Sunday, March 24, 2013

අපේ ගමේ පොළ (my villege fair)

අපේ ගම පිහිටා ඇත්තේ ලංකාවේ කොණකය. එය දැන් නම් නාගරීකරණය වීගෙන එයි. ලංකාවේ ගමක් වෙන එය ගමක් ලෙස දැන් හඳුනාගත  නොහැක. නාගරිකත්වයේ අයහපත් පැත්තත් ගම්බද පුරාණ අයහපත් සිරිත් විරිත් වල තෝතැන්නක් වන එය කිසිසේත් සුන්දර යැයි කිව නොහැක. බාහිරින් නගරයට වඩා සැනසිලි දායක වුවත් අපේ ගම තව දුරටත් පෙර කල අපේ ගම් ගැන ලියූ අයවලුන් ලියූ පරිදි , අහිංසක ගැමියන් වෙසෙන්නක් නොවේ.

                                    අහිංසක ගැමියන් මේ ගම් වල එකල විසුවේ නම් අහිංසක ජාන සහිත ඔවුන්ගේ පරපුර නිලීන වී ගොස් කපටි බුවාලා වැඩි වැඩියෙන් ප්‍රමුඛ වී ප්‍රජනනය කිරීම නිසා දැන් පරපුර වඩාත් කපටි වී ඇත. ඉදලා හිටලා හොඳ වැඩක් පෙනෙන්නට තිබුනත් බොහෝ දේවල් සිදුවන්නේ ආත්මාර්ථය මුල් කරගෙනම වෙයි. 

                                    බුකියේ ලොකු මිනිහෙක් ලෙස රඟපාන ලංකාවේ කලාකාරයෙක් ලගඳී පොළ ගැන අදහස් දක්වා තිබුනි. ඔහු අදහස් දක්වා තිබුනේ නුගේගොඩ පොල ගැනය. ඔහුගේ පින්තූරය පත්තරයේ තිබෙනවා දුටු ඒ පොල වෙලෙන්දන් ඔහු එන්ටත් පෙර බඩු පාර්සල් කිරීම හැමෝම මනුස්සකමට හිනාවෙන්නත් බඩු කේවල් කරන්නත් පටන් ගැන්ම ඔහුට පොලේ යෑම එපා කරවූ බව සඳහන් විය.. යමෙක් ජනප්‍රියත්වය අපේක්ෂා කරන්නේ නම් එහි සුබ ඵලම බලාපොරොත්තු නොවිය යුතුය. ඔහුගේ මූන පත්තරේ යෑමත් ඔහු ජනප්‍රිය පුද්ගලයෙකු වීමත් නිසා ඔහුට විවිධ ලාබ ප්‍රොයෝජන රාශියක් ලැබෙන්නට ඇත. ඉතිං ලාබවිතරක්මැ ලැබෙන තැනක් වෙයි නම් ඒ මෙලොව තැනක් නොව දිවිය ලොව තැනක්මැ විය යුතුයැ. එබැවින් එතුමානෝට පාරේ යනවිට සහ පොලේ යනවිට කරදර විඳීම ජනප්‍රියත්වයේ අයහපත් අතුරුඵලයක්මැය. එය මිනිසුන්ගේ වත් පොලේවත් වරදක් නොවේය. 

                                    අපේ ගමේ පොළ යනු තාපසාරාමයක් නොවේ. තාපසාරාමය දෙසට වැටුන ගිරවාට ඇසුනු මිහිරි වදන් වල වූ ලෙස..එන්න මේ වට්ටක්කා ගන්න..මේ මාලු අලුත් එන්න බලන්න..ඇයි ඔබ බන්ඩක්කා දෙස රවන්නේ..ඒවා නැවුම් ලිස්සන සුලුයි..ලෙස පොලේ සද්ද ඇහෙන්නේ නැත. එය එකම කාලගෝට්ටියකි. අල ්ලෝනෝ...අල ලෝනෝ..අල පනායි ගෝව හැට්ටායි...ඉවර කරාන්ඩ ඉවර කරාන්ඩ..අද විතරායි අද විතරායි..බාල්දිය සීයාය් බාල්දිය සීයායි...ලාබෙට නෙවයි සන්තෝසෙට..සන්තෝසෙට.. ආදී ලෙස පොලේ වෙලෙන්දෝ කෑ ගසති.

 අල ලූනු ගන්න පොලේ ආ කෙනෙක් බාල්දි ගන්නේ නැත. නමුත් බාල්දි කාරයාගේ කෑගැසිල්ල ඒ නිසා අඩු නොවේ.. හරියට පෙටා බස් නැවතුම වගේය. මාතර යන්න බස් නැවතුමේ සිටින අයෙක්.මීගමු බස් කාරයා කෑ ගැහුවාය කියලා මිගමු යන්නෙ නැත. නමුත් මාතර බස් කාරයා මොකක් හෝ ආතල් එකකට කෑ ගසයි.. ඔන්න පොලක නම් සල්ලි ඇති දිනක වැඩිපුර යමක් මිලදී ගැන්මට මිනිස්සු පෙලඹිය හැකි වුවත් පිටකොටුව බස් නැවතුමක සිටින විට මාතර යන්න සිටින අයෙක් කෑ ගැසීම් වලට අවනතව වෙනත් අතකට යෑම සිදුවීමේ සම්බාවිතාවය ඉතා අඩුය. බල්ලා ටයිල් ඇති ගෙදරකට ආවත් පූර්වජ පුරුද්දක් වෙන දෙවරක් කැරකී තණකොල තලා නිදා ගන්නා ආදිකල්පික ආකාරයටම ටයිල් පොලවේද දෙවරක් පැදකුනු කොට නින්දට යයි. ඒ ආකාරයට සංසාර පුරුද්දක් අනුව පොලේ වෙලෙන්දෝත් කොන්දොස්ත්ර් මහත්වරුත් කෑ ගසනවා විය හැක.

අම්මා සමඟ පොලේ ගිය සැටි..

අපේ අම්මා සමඟ අපි කුඩා කල පොලේ ගියෙමු. නමුත් අපි එතරම් අම්මා සමග පොලේ යැමට කැමති නැත. තාත්තා සමග කඩමන්ඩියට යෑමට කැමැති මුත් අම්මා සමග පොලේ යෑම වෙහෙසකර ක්‍රියාවක් ලෙස අපි එකල හඳුනාගෙන තිබුනි. අම්මා ඔන්න කෙසෙල් ඇවරියක මිල අසයි. එය රුපියල් පහලවක් නම් අම්මා වෙලෙන්දියට රුපියල් දහයක් දික්කර ඔන්න ඔය ඇති යැයි මල්ලද රැගෙන නික්ම යයි. ඉන් පසු අර වෙලෙන්දිය අම්මා පිටුපස එන්නේ ඉතිරි රුපියල් පහ ගැනීමටය. නමුත් වැඩිම වුනොත් අම්මා තව රුපියල් දෙකක් වෙලෙන්දියට දෙයි. ඉන් පසු ත් ඇය දිගට කතා කරගෙන එන්නේ එහෙමත් වෙලාවකය. එසේ එයි නම් ඕන්න එහෙනං තියාගන්න කියා ඇය කෙසෙල් ඇවරිය තබා රුපියල් දහයත් රැගෙන නික්මෙයි. අම්මා බොහෝ විට බඩු ගන්නා විට හෙට්ටු කරයි. සාමාන්‍යෙයන් වෙලෙන්දෝද එසේ හෙට්ටු කරමින් බඩු ගන්නා අය හොඳින් අඳුනති. ඒ අනුව ඔවුන් මිල ගනන් කියනවා වෙන්නටද පුලුවන. මා පසුකලෙක පොලේ ගියවිට පොලේ ගොස් ඒමට විනාඩි දහයක් වත් ගත නොවුයේය. මන්ද එක් බඩුවක් එක් තැනකින් ගනන් අසා මිලදී ගැන්ම නිසාය.

අපේ අම්මාත් බොහෝ අයත් පොලේ යනවා යනු රාජකාරියක් වැනි බොහෝ විසාල වේලා ගන්නා වැඩකි. එක් තැනකින් මිල අසා තව තැන් කීපයක් සමඟ සන්සන්දනය කොට බඩු හොඳින් තත්ව පරීක්ෂාවකටද ලක්කරයි. දැන් සුපිරි වෙළඳ සැල් වලට වඩා පොළ ඉදිරියෙන් සිටින එක් අවස්ථාවක් නම් එකම එලවලුව පළතුර පවා තැන් කිහිපයක මිල කිහිපයකට ලබාගත හැකි වීමයි.

ඉතා පෙර කල අපේ නිවෙස්වල තිබෙන එලවලුද පොලේ ගොස් සිල්ලර වෙළඳුන්ටම විකුනා එයින් මතු ඒ මුදල් වලින්ම අපිට බඩු ගත හැකිව තිබූ සමයක් තියෙන්නට ඇත. නමුත් දැන් එසේ නොවේ. බොහෝ විසාල පොලවල් වල සිල්ලර බඩු පොලකුත් තොග බඩු වෙනත් පොළකත් පැවැත්වේ. කෙසෙල් කැන් , එලවලු, පොල් ආදිය වෙනමම ඉඩක තොග වශයෙන් අලෙවි වේ. අපේ නිවසේ නම් තාත්තා තොග පොලට ගොස් බඩුත් විකුනාගෙන ගත යුතු සිල්ලර මාලු ආදියත් රැගෙන දහය හමාර එකොළහ වෙනතුර නිවසට ළඟා වෙයි. නමුත් අම්මා පොලේ ගිය දිනක ඇය එන්නේ දවල් දොලහට විතරය. පොලේ ඇවිද බඩු මිල සැසඳීම. සෝසල් නෙට්වර්ක් එකක් ලෙස පොල භාවිත කිරීම. වෙලෙන්දන් සමග හෙට්ටු කිරීම ආදියට කල් ගත වී ප්‍රමාද වී පැමිනෙන අම්මා හැමදාම කියන්නේ...මේ බස් සෙක්ක බැහැනේ...එන්නෙ නැහ ැවරුවකට..තාත්තා ඒ බස් කතාව බොහෝ කල් සිට අසන නිසා බස් වලිං එහාට වැඩිවිස්තර අහන්ට යන්නේ නැත.
පොලේ සෝසල් නෙට්වර්ක් භාවිතය..

