Wednesday, August 15, 2012

පාලගේ විලාපය 2


ඉස්සර මාත් තේරුනා රස්සාවකට. ඒ වුනාට රස්සා දුන්නෙ ජොබ් කාඩ් වලට. පවුලටම එකයි ජොබ් කාඩ් දෙන්නෙ. මගේ කාඩ් එක මං අපේ අක්කාට දුන්නා. දැං අක්කා ලොකු තැනක වැඩ ඇති. ඒත් මං ව දන්නෙ නෑ. දැනගත්තත් මාව අඳුනන එකකුත් නෑ. අඳුනගත්තත් නාදුනන විදියට ඉඳීවි මොකෝ මං වැදගත් නැති මිනිහෙක්.

ටික කාලයක් ගෙදරට වෙලා හිටියා. මං එච්චරම කැත්ෙත උදැල්ලෙ වැඩට දස්සය නෙමෙ ඒ දවස්වල. දස්සකමක් නැති නිසාම නෙමෙයි. කාලයක් තින්ත පෑන අල්ලල කුරුටුගාල පාඩම් පොත් කියවල මයෙ ඇඟම හොර වෙලා තිබුනෙ. අක්කට වඩා ඒ දවස්වල මට ප්‍රථිපල තිබුනා. එ්ත් අක්කාට හොඳ කසාදයක් කොර ගන්න දෙන්න තරං දේවල් අපිට තිබුනෙ නැතුව ඇති. අක්කා යවන්න ඕනි නිසා අම්මලා කිව්වා ජොබ් කාඩ් එක අක්කාට දෙන්න කියලා. ඒක දුන්නෙ දේශපාලෙනේට..

ඔහොම ටැග් ගැහි ගැහි ඉඳලා අපේ තාත්තා අඳුනන මනුස්සයෙක් ඉන්නවා කියලා ආව කොළඹට..මට ලියන වැඩක් හම්බුනා. ඒක ලේසි. කාලෙ හැටියට හොඳ පඩියකුත් ලැබුනා. ඒ ලියන මුදලාලිගෙ දුව ලස්සනයි. ඒත් දුව මට සෙට් උනේ නෑනෙ...

හිහ් හිහ් හිහි ..ඒ සිනාවකි.

සෙට් උනානං අද මම සෝමපාල මුදලාලි මහත්තයා.. එකපාරක් ඇහුවා ඒත් බෑ කිව්වා. දැංනං පරණ වෙච්චි ජෑම් බෝතලයක් වගේ වෙලා ඇති. ඒත් ඉස්සර තෙල් කෑල්ල. අපරාදෙ මට තිබුනෙ තව පස්සෙං යන්න. ඒත් එක අතකින් ඉන් පස්සෙ සොපිනා හම්බුනේ ඕකි බැන්දෙ නැති නිසානෙ. නැත්තං ඒකි හම්බෙන්නෙත් නැහැනෙ..

කොහොමින ්හරි කාලෙ ගතවුනා. ඒ අතර ආන්ඩුවෙ එක තරඟ විභාගයක් තිබුනා. මං ඒකට පාඩම් කලේ පන්ති ගියේ නොහොල්මනින්. වැඩිය සෙල්ලං දාන්න ගියානං මුදලාලියට සැක හිතෙනවා නේ. මොන ලොක්කත් කැමති නෑ සොක්කා උඩ එනවට. ඉතිං මං අමාරුවෙන් කුප්පි ලාම්පුවෙන් පාඩං කොරේ. වැඩිමනක් මට තිබුනෙ අපේ අප්පුච්චට අම්මාට මේ්න් මං කලිසං කාරයෙකුට හරියන රස්සාවක් කොරනෝ කියලා පෙන්වන්න.

හෑ උඹ ලියන මහත්තය උනාට මොකද මේ කකුල් දෙකටම කලිසං ඇඳලා...හො හොහ්..ඒජන්ත හාමු වගේ. ඒම කිව්වෙ අපේ මාම කෙනෙක්. ගෙදර ආපු වෙලාවෙ. ඒ කාලෙ ලියන මහත්තුරුත් සරං ඇන්දෙ. මගේ මට්ටමට ඉගන ගත්ත උන්ට එ්ජන්ත වෙන්න තිබුනා වෙලත් තිබුනා. ඒත් ඒ තරං ඉහලට උගන්නල වැඩක් නෑ කියල අපේ ගමේ උන් තාත්තට කියලා තිබුනා. ඒ නිසා තාත්තා ඒ ගැන වැඩිය උනන්දු කොලේ නෑ.

ඉතිං මං අර හොරාට ලියපු විබාගෙන් පාස් වෙලා ටිකක් ලොකු මට්ටමේ ලිපිකාර තනතුරක් ගත්තා. ඒ රස්සාවත් අවුරුදු තුනක් හතරක් කොලා..

ආන්ඩු මාරුවක් කිට්ටුව තිබුනා ඉස්ට්‍රයික් එකක් පඩිය සත දහයකින් වැඩ්ි කොරගන්න. ඉතිං මටත් කතා කොලා. මාත් ගියානෙ ඉතිං. ඒ කාලෙත් ඔය රතු පොත් ජනප්‍රියයි. ඒ කාලෙ කියන්නෙත් ධනපති පංතිය අපිව සූරාකනවා කියලා. ඒත් මට පස්සෙ තමයි කල්පනා උනේ ඒව වැරදි කියලා. ඒක නෙමෙයි ලංකාවෙ වෙන්නෙ..ධනපති හෝ රදල පන්තියට කන්න ඔීන වුනාම ලංකාවෙ අනික් පංතිවල ඉන්න වුන් සූරල පැණිදාල පිඟංවලට දාල දෙනවා. අඩුගානෙ ධනපතියො හූරන්නවත් මහන්සි වෙන්නෙ නෑ. මේ අර හැලිය කිව්ව ගමන් හැලියෙ තියනෙ දේ හූරල පැනිදාල පිඟානට දාල පුලුවං නං සලාද කොලේකුත ්ගහලා ගිහින් දෙනවා.

ඉතිං කතා කලෙ ස්ටයික් එකක් ගැන නේ.. යූනියන් කාරයො හිටියා. අපි මේ අසාධාරනයට එරෙහිව අපේ අවසාන ලේ බින්දුව දක්වා දිවිහිමියෙන් සටන් කල යුතුයි. මේ පාලකයින්ට මේව ලියල දෙන මට්ටමට අපි නිහඩව නොසිටිය යුතුයි. එහෙමත් එකෙක් කෑ ගැහුවා. ඒත් ඌම ලොක්කෙක් දකින කොට දෙන්නෙ නැත්තෙ පුක විතරයි. අනික් හැම තැනින්ම නැවිලා හා සෑර් කියනවා. ගොඩක් උන් හෙමයි. පොඩි මිනිස්සු ගොඩක් අස්සෙ ලොක්කෙක් වගේ මහා ලොකු කතා කියනවා. ඒත් අනික ්පැත්තෙන් බැලුහම උං ලොක්කොන්ගෙ සුවච කීකරු බල්ලො..

ඉතිං අර බල්ලොන්ෙග ගැට වලට මං අහු වුනා. මට හම්බුනේ සංවිධායක කමක්. මං ඒක ගත්තා. වැඩ වර්ජනය කලා. මං හිතුවෙ මිනිස්සු තුන්වෙනි දවසෙ කවුරුත් එන එකක් නෑ කියලා. ඒත ්මිනිස්සු දෙවනි දවසෙ ඉදල වැඩට ඇවිත් තිබුනා. පස්සෙ හතර වෙනි දවසේ කන්තෝරු ආහම මට විරුද්ධව වෙන පැමිණිල්ලක්. මොකද්ද ආන්ඩුවෙ රෙගුලාසියක් මං ෆලෝ අප් කලේ නැතුව ඉක්මන්ට වැඩක් කරල දීල කියලා.

