 1600ක් තුන් දෙනෙක් නිසා තුනට බෙදුවා එකාට බාත් 533.3333 ගානක්. මම බාත් 534ක් දෙන්නම් කිව්වා ඒ නිසා ගාන සේප් වුනා. සුද්දියෝ දෙන්නා කවුද කියලා මම දැනන් උන්නේ නැහැ. ඒත් ඉතින් පෘතග්ජන මනුෂ්‍යෙයක් විදියට මට සතුටක් ආවා. නිකම්ම යන්න තිබුන ගමනට මෙන්න බොලේ සුද්දියෝ දෙන්නෙකුත් නැරකම නැහැ නේද? චාන්ස් එක.

කෝ ක්‍රඩාන් බලා



සුද්දියෝ දෙන්නා ජර්මන්. උදේ ඉන්න හෝටලේ රෙස්ටුරන්ට් එකෙන්ම මොනාද බඩට දාගත්තා. මෙහෙ තියෙන මෙනු එකේ අපේ කෑම හොයනවාට වඩා ඒහෙදි ටක් ටුක් ටික් ගහලා මොනාහරි ඔඩ්ර කරලා කන එකලේසියි. ඒ වගේම වෙනස් රසවලින් විවිධ කෑම සෙට් වෙනවත් එක්ක.

කෙල්ලෝ දෙන්නා මුලින්ම ගියා බයික් එකක බෝට්ටු කොල්ලා එක්ක. ඒකේ අමාරුවෙන් උන්දෙන්නා ගියාට පස්සේ මට සෙට් වුනා ඒ පැත්තට යන ට්‍රයිසිකල් එකක්. කෙල්ලෝ දෙන්නා පත පුකවල් දෙකයාන්තම් බයික්කේ තියන් ගියා. ඉන් පස්සෙ මම ඊලගට ආ ට්‍රයිසිකල් එකේ ආතල් එකේ ගියා.

සුද්දියෝ දෙන්නා

කියන්න කණගාටුයි මිත්‍රවරුණි සුද්දියෝ අපි වගේ ඉන්දියන් ලුකින් හාල් කෑලි ගනන් ගන් නෑ. මම උන් එක්ක කවත් උන්මා එක්කවත් කතා කලේ නැහැ. ඒත් හිනා වෙවී ගියා. උන්ගේ ඒ ඇටිටියුඩ් එකටනම් මට තරහ ආවා. උන් තායි ඉන්දියන් හෝ ආසියානු උන්ව සලකන්නේ පහල මට්ටමට. දැන ඔන්න දූපතේ පියර් එකකට ගියා කියමු කොහෙ හරි යන්න සුද්දො සුද්දියෝ ටික වෙනම සෙට් වෙනවා. ඒ වගේම සුද්දෝ කෝචචර හොදට හිටියත් ඒසියන් ල එක්ක දියවෙන්න සරලව කිව්වෝත් මුහු වෙන්න අකමැති මොකද්දෝ අවුලක් තියෙනවා. ලෝකෙටම සංහිදියාව කියා දුන්නත් සමහර සුද්දෝ ආසියානුවන්ව සලකන්නේ දුරින්.



කෝ ක්‍රඩාන් කියන්නේ වනෝද්‍යානයක්. වනේ තියෙන්නේ ගොඩබිම විතරක්නෙමෙයි. කොරල් පිරුන සාගරෙත් වනයක්ම තමයි. ඉතින් වනෝද්‍යානයට අපි එකෙනෙක්ගෙන් බාත් 200ක්. හැබැයි ඒක පාඩුවක් නැහැ. මාලු සහ කොරෙල් ඕසෙට.කොරල් මරිලා. මැරිලා වුනත් ඒවායේ ඉන්න ජීවින්ගේ ලස්සන බලන්න වටිනවා.මාලුද බෙල්ලොද පොකිරිස්සොද එක එක ආකාරේ සත්තු ගොඩක් උන්නා.

සුද්දියෝ දෙන්නා ඇදුන් ගලවලා බිකිනිය පිටින් පැන්නා. ඇත්තටම ඕවා ඇදන් ඉන්නකොට ගෑනු ලස්සන වුනාට ගලවන් ඉද්දිය කියලා මහා ලොකු බක්කක් නැහැ. ටික වෙලාවකින් අපි ඒකට හුරු වෙනවා. අනික මේ ජර්මන් ගෑනු දෙන්නා වැස්සකටවත් ජිම් පැත්තක ගිහිපු උන් නෙමෙ. මස් බේරෙනවා වතුර පුරවපු සොපින් බෑග වගේ.

කොරල් බැලීම 

අපිව මුලින්ම දැම්මේ කොරල් පර බලන්න. අර දෙන්නයි මායි පැන්නා පැනලා ස්නෝකින් කරන කට්ටලයක් මූනට දාගෙන ලස්සන මාලු බැලුවා. මාලු වගේම ජර්මන් ළමෝ දෙන්නා පීනනව බලන එකත් ලල්. මාලු ඉන්නවා කොරල් තියෙනවා. ඒත් මම පලවෙනි වතාවට තමයි ඒ තරම් ගතියට පිරිසිදුවට කොරල් බැලුවේ. කලින් කල්පිටියේ එහෙම බලලා තියේ. ඒත් මෙහෙ ඊට වඩා මාලු ජාති සහ ජීවින් වැඩිය කියලා තමයි මට හිතුනේ. මේ පලාත් තාම ලොකුවටම ජනප්‍රිය නැහැ. බෝඩිමෙ ඇන්ටිප මම ගිය දවසේ උදේ ඒ කොරල් තියෙන සයිඩ් එකේ කොරල් බලන්න බෝට් එකකට තිබුනේ අපේ බෝට්ටුව විතරයි. මුලු දූවටම ගොඩ බැහැපු බෝට්ටු ගාන ඕනි නම් විස්සක් ඇති. ඒවයෙත් ගොඩක්ව ලෝන් ටේල් බෝට්ටු.

කෝ ක්‍රඩාන්



ඒ මුහුදු වෙරළ ලස්සනයි. කොච්චර ඉතින් මම පොටෝ වලින් පෙන්නුවත් ලස්සන බාසාව දාලා විස්තර කලත් ඒ ලස්සන ඒ සුන්දර ගතිය ඔයාලට ගන්න බැහැ නෙව. ඒක ඉතින් ගිහින්ම විදදරාගන්න ඕනි. සුද්දෝ විතරය්ම වගේ. පිටින් බෝට්ටු වලින් එනවා. මෙතැන දවස ගත කරනවා යනවා. මේ කෝ ක්‍රඩාන් කියන්නේ හෝටල් නැති දූපතක්. කෑම ගන්න විතරක් රෙස්ටොරන්ට් දෙකතුනක් තියෙනවා. වැසිකිලිත් තියෙනවා. ඉතින් මේ දූවට ඇවිල්ලා ඇවිදලා කියලා වෙරලේ විනෝදවෙන එක මාර ෆන් එකක්.

මූදු වෙරළට ගියාම වටේ ඈතින් පේන්නෙත් දූපත්. මූදු වතුරේ කිමිදිලා ඇස් ඇරලා ග්ලවුස් දාලා බලද්දි පේන්නේ නිල්පාට කොළපාට මූදු වතුර. වෙරළ මායිමේම ලස්සන ලස්සන මාලු. ලයිෆ්ජැකට දැම්මේ නැතත් ලස්සනට පීන පීන මේ මාළු බල්නන අපිට පුලුවන්කම තියෙනවා. වනාන්තරය වෙරළ එක්ක කොරල් පර අපි ඒ දූවේ පෑ 4ක් උන්නා.



සුද්දියෝ දෙන්නා වෙනම සෙල්ලම් කලා. මමත් උන් එක්ක සෙල්ලමට යන්න හැදුවා උන් මාව ගත්තේ නැහැ. මගේ අතේ ගෝ ප්‍රෝ එක තිබුනා. මම හිතන්නේ ඒක නිසාද දන් නැහැ. ඉතින් මම ඈත මෑත ඇවිද ඇවිද කිමිද කිමිද වෙනම ආතල් එකක් ගත්තා. තනියම ආවාය කියලා දුක් වෙන්න දෙයක් නැහැ. කාගෙන් තහනමක්ද ඉතින් ඔන්න ටිකකින් වෙරලේ දිගා වෙලා ඉන්නවා. තා ටිකකින් ඔන්චිලි පදින්න යනවා. කන්න බොන්න හිතුනොත් බාත් දෙතුන් සීයක ගිහින් කනවා. ආයෙත් එනවා කිමිදෙනවා මාලු බලනවා කැලේ බලන්න යනවා. හරි විනෝදාත්මක පැය හතර පහක් ගෙවුනා.

ඔය අතර ඉතින් අපි වගේ ගෑනු මැජින් ඇස් වලට හොද දර්ශනත් තියෙනවා. සුද්දියෝ නම් ටික ජාමයක් බලා ඉදිහාම එපා වෙනවා. ඒත් හද් දෙයියනේ ඉටිකිටිස් කෙට්ටු තායි කෑලි. උනුත් පොස්වට බිකිනි එහෙම ගහලා බහිනවා බිච් එකට. ඔන්න දූවේ ඉද්දි ඉදපු ගමන් එනවා මහ නැවක් වගේ ගෑනු මිනිස්සු පුරෝල බෝට්ටු. ඒවයි වෙලාවකට සීයක් හමාරක් සෙග. ඇවිල්ලා කෙහෙල් ලෙල්ල අයින් කරලා ගෙඩිය මූදට පනිනවා වගේ බෝට්ටුවේදිම ඇදුන් ඉවර කරලා ගෑනු මිනිස්සු මූදට බහිනවා. මම සංග්ලාස් දෙක අරං ගියේ වෙලාවට. එතකොට ඈත තියෙන දූපත් බලන්නා වගේ ඕ එක එක දර්ශන බලාගෙන ඉන්න හැකි.



මේක ඇත්තටම ටෙම්පරි ලොකේශන් එකක් විදියට පාවිච්චි වෙන්නේ. සමහර තායි ටුවර් සෙටුත් ලංකාව, චීන, ඉන්දියා ටුවරිස්ට්ලා වගේම තමයි තැනකට එනවා එතන ඉදියා කියලා පොටෝ ටිකක් තලාගන්නවා. ඉන් පස්සේ ආයේ හැටට හැටේ වෙන ඩෙස්ටිනේශන් එකකට දුවනවා. තායි කාන්ඩේ එනවා ඇවිත් බලන දේ කලබලෙන් බලනවා ඔන්න ඉන් පස්සේ උන් දඩි බිඩි ගාල බෝට් එකේ. ඒම නැති තායි කන්ඩායමුත් උන්නා. ඒම විවේකෙන් ඉදපු ඩෑල්මම හිතන්නේ ටික්ක සල්ලිය බාගේ තියෙන තායි සෙට්.