දැන් කාලේ හැදෙන කොල්ලො කෙල්ලෝ නෙට් එකේ(මදුරුවො එලවන එක නොවේ)  පැය ගනන් ගත කරති. නමුත් හන්දියේ කඩේට යන සීයා ඉඳහිට පොලට යන ආච්චි ඒ සඳහා පැයක් දෙකක් ගත කිරීම ගැන ඔවුන් සිනා සෙති. ආච්චිලා සීයලා ඕප කියවනවා යැයි ආඩපාලි කියති. මීට වසර පාලවකට විස්සකට එපිට අනූව දශකයේ මුල් භාගයේ රූපවාහිනි තිබුනත් ගම්වල එතරම් ඒවා සුලබ නොවීය. බොහෝවිට අපි ටීවි බලන්නට ටීවි ඇති ගෙදරකට යමු. අපේ අයියලා කඩමන්ඩියට ගොස් බෘෘස් ලී නයිට් රයිඩර් ආදි ඒවා බලති. නමුත් අපිට බලන්නට ලැබෙන්නේ බදාදාට යන කෝපි කඩෙ පමණි. කෝපි කඩේ බලන්නට අපි පෝලිමේ වාඩි වී සිටියෙමු. නමුත් එහි ඇති අලබෝලයක් නැත..වටෙ කට්ටිය සිනාසෙන විට අපිද පැනගෙන සිනාසුනෙමු. 

                                    මේ සංක්‍රාන්ති කාලපරිච්චේදයේ මෙන්ම තාක්ෂණය රූපවාහිනිය ගමට ගොස් ඇති මේකලද ගමේ සති පොළ මහජනතාවගේ සෝසල් නෙට්වරක් එකක් මෙනි. කාලෙකින් දැක්ක අයෙකු සමග කතා කිරීම. මලගෙදරක්, මගුලක්, හොරා පැන යෑමක්, කොටහලු මගුලක්, හොරකමක් ආදි ගමේ කුඩා පුවත් මෙන්ම බඩුමිල, ඡන්ද, ආන්ඩුව, ඉන්දියාව ආදී විසාල මාතෘකාද පොලේ තැන්තැන්වල මතු වෙති. එසේම සමහර අවස්ථාවල කලාතුරකින් පොලේ යන මට ඒ සමහර සංවාද ඇසේ..ඒවායේ අන්තර්ගතයෙහි සමහර විටෙක රූපවාහිනියේ තියෙන වැඩසටහන් වලට වඩා වැදගත් දාර්ශනික අදහස්ද ඇත. නමුත් රූපවාහිනි වල ගීත ස්ටාර් මිස කයි ගැසීමේ ස්ටාර් ලා තෝරන්නේ නැති නිසා ගමේ දාර්ශනික ගැමියන්ගේ දර්ශන ගමේ පොල තුල හැමදාම කැරකි කැරකි පවතී. බඩු මිලදි ගැන්ම හෙට්ටු කිරීම, ආදි කාරණා මෙන්ම යාලුවන් මුනගැසීම අලුත් අය හඳුනාගැන්ම යාලුවන් සමග විස්තර කතාකිරීම බඩුවල බඩුමිලෙහි ගුනදොස් විචාරීම ආන්ඩුවට තැලීම ආදි ලංකාවේ අය සෝසල් නෙට්වරක් එකක් තුල කෙරෙන මෙකී නොකී බොහෝ කාරනාද අපේ ගමේ පොලේදි කෙරයි.

පංසල පල්ලිය ආදි පිංකම් අවස්ථාවල කතාකිරීමට තහංචි රා අරක්කු ගැන, ගෑනු සහ හොර කොටු පැනීම් ගැන, සල්ලාලයින් ,බොරුකාරයින් ගැන මේ පොල භූමියේ තැන් තැන්වල කනින් කොනින් කතා වෙයි. ගමේ පොලට ගොස් අනුන්ගේ කාරණා ටිකක් දාගෙන යාලුවෙක් අදුන ගෙන නෑයින් හෙම දැකබලාගෙන හයියෙන් කතාකරමින් සිට කොළඹ ආ පසු ෆුඩ්සිටි වලට ගියෙමි. ඒවාහිදී  මල ගෙවල් වල ගිය අය මෙන් සෝබර මූනුවලින් තමුංට අවැසි බඩු පමණක් සාවධානව තෝරාගන්නා අයුරු මා දුටුවෙමි. මට එය දිස්වූවිට මතක් වූයේ ගමේ මලගෙවල් වල අපි ආහාර ගන්නා ආකාරයයි. මලගෙවල්වලදී කොතරම් බෙදාගත්තත් තුං හතර වතාව කරවල සහ හොදි ආදිය දමාගන්නවා වුවද මල ගෙවල් වල එතරම් කෑ කොස්සන් ගැසීමක් වත් පෙරලි කිරීමක් වත් නැත..සාවධානව කෑම ගැනීම පවා කල යුතුය. සත්‍ය වශයෙන්ම ඈත ගමක පොලේ වැසියෙක් ෆුඩ් සිටියකට දැමුවොත් ඔහුට මල ගෙයක් වැනි යමක් දිස්වෙනවා ඇත. 

අපේ ගම දැන් දියුනු වෙලාය. ගමේ මග නැගලාය. ගමේ කොල්ලෝ කිහිප දෙනෙක් කොරියාවේය. තවත් පිරිසක් කොරියා යෑමට බලා සිටිති. තව අය අලුත් කර්මාන්ත වලට යති. පැරණි ගොවිතැන් නවීකරණය වෙලාය. නමුත් අපේ ගම දැන් පරම්පරාවද පෙර පරිදිම පොලේ යයි. බඩු තෝරයි හෙට්ටු කරයි. ෆූඩ් සිටි තිබුනත් ඒවායින් කොරගන්නා එකම වැඩේ අරක්කු හොඳ ඒවා තොරාගැන්ම පමණි. ධීවර ජනතාව, ගොවිජනතාව, මෙන්ම නව ගාමන්ට් හා ෆැක්ටරි ජනතාවද එකම පොළ බිමක් තුල එකිනෙකා හැපෙමින් බඩු මිලදී ගනිති. සමාජමය අතින් ගතහොත් මෙය හොඳ ප්‍රවනතාවයකි. සොහොන් පිටි මෙන් හුදකලා සුපර්මාකට් වලට වඩා කල කොලහල සහිත පොළ භූමිය මටනම් තවමත් අගනේය. එහි තරඟකාරී සෘජු වෙළඳපොලක් ඇති බැවින් බොහෝ බඩු ෆූඩ් සිටි ලිස්ට් වලට වඩා සැලකිය යුතු තරමින් සති පොලේ අඩුය. එලවලු පලතුරු ආදිය කූල් පෙට්ටි වල නොදා ඇති අතර තෝරා හොඳ ඒවා හොඳ තැනකින් ගත හැකිය. 

නුගේගොඩ පොල අපේ පොළට වඩා වෙනස් ඇතිය. අපේ පොළට වඩා කිරිඉබ්බන් ආර, පන්නගමු පොළවල් වෙනස් ඇතිය. නමුත් සති පොළ යනු අප සමාජයේ එක්තරා වැදගත් තැනකි.

Thursday, March 21, 2013

උලුදු වඩේ කා රට ගලවාගනිමු(Lets go to nation through Wade)

මා මිතුරෙක් අද දින චැට් එකට පැමිණ එතුමාට ජාතිය ගැන සිතීමට නොහැකි වීම ගැන කණගාටු වූනේය..ඔහු ගියපාර මානව හිමිකම් කවුන්සිලේ වෙලාවේ ඉනිදියන් බයික් කෙකක් ගත්තේය.නමුත් දැන් එය පැදීමට ඔහු වැඩිය මනාප නැත..මන්ද මේ වර මානව හිමකම් කවුන්සිලේදී ඉංදියාව අපිට චන්දෙ දී නැත..

අපේ කැන්ටිම..

අපේ කැන්ටිමේ දැන් පරිප්පු වඩේ විකිනෙන්‍ේන නැත...කැන්ටින් බාර කැසියර් තැන ටෝක් කල මට තොරතුරු හොයාගත හැකි විය..දැන් කැන්ටිමේ පරිප්පුත් පරිප්පු වලින් තනන වඩේත් විකුනන්න බැරිලු..කාලයක් හලාල් බඩු ගත්තේ නැතුව සිටි ලාංකික දේසප්‍රේමි ජනයා දැන් දැන් ඉන්දීය බඩු වර්ජනය කරන්නට පටන් ගෙන ඇති නිසා සියලු දෙනා හිල් ඇති හිල් වඩේ නොහොත් උලුදු වඩේ වලට යොමු වී පරිප්පු වඩේ වර්ජනය කරලාලු.. ඒ ව‍ෙගේම ොදි පරිප්පු බෙදාගත් අය පවා පරිප්පු ඉතිරි කර මිරිස් කෑලි කරපිංචා කෑලි පමණක් ආහාරයට ගන්නා බවත් උදේ උයන ලද පරිප්පු නැලියෙන් ඉතිරි වූ විශාල තොගයක් කානුව හරහා ගිය බවත් බොහෝ සෝකයෙන් කැන්ටින් පාලක තුමා මට දැන්නුවේය.. 

වීඩියෝ සේන්ටර් එක..

කොරියන් ට්‍රෙන්ඩ් එක ආවත් දැන් දින කීපයක සිට ඉන්දියාවේදි සංඝයා වහන්සේට පහරදුන් අවස්ථාවේ සිට හින්දි ෆිල්ම් යෑම අඩු වී ඇති බවත් රැගෙන ගිය අයත් වහ වහා හින්දි ෆිලුම් නැවත ගෙනත් දෙන බවත් වීඪියෝ සෙන්ටර් බාර මල්ලී කීවේය. එසේම සමහරු රැගෙන ගිය හින්දි ෆිලුම් වලට අමතරව ගෙදර තිබූ වෙනත් හින්දි ෆිල්ම්ද වීඩියෝ සෙන්ටර වල ගෙනැවිත් දෙන්නට ද පටන් ගෙන ඇත්තේ ගෙවල්වල අයගෙන් ගැලවීමට බැරි නිසාලු.. ඔහු පවසන ආකාරයට දැන් නම් හින්දි ෆිල්ම් එකක් විකුනගන්න එක ‍කණ කැස්බා විය සිදුරෙන් එලිය බලනවාටත් වඩා අමාරු කාරියක්ලු..

වීඩියො සෙන්ටර් එ‍කෙ ඇතුලෙ ඉන්න චූටි මල්ලි..

මේ චූටි මල්ලි චූටි චූටි ක්ලිප් කෑලි අයියලාගේ පෝං වලට දාල සල්ලි ගන්නවා..එක ක්ලිප් එකකට රුපියල් පහක් විතර සුලු ප්‍රමාණයකට මල්ලි ක්ලිප් කෑලි දාල දෙනවා..දැන්මල්ලිටත් මාර වැඩේ වෙලා තියෙන්නෙ..මල්ලි ඉතිං වැඩියෙනුත් එක්ක ක්ලිප් කෑලි දාල දුන්නාට මොකද දැන් ගොඩක් අය ආයෙත් එනවාලු..මල්ලි මේ..අර හින්දි ඒව ටික මකලා දාපං බං..මට දැන් හින්දි ගෑනුත් පේන්න බැහැ..උන්ගෙ අහවල් ඒවත් පේනන් බැහැ බං...කියලා මල්ලිට වදේලු..දැන් මල්ලි හින්දි ඒවා දාන්නෙම නැහැලු..නෝටි අමරිකා සුට්ටි කෑලි තමයි දැන් දාල දෙන්නෙ...ඉන්ඩිය්න බලපු අය ඉන්ඩුනීසියන්..පාකිස්තාන්..චීන රුසියන් ඒවාට ගිහිල්ලා කියලා තමයි මල්ලි කියන්නෙ..බලන්න හකන්ත දැන් ලංකාවෙ උන් ඕවා නොබලන කොට ඉංදියාවෙ අහවල් කරුමාන්තෙ බලා ඉද්දි කඩා වැටෙන් නැත්ද කියලා..

