Friday, January 7, 2011

යට නොපෙනීමේ භීතිකාව...(kotata endhiima)

        1. පරණ චිත්‍රපටිවල මාලනී ෆොන්සේකා ඇතුලු සමකාලීන නිළියන් ඉතා කොට ගවුමක් ඇඳගෙන සිටී..පරණ කාලේ හෙවත් මීට වසර 20කට තිහකට එපිට එවැනි දේ සාමාන්‍යකරණය වීදැයි සිතෙන තරමට එකල කොට ගවුම් තිබී ඇති බව මට සිතෙයි..ඇන්ටන් ජෝන් මහතා විසින් ගයන කොට්ට උරය වැනි මිනිගවුම යනු කොට සායක් නොවේ එයකොට ගවුමකි..එයින් උඩුකයද යටිකයද වැසිය යුතුය.. එවිට යටි කයේ කකුල් අඟල් කීපයකට වඩා නොවැසෙන බව මගේ දැනීමය..



2.ආගමික ස්ථාන වලට යෑමට රටේ නීති ඇති කල යුතුද??යම් ආකාරයක හික්මීමක් සංවරයක් ඇතිව සිටින පිරිසක් බිහිකිරීම සෑම ආගමකම අරමුණයි..ආගමික මධ්‍යස්ථාන වටා එකතුවී සිටින අය සහ ඒවායේ මධ්‍යස්ථාන භාරකරුවන් විසින් කලයුතු දේවල් නීතිගත කලයුතුයිද??දලදා මාලිගාවට යන සුද්දියන්ගේ ඇඳුම් ගැන විමසීම එහි සිටින ආරක්ශක නිලධාරිනියන්ගේ වගකීමකි..එසේම යම් පන්සලක දායිකාවන් අනවශ්‍යලෙස විදහා දක්වන කාම තොරන් සහිතව පන්සලට එයි නම් හාමුදුරුවන් සහ දායක සභාව ඒවා විසඳිය යුතු වෙයි..

3.රජයක් මඟින් පාලනය කල යුතු බොහෝ දේ නොකර සිටිමින් මෙවැනි දේ කිරීම තුල ආන්ඩුව ජනතාව තුලින් සිංහල බෞද්ධ ඡන්ද ඇහිඳිනවා විය හැක..උදාහරණ ලෙස මාතර කොළඹ අධිවේගී මාර්ගය,,නව ක්‍රීඩාංගන,,රැකියා ජනනය,,පොල් නොමැතිවීම,,බඩුමිල,,අධික ජීවන බර,,විරැකියාව ආදී බොහෝ දේවලට අපේ රජය සතුව ඇත්තේ කතන්දර පමණි..ඉතින් තවදුරටත් මෙවැනි දේ පිටුපස ඇත්තේ ජනප්‍රිය දේට ඇඟිලි දමා තවත් ජනප්‍රිය වීමේ තියරි මිස වෙනත් අරමුණු නොවෙයි..සම වෙන්න රාජ පක්ශයිනි..ඔබට පමණක් නොව හම්පඩ විපක්ශයටද දැක්මක් ඇතැයි මා නොසිතමි..

4.ගැහැනුන්ගේ ඇඳීම් පාලනය කිරීම කොතරම් ප්‍රායෝගිකද යන්න තවත් කතාවකි කෙනෙකුට කොටට ඇඳීමට නීති දැම්මොත් ඔවුන් දිගට ඇඳ පලාගෙන එනු ඇත..මා එක් තරා වීඩියෝ දර්ශනයක දුටු පරිදි ඔලුවේ සිට පාදාන්තය තෙක් කලුවට ඇඳි අරාබි කතුන් පිරිසක් යට ඇඳුම් කිසිවක් නැතිව සිටින අතර අවශ්‍ය අවස්තාවල ඔවුන් ඔවුන්ගේ ඇඳුම් ඔසවා සිය පාරිභෝගිකයින්ට මඟතොටදී පවා සේවය ලබා දෙති..

5.සිංහල බොදු සංස්කෘතියට කොට නොගැලපේ යැයි කෙනෙක් සිතත් නම් බුද්ධ කාලයේ ගණිකාවන්ට,,අභිසාරිකාවන්ට බුදු සසුන පිහිට වූ අයුරු සිහිකර ඔවුන්ගේ කාලයේත් බුදුන් සිටිය සමයේත් මෙවැනි නීති තිබුනේදැයි ඇසීමට කැමැත්තෙමි...බුදුන් කිසිවෙකුට හික්මීමේ මාර්ගය හා තමාගේ ශාසනයේ අයට විනය නීති පැනවීමට උත්සාහ කලා විනා තමන්ගේ මිතුරන් වූ කොසොල්,,බිම්බිසාර,,අජාසත්ත ආදී රජවරුන් ලවා සමාජයට බෞද්ධ නීති ගෙන ඒමට උත්සාහ කලේ නැත..දැඩි මුස්ලිම් මූලදර්මවාදීන් විසින් පාලනය වන රටවල එවැනි නීති තිබිය හැක..එහෙත් ලංකාවේ සියයට හැට පහකටත් වඩා සිටින බෞද්ධ පිරිසට මුස්ලිම් අයගේ නීති ගෙන එන්නේ ඇයිදැයි නොදනිමි..මුස්ලිම් සංස්කෘතිය අපිට වඩා වෙනස්ය එය එයට අනුකූලව වැඩ කරනවා ඇත...මීට කලකට පෙර ලන්ඩන් නුවර මුස්ලිම් හෝ කිනම් පුද්ගලයෙකුට හෝ හිස වසාගෙන මොට්ටැක්කිලි දමාගෙන යෑම තහනම් විය..එය එසේ කලේ මහජන ආරක්ශාව තකා වෙයි..

6.තව නොබෝ දිනකින් අපේ මහින්දරාජ මැදිහත් වී මෙම නීතිය අකුලාගැනීමට උපදෙස් දෙනු ඇත..එය අපිට අලුත් දෙයක් නොවේ..දෙසැම්බර මස පොල් මිල සෑම කලකදීම වැඩි වෙයි..එම කාලයේදී පොල් අපනයනය තහනම් නොකොට ආනයනය කිරීම ජනාධිපති සංකල්පයකි..දැන් ක්‍රීඩාංගනවල ලෝක කුසලාන පැවැත්වීම ගැන ජනාධිපති තුමා සංචාර දමයි..එය මෙතෙක් අසාර්ථක වී ඇත්තේ කුමක් නිසාදැයි නොසිතා පරණ නඩයටම අලුතින් අණදීම ජනාධිපති තියරිය වෙයි..විදුලිබල මන්ඩලය විසින් අනුමත ගාස්තු වලට වඩා ,,වැඩි මිලක් කොන්තරත් සමාගම් වලට ගෙවීමේදී සිදුවන අක්‍රමිකතා නොපෙනෙන ජනපති විදුලි බිල් වැඩිකිරීමේ තීරණ වහා කල්දමයි..