කෝ මොක් වල තියෙන බීච් එකට වඩා ක්‍රඩාන් බීච් එක සුප්පා. සුදු වැල්ල තියෙන්නේ දිගටම. බැස්සා වුනත් කිසිම ගැඹුරක් නැහැ. බීච් එකට නැවිච්චි ගස් සහ වැටුනු කොල එක්කත් අමුතු ලල් එකක් තියෙනවා. තායි මිනිස්සු සහ බලන්න එන උන් හොද මිනිස්සු. බියර් කෑන් එකක් පොලිතින් කෑල්ලක් නොතිබුනාම නෙවෙ. ඒත් සෑහෙනම අඩුයි. හම්බකරන් කන ලොකේශන් ලස්සනට තියාගන්න ඒ තායි මිනිස්සු උත්සාහ කරනවා කියලා මට හිතුනේ.

පහල තියෙනවා විඩියෝව. මේ කටින් කියනවාට වඩා හොදට දර්ශනීය රූපරාමු වලින් විස්තරය බලාගන්න හැකියාව තියෙනවා ඒක බැලුවොත් හෙම.


Sunday, March 10, 2019

ට්‍රාන්ග් සිට කෝ මොක් දක්වා

කෝචිචියේම උදේ වුනා. වතුර කෑම වගේම අනික් පහසුකනුත් තියෙන නිසා කෝච්චිය බොහොම සනිප තැනක්. ඒ වගේම බස් වගේ ගැස්සෙන්නෙත් නැහැ නෙ. කෝමහරි උදේ 9 විතර වෙද්දි කෝච්චිය ට්‍රාන්ග් වලට ආවා.


උදෑසන පැවැත්වෙන වෙළද පොලක්

මොකද්ද මේ ට්‍රාන්ග්

නා ට්‍රාන්ග් කියලා සිටි එකක් තියෙනවා වියට්නාමයෙත්. ඒ සිටි එකෙත් ලස්සන ලස්සන බූමි දර්ශන තියෙන ලොකේශන් තියෙනවා. මේ නා ට්‍රාන්ග් නෙමෙයි ට්‍රාන්ග්. තියෙන්නේ තායිලන්තයේ දකුනු කොටසේ මැලේසියාවට කිට්ටුව. මේ පලාතේ මුස්ලිම් මිනිස්සු ඉන්නවා. සමහර දූපත් වල ඉන්න ජනතාව අමු මුස්ලිම්. මේ ට්‍රාන්ග් වල බීච් එකේ ලස්සන ලස්සන දූපත් ඉස්සිලා ගතියට තියෙනවා. ඒ දුපත් වල තියෙන සිරිය කියලා නිම කරන්න අමාරුයි. සිරාවට ලස්සනයි. ඒ වගේම ට්‍රාන්ග් වල සමහර දූපත් වනෝද්‍යාන බවට පත් කරලා. ඒ නිසා මාලු සහ කොරල් ලස්සනට බලාගන්නත් අවස්තාව තියෙනවා. ට්‍රාන්ග් තාමත් එච්චරම ජනප්‍රිය නැහැ. අන්තර්ජාලයේ කියල තිබුන විදියට බඩු ගහන්න හොයාගන්නත් නැහැ.

නයිට් ලයිෆ් වල පුකෙට් පතායා වල තියෙන ලකේ ට්‍රාන්ග් වලට තවම ඇවිල්ලා නැහැ. ඒ නිසා නයිට් ලයිෆ් ප්ලස් සොබාදහම නම් ක්‍රාබි පුකෙට් පලාත තමයි ඉතින්. මේ ට්‍රාන්ග් කියන්නේ ෆැමිලි ටුවරිස්ට්ලා ඇවිල්ලා සැප හොයන ඒ වගේම පුකෙට් වගේ තැන්වල වගේ මහා ගානක් යන්නේ නැති බජට් ට්‍රැවල් ෆේන්ඩ්ලි පැත්තක්. ගොඩක් ඉන්නේ මැලේ මිනිස්සු. මුස්ලින් අයත් ඉන්නවා. ඒ නිසා බඩු කෝස් නම් හොයාගන්න අමාරු වෙයි. අමාරු වෙයි කිව්වා මිසක බඩු නැහැය කිව්වේ නැහැ.


ට්‍රාන්ග් දුම්රිය පොල

කෝමද බඩු හොයාගන්නේ.

ඇත්තටම මම බඩු සම්බන්ධ එච්චර එක්ස්ප්ර්ට් කනෛක් නෙමෙයි. ඒත් ඔයා සංචාරකයෙක් න්ම තායිලන්තයේ ඕනෑම කෙළවරකදි බඩු ගැන කෙලින්ම හෝටලේ රෙසප්ෂන් ගෙන් අහන්න බයවෙන්න එපා. ඒක සමහර හෝටල් වල හෝටලෙන් අමතර සබන් කෑල්ලක් ඉල්ලන මට්ටමටම සාමාන්‍ය දෙයක්. අනික අපිට හම්බෙන ටැක්සි කාරයො, හෝටල් කාරයෝ හෝ කවුරු හරි අපේ නෑයෝ නෙමෙ. මොකෝ ලංකාවේ කියලා දන්න අදුරන එකක්යැ. ඒ නිසා ඒ සබට යනවා නම් චාටර් වෙයිය කියලා බයේ ඉන්න එක තේරුමක් නැහැ.

දුම්රිය නැවතුමේ සිට බස් නැවතුමට

ට්‍රාන්ග් වල වගේම තායි වල ප්‍රධාන නගර වල නගර සෙන්ටර එකෙන් දුර තමයි බස් නැවතුම තියෙන්නේ. සෙන්ටර් එකෙන් දුර කිව්වට මේ ඇවිදල යන්න පුලුවන් දුරක් නෙමෙයි කිලෝමීටර 4-7 විතර දුර තියෙන්නේ. සමහර විට ඒක තායිලන්තයේ අනාගත ප්ලෑනක් වෙන්න ඇති. මේ නිසා එකහොදක් වෙනවා සිටි සෙන්ටර් එක හරහා යන බස් ප්‍රමාණය අඩුයි. අනෙක් වාහන වලට සපාන් එකේ යන්න හැකියාව ැලබෙනවා. ඒත් සංචාරකයින්ට නම් ටිකක් කට්ට කන්න වෙනවා.

මමත් දුම්රිය නැවතුමෙන් බැස්සට පස්සේ ඔන්න කරුණාවන්ත ටැක්සි රියදුරන් මාව වටකරගන්නවා. ඉන් පස්සේ ඔවුන් දූපත් බලා යන විස්තර ආදිය කියනවා. මට ඕනි වුනේ කෝ ලිබොන් හෝ කෝ මොක් කියන දූපත් වලට පිටත් වෙන පියර් එකට හෙවත් බෝට් නැවතුමට යන්න. මේ එක පියර් එකක් හඩ් යාඕ පියර් එක. අනික කුන් ටුන් කූ පියර් එක. මෙතනින් හඩ් යාඕ පියර් එක ටිකක් ඈත තියෙන්නෙ. ඒක ටිකක් රිමෝට්ය ඒකට යන එන රථවාහන අඩුය කියලා තමයි තිබුනේ. ඒ නිසා මම තීරණය කලා කුන් ටුන් කූ පියරෙන් කෝ මොක් දිවයින කරා යන්න. එකෙනම් බෝට්ටු යනවාය කියලා තමයි විස්තර තිබුනේ ඉන්ටනෙට් එකේ.

මම නැග්ග විල් එකේ බුවාට මම කිව්වා මට යන්න ඕනි කුන් ටුන් කු පියර් එකට කියලා. ඌත් තේරුනා ඇහුනා වගේ මට නගින්න කිව්වා. ඒ ත්‍රිවිලර් එකේ දෙපැත්තට සීට් ගහලා තියෙන්නේ. තව දෙන්නෙකුත් උන්නා ස්ටාට් කලා ගියා. පස්සේ අර ඩබල තැනකින් බැස්සා. මාත් ඉතින් බැහැගත්තා. එතැන නෙමෙයි තැන. මම තැන කිව්වම ඒ හිටපු වීල් බුවා දන්නෙත් නැහැ තැන. එතකොට ඌ මාව නග්ගත්තේ? ඒකනම් පට්ට ආතල් එක. ඒ පාර බුවා මාව සතා එක්කරං යනවා වගේ තව උන් ගාවට ගෙනියනවා. මම මැප් එක ඕපන් කරලා තැන පෙන්වනවා. උන් අහනවා ඔය මැලේසියාවෙද කියලා. ඔහොම එක ඩ්‍රාමා එකයි. එක වයසක ඩෑලෙකකට තේරුනා සීන් එක. ඌ දඩාස් ගාල දෙකක් කිව්වා. ත්‍රිවිල් බුවා රූංකුටුව ස්ටාට් කරගත්තා ගියා.


මේ තුන් සක රියේ තමයි මම බස් නැවතුමට ආවේ

මෙන්න ගිහින් නැවැත්තුවා බස් ස්ටෑන්ඩ් එකේ. හරිනේ මල්ලි. බස් ස්ටෑන්ඩ් එකේ තියෙනවා සයිඩ් එකේ අලුත් තැනක්. එතන තමයි පියර් වලට යන ෂැප වෑන් නවත්වලා තියෙන්නේ. තායි ලන්තේ අපේ රටේ වගේමයි. උෂ්ණත්වය දේශගුණය විතරක්නෙමෙය ිහැදෙන ගහකොල මල් වුනත් අපේ වගේ. ඒත්මිනිස්සු සහ මිනිස්සුන්ගේ ජීවන රටා වෙනස්.

බස් නැවතුමේ සිට 

තායි ලන්තය ඇතුලේ ප්‍රවාහන පහසුව අපිට වඩා දියුනුයි. දිගු දුර යන්න ගොඩක් වෙලාවට සැප ඒසී බස් තියෙනවා. තට්ටු දෙකේ ඒසී බස් කියන්නේ හයිවේ වල එහෙම සුලබ දසුනක්. කොට දුර ඒ කිව්වේ කිලෝමීටර සීය දෙසීය වගේ වටත් තියෙන්නේ ඒසී බස්. වෑනුත් තියෙනවා. පොපියුලේසන් ඩෙන්සිටිය ලංකාවේ තරම් නැහැ. ඒ නිසා පොඩි වෑනුත් තියෙනවා. ඒ වෑන් ඒ සී කරපු අපෙ වහල උස හයි එස් වෑන් වගේ ඒවා. ඒවායෙන් සාමාන්‍යෙයන් කොට දුර ලොකේශන් කවර කරනවා. තවත් ඉතින් පොඩි ලොරි බොඩි කෑල්ලක් වගේ ඩබල් කැබ් එකක පිටිපස්සේ සීට් පේල් ිදෙකක් ගහලා ඒවයේ එහෙමෙහෙ යනෝ මිනිස්සු ටිකක් දුර වල් වලට. නගර වල එහෙම ඒ විදියේ ඩබල් කැබ් වලට සීට් ගහපුවා සෝන් තෘෘ කියලා හදුන්වනවා. සෝන් තෘෘ වල මට යන්න ලැබුනේ නැහැ.