ආන්ඩුවෙ කන්තෝරුවක අද පවා හොඳට වැඩ කරන්න ඕනි කොහොමද කියලා හිතාගන්න බෑ. වැඩක් නොකර නිකා ඉන්න එක ලේසියි. මොකක් හරි කොරන්න ගියොත් කොහෙ හරි නීතියක් රෙගුලාසියක්. එක අතකින් ආන්ඩු කාන්තෝරුවල මිනිස්සු වැඩිපුර නිකා ඉන්නෙත් ආන්න ඒ නිසා කියලා හිතෙනවා. වැඩක් කොරන්න ගත්තොත් තමයි පස්න වැඩ නැතිව හිටියාම පස්න නෑ.. අපි ඉතිං හිච්චි කාලෙ නෙව. අපිට ඉතිං වැඩිය ඕව තේරුන් නෑ.. ඒත ්අද මං ඔහෙට කියනවා. ඒත් ඔහෙටත් ඕක අද තේරෙන් නෑ. තව කාලයක් යනවා..

ඉතිං වැඩ වර්ජන නැතිවෙලා..මාත් නැතිවෙලා ටික දවසකින් ගෙදට්ට ලියුම එනවා..ඔබේ සේවය අත්හිටුවා ඇත කියලා. එ වෙලාවෙ එදා මගේ වටේ ඉදන් කුලප්පු කරපු යූනියන් හැත්ත හිටියෙ නෑ. මිස්ට සෝමපාල ඔයාට මාර අයිඩියාස් එන්නෙ කියලා තොදොල් වෙච්චි මිසිල හිටියෙ නෑ. මන්ත්‍රිතුමාට ආරංචි වෙලාලු මං අනික් පක්ෂෙ කියලා. සමාර විට ඒ කේලම කියන්නත් ඇත්තෙ කන්තෝරුවෙම හිටපු යාලුවෙක් වෙන්නත් ඇති. කෝමහරි මන්ත්‍රිතුමා හේතුවක් හැදුවා හදල දඩුවම දීගත්තා. ස්ට්‍ර්ය්ක් එකටත් හරියන්නම..

ගෙදර ආව. අම්මයි තාත්තයි බොහොම දුක් වුනා. මම දුක් වුනේ නෑ. මට නොසෑහෙන්න අම්මාබැන්නා. ගිය තැන ගිය විදියට ඉන්න බොලාට බැරි හැටි. අම්මා දෙස් තිව්වා. මං කලිසමෙන් ආයෙත් සරමට පුරුදු වුනා. තාත්තා එක්ක පස්සෙං කුඹුරට හේනට ගියා.

Tuesday, August 14, 2012

පාලගේ විලාපය 3


මට ගෑනියෙක් හම්බුනා..ඒකි අර මුදලාලිගෙ දෝනියැන්දා තරං හැඩ නැහැ. ඒත් මුදලාලිගෙ දෝනියැන්දගේ නැති තද ගතියක් දැඩි ගතියක් එක්ක ආපු සුකුමාර ගතියක් තිබුනා..නම සොපිනාහාමි. ඉතිං සෝමපාල සොපිනා බැන්දා. ඒ කාලෙ බොහොම සාරෙට මට ගොයිතැන් සරු වුනා. බොහෝම ලේසියෙන් ජීවත් උනා. මේ ටැට්ටර් කාලෙ වගේ නෙමෙයි. මිනිස්සු හරි එකතුයි. එකට තමයි හැම වැඩේම. දැං ඒකට එකාම මැරෙන්න ඕනි..

ඉතිං දරුවො තුන්දෙනක් ආවා. ඒත් උං අද...? තාත්ත නෑ කියන එක උන්ට ලාබ ඇති.. උන් හෙමත් කියනවා ඇති.. ඒව ගැන කල්පනා කරල තියෙන නිසා දැන් මට ඒව අහලා දුක හිතෙන්නෙ කඳුලු එන්නෙ නෑ. කෝම හරි උන්ටත් හොදට ඉගෙනගන්න ඇහැක් උන නිසා අද කොහේ කොහේ හර ිඇති..

මං හිරෙන් ඇවිල්ල මාසයයි. වෙන්නෙ. අවුරුද් දහ අටක් හිරේ උන්නෙ.. සොපින නං හදිසියෙ මලාලු. අනේ මන්දා...
මං මේ හාමුදුරුවො බලන්න යනවා. ගමේ උන්ම මට හරහට හිටියත් හාමුදුරුවො මාව බලන්න ආව හිරගෙදරට. සමාරවිට දැන් උන්දැත් මැරිලද් දන්නෙ නෑ..

කුඹුරු ගොයිතැන් වලට වඩා මයෙ හිත ගියේ ගොඩ ගොවිතැනට. ඉඩං කෑලි තිබුන හැටියෙං මං වගා කොලා. කාටවත් අයිති නැති ආන්ඩුවෙ කියල තිබුන ඉඩං කෑල්ලක් අරං ඇලෙන් වතුර ගෙනැල්ලා දාල මං මිරිස් හිටෙව්වා. වම්බටු හිටෙව්වා. තක්කාලි පැහුනා. ඒත් මට නිතරම වද දුන්නා පස්නයක් ඒ තමයි මේ ඉඩං ආන්ඩුවෙ මේව අල්ලන්න එන්න පුලුවං කියලා.

ඒ පාර මං කොලේ කොල්ලො දෙන්නත් එක්ක එක්කාසු වෙලා වලවල් කැපුවා වත්තේ. කපලා පොල් ගස් දෙසීයක් විතර හිටෙව්වා ඝනට අක්කර දෙකහමාර වැහෙන්නම. පැළ කාලෙ පෑවුමට ගස්ටිකට වතුර දාලම කොන්ද රිදෙන්න ගත්තා. ඒ කාලෙ පාරෙ යන උන් හිනාවෙනවා. ඇයි සෝමපාලයො තමුසෙට කොලොප්පන්ද මේ පොලොවෙ පොල් හැදෙනවෑ. උන්ගෙ හිතේ තිබුනෙ ඒක. ඒත් පොල් ගහක් හරියට හැදෙන් නෑ කියලා උන ්හිතාගන හිටපු ගමේ මං පොල් වැව්වා. යට වගාවත් ගානට ගිය නිසා පොල් ගස් ටික බලං ඉද්දි ලොකු උනේ..අවුරුදු තුන හමාරෙං ගස් දඩි බිඩි ගාල හැදුනා. අවුරුදු පහ වෙනකොට ගස් වලිං ලොකු කොටහක් පීදිලා.

එතකොට ගමට පොල් ගෙනාවෙත් පිටිං. මගේ පොල් ගස් එක දෙක යසට පීදෙනකොට වටේ උන්ටත් නලියන්න ගත්තා.උනුත් හිටෙව්වා. ඒත් ගහක් හිටෝගන් තරං ඌමනාවක් නැති හැත්ත හැමදාම පොල් ඉල්ලං එනවා. ඉල්ලපු එකාට නැතිවාදං ගහලා යාන්තං ගෙඩියක් දෙකක් දීල යවනවා.උං යන්නෙ හොඳින් නෙමෙයි..

හොරකං දවසක ්ෙදකක් නෙමෙයි. මාසෙට දෙතුං දවසෙ හොරකං සිද්ද වෙනවා. සමහරු මං දැනං හිටියා. ඒත් වැඩක් නෑ. පොල්ගෙඩියට උසාවි යන්න ඇහැක...

මං රැකල රැකල එකෙක් දෙන්නෙක් අල්ල ගත්තා අතටම..ඒත් උංට ලැජ්ජාව කියල දෙයක් නෑ. එන්නෙම හොරකමට තමයි...