7.කොටට ඇඳීම නම් වූ ක්‍රියාවලිය වැඩිපුර සිදු කරන්නේ යෞවන වියේ ළමුන් වෙයි..මෙයට එක් හේතුවක් නම් කෙතරම් ලොකුවට සිටියත් දෙමාපියනට සිය දරුවන් ඉතා කුඩා උන් ලෙස පෙනීමයි...ඉතින් ඔය පොඩි එකා කොටට ඇන්දම තමා ඔහෙ කියන ඔය ලෝකෙ තියෙන ඔක්කොම දහදුරා වැඩ ටික වෙන්නෙ කියල අම්මල කියනව ඇති තාත්තල බැන්නම..ඒත් තමන්ගෙ එකා තමන්ට කොයි තරම් චූටි උනත් ටිකක් වැඩිපුර කොටට ඇඳන් යන ටිකක් නලවල යන කෑල්ලට මේක් අප් තියනවන්ම් ආන්න ඒව තමා ගොඩක් උන් හිතන්නෙ බඩු නොහොත් ගණිකාවො කියල..ඒකෙත් ඉතින් වැරද්දක් නැහැ ගණිකාව තමන්ගෙ බිස්නස් එකට කස්ටර්මර්ල අල්ලගන්න ටිඅකක් අරුමෝසමට අඳිනව..ඒත් ඒ ගණිකාවට ටික දවසයි ඒ මෝස්තර කරන්න පුලුවන්.. ඊට පස්සෙ අපේ පන්ති යන කෙලි පැන්චියොයි ඔෆිස් ටන සෙට් එකයි අර අවුරුදු 40ක් වෙන ගෑනු,, ලස්සන වෙලා නාකි කම ඩිංගක් වහන් යන්න තියෙන මේක් අප් සෙට් එක එහෙමම දමාගෙන යනව..මම ඉගන ගන්න කාලෙ හිටිය කෙල්ලෙක් ඒකි හරියට කොන්ඩෙවත් පීරන්නෙ නැතිව ඩෙනිම ගහල එන්නෙ..ඕනි වැඩකදි බොක්කෙන් කොල්ලෙක් වාගෙ වැඩ..අපි ඒ කෙල්ල එක්ක කතා කරන්න සෙට් වෙලා වැඩ කරන්න වගේම ගොඩක් උන් ඒ කෙල්ලගෙ පෙම්වතා වෙන්නත් උත්සාහ කලා..කෙල්ලත් ඒ තරන් ලස්සන නෑ..ඒත් ඒකිගෙ හිත කෙනෙකුගෙ දුකකදි වැස්සට කොළඹ වාගෙ වැක්කෙරෙනව...ඒවාගෙ අනේ අපොයි කියල නිකම් ඉන්නෙ නැතිව කරන්න පුලුවන් දේ කරනව..කෙනෙකුගෙ බාහිර අලන්කාරය තියෙන්නෙ ටික කාලයයි..ඒත් ක්‍රියාවෙන් ලස්සන වෙන්න පුලුවනිනම් ඒ වාගෙ ගෑනු මැරුනත් මිනිස්සු මාර විදිහට ගරු කරනව..පූලාන් දේවී,,මාරි කියුරි,,තෙරේසා මව්තුමී,,පේමවතී මනම්පේරි,, වාගෙ ලන්කාවෙ ලෝ කෙ මහා නම ක් තියෙන ගෑනු මහා ලස්සන අයම නෙමෙයි..ඒ අය ජනප්‍රිය උනේ අනුන් වෙනුවෙන් අසීමාන්තික කැපවීම නිසා..තියෙන විනාස වෙන රූපෙ පාට ගගා පෙන්නන්ම උගන්නනෙ නැතිව ඒ වාගෙ වටිනා මිනිසුන් වෙන්නත් ගෑනු දරුවොන්ට උගන්වනවනම් පුලුවන් තරම් කොල්ලොන්ට කියල බලෝගන්න ට්‍රයි කරන මේ ෆැශන් සෝ එකෙන් තමන්ගෙ දරුව මුදා ගන්න පුලුවන් වෙයි...

8.සමාජයක ළමුන් ව්‍යසන වලින් ආරක්ශා කරගැනීම භාර වෙන්නෙ දෙමාපියන්ට..ඒ දෙමාපියන්ට නිසි දේ දීම ආගම් වල වගකීමක්..බහුතරයට හානි ගෙනදෙන විනාශකාරී චර්යා සහිත පුද්ගලයින් සමාජයෙන් ඈත්කර තැබීම නීතිය සහ ක්‍රමයෙ වැඩක්..ප්‍රකට ස්ත්‍රී දූශකයො,,අපචාර චෝදාකරුවො නීතියටත් ඉහලින් ඉන්න පාර්ලිමේන්තුවකින් මේ වාගෙ සදාචාර සමාජය අපි බලාපොරොත්තු වෙන්නෙ කෝමද??ළඟ පුවත් පතක තිබ්බ කළුතර දිස්ත්‍රික්කය ළමා අපcආර කාන්තා හින්සනය සම්බන්ධ විශාල පැමිණිලි සංඛ්‍යාවකට හිමිකම් කියනව කියල..අපේ රටේ අග්‍රාමාත්‍ය බෞද්ධයෙක් හිටපු පින්වත් පලාතක් ඒක...ඒකෙ කතාව ඒක නෙමෙයි ප්‍රදේශවාසීන් කියන විදිහට හිටපු අග්‍රාමාත්‍ය තුමත් ප්‍රකට වෙලා හිටියෙ වයසින් කුඩා වූ ගැහැනු ආස්‍රයටලු..ඉතින් ඒත් කවදාවත් පොලිස් පොතක උන්දැගෙ නම නම් නැතුව ඇති ඒත්,,දන්නෝ නම් හොඳින්ම දන්නවා ඇති..

9.සමාජයේ හෝ ආගමික ස්ථානයේ හෝ යම් ප්‍රශ්ණ කාන්තාවන්ට සහ සමාජයට වෙනවනම් ඒකට එකම හේතුව වෙන්නෙ අර ටිකක් උඩ හරියට යනකල් පේන කකුල් කඳන් දෙකද???ඒක දැකල එකපාර කිපෙන අයෙක් ඉන්නවනම් එයාට මොනාද වෙලා තියෙන්නෙ කියල හොයා බලන්න ඕනි...අවසාන වශයෙන් මිනිස්සු ඇඳුම් අඳින්නෙ සීතලට හෝ ගැහැට වලින් ආරක්සා වෙන්න නෙවෙයි...ලිංගික ආකර්ශනය වැඩි කරගන්න..

බ්‍රිතාන්‍ය පරිගණක සංසදය (BCS Exams)

බ්‍රිතාන්‍ය පරිගණක සංසදය (British computer society) කියන එක මඟින් තියෙනව වරලත් තොරතුරු තාක්ශණ අධ්‍යයන ආයතනය(chartered institute of IT) මඟින් තමා විභාග පැවැත් වෙන්නෙ..මේක ඇවිල්ල වෘත්තීය සුදුසුකම්(Professional qualification) සපයන පාඨමාලාවක්..මේකෙන් ශ්‍රී ලංකාව ඇතුලත ඉඳගෙන ලෝකෙම පිලිගන්න තොරතුරු තාක්ශණ සුදුසුකම් ලබාගන්න පුලුවන්...

කොහේද තියෙන්නෙ..

මේ වරලත් තොරතුරු තාක්ශණ අධ්‍යයන ආයතනය එක්සත් රාජධානිය(UK) මූලික කරගෙන රටවල් ගණනාවක විභාග පවත්වනව..ලංකාවෙත් විභාග පැවැත්වෙනව...
මේ පාඨමාලාව කොටස් 3කින් සමන්විත වෙනවා..

සහතික පත්‍ර(certificate level)

මෙය විශයන් 3කින් සමන්විත වන අතර මෙහිදී බොහෝ සිසුන්ට අමාරු විශයක් වන්නේ මෘදුකාංග සංවර්ධනය නම් වූ ප්‍රෝග්‍රැමින් කොටස් අදාල වන විශයයි..එම විශය සඳහා පිළිතුරු ලිවීමට C ජාවා හෝ පැස්කල් යන ඕනෑම පරිඝනක භාශාවක් යොදාගත හැක..

ඩිප්ලෝමා(Diploma)

පරිගණක ජාලකරණය(Networking),,තොරතුරු ක්‍රමවේද(Information Systems),ක්‍රමලේඛන(Programming) ආදී බොහෝ විශය පථවලට අයත් වන විදිහෙ විශයන් ඩිප්ලෝමාවෙදි තෝරාගන්න පුලුවනි ..මුලු විශයයන් 4යි එකක් අනිවාර්යය විශයක්..

උපාධි ඩිප්ලෝමා (Post Graduate diploma)

මුලු ඩිප්ලෝමාව සම්පූර්ණ වෙන්න නම් මෙහිදී විශයන් 3ක් සහ ව්‍යාපෘතියක් සිසුවා විසින් සම්පූර්ණ කල යුතු වෙනවා..ඩිප්ලෝමාවේදී තෝරාගත් විශයන් වැඩිදුරටත් අධ්‍යයනය කරන්න මෙහිදී අවස්ථාව එනව..

