Wednesday, June 6, 2012

සුගුනවතීගේ මල් ආලේ..(Suguna's Love of Flower)


 මෙහි අසැබි පිංතූරයක් ඇති බැවින් කුඩා ලමයි ඇස් වහගෙන බලන්න..

පුලුල් ඉණ, රවුං බෝල වන් තන් දෙක..තලෙලු සහ කලු සම...මඳ සිනාව සහ ලාලිත්‍ය මුසු ඇගේ ශරීරය දුටුවන් පිනවන්නකි. ඒ පසුපස මනසින් ඇදෙන සමහරක් ඒ ශරීරය කෙතෙක් නම් සැපයක් ජනිත කරනවාදැයි සිතනවා විය හැක. මා ඒ ශරීරය භෞතිකවත් ශාරිරිකවත් එහි මනසිනුත් බොහෝ දුරට ස්පර්ශ කර ඇත්තෙමි. ඒ කාන්තා ශරීරය හේතුවෙන් මගේ හිතට වෙනසක් ඇතිකලත් ඒ වෙනස ඒ කල සැම විටම සන්තෝෂයක් මතක් කර සතුටු විය හැකි සංසිද්ධියක් නම් නොවේ. විටෙක එය නැවුම් මලක් සිය වතාවක් සිපගෙන එකසිය එක්වන වතාවටත් සිපගන්නා විටත් දැනෙන සුවඳ මෙනි. තවත් විටක තමන් විසින් ඇතිකරන ලද පැටියා විශාල වී ඌ ලවා මගේ ආහාරයට බිත්තර දම්මවා ගන්නවා මෙන් හැඟීමකි. වරෙක ආයාසකයිකින් තොරව ඔහේ පැදයන බයිසිකලයක් දුටුවිට නැගෙන හැඟීමකි. එහෙත් ඇය හා මා අත් පටලා හෝ ඇගේ වැදි වැදී යන පිට මිනිසුන්ට පේන අප්‍රමාණ සන්තුෂ්ඨිය නම් අප අසල රැඳෙන්නේ සුවල්ප වෙලාවකි. 
 
ඇය මගේ කන්තෝරුවේ සහායිකාවයි. නමින් සුමාලි ලෙස ගමු. සුමාලි මට හමුවූයේ අපේ කන්තෝරුවේ දුරබැහැර නැවතුමක පිහිටි ෆැක්ටරියක් බලාගැන්මේ රාජකාරියක නිරත වූ අවධියේය. එවිට ඒ ෆැක්ටරියේ විසූ අයගෙන් තරුණ ලක්ෂණ කාන්තාවක් විය සුමාලි. මල වටා බඹරුන් නොඒම අරුමයක් නොවන සේම සුමාලි වටා කොල්ලන් සහ සුපවයිසරයින් කැරකීම අරුමයක් නොවීය. ඇය මගේ මේසය පිසදායි. ඇය මට තේවතුර ගෙනත් දෙයි. දිනක් දෙකක් කාමරය අස් කිරීමට අහම්බෙන් ආ ඇය ඉන්පසු මගේ වැඩවලට අනුයුක්ත කරගැනිනි. මා කරුනාවන්ත පෙනුමක් සහිත සහ හොඳ කෙනෙක් ලෙස නම් දැරූ නිසා ඇය සමඟ වැඩකල වැඩිහිටි ගෑනු ඈ කාර්යාලයේ වැඩට ඒම එතරම් අවුලක් කොට නොසැලකීය.
මැනේජර සිටියේ මටත් වඩා තරමක් තලතුනා කෙනෙකි. ඒ මනුස්සයාගේ නම නම්..මතක විදියට සරත් විය. සරත් සම්බන්ධ කතා අට අනූවකි. ඒ බොහොමයක් අයථා දේට සම්බන්ධය. මා දිනක් ෆැක්ටරිය වටේ ඇවිදින අතර ගබඩා කුටියක ශබ්ධයකි. මා කණ තබා අසාගෙන සිටියෙමි. අනේ සරත් මහත්තයා හැමදාම මෙහෙම කරන්න බෑ. අර ගෑනු මං ඔහෙ එක්ක ඉන්නව කියලා හැමතැනම ගිනිතියයි. ඔහෙ කසාද බැඳපු මිනිහෙක් නේ..මට ඉන්න දෙන්න. එවිට ස්වල්ප වේලාවකින්. සරත්ගේ කටහඩ ඇසුනි. මේ උඹල රස්සාවට දාල මේ වැඩට අරං තියං ඉන්නෙ මයෙ කැහිල්ලට කියල හිතුවද...බොට ඕන්නං පලයං..අර ගමෙ එකෙක්ට කිව්වම ඕනි තරං කෙල්ලො අරං එයි..
ඔව් එයි කියල තමයි බය..උගුඩුවා..තොපි මහත්තුරු උනාට වැඩිය හොඳයි..ඉන්පසු ඉඹින සද්දයක් සහ එපා එපා කියද්දී කුමක් හෝ කරන සද්දයක් ඇසුනි.
ඉන්පසු මා මෙය සුමාලිගෙන් හෙමිහිට ඇසුවෙමි. සුමාලි මෙහෙ එන්න.
ඇයි සර්...
අර සරත් මහත්තය ගැන මොකද මිනිස්සු අච්චර බනින්නෙ...
හුම් දන්නෙ නැ සර්..
මේ සුමාලි මං දෙයක් දන්න නිසයි අහන්නෙ...
ඔව් සර් ඒකනං ඒහෙම තමයි. මං මෙතන ඉන්නවට සර් එක්ක ඉන්නවට සරත් එච්චර කැමති නැ...සරත් කියන්නෙ තිරිසනෙක් වගේ..ගෑනු පෙරේතයෙක්..මං ඌට කැමති නෑ..

හුම්..මා එසේ කියා නිකා සිටියෙමි. මා සරත් ගැන සුමාලිගෙන් දැනගන්නට අදහස් කලේ මෙවැන්නක් නොවේ. සරත්ගේ වැඩ පිලිවෙලයි. එහෙත් නිතර මගේ කන්තෝරුවේ වැඩකරන සුමාලිට පවා හිරිහැර කිරීම ඉවසිය හැක්කක් නොවේ. ඉන්පසු මා විසින් මාෙග් හෙඩ් ඔෆිස් මිතුරන්ට කතා කර සරත් මාරු කලෙමි. ඉන්පසු ඔහු වෙනත් ශාඛාවකට ගොස් එහිද ගෑනු කෙනෙකුට කේස් එකක්දාගෙන එය විසල් එකක් වූ නිසා වැඩ තහනමක්ද පවා ඇතිකර ගන්නට සමත් වූ බව මට ආරන්චි විය.

ඒ මාරුව පිටුපස මා සිටිය බව කිසිවෙක් දැනගත්තේ නැත. එය කාගේ හෝ පෙත්සමක් විය හැකි බවට කතා උනත් මා එයට සම්බන්ධ බවට සැකයක සේයාවක් විනා කිසිම සලකුනක් නොවීය. සුමාලි දිනක් මේසය පිසදායි. මා ලග පුටුවකට ගොඩවී ඇයට ඉඩදී මා වතුර එකක් බොන්නේ ඇය දෙස බලාගෙනය. සුමාලි දන්නවද අර සරත් මහත්තය යැව්වෙ කවුද කියලා..
අනේ දන්නෑ...ඒත් සමහරු ඒකට අකමැතියි. සරත් මහත්තය මිනිස්සුන්ට හොදකුත් නැතුව නෙමෙ..සමහරුන්ට දුකේදි පිහිට වෙනවා. ඒත් ඇඹලය නිසා කවුරුත් කැමති නෑ...
මං තමයි මාරුකලේ සරත්ව..
හුම් මටත් හිතුනා. කෝමත් මාත්තය හීණ් නූලේ වැඩ කාරයෙක් කියල පේනවා..
අහ් එච්චරද පේන්නෙ වෙන මොකුත් පේන් නැද්ද?? මා ඇසීය..
මඳ සිනාවෙකින් මුහුන සරසාගෙන ඇය මේසය පිසදායි. ඒ අතර අතරින් පතර මදෙස හොරෙන් බලයි..

