ඉස්සර
මාත් තේරුනා රස්සාවකට.
ඒ වුනාට
රස්සා දුන්නෙ ජොබ් කාඩ් වලට.
පවුලටම
එකයි ජොබ් කාඩ් දෙන්නෙ.
මගේ කාඩ්
එක මං අපේ අක්කාට දුන්නා.
දැං අක්කා
ලොකු තැනක වැඩ ඇති.
ඒත් මං ව
දන්නෙ නෑ.
දැනගත්තත්
මාව අඳුනන එකකුත් නෑ.
අඳුනගත්තත්
නාදුනන විදියට ඉඳීවි මොකෝ මං
වැදගත් නැති මිනිහෙක්.
ටික
කාලයක් ගෙදරට වෙලා හිටියා.
මං එච්චරම
කැත්ෙත උදැල්ලෙ වැඩට දස්සය
නෙමෙ ඒ දවස්වල.
දස්සකමක්
නැති නිසාම නෙමෙයි.
කාලයක්
තින්ත පෑන අල්ලල කුරුටුගාල
පාඩම් පොත් කියවල මයෙ ඇඟම හොර
වෙලා තිබුනෙ.
අක්කට
වඩා ඒ දවස්වල මට ප්‍රථිපල
තිබුනා.
එ්ත්
අක්කාට හොඳ කසාදයක් කොර ගන්න
දෙන්න තරං දේවල් අපිට තිබුනෙ
නැතුව ඇති.
අක්කා
යවන්න ඕනි නිසා අම්මලා කිව්වා
ජොබ් කාඩ් එක අක්කාට දෙන්න
කියලා.
ඒක දුන්නෙ
දේශපාලෙනේට..
ඔහොම
ටැග් ගැහි ගැහි ඉඳලා අපේ තාත්තා
අඳුනන මනුස්සයෙක් ඉන්නවා
කියලා ආව කොළඹට..මට
ලියන වැඩක් හම්බුනා.
ඒක ලේසි.
කාලෙ
හැටියට හොඳ පඩියකුත් ලැබුනා.
ඒ ලියන
මුදලාලිගෙ දුව ලස්සනයි.
ඒත් දුව
මට සෙට් උනේ නෑනෙ...
හිහ්
හිහ් හිහි ..ඒ
සිනාවකි.
සෙට්
උනානං අද මම සෝමපාල මුදලාලි
මහත්තයා..
එකපාරක්
ඇහුවා ඒත් බෑ කිව්වා.
දැංනං
පරණ වෙච්චි ජෑම් බෝතලයක් වගේ
වෙලා ඇති.
ඒත් ඉස්සර
තෙල් කෑල්ල.
අපරාදෙ
මට තිබුනෙ තව පස්සෙං යන්න.
ඒත් එක
අතකින් ඉන් පස්සෙ සොපිනා
හම්බුනේ ඕකි බැන්දෙ නැති
නිසානෙ.
නැත්තං
ඒකි හම්බෙන්නෙත් නැහැනෙ..
කොහොමින
්හරි කාලෙ ගතවුනා.
ඒ අතර
ආන්ඩුවෙ එක තරඟ විභාගයක්
තිබුනා.
මං ඒකට
පාඩම් කලේ පන්ති ගියේ නොහොල්මනින්.
වැඩිය
සෙල්ලං දාන්න ගියානං මුදලාලියට
සැක හිතෙනවා නේ.
මොන ලොක්කත්
කැමති නෑ සොක්කා උඩ එනවට.
ඉතිං මං
අමාරුවෙන් කුප්පි ලාම්පුවෙන්
පාඩං කොරේ.
වැඩිමනක්
මට තිබුනෙ අපේ අප්පුච්චට
අම්මාට මේ්න් මං කලිසං කාරයෙකුට
හරියන රස්සාවක් කොරනෝ කියලා
පෙන්වන්න.
හෑ
උඹ ලියන මහත්තය උනාට මොකද
මේ කකුල් දෙකටම කලිසං ඇඳලා...හො
හොහ්..ඒජන්ත
හාමු වගේ.
ඒම කිව්වෙ
අපේ මාම කෙනෙක්.
ගෙදර ආපු
වෙලාවෙ.
ඒ කාලෙ
ලියන මහත්තුරුත් සරං ඇන්දෙ.
මගේ මට්ටමට
ඉගන ගත්ත උන්ට එ්ජන්ත වෙන්න
තිබුනා වෙලත් තිබුනා.
ඒත් ඒ තරං
ඉහලට උගන්නල වැඩක් නෑ කියල
අපේ ගමේ උන් තාත්තට කියලා
තිබුනා.
ඒ නිසා
තාත්තා ඒ ගැන වැඩිය උනන්දු
කොලේ නෑ.
ඉතිං
මං අර හොරාට ලියපු විබාගෙන්
පාස් වෙලා ටිකක් ලොකු මට්ටමේ
ලිපිකාර තනතුරක් ගත්තා.