මොනවද මේ වල වාසි සහ විශේෂ ප්‍රථිලාභ

මේකෙ තියෙන වාසිය තමා ඉතා අඩු කාලෙකින් උපාධියට ආසන්න සමාන තොරතුරු තාක්ශණ සුදුසුකමක් ලබාගැනීමට හැකිවීම..මේකෙ උපාධි ඩිප්ලෝමා සහ එහි ව්‍යාපෘතිය සම්පූර්න අයට කෙලින්ම මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ශනික (Master of IT)විද්‍යාපති උපාධිය හදාරන්න පුලුවනි..ඒ වාගෙම එක්සත් රාජධානිය ඇතුලු ලෝකෙ පුරා විසිරුන විශ්ව විද්‍යාල බොහොමයකින් කෙලින්ම විද්‍යාපති උපාධියට (M IT or M sc in IT)ඇතුලත් වෙන්න පුලුවන් අවස්ථාව තියෙනව මේ උපාදි ඩිලෝමාව සම්පූර්ණ කල අයට...

මූලික සුදුසුකම්..

මේ පාඨමාලවට ගණික දැනුම වැදගත් වෙනව..ඒ වාගෙම උසස් පෙළ විද්‍යා ගණිත සිසුන්ට මේ පාඨමාලාව බොහොම හොඳින් කරගෙන යන්න පුලුවනි මූලික තොරතුරු තාක්ශනික දැනුම නොමැති උවත්...මෙහිදී ගොඩක් වෙලාවට තොරතුරු තාක්ශනයේ තියෙන බොහෝ යෙදීම හා ක්‍රමවේද පිළිබඳව හැදෑරීම් කරනවා විනා එම විශයන් බොහෝ ගැඹුරට කරන්නෙ නෑ..සියලුම විභාග පැවැත්වෙන්නෙ ඉංග්‍රීසි භාශාවෙන් නිසා ඉංග්‍රීසි භාශාමය දැනුමක් තිබීමත් වැදගත් ..

විභාග ක්‍රමය

මේ තත්ව 3 සඳහාම විභාග ඔක්තෝම්බර මුල මාසයේදී සහ අප්‍රේල් මාසයේවිභාග පැවැත් වෙනව...ලංකාවෙත් කොළඹ සහ නුවර මධ්‍යස්ථානවලදි විභාග පැවැත් වෙනව...මෙහිදී එක් තත්වයක් සම්පූරණයෙන්ම ඉවර නොකර වුවද අනෙකුත් තත්ව වල විභාග සඳහා පෙනී සිටින්න පුලුවනි..මේ විභාග වලට පෙනී ඉන්න කලින් හෝ විභාග අයදුම්පත්‍ර භාර දෙන අවස්ථාවේදී විභාග අයදුම්කරුවන් බ්‍රිතාන්‍ය පරිඝණක සංසදයේ සාමාජිකත්වය ලබාගෙන තිබිය යුතුයි..මේ සාමාජිකත්වය ගත්තහා අපිට නොමිලේ සඟරාවක් ගෙදරටම එනව..ඒ වාගෙම අපිට වෙබ් අවකාශය තුලින් තොරතුරු තාක්ශනයේ නව නැවුම් තොරතුරු ලබාගන්නටත් පුලුවන් වෙනව...
ගාස්තු
සාමාජිකත්ව ගාස්තු-40/=
සහතිකපත්‍ර පාඨමාලාවේ එක් විශයකට ගාස්තු-38/=
ඩිප්ලෝමා විශයකට ගාස්තු-43/=
උපාධි ඩිප්ලෝමා ගාස්තු-81/=
ව්‍යාපෘති ගාස්තු-100/=
මුලු මුදල=40+(38*3)+(43*4)+(81*3)+100=426/=
මේ මුදල තියෙන්නෙ පවුම් වලින්....මේ ගාන රුපියල් වෙන්න දෙසීයෙකින් විතර ගුණ වෙන්න ඕනි.. තව ඉතින් පාඨමාලාව හදාරන්න ආයතන වලටත් ගෙවන්න වෙනව..
Certificate Level: Rs. 22,500
Diploma Level Rs.35,000
PGD Level Rs. 48,000
සාමාන්‍යයෙන් මේ වාගෙ ගානක් යනව ඉගනගන්න වියදම විදිහට...(මේ තියෙන්නෙ ඊ සොෆ්ට් එකේ මිල ගනන්)..

රැකියා

ඇත්තටම මේ ක්‍රමය ඔස්සෙ කෙලින්ම රැකියා නම් ලැබෙන්නෙ නෑම වාගෙ තමා ..වෙනත් ක්ශේත්‍රයක ඉන්න කෙනෙකුට තොරතුරු තාක්ශනික සුදුසුකම් ලබාගන්න,,තමන් දැන් වැඩ කරන තැනින් උසස් වීමක් ගන්න,, උපාධියට සමාන සුදුසුකමක් ලබාගන්න පුලුවනි මේ සිස්ටම් එකෙන්..ඒත් රැකියා මූලික ක්‍රමයක් නෙමෙයි මේකෙ තියෙන්නෙ..කොටින්ම තොරතුරු තාක්ශනය පිළිබඳව හැදෑරීමක් තමා..කොහොම උනත් මොරටුව කොළඹ විශවවිද්‍යාලවල ලබාදෙන තොරතුරු තාක්ශන උපාධියට සමාන නුදුසුකම් වසර එකහමාරක කාලෙකින් ලබාගන්න පුලුවන් BCS එක්සෑම් හරහා..

Thursday, January 6, 2011

අවාසනාවට පච කතාවක් ( Unfortunately false story)