ඔය අස්සෙ තමයි ගමේ චන්දෙ ඉල්ලපු සයිමන් ඉස්කෝලෙ මහත්තයා මගේ ඉඩමට වග කියන්න ආවෙ. මේවා ඔප්පු නැ කියල දැනං උන්නා. ඉතිං මේ උන්දැ හොර ඔප්පු හදල මේ ක ලියෝ ගන් හැදුවෙ. පස්සෙඉතිං මූ පොලිසිත් ගියා. ඒත් බොහොම කාලයක් ඉදලා මං වගා කොරාපු එක නිසා පොලිසිය.. මට චෑන්ස් එකක්දුන්නා.. මං හිතන්නෙ පොලිස් මහත්තයා ඊට කලිං මේ ගැන දැනං ඉන්න ඇති. සයිමන් ඉස්කෝලයා පොලිසියෙන් බහිනකොටම කියාගෙන ආවෙ හරි බලමුකෝ කියලා..

මූ කස්ටිය දම්මලා හොර පොල් කඩන්න තමයි ඉදලා තියෙන්නෙ. ඉතිං ඔහොම දවසක මං ගියාම ආරෝවක් ගියා. මං ආපු තරහට ගහෙන් බැහැ බැහැ හිටපු උක්කුව කියන හාදයට කෙටුවා. ඌ මලා ඉස්පිරිතාලෙ දවස් තුන හතරක් ඉදලා.. සයිමන් ඉස්කෝලයා බල්ලෙක්..මිනිහ මාව හිරේ යන තැනටම වැඩ කලා.. වෙනදා සෝමපාල කැත්තක් අරගෙන වත්තේ යන්නෙ නැතිය...එදා කැත්ත අරං ගොස් ඇත්තේ මරන්නමය කියලා හේතු කිව්වා වගේ මතකයි..

ඉන් පස්සෙ තමයි මං හිරේ ගියේ. නිදහස් වෙලා මං පුතාලයි ගෙවල් වලවත් දූලයි ගෙදරවත් ගියෙ නෑ. ඒත් දූ බලන්න නං ආසාවෙ බෑ. දැං ලමයිත් ඇති ලොකු මහත් වෙච්චි. මිනීමරුවෙක්...මම ඉතිං මිනිමරුවෙක් දැනගන්න ඕනි තමං යන්න ඕනි කොතනද නොයන්න ඕනි කොතනද කියලා. මං මේ පන්සලට යන්නෙ හාමුදුරුවො බලන්න. හාමුදුරුවො සයිමන් ඉස්කෝලයට දෙතුං විඩක් කියලා තිබුනා මං එක්ක තරහා දිගට ගෙනියන් එපා කියලා. ඒත් සයිමන් ලොක්ක එයින් පස්සෙ පංසලත් මාරු කොරලා අනික් පංසලේ සිල් ගන්න ගියාලු..

ඉන්පසු අපි දෙදෙනා නිදන්නට විය.
සෝමපාල උන්නැහේ වකුටු වී නිදන ආකාරයෙන් ඔහුට මේ බිම නිදාගැන්ම වත් මදුරුවෝ වත් ගානක් නොමැති බව මට පෙනුනි. ඉන් පසු දින අවදිව අප දෙදෙනා විය යුතු ලෙසැම දෙපසට ගියෝය..

Friday, August 10, 2012

පරිඝනක සහායිකා (Entry Operator)


Word ෆයිල් දිගේ හරහට දුවමින්
Excel වල කොටු පුරවමින්
ඉන්න මගේ ඇඟිලි වලට..
බොස්ගෙ Power Point ස්
Access තිබුනානම්
නැතිවේවි වැඩ මේතරම්...












 



Photoshop එකට මූන දාල කපලා
Page maker වලින් හදලා
ලිප්ස්ටික් වයිට්නින් After Effect දාලා තිබුනානම්
මාවත් Save කරගනීවි
Password දාලා..

ඉන්න ලැබෙයි ඩෙක්සටප් එකට ළඟින්ම..

Wednesday, August 8, 2012

උතුරු කොරියාව සහ අපි

උතුරු කොරියාව කියන්නේ අර්ධද්වීපයක්. පිහිටලා තියෙන්නෙ ඉහලින් ජපානයත් පහලින් දකුණු කොරියාවත් පසෙකින් රුසියාවත් චීනයත් අතර බිමක. මේ භූමිය අමරිකාවටත් බොහොම සමීපයි..
අපි පුංචි කාලෙ පාවිච්චි කරන්නෙ මේ වාගේ සිතියමක්..මං මේ ළඟක් වෙනකල් උතුරු කොරියාව අමරිකාවට ගහනවා කිව්වම හිතං හිටියෙ ඒ ගහන මිසයිල් අපේ රට උඩිනුත් යන්න පුලුවන් කියලා. ඒත් පස්සෙ තමයි තේරුනේ ලෝකෙ බෝලාකාරයි කියන කතාව. ඒ අනුව මේ දකුණු පස කෙළවරේ තියෙන පැසිපික් සාගරයයි.වම් පස තියෙන පැසිපික් සාගරයයි සෙට් වෙනවා එකට ලෝකෙ බෝල උනාට පස්සෙ. එතකොට එකම පැසිපික් සාගරය ආශ්‍රිත රටවල් තමයි කොරියාව ජපානෙ සහ අමරිකාවෙ නැගෙනහිර කොටස..

 ඔතන කහපාටට ඉන්දියාවට එහාපැත්තෙ තියෙන චීනෙ රතුපාට සුට්ටි කෑල්ලක් ඇටෑච් වෙලා තියෙන්නෙ ආන්න ඒක තමයි කොරියාව කියන්නෙ. ඉතිං එතනින් එහා තියෙන්නෙ ජපානෙ ඊට පස්සෙ තියෙන්නෙ පැසිපික් සාගරය..පැසිපික් සාගරේ හෝල්ට් දෙක තුනක් ගියාට පස්සෙ තියෙන්නෙ අමරිකාව...මට හරි පුදුම හිතුනා ඉස්සර ජපන්නු අමරිකාවට බෝම්බ දැම්මා කිව්වම.. මං හිතං හිටියෙ ජපන්නු ලංකාවට බෝම්බ දාන්න ඇත්තෙ අමරිකාවට යන ගමං මග එකක් දෙකක් ආතල් එකට දාල යන්න ඕනි කියල හිතුන වෙලාවක කියලා. ඒත් පස්සෙ වෙන සිතියමක් බැලුවම තමයි තේරුනේ අමරිකාවෙ පර්ල් හාබර් එක තියෙන්නෙ ජපානෙ තියෙන පැත්තෙමයි. එතන ඉඳන් ඇමරිකාවට යන්න ලේසියි..

අද උනත් අපිට චීනෙට අමරිකාවට ලංකාවෙන් ප්ලේන් එකේ ගියත් දවසක් දෙකක් යනවා. මං හිතන්නෙ චීන්නු ජපන්නු අමරිකාවට යන්නෙ ඔය කියන අපේ සිතියමේ දෙපැත්තෙන් වෙන්න ඇති..


View Larger Map
 මේ තියෙන්නෙ උතුරු කොරියාවෙ පිහිටීම සිතාගන්න පුලුවං රූපරාමුවක්. තව දුරටත් ඕක තියෙන තැන බලාගන්න පුලුවං ගූගල් මැප් එකට ගියාම. 

උතුරු කොරියාව රතුපාට ඇයි.
සමාජවාදී කියන ජාතියට අයිති රටවල් සාමාන්‍යයෙන් රතුපාට තමයි එයාල කැමති පාට. ඉතිං උතුරු කොරියාවත් ඒකාධිපති සහ සමාජවාදී ලක්ෂණ වලින් පිරුණ එකක්. ඒ නිසා එයාල රතුපාට මූලික කරගෙන වැඩ කරනවා. තව දෙයක් තමයි දකුනු කොරියාව සහ ජපානය මේ සිතියමේ වෙනමම තිබුනට උතුරු කොරියාවට තමුන්ගේ ළඟ නෑයින් ඉන්නවා. කෙලින්ම ගොඩබිමින් සම්බන්ධ වෙච්චි චීනය සහ රුසියාව ඔවුන්ගේ දේශපාලනයට බලපෑම් කරනවා. ඒත් ඊට විරුද්ධ පැත්තේ පිහිටා ඇති ජපානය සහ දකුණු කොරියාව තනිකරම ධනවාදී අර්ථ ක්‍රමය සහිත වටපිටාවක් තියෙන භූමියක්. ඉතිං සාමාන්‍යයෙන් මෙවැනි රටක් ඒ කියන්නෙ මේ වගේ අවධානම් තැනක මෙවැනි ස්වාධීන බවකින් යුතු මේ තරම් අමරිකාවට මුරන්ඩු රටක් තිබෙන්න අමාරුයි. ඒත් ඔය තියෙන්නෙ අවුරුදු හැට ගානක් තිස්සෙ යස අගේට රතු පාටට දිලිසි දිලිසි..