ඒ රස්සාවත්
අවුරුදු තුනක් හතරක් කොලා..
ආන්ඩු
මාරුවක් කිට්ටුව තිබුනා
ඉස්ට්‍රයික් එකක් පඩිය සත
දහයකින් වැඩ්ි කොරගන්න.
ඉතිං මටත්
කතා කොලා.
මාත්
ගියානෙ ඉතිං.
ඒ කාලෙත්
ඔය රතු පොත් ජනප්‍රියයි.
ඒ කාලෙ
කියන්නෙත් ධනපති පංතිය අපිව
සූරාකනවා කියලා.
ඒත් මට
පස්සෙ තමයි කල්පනා උනේ ඒව
වැරදි කියලා.
ඒක නෙමෙයි
ලංකාවෙ වෙන්නෙ..ධනපති
හෝ රදල පන්තියට කන්න ඔීන වුනාම
ලංකාවෙ අනික් පංතිවල ඉන්න
වුන් සූරල පැණිදාල පිඟංවලට
දාල දෙනවා.
අඩුගානෙ
ධනපතියො හූරන්නවත් මහන්සි
වෙන්නෙ නෑ.
මේ අර
හැලිය කිව්ව ගමන් හැලියෙ තියනෙ
දේ හූරල පැනිදාල පිඟානට දාල
පුලුවං නං සලාද කොලේකුත ්ගහලා
ගිහින් දෙනවා.
ඉතිං
කතා කලෙ ස්ටයික් එකක් ගැන නේ..
යූනියන්
කාරයො හිටියා.
අපි මේ
අසාධාරනයට එරෙහිව අපේ අවසාන
ලේ බින්දුව දක්වා දිවිහිමියෙන්
සටන් කල යුතුයි.
මේ පාලකයින්ට
මේව ලියල දෙන මට්ටමට අපි නිහඩව
නොසිටිය යුතුයි.
එහෙමත්
එකෙක් කෑ ගැහුවා.
ඒත් ඌම
ලොක්කෙක් දකින කොට දෙන්නෙ
නැත්තෙ පුක විතරයි.
අනික්
හැම තැනින්ම නැවිලා හා සෑර්
කියනවා.
ගොඩක්
උන් හෙමයි.
පොඩි
මිනිස්සු ගොඩක් අස්සෙ ලොක්කෙක්
වගේ මහා ලොකු කතා කියනවා.
ඒත් අනික
්පැත්තෙන් බැලුහම උං ලොක්කොන්ගෙ
සුවච කීකරු බල්ලො..
ඉතිං
අර බල්ලොන්ෙග ගැට වලට මං අහු
වුනා.
මට හම්බුනේ
සංවිධායක කමක්.
මං ඒක
ගත්තා.
වැඩ වර්ජනය
කලා.
මං හිතුවෙ
මිනිස්සු තුන්වෙනි දවසෙ
කවුරුත් එන එකක් නෑ කියලා.
ඒත ්මිනිස්සු
දෙවනි දවසෙ ඉදල වැඩට ඇවිත්
තිබුනා.
පස්සෙ
හතර වෙනි දවසේ කන්තෝරු ආහම
මට විරුද්ධව වෙන පැමිණිල්ලක්.
මොකද්ද
ආන්ඩුවෙ රෙගුලාසියක් මං ෆලෝ
අප් කලේ නැතුව ඉක්මන්ට වැඩක්
කරල දීල කියලා.
ආන්ඩුවෙ
කන්තෝරුවක අද පවා හොඳට වැඩ
කරන්න ඕනි කොහොමද කියලා හිතාගන්න
බෑ.
වැඩක්
නොකර නිකා ඉන්න එක ලේසියි.
මොකක්
හරි කොරන්න ගියොත් කොහෙ හරි
නීතියක් රෙගුලාසියක්.
එක අතකින්
ආන්ඩු කාන්තෝරුවල මිනිස්සු
වැඩිපුර නිකා ඉන්නෙත් ආන්න
ඒ නිසා කියලා හිතෙනවා.
වැඩක්
කොරන්න ගත්තොත් තමයි පස්න
වැඩ නැතිව හිටියාම පස්න නෑ..
අපි ඉතිං
හිච්චි කාලෙ නෙව.
අපිට ඉතිං
වැඩිය ඕව තේරුන් නෑ..
ඒත ්අද
මං ඔහෙට කියනවා.
ඒත් ඔහෙටත්
ඕක අද තේරෙන් නෑ.
තව කාලයක්
යනවා..
ඉතිං
වැඩ වර්ජන නැතිවෙලා..මාත්
නැතිවෙලා ටික දවසකින් ගෙදට්ට
ලියුම එනවා..ඔබේ
සේවය අත්හිටුවා ඇත කියලා.