මල්ලි මම ඔයාට එන්න කීවම ඔයා හිතන් ඇති මම මහ නරක කෙනෙක් කියල නේද???
අනේ නැහැ මම දන්නව ඔයා ටිකක් වෙනස් විදිහෙ කෙනෙක් කියල..
මෙහෙමයි මල්ලි ඔයා කවුද කියල මම හරියටම දන්නෙ නැතත් ඔයා නිකම් මට එක්තරා කාලෙක හමුවුනු මගේ ජීවිතේ වෙනස්කරපු සමීර වගේ ....කොල්ලෙක් කැමති නෑ වෙන කොල්ලෙක් ගැන ගුණ කියනවට ඒත් මල්ලි සමීර කියන්නෙ...මට ජීවිතේ වගේ...එයා වාගෙ උන නිසාම මට ඔයා ගැන සැකයක් හිතුනෙ නෑ...
(ඇය මේ අවස්ථාවේ මදක් බීමත්ව සිටීය ගත් වයින් ප්‍රමාණය මඟින් කතා කරනවා විනා ඇය නිකම් මෙසේ කියවන්නියක් නොවෙයි..)ඇය හමුවූ ආකාරය මා මෙසේ ඇයගේ නිවසේ සිට ඇයගේ කුඩා පුතු නිදාගත් තැන් සිට වයින් බිබී කතා කිරීම ඔබට කියවන ඔබට අලුත් දෙයකි..එහෙත් ඇයගේ අසාමාන්‍ය බවෙහි එක් අංගයක් පමණි මේ...
ඉතින් අක්ක සමීර ඔයාට හමූනේ ටියුශන් ක්ලාස් එකකිද???
නැත්නම් පස්සෙ කාලෙකදිද???
නෑ ඉන්දු නෑ....මම ටියුශන් කාලෙ කොල්ලො දිහා යන්තම් වත් හැරිලවත් නොබැලූ කෙනෙක්...යාලුවො කියල මට ගර්ල්ස්ලවත් ඒ තරම් හිටියෙ නෑ...මට හොඳට මතකයි එක සිද්දියක්...දවසක් මගේ ක්ලාස් එකක කොල්ලෙක්..මගේ සීට් එකේ වාඩි උනා අමාලි අමාලි ප්ලීස් මට පොඩ්ඩක් කතා කරන්න පුලුවනිද කියල පොර ඇහුව...මම කිව්ව හරි කියන්න කියල..ඒත් පොර නෑ මම පස්සෙ කියන්නම් කිව්ව...ඊලඟ දවසෙ ක්ලාස් එකේදි මම මිනිහට එන්න කියල පණිවිඩයක් ඇරල ඇහුව දැන් මතක් උනාද කියල මිනිහ නෑ කිව්ව...
දවසක් බස් එකේ වාඩිවෙලා උයනකොට මිනිහෙක් වැඩිපුර හේත්තු වෙන්න ඇවිත් මම මගේ කුඩෙන් ගැහුව උගේ කකුලට..කුඩෙත් ඩැමේජ් උනා.ඌට ලැජ්ජ හිතෙන් ඇති...ඒත් වචනයක්වත් කීවෙනෑ..බහිනකොට මට කුනුහරුපෙන් බැන්න..ඒත් බැස්සට පස්සෙ..
කොල්ලොනම් හත් 8 දෙනෙක්ම ආව ඒත්..මගේ හැටි ටිකක් අවුල් නිසා වැඩිපුර කිට්ටු වෙන්න ආවෙ නෑ...
මට සමීර හමු උනේ පොලිසියෙ හිටපු කාලෙ....
අර වැල්ලවත්ත සුපර් මාකට් එක ළඟදි කරපු මංකොල්ල කෑමට සම්බන්ද කෙනෙක් තමා සමීර....ඉතින් මට සමීරගෙ නම්බරේ දුන්න අපේ ඒ එස් පී ඩීටේල් හොයල දෙන්න කියල...එතකොට මම ඒ වාගෙ වැඩ දෙක තුනක්ම කරල තිබුන නිසා ටිකක් ට්‍රික් එකක් තිබුන...මිනිහ අල්ලගන්න ගොඩක් අමාරු උනා...ඒවෙලාවෙ මට සමහර වෙලාවට කුනුහරුපෙනුත් බැන්න මොකද ඕයි මාවම කන්න හදන්නෙ කියල...ටික දවසකින් මගේ කෝල් ආන්සර් කලේ නෑ..පස්සෙ මම ලෑන්ඩ් ලයින් එකකින් ගත්ත...අරගෙන කටහඬ වෙනස් කරල හෙම කතා කරල හලෝ කිව්ව...එතකොට සමීර ඇහුව ඔය සමාධි වැඩිහිටි නිවාසෙන් නේද..හරි අපි හරියට 4.30ට ඔතන..ඔක්කොම හරි කියන්න මිස්. සමීර හිතුවෙ මම වැඩිහිටි නිවාසෙන් කියල...පස්සෙ මම ඩිරෙක්ට්‍රියෙන් වැඩිහිටි නිවාසෙ නම්බරේ හොයල කිව්වමේ අර හවස එනව කීව අය එයි හවස කියල.....
මමත් අහගත්ත වැඩිහිටි නිවාසෙ තියෙන තැන..ෆෝන් එකෙන් අල්ලන්න බැරි එක්කෙනා මීට් වෙලාම බලමු කියල හිතල යාලුවෙකුගෙන් එන් ජී ඕ එකක ෆයිල් එකකුත් අරන් හවස ගියා වැඩිහිටි නිවාසෙට..එතකොට සමීරල ඇවිත්..ඒ අය සෙට් එකක් හිටිය..මමත් ගිහින් එතන පාලිකාව විදිහට හිටපු කෙනාව අඳුනගෙන අපෙන් මොනාහරි කෙරෙන්න තියෙනවද කියල අහල කතාවක් දැම්ම..මිස් මෙහෙට අර ඇවිත් තියෙන සමීර මහත්තයල ඕනි තරම් සලකනව වෙන එකක් බලන්න..සමීර මහත්තයගෙ අම්ම මැරුනෙ මෙහෙ..ඉතින් එයා මෙහෙට හොඳට සලකනව..ඕනි නම් සමීර මහත්තය එක්ක කතා කරල බලන්න...
සමීරල ඇව්ත් තිබුනෙ ජිප් එකකින් පරණ පොලිස් ජීප් එකක් මොඩිෆයි කරල..මම සමීර හොයන්න ගිහාම එයා හිටියෙ නිවාසෙ වහල උඩ...වහලෙ සුද්ද කරනව...පස්සෙ මම ගිහින් එයා බහිනකල් ඉඳල කතාකලා..මම මිස් නයනි..ඒ ටී එම් ඉන්ටර්නැශනල් ෆන්ඩ් එකෙන්..අපි මේ වාගෙ තැන්වල ඉන්න අයගෙ තත්වය උසස් කරන්න සලකා බලනව...මම ගිහින් මේකෙ ඉන්න පාලිකාව හමු උනා..එයා කිව්ව ඔයා එක්ක කතා කරගන්න කියල...
මම එක්ක මොනව කතා කරන්නද කොහොමත් මට තව වැඩිකලක් මෙහෙම සලකන්න බැරිවෙයි..මිස්ට පුලුවන් විදිහට කරන්න දෙයක් තියෙනවනම් කරන්න ..
හැබැයි ඉතින් මෙහේ අයගෙ ෆොටෝ ගහල පස්සෙ ලොකු උත්සව තියාල හෙම බෙර ගහනවන්ම් අපිට එන්න බැරිවෙයි...එක අතකින් බැලුහම මෙතෙන්ට තව කෙරෙන්න දෙයක් ඇත්තෙම නෑ වාගෙ ඒත් තැන හොඳ නිසා කට්ටිය අලුතින් එන නිසා ඒ අයට ඉඩ ප්‍රශ්නෙ තමා තියෙන්නෙ..මා ඉන්පසු සමීරගේ විස්තර ඇසූ මුත් ඉන්නා තැනක් නොකී අතර ඊ මේල් ඇඩ්‍රස් එකක් හා ෆෝන් නොම්බරයක් දුන්න මට...ඉතින් එයා කිව්ව මේ ඇඩ්‍රස් එකේ මම ඉන්නෙ කියල...තව ඉතින් එයාගෙ බිස්නස් ගැන ඇහුවම ඉන්පෝර්ට් ඇන්ඩ් ඩිස්ට්‍රිබියුට්ස් කීව...ඉතින් මම ගැනත් විස්තර කියල කෝම හරි අපි යාලු උනා කියමු..
 කොල්ල ලස්සන ඇති නේද??
ලස්සනට වැඩියම හරි අමුතු ගතියක් තිබ්බ..හිමින් කතාවක් නැහැ..මම ගර්ල් කෙනෙක් කියල එයාගෙ කතාව වෙනස් උනෙත් නැහැ...ඒක කියන්න අමාරුයි..එයා කතා කරන ස්ටයිල් එකේ හරි පුදුම ඇලෙන ගතියක් තියෙනව..සමහරවිට මට විතරක් පෙනුන දෙයක් වෙන්න ඇති...
ඔය අතරෙ ඉතින් මම කතා කලා ...සමීරත් ඉතින් මට කැමතියි වාගෙ එකක් තිබ්බ..එතකොට අපේ මහේශ්(ඇගේ සැමියා) හිතන් හිටියෙ මේ පොලීසියෙ වැඩකට අන්දන එකක් කියල...ඒත් ඇත්තම කතාව මමත් ඇන්දුනා...ඒ ඇන්දීමට මාත් අමාරුවෙන් ඇදිල ගියා..
ඔය අතරෙ මට අපේ ලොක්ක හැමදාම අහනව කොහොමද අර මෑන් තම්බගන්න බැරි උනාද අපි වෙන කෙල්ලෙක්වත් දාමුද නැත්නම් රෙකෝඩින් ගන්න ට්‍රයි කරමුද කියල...ඉතින් මම කියනව..හරි අපි තව දවසක් දෙකක් බලමු සර් මිනිහ දැන් ටික ටික කොන්ට්‍රෝල් වෙනව කියල...
පස්සෙ මම ගිහින් සමීර මීට් උනා..එයා හරි බයෙන් ආවෙ මාව මීට් වෙන්න...ඇවිත් මාත් එක්ක කතා කලෙත් නිකම් සැකෙන් වාගෙ...පස්සෙ අපි මේ වාගෙම බියර් එකක් බිබී කතා කලා ...එතකොට එයා ඇහුව ඔයා පොලීසියෙද කියල..මමත් එයා දිහා බලල කිව්ව ඇයි ඔයාට සැකද කියල.. නෑ නිකමට මිනිහ කිව්ව..පස්සෙ මම එන්ජී ඕ වල තියෙන ජරා ක්‍රම ගැන ටිකක් කියල මේ එන් ජී ඕ එපා වෙලා තියෙන්නෙ කියලත් ඒත් කරන්න දෙයක් නැතිම නිසා කරනව කියලත් කිව්ව..එතකොට සමීරගෙ සැක ටිකක් අඩු උනා..ඉන්පස්සෙ සමීරගෙ බූට් කතා..පොඩිකාලෙ ගෙදර වාගෙ දේවල් ගැන කතා කලා..ඒත් එයා අයා ගෙ රස්සාව ගැන මුකුත් කීවෙ නෑ...
ඉතින් අපි ගොඩක් කතා කලා..එක දවසක මට එයාව පොලිසියට අල්ලල දෙන්න උනා..එයාව පොලීසියට අල්ලල දුන්නට පස්සෙයි මට තේරුනේ..අපරාදෙ කියල..මට මහ හිස් බවක් දැනුන...මේ ඔක්කොම බොරුවක් කියල හිතුන..ඔය අතරෙ මහේශ් වෙන ගර්ල් කෙනෙක් එක්ක රවුම් යනව කියලත් ආරන්චි උනා..ඒත් මහේශ් ගෙ ඒව හොයන්නත් මහා එපා වීමක් වාගෙ ආව..පස්සෙ අපේ ගෙදර අය මහේශ්ගෙ විස්තර හොයාගෙන ආව මමත් ඉතින් දික්කසාදෙට කැමති උනා..මේව ලේසියෙන් කීවට අවුරුදු 2ක් 3ක් ගියා ඔය ඔක්කොටම...මම හිතන්නෙ මහේශ් උනත් මාව දමල ගියේ සමීර නැති උනාට පස්සෙ ඇතිඋන උදාසීන කම නිසා වෙන් ඇති..
ඉතින් මට පොලීසියෙ ඉන්න එකත් මහ වදයක් උනා ඊට පස්සෙ තමා මම ඔය ප්‍රයිවෙට් සිකුරිටි එකකට ආවෙ..
ඒ අතර කතාව අතරමඟ ඇය ඇගේ උපරිම සීමාව දක්වාම බීමත් වන්නටද වග බලා ගති...
මල්ලි සමීර කවදාවත් කියල නෑ එයාගෙ අපරාධ ජීවිතේ ගැන මට..ඒත් එයා දවසක් කිව්ව මේ කොළඹ මොන වැඩේ කලත් වංචාව හොරකම නැතිව ඉන්න බෑ..නයනි ඔයා හිතයි මම මහ ලොකු පන්ඩිතයෙක් කියල,,,මම කාලයක් පොල් කඩල තියෙනව...වතු වල උදලු ගෑව මට හිතෙනව ඔයත් එක්ක ඈත් පලාතකට යන්න ගිහින් අමාරුවෙන් හරි ගිනිබෝල නැතිව හොඳට ඉන්න...ඒත් ඉතින් ඔයා...හැම ගෑනු ලමයෙකුගෙම හීනෙ වෙන්නෙ ලස්සන දේවල්..ඒ ලස්සන දේවල් හම්බකරන සල්ලි කොච්චර කැතද??
ඔයා අනික් ගර්ල්ස්ල ගැන හිතන විදිහෙන් මම ගැන හිතන්න එපා,,,මම සම්පූර්ණයෙන් කැමති නෑ ඔයා පොල්කඩන කෙනෙක් වෙනවට මම හිතන්නෙ ඔයාට හොඳට උත්සාහ කලොත් ජොබ් එකක් හොයාගත හැකිවෙයි...එහෙම කියපු මම,,,
පාරෙ උන මංකොල්ලයක් නිසා සමීරට විරුද්ධව හරියටම සාක්කි ගොනු කරන්න බැරි උනා..මම සමීර හමුවෙන්න කලින් අපරාදකාරයො කියල ජාතියක් ලෝකෙ ඉන්නව කියල හිතන් හිටිය...ඒත් එකම මිනිහ ඇතුලෙ අර කතරගම දෙවියො වාගෙ මූනු 6ක් තියෙන බව හරියටම මම දැනගත්තෙ සමීරගෙන්...සමීර අවුරුදු 5කට හිරේ ගියා..සමහරවිට සමාවක් ලැබිල ලඟදිම් එයි..මම එයා ව බලන්න ගියා..මම හිතුවෙ මට බනී කියල..ඒත් මුකුත් කීවෙ නෑ..පස්සෙ කිසි එහෙම දෙයක් නොවුන ගානට අපි කතා කලා...එයාගෙ යාලුවෙක් මට හමු වෙන්න කීව..පස්සෙ එයා හමුවෙලා සල්ලි අරගෙන අර වැඩිහිටි නිවාසෙට දුන්න...පස්සෙ අර යාලුව කිව්ව..සමීර කිව්ව නිසා එයාල ඉවසනව නැත්නම් අද මම ඉන්නෙ මේ ලෝකෙ නෙමෙයි කියල...
මල්ලි ඔයා කලින් ඇහුව සමීර ලස්සනද කියල..ඔයා හිතන්න ඇති මම එයාගෙ පස්සෙන් ගියා කියල ,,නෑ එහෙමම නෑ,,බැඳීම් කියන්නෙ වැස්ස වාගෙ කොයි වෙලාවෙ,,කුමක් නිසා කොහොම ඇතිවෙනවද කියල දෙය්යොවත් දන්නෙ නෑ...ඔයා හිතයි මම වෙරිපිට ටෝක් දෙනව කියල..
ඒත් නිකම් ඉන්න කොට හිතෙන දේවල් කියන්න පුලුවන් ගැම්ම තියෙන්නෙ මගේ බීමෙ...
සමහරවිට එයා දැනගෙන ඉන්නත් ඇති මම ගැන...
ඒත් ඔම එයා හමුවෙනකොටම මිනිහ අපරාධයකට සැකකාරයෙක් කියල දැනගෙනම හිටිය..
මල්ලිට දැන් එපාවෙලා ඇති යමු අපි අද සෙල්ලම් කරල නිදා ගන්නත් එපැයි...
ඇගේ කතාව අවසාන විය..