දකුණ සහ උතුර.. .
දකුණු කොරියාවෙ ජනගහනය මිලියන පනහක් වන අතර උතුරු කොරියාවෙ ජනගහනය මිලියන විසිහතරක් වගේ අගයක් ගන්නවා. ඒ වගේම සාරවත් භූමිය අතින් ගත්තොත් වැඩි වාසි තියෙන්නෙ දකුණු කොරියානුවන්ට තමයි. ලෝකෙ අන්තර්ජාල වේගයෙන් වැඩිම රටක් විදියට දකුණු කොරියාව දැක්වෙන කොට උතුරු කොරියාව අද වෙනකොට ජංගම දුරකථනයක් ඇහැට දැක නැති බහුතර ජනතාවකින් යුතු වෙනවා. උතුර දකුණ කියන්නෙ අහසට පොළව වගේ තත්වයක් තමයි කොරියාවෙ තියෙන්නෙ. දකුණු කොරියාව ධනවාදයේ ඇති සුපිරිම වරප්‍රසාද භුක්ති විඳින විට උතුරු කොරියාව කටුක සමාජවාදී මතිමතාන්තර වල කාලාන්තරයක් තිස්සේ එල්බගෙන සිටිනවා.

අමරිකානු සහ යුරෝපීය කොණ වලින් මනිනු ලබන දර්ශක බොහොමයක උතුරු කොරියානු මානව හිමිකම් දර්ශක තියෙන්නෙ බොහෝ පහලින්. ලෝකයේ බෝහෝ සම්මුතින් වලට කොටින්ම ලෝක කම්කරු සංවිධානයේ සම්මුතින් වලට පවා උතුරු කොරියාව ඇතුලත් වෙලා නැහැ. දුම්රිය මාර්ග වල ගමන්ගත් අය..සැටලයිට් තාක්ෂණයෙන් ගත් ඡායාරූපාදියෙන් උතුරු කොරියාව විග්‍රහ කරනවා විනා කිසිවෙක්ට උතුරු කොරියාව තරණය කරන්නට අවකාශ නැහැ. සංචාරකයින්ට පවා සීමිත කොටස් ටිකක් පමණයි උතුරු කොරියාවෙ දැක බලාගන්න පුලුවන් වෙලා තියෙන්නෙ..

එක්තරා කාලයක ඉංජිනේරු සිසුවෙකු වශයෙන් හැදෑරීම් කල මා හට උතුරු කොරියාවේ තාක්ෂණය සම්බන්ධයෙන් ඇත්තේ විශාල ගැටලුවක්. චීනයේ බලපෑම දැඩිව ඇති කියලයි මට හිතෙන්නෙ. අපි ඉංජිනේරු සිසුන් විදියට ඉගනගත් කාලෙ අපිට විශාල පිටුවහලක් උනේ ඉංගිරිසි පොතපත සහ අන්තර්ජාලය. නමුත් අපිට ආසන්න වශයෙන් සමාන ජනගහනයක් ඇති උතුරු කොරියාවේ අන්තර්ජාල පහසුව නැතිම තරම්. ඔවුන්ගේ පොතපත පවා මා සිතන්නේ එතරම් සුලභ නෑ. ඒත් ඔවුන් කාර්මික අතින් යම්තාක් දියුණුවක් ලබා තිබෙනවා. මේ ළඟදි ගිය දැන්වීමකින් කියවුනේ උතුරු කොරියානු පාසැල් ලමුන්ට ලැප්ටොප් පරිඝනක දීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කරන්නට ඒ රජය සූදානම් වෙලා ඇති බවකුයි..

 අමරිකානු විරෝධාකල්ප..
 North Korea's Key to Olympic Medals: Refrigerators For Winners, Labor Camp Threat for Losers
මෙවර ලන්ඩනයේ පැවති ඔලිම්පික් තරඟාවලියේදී උතුරු කොරියාව රන් පදක්කම් හතරක් දිනා ගත්තා. එයින් පසුව අමරිකානු මාධ්‍ය වාර්ථා මෙවන් පුවතක් පළ කර තිබුනා. ඒ වගේම අමරිකානු ප්‍රකට මාධ්‍ය බොහොමයක් කිසිදු පදනමක් හෝ කිසිදු සෙවීමක් නොමැතිව මේ ප්‍රවෘත්තිය හතර අතේ බෙදාහරිනු ලැබුවා. මෙයින් කියවෙන්නේ උතුරු කොරියාව ජයග්‍රාහකයින්ට ශීතකරණ රූපවාහිනි ආදි සුකුමාර බඩු ලැබෙන බවත් පරාජිතයින්ට කම්කරුවන් ලෙස වැඩකිරීමට සිදුවන බවත්ය..
අපි හිතමු වෙනත් රටක ක්‍රීඩකයෙක් කියලා. ඔවුන්ටත් මේ සරණම නේද? ඔවුන් විසින් ජයග්‍රහනය නොකලොත් ඔවුන්ට ජීවත් වීමට රැකියාවක් කල යුතු වෙනවා. ජයග්‍රහනය කලොත් ඔවුන්ට විවිධ වරප්‍රසාද ලැබෙනවා. ඒත් අමරිකානු, බ්‍රිතාන්‍ය මාධ්‍ය විසින් චීනය, රුසියාව, උතුරු කොරියාව පදක්කම් ගන්නා විට හැම වෙලාවෙම ඒවා හෑල්ලු කර පහලට හෙලා පුවත් පළකිරීම් සිදු කරතිබෙනු මා මේ ඇස්ගෙඩි දෙකටම මේ අන්තර්ජාලයේ දැක්කා..
 ශරීරයේ යට අර්ධයෙන් අමරිකානු සහ බ්‍රිතාන්‍ය පුරවැසිකම ලබාගත් සමහර ලාංකිය අයත් මෙවන් විටක ඒ පැත්තටම හැරිලා අමරිකාවටම වැඩ කරනවා කියලා මට මගේ පිටරට ඉන්න යාලුවො කීප දෙනෙක් එක්ක කතා කලාම පෙනී ගියා..

ඒත් මිලියන විසිහතරක් තරම් සාමාන්‍ය ප්‍රමාණයක ජනතාවක් ඉද්දි. ඛනිජතෙල් රත්තරන් වැනි ඛනිජ ද්‍රව්‍ය සුලභව නොතිබෙද්දි..උතුරු කොරියාව අමුතුම අනන්‍යතාවයක් ගොඩනගාගෙන තිබෙනවා. අපි අද ලෝකය ගැන කතා කලොත් අපේ සියලු අවශ්‍යතා වෙළඳ පොල මගින් තීරණය කරනවා. අපිට ඇපල් කිව්වම රුපියල් ලක්ෂයකටත් වැඩි මිල පෝන් එකක් මතක් උනාට උතුරු කොරියානුවන්ට ඇපල් කියන්නෙ තාම රතුපාට ගෙඩි ජාතියක් වෙන්න ඇති..

කොහොම උනත් පෘථීවිය තුල ඉඳගෙනත් බොහෝ ජනප්‍රිය රටක් වෙලත් සම්පූර්ණ දේශයම ලෝකයාගෙන් වෙන් වෙලා තියෙන උතුරු කොරියාවත් අමුතුම ආතල් එකක් ගන්නවා කියලා මට හිතෙනවා..