එ වෙලාවෙ
එදා මගේ වටේ ඉදන් කුලප්පු කරපු
යූනියන් හැත්ත හිටියෙ නෑ.
මිස්ට
සෝමපාල ඔයාට මාර අයිඩියාස්
එන්නෙ කියලා තොදොල් වෙච්චි
මිසිල හිටියෙ නෑ.
මන්ත්‍රිතුමාට
ආරංචි වෙලාලු මං අනික් පක්ෂෙ
කියලා.
සමාර විට
ඒ කේලම කියන්නත් ඇත්තෙ කන්තෝරුවෙම
හිටපු යාලුවෙක් වෙන්නත් ඇති.
කෝමහරි
මන්ත්‍රිතුමා හේතුවක් හැදුවා
හදල දඩුවම දීගත්තා.
ස්ට්‍ර්ය්ක්
එකටත් හරියන්නම..
ගෙදර
ආව.
අම්මයි
තාත්තයි බොහොම දුක් වුනා.
මම දුක්
වුනේ නෑ.
මට නොසෑහෙන්න
අම්මාබැන්නා.
ගිය තැන
ගිය විදියට ඉන්න බොලාට බැරි
හැටි.
අම්මා
දෙස් තිව්වා.
මං කලිසමෙන්
ආයෙත් සරමට පුරුදු වුනා.
තාත්තා
එක්ක පස්සෙං කුඹුරට හේනට ගියා.
ම්ම්ම්
ReplyDeleteමේක තමා බොහෝ දෙනෙක්ගේ ඇත්ත පැත්ත
//ඒත් ඌම ලොක්කෙක් දකින කොට දෙන්නෙ නැත්තෙ පුක විතරයි. අනික් හැම තැනින්ම නැවිලා හා සෑර් කියනවා. ගොඩක් උන් හෙමයි. පොඩි මිනිස්සු ගොඩක් අස්සෙ ලොක්කෙක් වගේ මහා ලොකු කතා කියනවා. ඒත් අනික ්පැත්තෙන් බැලුහම උං ලොක්කොන්ගෙ සුවච කීකරු බල්ලො..//
අර කතාවට සීයට දෙසීයක් එකගයි
//මං කලිසමෙන් ආයෙත් සරමට පුරුදු වුනා. තාත්තා එක්ක පස්සෙං කුඹුරට හේනට ගියා.
ReplyDeleteනිදහස් රස්සාවක් අප්පා...
මගෙ යාළුවෙක් ඉන්නව අයිය කෙනෙක්. තාත්ත අපේ ඉස්කෝලෙ. ඒ දවස්වල හෙන බ්‍රයිටලු. කොහොමහරි රත්තන්ට අහුවෙලා A/L කාලෙ හිරබතුත් කාල A/Lලුත් නොලිය අද කොන්ත්‍රාත් වැඩ කරනව. A/L කරානම් අනිවා ඉංජිනේරුවෙක්.
ReplyDeleteදෙවනියට රතු ලණු කාපු කෙනෙක්ට ඉන්නෙ ඒ අයිය දැන් රෙන්ට් එකට අරන් ඉන්න කඩේ අයිතිකාර අංකල්. ඒත් 83 ස්ට්‍රයික් කරල. එයා කියන විදියට රටේ ඉන්න මහ පාලකය ගාව ඉඳන් ඉන්න ගොඩක් උන් ඒකට කම්කරු නායකයො විදිහට ඒකට සම්බන්ධ වෙලා තියනව. ඒත් එයාලට අදටත් ඒකට සාධාරණ විසඳුමක් දීල නෑ. දැන් වෙද්දි ස්ට්‍රයික් කරපු අයගෙන් ගොඩ දෙනෙක් කූරියා ගහල නිසා අනිත් අයත් නිවන් දකිනකම් ඉඳීලු වන්දි නොගෙවා ෂේප් වෙන්න.
අද උනත් ගම්වල හොදට ඉගෙන ගන්න කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි ඉන්නවා නම් කතාවක් හදන්න බලං ඉන්න අය අඩු නෑ.... කොල්ලෙක් නං ගෙදරට ඇවිත් කියයි මං දැක්කනේ ඔයාගේ පුතා කඩේට වෙලා සිගරට් එකක් ගහන් ඉන්නා හරි ඔයාගේ පුතා රස්තියාදුකාරයෝ කට්ටියකට සෙටි වෙලා හරි කියලා අම්මලාව අවුස්සනවා... කෙල්ලෙක් නං ඉතිං මඟුලක් සෙට් කරනවා.... එහෙමත් දෙමවුපියෙක් තමයි ඇත්ත තේරැම් ගන්නේ..... කියන්නේ නම් අනේ ඉතිං අපේ ගමේ කෙල්ලෝ කෙල්ලෝනේ. අපි රැක ගන්න ඕනෙනෙ කියලා... බම්බුව තමයි....
ReplyDelete