Wednesday, January 5, 2011

නළමාලිකා අපදානය....

සූත්‍රාන්ත පිටකය
අපදාන පාළිය
සුමේධාවර්ගය...
නළමාලිකා අපදානය....

එක්තරා කලෙක චන්ද්‍රභාගා නදී තීරයෙහි කිඳුරියක් වීමි..ස්වයංභූ වූ අපරාජිත වූ විරජ සිද්ධාර්ථ බුදුන් දුටිමි..

පහන් සිතින් සොම්නස්ව මා නළමාලාවකින් (හුනමල්දමකින්) බුදුරදුන් පිදීමි..

ඒ කුශලකර්මයෙන්ද චේතනාවෙන්ද ලිඳුරු සිරුර හැරදා දෙව්ලොවට ගියෙමි..

සතිසක් දෙව් රජුනට මෙහෙසිබව කල අතර පසුව දස සක්විති රජුනටද මෙහෙසි වූමි...මා සිත සන්වේගයට පැමිණ බුදුසසුනෙහි පැවිදි වුනෙමි...

මෙයින් සූඅනූවනකප් හි යම් පුශ්ප පූජාවක් කරන ලදින් දුගතියකට නොපත් වූයේය..

මා විසින් කෙලෙස් හු දවන ලදී,, සියලුභවයෝ නසන ලදී,,සියලු ආස්‍රවයෝ ක්ෂීණය, දැන් මට පුනර්භවයක් නැත...

