Thursday, February 24, 2011

the doctor's childhood

තමන්ගෙ ළමය වෛද්‍යවරයෙක් වෙනව කියන්නෙ හීනයක්..ඉතින් මෙඩිකල් ෆැකල්ටි එකකට තමන්ගෙ ළමය තේරෙනව කියන අතිශය දුර්ලභ අවස්ථාව ලබාගැනීමත් එක්ක හැම දෙමාපියෙක්ම හිතන්නෙ ඒළමය දොස්තර කෙනෙක් තමයි කියල....ඒත් එහෙව් වාසනාවක් තිබුන ළමයි පිරිසක් අද ජනාධිපති තුමා හමුවෙන්න කියල ඇවිත් මලකඩ පාට වතුරෙන් සංග්‍රහ ලැබුව...
ඒ ලමයිට ඉන්න හිටින්න තැනක්..
උගන්නන පිළිගත් ආචාර්ය්වරු..
වාගෙම වෛද්‍ය්වරයෙක් වෙන්න අවැසි බොහෝ දේ අහිමියි..
ඉතින් ඒව ඉල්ලල උද්ඝ්හෝශකයින් ජනාධිපතිතුමා හමුවෙන්න ඉල්ලුවහම ලැබුනෙ අධිපීඩනයෙන් යුතු බොර පාට වතුර...
ඒ අය තමන්ට රස්සාවක්..පුතාට ඉස්කෝලයක්...හෝ තමන්ගේ පඩි පිණිස උද්ඝෝශනයට ගිය අය නෙමෙයි..රටට සුදුසුකම් සපිරි වෛද්‍යවරයෙක් දායාද කරන්න අවස්‍ය අවම පහසුකම් දෙන්න කියල තමා ඉල්ලුවෙ.. මේ අය රජරට කැම්පස් එකේ වෛද්‍ය පීඨෙ අය...ඉතින් තව හිතන්න මේවාගෙ දේවලුත් අපේ ආශ්චර්ය දේසෙ තාමත් වෙනව කියල..

Monday, February 14, 2011

වැලන්ටිනෝ රාත්‍රිය....

අසංක ආව විදිහ අමුතුය..ඔහු අද බොන දවස වාගේය..මට හිතුනා හරිය බියර් කෑන් 4ක් මල්ලෙන් එලියට විත් පෙට්ටිය උඩ විය..ඉන්පසු පාර්සල් ඩෙවල් බයිට් මික්සර් ආවේය..අද අසංක බොන දවස වෙයි..එනම් අද ඌ ගෙන් මට පින් අඩියක් ලැබෙන දව්සය..මූ නිතර බොන්නේ නැත..හදිසියේ බොයි..මූ මොන මලගෙදරක මඟුල් ගෙදරක ගියත් අනික් උන් සියලු දෙනා බිව්වත් මූ බොන්නෙ නැත..වහින්නේ මොන වාගෙද ආන්න ඒ වාගෙ ය මුගේ බීම..මේ දේ නිසා..මෙහෙම බොනවා කියා එකක් නැත..සමහර දිනෙක බෝතල් අරන් එයි කඩයි මහා කඩිමුඩියකින් බී නිදා ගනී..තව දිනක අයින්ස්ටයින්ගේ බාප්පා සිටියත් උත්තර දිය හැකි රුවිත ගැටලු ඇදබබා අනුන්ගේ ප්‍රශ්ණයකට බොයි..


මුගේ ඔපිස් යාලුවෙක් සිටියේය..ඌට පිළිකාවක් හැදී මලේය..මල යකා අසංකගේ බුදු ෆිට් එකක් නොවේ එහෙත් පිළිකාව නැසීමට වියදන් එකතු කිරීමට බොහෝ මහන්සි වීය..දවස් දෙකක් නිවාඩු දමා ඉස්පිරිතාලෙ හිටියේය..මල එකා මහ මුඩුමයෙක් විය..ඌ වෙනුවෙන් නැවතීමටවත් එකෙක් නොවීය..කොහේ හෝ යන මහා කරුණාවක් පහල වී ඌ වෙනුවෙන් බොහෝ මාන්සි විය..එහෙත් අරුමෙට මිනිහ මලා නේ..පස්සෙ පොර මලගෙදරත් බොක්කෙන් වැඩ..ඒකට මිනිහට අප්සට් එකට බොන්න ගත්තෙ ඊළඟ පඩි දවසට..මනුස්සයෙක් මැරෙන්නෙ මොනතරම් අමාරුවෙන්ද උගේ බොනටෝකේ මාතෘකාව එය විය..
දැන් වටාරන් ගැහුව ඇති දාමු ස්ලයිඩ් එක...කතාව මුල ඉඳන් ඔහුගේ බසෙන් කීම ටිකක් බලන අයට අමාරු වෙයි වාගෙ ඒ නිසා ස්ටෝරිය කෙලින්ම කියමු නේ...

එතකොට මට 14යි අපේ මාම බැන්දෙ මට 14 වෙද්දි...මඟුලට ගිහින් මට අනූ මුනගැහුනෙ..අනූ හරි ලස්සනයි එතකොට අනූට 16යි..ඇත්තටම මට අනූව මීට් උනේ එදා..ඒත් සෙට් උනේ පස්සෙ..
අනූ කියන්නෙ මගේ අක්ක කෙනෙක්..අපේ මාම බැඳපු නැන්ද ඉන්නෙ බන් අර සුදු කට සැර තොට මතක ඇති අර වෑන් එකෙන් ආව මාමගෙ වයිපරේ..දානෙ දවසෙ..අනූ කියන්නෙ එයාගෙ අක්කගෙ දුව..
ඒ දෙන්න බැඳල අවුරුදු 2කට පස්සෙ අපේ ගෙදර ආව සිරීපාදෙ යන ගමන්..මම ඒ අය එනකොට ගෙදර හිටියෙ නෑ..පස්සෙ ඒ අය යන්න හදනකොට තමා මම ආවෙ අනූව දැක්ක ගමන් මට මොකක්ද උනා වාගෙ..ස්ටක් උනා..කෙල්ල හිටියෙ වීදුරුව ගාව වෑන් එකෙ..ආ මේ ඉන්නෙ අසා පච කියන්න සින්දු කියන්න සෝක් බඩුවක්..මෙයත් අරන් යන්..ඒ අපේ මාම..පස්සෙ මමත් තිබුන ක්ලාස් බල්ලට දාල ගමනට සෙට් උනා...
ඉතින් උඹල සෙට් උනා