මා එවිටත් තිස්පහත් පැන්න දරුවන් දෙදෙනකුගේ පියෙකි. පවුල කොළඹය. සති අන්තයේ කොළඹ යයි. බාගෙදා සති මැද මීටින් වලට හෙම යයි. වයස සමඟ අඩුවූ රාග ආශා සහිත වුවත් නිතර දකින සරාගී ශරීරයක් වූ සුමාලි මාගේ නිලීන ව තිබූ ආශාවන් මහත් කරන්නට සමත් වූවාය.
මා දින කීපයක් ඈ දෙස බලා සිටියේය. ඇයද මා දෙස බැලුවා විය හැකිය. දිනක් වැස්සත් නැති අකුනුත් නැති දිනෙක කතාකරන්නට කිසිවක් නැතිව ඇය පැමිණ ගොනු වගයක් පේලියට තබයි.
මා ඇගේ අතින් ඇල්ලුවේය. ඇය මදෙස බැලීය. අත මුදාගන්නට ඇ වෙරදරයි. එහෙත් මේ වෙලාවේ කිසිවෙක් නැති බව මට විශ්වාසය. කිසිවෙක් ආවත් ඒ අහම්බයකින් විය හැකි දෙයකි. එසේම සුමාලිගේ හැසිරීම මෙතක් කල් දැන සිටි මා කිසිම අයුරකින් මෙවන් විටක සුමාලි කෑ ගසා කොලහල නොකරන බව සක්සුදක් සේ දතිමි. මා ඇය තදින් සිපගතිමි. ඇය බිරාන්ත වී බිරන්තට්ටු වී සිටින අතර මා ඇය සිපගනී. කිසිදු තෙත් ගතියක් නැති වියලිම වියලි හාදු දෙක තුනකට පසු ඇය අවනත විය. ඒ ඇය මට කැමති නිසාද නැතිනම් වෙනත් විකල්පයක් නොතිබූ නිසාද කියා දන්නේ උඩ සිටි දෙයියෝ නොවේ. ඒ වෙලාවේ කාමරේ සිටිය පෙරේත ගුම්බාන්ඩයෝය. ගෙදරින් ලයිසන් කර ඉන්සුවරන්ස් නිකම් කර ලබාදුන් කාර් එකක් එලෙව්වා වැනි වූ මාගේ යෝජිත විවාහයේ ලිංගික අත්දැකීම් වලට වඩා එහා ගිය මිහිරියාවක් මගෙ සියොලග දැවටුනි. 
Elephant sex Sri Lanka
  වැඩිපුර කතාන්දර දන්නා වැඩිපුර ඉගනගත් මගේ බිරින්දෑ වැනි තොරතෝංචියක් නැති කටක් ඇයටද තිබෙන්නට ඇත. නමුත් මා සුමාලිගේ බොස්ය. නගරයේ කාර්යාලයක බොස්ට වඩා ගම්බද ෆැක්ටේරියක ලොකුබොස් ලොකුය. ජබොස් ජබොස් ගා සද්දෙං කන්තෝරු කාමරයේදීම සුමාලිගේ සාරය උරාගත් නමුදු ඇය ඒ ගැන කිසිවෙකුටත් නොකියාවිය යන දැඩි විශ්වාසයක් මා සතු විය. සථිර සේවකයෙක් ලෙස වූ පත්වීමක්..ඇයට තවත් අතිකාල සහ සහ දිමනා කීපයක්. වසර අවසාන හොඳ කාර්යසාදනයක්. ලැබෙන බවට ඇය නොදන්නවා විය නොහැක.
මදෙස බලාගෙන හිස් බැල්මෙන් කන්තෝරු රෙස්ට් රූම් එකේ වහල දෙස බලාගෙන ඇය ගැස්සී ගැස්සී සිටියා ලෙස පෙනුනාට එහිද යම් අරමුනක් තිබෙන්නට ඇත. එහෙත් මා විසින් වැරදි රපෝර්තු කොට එලවා දැමූ සරත් සහ මා වෙනස් වන්නේ එක් ගැහැනියක් සමග ඇයගේ විරුද්ධ වීමෙකින් තොරව රමණයේ යෙදීමෙන් පමණක් බව මට සමහරක් විට හැඟුනි.
කන්තෝරු කාමරයේ සෙල්ලම එහා ගෙනයෑම භයානක විය හැකිබැවි මට සිතුනි. එය දින දෙක තුනකට වඩා තිබුනේ නැත. ඉංගිරිසි ඉගනීමෙ වැදගත්කමක් සාමාන්‍ය පෙල සාමාන්‍ය ලෙස සමත් ඇයට ලොකු තැනකට යන්නට ඉංගිරිසි ඇවැසි බවත් මා කීය. එසේම ඇයට ඉංගිරිසි පංති යෑමට අවස්ථාවක් දුනි. ඒ ඉංගිරිසි පන්තිය සමහර විටෙක කට් කොට හෝ විටෙක එන අතරමඟ සුමාලි මා සමඟ රවුං ගහනවා ගම්මුන් දකින්නට ඇත. එහෙත් සුමාලිගේ අම්මා තාත්තා අයියා අක්කා නොදැක්කාදැයි මා නොදනිමි.

දරුවන් දීග දෙනවිට දෑවැදි දිය යුතුය. ගැහැනු ලමයාට රැකියාවක් නැති කල දෙමව්පිය සහෝදරයෝ දෑවැදි සැදිය යුතුය. ලොක්කා සමඟ පෙම් කෙලිමින් හෝ තමන්ටත් සලකාගෙන දෙමාපියන්ටත් සලකාගෙන කීයක් හරි යහමින් අතගාන නිසා උන් සද්දයක් දැම්මෙ නැතුවා වෙන්නට ඇත. අනික "ෆැක්ටරියේ ලොකු මහත්තයා සමඟ කොහොම හැප්පෙන්නද බාන්" ...යන ගැලවුම්කාර වාක්‍යද ඔවුන සතුය. සුමාලි සමහර විටෙක කියන අයුරින් ඇය ගමේ කඩේට, පංසලට යනවිට කොල්ලෝන් විහිලු කරති. සමහරෙක් ඇයගෙන් මේ මාත් එන්නද පන්ති අරලවන්ට යැයි අසයි..තවකෙක් අපි ඉතිං මහත්තය තරං සැප නැතුව ඇති නේ යැයි කියයි.

එහෙත් ඒ කෑ ගාන එවුං සුමාලිට රැකියාව දෙන්නේ නැති බවත්..උන් කියන තරං මහත්තයා හොද නැති කෙනෙක් නොවන බවත් සුමාලිගේ අදහස වන්නට ඇත. මගේ වයිෆ් තරං සුමාලි පොත පත කියවා නැතිවුවත් ඇගේ ජීවන දෘෂ්ඨිය පුලුල් බව මට වැටහුනි. ඇය බොහෝ විට මේ කරන්නේ වැරදි දෙයක් බැව් දැනං සිටියාය. එහෙත් ඒ වරදක් යැයි මරහඩ තලා කෑ ගැසීමෙන් මිනිසුන් එකතුවුනාය කියා හෝ ඔවුන් සාධාරනය කලාය කියා වෙනසක් සුමාලිට නොපෙනුනි. 
 
කසිප්පු මාටියා කසිප්පු විකුනා ගෑනිට කන්න දුනි. සාධාරන සමාජය කසිප්පු මාටියාගේ කසිප්පු පොලිසි ගෙන ගියේය. ඉන්පසු ගම්මුන්ට කසිප්පු නැතිවිය. ගම සාධාරන විය.. ඒ පිස්සුය. ඇත්තටම මිනිස්සු වෙනත් තිප්පොලක් සොයාගති. සිදුවූයේ කසිප්පු මාටියාගේ ගෑනිට රෙද්ද ඔසවා එයින් ලැබෙන ගානින් දරුවන්ට කන්න දෙන්න සිදුවීමය. ගොවිතැනක් කරන්නට ඇට ටිකක් දෙන්නට පොර ටිකක් දෙන්නට කෙනෙක් නැත. ගාමන්ට් එකකට යන්නට කුඩා දරුවන් දමා යන්නට කෙනෙක් නැත. නමුත් මාටියා නැති රෑවල ඇගේ ගෙට පැන ඇගේ හුඹහට නයි අරින්ට හා ඒකට හිලවුවට රුපයල් සීයෙ කොල කීපයක් ඇගේ අතමිට මොලවන්නට එකෙක් දෙන්නෙක් සිටී. එසේ පැන යන එවුන් අතර සිටි ණය කාරයෙකුට ඇය පහර දී ඇත්තේ පොලේදීය. පොලේ ගොස් අඩුම කුඩුම ගන්න යන අතර..අර ණයට සෙට් වන්නට ආ එකා ආ අක්කෙ “ඔය වම්බොටු හෙම වැඩිය ගන්න එපා බිස්නස් එකට හොදනැතිවෙයි” යැයි කියා ඇත. වහා හැරුනු මාටියාගෙ පවුල..අර මිනිහාට ගසා ඇත්තේ ණයට *කල යන වල් පරයා..තව මෙතන වම්බොටු කිරවන්නත් එනවද කියා අසමිනි..
සුමාලි තුරුලු වූ පසු මා ඇයව කතාවට අල්ලා ගන්නේ කෝමද දැං ගමේ තොරතුරු යැයි කියලාය. ඇය පංසලේ හාමුදුරුවෝ, අවට ගෙවල්වල උන්..ආදී සියලු ලිඳලග ගොසිප් මා සමඟ කියයි. ඒවා මහා ආර්ථික විද්‍යා සමාජවිද්‍යා පාඩම් නම් නොවේ. නමුත් සුමාලිට ගොසිප් කීමටවත් මට ගොසිප් ඇසීමටවත් එහෙමට කියා පිරිසක් සෙට්වන්නේ නැත. එබැවින් එය ඉතා සැනසිලිදායක පරිසරයක් විය.

මට මාරුවක් හදාගන්නැයි වයිෆ් විසින් බලකරන ලදී. සමහර විටෙක මගේ අනියම් දේ ගැන වයිෆ් දැනගෙන සිටියා වන්නට ඇත. නමුත් ඈ කියවා ඇති සමහර මහා බරසාර පොත්වල චරිත මෙන් ඇය විටෙක ගැඹුරු වෙන්නට තනයි. ඒ පොත්වල මිනිසුන් ගෑනුන් නැතිවට වෙනත් ගෑනුන් සමග නිදාගැන්ම එතරම් කේස් කොට නොගනී. කෙසේ හෝ මා ගෙදරට කෝල් කිරීම ගෙදර ඉදිකට්ට පවා සොයා බැලීම. කොටින්ම ඇගේ ආසාව පරිදි නෑ ගෙවල් වල යෑම..පොත් කියවීම ආදි දේට ඇයට සහාය වීම. ආදි දේ නිසා ඇගේ සැමියා ලෙස මට ෆුල් මාක්ස් ලැබුනි. ඇගේ නැගනියන් දෙදෙනාගේ මහත්වරුන් අවුල් ජොකියන් වුනි. ඔවුන් සමාජීයව උසස් වුවත් බීගෙන විත් පහරදෙන ජාතියේ උන් විය. එහෙත් මා එසේ නොවී සිටීම නිසා මට ලකුනු පවුලෙන්ද ලැබුනි. අනික මා ගමේ ෆැක්ටරියේදි නිදිවැද්දේ තවත් මැනේජරියක සමඟ නොවේ..තවත් සුලු සේවිකාවක් සමඟය. ඇය මැනේජරියක වූවා නං මගේ වයිෆ් බාගෙදා කලබල වන්නට ඉඩ තිබුනි. නමුත් සුලු සේවකයින් සම්බන්ධ සෑම සිද්දියක්ම සුලු යැයි ඇගේ මාන්නාක්කාර මනසේ ඇතුවා වන්නට ඇත. කෙසේ වෙතත් අනවශ්‍ය ලෙස සමීප නොවූත් අනවශ්‍ය ලෙස දුරස් නොවූත් දෙදෙනා අතර පරතරයක් සහිත විවාහ දිවියක් ඇති වූයේ එය යෝජිත විවාහයක් නිසා විය හැක...