ලේබර් කෑම්ප්ස්
 උතුරු කොරියාවේ ලේබර් කෑම්ප්ස එහෙම නැත්නම් කාර්මික කඳවුරු තියෙනවා. ඒවායේ දේශපාලනික සිරකඳවුරු තියෙනවා. ඒවායෙ වැඩකරන මිනිස්සුන්ට දැඩි ලෙස හින්සා කරනවා කියලා අමරිකානු මාද්‍ය විසින් දිගින් දිගටම වාර්ථා කරනවා. ඉතිං ට්‍රාන්ස්ලේට් වලට දක්ෂ අපේ රටෙ මීඩියාත් මේ නිවුස් මේ විදියට පල කරනවා. රුපියල් දොලොස් දාහෙ පඩියට.. රැයක් දවාලක් නැතුව අපේ කටුනායක බියගම ආදි වෙළඳ කලාප වල ඇස් දෙක පොඩි කර කර වැඩකරන අපේ තරුණ තරුණියො වැඩ කරන්නෙ ලේබර් කෑම්ප්ස් වල නෙමෙයිද?
  කොළඹ සුපිරි කැරෝකේ ක්ලබ් වල ගෑනු පස්ස පැත්තවල් අතගගා පිරිසක් ආතල් ගනිද්දි බහුතරයක් රටේ කාටවත් නොපෙනී එදාවේල සරිකරගන්න දඟලනවා. ලංකාව ඉන්දියාව බංගලාදේශය, පකිස්තානය වැනි ජනඝනත්වය වැඩි ප්‍රජාතාන්ත්‍රික රටවල් වල බහුතරයකගේ ජීවන තත්වය දුර්වලයි. මානව හිමිකම් කියන්නෙ ලොක්කාගේ නීතිය.. ඒත් ලෝක මාධ්‍ය වලට ඉන්දියාවෙ දුප්පතුන්, ලංකාෙව කළාප, පකිස්ථානයේ අසාධාරන පේන්නෙ නෑ..දකින්නෙම ඉරානෙ, උතුරු කොරියාව සහ චීනෙ වැන රටවල වෙන අලකලංචි විතරයි..

Sunday, August 5, 2012

විකල්ප නැත.

ඉංදියාවේ සමහරක් මුදල් ඇති මිනිසුන් වෙනමම තට්ටු බිල්ඩින් වල ෆ්ලැට් අරගෙන මුලු ජීවිතයම ඒවයි ගෙවනවලු....
දුප්පත් අයගේ හීනයක් ලු ඒ ෆ්ලැට් එකක් ගන් එක...
ඒ ෆ්ලැට් එකක් ගන්න ඉන්දියාවෙ දුප්පත් වෙලා ඉපදුනු ඉගනගන්න ජොබ් කරන අය ගොඩක් මාහන්සි වෙනවලු...
ඒවගේම ගොඩක් පොස් සහ හයිෆයි මොඩල් ඒවයි තමයි ඉන්නෙ...

එතනින් ඉන්දියාවෙ සමාජය බෙදිලා යනවා....

මට ඒක මම තරුණකාලෙ පෙනුනෙ මහා පිස්සුවක් විදියට...
දුප්පත් මිනිස්සු දාල වෙනමම සිහින ලෝකෙක ඉන්න එක...
ඒත් මට හිතෙනවා දැන් ඒක තමයි කළ හැකි එකම දේ...
දැන් මම නාකිවෙලා.. ද මන්දා..

අපිට අදිනවා කියලා දුප්පත් මිනිස්සු කීදෙනෙක් අදින්නද?

ගොඩදානවා කියලා ජීවිත කීයක් ගොඩදාන්නද?
පිහිටවෙනවා කියලා අසරණයින් කීයකට පිහිට වෙන්නද?
ඒක නිමාවක් නැති වැඩක්...
දුප්පත් වෙලා ඉඳගෙන පෝසතුන්ට බැනීම..කිසිවක් නොකර සිටීම.... සමාරුන්ට විනෝදයක් සහ විනෝදාංශයක්...


 ඉගිලෙන්න කැමති නැති එහෙම ආකල්පයක් තුන් හිතකවත් නැති අය ඉගිලවන්න අපිට කීයටවත් බෑ...
කිව්ව දේ අහන් නැති මිනිසුන්ට හැමදාම උපදෙස් දෙන්න යන එකත් මහා මෝඩකමක්..
ලෝකෙ හැමදේම අපිට එකතුවෙලා වෙනස් කරන්න පුලුවං..

මීට වසර පහ හයකට පෙර මම ඇදහුව දෙයක්..
ඒත් දැං මේ ලෝකෙ සප්ත මහා සාගරේ තවත් එක හාල්මැස්සෙක් කියලා මට තේරෙනවා..

අපි ඔක්කෝම ගොඩයන්න නෙමෙයි මම සහ මා වටා ඇති ඉතා සීමිත පෙදෙසක් ගොඩදාගන්න ඕනි...

විකල්පයක් නෑ..තියෙනව කියල හිතෙනවනං ඒවාත් මායාකාරී බොරු
සමහර විට මේ දුප්පත් පෝසත් බේධයට විකල්ප කියන්නෙත්
තවත් පෝසත් පිරිසකගේ ආදායම් මාර්ගයක්..

හරියට ජනතාවට විමුක්තිය උදාකරන්න යන අය එක මොහොතින් මිලියන ගනන් වියදම් කරලා පිටරට ඉන්න ලාංකාවෙ උන්ගෙ තුට්ටු දෙකෙන් ලංකාව වටේ තාප්ප නාවන්න පෝස්ටර ගහනව වගේ...

දමිල විමුක්තිය හොයන්න යන අය ලොකු නැව් අරන් බිස්නස් කරනව වගේ...
අපේ මනාපෙ හොරාකාල හොරගුහාවට ගිහිං තමුන්ගෙ පංගුව බෙදන් කන මන්ත්‍රීල වගේ...


දුප්පත් ජනතාව කියන්නෙත් ලොකු වෙළඳාමක තවත් එක වෙළඳ භාන්ඩයක් විතරයි..

Friday, August 3, 2012

විමුක්ති කාමිනිය 02


 විමුක්ති කාමිනිය 01 කියවල ආවත් හොදයි...

නැතත් ඔන් ඔහෙ අවුලක් නෑ...
ආමිලා කියන්නෙ කාන්තා සෙබල බලමුලුවක නායිකාවක්. විදෙස් සතුරන්ට මුහුනදීමට පිරිමි හමුදාවෝ වෙනත් දුරබැහැර යුධබිමකට ගිය පසු නගරය බලාගන්නට පැවරෙන්නෙ ආමිලාට සහ ඇගේ කාන්තා සේනාවන්ට...

ඉතිං ආමිලා ගහෙන් බැහැලා හසුනක් ලියලා...තමුන්ගේ විශ්වාසවන්ත දුරබලන සෙනෙවි තුමියකට දීල කිව්වා මේ හසුන තව පැයකින් අරං එන්න කියලා. ඒ හසුන ලිව්වෙ අර ආමිලාම තමයි. ආමිලා ඒක ලිව්වෙ රජතුමාගේ ලියන්නගේ ෆොන්ට් එකෙන්. රජතුමාගේ ලිපි කියවලම ආමිලාට ඒ ෆොන්ට් එක මතක තිබුනා.

ඉතිං ආමිලා ගියා කෙල්ලො සෙබලු ටික ආමිලාව වටකරගත්තා. මෙතෙක් කල් උන්ට තුවක්කු දීල තිබුනත් වෙඩි තියන්න තිබුනෙ කෙසෙල් ගස්වලට ඈත පේන පන් ගස් වලට විතරයි. ආහ් අදවත් හිතේ හැටියට වෙඩිතියන්න ලැබේදෝයි කෙල්ලෝ ටික බලාගෙන සිටියා. ඒත් ආමිලාගෙන් ආවෙ ඒ විදියෙ ආවේගයක් නෙමෙයි...