ඒ දෙන්න බැඳල අවුරුදු 2කට පස්සෙ අපේ ගෙදර ආව සිරීපාදෙ යන ගමන්..මම ඒ අය එනකොට ගෙදර හිටියෙ නෑ..පස්සෙ ඒ අය යන්න හදනකොට තමා මම ආවෙ අනූව දැක්ක ගමන් මට මොකක්ද උනා වාගෙ..ස්ටක් උනා..කෙල්ල හිටියෙ වීදුරුව ගාව වෑන් එකෙ..ආ මේ ඉන්නෙ අසා පච කියන්න සින්දු කියන්න සෝක් බඩුවක්..මෙයත් අරන් යන්..ඒ අපේ මාම..පස්සෙ මමත් තිබුන ක්ලාස් බල්ලට දාල ගමනට සෙට් උනා...
ඉතින් උඹල සෙට් උනා

පනිට්ටුව අරන් කඹේ අරන් යකෝ පාරෙ යන්නෙ පෙරහැරට නෙමෙයි නාන්න නාන්න...
අපි නෑව..දෝරෙ ගලන්න ලව් නෑව..ඒත් අපි හමුවුන පලවෙනි වතාව..මට කෙල්ලෙක්ගෙ ඇඟිලි වලින් එහාට විඳින්න ලැබුන පලවෙනි වතාව..
සේරම දේවල් කියන්න ඕනි නෑ..අපි සෙට් උනා..ඒත් අපි කතා කරන්න දෙයක් තිබ්බෙ නෑ..
මොනව කියවන්නද බන්..

කෙල්ල සින්දු කියන්න දස්සයි..මමත් ඉතින් ඒක කොරනවනෙ බන්..ඒකෙනුත් සෙට්..මුල හරියෙ ටිකක් නගිනව හති අරිනව ගලක් උඩට වෙල..පස්සෙ එක තැනකදි කූඩැල්ලො එල්ලෙනව අනූගෙ කකුලෙ..හරි සුදු පාටයි..මට කූඩැල්ල එක්ක මලම පැන්න..අසා මූ ගියාට තවම ලේ ගලනව නේ..ඉතින් අනූ දැන් කූඩැල්ල නෑ හලෝ...ඔයා ඒ පැත්ත බලන්නෙ නැතුව ඉන්න..මේතරම් ලස්සන ඛාන් කෙනෙක් ඉද්දි මොන කූඩැල්ලොද හලෝ..
මෙන්න ඛාන්..කූඩැල්ලොත් දුවනව මේ ඛාන් දැකල..
මම ඛාන් වුනත්..නොවුනත් ඔයානම් නිලියක් වාගෙ..
මට මාර සන්තෝසයි..බහින කොල්ලො මාර ඉරිසියාවෙන් බලනව මගේ දිහෑ..
ඕක නවත්තන්න අසා..
ඔයා පොඩි ළමයෙක්..
අනූ අක්කෙ වරදක් උනානම් සොරි..ඒත්,,..
.සොරි ඕනි නෑ ඔය ඇති හරිද...
ගොඩක් සන්තෝස ගමන..අපි ගොඩක් හොඳට මොනව උනාද දන්නෙ නෑ..ඒත් මට හරි දුකක් ආව අපි වෙන් වෙනකොට..එනකොටත් අපේ ගෙදර ආව අනූ..එයාට ඕනි උනා අපේ ගෙදරින් මල් ඉත්තක් ඉතින් මම දුන්න,..ඒක හරි සෙන්සිටිව්..සීන් එක

කෙල්ල වෑන් එකේ වීදුරුව ළඟ..මම මල් ඉත්ත දුන්න...මගේ දිහා බලාගෙන හිටිය..ආයෙ හමුවෙමු කීව..ඒ කිව්වෙ මම..ඒත් උත්තර ආවෙනෑ...
මුකුත් අපි 2 ගැන කතා උනේ නෑ...ඒත් හරි පුදුමයි..මම ඊට පස්සෙ පස්සෙන් ගිහිපු කෙල්ලො තුන් දෙනාම දත් පොඩ්ඩක් ලොකු හීනි ඇස්...තිබුන අනූ වාගෙ අය..මොන කෙහෙම්මලකට උනාද මන්ද මම කැමතිම ෆෝමැට් එක උනේ අනූ...
අනූ කලිසම් ඇන්දෙ නෑ..ඉතින් කලිසන් අඳින උන්ට මං කැමති උනෙත් නෑ..
අද මම ගියෙ අනූලගෙ ගෙදර...අනූ දැන් 32ක් විතර වයස..ඒත් තාමත් ඒ වාගෙමයි..ටිකක් මහතයි..ඒත් ටයර් නෑ..

මම කලින් කියපු ට්‍රිප් එක ගිහින් මාස 6කින් අනූ බැන්ද..මාස 5න් බබා ලැබුන..කෙල්ලෙක්
ඒ කෙල්ලට ගනන් උගන්නන්න තමා ගියෙ..කෙල්ල 9 වසරෙ..ඒ උනාට ටිකක් ලොකුයි..
අපි හරි හදිසියෙන් හමු උනේ...අනූ මට දානෙකදි සෙට් වෙලා තමයි මම ක්ලාස් කරනව කියල දැනගෙන දුවට ක්ලාස් කරන්න කීවෙ..දැන් 4 වෙනි දවස...

දැන් අනූට කොල්ලෙකුත් ඉන්නව ඌ නම් ලබන අවුරුද්දෙ මොන්ටි සෝරි..
අනූගෙ දුව අන්ජලී..එතකොට එයත් අනූ තමා..නම වාගෙම අම්ම වාගෙමයි..හැබැයි පොඩ්ඩක් විතර මහතයි තාත්ත ටිකක් මහත නිස වෙන් ඇති..
ඒ කෙල්ලත් අනූ වාගෙමයි..හිනාව කතාව ඔක්කොම..මම මොනාහරි පොඩ්ඩක් සැර කලාම මගේ මූන දිහා බලන් ඉන්නව...මට මාර අප්සට්..