කල් ගත විය. මාෙග් මාරුව වසර දෙකකට පසුව ලැබුනි. සුමාලිගෙන් වෙන්වීම ආයාසකර ව්‍යායාමයක් විය. නමුත් තර්ක බුද්ධිය අනුව එය විය යුතු බවම මගේ සිත කීය. එතෙක් උපයා සපයා ගත් සියල්ල පෙන්වා. ලස්සන කොට සුමාලි විවාහ විය. විවාහ වී දරුවන්ද ලැබීය. ඇය ඇගේ මස්සිනා කෙනෙකුට රැකියාව පතා ළඟදී කෝල් කලාය. ඒ අවසරයෙන් දිනක් ඇය හමුවිය. හමුවී හෝටල් කාමරයකට ගියේ මගේ දැඩි පැරැත්තය නිසාය. නමුත් අවසානයේ මා විසින් ඉතාම ආයාසයෙන් ඒ සිදුවීම යලි සිදුනොවන්නට වග බලා ගති. මහත්තය දැං මට මිනිහෙක් ඉන්නවා. මහත්තය ඉස්සර මට සැලකුවා. මං ඒවට හොදට සැලකුව නේ. මහත්තය ආසද ගෙදර වයිෆ් වෙන කෙනෙක් එක්ක ඉන්නවට නෑනෙ?? අනේ තරහ වෙන් එපා..ඒත් මහත්තය සමහර දේවල් වෙනස් වෙන් එපැයි. මං මේ ආවෙත් අර මස්සිනා කාරය නිතර දෙවේලෙ ගෙදර ඉඳන් වනචර බැල්මවල් දාන නිසා ඒ මරගාතෙං බේරෙන්න. ඉන් පස්සෙ මහත්තය ආව.. හරි කමක් නෑ ඉතිං මං නොදැකපු විජ්ජාවක්යැ..හුම් අදට විතරක්..හෙනං.. මා ඇගේ කන්ටැක්ස් ඉල්ල ගති. පවුලේ අය සමඟින් ඇගේ ගෙදරට එන්නට යැයි ඇරයුමක්ද කෙරිිනි. සුමාලි ගැන අසා ඇති මුත් ඇය මගේ වයිෆ් දැක නැතැයි මා හොඳින්ම දනී.. අපි ගියේය. සුමාලිගේ චූටි කොල්ලාට ඇගේ මුහුනින් බාගයක්ම විය.. දුප්පත් වුවත් සුමාලි පිළිවෙලට නිවස තබාගෙන තිබුනි. සමහර විට මා විසින් ඇගේ විවාහයට ලබාදුන් ලක්ෂ ගනනක මුදලද මේ ගෙදර මිලදී ගන්නට යන්නට ඇත. හිතේ කොණක යම් තද කහටක් ඉතිරි වුවත්... මතක් කර සතුටු විය හැකි මට්ටමට මෙය ඉවර වීම ගැන මට දැන් ඇත්තේ සතුටකි..

(මෙය ප්‍රබන්ධයක් වෙයි..)

Thursday, May 31, 2012

යකා බැඳි ඇල්ල (Yaka Bendhi Ella)

ඉස්සර රේඩි එකේ කතාවක් ගියා යකා බැඳි ඇල්ලේ මායාව කියලා. ඒක බොහොම බය හිතෙන කතාවක්. දැං අපි දැනගනිමු යකා බැඳි ඇල්ල කියන එක තියෙන තැන මොකද්ද කියලා. යකාබැඳි ඇල්ල කියන එක තියෙන්නේ ගිරිඋල්ලෙ මා ඔය කියන ඔය හරහා තමයි. මේක හදල තියෙන්නෙ බොහොම ඉස්සර. බොහොම කියන්නෙ එක්දාස් පංසිය පහේ සුද්ද එන්නත් කලිං හදපු ඒව. මෙතන තියෙන ලස්සනම දේ තමයි මං නං දකින විදියට ලංකාවෙ මේ වගේ නිර්මාණයක් තියෙන එකම තැන. ඉතිහාසය අධ්‍යනය කරන අයට මිස්වුන තැනක් විදියට තමයි මංනං ඒක දකින්නෙ. අපි දැං බලමු එහෙ යන හැටි...

මේන් මැප් එක...

 නිල් පාටට පේන්නෙ අපි කියපු මා ඔය තමයි..
 යන පාර
 අපි කෝමහරි ගිරිඋල්ලට ගියා කියමු..කිව්වට කෝමද ගිරිඋල්ලට යන්නෙ නේ..එකත් ගැටලුවක්. ඇත්තටම ගිරිඋල්ලට ලේසියෙන්ම යන්න පුලුවං පහ පාරෙ කුරුණෑගල කොළඹ බස් එකක නැංගම. ඒ නැතත් මීරිගම ඉස්ටේෂමට කෝච්චියෙං ගිහිං හෝ ඇවිත් එතනින් ගිරිඋල්ල මීරිගම බස් එකක් ගත්තත් හරි. වාහනේකිං එනවනං ඉතිං ඔය ලොතරැයි කූඩුවක මාමෙක්ගෙන් නැත්තං අපේ තුන් සක රියකුරුවෙක්ගෙන් (ත්‍රිවිල් අය්යෙක්ගෙන්) අහ අහ එන්න පුලුවනි නේ..
මේ අපි කියන යකා බැඳි ඇල්ල කියන එක තියෙන්නෙ මීගමුව කුරුණෑගල තිස්හතර කියෙන පාරෙ. ගිරිඋල්ලෙ ඉඳන් මීගමුව දිහාට කිලෝමීටර දෙක තුනක් එනකොට ගිරිඋල්ල ඩිපෝ එක පේන්න තියෙනවා බැබලි බැබලි. එතනින් ඇතුලට තියෙන පාර දිගේ ගිහිං බැහැල ටික දුරක් ගියෑම ඕං බොලේ තියෙනවා අපේ යකා බැඳි ඇල්ල.

යකා බැන්ද කියන්නේ...ඇල්ලකද??
යකා බැඳි ඇල්ල කිව්වහම ගොඩ අය හිතයි මේක ඇවිල්ලා දිය ඇල්ලක් කියලා. සමාරු හිතයි යකාගෙ වෙඩිං එක ගත්තෙ මෙතන කියලා.. ඇත්තටම මෙතන තියෙන්නෙ දිය ඇල්ලක් නෙමෙයි. මෙතන තියෙන්නෙ බොහොම ඉස්සර කාලෙක හදාපු බැම්මක් හෝ පාලමක් වැනි යමක්. අපි යන තැන තියෙන විශාල ගල්කුට්ටි සහ දිය මත ඉල්පී තියෙන යම් යම් ගල් කුට්ටි වල ශේෂයන් විසල් ප්‍රමාණයක් දැකගන්න අපිට පුලුවනි. ඒ තියෙන කැඩුනු සහ ඈතට වෙන්වෙල ගිය ගල් අතර වතුර බහිනවා. හරිම සුන්දර තැනක්. කන බොන ටීම් හත අටක කෑම පාර්සල් බෝත්ල වලිං පොඩියක් සවුත්තු වෙලා තිබුනට තාමත් කස්ටිය වැඩිය ඇහැ ගහපු නැති තැනක් වගේ තමයි පෙනුනෙ..
 මේ ගල් කුට්ටි ගෙනැල්ල පේලියට තියලා මොකද්ද මේ කරල තියෙන්නෙ කියල නං නිච්චියක් නෑ. බාගෙදා ඒක පාලමක් වෙන්නත් පුලුවනි. නැත්තං සමාරවිට මේක මහා වේල්ලක් වෙන්නත් පුලුවනි.
මේ බලාගන්න පිංතූරු..
මේ මෙතනින් තමයි මා ඔය කියන එක ගලාබහින්නෙ ඉස්සර කාෙල අපේ ගොඨයිම්බර කියන උන්නැහෙට ඕනි උනාලු මේක හරස් කරල වේල්ලක් බැඳල අහල තියෙන විසල් වෙල්යායක් වෙච්චි මාකඳුර වෙල්යායට වතුර ගෙනියන්න. ඉතිං උන්දැ වේල්ල බැන්දලු. ඒත් යකෙක් ඇවිල්ල රෑට මේක කඩනවලු. පස්සෙ බේරෙන්න බැරිතැන රෑ වෙලා ගෝඨයිම්බරයා රැකල ඉඳල මේ යකා අල්ලල මේ මෙතන තියෙන වේල්ලෙ බැඳල ඒක උඩින් වේල්ල බැන්දලු. එතනින් තමයි යකාබැඳි ඇල්ල කියන නම ආවෙ කියල ජනප්‍රවාද වල සඳහන් වෙන්නෙ.. කෝමත් ගෝඨයිම්බර කියන දුටුගැමුනු රජතුමා ගෙ ගම විදියට මේ ප්‍රදේශය සලකනවා. ඒත් මං තව දන්න පලාතක් තංගල්ලෙ තියනවා ඒ පැත්තෙ ගෝඨයිම්බර හිටියා කියන. ඒත් මහාවංශයෙ තියනෙවා ගිරි කියන පළාතෙ ගෝඨයිම්බර යෝදය වාසය කලා කියලා. එනිවේ කෝමහරි ගෝඨයිම්බර කාලෙ වගේ බොහොම සද්දන්ත කාලෙක කරපු වැඩක් වෙන් ඇති. නැත්තං මේ ගල්කුට්ටි ආම්බාන් කරන්න මේ දැං ඉන්න අපිටනං සූරපප්පයි මැජික් අරිස්ටෙ ඇරං වත් අමාරුයි..