මා විසින් කෙලෙස් හු,, සියලු භවයෝ නසන ලදහ...

මට ඒකාන්තයෙන්ම යහපතක්ම විය...

සිව්පිළිසිඹියාද බුදුසසුනෙන් ලැබීමි..

මේසේ නළමාලිකා භික්ෂුණී මේ ගාථා ප්‍රකාශ කළා ය...

Friday, December 31, 2010

ගැමියෝ සහ අවුරුද්ද....(Villegers New Yr)...


අවුරුද්දට කිරි උතුරවයි..කැවුම් කෙසෙල් කයි රතිඤ්ඤා පත්තු කරයි..ඉතින් නාගරික පිරිස මහ ඉහලින් ඔන්න 31 වෙනිදත් නිවාඩු දාගෙන අලුත් අවුරුද්දකට ලෑස්ති වෙනව...මා හටනම් හිතෙන්නෙ මේ අවුරුද්ද සැමරීමට අවශ්‍ය වෙන්නෙ බොහොම සීමිත පිරිසකට විතරයි...තව දෙයක් නියම විදිහට අවුරුදු සමරණවනම් අවශ්‍යවෙන්නෙත් බොහොම සුවල්ප දේවල් කීපයක් විතරඉ...
ඇණ කීපයක්...
පුටුවක් හෝ කුඩා මේසයක්...
මිටියක් ...සහ කැලැන්ඩර කීපයක් 
අපි අයිති වෙන ලාංකික සමාජයට මේක නිකම් ලෝක කැලැන්ඩරේ අනුව වෙනස්වන අපේ කැලැන්ඩරේ එල්ලන සිද්ධියක් විතරයි,,...කොරන්න තියෙන්නෙ කා බී සියලු වැඩ අතැර පේවී සිට රෑ 12ට යෙදෙන එල්ලීමේ නැකතින් පුටුව උඩ නැගල ඇනේ ගහල බිත්තිය දෙස බලා කැලැන්ඩරය එල්ලල සුභ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරගැනීම පමණයි...
ඔන්න ඉතින් ඕකට පවුලෙ අයත් සෙට් කොරගෙන මහ ඉහලින් කොරන්න ඕනි නම්..ඔබේ මහලු මව පියා දමන්න සුදුසු කැලැන්ඩර තේරීම වාගෙ දේකට..එතකොට හරි කෙලින් එල්ලෙනවද කියල බලන්නත් එයාලටම දෙන්න...එතකොට ස්වාමියා හෝ භාරියාව හොඳයි පුටුව අල්ලගෙන ඉන්න...සික් ත්ව පොඩ්ඩෙන් මිස් වෙනව හොඳට ඇහෙන්න රේඩියෝ එක හරි ටී වී එක හරි දමාගන්නත් ඕනි..නැත්නම් කෝමද නැකත මිස් නොකර වෙලාව බලාගන්නෙ...තව පුතාව දමන්න ඇණ අල්ලගන්න..දුවට කියන්න මිටිය අල්ලගන්න කියල තව උන් ඉන්නවනම් උන්ටත් කැලැන්ඩර් ඇල්ලීම...පරණ කැලැන්ඩර ගැලවීම දෙන්න පුලුවනි...

ලෝකෙ කැරකුනා කියල අපි නිකම් ඉන්න එක නිකම් සමහරුන්ට කිචි වාගෙ..ඒ නිසා ඒ අය අලුත් ඇඳුම්,,,අලුත් බඩු...සෝදන ලද ගෙවල්,,,කිරිබත් වාගෙ අපේ සින්හල අවුරුද්දට තියෙන දේවලුත් අලුත් කැලැන්ඩර අවුරුද්දට එන්න ඕනි කියල හිතනව...අපි කාලෙත් එක්ක වෙනස් වෙන්න ඕනි කියල පොත් වල තියෙනව තමා...ඒත් ඉතින් එහෙමෙයි කියල අපෙ අප්ප බුදුන් කාලෙ ඉඳලා එන හිංගල අවුරුද්ද දමල ගහල හරියට නැකතක්වත් නැති පස්ස හෝදන්නෙ නැති සුද්දගෙ අවුරුදු සමරන්න ඕනිද???

ගොඩක් රටවල තමුන්ට ආවේනික උත්සව තියෙනව ඔවුන් එව්වට තමා මූලික තැන දෙන්නෙ...උදාහරණ විදිහට චීනෙ එයාලගෙ අවුරුදු සීසන් එකට කිසිම වැඩක් බොහෝවිට එයාල කරන්නෙ නෑ කරන්නෙ උත්සව විතරයි...අලුත් අවුරුද්දෙ හැම දේම අලුත් වෙලා ...හප්පේ මටත් 3 වෙනිද අලුත් හිනාවක් හොයල දමාගෙන එන්න ඕනි...නැත්නම් බොස්ල බනී කෝ ඔය තා ම පරණ එකමද කියල...

Thursday, December 30, 2010

විදූ හඳගම සිනමාව අපි……(Vidhu Handagama Cinema & Us)



විදූ හි කතාව සරලය ..අපිට තේරුම් ගත හැක..එය බැලූ විට මට තොරණ මතක් වෙයි..අපි කුඩා කල වෙසක් තොරණ බලන්නේ ලයිට් වල ලස්සන බලාගැනීමටය..තරුණ වියේදී එහි පින්තූර හා කතාව අපිට තේරෙයි..ඉන්පසු කලෙක එම කතාව තුල ඇති ගැඹුර අපි වටහා ගනී..මෙය මිනිසුන්ගේ වයස මතම වෙනස් නොවේ...8 ශ්‍රේණිය C පන්තියේ කොලුවෙකුට වුව ජාතක කතාව තේරුම් ගෙන එහි ඇති ධර්මය තේරුම් ගත හැක..දැන් අපි විදූ බලන අය දෙස බලමු..අලි පැටියෝ සහ තවත් කතා වර්ගයේ කාටුන් බලන පොඩි ලමයි.....මහගෙදර ප්‍රවීනා ගැහැනු ලමයි සහ බොඳ මීදුම් තලු මරමින් නරඹන බුද්ධිමත් ජනතාව..සහ ඉඳහිට පෙන්වන අල්පයක් වන සම්භාව්‍ය සිනමා සහ ටෙලිනාට්‍ය මහ ගැඹුරින් රසවිඳින අති පණ්ඩිත රසිකයින්...විදූ නම් වූ සරල කෘතිය මේ සියලු දෙනාගේ අවශ්‍යතා සපුරණ සිනමා කෘතියකි..එහෙත් විදූ නම් වූ සිනමාව සාම්ප්‍රධායික රාමුවේ යැයි කෙනෙකු සිතනවානම් ඔහුට ඇත්තේ අමුතු සම්ප්‍රධායකි..මන්ද සාම්ප්‍රධායික කතා කලාව අමුවේම කපා දමා ඇති අයුරු ඇස් ඉදිරියේම පෙන්වන බැවිනි...
කතාව:කතාව ආරම්භයේ ඇති ගැටලුව ලමයාට පාසලකි..ඉතින් අපි පතන පරිදි අවසානය කෙසේ හෝ ළමයාට පාසලක් ලබාගැනීම නොවේ..අනික ලමයා හින්දි ෆිල්ම් වල මෙන් මහා විශාල දක්ශතා ඇත්තෙකුද නොවෙයි..
සින්දුව: සින්දුව නමෝ නමෝ මාතා ජාතියේ පාසැල් ගීයක් නොවේ..එහෙත් මට හිතෙන හැටියට භාතිය,සන්තුශ්,ඉරාජ් ආදී මෙලෝ දෙයක් නැති සහ, රෙගේ හිපොප් ආදී ඉස්ටැයිල් යැයි කියමින් මෙලෝ දෙයක් නොතේරෙන සින්දු වලට වඩා හොඳය... සින්හල අපිට තේරෙන ලෙසට සෑම වචනයක්ම සින්දුවේ කියනු ලබයි...
චරිත:මා දකින ආකාරයට අපි අපේක්ශා කල චරිත මෙම චිත්‍රපටිය තුල නැත...
විදූ:විදූ මෙහි නියම වීරයෙකු නොවේ..ඔහු සියලු දෙයින් අග තැන්පත් වුනු කෙනෙකු නොවේ...නමුත් ඔහු කිසිවිට වෙරලබඩ රස්තියාදු කොල්ලෙකුද නොවේ...ඔහු තුලින් ඔහුගේ පියා තුල ඇති හැකියාව ජානමය අතින් ඔහුට උරුමය..ගණිකාවක් වන මවගේ ආදායම සැමවිටම ඉතා අසුබදායී නොවන බව විදූ පෙන්වයි...
අනෙක් බොහෝ චරිත සාමාන්‍ය ලෙස ඉදිරිපත් කොට ඇත...මා දුටු එක් චිත්‍රපට විචාරකයෙක් පවසා තිබුනේ...ගණිකාවක් ගැට කපන්නියක් සහ වෙරළබඩ පීඩිත කාන්තාවක් චාන්දනී තුලින් නොපෙන්වන බවයි..ගණිකාවක් ලබන දිනක ආදායමෙන් කොටසක් ඔවුන්ගේ රූපය පිණිස යෙදවීම අවශ්‍ය බව ඔහුට අමතකවීදැයි මා නොදනී...ඇය සුපිරි මට්ටමේ ගැට කපන්නියක සහ ගණිකාවක වූ වා නම් ඇයට මීට වඩා හොඳ ජීවිතයක් ගෙනයන්නට තිබුනා නොවෙදැයි කෙනෙකුට ගැටලුවක් එන්නට ඇත..එහෙත් ඇය අධ්‍යාපනය නොලැබූ ගණිකාවකි..
විදුහල්පති චරිතයට පනදෙන පුද්ගලයා පෞරුශයෙන් මද බවද ඔහු කියා තිබුනි...උඩ රැවුල සිනා නොවන මූන,ගාම්භීර ටෝක් තියෙන විදුහල්පතියෙක්ම ඔහු දකින්නට කැමති වූවා වන්නට ඇත..අනේ ඔහුට සොරිය...අපි සෞම්‍ය දුටු වනම ඔහු කවුද කියා දනී එහෙත් සෞම්‍ය තුලින් ඔහුගේ චරිතය ඇද ගන්නට හඳගම සමත්ව තිබේ...
යමෙක් මෙය තවත් පොර සිනමා කෘතියක් නොහොත් සම්භාව්‍ය එකක් ලෙස දැකීමට පුලුවන් වන්නේ මෙය පරණ හඳගමගේ තවත් එකක් ලෙස සලකා චිත්‍රපටිය නොබලා සිටියහොත් පමණි..එහෙත් චිත්‍රපටිය බැලූවෙකුට මෙය අසිරිමත් ළමා කතාවකි....ළමා කතාවක් යනු ළමයින් ඇතුලත් කතාවකි...