ඉතිං අර හසුන ආවා. ආ රාජ හසුනක් කලබලේට ලියල තියෙන්නෙ. අාමිලා කිව්වා.
ඒක ඕපන් කරලා බලනවා කාටත් ඇහෙන්න.. රජතුමාත් සෙනෙවිවරුත් සේනාවත් අපහසු තත්වයක. ඔබලාගේ පෙදෙසට සතුරන් පැමිණියොත් ඔබලා යටත්වන්න. ඉතිං යටත්වන්න කියන කෑල්ල ඉතාම හෙමින් ආමිලා කිව්වෙ. මේක කිව්ව විතරයි. එක්කෙනෙක් ඇදල අරං. මේ අපේ රජතුමා අපිට?
එවපු එකක්ද කියලා බැලුවා...
හරි රාජ ලේඛකයාගේ ෆොන්ට් එකම තමයි...තව එකියක් කීවා...

අවසන ආමිලා කිව්වා. මුංට පේන විදියට බොහොම ප්‍රබල ආයුද තියෙනවා. අනික අපේ අඩි පහයි අඟල් දෙකේ පිරිමි වගේ නෙමෙයි මුං අඩි හයහමාරක් විතර උස දන්ඩො. අපි දෙන්නෙක් අල්ලගත් හැකි මුං එකෙකුට. අනික මුං එන විදියෙන්ම පෙන්වා මුංට යුද්ද කියන්නෙ අපේ වාහෙලාට වගේ අවුරුදු ගනන් කොරන්න දෙයක් නෙමෙ කියලා. අඩි හයේ ලොකු උත්තුංග ශරීර තියෙන කොල්ලො කිව්හම කෙල්ලො කීපෙ දෙනෙක්ට පොඩි මෙව්වා එකක් ගියා.. ඒත් ඉතිං මේ වෙලාවෙ ඒව පෙන්වන එක හොඳ නැති නිසා සිටිය ිවිදියටම හිටියා...

ආමිලාගේ අවසාන තීරණය නියම උනා යටත් වීමට..

අපි යටත් උනොත් උන් අපේ ඇඳුම් කීතු කීතු කරලා අපි දූෂණය කරයි.
එක නිලධාරිනියක් අාමිලාට බාදා කලා...

ඔක්කොම ළමයි සීයලා, අම්මලා ලෙඩ්ඩු ගෙවල්වලට දාල ලොක් කරන්න. අපි දූෂණය උනත් දූෂණ කවුරුත් දැක්කෙ නැති උනොත්...කවුරුත්ම දන්නෙ නැති උනොත්..අඩු තරමෙ අපේ අයට ඒක පුදුමයක් නොවුනොත් ඒක ගානක් නෑ...ආමිලා කිව්වා...

මේ කතාවලට මුලු සේනාධිනායක කාන්තාවන් සියල්ලම පුදුම උනා. වාද කරන්න පෙරලි කරන්න නව මත ඉදිරිපත් කරන්න වෙලාවක් නෑ. මොකද තව පැය දෙකකින් සතුරු හමුදාව මෙහෙ.

ඒත් කලිං කතාකල එක් සෙනවි නායිකාවක් කතා කලා. සතුරන් අපේ තනපට ඉරා දමනවිට...ඔවුන් දැඩිව සිනාසී අපව සූරාකන විට..මටනම ්ඉවසා ගන්ට අමාරුයි ආමිලා මැඩම්...

ආමිලාට ඒකටත් උත්තරයක් තිබුනා.. හරි දොරවල් ටික වහල කස්ටිය ලොක්කරල කිසිම කෙනේකට එලියට එන්න බැරිවෙන්න හැකි ඉක්මනින් දොරවල් වලට ඇණ ගහල හරි ඉක්මනින් එන්නෙකෝ...ආමිලා කිව්වා...

සතුරු සේනාව මඟ එන පණිවිඩකරුවෙකුගෙන් සහ සිය ඔත්තු සේවා මාර්ගයෙන් මේ තමුන් යන්නේ කාන්තාවන් පිරි නගරයකට බවත් එහි සිටින සේනා වෙනත් ස්තානයක බවත් දැනගත්තා. දැනගත්තේ ඉදිරි පෙරමුනේ සතුරන් එනතුරු බලාසිටින හමුදාව විසින් සිය කාන්තා හමුදා වෙත එවන ලද පණිවිඩ කරුවකුගේ මාර්ගයෙන්...

ඒ නගරයේ වෙසෙන්නේ කාන්තාවන් පමණක් බව මේ අය කලින්ම දැනගන්නවා...මේ රටේ පවතින් තත්වය අනුව ශරීර ශක්තියෙන්, උපාය ශීලි්තවයෙන්....සහ ආයුධ ශක්තිෙයන් තමුන්ගේ හමුදාව ශක්තිමත් බව මේ සතුරු හමුදාව අධිතක්සේරුවකින් සිටියා... ඉතින් මේ අය මේ පණිවිඩකාරයාගෙන් දැනගත් තොරතුරු මුලු සේනාවටම කියනු ලැබුවා. සේනාව කාන්තා හමුදාවට වෙඩි තැබීමටත් වඩා ඉතිරිවෙන කාන්තාවන් දූෂණය කිරීමේ පරපීඩක කාමයෙන් ඇලලුනා...එකෙක් මං උන්ගේ කලිසම මේම ගලවනවා යැයි..පෙන්නා අනෙකාගේ කලිසම ගලවන්ට පවා පෙළඹුනා...

සතුරු හැඟීමත් රාගයත් මුසුව එන සේනාව සිතා සිටියේ ඉතා ඉක්මනින් සිය යුද කොටස් හමාර කර දින ගනනාවක් නොලැබ සිටි කම්සැප සැනෙකින් ලබා ගන්නටයි...

සේනාව ඉදිරියට එනවා එක් තැනක පර්වත ප්‍රාන්තයක් හමාර වෙනවාත ්සමඟම සුදු කොඩි සුදු රෙදි වලින් සැරසුනු විශාල අශ්වන් රොත්තක් එනවා පේනවා. ඒ අශ්වයින් පිටුපසින් දක්කාගෙන එන අයුරු පෙනුනත් ඒ කවුදැයි පේන්නේ නෑ...

මෙය යුධ උපක්‍රමයක් යැයි සිතූ සේනාව..වහා අශ්වයින්ට වෙඩි තබනවා. අශ්වයින් සීසී කඩ මැරී වැටෙනවා. ඒ අතරන් සුදු කොඩි එසැවෙනවා...අශ්වයින්ට සැඟවී සිටි නිරුවත් ගැහැනු විශාල ගණනක් එලියට එනවා.... එයින් මුල් පෙළ කිහිප දෙනෙකුට වෙඩි වදිනවා. නමුත් නිරුවත් සරීරයේ හෙලු ආයුධ හැර වෙනත් සඟවාගත් ආයුධ තිබිය නොහැකි නිසාත් ..දැත් දෙපා සියල්ලට තිබුනේ එක් විශාල සුදු කොඩියක් පමණක් නිසාත්....
ඒ සුදු කොඩි සහිත කාන්තාවන්ට වෙඩි තැබීම වහාම නතරවනු ලබනවා.. ඉන් පසු නායක ආමිලා විසින් ඉදිරියට පැමිණ දෙඅත් ඔසවා සුදුකොඩි ඔසවා දනින් නැමී ආචාර කරනවා. නායක ආමිලා කරන දේම කරන ඇයගේ බලකායත් නැමී ආචාර කරනවා.

බියෙන් සැලීගිය පියොවුරු මේ කුමක් වීදෝයි ඉදිරිය බලා ආචාර කරමින් සිටියා... සමහරු නෙත්කලු ඉස්ත්‍රින් සමඟ සහවාසයේ යෙදී ඇතිමුත් මෙතරම් ඉස්ත්‍රින් තොගයක් එකවර නිරුවතින් දුටු හමුදා පෙළට කරකියාගත හැකි දෙයක් නොමැති තත්වයට පත්වුනා...