කෝමහරි ඔන්න දැන් ට්‍රාන්ග් බස් නැවතුමේ බැහැල සනීපෙන ්ඉන්නවා. මමට කුන් ටුන් කූ පියරෙට යන්න ඔනිය කිව්වා. ඒත් ම්ම්හු.වෑනුත් තියෙනවා. ඒවා නවත්වලාත් තියෙනවා යන පාටක් නැහැ. වාඩිවල උන්නා පැයක් ව්තර. එතැන හිටිය ලක්ශණ කෑල්ලක්. ඒක වටේ ටිකක් කැරකි කැරකි හිටියා එහෙන් මෙහෙන් පස්න අහ අහ වැඩේ හරිගියේ නැහැ ඒක ගියා සං ගාලා අයිය කෙනෙක් ඇවිල්ල දාන් ගියා.


බස් නැවතුමේ සැපේ. පසුබිමේ හමු වූ මිතුරන්

මම ඉතින් පොඩ්ඩක් කැරකිලා වතුර බෝතලය්ක එහෙම අරගෙනත් ආවා. ඒ යාබදව හිටියා තා සෙට් එකක්. යං වයස් වල කපල් එකකුයි තව කෙල්ලෙකුයි.කෙල්ල නම් යකා මොඩල්. ඒත් ප්‍රියමනාප ගතියකුත් තිබුනා. කපල් එකේ කෙල්ල ලස්සනයි හැඩයි. ඒත් ඒකිත් ඉංගිරිසි දන්නෙ යන්තමින්. අනික් කොල්ලවත් කෙල්ලවත් ඉංගිරිසි යාන්තම් වත් දන් නැහැ. ඔහොම එතන තියුන හාංසි පුටුවකත් වාඩිවෙල ඉද්දි ඔන්න ටිකකින් අර සෙට් එකේ කතා නොකල කෙල්ල මාත් එක්ක කතාවට ආවා. සංඥා බාසාවෙන් අහනවා සෙට් වෙලා යමුද කියලා.

මමත් එක පයින් කැමති වුනා. ඇත්තටම අපි එතන පැයක විතර උන්නත් ඒ පැත්තට යන වෙනත් මගියෝ කාරුවත් ආවෙ නැහැ. ඒ ගමන අපි ඉතින් වෑන් එකට සෙට් වුනා. එක්කෙනෙක්ට බාත් 200ක්. ඇත්තටම කට්ටිය හිටියනම් ඒ ටුවර කෙනෙක්ට බාත් හැටකට විතර සෙට් වෙන එකක් වෙයි. කොහොම වුනත් ඒක හොද වැඩක්. වැරදිලාවත් කවුරුත් නැතිම උනානම් මට හැරිලා යන්න තමයි වෙන්නේ.


ඈතින් පෙනුන දූපත් දසුන්

මෙතන සරලව සින් එක අපි බලමු. මෙතැන දූපත් තියෙනවා නගරය ට්‍රානන්ග් ඒකත් තියෙනවා. ට්‍රාන්ග් සිටි එක තියෙන්නේ රට ඇතුලේ කිලෝමීටර 70ක් විතර දුරයි බිච් එකට. බිචච් සයිඩ් එක පොපියුලර් වුනත් මිනිස්සු නැහැ. ඉතින් යන්න වාහන නැහැ. දුපත් වලට යනවා නම් දවසට එක ගමනක් දෙකක් තමයි කෙලින්ම ටවුමේ ඉදලා දුපතටම තියෙන වාහන සහ බෝට්ටු සේවාව තියෙන්නේ.

දැන් අපි 4 දෙනා නැගලා යනවා. ගූගල් ට්‍රාන්ස්ලේටර් සින් එකේ පිහිටෙන් මම අර තනි කෙල්ල එක්ක පොඩි කතාවක් දාන්න පටන් ගත්තා. ඒ කෙල්ල මම යන්න උන්න කො මොක් දූපතට යන කෙනෙක් නෙමෙයි. එයා කෝ ලිබොන් අයිලන්ඩ් එකේ වැසියෙක්. සමහර විට අයිලන්ඩ් ෆස්ට් එයාද දන් නැහැ. ඩිග්රි එකකුත් තියෙනවාය කිව්වා. ඒත් ඉංගිරිසි බැහැ. අමාරුවෙන් අපි සන්නිවේදන කටයුතු කලා.


කුන් ටුන් කු පියරය නොහොත් තොටුපල

එතනදි මම කෙ‍ෙල්ලගෙන් ඇහුවා පස්නයක් ඩ්‍රයිවර් මාව පියර් එකට දාවිද කියලා. කෙල්ල ඒක තායි වලින් සිංහලට ම හරෛා්ල පෙන්නුවා. ඔහු ඔබව හිරේට දමාවි කියලා සිංහලෙන් පෙන්නුම ්කලා. සමහර විට තායි බාසාවෙන් සිංහලට පරිවර්ථනය වෙද්දි මොනාහරි අවුලක් වෙන්න ඇති. 

උන් තුන්දෙනා තැන් තුනකින් තමයි බහින්නේ හතරවෙනියා වෙච්චි මමත් තව තැනකින් බහින්නේ.


ඇත්තටම මට ඒ කෙල්ල ගිය කෝ ලිබොන් අයිලන්ඩ් එකට යන්නත් ආසාවක් තිබුනා. ඒත් කෝ ලිබොන් යන්න තියෙන්නේ ටිකක් ඈත පියර් එකකින්. ඒක මේ කුන් ටුන් කු පියර් එක තරම්වත් බිසි නැහැ. ඒත් අර කෙල්ලඒකට ගිය නිසා යන්න ආසාවකුත් ආවා. මම කෙල්ලගෙන් ඇහුවා කාබර මිලගනන් එහෙම. කෙල්ල කිව්වා බාත් පන්සියක් කියලා. ඇත්තටම ඒ ගාන පොසිබල්. ඒත් මම හිතන් ඉදියේ කාබර බාත් දෙසියට තුන්සියටත් ඇතිය කියලා.


ගදි හමු වූ දසුනක්. ලංකාවේ වගේමයි නේද යාලුවේ

සෙහ් මේ බුකින් සයිට් කාරයෝ මාව කෑවා. අගෝඩ උන් එක්කෙනක් කාමර හොයද්දි ඩබල් රූම් එකේ ප්‍රයිස් එක දෙකට කඩල තමයි සයිට් එකේ දාල තියෙන්නේ.. තුහ් නොදකින්. 

කුන් ටුන් කු පියර


පියර් එක ගාවට ගියා විතරයි ටික්ක මහත ලීටර් දෙතුන්සියක ගෑනියෙක් ආවා මාත් එක්ක හිනා වෙවී. බෝට්ටුවක්දෙන්නම් කිව්වා දූපතට මට විතරක් බාත් 600කට. මට පිස්සුයැ දෙයියනේ මට විතරක් බෝට්ටුවක් අරං යන්න මේ විනාඩි 15 ගමනට. කුන් ටුන් කු පියර තියෙන්නේ කලපුව්ක වගේ තැනක අස්සේ. එතැන ඉදලා කෝ මොක් දූවට විනාඩි 15ක් විතර තමයි යන්නේ. යනකොට ලස්සන මනරම් භූමි දර්ශනපේනව. මම ඒ ගෑනිට බෝම ආචාරශීලිව බෑ කිව්වා. ඒ ගමන තමයි ඔන්න මට බෝට්ටුව එනකල් බලන් ඉන්න තව දෙතුන් දෙනෙක් ඉන්න සාලාවට යන්න ලැබුනේ. ඒකට වෙලා විනාඩි 20ක් විතර ඉද්දි ඔන්න තව කීප දෙනේ ක් ආවා.

බෝට් ගමන අතරමග

ඒ ගමන බෝට්ටු ගාස්තුව බැස්සා බාත් 100ට. දවල් වෙලත් එක්ක. යන්නත් එපැ. ඔන්නොහෙ අඩුව පාඩුව බලා නොඉද මාත් බාත් 100ට දූපතට යන්න සෙට් වුනා. ඇත්තටම මේ දූපතට යන්න ටවුමේ ඉදලා කෙලින්ම යනවා නම් බාත් 250යි.ට්‍රාන්ග් වල කෝච්චි ස්ටේශමට ලගපාත .තියෙන හෝටල වල සහ ස්ටේශන් එක ඉස්සරහ තැන් වල බාත් 250ට කෝ මොක් දූපතට ගෙනියන ප්ලේස් තියෙනවා. ඒ කිව්වේ එයාලට කිව්වම එයාල ඒක සෙට් කරනවා.එ ්ක තමයි ලේසිම. වෙලාවකට කාක්කන්ට අහුවෙන එකෙත් වාසියක් තියෙනවා. කවුද ඉතින් දන්නේ. මම හිතුවේ ලංකාවේ වගේ බීච් සයිඩ් කියද්දි ඕසෙට මිනිස්සු ඇතිය කියලා.


කෝ මොක් දූවේ තොටුපල

බෝට්ටු ගමනෙදි සුද්දියෙක් නැග්ගා ඒකිට දවස්ද මන්දා නැග්ගවෙලේම බෝට්ටුවේ ඇල වුනා. ඔහේ බෝට්ටුව ඇතුලේ අර ඉ්සරහ කෑල්ලේ ඇලවෙලා හොල්මන වගේ උඩ බලන් ගියා. තව සෙට් එකක් ආවා. ඒ අතර ජෝඩුවක් එහෙමත් උන්නා. ඔය අතර මම ඉතින් ගෝ ප්‍රො එකෙන් වීඩියෝ පාරක් දාගෙන ගියා. ඒ දූපත් සෙට් එකනම් සෑ වෑව් කියවෙන සයිස් හොදේ..එව්ව දකින් නැති මේ ඇස්ගෙඩිදෙක මක්කටද කියලා හිතුනා.

මේ කටින් කියනවාට වඩා ලෙසට පහත වීඩියෝවේ ගමන් විස්තරය විදහා දැක්වෙනවා. ඩේටා ගොඩක් යනෝය කියලා බය නම් රෙසලූෂන් අඩුකරලා හරි බලත හැකි යූ ටියුබ් නෙව තියෙන්නේ.