 .මේ ගල් බැම්ම ගොඩ හරියෙදි ගල් පේලි හයක් විතර උසයි. ඒ වගේම ගොඩබිමත් මීටර විස්සක් තිහක් ඇතුලට මේ ගල්බැම්ම තියනෙවා පායන කාලෙට.. මේ ගලක උස පලල මහත කිව්වොත් සාමාන්‍යන් අර අලි විසාල ටෙන් වීල් ටිපර් එකක මේ ගල් හත අටකට වඩා ගෙනියන්න බෑ..ඒතරං විසාලයි. ගල් වල උස අඩි එකහමාරක් විතර.. පලල අඩිදෙකක් විතර..සාමාන්‍යන් ගලක් අඩි හතරක් පහක් දිගයි. මේ වගේ සාමාන්‍යන් අඩි දොලහක් දහතුනක් පලල පාරක සයිස් එකට මේ ගල් පේලි තියෙනවා..මට නං හිතුනෙම මේක ඉස්සර කාලෙ හදපු පාරක් වෙන් ඇතිය කියන අදහසම තමයි. මේ ගල් පුරුද්දන්න ඉස්සර කාලෙ මොකක් හරි ක්‍රමයක් තිබිලා තියෙනවා. අපි ඈත නොදන්න රටක තියෙන පිරමිඩ ගල් ගැන දන්නවා ඒත් අපි මේව ගැන දන්නෙ නෑ. ඒකෙ වරද නං කාගෙද දන්නෙ නෑ.. ඒත් මේක දැකගන්න වටින දෙයක්.
 මේ හරියෙං මාඔය හරහා එගොඩ වෙන්න ඉස්සර අයටත් හේතු තියෙන්න ඇතිනේ. මේ ප්‍රදේශය මූලාශ්‍ර වල තියෙන විදියට නං ඉස්සර ඉඳලම බොහොම ජනාවාස තිබුන පලාතක්..

සමහර විට ගල් පුරුද්දපු ඒ කාලෙ පාවිච්චි කරපු බදාම කාලය එක්ක වැලලිලා ගිහිං වෙන්න ඇති. ඒත් මේ සයිස් ගල් මෙතනට ගෙනාවෙ කෝමද කියන එක නං ලොකු ගැටලුවක්. මේ පැත්තෙ අඩුම තරමෙ ලොකු සයිස් ඩෝසර් ගානක් වැඩ කරන්න ඇති ඉස්සර කාලෙ.. කස්ටිය හිතයි මේක හෙන ගොං පාට් ටෝකක් කියල..ඒත් දැනට ඉතිරිවෙලා හරි පෝලිමට තියපු ගල් දෙතුන් සීයක් තාමත් පේලියට තියෙනවා. සමහර තැන්වල පොලවට යටවෙලා සමහර තැන්වල යසට පේනවා. වතුර අඩු කාලෙට අපිට මා ඔය මැද තියෙන ගලුත් හොයාගන්න පුලුවනි. කලිං මේ ගැන ලියපු සංචාරකයෙක් කියල තිබුන ඒ ගල් වල බදාම තියෙනව දැක්ක කියල. ඒක ඇත්ත වෙන්නත් ඇති.

මෙතන තියෙන ගල් බැම්ම ගැන මුකුත්ම ලිඛිත සාක්කි නම් නැති කතාවක් තමයි කියවෙන්නෙ. මේක අසාර්ථක ව්‍යාපෘතියක්ම නොවෙයි වෙන්න ඇති. සමාරවිට කාලයත් එක්ක මේක නැතිවෙලා ගියා වෙන්නත් පුලුවනි. සමහර විට මේ ගල් බැම්මෙන් මා ඔයේ ජලකඳ හරස් කරගන්න බැරි වෙන්නත් ඇති. හැබැයි එකක් තියෙනවා සාමාන්‍යන් මං කියවල තියෙන විදියට නම් ඉස්සර කාලෙ කෙලින්ම ඔයවල් හෝ ගංගා හරවල කුඹුරු වලට වතුර දීල නෑ..මොකද ලවණ ගතිය ඇවිත් කාලයක් යනකොට කුඹුරු කේස් වෙන නිසා.ඒ වගේ වතුර කෙලින්ම දීපු අවස්ථා අඩුයිලු.. ඒක ගැනත් වැඩිදුර විස්තර මංනං දන්නෙ නෑ..මටනං හිතුනෙම මේක පාලමක් වෙන්න ඇතිය කියන එක තමයි..

ආතල් ගන්න යන අය පරිස්සමින් ඈ..
මෙතන බොන්න නං කියාපු තැනක් කියලෙ කනෙක් හිතයි. මොකද ඉතිං හෙවන. සිහිල් සුලග සහ වතුර...ලස්සන පරිසරය නිසා. ඒත් මා ඔය කියන්නෙ නාන්න ඒතරං හොඳ එකක් නෙමෙ. මා ඔයෙ සාමාන්‍යන් අපි නොදන්න තැන්වල ලොකු වලවල් තියෙනවා. වැලි ගොඩදෑම හෝ වෙනත් හේතුන් නිසා. මෙතනත් ඒ වගේම නැති උනත් ටිකක් ප්‍රවේසම් වෙන එක හොඳයි. අනික වතුර වැඩි කාලෙට ගල් ගොඩ නිසා ඇඟ පත හෝදගන්න බහින්නවත් මෙතන සුදුසු තැනක් නෙමෙයි. අරහෙං මෙහෙං සෙට් අරං ආවට කමක් නෑ කන්ට්‍රොල් එකක් තියාගන්න. මේවගේ තැන්වල ගල් ගොඩවල් නිසාත් ඒ ගල් සමහරක් පෙරෙලෙන සුලු විමත් නොදන්නා තැන්වල වලවල් තිබීමත් නිසා අනතුරු දායක බවනං ටිකක් වැඩියි, නාන අයට..ඒත් හොඳ සිහියෙං වතුර අඩු කාලෙට නං නාත හැකි..කිසිම අවුලක් නැතුව..
 මං ගිහිපු වෙලාවෙ බොහොම දුර පලාතක නඩයක් ඇවිත් සිංදු කියනවා..කනවා සහ කෝක් සහ නෙක්ටෝ බොනවා දැක්කා...මේ ඒ කස්ටිය..,
මෙතන ගැන තව විස්තර ලියන්න තිබුන නම් මං ආසයි. ඒත් ඉතිං දන්නෙ මේ ටික විතරයිනේ..
මේතැනත් මේ ගැන තොරතුරු ටිකක් තියෙනවා...සංචාරක සටහනක.. 

Wednesday, May 30, 2012

ආධුනිකයන්ට කෑම පාඩම..

.හොටල් වලිං කනකොට වෙන අවාසි..
හෝටල් කියල ලංකාවෙ කියන්නෙ තේවතුර බොන්න බත් කන්න තියෙන කඩවල් වලට..ඒවට ඉතිං පොස්වට සමහරු කියනවා රෙස්ටවුරන්ට් හෝ මොකක් හෝ නමක්. මේ හෝටල් වලිං මං නං ගොඩක් කාල තියෙනවා. ලංකාවෙ කෑම බීම කලාව කොහෙම උනත් අපිට මගතොටේදි හමුවෙන ගොඩක් තැන්වල කෑම සවුත්තුයි. පිරිසිදුකම අඩුයි.. කිසිම ලකයක් නෑ කෑමවල.. ඉතිං අපි දිනපතා රාජකාරියකට යන අය විදියට ටිකක් පිරිසිදු තැනකිං කෑම බීම ටික ලැබෙනවනං හොඳයි..ඒත් ඉතිං කීයෙං කී දෙනාටද ඒ වගේ රස්සා සහ තැන ලැබෙන්නෙ. ඒ වගේ අය පුරුදු පුහුනු කරගන්න ඕනි දෙයක් තමයි වියමන කියන්නෙ. ඒ කියන්නෙ කෑම ඉවීම. ගෑස් එකක් වලං කීපයක්. වගේ පොඩි උපාංග කීපෙකිං අපිට රසට කෑම හදාගන්න පුලුවනි. පොඩියක් උදෙං නැගිට්ට කියල කවුරුත් අමනාප වෙන්නෙ නැ. ඒවගේම ටිකක් රෑ දහය වෙනකල් පොල්ගාල එකොලහට විතර කෑම ටික හදාගත්තත් තමන්ටමයි වාසි. මට හිතුන මං අවුරුදු ගානක් තිස්සෙ විටින් විට උයල තියෙන පුරුද්ද නිසා අද හෙට කෑම උයන්න එන අයට ටිකක් උපදේස දෙන්න..