Sunday, December 26, 2010

දෙවියෝ දුන් ටී සුනාමිය... Holy T sunami

මා සිටියේ සිටිනාමලුවේ අපේ නැන්දලාගෙ ගෙදර..ඉතින් නිමල් අයිය අජිත් අයිය සහ තව එකෙක් දෙන්නෙක් එක්ක මොනාහරි නයි ටිකක් ඇර ඇර අපි පාන්දරම වත්තෙ කඩුල්ල ලඟ තිබුන ජෑම් ගහ යට වාඩි වෙලා උන්න...ටික වෙලාවක් යද්දි අපේ අල්ලපු ගෙදර පොඩි අයියගෙ කොල්ල ඇවිත් කියපි තංගල්ලට මූද ගොඩ ගලල පොලේ අය ගහගෙන ගිහින් කියල...ගත්තගමන් අපි සෙට් එක ඌට පරුශ වචනෙන් බැන්න..මොන පිස්සුද යකෝ තොට අමු කැවිලද...ඇයි විහාරමහා දේවිල ගන්න ඕනි වෙලාද....කියල අර අල්ලපු ගෙදර පොඩ්ඩගෙ කොල්ලට හොඳටම බැනපි...
නෑ ඇත්ත දැන් රේඩි එකෙත් කියනව...ඉංදියාවටත් තියෙනවලු...ඌ මොනා කීවත් අපි නෙවෙයි සැලුනෙ...
ඊට පස්සෙ කොල්ලගෙ අම්ම ආපි ගෙදරින් එලියට අනේ මල්ලි අපේ අම්ම පොලේ ගියා පොලට මූදු වතුර දානවලු උන්දැ කොහේද මන්දන්නෙ නෑ...කෝ මේ පොඩ්ඩය්යත් නෑනෙ..කොහේ මක බෑ වෙනවද මන්ද..එතකොට තමයි තේ රුනෙ සිද්ධිය සීරියස් කියල...අජිත් අයියය් මමයි එක බයික් එකක...අපේ නිමල් ලොක්කයි වෙන එකකයි වෙන බයික් එකක...අපේ නැන්දයි එයාගෙ දූලයි අඬනව යන්න එපා කියල..
ඉතින් අපි තංගලු යනකොට ගෑනු මිනිස්සු බඩු අකුලගෙන එනව බයික් වාහන ලයිට් දාගෙන එනව....යන්න එපා බලන්නවත් කියල තමා හැමෝම කියන්නෙ..තෙමුන හවුස්කෝට් එකක් පිටින් හිටිය අම්මකෙනෙක් හෝ ගාල අඬ අඬ කියනව අනේ පුතාල ඛෙද බොලා යන්නෙ මැරෙන්නද???හිටපල්ලා බන්..හිටපල්ල..
පි යනකොය 9.40 විතර වෙලා ඒ වෙලාවෙත් රැලි ගහනව..බස් එකක ඉස්සරහ පැත්ත එක කඩේකත් ඒ එක්කම පස්ස වෙනත් කඩේකත් හැපෙන්න තරම් රැල්ල සැර්යි කිව්වම අපිත් බය උනා....ඉතින් අපිට නිමල් අයියල මඟ ඇරුන අපි තන්ගල්ලෙ ශෙඩ් දෙක ලඟට කිට්ටු උනා...මහා සෙනඟ..අපි දැක්ක පස්සෙ ආපු රැලි වලින් කෙසෙල් කැන් එලෝලු මලු පාවෙලා යනව...එතකොට මම හිටියෙ තන්ගෙල්ලෙ බෙලි අත්ත පාරෙ ශෙඩ් එක ළඟ....ගෙදර අය බයවෙන හින්ද අපි ආයෙම නැන්දලගෙ ගෙදර ගියා...අපේ නිමල් අයියනම් මිනී හෙමත් දැකල තිබුන...අපි ආවට පැයකට විතර පස්සෙ උන්දැ ආවෙ...
අපි ගෙදර අවමවත් රේඩියෝවල ඉන්න පකිස් බූරුවොන්ට තොරතුරු ඇවිත් තිබ්බෙ නෑ...එක චැනල් එකක් සුනාමි බලන්න වරායට ගිහින් සුනාමියට නැව් උඩයන හැටි විස්තර කරනව...ඒ වෙනකොට සුනාමිය ඇවිත් පැයකටත් වැඩියි..අම්පාර පැත්තට වතුර දමල ගොඩක් වෙලා ගිහින්..මම මේ ළඟ කාලෙකදි පොතුවිල් ගිහාමයි දැක්කෙ සුනාමියෙ නියම ස්වරූපය...එහෙ කිලෝමීටරයකට එහා මහ වතුර පාර ඇවිත් බිල්ඩින් කැඩිල...මිනිස්සුන්ට බුදු සරණ වෙන්න ඇති ගොඩක් අයට...අපේ බුවාල මූද ඇතුලට ගියාම මාලු අල්ලන්න ගිහින් තියෙනව සමහර හික්කඩුව පැත්තෙ උන මූදට වැටවල් ගහන්නත් සෙට් උන කියල මම අහල තියෙනව...මම දැන් ඉන්න ඔෆිස් එකේ බොස්ල ඒ වෙලාවෙ ඉඳල තියෙන්නෙ පානදුර හෝටලේක..මූද ඈතට යනකොට එකෙක් ඉඳ මේක ටිඅකක් සෙන්ටිමෙන්ටල් වෙලා කට්ටියම අඬගහම් වාහනවලින් ගිහිල්ල.