ෝච්චියෙන යන අය්යලා..

මානව හිමිකම් කවුන්සිලේ චන්දය ොදුන් බව ආරංචි වූ වහාම ඉන්දියන් ෝච්චි වලට පැමිනිේ පුදුම දශාවකි..වෙනදා අතුරු සිදුරු නැතිව යන ඉන්දියන් ෝච්චි දැන් සීට් ගාන්ටවත් සෙනග නැත..ජාතිමාමක ජනයා චීන ෝච්චි වල යෑම නිසා ඉන්දියන් ෝච්චි වර්ජනය වෙන බවක් තමයි ෝචිචයෙ යන අයියලා කිව්වෙ..ජාතිය ගැන ොහිතන සුලු පිරිසක් ඉන්දියනෝච්චි වල ගියත් ඒ අයටත් ගහන්න කුනු බත්තර කන්ේනරයක් ලබන සතිේ ඉන්දියාවෙන් ඒමට නියමිත බව දුම්රිය මගී ේශ්‍රේමී ජනතාව අදහස් දක්වලා තියෙන බවක් තමයි දැනට ආරංච් වෙලා තියෙන්නෙ..ොම වුනත් රතුපාට ඉන්දියන් ෝච්චි වල නිල්පාට ගාලා චීන සද්දෙන් ධාවනය කරන්න ගත්තු උත්සාහයත් අසාර්ථක වෙලා කියලයි දෙපාර්ථේන්තුව පැත්තෙන් ආරංචි වෙන්නෙ.. දැන් චීන ෝච්චියක මැරුනත් සැපයි කියලා යන ජනය නිසා..චීන ෝච්චි අතුරු සිදුරු නැතිව පිරිොස් ඇතැයිද සඳහන්..

Saturday, March 16, 2013

ක්ලබ්ලාලංකාරය.

විදුලි මිනි පහන්
බොළඳ වූ සිනා රැලි
නිලංකාර අඹරේ
ගිලිහී සැඳෑ සාදය...

කපුගේ මැරුනට ක්ලබ් එක තාම හෙමයි
එදාට වැඩිය දැන් ආතල්ද අදට වැඩිය එදා ආතල්ද
අනේ මන්දා..

බාගෙට් පේන බුරිය උලුප්පාගත් තන් සහ ඔසවාගත් පුකවල්
නටවයි තාලෙට ගෝසා නාදය අනුව
උඹත් බීපං මාත් බොන්නං උඹත් නටාපං මාත් නටන්නම්
එක සොට් එකක් දෙතුන් දාහක් මිලට අලෙවි වෙන නීත්‍යානුකූල සමාජය
කැරෝකේ ක්ලබ් එක..

එක පැයට දෙකට එක අල්ලට අහුවෙන පුක මිරිකන්ට චාන්ස් ගන්න
දාහෙ පටි විසික්ක වෙන අපූරුව
කේතුමතී රජදහනද මොකද්ද මේ තරං ලස්සනද මන්දා..
හැබැයි මේක ඇතුල සිගරට් ගඳයි..කෙල්ලො සෙන්ට් නාල හිටියත්
බීල වැඩි උන් ගාව දාඩිය ගඳයි..

ඇඹිලිපිටිය මනම්පිටිය දිවුලපිටිය කෙල්ලෝ
කොල්ලුපිටිය ලොල්ලොපිටිය පැත්තෙ ලොල්ලෝ
බලවතුන් ධනවතුන් මේසන් බාස් පිංවතුන්
සහ නිදහසේ ඉන්න අහිංසක පොලිස්කාරයින්..
ඔක්කෝම හැපි හැපී හැපි එකේ නටත්..විලාසිනියන් සමඟ..

ප්‍රීති ප්‍රීති...සතුට සතුට...කුනු බාල්දිවල වොස් රූම් පැත්තේ
බාගෙට ගත් සතුට ආහ් නදින් උතුරා යය් පිටි පස්සේ
පියකරු නාදය පිනන දෙසවන දිලිසෙන ලයිට් එක එක පාට
නටනවා නොවේ වැහැරුනු දෙපා වෙවුලන ඒත්
ඇන්ටිලා අංකල්ලාද තරුණකම ගතට සිතට ගෙන..

අසීමිත වියදම නැත්නම් හොදයි මටත් ඒ කලබ් ජීවිතය..
ජීවිතේ ඇති මරගන රැඟුම් දැක කලකිරෙන්නට..
මුදල් දුටු සැනින් එදෙස ඇදෙන කෙල්ලෝ..
සුරා මතින් දොඩවන මිනිසුන්..
වැනෙන පෙරලෙන එය පිරිසකට තවත් සුරලොවක්මැය..

කානුවල වමනෙ දමමින් ලක්ෂණ ඇඳුම් පොඩිවී ගිය කුඩා ගැහැනු..
මහත්තයෙක් දාගෙන කාර් එකේ රියදුරෙක්..අමාරුවෙන්..
තව ලොකු එකෙක් කොක්කක් වගේ කට්ටියක් සමග..
ක්ලබ් ඉදිරිපිට පාන්දර හරි සෝක්...බොහොම නිසංසල උදෑසන
බොහෝ ක්ලබ් වැසියෝ නිදති ගොරවමින්..හැකි ලෙසට..

Thursday, March 14, 2013

බෝරිං කතාවක් this is not a tasty one

එකම දෙය ගැන නැවත නැවතත් කියවීම වනාහී බෝරින් වන වැඩකි. නමුත් සාමාන්‍ය මනුෂ්‍යෙයකු ලෙස මා ගැටෙන ජීවිත හා පරිසර තත්වයන් වෙනස් වන්නේ මඳ වශයෙනි. එබැවින් එකම ජාතියේ කතා එකම ජාතියේ සිද්දි ආදිය නිරන්තරයෙන් විස්තර කිරීමටත් ඒවා විශ්ලේෂනය කිරීමටත් අපිට සිදුවේ..

මා වැඩකරන කන්තෝරුව මානව සම්පත් කළමනාකරණය මූල්‍ය කළමනාකාරනය යහපත් පාලනය අතින් කප් ගසා ඇති නමගිය එකකි. ලංකාවේ හොඳම ව්‍යාපාර තෝරන කල්හිද සාර්ථක ආයතන තෝරන කල්හිද අතිවිශාල ඉලක්කම් ගණනක ලාභයක් සතුව අපේ කන්තෝරුව අයිති මව් ආයතනය සම්මාන වලින් මුල්තැන්වලට එයි.. 

බිත්ති උස තරමක් අඳුරු ස්වභාවයක් දරණ ගොඩනැගිල්ලක මැද කොරිඩෝරයකි. ඒ කොරිඩෝරයේ කොණක සපත්තු ශබ්ධයක් එත්නම් හෝ වෙනත් ශබ්ධයක් එත්නම් ඒ කොරිඩෝරයේ ඉවත ලූ මේසයක් යට සිටින අයෙක් කළබල වෙයි. ඒ මේසයක් යට සිටින්නේ මනුෂ්‍යෙයකි..  ඒ මනුෂ්‍යයා හැට පැනපු කෙනෙකි. මා අයත් කන්තෝරුව ඇති මාලය පිරිසිදු කිරීම බාර ඒ මැහැල්ලටය. ඒ මැහැල්ල අනෙක් අයට නොපෙනී විවේක කාලය ගතකරන්නට තැනක් සොයාගෙන ඇත. ඒ අර මා පෙර කී ඉවත්කල මේසයේ යටයි. 

ඈතින් අඩි ශබ්ධයක් එනවිට ඇය කලබල වෙයි. එවිට ඇය සිනාසෙන්නට හෝ නිදි ආකාරයක් පෙන්වන්නට වෙරදරයි. කුමක් හෝ හේතුවක් නිසා මා අයත් මහල එතරම්ම කාරයබහුල ලෙස මිනිසුන් එහා මෙහා යන එකක් නොවේ. උදේ ඇවිත් ඉඳගත් පසු ඉඳහිට යමෙක් ඇවිදින්නේත් වැසිකිලි කැසිකිලි අවශ්‍යතා නිසාය.. 

ඒ මනුෂ්‍යයා හැංගෙන්නේ ඇයි..

ඒ මනුෂ්‍ය ගැහැනියගේ රාජකාරිය කාර්යාල පිරිසිදු කිරීමයි. එසේ මේසය යට එලන ලද කොලයක් මත ඇය ඉන්නට එක් හේතුවක් නම් ඇයට වැඩ නැති වෙලාවට ඉන්නට තැනක් අපේ ආයතනය සපයා නැතිකමයි. මහා සුවිසල් ආයතනයක් වුවද මෙහි පිරිසිදු කරන්නියන් සිටිය යුතුව ඇත්තේ තැන් තැන්වලය. එක්කෝ ඔවුන් බිත්ති කන්ඩියක් උඩ පෙලට වාඩි වී සිටියි..නැතිනම් මා පෙර කී තැනැත්තිය මෙන් සැඟවී සිටියි..

මා කලින් සඳහන් කල මැහැලිය මේසය යට සැඟව සිටීමට තවත් හේතුවක් ඇත. එනම් ඇය නිතර දෙවේලේ පිරිසිදු කරීමේ වැඩ පරීක්ෂා කරන සුපවයිසරයින් පෙනෙන මානවල සිටියේ වී නම් වෙනත් ස්ථානවල පිරිසිදු කිරීමේ කටයුතු වලට ඇයට එක්කාසු වන්නට සිදුවෙයි. මෙම පිරිසිදු කිරීමේ සමාගම එක් සේවකයකුට ගෙවනු ලබන්නේ දවසක සේවය සඳහා රුපියල් පන්සීයකි. රුපියල් පන්සීයක් වැනි අඩු වැටුපකට සේවක සේවිකාවන් සොයාගැනීම අපාසුය.ඒ නිසාම මේ පිරිසිදු කරන සමාගමෙහි සේවය කරන බොහෝ දෙනා මන්ද මානසික අයවලුන්.මහලු අයවලුන් හෝ වෙනත් දුබලතා ඇති අයවලුන්ම වෙති. ඉතින් මේ අයද පැමිණ වැටුප් මද බව වැඩ අධික බව නිසා ඉක්මනින්ම සේවය නතර කර වෙනත් වැඩ බලායති. එවිට ඉතිරිව සිටින පිරිසිදු කරන සේවකයින් ඒ අඩු තැන්වලට යොමු කරයි. එවිට ඒ සිටින පිරිසිදු කරන සේවකයින්ට වැඩ වැඩි වී ඔවුන්ද කලකිරීමට සහ දැඩි වෙහෙසට පත් වෙයි.. 

