Wednesday, August 15, 2012

පාලගේ විලාපය 01


රාත්‍රිය බියකරුය.අඳුරුය.. අවසාන බසය මිස් වූ දෙදෙනෙක් බස් නැවතුමක තනිවී. එයින් කෙනෙකි මා අනෙකා මැදවිය ඉක්මවීගෙන යන කෙනෙකි. ඔහු සෝමපාලය. සෝමපාලයියාද මා සමඟම දුම්රියේ ආවෙකි. දුම්රිය අනවශ්‍ය ලෙස ප්‍රමාද වූ නිසා සෝමපාලයියාටත් මටත් බස්රිය මිස්විය. කෙමෙන් පිරිස ත්‍රිවිල් වල සරණ යන්නට විය. කිලෝමීටර හතලිහකට අධික දුරක් යා යුතු අප දෙදෙනාට හදිසියක් නොවූ නිසාත් රුපියල් දාහක් ත්‍රිවිල් එකකට වියදම් කිරීමට අදිමදි වූ නිසාත් වෙන විකල්ප රහිතවම බස් නැවතුම්පලේ නිදාගැන්මට උරුම විය.

මෙවන් ස්ථානවලට එන විට සාමාන්‍යයෙන් ඉතිරි වන පිරිස අතර වංචා කරුවෝද වෙති. ඒ අතර පුරුෂයින්ගේ පුරුෂ ලිංග අතගාන්නට හුරු වූ පිරිමි නොහොත් සංවර බසෙන් ගේ කුරුල්ලෝද නැතුවා නොවේ. මා එතෙක් කතා කරලා තිබුන වචන කීපෙන් සෝමපාලය්යා ගේ නොවන බව දැනගත්තෙමි. පත්තර කොළ කීපයක් සෝමපාලයියා සොයාගන ආවේ අසල තිබූ කඩල කරත්තයක පිටුපසට ගොස් ඔහුගේ අතමිට මොලවා කීයක් හෝ ලබාදීමෙනි. කඩල කාරයා ඒ සඳහා රුපියල් විස්සක් තිහක් ගත්තත් කොරන්නට දෙයක් නැත. වෙලාවේ හැටියට වාසය හොඳය. අපි දෙදෙනාටම යා යුතු වූයේ එකම දෙසට නොවේ. නමුත් එකම පාරේ මද දුරක් අපිට යාමට තිබුනේය. ඉතිං උදෑසන පත්තර ලොරියේ හෝ එල්ලී යන්නට සිතා මාත් ඔහුත් බස් නැවතුමේ නිදාග්නනට තීරණය කලෙමු.

අසල නයිට් කඩයෙන් පරාට තුන හතරකුත් බිත්තර රොටි කීපයකුත් ගිලදැමූ මා සහ සෝමපාල අයියා අයිනක පත්තර කොල දාගෙන නිදන්නට සැරසුනෙමු. නමුත් නින්ද අහලකවත් නැත. පුරුදු ඇඳ පුරුදු තැන නැතුවාට ඇති සාංකාවට වඩා මදුරු කරදරය තදය. ඉසේ සිට දෙපතුල දක්වා ඇති කලිසං කමිස අස්සෙන් විද මදුරුවෝ අපව උස්සන් යන්නට හදයි. සෝමපාලය්යා කීවේ අපරාදෙ මල්ලි නයිට් කඩෙන් හරි අපිට කොයිල් දෙකක් ඉල්ලගන්න තිබුනා. එහෙත් මා ගේ අදහස නම් වඋයේ කොයිල් වලට මදුරුවන් නොයන බවකි..

ම්ම් හීන් තාලෙටවත් අඩියක් වත් ගහල තිබුන නම්...නේද මලේ..

හුම් ..යැයි කිවේ නිදිමතින්ම නොවේ...අඩියක් ගැසූවිට බමන මතින් කැරකී මෙතන වැටුනු සැනින් නින්ද යන අපූරුව මතක් වෙලාය.