ඉන්පසු ඉදිරියට ගිය සේනාධිනායක තුමා සතුරු ස්ත්‍රී හමුදාවේ නායක ආමිලාගේ අත ගෙන සිප ගන්නවා.. ඉන්පසු ඇයව සිප වැලඳගෙන නාකි සෙන්පතියා විසින් වැළඳගන්නවා. ඒ සැනින් මහ බල්ලා වාඩිවී මුත්‍රා කරයි නම් කුඩා බල්ලන් සිටගෙනත් මුත්‍රා කරන සිරිත ඇති සෙබලු පිරිස තමුන්ට රිසි රිසි ගැහැනුන් සිප වැලඳගන්නවා. සමහර මලපෙරේතයන් ගෑනු දෙක තුන එකපාර බදාගන්නට ගොස් නොයෙක් අනතුරු වලටත් ලක්වන්නට යනවා..

සමහර ගැහුනු සෙබලියන් අයියෝ අර හැන්ඩ්සම් උස කෙනා මේ කොටාට වඩා හොඳයි කියා සිතුනත්, ඔය ආව එකා හොදයි කියන්නාසේ තවත් දැඩිව ඇලී සිපවැලඳගත්තා.. සමහරෙක් මේ සුවල්ප අවස්ථාවේද වනචර වැඩ කරමින් පියොවුරු තදින් අල්ලමින් දැඩි පීඩනයකින් සිප වැළඳගත්තා. ඉන්පසු ඔවුන් ඔවුන් රැගෙන ආ සුදුකොඩි වලින් සිය හෙලුව වසාගෙන යලිත් ගම බලා යනවා...

ඒ අතර සේනාව එන්නටත් ප්‍රථම මැඩපැවැත්වීමට ඉදිරියට ගිය සේනාවෝ වෙනත් පිරිසකට අසුව සිරකරුවන් බවට පත්වෙනවා. එතනදීත් බොහෝ දෙනා යුද්ද කිරීම පසෙකලා පැන දිව් හෙයින් ඔවුන සිරකරුව්න බවටම පත්ෙවන ලදී...

නොබෝ කලක් ස්ත්‍රී සුවයෙත් වෙනත් කෑම බීමාදියෙහිත් ගැලී සිටි සතුරෝ ස්ත්‍රී සමාගම් හැරදා යලි සිය රටට යනවා. ඒ අතර ඇතැමෙක් හමුදාවෙන් ඉවත් වී අලුත් නගරයේ පදිංචි වෙනවා. ඒ අතර සිරකරන ලද තමුන්ගෙ නෑයින් සියලු දෙනා ඉතා දුර ගමන් ගෙවා යලි නගරය වෙත එකා දෙන්නා පැමිණෙනවා...

කලක් යන විට සුදු කලු අලු සම් වලින්...අඩි පහේ හයේ හතේ උසින්..වැඩුනු නොවැඩුනු කේඩෑරි පුෂ්ටිමත් ශරීර වලින් යුත් අමුතුම ජාතියක් මේ නගරය තුල ඇතිවෙනවා...

ඉතිං ඒ පොතේ අර ආමිලා කියන වීර සෙන්පතිනිය අපේ මද්දුම බන්ඩාර කලා වගේ වගේ ඔන්න දංගෙඩිය මෙන්න හිස කියලා සතුරු හමුදාවට ඉඩ නොදී මරණයට පත් වුනානම් ඔවුන් ගැන කතා ලියවේවි. ඒඋනාට ඔවුන්ගේ ජීවිතය ඉවර වෙලා යාවි නේද? ඉන්පසුව සතුරන් පැමිණ අසරණ මවුවරුන් දියණියන් අැද එලියට දමයි නේද?

පිරිමි කරන හැම මරි වැඩේම ඉවසගෙන ඒ විදියට ජීවත් නොවී..පවතින ක්‍රමයට අනුව වෙනස් වෙන්න පුලුවං විදියෙ අමුතු චරිතයක් විදියට ආමිලා ඇදින්නුවෙ මගේ යාලුවා...මට පොත දුන්න කෙනා...


අහ් පුදුම සීතලක් නේ..බෝඩිමේ ඇඳෙ මා අද ටිකක් දවල් වෙනකල් නිදාගෙන නේද? මට හිතුනා..

විමුක්ති කාමිනිය 01 ත් කියවල බලන්නකෝ....
 

විමුක්ති කාමිනිය 01


ඇත්තටම කාපු චොකලට් මතක් වෙනකොට ඕක්කාරෙට එන්නත් වගේ. හම්මේ එහෙ තියෙන සීතල...හරිම කියුට්..ඩෙනිමක් අඳින්න පුුලුවනි මාසයක් උනත්...

අපි කන්දක් නැග්ගා ඒකෙ නම මතක නෑ. ඒත් ඒක උසා...යි අප්පා...අපේ ඇඩම්ස් පීක් ( සිරීපාදෙ) වගේ දෙකක් විතර. ඒකෙ උඩ තියෙන්නෙ අයිස්. සපත්තු වල අයිස් පිරිලා. අයින් කරන්න වෙනම වෙලාවක් ගියා. අපි යනකොට ආච්චි කෙනෙක් කන්ද අමාරුවෙන් නගින්න යනවා. මං අත දුන්නා ආච්චියට නගින්න. ආච්චි අත ගසල දැම්මා. දාල මොකද්ද මේ කෝලම කියලා මට බැන්නා.

ආ කලිං කියන්න මතක නැති උනානෙ මං ස්විට්සරලන්තෙ ගියා පොඩි සමුළුවකට..ලෝක බ්ලොග් කරුවන්ගේ සමුළුවෙ ලාංකික බ්ලොග් කරුවන්ගේ සංගමයේ අයටත් පොඩි අවස්තාවක් ඇවිත් එහෙ යන්න ලැබුනා. අපේ ලොකු තැන් කීපෙකටම වැඩ තිබුන නිසාත් මගේ තියෙන විචක්ෂණ දැනුම නිසාත් ඉංගිරිසි බැරි නිසාත් මාවම තෝරා ගත්තා.
මෙතනදි ඉංගිරිසි බැරි කම ඇත්තටම ඉස්කිල් එකක් විදියට සැලකුවා මොකද ලාංකික බ්ලොග් සිංහලෙන් ලියන්න කියලා කියන ගමං ඉංගිරිසි කතාකලොත් එතන ෆේටල් එරර් එකක් එනවානේ...ඒ නිසා...

ඉතිං සමුලුව තිබුනා අක්කිලා ගොඩක් හමුඋනා..සෝ සුවිට් අනේ. එයාල හරීම කියුට්... ඕ වට්ස්ද පකින් ගයී....කියලා මාව පිළිගත්තා. සමහරුන්ට පැනල අත දෙන්න ගිහිං බ්ලඩි ඉඩියට් කියල ගව්රව නාම ගන්නත් මට පුලුවං උනා...


ඉතිං මේ සමුළුව අතරවාරයේ මට යාලුවෙක් හමු උනා. කොතන ගියත් ඉතිං අපි ලාංකිය ගතිය තියල පැනි ටික පෙරල ඉන්න එපායැ..ඒ නිසා ඉතිං හමු උන යාලුව ගෑනු ලමයෙක් තමයි. ඉතිං එයා අමාරුවෙං ජරමන් බාසාව දන්නවා. මාත් ඉතිං දන්න ටිකෙන් එයාගෙන් ඇහුවා අපේ බ්ලොගරියන්ගේ ජනප්‍රියම මාතෘකාව වන කාන්තා විමුක්ටිය පිළිබඳව..ඇත්තටම එයා මට මහාර්ඝ පොතක් ගෙනත් දුන්නා. එයා කිව්වා එයා දකින හොඳම විමුක්ති කාමිනිය මේ පොතේ ඉන්න කෙනා කියලා...