අසංක මාමෙ මේ ගාන අපේ ටීචර් කියලදුන්නෙ මේම..ඔයා හරි ලේසියට කියල දුන්න..
මම එක දවසක් ගියෙ නෑ..කෙල්ල ගොඩක් දුකෙන් ඉඳල..මට කෝල් කලා..පස්සෙ දිගටම කෝල් කරනව...
ඉස්කෝලෙ යාලුවොන්ගෙ විස්තර...ටීචර්ල ගැන ඒව..එයා කැමති දේවල් ගොඩාක් දේවල්...
මම දැන් ගෙදර යනකොට කෙල්ල නිකම් මඟුලෙ යන්න වාගෙ ලස්සනට ඇඳල ඉන්නව...උඹට බොරු ඕනි නෑ..මටත් නිකම් මොනාද වාගෙ..

සිංහලෙන් කිව්වොත් දැන් ස්ටෝරිය යන්නෙ ලව් පැත්තට..
දවසක් රෑ අංජලී කතා කරනකොට ඔන්න අම්ම එනව කියල තිව්ව..තිව්වට ෆෝන් එක කට් උනේ නෑ...මොනාද දුව මේ මහ රෑ කතා කවුද ඔය...මේ යාලුවෙක්..යාලු වො උනත් වැඩිය බෑ හරිද පාඩම් වැඩ මුලට...
අංජලී කතා කලා ඊයෙ රෑ...මට අද උදේ එන්න පුලුවනිද කියල ඇහුව එයා ස්කූල් වෑන් එකට එන තැනට උදේ 06:50ට මමත් අද පාන්දර ගියේ එතෙන්ට..මට පාර්සලයක් දුන්න ටියුලිප් බෑග් එකක දමල..දීල සිං ගාල ගියා පස්සෙ බලන්න කියල..

.කෙල්ල ස්කූල් කිටට උදේ පිපුන ලස්සන වතුසුදු මලක් වාගෙ..
මම එතනදි කතා කරන එක හොඳ නැති නිසා එහමම ඇවිත් මඟදි බැලුව...
මෙන්න මේක..
(මල්ලෙන් ඇද ලස්සන රෝස මලක් පෙන්වීය )

හප්පට සිරි කෙල්ල එහෙනම් කරල තියෙන්නෙ..අද වැලන්ටයින්ට පින්සිද්ද වෙන්න..
ශෑ... බන් ඒත් 9 වසෙරෙ කෙල්ලෙක්..
උඹ ....හනේ මන්ද..
උඹ ඔය කෙල්ලගෙ අම්ම දන්නවනෙ.අනික පරන ලව් එකක් නේ...ටෝක් කරල බලපන් චාන්ස් එකක් එයි..
පොඩි එකෙක් එක්ක සෙල්ලම් හරි නෑ වාගෙ බන්..

තොගේ වැඩේ කාව වගේ එක්කො අර කොම්පීටරේ,,නැත්නම් පොතක..උඹ දන්නෙ නැද්ද පරණ පොරවල් කියන්ව..ආදරේ තියෙන්නෙ..අත් දෙක අතරෙ තියෙන හදවතේ මිස කකුල් අතරෙ නෙමෙයි කියල...
උඹනම් මහ මැටි හරකෙක්...අර වැල කතා වල වගේ කොහෙන් හරි සෙට් වෙලා අවසානෙ ගේම...තොට පින් අඩි දෙනවට මට ගහන්න ඕනි...

උඹ ගැන විශ්වාස කරපු අනූ..උඹ අමාරුවෙන් හදාගනිපු ටියුශන්...තියෙන කාඩ් එක...ඔක්කොම දීපන් අංජලීට..පොඩි කෙල්ලෙක් කියල තොට හිතෙන්නෙ නැති එකට මට කරන්න දෙයක් නෑ..මම දන්නව උඹ ව වෙනස් කරන්න බෑ...ඒත් ටිකක් හිතපන් පොඩි එකී ගැන...

මම අනූ එක්ක ට්‍රිප් එක ගිහින් සතියකින් කෝල් එකක් ආව අනූගෙන් ..මම ගියෙ නෑ..එයාගෙ පස්සෙ ආපු සල්ලි කාරයෙක් අනූව බැන්ද..මම අවුරුදු 12ක් විතර ටියුශන්,ජොබ්,කැම්පස් වල අනූව හෙව්ව..දැන් ඉන්නව ඒත් එදා මම පොඩියි..ඒත් අද..
මාස ගනන් ටෝක්...වරු ගනන් පැණි...කිසි දෙයක් නැතුව මට අනූව හමු උනේ..මට ළඟටම ඇවිත් අත වැනුව...පස්සෙ ..මගේ ළඟ හිටපු ශිෂ්ඨ සම්පන්න යහපත් අහින්සක..කියන ලේබල් කාරය මට අනූව නැති කලා..

එදා
අනූට සල්ලි තිබ්බ..එයා ගොඩක් දුර උන්න...තව මට වඩා එයා වැඩිමල්..මම එහෙම හිතුවෙ..පස්සෙ මම නැතිකොට....එයා ළමයෙක් එක්ක කසාද බැන්ද කියල මට හිතෙන්නෙ...මම වැරදි වෙන්න පුලුවනි..ඒත් තමන් වැඩිපුර ලව් කරපු කෙනා නැතිකොට දැනෙන මහ පාලුවට කෙල්ලොන්ට බොන්න බෑ..අපිට වාගෙ..ඉතින් කොහොම හරි පාලුව නැති කරගන්න බලනව...

කටුනායක කෙල්ලො..ඔපිස් ගෑනු..කැම්පස් කෙල්ලො තමන්ගෙ කොල්ල හරි මිනිහ හරි දුර වාගෙ දැනුනම පාලුව නැතිකරගන්න වෙන අයට එකතු වෙනව..ඒත් එයාලගෙ සිහින ලෝකෙ තිබ්බ තැනමයි..අපිට පේනව කෙල්ල වෙන කාත් එක්ක හරි යනව..ඒත් ඇත්තටම කෙල්ලට ඒ අලුත් බුවා පේන්නෙ පරණ එකාගෙ හොල්මන වාගෙ..