කොලට ටික අකුලා දැලක් අස්සේ ගැසූ අප දෙදෙනා නැවත පාරට අවතීර්ණ විය. එහෙං මෙහෙං විපරම් කොට බලා යාන්තම් ගල් බාගයක් සොයාගන්නට පුලුවං විය. සෝඩා බෝතලයක් නයිට් කඩෙන් මිලදී ගත්තේය.කඩල කාරයාගෙන් කඩල ඇට කිහිපයකුත් ඔහු ලගම විකුනන්ට තිබුන වෙනත් පිටි ගුලි බයිට් එකකුත් රැගෙන යලිත් අඳුරු තැනක් වෙත අපි දෙදෙනා ආමු.බස් නැවතුමේ පොලිසිය සිටියත් මේ මහ රෑ කලුවරේ හීන්තාලේ අඩියක් ගසන්නට සැරසෙන මොවුන් නොපෙනුනා විදියකි ඔවුන් දැක්වූයේ.

මට නං එච්චර බීල පුරුද්දකුත් නෑ. සෝමපාල අයියා කියන්නට විය. .
ඉතිං හීනියට යන අඩිය අතරේ සෝමපාල අයියා මාගේ මල්ලේ මොනවාදැයි ඇසිය. මා පොත් යැයි කීය. කතා පොතුත් තියනවයි?

ඔහු ඇසුවේ පොඩි එකකු මෙනි. නැහැ මාක්ස් ගේ පොතක් ඇති..

හොහ් හොහ් හොහ්...ආ එහෙනං මේ තරුණ කාලෙත් මාක්ස් ජනප්‍රියයි නේ...

ඉතිං ඒ අතර සිදුවූ වල් පල් කයි කතන්දර වැදගත් නැත. නමුත් මා විසින් දැඩි පෙරැත්තයකින් ඔහුගෙන් ඔහුගේ ජීවිත කතාව අසාගන්නා ලදී..

එය සත්‍යයම එක නොවිය හැක. නමුත් ඒ ඔහු කියන ලද ඔහුගේ කතාවයි..

13 comments:

  1. බලමු සෝමපාල අයියගේ ජීවිත කතාව මොකක්ද කියල

    ReplyDelete
  2. ඕනෙම කෙනෙක් ගෙ ජීවිතෙ තමන් කැමතිම විදියට වෙන්නෙ බොහොම ටිකයි මගෙ හිතේ. අපිටත් වෙන්න ගත්තහම තමයි තරු පේන්නෙ.

    ReplyDelete
  3. යකෝ සෝමෙ මාක්ස් ගේ පාඨකයෙක්ද?

    ReplyDelete
  4. අඩියක් ගැහුවම සිරාවටම මදුරුවො කනවා තේරෙන්නැද්ද????

    ReplyDelete
  5. එල එල හොද කතාවක් වෙයිවගේ ....

    ReplyDelete
  6. සෝමපාල අයියාගේ කතාව කියවන්නට ආසාවෙන් සිටිමි . . .

    ReplyDelete
  7. හොද වෙලාවට පලවෙනි එකටම සෙට් උනේ !
    එල එල !
    කතාව පට්ට විදිහට ගලාගෙන යනවා !
    මදුරුවොත් එක්ක නිදා ගන්ඩ තමා අමාරු !

    ReplyDelete
  8. මීලඟ කොටස කලින්ම පල වී ඇත...මඳක් දකුණු පස කෙළවර බැලීමෙන් දෙවන සහ අවසාන කොටස් බලාගත හැක...

    ස්තූතියි..

    ReplyDelete
    Replies
    1. ඔබේ මේ අග සිට මුලට කතාව කීම මට සිහිපත් කළා නමැති චිත්‍රපටිය. ගයි පියරස් ඉන්නේ. දැකලා නැත්තං හොයාගෙන බලන්න.

      මේ කොටසට ලැබී ඇති ප්‍රතිචාර අපේ බ්ලොග් ලෝකය පිළිබඳ යම් දෙයක් පවසයි. බ්ලොග්වල කොලිටිය එන්න එන්න අඩුයි කියා බනින අයට මේවා ගෝචර නෑ!

      Delete
  9. නිතර යමක් නොකීවට බොහොම ආසාවෙන් කියවන බ්ලොග් එකක්.

    ReplyDelete
    Replies
    1. අපි බ්ලොග් නොකියවමු. බ්ලොග් බලමු!

      Delete