මනුපොතේ සහ වෙනත් තැන්වල බොදු සහ වෙනත් ආගම් වල බණ සහ සිල් ටෝක් දකින විට මාර ඌරු ජුවල් නගී.. එක අතකින් මේ ධර්මය යනුද මනුෂ්‍යයාගේ දෑස වසන රෙදි කඩක් වැන්න. අයුතු ක්‍රමවලින් මුදල් උපයන අනුන්ගේ මුදල් අයථා ලෙස යොදාගන්නා සහ වංචාකාරී ලෙස සමාජයේ හැසිරෙන බොහෝ දෙනා දැන් දැන් සිය ඇතුල වසාගැන්මට ධර්මය නැමැති තීන්ත ආලේප කරගනී. නැත්නම් ජාතිය නැමැති මොට ආයුධය ගෙන රට නැමැති ගෙරි හමකට තලයි.. තලන විට අභිමානේ අභිමානේ යැයි සද්දයක්ද පිට වේ..
පුක හෝදන්න නැති සුද්දාගේ රටවල් මට නම් අපේ සෝබන රටට වඩා ආකල්පීය සහ මනුෂ්‍ය සාධාරනත්වය අතින් හොඳය..සුද්දාගේ රට ඇත්තෝ අපේ ලංකාවේ ගෑනු මහන රෙදි කඩක් අඳින්නට පෙර ඒවා මසා ඇත්තේ අපේ ගෑනුන්ට වද දීලාද නැද්ද යන වග සොයා බලයි. ලංකාවේ ඇඟලුම් කම්හල් වල ආයතනික පටිපාටි බොහෝ දුරට සාධාරන වෙයි.  ඒ සේවක දීමනා සේවක සෞඛ්‍ය ගැනද හොඳින් සොයා බලයි. එසේ නැතුව අපේ රටේ ගාමනට්  වල ගෑනු ලමුන්ට වද දෙනවා යැයිද දීමනා නොගෙවනවා යැයිද ඒ රටවල ඇත්තෝ දැනගත්තොත් ඒ රෙදි ඒ රටවල අය පිලිකුල් කරති..ඒවා අඳින්නේ නැත.. ඒ නිසා සේවක සුබසාධනය සමගින්ම නිෂ්පාදනය කරගෙන යෑමට ආයෝජකයෝ උත්සාහ ගනිති.. 

ලෝකෙට බණ කියන අපේ රටේ තත්වය හුටු හුටුය.. සිකුරිටි කාරයින්, පහල මට්ටමේ සේවකයින් කම්කරුවන් ගොයියන් වැනි අයවලුන් සිටිනවාද කියලාවත් අපේ බොහෝ මධ්‍යම පාන්තිකයින්ට මතක නැතිවෙති. ගොයියන්ට වෙන නොයෙක් දුක්ගැහැට නිසා ගොයි පරපුරවල් වල කොල්ලන් ගොවිකම අතැර ඉතාලි, කොරියා, මැදපෙරදිග ගොස් ඒ නිසා එලවලු මිල පලතුරු මිල ඉහල යනවිට ආන්න එවිට ආතල් එක සියලු සිංහල බොදු කිස්තියානි, මුස්ලිම් සියල්ලන්ටම හොඳින්ම දැනේ.. 

අර පෙර කී සේවිකාව දෙස අපි නැවත හැරෙමු..ඇය එසේ මේසය යට සතියක් දෙකක් සිටියාය. ඉන් පසු මාද මගේ කන්තෝරුවේ මා සමග වැඩකරන අයද එකතුව ඇයට පුටුවක් සහ මේසයක් දුනිමි. මේ කොරිඩෝරය හරහා අපිට වඩා වැදගත් ගරුකටයුතු මහත්වරුද ගමන් ගත්තෝය. ඔවුන් මේ මේසය යට පත්තර කොලයක් මතට වී ගිමන් හරින මැහැලිය නුදුටුවා නොවිය හැක. නමුත් ඔවුන් පංසල් ගොස් මල් පූජා කරලා හෝ අහවල් සාදුගේ සාන්ත බණ අසා පිං ගන්නට සිටිනවා විය යුතුයැ.. නැත්නම් දවසට දෙතුං වතාවක් හෝ සතියට වරක් යාතිකාවක් කර දෙවියන් සේප් කරගන්ට ඉන්නවා ඇත.. 

මේ පිරිසිදු කරන්නියට පුටුවක් දීම පවා සරල දෙයක් නොවේ..එයද අප ආයතන පද්ධතිය තුල වැරදිකාර සේවකයකු ලෙස හඳුනාගන්නට ඇවැසි සාධකයකි. අපේ ආයතනයේ කොරිඩෝර වල ගෘහ භෘන්ඩ තැබීම තහනම්ය. එවිට ඒ වරද අපි පිට පැටවෙයි. එසේම අපි පිරිසිදු කරන්නියට දුන්නේ තරමක් ඉහල මට්ටමේ මහත්වරු වාඩිවෙන එහෙත් භාවිතයෙන් ඉවත්කල එකකි. මේ ආයතනයේ එක් එක් ශ්‍රේණියට අදාල පුකවල් වෙනස්ය. එනම් මැනේජර ලෙවල් එකේ පුකවල් වලට ආතල් වැඩියෙන් ඕනිය. ඒනිසා අයත් ශ්‍රේණිය අනුව පුටුවේ සැප, පුටුවේ විසාලත්වය එහි හැඩය ආදිය වෙනස් වෙයි. මාගේ අදහස තිබුනේ මැනේජර ලෙවල් එකේ විසාල පුටුවක් අර පිරිසිදු කරන්නියට ලබා දීමටය. නමුත් මට වඩා දැනුම් තේරුම් ඇති කාර්යාල සගයන් කීවේ අපි මෙතනිනුත් ආතල් ගන්නට හදන්නේ නැතුව පිරිසුදු කරන්නියගේ යහපත තැකිය යුතු බවකි. එනිසා ඇයට සාමාන්‍ය නිලධාරි පුටුවක් ලබා දෙන ලදී.. 

මේ ආයතනය තුල එක්තරා බා කෝඩ් ජාතියක් හැම බඩුවේම අලවන තියරියක් තිබේ. එම බාර් කෝඩ් එක ඇලව්ව පසු ඒ පුටු මේස පරිඝනක ආදිය ඒ අදාල අංශයටම අයිති වෙයි. වෙනත් තැන්වල ගෙනයැම තහනම්ය..එසේ තව තැනකට ගෙන යා යුතුනම් ඒ සඳහා දිග වැඩපිලිවෙලක්ද ඇත..අපි අර පිරිසිදු කරන්නියට දුන් පුටුවේ එවන් බාර් කෝඩ් එකක් නොතිබුනි. ඒ ඇගේ වාසනාවට හෝ අපේ වාසනාවටය. කෙසේ වතුදු ඒ පුටුව සහ මේසය අපි ලබාදී ඇයට කීවේ කිසිවෙක් කිසියම්ම හෝ කාරණාවක් නිසා පුටුව හෝ මේසය ඇයට අහිමි කරන්නට යන්නේ නම් වහාම අපිට දැනුම් දෙන ලෙසයි. මෙතෙක් ඒ වැන්නක ්සිදු නොවීය. නමුත් එක්දිනක උදේ වෙන විට මේ කොරිඩෝරයේ ඇති පුටුව සහ මේසය අතුරුදන්ව තිබුනොත් ඒ ගැන අපි පුදුම වන්නේද නැත. 

මා මේ පිරිසිදු කරන්නියට එතරම් මනාප නැත. ඇයද එක්තරා මාකටිං තල්ලියකි. ඇයට කලක් බෙල්ල අමාරුවක් තිබුනි. එයට කොළරයක් දමන්නැයි ඉස්පිරිතාලෙන් කියා තිබුනි. මැය උදෑසන පැමිණ නියමිත කාර්යාල පිරිසිදු කර අර කොළරය මේසය උඩ තබා මේස යටට වී නිදි කිරන අවස්ථා මා දැක තිබුනි. ඇයට සුපවයිසරයෙක් පැමිණ වැඩක් කියනවිට ඇය කරන්නේ මේසය යටින ්පැමිණ මේසය උඩ තබා ඇති අර කොළරය පෙන්වීමයි. එවිට මේ නාකි මනුෂ්‍යයා බෙල්ලේ අමාරුවකින් පෙලෙන බව දැනගන්නා සුපවයිසර තැන කනස්සල්ලෙන් වෙනත් පිරිසිදු කරන්නියක් සොයා යා යුතුයැ. 
 
මෙවන් අය සිටීමෙන් පිං කැමැත්තන්ට වාසි වෙන අවස්ථාද නැතුව නොවේ. පසුගිය කලෙක අපේ ආයතනයේ තිබූ බත් දන්සලකි. බත් දන්සැලක් කීවා ඒක අර වෙසක් දන්සැල් ජාතිය නොවේය. කවුරු හෝ සැට් එකක් කුමක් හෝ කාරණයක් අරබයා විසල් පිරිසක් රැස්කර මීටිමක් තියති. ඒ මීටිම පටං ගත් තැන පටන් ටයි කාරයෙක් කොඤ්ඤං ඉංගිරිසියෙන් මල මිනියක් හිටගත්තාක් වැනි බොහෝ ක්‍රියාශීලිත්වයෙන් පවර් පොයින්ට් වැනි විසාල මෘදුකාංග භාවිත කර තැනූ ප්‍රසන්ටේෂමක් ආධාරයෙන් යමක් කියයි. බලං ඉන්න එවුං පලවෙනි විනාඩි දහයේම නිදති. ඉන් පසු  ඔන්න වැඩේ ඉවරවන විට ඉදිරිපෙල උන් අප්පුඩි තලන විට පසුපස උන්ද නින්දෙන් නැගිට පැන අත්පුඩි තලති..ඒ අප්පුඩි අවසරයෙන් දැන් කෑම වෙලාව බව ප්‍රත්‍යක්ෂ කරගන්නා සේවකයෝ වහ වහා දිවා බත් දන්සල වෙත යති.. 

බොහෝවිට රුපියල් දෙසීයකට වැඩි වටිනකමක් ඇති බැදපු බතක් වන එය රැගෙන වහා වහා අර පිරිස බුදිති. එවන් බත් දන්සලක බත් පාර්සල ඉතිරිවිය. විසාල ලොක්කන්ට විසාල වසයෙන් සැලකීමේ වැඩපිලිවෙල යටතේ ලොක්කන් ලග වැඩකරන සුකිරි බටිල්ලන්ටත් කෑම එවන ලෙස ඉහල අණ ලැබුනි. මා ඇතුලු පිරිසක් කෑම රැගෙන ආ මුත් උන් ගොඩ දෙනෙක් කන්න කැමති වූයේ නැත. ඉතිං අපි ඒ කෑම අර මහලු මන්ද මානසික ඩයල් තොගයක් වන පිරිසිදු කරන්නියන්ට දුන්නෝය. සමහර ගෑනු ඒ කෑම එකෙන් කොටහක් කා ඉතිරිය ගෙදර සිටින මුනුබුරාට යැයි තබාගත්තේය. 