උඹට මතකද මට හිටිය කෑල්ලක් සංසලා කියල..ඒකි මට හැමදාම දොස් කියනව ..මම ඒකිට බනින්නෙ නෑලු..එයාව හදාගන්න බලන්නෙ නෑලු..කලින් හිටපු කොල්ල හොඳට බැනල කෙල්ල හදාගන්න හදපු එකෙක්..පොඩි වැරැද්දක් උනත් පෙන්නල දෙනව..
මම එක්ක හිටියත් හිත කැමති වෙනමම හීනෙකට..
මම බනින්නෙ නැති එකෙන් ඒ කෙල්ල හිතුවෙ එයාට ආදරේ නෑ කියල,,..
අපේ ආච්චි බැන්දෙ 15න්...සීයට 14යි..ඒ කාලෙ ඒව හරි සාමාන්‍යයි...ළමයි 9යි..
අංජලී අත හරින්න පුලුවන්..ඒත් කවුරු දිනවන්නද??/
නීතිය සදාචාරය...අංජලී හැමදාම මාව හොයාවි..මමත් එයාව හොයයි..
බලමු...
සමහරවිට මල විහිලුවක්ද දන්නෙත් නෑ..

Saturday, February 5, 2011

ඩී ඇස් මහතා සහ ගංවතුර...DS & Flood


අපි ගමේ උදවිය ලෙසනම් අල්ලපු ගෙදර මරනයක් නම් අපේ ගෙවල් වල ජෝගි නටන්නේ නැත කොටිම්ම සින්දුවක් වත් දමන්නට අපේ ආච්චිලා සීයලා ඉඩ දෙන්නේ නැත...ප්‍රේමදාස,,ලලිත්,,ගාමිණී මියයන විට මා විශාල එකෙකු නොවීය,,එහෙත් මගේ මතකය මට මතක් කොරල දෙනව ඒ කාලෙ තිබුන රේඩියෝ එකේ එක සින්දුව ගියේ නෑ ප්‍රේමදාස උන්නැහෙගෙ මිනිය වලලනකල්..

මම පෞද්ගලිකව හිතන්නේ අද ඩී ඇස් මහත්තය සුවෙන් සනීපෙන් හිටිය නම් කවදාවත් උන්දැ නිදහස් උස්සවේ සමරන්නෙ නැහැ..මොකද ගල් ඔය මිටියාවට්තේ..පොලොන්නරු රජරට භූ මියෙ උන්දැගෙ මූලිකත්වෙන් අස්වද්දපු කුඹුරු දෙවෙනි පාරටත් ආපු මහ ගංවතුරට යට වෙනකොට උන්දැ මෙහෙට වෙලා පිස්සු කෙලින එකක් නෑ කියල තමා මම හිතන්නෙ..අම්පාර,පොලොන්නරුව, අනුරාධපුරය කියන ඒව අපේ රජ ගොල්ලගෙන් පස්සෙ ආයෙම මනුස්ස ජනාවාස විදිහට දියුණු කොලේ අපේ ඩී ඇස් උන්නැහේ තමයි..
නිදහස් දවසෙ දැම්ම ටී වී එක.. ඔන්න කියපි බේරගන්න ගිහිපු බෝට්ටුවක් ගිහිල්ලලු මිනිස්සුත් එක්කම ගහගෙන..ඊට පස්සෙ නිවුස් එක උනෙ මහා ජාතික පෙළහර දැයට කිරුළ..ඇඩ් තියෙන්නෙ ලෝක විනාසෙ ගැන නැත්නම් කුසලානෙ ගැන..කුසලානෙ ගත්තම අර පොලොන්නරු අනුරාදපුරේ අනාත වෙලා ඉන්න උන්ට එක කැඳ ඩිංගක් හම්බ වෙනවද කියල මේ කොළඹ මහ ලොකු උන්දැල හිතන්නෙ නෑ..
එක චැනල් එකක පෙන්නුව බේරගන්න කියල බෝට්ටුවෙන් ගියත් කුඹුරු යායක දූ කුට්ටියක හිරවෙලා හිටපු මහ උන්දැල කීප දෙනෙක් කපාගත්ත අස්වැන්න දමල අපිට එන්න බෑ කියල උන්නලු..
.මම කියන්නෙ අනික් හැම වෙලාවටම කරනව වාගෙ ආධාර එකතු කරන්න කියල නෙමෙයි..

යකෝ මේ වාගෙ විපත ක් වෙන වෙලාවෙ අපේ ටී වී රේඩියෝ ටිකක් ඔය මහ සක්කිලි නැටුන් නවත්තල බෝධි පූජාවක්,,විසේස කන්නලව්වක් වාගෙ එකක් සංවිදානෙ කොරල මේ දොඹගෙඩි වරුසාව නතරවෙන්න කියල දෙවි උන්නාන්සෙලාගෙන් හරි ඉල්ලනවනම්..ඔය අනාත වෙලා ටීවී එකට රේඩි එකට කන තියාගෙන දැන් අපේ වැව බිඳිලද කියල අහගෙන ඉන්න..අනේ අපේ ගොයිතැන්,,ටික කියල හූල්ලගෙන ඉන්න අපේ අහින්සකයො ටිකට මහ සහනයක් එනව නෙව..

2 වෙනිද රෑ අම්පාරට එනවුන්ස් කරගෙන ගියලු ඇතිවෙන කරදරයකට සූජානමින් ඉන්න කියල කාන්ඩෙට..ඉතින් ලමයි ලපටි ටික නිදි කොරවල ලයිට් දාගෙන ගෙවල් වල උන් පාරවල් වලට බැහැල උදේ වෙනකල් පහන් කෙරුවලු..මොකද සාගරේ වාගෙ තියෙන සේනානායක සමුද්‍රය වාගෙ මහා ධාරිතාවයක් තියෙන එකක බැම්ම ගහල ගියොත් ඉතින් සුනාමියට අන්තයි නෙව..ඔය වාගෙම තමයි අනුරපුරෙත් එහේ නාච්චදූව (මට මතක විදිහට ) වැව බැම්මට පහල අය අයින් කොරල තිබුන..කට්ටියක් එක ස්කෝලෙකට දැම්මම ඒකත් යටවෙලා..ඒ පාර ගෑනු නාකි,,ළමයි ඔක්කොම බඩ හරියට තියෙන වතුරෙ ලනුවකින් අමාරුවෙන් එල්ලිල එනව පෙන්නුව...හප්පේ ඒ සැඩ පාරෙ සැර ඇඳුන් ආයිත්තන් උනත් ගලවල යන්න වතුර..