Saturday, March 9, 2019

ට්‍රාන්ග් දක්වා දුම්රියෙන්



බැංකාපි
උදේ 9ටත් කලින් ටවුමේ බැංකාපි පලාතේ සිටි මොල් එකට ආවා. වහල. උදේ 9 වෙද්දි ශොපින් මෝල් අරින් නැහැ නේ. ඒ ගමන මම වටේ කැරකි කැරකි ඉදලා ගියා බැංකාපි පියර් එකට. බැංකාපි කියන්නේ නගරයේ ස්වර්ණබූමි එයාපොට් තියෙන නැගෙනහිර පැත්තේ තියෙන පොඩි නගරයක්. බැංකොක් ස්වර්ණභූමි එයාපෝට් එකෙන් බැංකොක් යනවා නම් බැංකාපි කියන්නේ බොහොම හොද නවාතැන් පොලක්. බැංකාපි කිට්ටුව නවාතැන් වල මිල ගනන් අඩුයි. නිදහසත් තියේ. බඩු බාන්ඩ කෑම බීම ආදියත් තියේ. සුද්දෝ ඉන්න සංචාරක  තායි පැතිවලට වඩා රියල් තායි ලයිෆ් එකක් බැංකාපි වල තියේ කියල තමයි සුද්දෝම කියලා තියෙන්නේ.
ඇත්තටම මේක බැංකාපි කියල කිව්වට නියම නම බංකපි වෙන්න ඕනි. මේකේ ඉංගිරිසි නම Bangkapi මේ වචන ඉංගිරිසියෙන් තිබ්බාට මේවා කියවද්දි අපේ නම් ගම් වගේ කියවලා බැහැ. ඒ වදන් කියවන්න ඕනි විදි තියෙනවා. ඒවා ඉතින් එක්කෝ යූ ටියුබ් එකෙන් අල්ලගන්න ඕනි. නැත්තම් එයාලම කියන එකක් අහන් ඉදලා ඒ විදියට කියන්න ඕනා.

බැංකාපි වල බෝට්ටු
බැංකොක් කියන්නේ පරණ සිටි එකක්. මේ නගරයේ ට්‍රාන්ස්පෝට් ඒ කාලේ රාමා රජතුමාලගේ කාලේ සිද්ද වෙලා තියෙන්නේ ජල මාර්ග වලින්. නගරය තියෙන්නෙත් චායෝ ප්‍රායා රිවර් එක අසබඩ. නගරයේ මුලින්ම ජනපද ඇතිවන්නේ අද ජනාවාස වෙලා තියෙන පැත්තේ නෙමෙයි අනික් පැත්තේ තොන් බුරි පැත්තේ. අද සංචාරකයින් අතර ජනප්‍රිය වෙලා තියෙන චයින ස්ට්‍රිට්, ග්‍රෑනඩ් පැලස්, වට් පෝ වගේ තැන් ටික ඒ කාලේ ජනප්‍රිය සිද්ධස්ථාන වෙලා තිබුනාලු. කොහොම වුනත් යුරෝපියන් ඇවිත් අපි හොද මිනිස්සු කරන්න කලියෙන් ආසියාතිකයෝ එල ඩෑල් වෙලා බිස්නස් කරගෙන සරුවට ඉදිහා කියන්න බැංකොක් වල තියෙන වෝටර්වේස් ටිකම ඇති. දැනට අවුරුදු පන් හයසීයක ඉදන් බැංකොක් වල පාරවල් වලට කලියෙන් මේ ඇලමාර්ග වලින් ගමන් බිමන් යන්න ඇති මිනිස්සු. දැන් නම් බොහොමයක් ඇල වල් ඇහිරිලා. එත් ඇතැම් ඒවායේ තාමත් බෝට්ටු සේවාවන් යනවා. මාර්ග ඇතිවුනා, මිනිස්සු වැඩිවුනා, පාරවල් උදේට හවසට බ්ලොක් වුනා. ඒ නිසා මේ බැංකොක් වල ට්‍රැෆික් තියෙන වෙලාවක වුනත් ඉක්මනින් තැනකින් තැනකට යන්න මේ බෝට්ටු සේවාව ලොකු මෙහෙයක් කරනවා.

මේ බෝට්ටු සේවාව බැංකාපි සහ ඒ ආසන්න පලාත් වල ජනප්‍රියයි. ඔන්න බෝට්ටුවක් එනවා දඩ බඩ ගාල මිනිස්සු පනහක් සීයක් ඒකට ගොඩවෙනවා සහ බහිනවා. ඉන් පස්සෙ ආයේ ඒක ස්ටාට් කරගෙන රූම් පට පට ගගා යනවා. මම ඒ සීන් එක ටික වෙලාවක් බලන් ඉදලා බැංකාපි ආපු රීසන් එක පොඩ්ඩක් බලාකියාගන්න කැරකුනා. ගෝ පෝ ඇක්සසරිස් කඩේ. වටේ පැය බාගයක් විත ර එහෙ මෙහෙ කැරකුනා ම්ම්හු. ප්ලේස් එකක් නැහැ. ඔහොම කාලේ ගත වෙලා පොඩි කඩේකට ගිහින් කෝපි එකක් ඉල්ලුවා.
කෝපි කිව්වම මම බලාපොරොත්තු වුනේ උනුසුම් කෝපි කෝප්පයක්. ඒත් අයිස් දාලා දාල උස ප්ලාස්ටික් වීදුරුවක කෝපි එකක් ගෙනාල්ල දුන්නා. ඕක ටිකෙන් ටිකයි බොන්න ඕනි. ඒක පොඩි කඩයක්. එතන කෝටුවල ගහපු බාබකිව් මස් පෙති බත් එහෙමත් තිබුනා. බත් කටවල් පහ හයක් විතර පොඩි පාර්සල් වල දාලත් තියෙනවා. කෝම දන් නැහැ කියලාඒ සුටි බත් මුලකුයි කෝටු ගහපු මස් කෑලියි ගත්තා. ඒක රස කෑමක්. හොදි මක්කාවත් නැති වුනාට ලොකුවට අවුලක් නැහැ ගසල අරිතැකි.
ෆිල්ම් සන්නිය
ඊගාවට පාරෙන් එහා පැත්තේ තිබුනා තඩි සොපින් මෝල් එකක්.ඒකේ ඔන්න ෆිලුම් පෙන්නවා. මරු අත්දැකීමක් වෙන්න ඇති කියලා ගියා බලන්න. ඇත්තටම මට තායි ෆිල්ම් එකක් බලන්න තිබුනේ. ඒත් කොහෙද ඉතින් ඒ ගිහින් බැලුවෙත් ඉංගිරිස එකක් නේ. ඒක ජේම්ස් කැමරන්ද මන්දා අධ්‍යක්ශණය කරපු අර ගෑනියෙක් ඉන්න කතාව ඇක්සන් ගොඩයි. බොරු ගොඩයි, ළග පයිට් ගොඩයි. මට එච්චර ඇල්ලුවේ නැහැ. ෆිල්ම් හොල් එකේ ටිකැට් මැසිනුත් වෙන්ඩින් මැෂින්. මම කෝකටත් කියලා අතින්ම ටිකට් ගත්තා. බාත් එකසිය විස්සක් ටිකට් එකට. වැඩිකල්ල ගත්තම ලංකාවේ ගානම වගේ තමයි නේද?

ශෝට් සොපින් සන්නිය
ෂෝට් සොපින් කිව්වේ සෝට් එකක් ගන්න සොපින් කලා. සොපින් මෝල් එක ටිකක් වැඩිය හිට් නැති එකක්. ඒ ළගම බැංකාපි මෝ්ල එක තියේ. ඒක තමයි හිට්ම එක . මේක එච්චරම හිට් නැහැ. ඒ ෂොපින් මෝල් සිරාවටම ලොකුයි. කන්න බොන්න අදින්න පලදින්න හැම දෙයක්ම තියේ. ෆිල්ම් හෝලුත් තියේ. මම හිතන්නේ ෆුල් නාගරික ලයිෆ් එක්ක එන්ජෝයි කරන්න එහෙම ෂොපින් මෝලුත් ඕනි. එකපාර ගියා පාක් කලා ගාන්ට බඩුටික ගත්තා ආවා. අනික තායි රට හරිම ගිරිස්මයි. ලංකාව වගේම රස්නෙයි. සමහර වෙලාවට හියුමිඩිටිය අඩු නිසා රස්නෙ ටිකක් අවුල් වැඩිද මන්දා. මිනිස්සු නිතරම අයිස් කකා ඉන්නේ වතුර බොන්නෙත් අයිස් එක්ක. ඒ නිසා සොපින් මෝල් ඇතුලේ ඒ සී එකේ ගාන්ට කූල් එකේ සොපින් කරන්න මිනිස්සු ආසැති.
සල්ලි සල්ලි කියලා බලන් නැතුව මම බාත් 100කට ගත්තා ශෝටක්.ඇත්තටම ලොකු බැගේජ් දාගෙන රෙදි පෙරදි අරං එනවාට වඩා බැංකොක් වලින්ම ඒවා ගන්න එක ලාබද මන්දා. බැංකොක් වල බෑග් සහ සපත්තු නම් ලාබයි කෙලවෙන්නම.
නැවත හුවා ලම්පෝන් වෙත
බැංකාපි කියන්නේ බැංකොක් ඉන්ටනැෂනල් ගුවන්තොටුපල වෙන ස්වර්ණභූම් ගුවන්තොටුපලට කිට්ටු උපනගර පලාතක්. මේකත් අයිති බැංකොක් වලටම තමයි. ඒත් මොන ක්‍රෙම්ට ආවත් බැංකොක් සිටි සෙන්ටර් ඉදලා බැංකාපි එන්න යනවා පැයකට වඩා. ට්‍රැෆික් නිසා. මම බැංකාපි ගියේ ගෝ ප්‍රෝ ඇක්සසරිස් බලන්න උනත් ඒක ඕනි නැහැය කියලා හිතුනා. ඒ ගමන බැංකාපි පියර් එකට ඇවිත් ගොඩ වුනා බෝට්ටුවකට. ඒ බෝට්ටුව ඉස්ටේශමට යන්න තියෙන එකක්. මම දැන් දුම්රිය ටිකට් එකක් අරගෙන තියෙන්නේ ට්‍රාන්ග් වලට. ඒක පිටත්වෙන්නේ හවස. හවස කිව්වට හවස 5.30ට. ඉතින් දුම්රිය ස්ථානය වෙත යන්න ගූගල් මැප් කලාම ඇත්ත වසේන්ම මේ බෝට්ටු සේවිස් එකපෙන්වනවා හොරයි. ඒත් මම කලින් බලලා තිබුන නිසා බෝට්ටුවේම එන්න ඕනි කියලා හිතුනා.
බෝට්ටු සේවාව හොද වුනාට ඒ බැංකොක් ඇලවල වතුර නම් අජපල්. වතුර කලුපාටයි. බෝට්ටු දෙකක් එකිනෙක මාරුවෙද්දි රැලි ගහනවා සැරට. ඔන්න පැයක් විතර ගියාම මම ගිය බෝට්ටුව නැවැත්තුවා. ඒත් අදාල ගමනාන්තයට ඇවිල්ලා නැහැ ගූගල් මැප් අනුව. ඒ නිසා තව එහාට යන්න තව බෝට්ටුවකට නැග්ගා. හම්මේ ඒකේ හිටිය කොන්දොස්තර තැන නම් පට්ට කැබැල්ලක්. ලස්සන ගෑල්ලමෙක් බෝට්ටුවේ ඇන්දේ එල්ලිලා වටේ යමින් ටිකට් දෙනවා. ඒක බලාගෙන ටිකක් මම හීක් ගෑවිලා ඉදියා යාලුවෝ එක්ක පෝන් එකෙන් චැටකුත් දාගෙන. හුකා.. මට බහින තැන මිස් වෙලා. ඒ පාර ලැජ්ජාව පොඩ්ඩක් එහාට මෙහෙට කරගෙන ඊලග නැවතුමෙන් බැස්සා. එතන ඉදන් මේන් රේල් වේ ස්ටේශම මැප් කලාම ආයේ අලුත් පාරක් පෙන්වනවා. ඒ ගමන ඔන්න මේ පාර පයින්ම යනෝ කියලා පිටත් වුනා.