බත පිසීම...
ජීවන වියදම ඉහල ගියාට තාම හාල් මිල නං වැඩි උනේ නෑ. කාලයේ හැටියට තුන්වේල බත් කන එක තමා වාසි. මං මේ පහුගිය දොොහ් කවුද කියනව ඇහුන බත් කාල වැඩකරන්න අමාරුලු. අනේ මගේ කට එතකොට අපේ මුත්තලැයි කාලෙ සුද්දොත් එක්ක එකතු වෙලා හරි හරියට වැඩකලේ අපේ උන්නැහෙල පාන් ගිලලයැ නැහැ නෙව..උන්දැල කෑවෙ බත් තමයි. අද කාලෙ වෙහෙස මාන්සි නොවී කොම්පියුටර යෙන් මුලු ලොවම සෙට් වෙලා ඉන්න කාලෙට ටිකක් බත් ගිලල නිකා ඉන්න එකනං ගැලපෙන්නෙ නෑ වගේ ඒත් ඉතිං පුංචි කාලෙ ඉදල පුරුදු උන නිසාද මන්ද මටනං තුන්වේලටම බත් තමයි අල්ලන්නෙ.. බත් පිසින්න සුදුසුම දේ තමයි රයිස් කුකරය කියන්නෙ. රයිස් කුකරය ගත්ත ගමං ඩොග් ගාල හාල් දාල වතුර දාල ඒකට ඇඟිල්ල දාල උයන්න යන්නෙ නැතුව කැටලොග් එක කියවනව නං ඒකෙ හාල් දාන් ඕනි තරම වතුරු දාන්න ඕනි තරම ඔක්කොම තියනවා. සම්බා වගේ හාල් වලට ටිකක් වැඩියෙං වතුර දාන එක හොඳයි. නැත්තං ඉතිං අර කැකුලු වලට නං වතුර ගානට තිබුනම ඇති.

අල හොදි හැදීම...
අල හොදි හදන්න අපිට අල අවශ්‍යයි. අල ගෙඩි කිහිපයක් අරගෙන පලමුවෙන් සුද්ද කරගන්න ඕනි වටේ පොත්ත. අල අමුවෙං සුද්ද කරල ගත්තහම හොද්ද රසයි. ඉන් පස්සෙ සිහින් කැබලිවලට අපි අල පෙති කපා ගමු. අල පොත්ත සුද්ද කරන අවස්ථාවේ පටන්ම වතුර එකකට දමන්න මතක තියාගන්න මොකද නැත්තං අලවල පැහැය දුරුවරණ වෙන නිසා..මේ කපාගත් අල වලට අපි රම්ප කරපිංචා සුදුලූනු සහ ලොකුලුනු දාන්න ඕනි. ඉන් පස්සෙ මේ සැට් එක දිය කිරෙන් ලිපේ තියන්න ඕනි..කිරි ගන්න කොට කියන්න ඕන දෙයක් තියෙනවා. සාමාන්‍යන් පොල්කිරි ලබාගැන්මේදී අපි තේවතුර පිලිගන්වන කෝප්පෙං එකක් විතර වතුර එක පොල්බෑයක් වෙනුවෙං දැම්මහම ඇති. ලොකු පොල්ගෙඩියක් නං ඉතිං දෙකක් දැම්මට අවුලක් නෑ.. 
ඒ මට්ටමට නැතුව වතුර ගොඩාක් දාන එක වැඩක් වෙන්නෙ නෑ. අපි ඉතිං අල ටික දියකිරි වලිං තම්බගන්න කොට අල ගොඩායි වගෙ  තේරුනොත් වතුර සුට්ටකුත් දාගන්න ඕනි. අල හොදි හදනකොට වියලි මිරිස් කුඩු දමන්න එපා. අමුමිරිස් සහ ගම්මිරිස් කුඩු දාන්න ඕනි. මතක ඇතුව කහ සුට්ටකුත් දාන්න. දැං ඉතිං අල එක වහල තැම්බෙන්ට හරින්න. මද වෙලාවක් ගිහිං අල කෑල්ලක් හැන්දකට අරං පොඩියක් තලල බලන්න අල තැම්බිලා ද කියාලා.. තව දෙයක් මේ උයන්න ගියාම ගොඩාක් අය වරද්ද ගන්න තැනක් තමයි ගින්දර පාලනය. ලොකු ගින් මැලයක් වගේ ලිපක් ගහගෙන අපි ඔය වැඩ කරන්ට යන්න නාකයි. ඒක ඇඟටත් හොද්දටත් සාක්කුවටත් හොඳ දෙයක් නෙමෙ. ඒ නිසා ලිප ගානට තියා ගන්න. අල වගේ දෙයක් ගාන්ට තැම්බෙන්න නං ලිප ටිකක් අඩු කරල ටික වෙලාවක් තිබුනොත් හොඳයි..නැත්තං ඉතිං අල වල මැද අමු වෙන්ට පුලුවනි. ඉතිං අල ටික තැම්බුනහම අපි කරන්න ඕනි අර වඩා උකු කිරි ටික දමාගන්න එක තමා... ඒකත් දමල පස්සෙ ලුනුත් දමල අල හොද්ද බාගන්ට ඕනි..

 මාලුමිරිස් තෙල් දැමීම..
මාලුමිරිස් අපි කලිං කපාගන්න ඕනි. ඔනි තාලෙකට කපාගන්න පුලුවනි. ඉන් පස්සෙ අපි කරවල හරි මොනාහරි දානවනං ඒකත් එක්ක අර මාලුමිරිස් ටික මික්ස් කරල තියමු.. දැං එතකොට අර මිශ්‍රනේ තියෙන්න ඕනි කරවලයි මාලුමිරිසුයි විතරයි. ඉතිං අපි ඊලගට හට්ටියකට තෙල් ටිකක් දාල තෙල් ටික චාස් චූස් ගාගෙන එනකොට අර කරවල සහ මාලුමිරිස් දානවා. දාල පොඩියක් වහල තියමු.. මොකෝ නැත්තං මාලු මිරිස් තැම්බෙන්නෙ නැතුව යනවා. ටික වෙලාවකින් පොඩි කෑල්ලක් කාල බලනවා කරවල+ මාලුමරිස් තැම්බිලාද කියලා. තැම්බිලා නං ඉතිං ඒක වෙනත් පිඟානකට බාගන්නවා..
 ඉන් පස්සෙ අපි දානවා තව තෙල් සුට්ටිත්තක්. ඒටික දාල ඉන් පස්සෙ සුදුලූනු..අමුඉගුරු, කුරුදු, ලොකුලුනු, කරපිංචා සිහින්වල ලියාගත් කැබලි අර රත්වුනු තෙල් සුට්ටට උඩිං දානවා. දාල හොදට කලවං කරනවා. පස්සෙ රන්වන් පාටට ලූනු කෑලි සෙට්වෙන කොට අපි අර මාලුමිරිස්+කරවල මික්ස් එක දානවා. දාල ඉන් පස්සෙ තමා ලුනු ඇතුලත් කරන්න ඕනි. ලුනුත් දාල පස්සෙ අපි කෑලි මිරිස් එකතු කරනවා. කෑලි මිරිස් කලිං දැම්ම නං කලු වෙලා දැලිවෙලා අලුවෙලා යනවා. ඕනිම බදින දෙයක්( අල අලුකෙසෙල්, ගෝවා, බෝංචි, ලූනු කොල, ) කලිං ඒ ටික බැදල පස්සෙ අර මික්ස් එක ගහල ඒකට දානවනං තමයි රස එන්නෙ..නැත්තං එක කොටසක් බැදිල වැඩි වෙනවා.. නැත්තං මේන් ඔබ්ජෙක්ට් එක හෙවත් මාලුමිරිස් වගේ ඒව තැම්බිලා මදි වෙනවා..කලිං කතාවෙ වගේම බැදුං ජාති හදද්දිත් ගිනි මැල ගහගෙන වැඩ කරන්න බෑ..යංතං නිල් දැල්ල තිබුනහම ඇති.. නැත්තං තෙලුත් ඉවර වෙනවා..ඉක්මනට..

පොල් සම්බෝල හැදීම..
පොල් සම්බල් හදනව කියන්නෙ නං ඉතිං හැමෝම දන්න දෙයක්. පිටිකල පොල්කිරි වලිං නං පොල්සම්බල් හදන්න බැහැ. අනික කොයිතරං ඇඩ් දැම්මත් පිටිකල පොල්කිරි වලිං අර ස්වාබාවික පොල් වල රස නං එන්නෙ නෑ..ඕදිරිස් අර කැරකෙන හිරමනයක් වෙන්නෙ රුපියල් අටසීයක් විතර. රුපියල් දෙසියගානක් දීල පිටිකල පොල්කිරි උස්සං යනවට වඩා ලේසි ඕදිරිස් හිරමනයක් ගෙනියන එක. පොල්කිරි ගත්තම අපි දන්නව ඒකෙ තියෙන්නෙ කිරිමයි කියලා. ඒත් අර පොල්කල පිටිකිරි වල මොනවා තියෙද කියල දන්නෙ දෙයියො තමයි. අපි උයන පිහන ක්‍රමවේද වෙනස් වෙන කොට ඒ පිටිකල පොල් කිරි වල තත්ව වෙනස් වෙලා කන්න බැරි රසකින් සහ සමහර විට විසකින් පවා සමන්විත වෙන්න පුලුවං පිටිකල පොල්කිරි පාවිච්චි කරනකොට..
 පොල් සම්බොල් හදන්න ගම්මිරිස්. අමුමිරිස්, වියලි මිරිස් කුඩු, ලුනු දෙහි සහ ගාගත් පෙල් අවැසියි. අපිට පුලුවනි නං පොඩි වංගෙඩි කෑල්ලක් හොයා ගන්න.. අන්න මරු ඒක පොල් සම්බල් වලට. ඔය දුර පැතිවල ගියාම හොඳ පොඩි සයිස් වංගෙඩි මෝලක් බස් එකේ අරං එන එක ෆැෂන් එකටත් එක්ක හොඳයි. අරං ඇවිත් සාලෙං තියමු උයන් නැති වෙලාවට. උයන වෙලාවට කුස්සියෙ. ඉතිං ඔය වංගෙඩියට මුලින්ම දාන්ට ඕනි ගම්මිරිස්. ඊගාවට ටිකක් ගම්මිරිස් ඇට ටික තලනවා. තලල ඉන් පස්සෙ දානව වියලි මිරිස්..ඒකත් තලනවා ලෙසට.. පස්ෙස ඕනි නං අමුමිරිස්..ඒකත් තැලුනට පස්සෙ ඕං රතු ලූනු සහ පොල් එකතු කරනවා. අන්තිමේදි අපි ස්වල්ප වශයෙන් පොල් එකතු කරමින් යනවා. අවසානෙ හොඳින් කොටාගත් මේ මිශ්‍රණයට අපි දෙහි එකතු කර අතගා ගන්නවා..