දව්සක් අපේ ඩී ඇස් උන්නැහෙ ගමනක් යනව රථෙන්..ඉතින් මඟ තියෙනව මහ මඩවලක්,,ඔතන කරත්තකාරයො දෙන්නෙක් කරත්තෙ එරෝගෙන මහ වීරිය අරගෙන උස්සනව කරත්තෙ..ගොනාටත් ඒ අස්සෙ බනිනව යන්න කියල..මොන ,,,කරත්තෙ නෙවෙයි ඩිංගක්කත් හෙල්ලුනෙ..අපේ ඩී ඇස් මහත්තැන් දැක්ක මේ සන්තෑසිය..බැස්ස රථෙන්..බොලා නැගපල්ල කරත්තෙට කියල..එරිල තියුන රෝදෙ උස්සල කිව්වලු හා දැන් දක්කපල්ල කියල..ඉතින් ඉතිරි රෝදෙ හරි ලස්සනට කැරකිලා කරත්තෙ ගොඩ ආවලු..ඩී ඇස් මහත්තැන් හරි කෙරුම වගේම මහ හක්තියක් තිබිල තියෙනව සරීරෙ..

ගල් ඔය ව්‍යාපාරය,,ගොවි ජනපද ආදී කරුමාන්ත වලින්,, වල් බිහි වෙලා තිබුන රජරට නැගෙන හිර නැවත ජනාවාස කලේ අපේ ඩී ඇස් උන්නැහෙ තමයි..උන්දැ ඇවිල්ල කෙලින්ම මේ වැඩ ගැන හොයල බලල බොහොම උනන්දුවෙන් මේවෑ කොලා කියල තමයි අපේ පරණ උන් කියන්නෙ..ගොඩක් අය හිතන් ඉන්නව සුද්ද දුන්න අපිට හම්බුනා ඊට පස්සෙ අනික් උන් සුද්දටත් වඩා හොඳට කෑව කියල..ඒත් මම මෙතෙක් කාලෙකට අහපු දැකපු මිනිස්සුන්ගෙන් පරණ සිංහල මිනිස්සුන්ගෙන් රහසින්වත් වැරැද්දක් නොඅහපු ,,,පෙනෙන අදටත් දැනෙන වැඩක් කරපු මහ ලොක්කෙක් තමා ඩී ඇස් කියන්නෙ..

මේ කියන්නෙ ටී වී එකට පත්තරේට පේන්න ආධාර බෙදන්න ගියේ නෑ කියල දේශපාලන උන්දැලට බනිනව නෙමෙ...අපිට හෙට වෙනුවෙන් වෙනුවෙන් ඉන්දපු බෝග ගොඩක් විනාස වෙල,,,කුඹුරු අක්කර දාස් ගානකට එකපාර ඩෝං ගාල වැඩේ සිද්ද වෙලා...දැනටත් එලෝලු 250g හැටයි..එතකොට මේ විනාස උන බෝගවල එන්න තියෙන අස්වැන්න හෙට අනිද්ද වෙනකොට එන්නෙත් නැහැ...

ඉතින් අදහෙට ගංවතුර යනකොටම ආධාර ,,,,කෙටිකාලීන සීඝ්‍රව අස්වැන්න දෙන ආහාර බෝග,,පෝර..තෙල් හෙම ගොයියට නොලැබුනොත්...ඔය රතුපාට ..කොළපාට,,,නිල්පාට ඔක්කොටොම රුපියල් දාහට එලෝලු 4ක් යාන්තන් ගන්න ලැබෙන වාසනාවන්ත දිනය ලෝක කුසලානෙ අවසානෙම ලැබේවි..

මහත්වරුණි තව බැනගන්න,,තව ගහගන්න,,තවත් මීටින් තියන්න,,පුලුවන් තැනින් ගසාකන්න,,මට කොටහ ලැබේ නම් දෙන ඕනෑම තැනක් ලෙවකන්න,,,විපක්ශය යනු ආන්ඩුවට බැනීම පමණක් බව සිතන්න,,ජනතාවට විමුක්තිය උදාවන්නේ ආන්ඩුව පෙරලීමෙන් බව සිතන්න..දැන් රෑට කතා ටික බලල හෙට උදේට නැඟිටල බලන්න පෙනේවි...ආසියාවේ ආශ්චර්යය

Monday, January 24, 2011

මට හීනයක් වගේ,,,,


මට සීතලයි..එහෙනම් ගිනි ගොඩක් ගන්න,,නැතනම් ප්ලේන්ටියක්..
මට තනියි...මම බල්ලෙක් අරන් දෙන්නම්...
මට පාලුයි...හා ඒකත් බල්ලගෙන්ම කරගන්න පුලුවන් වෙයි අනේ,,,
මට මේ ලෝකෙම කරුවලයි වාගෙ... 
සිම්පල් නේ..CFඑල් තියෙන්නෙ..අලුත් ඇඩ් එකක් යනව දැක්කෙ නැද්ද මාරයි මෙයා...
ඔයා කියන්නෙ බල්ලයි ,ගිනිගොඩයි , CF එලුයි තියනවනම් මට ඔයාව ඕනි නෑ...
අලුත් විදිහට හිතන්න අනේ...
එහෙනම් ඔයාට පුලුවන්නෙ පරන සබන් ලික්විඩ් එක ආයෙ අරගෙන අලුත් සබන් කෑල්ලට ඔව්ව කියන්න...
ලික්විඩ් ඉවර වෙයි...
ඒත් සබන්,, වතුර එනතරමට පෙනදායි..මම නෙමේ අපේ අම්ම මට කීවෙ...
අපි ට වඩා කල් ගතවෙන විසඳුම් වගේ ඒව අපේ අම්මට තියෙන්නෙ ඔයා කීවට...
හ්ම් ඒ කියන්නෙ මෙච්චර අවුරුදු 3ක් තිස්සෙ කරපු මාව එපා...
ඔයත් වෙන මල් වගේමයි..සුලඟ දෙසට නැමෙන..
මම කිව්වද නෑ කියල,.,ඔයා ලියපු කවි කියෙව්වට ඇප්‍රෑව්ඩ්(approved) සී ල් තීවෙ නෑනෙ..
ඔයාට තේරෙන්නෙ නැද්ද මගේ ආලෙ අනේ,,...
මේක හරියන්නෑ පස්සෙ ආත්මෙකවත් ඔයාට සොඳුරු මූනට ගින්දර හදවත ආවෙ නැතොත් බලමු
ආලෙන් කාල,,ආලෙන්ම බීල,,,ආලෙ ඉඳල ආලෙම නැඟල යන්නත් පුලුවන් ආත්මෙක...