මේ වැඩි කෑම පිරිසිදු කරන්නියන්ට දීමේ අදහස මගේ මිතුරකුගේය..එක්තරා මහලක පිරිසිදු කරන සේවිකාවක් අප ආයතනයේ කුනු බාල්දියක් අවුස්සාගෙන යමක් කන්නට සොයනවා මගේ මිතුරා දැක තිබුනි. ඔහු කුමක් හෝ කරුණකට අහු මුල්ලකට රිංගන විට එය දැක ඇත. මටද එය අසා බොහෝ සංවේග පහල වුනි. මට නං දැන් ප්‍රයිඩ් රයිස් එතරම් පිරියක්ද නැත. නමුත් දවසට රුපියල් පන්සියක් ගන්නා මනුෂ්‍යෙයා් කවදා නම් රුපියල් දෙසීයක් දී රයිස් කන්නට වාසනාවන්ත වෙයිද? එමනිසාම එම මනුෂ්‍යයින්ට බොහෝ රස සේ පෙනෙන මුත් මිල අධික පීසා, බරගර, රයිස් , කොත්්තු ආදිය දිව්‍ය බෝජන සේ දැනෙනවා විය හැක.. 

මා ඉහත කී පුටුව ලබාදෙන්ට මූලික වූ නිසා අර මහලු අම්මා මා සමග වැඩිපුර සිනා සෙයි.. නමුත් මා මුඩුම පාට් එක දාගෙන දිගටම යයි. එය මගේ හැටිය. නමුත් ඇය මා හොද අයෙකු යැයි මාක් කරගෙන ඇතුවා විය යුතුය. පත්තර කොල කිහිපයක් එලාගෙන ඇය මේසය ලස්සන කරගෙන ඇත.ඇය දැන් වතුර බෝතලයක්, නැප්කින් එකක්, ඇගේ ගමන් බෑගය ආදිය ලස්සනට ඒ මේසය මත තබාගෙන ඇත. ඇගේ මිතුරියන්ටද ඇය ඒ පුටුව සහ මේසය පෙන්වන්නේ ගෞරවයෙනි. දිනක් ඒ මහලු අම්මා තවත් යහලු මහලු ගැහැනියක එක්කරං ඇවිත් ඇය සමග වාඩි වී උන්නාය. කෙසේ වෙතත් ඇගේ යහලු අනෙක් පිරිසිදු කරන්නියන් දවල් බත බුදින්නේද එක්කෝ වොෂ් රූම් එකක(වැසිකිලියට පෙර ඇති හැඩ වැඩ දමන කාමරය)  සිටය. නැතිනම් කුමක් හෝ මුල්ලක ඉඳලාය.බොහෝ විට ඔවුන් කැන්ටිමට යන්නේ නැත්තේ කැන්ටිමේ අය මේ පිරිසිදු කරන්නියන්ගෙ අපිරිසිදු ස්වභාවයට ආසා නැති නිසා වෙන්නට ඇත. ඒ නිසා බිම තබාගෙන නැත්නම් යන්තම් පඩියක් උඩ තියාගෙන සැඟවි බත් එක කෑම අර පිරිසිදු කරන්නියන්ට අවුලක් නොවේ. 

 නමුත් අපේ පිරිසිදු කරන්නිය මහත් උද්දාමයෙන් අර අපි දුන් මේසය මත බත් එක තබාගෙන සන්තෝෂයෙන් ආහාර ගනී..ඇයට සමහර අවස්ථාවල වෙනත් පිංකැමති අය ලබාදෙන නෙස්කැෆේ තේවතුර, මාලුපාන් බනිස් ආදිය වෙත්නම් ඒවාද පැමිණ වාඩි වී උජාරුවෙන් කයි. මාත් මගේ මිතුරනුත් ඒ දැක සතුටුවෙයි.   ඒ පුටුව දුන්නාට පසු මා ඉන්නා තැන ඇය බොහෝ උනන්දුවෙන් පිරිසිදු කරයි. මාත් මගේ සහෝදර සේවකයුනුත් ආයතනයේ පුටුවක් වුවත් එය බිම වාඩි වී ලතවෙන අයකුට දීමෙන් කලේ පිනකි. ඒ නිසා මටද සමහර විට ලබන ආත්මේ විසාල පස්සක් හෝ විසාල පුටු ගානක් ලැබෙන්නට හැකිය. නමුත් මේ ලිපිය නිසා උරණ වූ මගේ ආයතන ප්‍රධානින් මා මේ වාඩි වී සිටින පුටුව පවා නැතිකකලොත් එයට අර පිරිසිදු කරන්නියත් මා දන්නා කියන ඉතාම සුවල්ප පිරිසත් හැර වෙනත් කිසිවෙකු සත්‍ය ලෙසම විස්සෝප වෙන එකක් නැත.(බාගෙදා ආනේ පවූ ඌෟ කියා හූල්ලන්නට නම් සෙනග ගොඩක් සිටිය හැක..) . එය මා හොදින්ම දනිමි.

Tuesday, March 12, 2013

රා..ජපක්ස වැසිකිලිය (king is back toilet)


වේදිකාව ආලෝකමත් වන විට තරුණයෙක් පෙනේ. ඔහු කොමඩයක මලපහ කරමින් සිටී..

තරුණයා :- ඉර නිවපං..මොහොතක් ගතවෙයි. අවුලක් නැහැ හඳ දාපං. මේක නොකරන කවුරුත් නැහැනේ. ඉන්නවද? ඕගොල්ල ඇවිල්ල ඉන්නෙ නාට්ටියක් බලන්ඩ. මම ඇවිල්ලා ඉන්නෙ රඟපාන්ඩ. ප්‍රශ්නෙ තියෙන්නෙ කවුද ඩිරෙක්ටර් වෙන්නෙ? අයියෙ ඔයා කැමතිද? කවුරුත් කැමති කට ඇරගෙන බලාගෙන ඉන්ඩ.. අවුලක් නැහැ. ඩිරෙක්ටර් නැති නාට්ටියක නළුවෙක්. ඒකත් පට්ට නේ. නිකං හම්බ වෙනවනං දෙමල පත්තරෙත් බලන්න කැමති නේ. මම ගමේ කොල්ලෙක් හැදුනෙ කොළඹ.
කොතනින්ද පටන් ගන්නෙ. හරි මේ තමයි මගේ බොස් මන්ත්‍රිතුමා මුලින්ම හදපු ටොයිලට් එක. මේක හදන්න මම ඉපදුන ගේ කඩල තියෙනවා. අපේ තාත්ත තමයි මෙතන වල හාරලා තියෙන්නෙ. ඒකට තාත්තට බොරැල්ලෙ කනත්තෙ රස්සාව හම්බ වුනා. ලොකු උත්සවයක් තියලා ජෝතිපාලව ගෙනල්ලා සින්දු කියලා තමයි මේක ඕපන් කරලා තියෙන්නෙ.
ජෝතිපාල කියන්නෙ හරිම ලස්සන මිනිහෙක් හරියට දෙවි කෙනෙක් වගේ. රෝස පාටයි. මට හීනෙන් වගේ මතකයි. මල් පිබිදුන එක වසන්ත සමයක ඔබ හමුවේවි කියා..

මම පොඩිකාලේ හිතාගෙන හිටියේ අපි සෙල්ලං කරන්ඩ ගන්න සෙල්ලම් කාර් අපිත් එක්කම ලොකු වෙනවා කියලා. ඒත් ජෝතිපාල මහත්තයා ගිය කාර් එක දැකලා ඒක බොරුවක් කියලා හිතුනා.

මේ ටොයිලට් එක හදලා මාස තුනන් මේකෙ වල ඉතුරුවා. වෙන විකල්පයක් තිබ්බෙ නැහැ. අපෙ වත්තෙ අය මේක අපේ තාත්තලා නාපු ඇලට හැරෙව්වා. මේ ඇල අපේ ආච්චිලගේ ගෙවල් ලඟින් පටන් ගන්නෙ. පොඩිකාලේ ආච්චි කියලා තියෙන්නෙ ස්වර්ග රාජ්‍යෙය් දොරටුව බලා යන ඇල කියලා.

කවුද? ආ කපුරුද? කපුරු බණ්ඩාර හොඳ මිනිහා. කපුරු කියලා තමයි කියන්නෙ. කපුරු එහෙනං පත්තු කරලා තියෙලා පලයං.
මෙතනින් ඉස්සිලා බැලුවම දිව්‍ය ලෝකෙ පේනවා. අපේ අම්මා අපිට බත් කැව්වේ ඒ දිව්‍ය ලෝකෙ පෙන්න පෙන්න. සමහර දවස්වලට දිව්‍ය ලෝකෙ ඕෆ් වෙලා.
අපි ලොකුවුනාම දැනගත්තේ ඒ ඛෙත්තාරාම ග්‍රවුන්ඩ් එකේ ලයිට්. අපේ ගෙවල් ළඟින් හැම තිස්සෙම ජයසූරිය මහේල සංගක්කාරලා යනවා.
සංගක්කාර අපේ අයියගේ වයසෙ. සංගා නළුවෙක් වගේ අම්මා මැච් තියෙන දවසට අපිව එක්කගෙන ගිහිල්ලා සිංහ කොඩි විකුනනවා. අපේ ලොකු අයියා ග්‍රවුන්ඩ් එකේ වැඩකරේ. දවසක් අයියා වැඩ කර කර ඉන්න කොට අයියට කලන්තෙ දාල වැටිලා. බලනකොට ඉයන් හීලි ගහපු බෝල් පාරක් වැදිලා. මිනිහා අයියට එයාගේ ග්ලවුස් එක තෑගි දීල තියෙනවා. අපිට ඒක හොඳ ගානකට විකුනගන්න තිබුනා. ඒත් ගිය පාර ගංවතුරට ඒක ඇලට ගහගෙන ගියා. 

කවුද පුච්චි. ඒත් ආං පුච්චි 83 කලබල වලටවත් වත්තෙන් ගියෙ නැති එකම ගෑනි.83 දිව්‍ය ලෝකෙ උඩින් වැඩියෙන්ම හෙලිකොප්ටර් ගිය දවස. මමයි ප්‍රභාකරනුයි හරි හරනුයි සෙල්ලං කර කර හිටියේ. ප්‍රභාකරන් කිව්වෙ පුච්චිගේ පුතා. මිනිස්සු දුවනවා. අම්මා අපිව ගේ ඇතුලට ගත්තා. පුච්චි බීලා හිටියේ හොඳ සිංහලෙන් කුනුහරුප කියලා ආපු උන්ව එලවාගත්තා. හැබැයි පුච්චි ටොයිලට් එකට ආවත් ඒ ටිකම තමයි. එලෝ ගන්න අමාරුයි. 83 තාත්තා කනත්තෙ වැඩකරපු නිසා හොඳට වැඩ තිබ්බා. අපි ඒ දවස් ටිකේ තමයි හොඳට කෑවේ. ප්‍රභාකරනුයි, හරිහරනුයි තමයි වත්තේ පලවෙනියට කැම්පස් ගියේ. උන් දැන් කැනඩා වල. 