එදා මාතර කෙමෙස්ට්‍රි ක්ලාස් එකක් ශ්‍රීනාත් සර්ගෙ ඉතින් ඇතිවුන තත්වෙ ගැන පැහැදිලි චිත්‍රයක් නැති නිසා සර් කියල කට්ටියට මූද පැත්තට දුවන්නෙ නැතිව අනික් පැත්තට දුවන්න කියල...එතකොට අර මූද අයිනෙ ඉඳල ක්ලාස් ආපු ගන්දර,දෙවුන්දර,දික්වැල්ල ,මිරිස්ස,වැලිගම හිටපු කොල්ලො කෙල්ලොත් හක්මන අකුරැස්ස පැත්තට දුවල...මට මතකහැටියට එදා තිබ්බ කොමස් ක්ලාස් වගයක ලමයිටත් දුවන්න කියල තිබ්බ..


මට ගෙදර එන්න උවමනාව තිබුනත් නැන්දල යන්න එපා කිව්ව...ඉතින් ඊලඟ දවසෙ මම උදෙන්ම ගියා ගෙදර යන්න...තන්ගල්ලට ආවම ඒ වෙනකොට බසුත් ඇත්තෙම නෑ වාගෙ...හම්බන්තොට මිනී බලන්න යන්න මිනිස්සු ගොඩක් හිටිය සමහරු ගොඩක් දුකින්...සමහරුනම් මේ සිද්දියෙන් කොච්චර විපතක් උනත් ලයිෆ් එකට පහත් උන හදිසි වෙනස නිසා හරි ප්‍රීතියෙන් උන්නෙ...තංගල්ලට ආපු මට මතක් උනා අපේ ආච්චිලගෙ නෑයො වගයක් ඉන්නව බීච් රෝඩ් එකෙ...මමත් වැඩර් වාගෙ ගියා බීච් රෝඩ් එකට..යනකොටත් පොලිසියෙන් හමුදාවෙන් මුර,,, ළඟට යන්න බැරි උනත් ඈතින්ම දැක්ක ආච්චිල හිටපු ගෙදර එතන නෑ කියල..ඉතින් මම ගෙදර ගිය ගමන් අපේ අම්මට කිව්ව හරි අම්මෙ දැන් තංගල්ලෙ මලගෙදර යන්න සෙට් වෙන්න කියල.


පස්සෙ හවස ආරන්චි කරල බලනකොට නත්තල් නිවාඩුවට අපේ තන්ගල්ලෙ ආච්චි සහ පිරිස ගිහින් තියෙනව පුතාල බලන්න කොළඹ..නත්තල් නිවාඩුවට...


ඉතින් අපේ තාත්ත මට කොන්තරත් එකක් බාර දුන්න පාරට ගිහින් බලන්න ආදාර එකතු කොරනවද කියල....අර ලොකු එකාට  කියන්න උදෙන්ම සූට් එක ගහන් සිරි බලන්න යන්නෙ නැතිව පොල් ගෙඩි ටිකක් කඩන්න කියල...දැන් තාම බැංකු හෙමත් වැඩ නෑ...අර බැංකුවෙ ගෑනිගෙ මොකෙක්ද නැති වෙලා කියල හොයනවලු..නිවාඩු දමල( ඒ කීවේ ග්‍රාමීය බැංකුව ගැනය එවිට ලඟ තිබූ නගරයේ බැංකුද බොහෝවිට එසේම විය...)...


මා පාරට යනවිට බොහෝ පිරිස් පාරේ ආදාර එකතුකරමින් සහ යමින් සිටියහ...කුඩාම සයිස් කොල්ලන් කෙල්ලන් කීපදෙනෙකු හැරුනවිට පාරේ යන බොහොමයක් මිනිසුන් මරණ මෙන් සුදුමැලි උන්විය...ටීවී වල වැඩියෙන් පෙන්නුවේ කෝච්චියේ විස්තරය උවද හම්බන්තොට තතවය බොහෝ දරුණු විය...පවුල්වල පොලේ ගිය බොහෝ දෙනෙක් මුහුදේ විය හැකි බව බහුතර අදහස විය...එහෙත් ඉන් දින 2-3කට පසුව කරගන් ලේවායේ(දැන් වරාය හැදෙන හරිය ) කෙළවරවලට ගසාගෙන ගිය මිනීබැකෝ වලින් පැටවූබවත් බොහෝ ඒවා කුනු ගඳින් යුතු වී ඇති බවත් ආරන්චි විය...එකෙක් මැරිච්ච මුස්ලිම් ගෑනියෙක්ගෙ මාලයක් කඩන්න පහත් වෙලා  අක්කේ කියාගෙන...ඌව දෝසරෙන්ම ගහල මරල මිනී ගොඩටම දාල ...එය ඉතා කැත උවත් සිදුවුනු සිද්දි අටෝරාශියකින් එකකි..


අපේ "නෝනක්කා" නැමැති ලොකු අම්මාගේ මහත්තයාගේ නංගී සුනාමි දින හම්බන්තොට පොලේ ගොස් යලිත් කිසි දිනෙක ආවේ නැත..ඇය ඇගේ ළමයා අතින් ගෙන සිටි අතර තවත් ළමයෙක් ඇයගේ කුසින් ජනවාරියේ උපදින්නට සිටියේය.


මියගිය පසුව ඇගේ කිසිවක් සොයාගත නොහැකිවිය නමුත් සුනාමියෙන් මාස 6කට පසුව මා ඇය මැරුන පසු ඡායාරූපයක දිටිමි....හම්බන්තොට කරගන් ලේවාය අසබඩ හමුදා සෙබලු කිහිපයක් මැද මිනිය පටවන්නට මොහොතකට පෙර ගත් එම ඡායාරූපයේ ඇය ඇගේ ලැබෙන්නට සිටි දරුවා හදිසියේම වදා තිබිනි..උන් මියගොස් සිටි ආකාරය කෙතරම් ඛේදජනකද...මා එය දුටුවේ එන්ජී ඕ කාරයෙක් පිටරටට පෙන්වීමට( ආධාර එකතු කර ගැනීමට ) එකතු කරගත් පින්තූර ගොඩකිනි...මා එය ඉන්පසු කිසිවෙකුටත් නොකීමි..
මන්ද ඇගේ තුන්මාසේ දානය දින තබා තිබූ ඇගේ රූපයට වඩා බොහෝ අර පින්තූරය පීඩා ගෙනදෙන්නක් වූ බැවිනි.
සුනාමිය ගැන බොහෝදේ ලීමට ඇතිමුත් මටත් කියවන ඔබටත් මෙය පොතක් නොව බ්ලොගකි...
මා මෙය දෙවියෝ දුන්නා යැයි කීවේ අපිට ලොකු වෙනසක් වන්නට සහ යලිත් පෙර පරිදි ආත්මාර්ථකාමී වී ගසා කන්නට බහුතරයකට ටික කලක් ගතවුනු බැවිනි...ඇත්තටම මනුශ්‍යත්වය බොහෝ සුන්දරය...මා සුනා මියට පසුදින පාරේ සිටිනවිට බුලත් කහටින් පාට උන කටින් හද්දා පරණ ට්‍රැක්ටරයකින් වැරහැලි ඇඳ මහ මුට්ටියකුත් කොස් ගෙඩි 20-30ක් පටවාගෙන පවුලක් තංගල්ලට ගියෝය..එය ඔවුනට කලහැකි උපරිමය විය...මා එය බාලාසිට තාත්තා දුන් පොල් මල්ල පසුව ආ කොස් පිරුණු ලොරි භාගයකට පටවා යැවීමි..