Sunday, January 23, 2011

ටවර් හෝල් කලම්බෝ (Tower hall-Colomboo)

මරදාන ටවර් රඟහල සියලු පහසුකම් සහිතව නවීකරණ කටයුතු පසුගියදා අවසන් විය. එය නැවත විවෘත කිරීම නිමිත්තෙන් සම්මානනීය නාට්‍ය උළෙලක් පැවැත්වීමට ටවර් හෝල් රඟහල පදනම කටයුතු යොදා ඇත.
ඒ අනුව ජනවාරි 26 සිට 31 වන දින දක්වා දිනපතා පස්වරු 3.30ට හා 6.45ට මෙම නාට්‍ය උළෙල පැවැත්වීමට නියමිත බව ටවර් හෝල් රඟහල පදනම පවසයි.
එම නාට්‍ය උළෙලේදී පහත පරිදි නාට්‍ය තිරගත වනබවද සංවිධාකයෝ පවසති.
ජනවාරි 26 – රාජිත දිසානායකගේ ‘සිහින හොරු අරන්’
ජනවාරි 27 – ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘මකරාක්ෂයා’
ජනවාරි 28 – රවීන්ද්‍ර ආරියරත්නගේ ‘බල්ලොත් එක්ක බෑ’
ජනවාරි 29 – ජාලිය රාජපක්ෂගේ ‘සොකරි නාටකය’
ජනවාරි 30 – පරාක්‍රම නිරිඇල්ලගේ ‘මැටිකරත්තය’
ජනවාරි 31 –කලම්බෝ...කලම්බෝ ගැන බූන්දිය කියන දේ මෙතන ඇති කලම්බෝ ආයෙත් පෙන්නන්නෙ කොහේද කියල හොය හොය හිටිය...
අලුත් විදිහක නාට්‍ය විදිහක් බලන්න කැමති අය 31 ටවර් හෝල් එකට එන්නකියල මගේ බ්ලොග බලන හිතවතුන්ගෙන් ඉල්ලා සිටිනව...

මීට කලින් 31 පෙන්නන්න ඉඳල තියෙන්නෙ වෙන නාට්ටියක් මම පෙරෙයිද ටවර් එක ලඟින් එනකොට දැක්ක කලම්බෝ කියල නාට්ටිය වෙනස් වෙලා..පෝස්ටරෙත් අවසාන නාට්ටිය කලම්බෝ කියල වෙනස් වෙලා තිබ්බ...ඒත් තවම සමහර බ්ලොග් වල තියෙන්නෙ පරණ නාට්ටිය... 

වැඩිදුර තොරතුරු ඒ කීවෙ කෝමද කොතනින්ද ටිකට් හෙම ගන්නෙ කියල 0112431878 කියන අංකයෙන් සතියේ දිනවලදි කතාකරල ලබාගන්න පුලුවනි..මම හෙට විතර පෝස්ටරයක් හෙම දැක්කොත් දොරටුවෙන් හැර කලින් ටිකට් ගන්නෙ කොහෙන්ද කියල කස්ටිය දැනුවත් කරන්නම් කොමෙන්ට් එකකින් හරි....

Saturday, January 22, 2011

සමාධි ප්‍රසංගය කැළණිය විද්‍යාර්තීන්

ඊයේ එල්ෆින්ස්ටන් රඟහලේ ප්‍රසංගයක් පැවැත්වුනි..

එය බැලීමට මා ටිකට් එකක් රැගෙන ගියෙමි..

ටිකට් එක රුපියල් 500කි....

එය නමින් සමාධි නම් විය..

එය කැළණි විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨ සිසුන්ගේ වැඩක් විය..

සුනිල් එදිරිසිංහ,අමරසිරි පීරිස්,කසුන් කල්හාර,දීපිකා ප්‍රියදර්ශනී එහි ගීත ගායනා කරන ලදී...

වෙලාවට පටන් ගන්නට ඔවුනට නොහැකිවිය...

පටන් ගත් පසු විවිධ වේලාවන් වල ශාලාවට පිරිස ඇතුල්වීම අපට බාධාවක් විය..

පිළිගැනීමේ කථා දෙකක් විය..

ස්තූති කතාවද කුලියට ගත් අයි ටී එන් නිවේදකයා විසින් තුන් හතර වතාවකට වඩා කරන ලදී..

මුල් හරියේදී කල සිසු සිසුවියන්ගේ වේදිකාව භාරදීමට ගත් වෙලාව බොහෝ වෙහෙසකර විය..

තවද වායු සමන පද්ධතිවල හෝ වෙනත් හේතුවක් නිසා ගායන වාදන ප්‍රේක්ශක හැමදෙනා පෝරනුවක දැමුවා මෙන් දහදියෙන් තෙත් විය..

තුන් දෙනාගෙන් කසුන් හා ඉතිරි දෙදෙනාට වාදක කන්ඩායමේ සහයෝගය හොඳින් ලැබුනත් අමරසිරි මහතාට එසේ නියමිත සහයෝගය නොලැබුනු බව මගේ අදහසයි...

මුලු ප්‍රසංගය පුරාවට අසූචි වලින් නහවන්නට හා මඩ නා ගන්නට සහ ප්‍රේක්ශකයින් වල් මත් කරන්නට අයි ටි එන් එකේ නිවේදක නම් වූ ඌරෙකු කුලියට ගෙන තිබුනි...