(තරුණයා නිශ්ෂබ්ධව සිටී)
තව ටිකකින් මන්ත්‍රිතුමා එයි. මෙතෙන්ට හොඳට ස්ටේජ් එක පේනවා. පෙලපාලියෙ මුලින්ම යන්නෙ අපි ආදරේට කියන්නෙ නාගීතා අක්කා. මෙතන වැදගත් මහත්වරු ඉන්න නිසා ටිකක් වැදගත් වචන පාවිච්චි කරන්න එපැයි. නාගිතා කියන්නෙ නපුංසකයෙක්. දවසක් එයා බීලා වැඩිවෙලා පෙලපාලිය ඇල ගාවට ම ගෙනිච්චා. යන්ඩ තිබ්බෙ ග්‍රවුනඩ් එක ළඟට. ඔක්කොම බැන්නා. නාගීතා අක්කා හිනාවුනා විතරයි.

කවුද? සෝමසිරිද? මොකක්ද? ඇලට අල්ලපං. සෝමසිරි එකම දෙයයි කියන්නෙ...................ගහපං. මිනියක් මරපං. හිරේ පලයං. මනුස්සයෙක් වෙයං බං. ඒත් වත්තෙන් හිරේ ගිය නැති එකම මිනිහා. ගෑනි රට. පුතා කොහෙද දන්නෙ නැහැ.
ඕගොල්ලන්ට මෙහෙම හිතෙන්ඩ බැරිද? වතුවල ටොයිලට් තියෙන්නෙ.කොහොමද කොමොඩ් එකක් ආවෙ. හොඳ ප්‍රශ්ණයක්. ෆස්ලානා මුලින්ම වත්තට ආවා. එයාගේ අම්මට මේ කොමඩ් එක නැතුව බැරිවුනා. උඩින් ආවා නියෝගයක්. කොමොඩ් එකක් ආවා.

ඒ එක්කම තවත් ප්‍රශ්න ආවා. කොමොඩ් එකේ ඉඳගන්න මිනිස්සු නැගිටින්න වෙලා ගියා. ප්‍රශ්ණ..ප්‍රශ්ණ...ප්‍රශ්ණ..ප්‍රශ්ණ..මම ෆස්ලානා ව බැන්දා..
ඕගොල්ලන්ට ප්‍රශ්ණයක් නැද්ද ඇයි මම මේකෙ මෙච්චර වෙලා ඉන්නෙ. මේකයි මම මන්ත්‍රිතුමාට පලවෙනි පාරට වෙඩි තියන්න කෙනෙක් ට්‍රයි කරේ මේකෙ ඉඳලා. මන්ත්‍රිතුමා ළඟට ජොබ් එකට ගියාට පස්සෙ මම හැමදාම මෙතන.
මන්ත්‍රිතුමා ආපු හැමදාම කිව්වෙ එකම කතාව. සාමාන්‍යෙයන් එකම දේ ඇහැව්වම එපා වෙනවා නේ. ඒත් මිනිස්සු ඒ කතාව අහන්න හැමදාම එනවා.

කවුද? සේනාරත්නද? බෑ බං. තව පැයකින් විතර වරෙන්. වත්තෙ එකම රජයේ සේවකයා මන්ත්‍රිතුමා පස්සෙන් යනවා උසස්විමක් ගන්න.සුදාරිට හැමතිස්සෙම බනිනවා. සුදාරි මම ඔයාට කියලා තියෙනවා එනකොට ළමයට කිරි එකක් හදාගෙන එන්න කියලා. මම මෙතනින් යන්ඩ. එතකොට මන්ත්‍රිතුමා හිතයි මං පැනලා ගියා කියලා. එතකොට කවුද මගේ ප්‍රෙමාෂන් එක හදලා දෙන්නෙ. හැමදාම එකම සිද්ධිය. උසස්වීම් නැහැ. 

මම කොතනද කිය කිය හිටියේ. ආ මන්ත්‍රිතුමාගේ කතාව.
අවසර හාමුදුරුවනේ මට දැන් වැඩිය නැවෙන්න බැහැ. මොකද මේ කොන්දෙ අමාරුවක් තියෙනවා. ආ හ්...සිංහල බෙහෙත් අහන්නෙ නැහැ හාමුදරුවනේ. ඩොක්ටර් කිව්වා මසාජ් කරන්ඩ කියලා. ඒ නිසා ඒ නිසා ගැසට් කොරලා කෙල්ලො ටිකක් ගත්තා ජයවේවා හාමුදුරුවනේ ජය වේවා.
ශෝකාකූල ආ...අවසර ගන්න ඕනෙ …..

ඔක්කෝගෙන්ම අවසරයි. මම දන්නවා මේ දුවලා පුතාලා ඇවිල්ලා ඉන්නෙ සංගීත සංසන්දනේ බලන්ඩ කියලා. ඒත් දුවේ පුතේ මම මේක කියන්ඩම ඕනෙ. ඉස්සර ඔය කපුරු බන්ඩාරලගෙ ලඟින් යන්ඩ බෑ. හරී ගඳයි.
ඔය හරියෙ ටොයිලට් පේලිය හැදුවේ කවුද? මරණයක් වුනාම කතා පවත්වන්නෙ කවුද?

කෙල්ලෙක් කොටහලු වුනාම පෙජා ශාලාව නොමිලේ දුන්නෙ කවුද? ඒ නිසා මේ පාරත් මටම දියං. මිනිස්සු කියනවා අපිට හිතක් පපුවක් නැහැල්ලු. හින්දි ෆිල්ම් එකක් කොල්ලො කෙල්ලො බේරගන්නෙ කොයි වෙලාවටද? ..ආ..අන්න අපේ...ලබා උපන්..ටෙලිනාට්ටියේ නිලිය......තලතාට තේරුනා... අන්තිමට අන්තිම සටන ආවෙ නැහැ. අදාට අපි අපේ පපුව පෙන්නනවා...උඹලා දන්නවද අර පපුවෙ මස් රාත්තල ඉල්ලපු කතාව. දන්නෑ. එහෙනං අහගනිං. ඒ කාලේ වැනීසියෙ හිටියා බස්නස් කොරන හාදයෙක්. දැන් කාලේ වගේ නෙමෙයි කාර් බාර් නැහැ.

හරි දුෂ්කරයි ජීවිතේ. ඉතින් මිනිහට ඕනි වුනා කුමාරියක් කසාද බඳින්ඩ. මිනිහ ගත්තා ස්වීප් එකක්. ඇදුනා මුල් තෑග්ග..ආ...ඒ චන්දන..
උඹට රස්සාවක් නෑනේ. උඹ හරක් බලාගන්න කැමතිද? බෑ..කව්බෝයි කෙනෙක් වෙන්න කැමතිද?
පුලුවන් ...යකෝ දෙකම එකයි..
දෙනවා දෙකක්..කියන දේ කොරපං..

දැන් බලපං තලතා රඟපාන නාට්ටියේ කොල්ලා කොච්චර දත කනවද තලතා දිනා ගන්න. ලේසි නෑ. කුමාරියක් බඳින්න ඕනි නං.. මහන්සි වෙන්න ඕනි..කිසි දෙයක් දොරකඩට එන්නෙ නැහැ.....අපි මහන මැෂින් දුන්නම කියනවා. මහන්ඩ දන්නෑ කියලා. මහන්ඩ ඉගැන්නුවම කියනවා රෙදි නෑ කියලා. රෙදි දුන්නම කියනවා. ඇඳුම් විකුනන්න තැනක් නෑ කියලා..
අද කාලේ හොඳම බිස්නස් එක ඇඳුම් විකුනන එක. අපේ මිනිස්සු කන්ඩ වියදං කරනවාට වඩා වියදං කරනවා ඇඳුං ගන්ඩ. මේ මම ඇඳං ඉන්න ජාතික ඇඳුම ගොඩක් ලාභයි. කවුද ලාභ ඇඳුම් අඳින්න කැමති. කවුරුත් නැහැ. 

අපි හරියට අනවශ්‍ය වියදම් කරන ජාතියක්. අපි ඉතුරු කරන්ඩ පුරුදු වෙලා නැහැ. ඉතුරු කිරීම පොඩි කාලෙදිම අම්මලා තාත්තලා කියලා දෙන්න ඕනෙ. අපේ අතට ලැබෙන ගානෙන් අරපිරිමැස්මෙන් ජීවත්වෙලා අනාගතයට යමක් ඉතුරු කරගන්න ඕනෙ. එහෙමයි දියුනු රටවල් දියුනු වෙලා තියෙන්නෙ..
අද අපේ රටේ පෝලියෝ නෑ. ගොඩක් ලෙඩ ජාති අහුවෙලා තියෙනවා. ඒත් දියවැඩියාව වැඩිවෙලා තියෙනවා. අපි අනවශ්‍ය කෑමක් කන්නෙ. අපි ලමයින්ට පුරුදු කරන්න ඕන පලතුරු එලවලු ටිකක් වැඩිපුර කන්ඩ.
මට පේනවා කොල්ලන්ට කෙල්ලන්ට මගේ කතාව එපා වෙනවා වගේ..

හරි හරි සංගීතෙ බලපං. ස්ටාර් කොලුවො ටිකක් සිංදු කියනවා. මගෙත් එක්කම කියමු පුලුවන් නං ගහලා ගනිං..පුලුවන්නං ගහලා ගනිං..පුලුවන් නං.. මේ පාරත් මටම දීපාල්ලා..ජයවේවා..ජය වේවා..

පුච්චි බීලා කියනවා සංගීතයක් ඉවර වුනාමත් හරි වැඩියෙන්ම තියෙන්නෙ මොනවද ...ප්‍රීති..ප්‍රීති..

ඇලට එහායින් ලස්සන පිට්ටනියක් හදලා. අපේ වත්තෙ කොල්ලො ලස්සන ලී පාලමක් හැදුවා..එහා පැත්තට යන්න. එහා පැත්තට ගිය හැමපාරකම කොල්ලො ආවෙ ගුටි කාලා. මීට දවස් හතරකට ඉස්සෙල්ලා මගේ දුව යශෝදරා ජමීලියා. තවත් ලමයි වගයක් එක්ක එහා පැත්තට යන්න හදලා තියෙනවා. ලී පාලමෙන් මගක් දුරට යනකොටම පාලම කඩාගෙන වැටිලා. ඇලේ මඩේ හිරවෙලා හිටපු ජමීලියා බේරගන්න යනකොට එයා මැරිලා. ඇයි?