ආයේ නෑම
ඒ ඇලේ ඉදන් දුම්රිය පොලට පාර හරියට පෙටා වල පාරක් වගේ. තොග කඩ හැමතැනම. පාර අයිනේ කෑම කඩ ඕසෙට. හෙමෙන් හෙමෙන් ඉස්සරහට ආවා. ගූගල් මැප් තමයි ඉතින් අපිට මේ වගේ පාරවල් හොයාගන්න උපකාර වෙන්නේ. මේ වගේ පොඩි දුරකට උවමනා නම් මෝටර්සයිකල් ටැක්සියක් ගන්න ඉඩකඩ තියෙනවා. මෝටර්සයිකල් ටැක්සි කියල මිල ලොකු අඩුවක් නැහැ. අනික සමහර වෙලාවට උන් ගාන කපනවා. ඒත් ඉතින් ට්‍රැෆික් තිබුනද ඒවා කපාගෙන යනවා සං සං ගාලා. මට එද්දි පොඩි ටවල් එකක් ගන්න ඕනි වෙලා බැලුවා. කඩේකට ගොඩ වෙලා. ඒවා තොග කඩ. එකක් දෙන්න අදි මදි කරනවා. සහ මට ඕනි සයිසෙක තිබුනේ නැහැ.
එන ගමන මගදි ආයේම බැදලා කූරුවල ගහල තියෙන බාබකිවු මස් සහ බත් එකක් අරගෙන කෑවා. කාලා ආවා ස්ටේශමට. ඒ ඇවිල්ලා ස්ටේශමට ඇවිත් ආයේ ගියා උදේ ගිය නාන කාමරයට. බාත් 10ක් නේ. නාගෙන යන එක හොදයි නේ. බාත් 10ක් දිලා ආයෙත් නාගත්තා. ඒ නාන තැන සල්ලි ගන්න ඉන්නේ කෙල්ලෙක්. බාත්රුම් එක ඇතුලටම ගිහින් රෙදි ඉවර කරනවා මිස එලියේ ගලවලා දත් මදින්නවත් බැහැ අර වහේට පේනවා. කොහොම වුනත් ඒ නාගන්න තියෙන එක නම් බොහොම වටිනවා. මම හිතන්නේ මේ පහසුව ඒ රටේ සල්ලි නැති මිනිස්සුත් පාවිච්චි කරනවා ඇති.

එලියට ඇවිත් අයෙත් මොනාහරි දෙයක් කාලා ඔන්න ගියා කෝච්චිය ගාවට.
කෝච්චි ගමන
කෝච්චි ගමනට ලෑස්ති වෙලා ගියාට මම ගියා කලින් වැඩියි. පෙට්ටි සුද්ද කරනවා එවෙලේ. මේ තායි ලන්තේ රේල්ලු ටිකට් කලින් ගන්න පුලුවන්. උතුරින් චියන් මායි දක්වා, නැගෙනහිර දිහාවෙන් නොන්කායි දක්වා දකුණු දිගින් මැලේසියානු කෙළවර හට්යායි දක්වාත් දුම්රිය ගමන් කරනවා. ඒ ගමන් මගේ ට්‍රාන්ග් කියන්නේ දකුණුදිග වෙරළබඩ කෙළවරක්. මේ තායි දුම්රිය සේවාව අඩුමිලට සවාරි ගහන අය ට කියාපු එකක්. හැබැයි ඉතින් අඩුය කිව්වාට මේවෑ වායුසමන කරපු බර්ත් එකක් ගන්නෝට වඩා ලාබයි ෆ්ලයි කරන එක.

ගුවන් තොට විස්තර
මම ගොඩබැහැපු බැංකොක් දොන් මුවාන් වලින් තමයි තායිලන්තේ ගොඩක් රට ඇතුලේ ඉන්ටර්නල් ෆ්ලයිට් යන්නේ. සරලවම බැංකොක් ලාබ ඩොමෙස්ටික් අදින්නේ දොන් මුවන් වලින්. එයා ඒෂියා, තායි ලයන් එයා, නොක් එයා, වගේ ඒවා ටච් කරන්නේ දොන් මුවන් එයා පෝට් එක. ඉතින් ඕ ගොල්ලා ලංකාවෙන් තායි යන්නේ ලයන් එයා හෝ එයා ඒසියා නම් අනිවා ඩෙෆා සෙට් වෙන්නෙ මේ ඩොන්මුවන්  ගුවන්තොටුපල. යන්නේ ශ්‍රී ලංකන්, තායි එයාවේස්, බැංකොක් එයාවේස් වගේ එකක නම් සෙට් වෙන්නෙ මේන් එයාපෝට් එක. ඒ කිව්වේ ස්වර්ණභූමි එයාපෝට් එක.
ඉන්ටර්නල් ෆ්ලයිට් එකක් ගත්ත නම් මේ ට්‍රාන්ග් කියන බැංකොක් සිට කිලෝමීටර 837ක් දුර සිටි එකට යන්න ගත වෙන්නේ පැයකුත් විනාඩි 25ක් විතරයි.
මං කෝච්චියට ගොඩ වෙන්න හැදු වෙලේ හිටියා හාමුදුරු නමක්. හාමුදුරුවෝ මාත් එක්ක කයියට සෙට් වෙන්න ගියත් මට තායි බැරි නිසා වැඩේ දෙල් වුනා. කෝච්චිය ස්ටෑට් කරලා යන්නත් පටන් අරන් ටිකකින් ඕන්න කෝචිචයේ මම හිටපු පෙට්ටියේ සීට් පිරුනා. මගින් සෙනග නැග්ගා. පිරුනා කිව්වට ලංකාවේ වගේ ඇගිල්ල ගහන්න බැරිවෙන්න නම් කිසිම වෙලාවක පොදු ප්‍රවාහනේ මිනිස්සු පිරුන් නැහැ. මම වෙන් කරන් ගියේ වෙන් කල ආසන සීන් එකක් නිසා සෙනග වැඩි වුනත් මේවාට නම් කට්ටිය එන එකක් නැහැ. ආවෙත් නැහැ.
බල්ලා සහ කොල්ලා

ස්ටේශන් 4-5ක් ගියායින් පස්සේ නැග්ගා බල්ලෙක් එක්ක කොල්ලෙක්. ඒ බල්ලා කැටුය ගිය කොල්ලා බොහොම දුර ගියා. බල්ලටත් එක්කම ටිකට් වෙන් කරගෙන තිබුනේ. ඌට කන්න බොන්න වගේම ඌට නිදාගන්න පහසුකම් ඕකකෝම ලැස්ති කරන් ඇවිල්ල තිබුනා. කෝච්චිය සිග්නල් නැතුව හරි ස්ටේශමක හරි නැවැත්තුවාම කොල්ලා බල්ල එක්ක යනවා පාරට. මම හිතන්නේ බල්ලට චූ කරන්න ආදී වැඩකටයුතු වලට වෙන්න ඕනි. බල්ලා එක්ක ගියා කියලා කොල්ලට වැඩිපුර ගානක් ගෙවන්න වුනාද කියලා හරියටම දන් නැහැ. කොහොම වුනත් පෙට්ටියේ ගිය අනික් අය බල්ලා එක්ක ගිය මෙයාට ලොකු අවුලක් දැක්වුයේ නැහැ. පෙලක් අය එතැනින් යද්දි බල්ලාව සුරතල් කරලා හෙම යනවා.
ඔන්න විඩක් බල්ලයි කොල්ලයි දෙන්නම නිදි. කොල්ලා කෑම එක අරිද්දි බල්ලා පනිනවා ඒකත් කන්න. බල්ලා වෙලාවක ටිකක් සැරට බිරුවත් එක්ක. දුම්රිය කාර්ය මණ්ඩල කට්ටියත් බල්ලාව ටිකක් සුරතල් කරලා හෙම යනවා.

සංඤචාරක වෙලෙන්දෝ
ලංකාවේ වගේම තමයි කෝච්චියේ සංචාරක වෙලෙන්දෝ එනවා. තේ වතුර, කෝපි පලතුරු, සෝටීස්, කෑම විකුනනවා. ඒ අය යන එක වාසියි. හැමතිස්සේම කරදරයක් වගේ යන්නෙත් නැහැ. ඔන්න පැයකට තුන හතර වතාවක් යනවා. සමහර ජාම වලට යන්නේම නැහැ. කෝච්චියේ මගේ මුලු ගමන කිලෝමීටර අටසීයකට වැඩියි. සම්පූර්ණ රැයක් කෝච්චියේ. එතකාට රෑ මිනිස්සු හොදට සැපට නිදාගන්න ජාමේට කෝච්චි පෙට්ටියෙ දොරවල් වැහුවා ගාඩ් තුමා ඇවිත්. ඒ ජාමෙට සංචාරක වෙලෙන්දොත් නැහැ.
ස්ටෝබෙරි වෙලෙන්දා
මේ සීසන් එකේ ස්ට්‍රෝෙබරි ලාබයිද කොහෙද. ස්ටෝබෙරි ගෙඩි 20ක් විතර බාත් 30කට තිබුනා. ස්ටෝබෙරි ගත්තා.ලොකු ඇපල් කෑලි වගේ රතුපාටට තියෙන සින් එකක් තිබුනා. ඒකත් අරන් කෑවා. බැලින්නම් ඒ ඇපල් නෙවෙ ජම්බු. ජම්බු විසාල කෑලි කපලා පාර්සල් කරලා අරන් යනවා. ඒවා කන්න ලුනු මිරිස් සහ වෙන මොනාද මික්ස් එකකුත් දෙනවා. ජම්බු එකත් එල  කෑම. ඊට අමතරව කෑම වේල් අරන් යනවා. හැමතැනම වගේ නැවැත්තුවම බාබකිව් මස් කූරු සහ බත් එහෙමත් සෙට් වෙනවා. ගමන මැද සාගින්දරේ මැරෙයි කියල නම් කිසිම වෙලාවක බයවෙන්නට දෙයක් නැහැ.