උයන්න නෙමෙයි මොන දේ කරන්න ගියත් එල් බෝඩ් පීරියඩ් එකක් තියෙනවා. ඒ නිසා වරදින දේවල් ගනන් ගන්න එපා. ඒව වරදින්න අරින්න. අනික රෙසපි තියං වෙබ් එක ඇරං ලැප් එක ලඟ තියං එදිනෙදා උයන්න බෑ. පොඩියක් ඔලුවෙ තියාගෙන වැඩේ පස්සෙ තමුන්ට ඕනි විදියට හදාගන්න.   

Tuesday, May 29, 2012

සිහින නඩත්තුවට ලේසිම ක්‍රම

රථ පිළිබඳ සිහිනය..
පොඩිකාලෙ මං හිතං උන්නෙ තඩි බයික් එකක් ගන්න. ඒත් ගොඩක් කල් යනකං නෙමෙයි මේ මේ දැං වෙනකල්ම මට කිසිම වාහන ලයිසන් එකක් නෑ. සිහ් ලයිසන් එකක්වත් නැද්ද කියල කාරුහරි ඇහැව්වම මං කියන්නෙ වාහන නැතුව වැඩක් නැ ලයිසන් අරං අපරාදෙ කියලා..
මගේ අදහස උනේ තඩි බයික් එකක් නිසා මං හොයන්නෙම තඩි බයික්ම තමයි..ඒ අතර ජනප්‍රිය වෙච්චි ඉන්දියන් බයික් මට නොදිරවන්න හේතු ගානක් තියෙනවා.
  • ඉංදියන් බයික් ලස්සන සහ විසාල මදිවීම
  • ඉංදියන් බයික් වල වයිබ්‍රේෂන් අධික වීම.
  • කිසිදු සුවපහසු ගතියක් නැතිවීම.
  • පුස් බයිසිකල් තරං කොමන් වීම ආදියයි. 
ඒ නිසා මට හිතින් බොහොම ඈතට ඉංදියන් බයික් දාන්න පුලුවං උනා. ඉන් පස්සෙ බීඑම් ඩබ්ලිව්..බුකාති හෝ ඩුකාටි වගේ මං නංවත් දන්නෙ නැති බයික් ඉන්ටනෙට් එකේ දැක්කා ඒත් ඒවාත් නොගැලපෙන්න මට හේතු තිබුනා..
  • ලංකාවේ 250 ට වඩා එංජින් ධාරිතාව සහිත මෝටර් බයික් ලයිෂන් නොකිරීම
  • ලංකාවේ පාරවල් වලට එවන් බයික් නොගැලපීම..
  • ගෙදරින් අකමැති වීම.
  • බයික් එකේ දාං යන්නට කෑල්ලක් නැති වීම.
ආදි කාරණා තිබුනා..ඒත් ඔය එක මගුලක්වත් ගන්න මට රුපියල් දහ දාහක්වත් ඉතිරි කරගන්න බැරිඋන කතාව දන්නෙ මගේ යටිහිත විතරයි..උඩු හිතිං එක එක හේතු දදා ඉන්නවා. එක අතකින් මේ තියෙන විදිය හොදයි කියල හිතෙන වාර ගනන බොහොමයි. ඕං මං කාර් එකක් ගන්න හිතුවා කියමු..
එතකොට කාර් එපා වෙන්න හේතු තියෙනවා
  • මෙහේ ට්‍රැෆික් වැඩි වීම...
  • ලාබෙට ඇති කාර් කම්පටබල් නැති වීම
  • කාර් කෑලි සහ පෙට්‍රල් මිල වැඩිවීම වගේ ඒව තියෙනවා...
කොහොමත් නිදිමතේ ගිහිං කෝච්චියෙ හිටගත්තම මිනිස්සු දඟලන වෙලාවට පොඩ්ඩක් වටපිට බැලුහම ස්ටේසන් එක හරිනං බහින එක ලේසියි මේ වාහන වල යනවට වඩා. ඒක කොච්චර ලේසිද නේද??

ලැප් සිහිනය..
මං දන්න කියන උන් බෝමයකට දැන් ලැප්ටප් තියෙනවා. ඒත් නෙට් එකට පිංසිද්ද වෙන්නයි මට තියෙන කොම්පියුටර උනට පිංසිද්ද වෙන්නයි. ඒ උන් ගාව තියෙන හැම ලැප් එකකම වැරදි මං දන්නවා. එකක් රත්වෙනවා. අනිකෙ ඉස්කිරිං එක කොලටි නෑ..අනික චාජිං හිටින්නෙ නැ..ඔය වගේ මොකක් හරි වරදක් තියෙනවා. අපේ ළඟම යාලුවෙක් ගනිපු එක චොස් එකෙ ඩිසයින් එක ලස්සන නෑ. 
ඉතිං මං ලැබුනොත් හිට් ඇඩ් එක හරි නැත්තං පත්තරයක් හරි ඔය ලැප් ටොප් පාං ටොප් සැල්පෝං පේජ් එක බලනවා. බලල විස්තර හොයනවා. කෝල් කරනවා. හෙට ගන්න වගේ ඇඩ් දානවා. ඒත් ගන්නෙ නෑ. මොකද හැමදාම මේ මාසෙ තියන කෑලි වලට සොෆ්ට්වෙයා වලට වඩා හොඳ ඒවා ලබන මාසෙ ඇවිත් තියෙනවා. අනික හැම කම්පියුටරයෙම හොද වගේම නැරකත් තියෙනවා. මෙහෙම ලැප් බල බල ඉන්න එක වාසියි. ගෙවන්න ගත්තත් කොම්පියුටරේ කැඩුනත් අපි ගෙවන්න එපාය..
ඒත් කන්තෝරු මැසිමෙං ගන්න පුලුවං උපරිම පොරෝජන අරං හැමදාම හිට් ඇ්ඩ් එක බලල කෝල් කරන එක වාසියි. අනික තමයි ලැප් උනත් උස්සං යන්න තියෙන වෙහෙස. දවසක් මගේ යාලුවෙක් කියපි උගේ උරිස්සෙ මොකද්ද අමාරුවක් හැදුනලු ලැප අරං යන්න ගිහිං...ඉතිං මට සාමාන්‍යන් කෙනෙක් මලා කිව්වත් මතක නැතිවෙලා ගියාට අර වගේ ලැප් එක උස්සං ගිහිල්ල හැදුන අමාරුව මතකයි. ඉතිං ලැප් ගැන කතාවක් කොහෙ හරි ආවොත් මට ලැප්වල තියෙන අවාසි පෙන්නන්න අර උරිස් අමාරුවත් ගත හැකි වෙනව ලේසියෙංම..


කාර් හීනය..
මං ආසම ගේම් එකක් තමයි නීඩ්ෆෝ ස්පීඩ් හොට් පර්සුයිට් 2 කියනඑක..එකෙ කාර් රේස් එකට ටොයෝටා කාර් නෑ..ටිකක් පරණ ගේම් එකක්. ඒත ඇරෝ කිස් වලිං විතරක් යන නිසා ලේසියි. ඒකෙ තියෙන්නෙ ඉංගිරිසි කාර්. බී එම් ඩබ්,පර්ජෝ,බෙන්ස්.ජගුවර වගේ හෙන ලොකු ගානක් වෙනකාර් තමයි ඒකෙ තියෙන්නෙ.මං ඉතිං හිමීට ඔය කාර්වල තොරතුරු හොයන්න ගත්තා. සිහ් අම්මපා ඒ කාර් වල තියෙන ෆීචර්ස් එක්ක ගත්තම මරුතිය කියන්නෙ කරත්තයක්. ඒ තොරුතුරු දැනගත්ත නිසා මට මරුතියක් අමාරුවෙං සල්ලි ඉතිරි කරල ගන්න එකෙක්ට උනත්... අයියෝ බං ඕකෙ කිසි කම්පටබල් ගතියක් නෑ..මේක නෑ අරකනෑ..කියන්න පුලුවනි. ඉතිං ඕම කියන කොට උනුත් උත්තර දෙනවා එක එක ඒව කියලා. සමහරු කෙලිම්ම කියනවා මට රිම් කට්ටක්වත්නෑ කියලා. ඒත් ඉතිංමං කියන්නෙ ගන්නවනං සුපර් එකක් ගන් ඕනි. ඔය එක එක කරත්ත අරං හරියනවෑ.. ඕංමං දන්න එකෙක් මේ ලගදි උහං ආව පැන්ඩෙක්. පැන්ඩා කාර් එකක්. ඕක ගෙනැල්ල ටික දවසක් යනකං මට ඕකෙ ටිකක් අවුලක් හොයා ගන් බැරිඋනා ඇඟට දැනෙන තරමෙ.. ඒසී එකේ අවුලක් තිබුනත් ඒක ඒතරම් දැනුනෙ නෑ. පස්සෙ මේ ලඟදි අහුවුනා පත වැරැද්දක්.. ඒකෙ ටිකක් බර අය නැගල අතුරු පාරවල් වල හෙම යනකොට කාර් එකේ යට වදිනවා බරාස් ගාලා.. දැං යන්තං ඇති.. පැන්ඩක් ගනිමු හෝ ඒ වගේ කතාවක් ආවොතින් ඉතිං යට වදිනවා වැඩක් නෑ කියන එක කියත හැකි...
 සිහින හෝ ටාගට් වෙනුවෙන් මාන්සි වීමට වඩා ටාගට් වල හෝ සිහින වල වැරැදි එකතුකිරීම නං පස්ට විනෝදාංශයක්...ඒකට සල්ලි වියදං වෙන්නෙත් නෑ..ඒ වගේම ලෝකෙ තියෙන හැම බඩුවම හිතේ තියං දුක් විදින්න වෙන්නෙත් නෑ..