මා ඌරා ගැන කිසිත් නොකියමි..මන්ද උන්ගේ ජන්ම ගති නොවෙනස් වෙන හෙයිනි..

එහෙත් මෙවැනි වැදගත් ප්‍රසංගයකට මෙවන් තැනක හැසිරෙන්නවත් නොදන්න එකෙකු ගෙන්වා ගැනීමට තරම් කැලනි විශ්ව විද්‍යාලයීය විද්‍යාර්තීන්ට වූ දැනුමත්..ඌ ලවා කැමති සින්දු කියවා ගැනීමට ගත් උත්සාහයත් ඇත්තෙන්ම උඩුගංබලා යෑමකි..

ශාලාවක් තෝරාගෙන ගායකයින් වාදකයින් ගෙන්වාගෙන එය සරසා ප්‍රසංගයක් තැබීම ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාලයීය සම්ප්‍රදායේ උඩුගංබලා යෑමක්ලු...

අනේ නිශ්මි,බාලෙ,වීරසූරිය උඹල මැරිල අපිට ඉතිරි කරල ගිහිපු පොලොස් කොට්ටෝරුවොන්ගෙ හැටි...

ගම්වල අට පාස් බෝක්කු උඩ ඉන්න කොල්ලොත් මේ විද්‍යාර්තීන්ට වඩා ලස්සනට වෙලාවට කලාවට සහ කලාකරුවන්ගේ ගෞරවය සහ ගීත නොනැසෙන පරිදි ප්‍රසංග පවත්වනව...

පනාමුරේ ඇතා



ඇත්ගාල..

අලින් නිතර පැමිණෙන ස්ථානයක ඔවුන්ට නොදැනෙන පරිදි විශාල ප්‍රදේශයක් වටකොට කම්බි ගසයි..කම්බි කණු සිටවනුයේ ගැඹුරුවලවල් වලට කනු බස්සවා ඒකනු සෙලවෙන්ට රිසි සේ තැබීමෙනි..එවිට අලින් විසින් කම්බි වැටට පහරදුන් කල යලිත් එම කම්බි විත් අලියාගේ ඇඟේ වදී..ඇත්ගාලක් පැවැත්වීමෙන් හීලෑ අලි සමඟින් එකතුව අලින් අල්ලා ගැනීමත් ඉන්පසු බැඳීමත් සිදුකරයි..මෙසේ මෙවැනි අලි ඇල්ලීමේ මහා ඇත්ගාලක් අවසාන වරට ලංකාවේ පැවත්වෙන්නේ පනාමුර ප්‍රදේශයේය..

අලි ගාල පටන් ගත් දින සිට එම රැලේ නායකයා වූ ඇතාගෙන් වූයේ මහත් ගැහැටකි...ඇත්ගොව්වෝ සිය දිවි රැක ගත්තේ මහත් වෑයමෙනි..ඇත්තු අල්ලන්නට එන හීලෑ ඇතුන්ටද පහර පිට පහර දී එලවා දැමීමට පනාමුරේ ඇත් රජු සමත් වීය...කෙසේ වතුදු සාමාන්‍යයෙන් ගතවන කාලයකට වඩා වැඩි කාලයක් ඇත්ගාල පවත්වීමට සංවිධායකයිනට සිදුවිය..

දේශපාලනික පසුබිම..

එම ඇත්ගාල පැවත්වූයේ එවකට ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල කථානායක වූ සර් ෆ්‍රැන්සිස් මොලමුරේ මහතාය..දෙවන ලෝක යුද සමයේ විදේශිකයින් හා උරෙනුර ගැටී යුද්ධයට සහාය දැක්වූ නිසාද මඩුවන්වෙල වලව්ව සම්බන්ධ අවසාන සිංහල රදලයෙකු වූ නිසාද කීර්තිමත් උගතෙකු වූනිසාද එතුමාට රටතුල කතානායක කමට හිමිකම් කීමට ඕනෑවටත් වඩා සුදුසුකම් වීය...

මඩුවන්වෙල දිසාව ගැන මා බොහෝ කතා අසා ඇත ..එහෙත් මටනම් ඔහු නිකම් අහංකාර සිංහල රදලයෙකු පමණි..එකල ගෙවල්වල වැඩිවිය පත්වූ ගැහැනු ළමුන් පලමුවෙන්ම මඩුවන්වෙල දිසාව වෙත යොමුකොට සිටිය යුතු නීතියක් තිබුනේලු..ඒ වාගේම රටේ විදේශ විනිමය වැඩි කිරීමටදෝ මඩුවන්වෙල විසින් අලිගාල් විශාල ප්‍රමානයක් පවත්වා ඇතුන් පිටරට ඇරිය බව පරණ විස්තර අපිට පවසයි..සිය සිංහල රදල බව ආරක්ශා කරගැනීමට විනා අහින්සක සිංහල ගැමියන් වෙනුවෙන් පෙනීසිටි චරිතයක් නොවේ මඩුවන්වෙල දිසාව..එවැනි අයෙකුගේ කුහක දිවි පෙවෙතේ අහංකාර අවස්ථා කීපයක් දක්වා ඒවා සිංහල පොත් වලට රිංගවා විශය නිර්දේශ තැනුවෝ ළමුන් තුල කිනම් වූ කුශලතාවයක් වර්ධනය කිරීමට උත්සාහ කලේ දැයි මටනම් ගැටලුවකි...

මේ ඇත්ගාල දින ගණනක් පැවැත්වීමට හේතු වූයේ කිසි ලෙසකින්වත් රැලේ නායක ඇතාව මෙල්ල කරගැනීමට නොහැකි වීමයි..එකල සිටි වාමාංශික දේශපාලකයි න් ඇතුලු බොහෝ පිරිස් මේ අමානුශික වධය පිළිබඳ උද්ඝෝශන පැවැත්වීය..එවිට ආන්ඩුකාර වරයා හෝ කතානායක වූ මොලමුරේ වැනි අයටත් ඉතිරි රදලයින්ටත් මෙය භාදාවක් විනි..එසේම මේ අලි සංහාර වලට විරුද්ධව මහා ජනමතයක් ඇති වීමට එය බලපෑවේය..එවිට මොලමුරේ මහතාද අපේ නාමික නිදහස ලබාගැනීමට පුරෝගාමී වූවෙක් ලෙස සැලකීය..එහෙත් අදමෙන් එක ජයග්‍රහනයකින් දෙනෝ දාහක් නොසන්ඩාල වැඩ වහගත හැකි මාධ්ය නොතිබීම ඇත් රජාගේ අමරණීයත්වයට හේතු වීයයි මා සිතමි..