ඉතින් එදා දවස ඉවරයි කෝච්චියටම.
එයා ටිකැට් වෙන් කරගත් හැටි
තායිලන්තයට ලංකාවෙන් අලුත් ප්ලයිට් දෙකක් දැම්මා මේ අවුරුද්ද මුල. එකක් එයා ඒසියා අනික තායි ලයන් එයා. එ දෙකෙන් තායි එයා ඒසියා සිරාවටම ගාස්තුව අඩුයි. ඉතින් තායි එයා ඒසියා රුපියල් තිස්දාහකට යන්න එන්න ටිකට් තියෙන කාලේ තමයි මම ටිකට් වෙන් කරගත්තේ. ගුවන් ගමන් වෙන්කරගනිද්දි තායිලන්තය වගෙ ලොකු රටකදි අපිට යන්න තියෙන අවසාන ලොකේසන් එකටම ඩොමෙස්ටික් එකකුත් දාගන්න පුලුවන් න්ම හොදයි. මොකද බැංකොක් වලින් චුත වෙලා ආයේ බස් කෝච්චි වල යනවාට වඩා ප්ලේන් එකේම යන එක  ලේසියි. දකුණු පලාතේ නම් ක්‍රාබි, හට්යායි, පුකට්, ට්‍රාන්ග්, සුරත් තානි වගේ එයා පෝට් වලට බැංකොක් ඉදන් ගුවන් යානා තියෙනවා. ඊස්ටර්න් සයිඩ් එකේ උදොන් තානි, උබොන් රත්නචානි, කොන් කේන් වගේ මේන් සිටි වලට ගුවන් ගමන් තියෙනවා බැංකොක් ඉදලා. උඩහ පලාතේ නම් චියං මායි, චියන් රායි, පිට්සනෝලුක් වගේ තැන්වලටත් කෙලින්ම ගුවන් ගමන් යෙදෙනවා බොහොම සාධාරන මිල ගනන් වලට. ගුවන් ගමන් කලින් වෙන්කරගත්තොත් කාලේ ඉතුරු වෙනවා. ඒ වගේම බජට් එකටත් ලේසියි.

ඕව නයිට් යන එකෙත් හොදක් තියෙනවා. ඕවනයිට් ටේන් හෝ බස් එකක යනවා කියන්නේ බැංකොක් වලින් නැග්ගාම හැන්දෑවේ ඊලග දවසේ පාන්දර හෝ උදේ අපි ඒ ඩෙස්ටිනේශන් එකට යන්න පුලුවන් කම තියෙනවා. එතකොට සිංගල් නයිට් එකක් හෝටල් වල නවතින්න අපිට වියදම් වෙන ගාන අඩු වෙනවා. ඒත් ඒක වෙහෙසකර අත්දැකීම්ක තමයි ඉතින්.

මේ මම යන්නේ ට්‍රාන්ග් පලාත. ට්‍රාන්ග් වල විස්තරය අපි ඊලග කොටසින් ම බලමු. පහල වීඩියෝවේ තියේ මගේ බැංකොක් බෝට්ටු සහ දුම්රිය ගමන් වල වීඩියෝ කෑල්ලක්.

Thursday, March 7, 2019

බැංකොක් බලා

ගුවන් ගත වූ හැටි
එදා වැහිබර දවසක්. ගුවන් යානය කටුනායකින් තායි බලා පිටත්වෙන්න තියුනේ රෑ 10ට විතර. මං ස්ටේශමට ඇවිත් කෝච්චියට නැග්ගා. නැගලා කටුණායක දකුණ ස්ටේශමෙන් බැස්සා. බහිද්දි රෑ වෙලා. පොඩි පොදකුත් තිබුනා. පොදේම දුවල ගිහින් කටුනායක ස්ටෑන්ඩ් එකට යන බස් එකකට ගොඩ වුනා. එතනට ගියාම වැස්ස පෑව්වේ නැහැ. අමාරුවෙන් කඩේකට ගිහින් රයිස් එකක් ඕඩර් කලා. රයිස් එක ගැම්මට තිබුනා. ප්ලේන් එකට නගින්න කලින් කාල බීල යන එක හොදයි. මොකද මම කෑම බුක් කලේ නැහැ. ඒකත් එක්තරා ගොංකමක් වෙලාවකට. බජට් උනත් කෑම ටිකක් ඇනවුම් කරන්න පුලුවන් නම් හොදයි.

කාල ඉවරවෙලා කඩෙන් එලියට එද්දිත් හිරිකඩ. ඔය එක්ක ගියොත් එයාපොට් එකට යද්දි ලෙසටම තෙමෙනෙවා. ටිකක් එලියට බැහැල වටපිට බලද්දි නිකමට ඌබර් චෙක් කලා. ඉතින් බැලින්නම් බර ගානක් වෙනවා එයාපොට් ඩ්‍රොප් කරන්න. සමහර විට අමතර ටැක්ස් චාජ් එයාපෝට එකට වදිනවාද දන් නැහැ. ඉතින් ඒ ගමන ටිකක් කැරකි කැරකි ඉද්දි ඩීසල් ත්‍රිවිලර් එකක් ආවා. හරි මල්ලි මගට වත් දාන්නම් කියලා පොර කිව්වා. ඉතින් මගට මොකෑ මිනිහ මාව කෙලින්ම ඇතුලටම දැම්මා. ත්‍රිවිලර් එක නිසා පොඩ්ඩක් විතර සයිඩ් එකෙන් සෙට් කරලා මාව ඇතුලට ඩ්‍රොප් කලා. මිනිහට මම සීයක්ම දුන්නා හොද මිනිහා නෙව. වෙන එකෙක් න්ම දුර ටික වුනාට අදිනවා සැර ගානක් වැස්සත් නිසා සහ රෑ නිසා සහ ගුවන් තොටුපල නිසා.  එයාපෝට් එකේ ඉස්සරහ එරයිවල් ඩිපාචර් සෙට්ටර් එකට ත්‍රිවිලර් බැහැ. ඒත් පොර දක්සයා කොහොම හරි මාව ඇරලුවා.

එයාපෝට් නාට්ටි
එයාපොට් කියන්නේ ම එක්තරා ඩ්‍රාමා එකක්. ටිකක් වෙලා ඉන්න උනා. එයාඒෂියා උනගේ හැටියක්මද මන්දා එකම ටයිම් වලට තමයි උන් ෆ්ලයිට් දාගන්නේ. ලංකාවෙන් මැලේසියා යන්නෙත්, බැංකොක් යන්නෙත් එයා ඒෂියා ෆ්ලයිට් දෙකම එක ලග වැටෙනවා. ඉතින් පොලවේ ඉන්නේ එකම ස්ටාෆ් එක. එකේ වාසියක් තියේද දන් නෑ. මේ වැඩේම එද්දිත් වුනා . දොන් මුවන් එයා පෝට් එකේ එයා ඒෂියා ඉන්ටනැෂනල් ඩිපාචර තුනක් රෑ 8.30ට විතර තියෙනවා. එතකොට එලියේ මගීන් පොදි පොදි ඉන්නවා චෙකින් වෙන්න.
ඒ ඉන්න අතරේ දැක්කා ලංකාවේ එයාපෝට් එකේ බුවෙක් සුද්දෙක් ගෙන් බැනුම් අහනව ලැල්ල පතුරු යන්න. සුද්දා යං ශ්‍රී ලංකන් ලෙඩ් කෙනෙක් එක්කයි උන්නේ. මොකක්දෝ ෆ්ලයිට් වැරදිමක්ද මන්දා කේස් එකකදි අපේ එයාපෝට් ස්ටාෆ් බුවෙක් අර පොරට හිනා වෙලා. ඒකට සුද්දට මල පැනලා. කවුරු හරිද වැරදිද දන් නැහැ. ඒත් අපේ එයාපොට් එක පරණයි. තාම අලුත් වලා නැහැ.
ඉන්න මිනිස්සු, ඉන්න අයගේ ආකල්ප විතරක් නෙමෙයි සමහර එයාපොට් ඉන්න අයගේ යුනිෆෝම් පවා පරණ වෙලා. ඒවෑ කිසිම ලල් එකක් නැහැ. සාපේක්ශව තායිලන්ත දෙවනි එයාපොට් එක වුනු දොන් මුවාන් එක එක්ක බලද්දිත් අපේ එක ටිකක් ෆේල් ගතියක් තිබුනා.

පණ්ඩිත කෙල්ල
දැන් කාලේ වෙබ් චෙකින් නේ තියෙන්නේ. ඉතින් වෙබ් චෙකින් වලදි එයා ඒසියා වල අර බෝඩින් පාස් එක ගන්න වෙන්නේ දවස් 7කට කලින්. ඒ නිසා මට තිබුනේ යන බොඩ්න් පාස් එක විතරයි. මොකද මම තායි වල දවස් 10ක් ඉන්නවා. ඉතින් මේ කතාව අපේ ලංකාවේ ග්‍රවුනඩ් ස්ටා්ෆ් කෙල්ලෙක් විස්වාස කලේ නැහැ. ඒ ගමන මගේ පරණ බුක් කරපු මේල් එක පෙන්වල තමයි යාන්තන් ඇතුලට ගියේ. කිලෝ හත හරියටම තියුනා. නිකං බෑක් එක හරියටම කිරලා ගත්තා වගේ. මම හිතනනේ දැන් න්ම හෑන් ලැගේජ් වල ඊට වඩා බර ගෙනියනවා. සමහර මහ පෙට්ටි ලොවෙත් හෑන් ලැගේජ් බරට වඩා වැඩියිකියලා තමයි පේන්නේ.

ගුවං යානාව
ගුවන් යානාවේ ලංකාවේ ඉදන් තායි යන පිරිසකුත් උන්නා. ඒ වගේම ලංකාව බලලා ඉවර වෙලා තායි රටත් බලන්න යන යුරෝප් පෙනුමැති සංචාරකයොත් උන්නා. එක කෙල්ලෙක් ලංකාවේ මාසයක් විතර ඇවිදලා තිබුනා. ඒ සුදු කෙල්ල ලංකාවේ මිනිස්සුන් ගැන හොද කිව්වා. ලංකාවේ ආගන්තුක සත්කාර සංචාරයට පහසුව ගැන වර්ණනා කලා. අනික් ලග හිටි කෙල්ලත් ඒකට පෝර දැම්මා. සුද්දෝ වුනත් කතා කරද්දි මහ කඨෝර සද්දේ. ඒ නිසා හරියට නින්ද ගියෙත් නැහැ ඒ සුදු ඒසියො දෙන්නගේ සද්දේ නිසා.
පංන්දර දොන් මුවන්
ප්ලේන් එක බාද්දි පාන්දර තුන හමාරයි. සිං සිං ගාල එයාපෝට් එකෙන් එලියට එන්න ලැබුනා වැඩිය කට්ටිය උන්නේ නැහැ. ඒ වෙලාව ටිකක් පාලුයි වගේ.