මගේ දුවම ඒත් මම එයාව වඩාගෙන ඉස්පිරිතාලෙට දිව්වා. මිනිස්සු අහනවා ඇයි මැරිච්චි ලමයෙක් වඩාගෙන දුවන්නෙ. තාත්තලා එහෙම තමයි.
මගේ තාත්තා එයාගේ ජීවිතේ මුල්ම වතාවට නොමිලේ මිනී වලක් හාරලා. තව පොඩි වෙලාවකින් යශෝදරා ස්වර්ග රාජ්‍යය බලායයි. වයස අවුරුදු 8කින් මැරෙන්ඩ එයා මොකද්ද කරලා තියෙන වැරැද්ද?

අද ඇල ශුද්ධ කරලා..මන්ත්‍රිතුමා පිට්ටනිය විවෘත කරනවා. තව දහස් ගානක් ඇල ශුද්ධ කරලා. මන්ත්‍රිතුමා පිට්ටනිය විවෘත කරනවා. තව දහස් ගානක් ඇලවල් ශුද්ධ කරයි. පිට්ටනි හදයි. කොල්ලො ලී පාලම් හදයි ඇයට ඇය.
අද මගේ ජීවිතේ මුල්ම වතාවට බුලට් නැති පිස්ටල් එකක් ලැබිලා. මෙතන පලවනියටම හිටපු මිනිහට වගේ. ඕගොල්ලන්ට මම කියන්නෑ..නැගිටලා ඒවා ගෙනල්ලා දෙන්ඩ කියලා. මොකද දැන් පරක්කු වැඩියි. 

පසුබිම් හඬ:- ඒ වරෙන් එලියට. පර බල්ලා තෝ අපිට මෙහෙමද කරන්නෙ. (වේගවත් අඩි ශබ්ධ ඇසෙයි)
තරුණයා :- ජීවිතේ කියන්නෙ නාට්ටියක් නෙමෙයි.
තරුණයා එක එල්ලේ බලා සිටී. තිරය සෙමෙන් වැසේ.
අවසානය.

Sunday, March 10, 2013

සීයා සහ දියවන්නාව my grand paa at diyawannah

පසුගිය දිනෙක මම දියවන්නාවේ ඇවිදින්නට ගියාය..මට එහිදී අපේ සීයා මතක් විය. සීයා එකල වෙලේ යන්නේ නියර උඩිනි.. නියර උඩින් යෑමට සීයාට ඇත්තේ පස්ට ඉස්කිල් එකකි..මා කුඩා එකා වී සීයාගේ පස්සෙන් ගියත් මට සීයා සමග නියර උඩ හරියට යන්නට බැරිය...එක්කෝ බුරුල් මඩ ඇති තැනෙක කකුල ගසා එරෙන්නට යයි ..නැත්තං වෙන දිහාවල් බල බලා ගොස් වක්කඩවල් ගාව පෙරලී වැටෙන්ට යයි..සීයා නම් ඈත බලාගෙන ගියත් නියරේ ඇති තද තැන් වලට කකුල තබමින් සමබරව යයි.. 

දියවන්නාවද අපේ වෙල සේම සුලග ඇත..අපේ වෙල දෙපැත්තේ තිබු කොන්කිරිට් තට්ටු මෙන් අපේ සියාගේ වයසේ අයට වාඩි වි කයි ගහන්නටද තැන් ඇත..නමුත් පිටුපසින් සරම ඔසවාගෙන ඈතින් අඩි තබමින් බාගෙදා බැනියමක්ද ඇඳ ඇවිදින සීයා නම් මම දියවන්නාවේ දිටියේ නැත.. පිටුපසින් සරම ඔසවාගෙන යන ගමනට අපේ අයියලා කිව්වේ බැක්ලයිට් ගහගෙන යනවා කියලාය..එයට ලයිට් කීවේ කිනම් කාරනාවක් නිසාදැයි මා නොදනිමි..නමුත් පසුකලක ඉස්කෝලෙ කෙල්ලන් අපරික්ෂාකාරීව පුටුවල වාඩිවුන විට..අපේ නංගිලා අක්කිලා සෙල්ලම් කරන විට ටිකක් සැහැල්ලුවට වාඩි වුන විට කලවා හරිය පේන්න ගත්විට මම සහ කොල්ලෝ ආන්න අරක ලයිට් දාන්න යනවා යැයි කියා ඔවුන්ට විහිලු කලෙමු.. ඔවුන් එවිට හරි හරියට ඇදුම් සකසා ගනිති.. 

සීයා පිටුපස ප්ලෑසර් එකද ගසාගෙන වෙල් නියර උඩ ඇවිදියි.. එවිටම පරණ ලොරියක් ඉස්ටෑට් කොරන මහ සද්දෙන් සීයා සද්ද පඩයක් අරියි..ඇරලා අහක් වෙලා සීයා මගෙ දෙස බාගෙට සිනා මුහුනින් බලයි..

ඈ බොල තෝ පොඩි වුනාට තොගේ පඩේ නම් පොඩි නැහැ..

අනේ අල්ලපු ගෙදර ඇන්ටිපා ඒ පැඩ්ඩේ මම නොවේය..ඒ අපේ සීයාමය..එහෙත් සීයා එය මගේ පඩ ගිනුමට බැර කරයි.. මාද වතාවන් කීපයක් එලෙස පැඩීමට එකල උත්සාහ ගත්තෙමි..නමුත් සියාගේ අහලකටවත් එන්නට මට බැරිවිය.. එහෙත් ගෙදර කව්පි කඩල මුං ඇට ආදිය තැම්බූ විට සද්දෙන් මෙන්ම අධිකතර මීතෙන් සාන්ද්‍රනයකින් පඩින්ට හැකියාව අපිට ලැබේ.. 

දියවන්නාවේ සිහිල් සුලගේ ඇවිද ඇවිද සෙනග අතර ඉන්ට විට මටද අර අපේ සියා නියරේ යනවිට  ඇරියා මෙන් අලි පඩයක් අරින්නට සිත් විය..නමුත් අහෝ ඛේදයකි..පඩයක් ලෝඩ් වෙන සෙයියාවක් වත් නැත..අනික් දවසේ කඩල ටිකක් තම්බගෙන කාලා එන්ට ඕනි යැය් මට සිතුනේය..

බොහෝ දෙනා ආන්ඩුවෙන් තැනූ බංකු මත ආන්ඩුවෙ සල්ලි වලිං ලස්සනට හදපු තැන ඉදන් ආන්ඩුවටම බනින සද්දේ මගේ සැටලයිට් රේඩාර් වලට මීටර වුනි.. අපේ සීයලා නම් සෙට්වුන විට ඇතිවන්නේ පුදුමාකාර සංවාද වේ..ඒ සමහරක් පස්ට විද්‍යාත්මකය...ඇල්වතුරත් උනුවතුරත් එක පමණට එකතු කොට බිව් විට එය මරනීය තත්වයක් ඇතිකරන බව එක් සීයා කෙනෙක් කියයි..අනෙකාද එයට යමක් එකතු කරයි..එසේ කුඩා නයි විසාල වී අවසාන වෙනවිට අලි පත පිඹූරු නාම්බෙක් තරම් නයිද බිහි වෙයි..

ඉන් පසු අපි කතාන්දරයක් කියන්න යැයි සීයාට කිවු විට..හේ තෙමේ අර පච ගොඩෙන් එකක් ගෙන ගසලා බසලා කතාන්දරයක් කොට අපිට කියා දෙයි.. 

සීයා සමග ගමන් යෑමට අපේ අයියලා එහෙම ලොකු මහත්වෙන විට කැමති නැත..සීනිබෝල ටොපි ආදිය අරන් දුන්නාට සීයාගේ ගති සොබාව නම් සාමාන්‍ය තත්වයනට ගැලපෙන්නේම නැත..දවසක් මගුල් ගෙදරක ගොස් සීයා කෑම බෙදාගන්නට සැරසුනි..ගෙදරදි නම් සීයාට රවුං ලොකු බෙලෙක් පිඟානක් තිබුනි..නමුත් මෙහෙදී තටු පිඟානකට බත් කන්දක් බෙදාගත් සීයා දැන් හොදි බෙදාගන්ට හැන්ද ගනී..දෙවරක් තුන්වරක් දි දාගත් මුත් ඒ හොදි වැටිල්ල සීයාට මදිය.. හැන්ද වෙනත් බඳුනකට දැමූ සීයා හොදි බඳුන ඇලකර හොදි බෙදාගත්තේ අඩුතරමේ වටපිටේ මොකෙක්වත් ඉන්නවාද නැද්ද කියලාවත් හෙවිල්ලක් බැලිල්ලක් නැතුවය..

ඒ වගේ වීරක්‍රියා සීයාත් සියාගේ මිතුරනුත් අතර බොහෝ විය.. ඔන්න දවසක් සීයා බස් සෙකේ යයි..එයද අපේ ගැමියන් යන බස් සෙකය.. බස් සෙකෙ යන සීයාට එකල කෑල්ලක් සෙට් වී ඇත..ඈ කවුදෝ ආච්චියෙකි..අන්දරයස් උන්නැහැ මේ කලු කොලාට වහින පාටක් නැහැ නේ...කලුව විතරයි..කියා ඇය පස්නයක් අසයි..

මොන වැස්සද බාං..ආන්න අපේ ලොකු එකා...කොටනවා කොටනවා... ඌට කිව්වට අහන එකක්ය වහින කං ඉන්නෙයි කියලා..කියලා.. කොටලා කොටලා දැන් ලොකු එකයි ගෑනියි හෙම්බත් වෙලා..
ඒ උත්තර දෙන්නේ සීයා ලග සිටි ආච්චියෙකුට වුවද එය බස් සෙකේ රියදුරු  මහතාට පමනක් නොව එතනින් තව බස්සෙකක් ගියානම් එයටද ඇසෙන්නේයැ.. හෙමින් කතාවක් ඇත්නම් ඒ සීයා බුදුන් වදින වෙලාවට විතරය..

ආච්චී සමග බුදුන් වදින්නට ගියාට සීයා බොහෝ ඉක්මනින් වැඳලා ඉවර වෙයි..මා සිතන්නේ සීයා වඳින්නේ නන්ස්ටොප් හෝ හිප් ක්‍රමයටැයැ...මල් පූජා කරන කාමරයෙන් වහා නික්මී එන්නට වුවමනා වුවත් සීයාට එයට ඉඩ නොලැබෙන්නේ ආච්චී එයට අකමැති වෙන නිසාය..

දවසක් ඉවසීමේ සීමා පැන්න තැන සීයා වැදලා ඉවර වුන පසු..මක්කද බං ඔච්චර කුරු කුරු ගාන්නෙ..ගාතටික ඉක්මන්ට කියලා ඉවර කොරාම ඉවර නෙ...?
මේක ,,වදිනවා වදිනවා ඉවරයක් නැහැ...
ඔච්චර වැන්දැයි කියලා මොකෝ පිලිමෙට පණ ඇවිත් ඔහේට බණ කියලා නිරුවානෙට අරං යනවයි? 
නැහැනෙව.. 