මෙම ඇතා සාමාන්‍ය එකෙකුට වඩා විශාල සරීර ප්‍රමානයෙන් යුක්තවීය..එසේම උගේ ගති ලක්ශන අනුව ඌ වටිනා එකෙක්ම විය..මඬුවන්වෙල දිසාවගේ මුනුබුරෙකු ඇත් මන්තර වලින් ඇතා මෙල්ල කිරීමට ගොස් සිය දිවි බේරාගත්තේ අනූ නවයෙනි...ඔහු පවසා තිබුනේ ඇතා කුලප්පු වී ඇති නිසා මන්තර අහන්නේ නැති බවකි..තවත් අලි මන්තර කරුවන්..හීලෑ අලින් යොදා ගත් ප්‍රකට අලි අල්ලන්නන් රැසකගේ උත්සාහයන් සියල්ල ව්‍යර්ථ වී ගියේ ගඟට කැපූ හිනි මෙනි..කාලය සමඟ දේශීය මෙන්ම විදේශ මාධ්‍ය වලද මෙය ප්‍රධාන මාතෘකාවක් විය..ඇත්ගාලේ ප්‍රධාන චරිතයක් වූ මොලමුරේට මෙය මහා ප්‍රශ්ණයක් විය..

අවසන තීරණයකට පැමිනුනි..අලුතින් ඇල්වූ අලි සියල්ල ගස් බැඳ ගාලේ දොර හැර ඇතාට යන්නට අවකාශ දෙන ලදී..එහෙත් සිය වරිගයේ උන් දුක් විඳිද්දී සිය සැප තකන මනුශ්‍යයිනට වඩා ඇතාගේ සිත බලවත් විය ..තමාට පැන යන්නට සියලු අවකාශ තිබියදීත් ..මෙතෙක් ගාල වටේ ලූ කණු වල ශක්තියට මහා බලයකින් පහර එල්ල කරමින් නිදහස සෙවූ ඇත් රජු..ඒ සියල්ල සිය හිතසුව පිණිසම නොවන බව මොනවට පසක් කරගනිමින් හැරලූ ද්වාර සහිත ගාලෙන් කිසිදු භෞතික බන්ධනයක් රහිතවම(අනික් අලි මෙන් මෙම ඇතාට කිසිදු කඹයක් හෝ නොවුනි ) වුව සිය මිතුරන් හැර යෑම ප්‍රතික්ශේප කලේය..

දැන් විසඳුම් දෙකකි,,එකක් අලි සියල්ල නිදහස් කොට ඇත්ගාල වසා දැමිය යුතුය..නැතහොත් හස්තියා මරණයට පත්කල යුතුය..එහෙත් අතලෙවකන්නට මී කඩන සිරිතක් දේශපාලන හෝ ව්‍යාපාරික ලොවතුල නොහේ..ඉදින් කිසිවෙකුට වරදක් නොවූ අහිංසක සිව්පාවාට මරණ දඬුවමම හිමි විය..පලමුව රත්නපුර පොලීසියට භාරදුන් නමුත් මෙය ගැන විශ්වාසයෙන් කටයුතු කිරීම කල නොහැකි බවක් පැවසූ නිසා එවක ලංකාවේ සිටි හොඳම වෙඩික්කරුවා..පිඹගෙන ගිගුම් දෙමින් නාලාගිරි විලාසෙන්,,මේ අලුත් බටයක් ගෙන සිටින සුද්දා පෙරමුනට පැමිණි වීරයාගේ බොරු ඇස සිදුරු වී ලේ මුසුව ගියේය..සද්ධන්තයා පොලොවට බර විය..මෙතෙක් වේලා මුදලට ලොබින් හෝ සිය ජීවිකාව පිනිස හෝ ඇත් ගාලේ සිට මෙම දැවැන්තයා ඇල්ලීමට කුරුමානම් ඇල්ලූ ඇත්ගොව්වෝ..මෙවැනි පව්කාර වැඩක් වුවත් ඇතිදේ බැලීමට පැමිනි ජනකායෝ සිය ඇස් මොහොතකට කඳුලින් තෙත් වන්නට හලෝය..

ඇතා මලත් බොහෝ වැදගත් අය මෙය හෙලා දුටුවේය..අලිගාල් සම්බන්ධ ජන අප්‍රසාදය වැඩි විය..මා මතකය නිවැරදි නම් එය අවසාන ඇත්ගාල විය..එසේම ඉන්පසු අලි සම්බන්ධ බොහෝ නීති රීති පොත්වලට එන ලදී..ලංකාවේ අලි ගහනය සීඝ්‍ර ලෙස අඩුවීමට හේතු වූ ඇත්ගාල් නැතිවීමට මහා වීරයානෝගේ දිවි දීම හේතු විය..එකල එය චිත්‍රපටි,, ගීත බිහිවීමට හේතු වූ මහා කාරනාවක් වීය..කොටින්ම ඒ මහා වීරයානෝ දෙස් විදෙස් හී පතල විය..ඇත්ගාල පැවැත්වූ තැන පුරාවිද්‍යා ස්ථානයක් විය..මඩුවන්වෙල මොලමුරේ වරුන්ට අකමැත්තෙන් වුව මේ හදිසි ඉල්ලම අත් හරින්නට ලෙයින් පිදූ ඒ පනා මුරේ ඉතිහාසය ඉවහල් වීය..

සමහරෙක් මලත් නොමලේය..මන්ද උන් දෙනෝ දහක් දෙනා අඬන මරණය හා සිනාසුන හෙයිනි...
පනාමුරේ ඇතාගේ කොත්තු සින්දුව මෙතන
පරණ සින්දුව ඒ කීවෙ ඔරිජිනල් එක මෙතන