සිම් ගන්න ගෑනි
මම සිම් එකක් ගත්තා. තායි සිම් එකක්. තායි ටෘ මොබයිල් තමයි මම ගත් සිම් එක. මම දකුනු ට්‍රෑන් කෙළවර සිට බටහිර ලාඔස් මායිමේ නොන්කායි දක්වා ගියා. ඒ කාලේ තුල මට සිම් එක මාර පොරෝජන් වුනා. අපරාදේ පස්සේ නේ දැක්කේ. තායි එයා ඒසියා ෆ්ලයිට් එකේ කාඩ් එකක් තිබිලා ගිගා පහක් එක්ක සිම් එක බාත් සියට ගන්න හැකිය කියලා.එ ්ක එනකොට දැක්කේ. මගෙන් අර ටෘෘ මොබයිල් එකේ එයාපෝට් හිටි කෙල්ල දවස් කීයද ඇහුවා. දවස් කීයද ඇහුවා ඉංගිරිසියෙන් මම ටෙන් ඩේස් ය කිව්වා. ඒ ගමන මෙන්න ඒකි මට එක සිම් එකක් පෙන්වලා ඒක බාත් 350ක්ය ගිගා බයිට් 15ක් තියනවාය කිව්වා. ගෑනුනේ ඉතින් අපි හොයන් බලන් නැතුව ඇලෙනවා නේ. මම අහුවුනා. ඇත්තටම ගිගා 5ක් වත් යූස් වුන් නැහැ යූ ටියුබ් ඔක්කොම බලලත්.
ගත්ත සිම් එක
එයාපෝට් එකේ තව සිම් විකුනන තැන් තිබුනා. ටිකක් කැරකිල බැලුවනම් බාත් 100කට ගිගා 5-6ක පැක් එකක් අරන් සේප් වෙන්න තිබුනා. ඒ නැතත් බැංකොක් වල ලොකු මෝල් වල තියෙන ෂොප්ස් වලිනුත් මේ සිම් එක ගත හැකි.
තායි බාත් කොහෙන්ද මට?
මුලින්ම සිම් එකක් ගත්ත නම් කොහෙන්ද මට සල්ලි කියලා කෙනෙක්ට හිතන්න පුලුවන්. මම තායි බාත් කොටුවෙන් අරන් ගියා. මට මතක විදියට රුපියල් 5.75කට තායි බාත් එකක් ගන්න මට පුලුවන් වුනා. ලොකු අලාබයක් නැහැ. ඒ නැතත් ගිය තැනම වගේ ඒ ටී එම් මැෂින් සෙට් එකක්ම තියෙනවා. සල්ලි මාරුකරගන්න ඕනි නැහැ. ඕනි ගාන ගහලා ඒ ටී එම් එකෙන් ඇදගන්න පුලුවන්. මතක ඇතුව ලංකාවෙන් යද්දි ඒ ඒ ලංකාවේ බැංකු දැනුව්ත් කරලා යන්න රට යනවාය කියලා. සමහර බැංකු වලින් රටදි සල්ලි අදින්න බැහැ දැනුම් දීලා නැත්නම්. මම හිතන්නේ ලේසිම පාසුම වැඩේ තමයි එහෙම ඒ ටී එම් වලින් අදින එක. නීතිමය විදියට නම් තාය ිබාත් ගෙනියන් බැහැ. අපි ඇමරිකන් ඩොලර ගෙනියලා පස්සේ බාත් වලට මාරු කරගන්න ඕනි. ඒක වාසිලු. ඒත් වාසියි කියලා අපි බාත් ලක්ස ගනන් ගෙනියන් නැහැ නේ. පොඩි ගානක් ඒ කිව්වේ බාත් විසිදාහට අඩු නම් මෙහෙන් මාරුකරන් හෝ එහෙ ඒ ටී එම් වලින් අදින එක වාසියි.
ඒ ටී එම් වල දි එක ට්‍රාන්සැක්සන් එකකට බාත් 240ක් කැපෙනවා. ඒ වගේම සමහර ඒ ටී එම් වලින් බාත් 3000කට වඩා අදින්න ඉඩ දෙන්නෙත් නැහැ. ඒවා කල්පනා කරලා බලලා අපි වියදම් කරන්න ඉන්න ගානට සරිලන්න ගානක් අදින එක වටිනවා. බජට් එක හදාගනිද්දි අපි බලන්න කරන්න යන්න ඉන්න දේවල් ගැන සලකා බලලා දවසට මේ වගේ ගානක් ඇතිය කියලා දවස් ගාන අනුව බලලා ටිකක් ඒ ආසන්න ගානක් ගත්ත නම් හරි කියලයි මට හිතෙන්නේ.