පොත කියවන්න තරං මට ජරමන් දැනුමක් ගන්න පුලුවං උනා මොකද එහේ බෝඩ් ලෑලි ඔක්කොම තියෙන්ෙ ජරමන් වලිං..ස්විට්සරලන්තෙ බෝඩ් තියෙන්නෙ ජරමන් බාසාෙවන්...ඉතිං අමාරුවෙන් ස්විට්සර්ලන්තෙ ප්යාසිර් කියන සර්ගෙ පැය හැත්ත දෙකේ ජරමන් කෝස් එක කරල මට ජරමන් පුලුවං උනා..එක රැයෙන් නෙමෙයි රැයවල් තුනක් විතර පොර මට ජරමන් කලා...රැට රෑට ජරමන් ඉගෙනගත්ත ක්‍රමේ ගැන මගේ ලංකාවෙ යාලුවන්ට ස්කයිප් එකෙන් කිව්වම උන් කිව්වෙ. උඹ ප්යාසිර් සර්ගෙන් ජරමන් ඉගෙන ගන්න වෙන පෝට් එකක්(පිටුපස යූ ඇස් බී පෝට් එක වැනි යමක්) පාවිච්චි කරාද මන්දා කියලා..ඒව වැඩක් නෑ කෝම හරි මට ජරමන් පුලුවං උනා..

ඉතිං ඒ පොතේ තිබුන කතාව බොහොම හොඳ ආදර්ශමත් එකක්. ඒකෙ තියෙන්නෙ මරු කතාවක්..ඔන්න එකමත් එක කාලෙක එකමත් එක රටක ඉන්නවා කාන්තා හමුදාවක්. මේ කාන්තා හමුදාවෙ අයට අවුරුදු විසිඅට දක්වා කසාද බඳින්න දෙන්නේ නෑ. එකපාර ඒ රටට කඩා පාත් වෙනවා සතුරු හමුදාවක්. සාමාන්‍යන් කාන්තා හමුදාවන් දාන්නෙ යුද්දයට නෙමෙයි.. සෙබලුන්ට උපස්ථාන කරන්න අනං මනං වලට. ඒත් ඒ රටේ ඉන්න පිරිමි හරි කුහකයි. කාන්තා සෙබලියන් ඉදිරිපෙලට දැන්මෙ නෑ. මොකද එයාලගෙ පරණ පොත්වල තියෙනවා කාන්තාවන් දෙවන පෙලට තිබිය යුතුයි කියලා. ඉතිං අර ඈත නගරයක සිටිය හමුදාවලට ආරංචි වෙනවා ඊට කිලෝමීටර පන්සියක් විතර ඈත නගරයට සතුරු හමුදා පැමිණිලා කියලා. එතකොට ඒ නගරයේ ආරක්ෂාවට අර කාන්තා බලකාය තියලා පිරිමි හමුදාව සියලු දෙනාම පිටත් වෙනවා සතුරන් නැත ිකරන්න.
මා තැනු මා රට
මගේ උතුම් රට කියලා කස්ටිය ඉතිං පිටත් උනා..

අර අවුරුදු විසි අටකට අඩු ගෑනු අය ඉන්න ගෑනු හමුදාව නාකියි, ළමයි, අම්මලයි, ගෑනුයි විතරක් ඉතිරි නගරය බලාගන්නවා. ඉතිං සතුරු සේනා අර නගරයට එන්න තමය ිකලිං හිටියෙ නමුත් සතුරු සේනාවට පොඩි වයර් සෝට් එකක් වෙලා පාර මාරුවෙලා අර කාන්තාවන් ඉන්න නගරයට කලිංම එනවා.,ඒ අසුබ ආරංචිය අරං කෙනෙක් එනවා අර කාන්තා සේනාවේ සේනාධිනායිකාව වෙන ආමිලා වෙතට. ආමිලා ඇවිල්ලා බොහොම නිර්භීත සයිස් 42 පපුවකින් යුතු කාන්තාවක්. ඉතිං උන්ඩයක් ඇගේ පපුවට යන්නෙ ගොඩක් වෙලා යයි කියල තමයි කාන්තා සෙබල මුලුවල ගැටිස්සියො කතා වෙලා තිබුනෙ...

මේ හමුදාව එන ආරන්චිය ආමිලාගෙ කනට යනවා. ආමිලා ඈත පේන උස ගහකට නගිනවා. ඒ ගහ අපේ නෙලුං කුලුන ටවර් එකටත් වඩා උස එකක්. නැගල බලනකොට හැම හමුදාකාරයා ගාවම බොහොම දියුණු බලගතු ආයුධ තියෙන බවක් පේනවා. තමුං කාන්තාවන් වීමේ පාපයෙන් ආරක්ෂාවට දීල තිබුන බයිනෙත්තු ටී පනස් හය වගේ ඒවත් එක්ක හැරෙන්නවත් බෑ කියලා ආමිලාට වැටෙහෙනවා. මේ අවස්ථාවේ වගකීම තමන්ගේ අතේ කියලා අාමිලාට වැටෙහෙනවා..අනික මුලු නගරයක සිටින ශක්තිමත් තරුන පිරිමින් හැර සියලුම දෙනා දැන් ආමිලාගේ අණසකට යටත් වෙලා තමයි ඉන්නෙ...

දැං කාලෙ වගේ ඒ කාලෙ යුද්දෙට යන්නෙ ඈත දුප්පත් ගම්වල කොල්ලො විතරක් නොවෙයි. උං ගිහිල්ල මැරිල මොක්ක හරි ජයක් ගත්තට පස්සෙ මේ ජයග්‍රහනය සමරන්න මේක ලයික් කොර සෙයා කරන්න කියලා කොම්පියුටරේ ඉස්සරහ කාඩ්බෝඩ් වීරයො හිටියෙත් නෑ. ඉන්නවනං එකෙක් කරදඩු උස්මහත් වෙලා අතපය හත්තිය තියෙන.ඌ අනිවාර්යෙං යුද්දෙටම තමයි. ආයෙ අරයා කිව්වා මෙයා කිව්වා කියලා ඉන්න බෑ. රජාගෙ පුතා පවා යුද්දෙ..

ඉතිං ආමිලාට තේරුණා මේ වෙලාවෙ වෙන්න යන නස්පැත්තිය. අනික තමුංගෙ මෝඩ පිරිමින් මේ සතුරන් සමඟ සටන් කරන්නට තීරණය කලාට තමුංගේ පුංචි රට එතරම් ශක්තිමත් නොවන බවත් පුරාණ පුස්කොල පොත් කියවල තිබුන ආමිලාගේ කාන්තා බුද්ධියට වැටහෙවනවා...තමුන්ගේ සතුරන් වන ගොන්ඩුවාලන්තය තමුන්ට වඩා බොහොම සවිමත් රටක්. තමුන්ෙග් පිරිමි සංහතිය නගරය හැරදාල සතුරන් මෙහි එන්ට තනන ගේට්ටු ළගට ගොස් මෙල්ල කරන්නට ගියාට ඔවුන් ගත්තේ මෝඩ තීරණයක් බව ආමිලාට තේරුණා. මේ අය එනවිදියෙන් කඳවුරට එන්න තව පැය තුන හතරක් යයි කියලත් ආමිලාට තේරුණා.

ආමිලා ඒක මේ සියලු දේ වෙන්න කලිං ප්‍රධාන සේනාධිනායක තුමාට කිව්වා. ඒත් එතුමා කිව්වා. අවුරුදු තුන්දාස් එකසිය විසිපහයි දසම තුනක කාලයක් තිස්සෙ රැකගත් අපේ දේශය සතුරන්ට පාවා දෙනවාට වඩා පනපිටින් මියයෑම උතුම් කියලා. ඉතිං ඒ වගේ උද්වේගකර අවස්ථාවක කාන්තාවක් විදියට තමුන්ගේ මෙව්වා එක පෙන්නලා වැඩක් නෑ කියලා ආමිලා තේරුං අරං තිබුනා.ඒ නිසා ඇය තවත් ඒ ගැන කියන්න ගියෙ නෑ....