Friday, May 25, 2012

කාලයේ වැලිතලා..

කාලයේ වැලිතලා
පෙම් කතා සඟවලා
රැලි වැටී නැතත් මගේ සමත් කයත්
නාකි වී ගොසින් මගේ සිතත් ගතත්


දාහෙ කොල කීපෙට පැය ගානට
සයන බදු අරං
පහස සොයන නරුම මිනිස් පෙලට
මාත් එක්කරං..


මා දිහා හොර හොරෙං
ඈ දිහා හෙමි හෙමිං..
ඇසි පියන් නොගොස් බෝ ලඟින්.
රාග චේතනා තදින් වැදී සැනින්
පරව පෙම් කුසුම් යතී පිපී සැනින්..
විගස පිපෙන මියෙන මලක් වූ ලෙසින්..


පෙම් කතා නැති වෙලා .
පෙම් වතී විචල්‍යක් වගේ වෙලා..
අහස සඳවත තරු කවි පොතේ තියා...
අනින්ටමයි දුවන්නෙ මේ''
ඉඳින් බලං ඉඳං තවත් පැයක් දෙකක් ...
අපිට පෙම අරගෙන කොළ දෙකකට සරඹ කරන්ටා..

kalaye welithala by indika27

http://soundcloud.com/indika27/kalaye-welithala
 .එක්තරා මනුෂ්‍යයෙක් ඉන්නවා එයාගෙ වයස තිස් ගනන් වල අග හරිය..ඉතිං මෙයා ලව් කරන්න යනවා..නමුත් ලව් කරන්න යොදාගන්නෙ ගනිකාවන්..ඔහුට ස්ථිර ප්‍රේමයක් ගැන හිතන්න කාලයක් නෑ.. ඉතිං ගණිකාව තුලිං මෙයා ප්‍රේමය දකිනවා. ඒත් ඒ ගණිකාවත් එකක් කියල නෑ. ඒකත් විචල්‍යයි.. මේක හරි සංකීර්ණ දෙයක්. මෙයා ආස උනත් ඒ විසි ගනන්වල ගෙවපු සුංදර ලස්සන එක කෙල්ලෙකුගෙ නිර්මල පෙම්වතා වෙන්න ඒත් එයාට දැන් ඒකට හිත දෙන්නෙ නෑ..රැලි වැටෙන තරමට හම දිරුවෙ නැතත් සිතින් ඔහු හිතන්නෙ අනේ මං වගේ නාකියෙක් කියලා..
ගණිකාවක් කියන්නෙ පෙම්වතිය ප්‍රෙමය නොවන බව ඔහු දන්නවා. ඒත් සමස්ථ ආශාව සරල ලෙස ගණිකාව පිටිං සපුරගන්න පුලුවං කියන සරල තර්කය උඩ ඔහු ඉන්නවා..ඒ වගේ ස්ටෝරියක් තමයිමේ කවි සැට් එකෙං කියන්නෙ..
ඇහෙන්නෙ නැත්තං මෙතන ඔබල වත් අහල බලන්ට.. 

Tuesday, May 22, 2012

bull song වල්ලියා

අං දිහා බලං..ඇස් දිහා හොරෙං..බැලුවා මතකයි..හොම්බෙන් අනිමින්..අං දිහා බලං..ඇස් දිහා හොරෙං..බැලුවා මතකයි..හොම්බෙන් අනිමින්..
වලගය වනලා...පැනගෙන දුවලා...සෙල්ලං දමමින් මා වට කැරකීලා...
වල්ලියා....මගේ වල්ලියා දෙයියෝ...
ගියේදෝ හැරදා කරත්තයේ බැඳිලා..
වලගය වනලා...පැනගෙන දුවලා...සෙල්ලං දමමින් මා වට කැරකීලා...
වල්ලියා....මගේ වල්ලියා දෙයියෝ...
ගියේදෝ හැරදා කරත්තයේ බැඳිලා..

බෙල්ල ගෙවිලා ගියත්..නගුට කැපිලා ගියත්
කෙවිටට සම තැලුනත් මාගේ පෙබ්බර සුදා..ගේ
මං ඔබෙ පෙං බරී...නේ...


දිලිසෙන තරු අතර වෘසබ රාජ වී..රෑ අහසින් මගෙ ළඟට පාත් වී...
එන්නෙ දො ්වල්ලියා මාගේ පෙංබාරා..


ලොකු ගොං රාජයෙක් මට ඕනෑ.නෑ.
නාඹර ගැටවු තවත් මට පේන්න බෑ..
වයසින් වැඩුනු එකා මාගේ රුසිරු සතා..
ඔබ නැතුව සිතා පෙම වැඩිය ඉතා.


Bul song by indika27

Friday, May 18, 2012

ගන්ධබ්බ ජීවිතං

බැඳපු අයට කියන්න තියෙන්නෙ බැඳපු එක ගැන විස්තර..එහෙම නැති අයට කියන්න තියෙන්නෙ කනෙක්ට් වෙච්ච නැති එකේ වරුණාව..එතකොට ඒ දෙකම නැති ඉදල හිටල පෙරාන පාර දාන අයට කියන්නෙ කෝමද??
මං නං හිතන්නෙ ඒකට හරියන වචනෙ ගන්ධබ්බම තමයි..
අපි නිකං විස්තර කතාව ලයිට් ගාන බලන්නෙ නැතුව තොරණට බහිමු..

එදා මට හෙම්බිරිසාව සෙම පස්ට විදියට වැඩිවෙලා එකෙන් උන හැදිල ගෙදර යන දවසක්. ඉතිං බස් එකෙ නැගල සීට් එකක් අල්ල ගත්ත. එතකොට ඕන්න ඉතිං මට සැට් උනේ වෙරළ පැත්තෙ සිට් එකක්. ඒත් එක්කම එහා පැත්තෙ ගෑල්ලමයෙක් ඉන්නවා. තනියම ඒ ඉන්නෙ අනික් පැත්තෙ සීට් පෝලිමෙ සීට් එකක. ඉතිං මගේ හිතට අදහස් ගලාගෙන එනවා මේ පැත්තෙ යෑම අගුනය. මට සෙමය, මූදු හුළඟ හොඳ නැතිය සෙමට. ආදි වශයෙන් සිතුවිලි ගලා එනවා. ඒ අතර අර ගෑල්ලමයා සීට් එකේ සයිඩ් එකෙං දාං හිටිය මල්ලත් ගත්ත අතට. මට උණ වැඩිඋනා. සහොලෝල උණ ඇති උණා.. මූදු හුළඟට උණ වැඩිවෙලා ඉස්පිරිතාල ගත වෙලා නේස් නෝනල පස්සට අනින්ට තඩි ඉන්ජෙක්ෂන් කටු අරං එනව වගේ පෙනුනා.
ඒ අස්සෙ අර ගෑල්ලමයා මූනට වැටුන කොන්ඩ කෑලි ටික පැත්තට දානව හෙම කෝල් පෝං එකෙං කාත් එක්ක හරි අමනාපෙං කතා කරන එක හෙම පෙනුනා.
ඉතිං මං ඉවසීම බල්ලට දාල අර මං ළඟ වාඩි වෙච්චි කොල්ලගෙන් අහපි..මල්ලි මේ පැත්තෙ මූද නේද? මල්ලි ඔව් කිව්වා. මල්ලි මට සෙම.මූදු හුලං හොඳ නෑ..කියල තත්පර දෙකක් තුනක් ගිහිං අර ගෑල්ලමය ගාවින් වාඩි උනා...

මං වාඩිඋනා විතරයි ගෑනු ලමය පොඩියක් සිප් වෙලා ඉඩ දුන්නා. ඒ කිවෙ අර කලිසං වලට දාන සිප් නෙමෙ..ඩොකියුමන්ට් හෙම යවනකොට අපි සිප් කරල යවන්නෙ ආන් ඒක. ඉතිං පොඩියක් සංකෝචනය වෙලා ඉඩ දුන්හම මං වාඩි උනා..
ඒත් ඉතිං අතපය වත් කොහෙවත් නොවැදි සංවර සෛය්‍යාව විනාඩි ගානක් තියාගන්න එක මගේ කාඩ් එකට හොඳ නිසා මං ඉතිං සංවර ඇඩ් එක දාන්න කිසිම උපාංගයක් වදින්නෙ නැති විදියට වාඩි උණා..ඒත් ඉතිං බස් නවත්තල තියෙනකොට වගේයැ යනකොට..විසිවෙනව ගැස්සෙනව ඉඩකඩ මදි වෙනවා. ඒ අස්සෙ මට නින්ද යනවා එයාට නින්ද එනවා. ඒ නින්දවල් දෙක අතර මැද සෙට්වෙලා එහෙ මෙහෙ වදිනවා. ඒත් ඉතිං මේ හැම වෙලාවෙම එහෙමෙ වෙන්නෙත් නෑ. මුලින්ම වැදුනම මං ඉතිං සොරි කියනවා..ඉන් පස්සෙ අරයා ටිකක් හිනාවෙලා අවුලක් නෑ ලයින් එකක් දෙනවා. ලංකාවෙ බස් වල ගිය කෙනෙක් ඉන්නවනං දන්නවනේ ඒවයි තියෙන ඉඩ කඩ අනුව කොයිතරං අමාරුද නොවැදි යන්න කපල් එකකට.