කෝචචිය 1
දොන් මුවන් එයාපෝට එක ගැන මම කලින් කියවලා ගියේ. මම ඒත් හිතන් හිටියේ එලියට බැස්ස ගමන්ම බස් තියේය කියලා. පාන්දර නේ බස් නැහැ. මට මතක විදියට බස් පටන් ගන්නේ උදේ 5 පහුවෙලා .ඉතින් පෑ දෙකක් විතර තියේ එලි වෙන්න. ඒ ගමන හෙමීට මම දොන් මුවන් දුම්රිය පොල හොයන්න ගත්තා. පොතේ හැටියට දොන් මුවන් දුම්රිය පොල අහල පහලමයි තියෙන්නේ. අහ් ඈතින් පේනවා දුම්රිය පොල. ඒත් යන්න විදියක් නැහැ. වංකගිරියක වගේ හයිවේ සහ පාරවල්. නිදිකිරාවැටෙන සික්කා අංකලෙක් දෙයියෙක් වගේ උන්නා. පොරෙගෙන් ඇහුවා. අහලා ගියා උඩ තට්ටුවට. හද් දෙයියනේ ඒත් නැහැ නේ යන්න තැනක්. අවසානේ උඩ තට්ටුවේ ඉදි අක්ක කෙනෙක්ගෙනුත් අහලා කෝචචි ස්ටේෂමට කෙලින්ම සෙට් වෙන මගී ගුවන් පාලම සොයාගත්තා. සොයාගෙන දුම්රියපොලට ගියා.
මම මුලින්ම යන්න අදහස් කරගත්තේ බැංකොක් සිට ට්‍රාන්ග් වලට. ඇත්තටම මේ කෝච්චි ස්ටේශමෙන් කෙලින්ම ට්‍රාන්ග් වලට ටිකැට් එකක් ගන්න පුලුවන් නම් ආයේ බැංකොක් මේන් ස්ටේශන් එකේ වාත වෙන්න දෙයක් නැහැ මට බැංකොක් යන්න ඕනිත් නැහැ. ඒත් ඒ ස්ටේශමේ හිටි බුවාට හරියට මම කියපු දේ තේරුන් නැතුවද මන්දා මට බැංකොක් වලට ටිකට් එකක් දික් කලා. තාම පාන්දර මොකුත් අවුලක් නැති නිසා මම දොන් මුවන් ස්ටේශමේ ඉදලා බැංකොක් වලට ටිකැට් එක ගත්තා බාත් 10යි.
ඒ කෝචචිය ඇවිල්ලා චියං මායි ඉදලා එන කෝච්චියක්. නෝත් විතරක් නෙමෙයි නෝත් ඊස්ට් පලාතට යන කෝච්චියත් දොන් මුවන් හරහා යනවා. කෝචචිය කියන්නේ දොන් මුවන් ගුවන් තොට ඉදලා ටවුමට එන්න තියෙන ලාබම විදියක්. බාත් 10යි. අනික පැයක් යද්දි හරියටම ටවුමේ. ඊලගට ලාබම බස් එක. ඊටත් පසසේ චටුචක් වීකෙන්ඩ් මාකට් හෝ මෝචිට් බස් ස්ටේශන් කියන දොන් මුවන් ගුවන් තොටට ආසන්නතම තැන් දෙකට ටැක්සියක එනෝ නම් බාත් 200ක් විතර. ටැක්සියක දොන් මුවන් යනෝ නම් හෝ එනවා නම් අනිවා ඩෙෆා හයිවේ එක පාවිච්චි කරන්න. එයාපෝට් හයිවේ එක නිසා කාලේ ඉතුරු වෙනවා ගොඩක්.
ස්ටේශම
බැංකොක් කියන්නේ ලොකු නගරයක්. ඒකේ තියෙන මූලිකම දුම්රිය ස්ථානය තමයි හුවා ලම්පෝන්. මේක කියවන විදිය නම් සුවර් නැහැ. මම ඒකට එද්දි යාන්තම් එලිය වැටෙනවා. හුජ්ජ බර රිලිස් කරගන්න වැසිකිලිය ගාවට ගියාම එතන ටිකට් කඩන්නේ අක්ක කෙනෙක්.
කරුණාවන්ත ටිකැට් අක්කා
අහ් තවපොඩ්ඩෙන් කියන්න මතක නැතිවෙනවා. මම වැසිකිලි දිහාට යන්න කලින් මම යන දකුණු දිග නගරය වන ට්‍රාන්ග් වලට ටිකට් ගන්න ඕනි වුනා. මම යන්නේ ට්‍රාන්ග් පලාතට ට්‍රාන්ග් දකුණු තායි වල තියෙන පොඩි සිටි එකක්. ඒකට කෝචචි දෙකක් යනවා. එයින් එකක් තමයි මම බුක් කරන්නේ. ඒ කෝච්චි ටිකට් එකක් බුක් කරගත්තාට කෝච්චි දෙක යන්නේ හවස් වෙලා. මුළු රැයක් පුරා කිලෝමීටර 800ක් ගෙවලා තමයි ට්‍රාන්ග් වලින් දුම්රිය මතු වෙන්නේ. මේ තායිලන්තයේ රේල් ටිකට් කලින්ම ඔන්ලයින් බුක් කරගත හැකි.එ ්ත්මොකද්ද කරුමෙකට මම මේකට කැමති වුනේ නැහැ. නැත්තං දෙයියනේ කියලා නිකං සීට් උඩ නිදිකිරන්නේ නැතුව බර්ත් එක්ක බුක් කරගත්ත නම් හොදට නින්දක් දාගෙන ඇලවෙලා හීනයක් බල බලා යන එක නේ.
තායි ප්‍රධාන දුම්රිය නැවතුම ඇතුලත
ටිකට් ගන්න ගියාම බර්ත් ඉවරයි. සිට් තියෙනවා ඕකේද කියලා මගෙන් දෙපාරක් ඇහුවා. ඒ කියන්නේ නයිට් ට්‍රේන් එක්ක සීට් කියන්නේ කට්ටක් නිසා කවුන්ටෙරෙන් දෙපාරක්ම ඇහුවා. මම ඔලුව වැනුවා හා යන අදහසින්. හරිනම් මෙතන ඊලගට වෙන්නේ පාස්පොට් එක ඉල්ලන එක. ඒත් ඒ කරුණාවන්ත කවුන්ටර අක්කි බබා මට එයා ටයිප් කරන යතුරු පුවරුව දුන්නා. මම මගේ නම ටයිප් කලා. බාත් දාහේ පටියක් දික් කරලා බාත් 461ක් ගෙවලා දැම්මා.
සල්ලි මාරු කරගැනීම
අහ් මට කොයින්ද තායි බාත්. තායි බාත් ක්‍රම තුනකට ගන්න පුලුවන් එකක් ලංකාවෙන් ඒජන්තයෙක් මාර්ගෙන් ඩොලර් අරගෙන ඩොලර් වලින් පස්සේ බාත් වලට මාරරුකරගන්නවා. මේක අනුමත ක්‍රමය. ඒත් මෙතනදි ලංකාවේ බැංකුවෙලින් සල්ලි මාරු කලත් තායි බැංකුවලින් විදෙස් මුදල් මාරුකලත් ටික්ක අලාබයි. මාකට් එකේ ලංකාවේ කොටුවේ වගේ බැංකොක් සුපර්රිච් කියන නෙට්වර්ක් එක ඇතුලු තැන්වල සල්ලි මාරු කරනවා. ඒත් එකම අවුල ඔය තැන් වලට යන්න එපැයි සල්ලි මාරුකරගන්න. මගේ නම් අදහස ලේසීම වැඩේ මෙහෙ බැංකුවට දන්වලා ගිහින් කාඩ් එකෙන් සල්ලි අදින එක. මෙතනදි අමතර ක්‍රෙඩිට් කාඩ් එකක් එහෙම තියේ නම් ඒකත් අරන් යන එක වටිනවා. මොකද එක කාඩ් එකක් වැඩ නොකලොත් කේස් නේ. ලංකාවෙන් බැංකුවට දන්වලා ගියාම වරක් සල්ලි ගනිද්දි තායි බාත් 240ක් අපෙන් කපා ගන්නවා. ඒත් තායි බාත් 10,000ක් වගේ මාරු කරගනිද්දි වැඩේ ලොකු කේස් එකක් නැහැ. පොඩි ගානය් චාජ් වෙන්නේ.
බර නිදහස් කරන තැන අක්කා
තායි වලදි හුවා ලම්පෝන් දුම්රිය නැවතුමේ පිරිමි ටොයිලට් එකේ හිටියෙත් අක්කා කෙනෙක්. ගෑනුන්ට ලංකාවට වඩා තැනක් තායි වල තියෙනවා. ඒ කියන්නේ ගෑනු නොකරන තොවියලයක් නැහැ. හැම තැනම ගෑනු පිරිමි බේදයක් නැතුව වැඩ. මේ වැසිකිලියට ගිහිල්ලා දෙපාරක් හොල්ලලා එලියට එද්දි මෙන්න දකිනවා බාත්රූම් වගයක්. මිනිස්සු නානවා එහෙම. ඒ ගමන මම හිමීට ලයින් කලා ඒ පැත්තට. ආයේ ටොයිලට් මුර අක්කි ගාවට ගිහින් බාත් දහයක් දීලා නාන්න වරම් ගත්තා. වරම් ගත්තට සබන් තියේයැ, ටූත්පේස් තියේයැ, ටූත්බස් වත් තියේයැ. මගේ පැකින් වල තියෙන සුපිරි කම නිසා ඒ තුනම මම අක්කිගෙන් සල්ලි දීලා ගත්තා. බාත් විස්සක් තිහක් යන්න ඇති. ඒත් රට වටේ ගිහින් ඕවා හොයනවාට වඩා ඒ ටොයිලට් සල්ලි ගන්න අක්කි ගාවම එවා තිබුන එක නම් මාර චාන්ස් එකක්.
බාත්රූම් හොදට සොලිඩ්වට පිරිසිදුවට තිබුනා. මම ගිහින් බෑග් එක කොක්කක එල්ලුවා එල්ලලා හොදට නාලා කියලා ඇගත් පිහිදාගෙන ආවා. සාමාන්‍යෙයන් මම සිරිතක් විදියට උදේට නානවා. ඒ නිසා නාන්න තිබ්බ එක හොදට ගියා.
තූ නොදකින් කැන්ටින් කෑම
හුවා ලම්පොන් ස්ටේෂම එලියේ මැද කොටසක් තියේ. ඒකේ පුටු ගොඩක් දාල තියේ කොන්සට් එකක් බලන සෙට් එකක් වගේ මිනිස්සුත් වාඩිවෙලා ඉන්නවා. මෙතන මාත් ගිහින් වාඩිවෙලා නාල ටිකක් උන්නා විවේක සුවයෙන් ඔන්න ඊට පස්සේ ටිකක් එහ පැත්තේ කැන්ටිමක්පෙන්නුම ්කරනවා. කැන්ටිම මරු. මුලින්ම කූපොන් ගන්න ඕනි. කූපොන් ගත්තාම කූපොන් ටික දිල තමයි කෑම ගන්න ඕනි. මම ඉතින උදේට බත් මාලුපිනි ගන ඩෑලෙක නෙව. ඒ නිසා ගත්තා බත් එකක්. සහ වතුර. අම්මොහ්. කටේ තියන්න බැහැ මොකද්ද අපුල රහක් එනවා. කෑම නරක් වෙලා නැහැ ඒත් රහ නැහැ. මුලු තායි ගමනේ කාපු සවුත්තුම අජූතම රස නැතිම කෑම කෑම වේල ඒක. වැඩේ කියන්නේ ඒක .තමා මුල්ම කෑම වේල. දැන් ඉතින් ටිකටුත් හරි උදේ කෑමත් හරි ඊලගට මොකැ.
මෙට්‍රො එක
දවසක්ම තියෙනවා. මේ දවස තුල තායිලන්තයේ තියෙන මිනිස්සු දහස් ගානක් වදින පුදන වෙහෙර විහාරස්ථාන බලන්නට තිබුනා. කෝ ඉතින් බැලුවයැ, නැහැ නෙ. මට ඒවා බලන්න කිසි ලල් එකක් ආවේ නැහැ. ඒ පාර ගූගලාගෙන් බැලුවා බැංකාපි තියෙන හරිය. බැංකාපි බැලුවේ මගේ ගෝ ප්‍රෝ එකට ඇක්සසරිස් ටිකක් ගන්න. බැංකාපි වල තමයි සිරාම ගෝ ප්‍රෝ ඇක්සසරිස් තියනවා කියලා දැක්කේ. ඒත් පස්සේ දැක්කා බැංකාපි වල මිල අඩුයි ගොඩක් දේවල්. මසා පවා. ඒ නිසා බැංකාපි අදින්න හිතුවා.
බැංකාපි ගමන
තායි බැංකොක් වල නිල්පාට අන්ඩග්‍රවුන්ඩ් මෙට්‍රො එකක් තමයි හුවා ලම්පොන් රේල්වේ ස්ටේශන් එකට කනෙක්ට් වෙන්නේ. ඒක පොලව යටින් යන නිසා මෙලෝ ලබ්බක දෙයක් යද්දි අවට පේන් නැහැ. මම ගිහින් සුටිසාන් කියන ස්ටේශමෙන් බැස්සා. බැහැල ටිකක් වටේ කැරකිලා බැලුවා. ගූගල මැප් එක අනුව යන්න ඕනි පාරෙන් එහා පැත්තට. හම්බෝ පාරවල් අපේ හයිවේ වගේ ලේන් තුනේ පාරවල්. දිල්ලියේදි දැක්කට පස්සේ ඔහොම පාරවල් දැක්කම ද මන්දා. පාර මාරුවෙන්න කලින් කෑම කඩ වගයක් තිබුනා. ස්ට්‍රිට් ෆුඩ් හැබැයි පිරිසිදුවට තියෙනවා කියල පෙනුනේ. මේවා ගැන අදහසත් නැතිවුනා පාන්දර කාපු සාටර කෑම එක නිසා. පලතුරු අනන් මනන් දිහා ටිකක් බලාගෙන පාර පැන්නා.
පාර පැන්න කිව්ටව ඉතින් අර උඩ පාලමෙන් මාරු වුනා.මෙන්න මාරුවුනා විතරයි එතන ත් වෙලෙන්දෙක් බුවා ගාව තිබුනා කජු. රටකජු. රටකජු අපි කන ඒවාට වඩා ලොකුයි. කජු එකක් ගත්තා බාත් 17යි. මම හිමීට දැන් ලග තිබුන බස් හෝල්ට් එකට ගියා. බැංකාපි යන බස් එකේ නො එක ගූගල් මැප් පෙන්නනවා. ඒක කන්ෆර්ම් කරගන්න මම ආයේ ගිහින් ටොක් කලා කජු වෙලෙන්දාව. අනේ බුවා පට්ට කරුනාවන්ත මනුස්සයෙක් නෙව. මිනිහා මට කෑම හදන්න ගන්න ලීක්ස් කොලේක බස් තුනේ නොම්මර ලියා දුන්නා.

මම ඒක බලාගෙන ආයේ වාඩිවෙලා කජු කන්න ගත්තා. දැන් එලිවෙල රස්නේ ගලන වෙලාව. ඒ පාර ඒක කාල ඉවරවෙල බස් එකට නැග්ගා
මුල්ම බස් ගමන

ඒ උදේ පාන්දර ලංකාවේ වගේම ට්‍රැෆික් පටන් ගන්න ජාමේ හතයි ගාන්ට වගේ. ඒ වුනාට බස් එකේ කලබල නැහැ. බස් එක ඇතුලේ ඉදියේ කොන්දොස්තර අම්මා කෙනෙක්. අම්මා බොහොම කරුණාවන්ත කෙනෙක්. මට ටිකට් එකක් දීලා වාඩිවෙන්න කිව්වා. එයා බහින තැන කියන්නම් කියලාත් කිව්වා. ඔන්න බස් එකෙන් බහින්න ඉන්නවා පොඩි ළමෙයෙක් සහ අම්මා කෙනෙක්. දැන් අර ගමන් මලු ටික් අරන් අම්මා බහිනවා සිගිති දියණිය අතින් අල්ලන් බස්සවන්නේ කොන්දොස්තර අම්මා විසින්. දරුවාත් අම්මා ලග ඉන්නවා වගේම කලබලයක් නැතුව බැහැලාබස් හෝල්ට් එකට වුනා. ඉන් පස්සෙයි බස් එක යන්න පටන් ගත්තේ. බැංකොක් ගමන පුරාවට මම දැක්ක දෙයක් තමයි. අපි වගේ එක මවකගේ දරු කැල බැවිනා කියාල ඒ ගොල්ලත් ඉගෙන ගෙනද මන්දා පොඩි දරුවන්ට හැමෝම ආදරෙයි.නිකං බබාගේ නිකටින් අල්ලලා හොල්ලලා බොරු පැනි හිනාවක් දානවා නෙමෙයි. දරුවන්ට විශේෂයෙන් සලකන්න මිනිස්සු කැමැත්තෙන් ඉන්නවා කියලා මට හිතුනේ.