ඉතිං ඕම යනකොට මෙයා මගේ දිහා බලනව වගේත් තේරුනා. මගෙත් ඉතිං ඇඩ් ලෝකයයි. හොඳ වෙලාවට ටච් පෝං එකක් ගත්තෙ කියල හිතුනෙ ඒ වෙලාවෙ. ඕක ඉතිං ඉන්ටනෙට් යන්න හදනවයි..රේඩි එක ටියුං කරනවයි විකාර වැඩ ගොඩායි. ඉතිං ඔහොම යනකොට නින්දත් යනවා. කොච්චර උනත් හරි ෆෙන්ඩ්ලි ගතියක් තිබුන ඒ ගෑල්ලමයගේ. මං ඉතිං තේවතුර බොන්න බස් එක නවත්තන හරියට ආහම බැලුව.. මොකෑ මේ බස් එක තේවතුර බොන්ට නවත්තන්නෙ නැත්ද අද කියලා. ඒ වෙනකොට මගේ ලෙඩ තත්වය නිසා මොකුත් කාල බීල තිබුනෙ නෑ. ඒ අස්සෙ ඉතිං අර ගැල්ලමයත් එක්ක කතා කරන්ට දේකුත් තියෙන් එපාය. පැන්න ගමං ඇහුව. නංගි මේ කොහේද කියල. නංගි මේ බස් එක නේ හලෝ පේන්නෙ නැද්ද කියල කිව්වෙ නෑ. එයා බොහොම බුද්ධිමත් කාන්තා රත්න බාගයක් විදියට මේ මෙහෙනෙ කියල වැරදි උත්තරයක් දුන්නා. ඒ මදිවට ඒක කන්ෆර්ම් කරන්නත් මොකද්ද කිව්වා. මාත් ඉතිං ගොනා මොඩල් එකට හිටියා. මං අත්දැකීමෙං දන්නවා එයා කිව්ව ඒ නගරය එන්න තව විනාඩි දහයක් විතර බස් එක යන්න වෙනවා කියලා. ආන් ඒ විනාඩි දහයත් ගියා කියමුකෝ..

එතකොට අර නංගි කියනවා. මේ තියෙන්නෙ අම්බලන්ගොඩ තමයි. කියලා. ඉන් පස්සෙ ඉතිං විස්තර කතා කරන්න සෙට් උනා. තේ බොන්නත් බස් එක නැවැත්තුවා. ඒ දවසෙ නැවැත්තුව පොට් එක අම්බලන්ගොඩ මූද කිස්ටුව තැනක්. ඉතිං කස්ටිය බීච් එක දිහා තියන සින්දු කාමර පේලියට ගියා(මුත්‍රා කරන ස්ථාන). ඒ ගිහිල්ල එක පොරක් බස් එකේ නිදාෙගන ඇවිත් නිදිමත බේරෙන මූන පහත් කරල සිපර් එක හොයල යාංතං ඒ වැඩේ ෂරි කරගෙන එතන තිබුන කොට තාප්පෙං මූද දිහා බලනවා. බලල නිකාං ඉඳල බෑනෙ ඉතිං පොර කමෙන්ට් එකකුත් දානවා. තව වැඩිදුර යන්න නෑ මයෙ හිතේ..මේ වැලිගම හරියෙ වෙන් ඇති මේ මූද වැලිගම වගේ කොළ පාටයි නේ.. යකෝ බස් එකේ නිදාගෙන ආවනං ඒ විදියට හිටපංකෝ. මිනිහ මූදෙ පාට බලල අම්බලන්ගොඩට වැලිගම කිව්ව වැඩෙං එතකොට සිංදු කිය කිය හිටිය සෙට් එකටම හිනා.

ඉතිං බස් එක තේ බිව්වට පස්සෙ මං ඇවිත් වාඩිවෙලා. කෝකටත් කියල පැනඩෝල් දෙකක් කාරිය බීල. අර නංගත් එක්ක චැටක් දාං එනවා. ඒකත් හොඳයි. අර අංකල්ල ඇන්ටිල සෙට් උනා වගේ හාර හාර විස්තර අහන්නෙ නෑ නංගිල. අයිය වැඩකරන්නෙ කොහෙද කියල ඇහුවම අපි දෙන උත්තරේ අරං ඔහෙ ඉන්නවා. අංකලයෙක්ට ඕ උත්තරේ දුන්නනං නවසිය හැත්ත ගනං වල ඔය පැත්තෙ මගෙ යාලුවෙක් හිටිය සිමියොං කියල දන්නවයි අර මාර ගහ ලග පෙට්ටි කඩේ ලඟ වංගුවෙ..ඉතිං නවසිය හැට ගනන් වල නෙට් වත් නැති කාලෙ ඒව මං මනසින් සර්ච් කරන්න ඕනි අර පෙට්ටි කඩේ හොයන්න. ඉන් පස්සෙ දන් නෑ කිව්වොත්. දැං ඒ පැත්තෙ කොච්චර කල්ද ආකද මේකද පස්න ගොඩයි. තව තුන් හතර දෙනෙක් දෙනව අපිට අඳුගන්න. හරියට අර ෆේස්බුක් එකේ පාස්වර්ඩ් මිස් උනාම මිනිස්සු අඳුනගන්න දෙනව වගේ මහා චාටර් වැඩක් අංකල්ල ඇන්ටිල සෙට් උනා අතන දන්නවද මෙතන දන්නවද. අරයව දන්නවාද..එයා ඉන්නෙ කොහේද කියල අයිඩෙන්ටි වේරිෆිකේෂන් අනං මනං හොයන එක. නංගිල අක්කල සෙට් උනාම තියෙන හොදේ ඒකයි..ෆෝන් එක පිරෙන්න සිම් එක පිටාර ගලන්න කොල්ලන්ගෙ නම්බර තිබුනත්. මේ මට ලව් කරල තියන අයිය කෙනෙක් ඉන්නව ඔයා කිව් කම්පැනියෙ කියල කවදාවත් ගෑනු ලමයෙකේ කියන්නෙ නෑ කෙලිම්ම..

ඉතිං ඒ අස්සෙ නංගිට බස් එකේදි වෙච්චි අකරතැබ්බ වගේ ඒවත් කිව්ව. පස්සෙ එයැයි මාත් එක්ක හෑන්ඩ් ටෙලිපෝං එකෙං කියපු විදියට මං හොඳ කෙනෙක්. සමහර අය නැග්ග තැන ඉඳල වාඩිවුන තැන ඉඳල කරේ යන්න එනවලු. කරෙයි නගර්ල වගේ. එයා කැමති නෑලු හුඩ් රැක් හෙවත් බෑග් තියෙන රැක් එකේ බෆල් තියෙන තැංවල යන්න. ඒකයිලු මේ පැත්තෙං වාඩි උනේ. දවසක් එහෙම යනකොට එයා ළඟ ඉන්න බෝයිට තුවාල උනාලු අර පෙට්ටි ස්පීකරයක් වැටිල ඇගේ වැදිල. අනේ පව්. මාත් ඉතිං හොරාට දුක්වුනා. ගොඩක් අමාරු උනාද?? ඒ කිඹුල් කඳුලු සහ ඕප කඳුලු පාරක්?? ඔව් අනේ එයාට තුවාලත් වෙලා.. බේත් දාන්න බස් එක නවත්තලත් තිබුන..

ඉතිං ඕහොම කයි මර මර යනකොට එයා කියනවා. මං හමු උන එක හොදයිලු නැත්තං ඉතිං පාලුවෙංලු යන්නත් වෙන්නෙ. මටත් ඉතිං කමිං කලර් නොට් බෑඩ් වගේ තේරුනා( එන පාට නරක නැත). බහින්නත් කිස්ටු උනා නංගියා..ඉතිං මං නම ගම කාරිය අහගත්තා. එයා බහින්න කිස්ටුව ඉතිං අර එයාගෙ ටුකුරු ටුකුරු ගාන ටෙලිපෝං එක වදිනවා.. හැම තිස්සෙම. මොකක් හරි ටයිප් ගහල තිව්වම ආයෙත් වදිනවා. ඉතිං එයා කිව්ව. ඒක හරි වදයක් වෙලාලු තියෙන්නෙ. මාත් ඉතිං වෙලාව බලල කිව්ව. එහෙනං ඉතිං මගේ නම්බරෙත් දාගන්න. ඒ තරම්ම ලොකු වදයක් වෙන එකක් නෑ කියල.
එතකොට නංගි ඇහුවා ආ ඒ මොකටද ඔයාගෙ නම්බරේ මට.?? කියලා
මට පොලව පලාගෙන පොඩ්ඩක් යන්ට හිතුනා. ඒත් මොකුත් නොපෙන්න හිටියා. හුම් කියලා.
පස්සෙ එයා ටික දුරක් ගිහිං මට පෝං එක දුන්නා ගහල දෙන්න කියලා. ඉන් පස්සෙ මගේ නම යටතේ ඒක සේව් කරගත්තා..

ම්ම ඉන් පස්සෙ කතා කරා මැසේජ් කලා..සති දෙකක් විතර වැඩේ නැගල ගියා. පස්සෙ ඉතිං ඒක බැහැල ගියා. සුලු සිද්දියක් උනත් විස්තර ලියන්න ගියාම පස්ට වෙලාවක් යනව නේ.. සිහ් මං හිතුවෙ මේ වගේ කෑලි තුන හතරක්ම එකපාර දාන්න. ඒත් ඉතිං බෑ නෙව..දිග වැඩියි වෙලාව අඩුයි වගේ කේස් එනවනේ..