එවන් විටක සීයාට කේන්ති ගොස් ඇතිබව දන්නා නිසා ආච්චි නිහඩ වෙන මුත් පසුව ඇය ඒවාට උත්තර හෙමින් තාලේ දෙයි.. 


සීයා ගැන කියන විට කතාන්දර රාශියකි..අපේ සීයා නාන්නේ මුට්ටියෙනි..හේ තෙමේ කුඩා ඇලට බැස මුට්ටියෙන් හෙමිනහැරේ නාගෙන යයි..අපි මෙන් ජබුං ගහන්නට අඩි දෙක තුනක් පලල ඇලට පැන පීනුං සූරයන් වෙන්නට සීයා යන්නේ නැත..මුට්ටිය අරං ගොස් එය වතුර තුල බහා ඇලේ ජලය මත වාඩි වී වතුර ඔලුවට දමා ගනී.. එය බලං ඉන්නට වුවද සාමකාමි දසුනකි.. 

අපේ අයියා කාරයෙක්ටද දිනක් සීයා නානවා මෙන් නාන්නට අවැසි වී ඇත..මිනිහාද ඇලේ බැස මුට්ටිය පුරවාගෙන බැරිමරගාතේ එය ඔසවා ඔලුවට නවාගෙන දැන් සැපසේ නායි..නාන අතර සබන් ගාන්නට යන විට අහල තිබූ කංකුං ගාලකට යන්තම් මුට්ටිය තැබූ අපේ පොර ගොඩ ආවේ සබන් ගාන්නටය...සීයාගේ නාන මුට්ටිය පන්නගන්නවා ඇර සබන් කෑල්ලක් ගෙන එන්නට සිහියක් නැති වුන අය්යා යලිත් ගෙදර දුවගොස් සබන් කෑල්ල ගෙනැවිත්..එය ඇලේ ඔබා සබන් ගාගන්නට ඇතිය.... අපේ සීයා නම සබන් ගාලා නිකං ඉන්නේ නැත...ඉන් පසු අසල පුවක් ගස්වල පිට ද අතුල්ලා ගනී.. අපේ අයියා කුඩා වුවද ඒවා සියල්ල කල යුතුයැයි සිතාගෙන පිට අතුල්ලාගන්නට පුවක් ගසක්ද සොයාගෙන පිටද අතුල්ලාගෙන ඇත..

සියල්ල හමාරව යලිත් ඇලට බට අයියා වෙනදා පුරුද්දට ඇලේ ජබුං ගහ ගහා නාන්ට පටන්ගෙන ඇත..නමුත් සබන් ගාන්නට පෙර නෑවේ සීයාගේ මුට්ටියෙන් බව පොරට එක්වරම මතක් වී ඇත..එවිට අසල කංකුං ගාල අසල මුට්ටිය සෙවුමත් අපේ අයියාට මුට්ටිය එතැන නැති බව පෙනෙන්ට විය..අහෝ...

ගලායන ජලයේ මුට්ටිය ගලාගෙන ගොස් ඇත..අපේ මැටි හරකාට තිබුනේ මුට්ටිය ගොඩින් තබා සබන් සොයන්ට යෑමයි..එහෙත් උගේ කරුමෙට ඌ මුට්ටිය තියා ඇත්තේ වතුර මතම තිබූ කංකුං ගාලකය..

ඉතිං සීයා දැනගත්තෝතින් ගුටිකන්ට වේයැයි බියෙන් අපේ අයියා සැඟවි ඇත..පසුව ලිංවලපවා කෝටු දමා සෙයා බලා ගෙදර සොල්දර තට්ටුව උඩ නිදා සිටියදී අපේ මුට්ටිය පාකල වීරයා සොයාගෙන ඇත.. 

දියවන්නාවද එල කිරිය..ඒ වගේ මුට්ටියක් තිබුනානම් අමුඩ කෙටියක් ගහගෙන අර තරප්පුවක් වගේ තියෙන තොටුපල ගාවින් නාන්නට හැකිය.. නමුත් එසේ සීයා ටයිප් නාන එක්කෙනක් වත් දැන්නම් එහි නැත..

දියවන්නාවට එන බොහෝ දෙනා එය ස්වාභාවික දෙයකැයි නොදකිති..තවත් සවාරියක් තවත් අලංකාර ගාඩන් එකක් තත්වයට එය දකිති..අපේ සීයා කල පරිදි සරම පසුපසින උස්සාගෙන පඩ ඇර ඇර ඇවිදින්නටවත්..මුට්ටියක් අරං ගොස් අර වතුරෙන් නාගන්නටවත් කස්ටිය උත්සාහ කොරන පාටක් නැත..දැන් ඇවිදින්නටද මෝස්තර සහ විදි ඇත..ඒවාට ඇදුං ආයිත්තං විසේසයෙන් ඇත..කොටින්ම සපත්තු පවා ඒවාට විසේසයෙන් ඇත.. 

එකල මඩ නාගෙන වෙල් වල අපි දිව්වේ එක්සයිස් එකට නොවේය..කුඹුරු වැඩවලට සපෝට් කිරීමට හෝ කුරුල්ලන් එලවීමට හෝ එවැන් දේටය..තව ටික කලකින් කුඹුරු තනා ඒවායේ මඩ නෑමටද කොළඹ පොස් ජනී ජනයා පෙළඹෙනු ඇත.. එවිට මා වැනි ‍ගොවි සම්බවයක් ඇති නමුත් කුඩා කල වැරදිලා මඩට වැටුන එවුං පවා..ඕ වට්ස්ද නයිස් පැඩි පීල්ඩ් යැයි කියා මඩ නාගනු ඇත..අහෝ මඩත් පොස් වූ සැටි.. 

Saturday, March 9, 2013

අන්තර්ජාලයෙන් ඉගනගන්න

අන්තර්ජාලය ගැන ලංක‍ාවෙ බොහොම දෙනාගෙ හිතේ  තියෙන්නෙ ඒ තරම් හොද දෙයක් නෙමෙයි.. මම නම් අන්තර්ජාලය දකින්නෙ ගමක තිබුන පාලු ඉඩමක් වගේ..සමහර වෙලාවට කොල්ලො කෙල්ලො ඕකට ගිහින් පෙම් කරනවා..සමහරු නිකං ‍ඉන්න වෙලාවට සෙල්ලම් කරනවා..තව නරක කොල්ලො ගිහින් ඕකෙ පඳුරු වලට මුවා වෙලා ගංජා ගහනවා..තව ඉතිං අටෝරාසියක් නරක වැඩ ඕකෙ වෙනවා..හැබැයි ඉදලා හිටලා පිරිතක් කියන්න ලොුක දානයක් දෙන්න..ජනප්‍රිය හාමුදුරු වහන්සෙ කෙනෙක් වඩම්මල බණක් කාරිය කියන්නත් මේ පාලු ඉඩම ගන්නවා..නමුත් හැමෝටම මතක හිටින්නෙ පාලු ඉඩම සම්බන්ධ නරක දේවල්ම විතරයි.. 

ඉතිං පාලු ඉඩම නැතිකරන්න ඕනි ඒක සීමා කරන්න ඕනි කියලා වැඩිහිටියො නිතර කෑ ගහනවා..ඒත් හතර අතින් වැටවල් ගහල තිබුනත් ඕනි අය ඕනි විදියට පාලු ඉඩම පාවිච්චි කරනවා.. අනික පාලු ඉඩම තිබුන නිසා නරක් වෙච්චි ළමයි ඉන්න පුලුවන් වගේම පාලු ඉඩමක් නැතත් උගේ කරුමෙට නරක්‍ෙවලා රට නරක් කරන වහන්සෙලා ඕනි තරම්.. ඔය පාලු ඉඩම නැත්තං ඕකුං මහ පාරෙ හරි පඳුරක් අස්සට වෙලා අර දහජරා වැඩ ජාති කොරාවි..ඉතිං ඔබට තේරනවා ඇති නෙවද පාලු ඉඩම නැතිකිරීම නෙමෙයි වැඩිවෙන්න ඕනි පාලු ඉඩමෙ යන වැඩසටහන් ගානට තමුංගෙ ජීවිතයට එකතු කරගන්න එක. පාලුඉඩමෙ එහෙම දේවල් වෙන්නෙ නැත්තං වැඩක් නැතිවෙලාවට ඕකට වෙලා බෝල ගහන සෙට් එක වෙන වැදගත් ‍දේවල් වලට යොමුකරන එක සමාජයේ පාලකයන්ගේ වැඩිහටියන්ගේ නිලධාරින්ගේ වගකීමක්..එහෙම නැතුව මුංට මේක වැඩක් නැහැ කියාල නැතිබංගස්ථාන කොරලා හරියන්නෙ නැහැ..
 
කෝසෙරා ඩොට් ඕර්ග්..(Coursera.org)


කෝසෙරා ඩොට් ඕ ආර් ජී කියන වෙබ් අඩවිය මට හමු‍වුනේ ලංකාවෙ අමරිකානු මධ්‍යස්ථානයෙන් ආපු විද්‍යුත් තැපෑලක තිබිලා.. කෝසෙරා කියන්නෙ අමරිකාවෙ විශ්ව විද්‍යාල පාඨමාලා අන්තර්ජාලය හරහා නොමිලේ බෙදාහරින වැඩසටහනක්..තෝරාගත් පාඨමාලා ගනනක් මේ හරහා පැවැත්වෙනවා..ලෝකයේ ඔනෑම කොණක ජාලගත වෙලා ඉන්න කෙනෙකුට මේ පාඨමාලා වලට සම්බන්ධ වෙලා ඒවා කරගෙන යන්න පුලුවනි..සරල ඉංගිරිසි බසින් තමයි මේ පාඨමාලා පැවැත්වෙන්නෙ.


.ඉංජිනේරු විද්‍යාවතාක්ෂණයආර්ථික විද්‍යාවනව ලෝකය,පෝෂණය.පරිඝනක තාක්ෂණය ආදී බොහෝ මාතෘකා යටතේ පාඨමාලා දෙසීය ගානක් මේ කෝසෙරා කියන වෙබ් අඩවියේ තියෙනවා.. ගොඩ දෙනෙක්ට ගැටලුවක් වෙන්න පුලුවනි මේ පාඨමාලා ඉංගිරිසියෙන් පැවැත්වෙන එක..ඒත් අපි විද්‍යාවන් සහ තාක්ෂණික දේවල් ඉගනගන්නවා නම් අනිවාර්යෙන් අපේ ඉංගිරිසි බස යම්තාක් දුරකට හැදෙන්න ඕනි..මොකද අපි අද පාවිච්චි කරන නවීන තාක්ෂන බොහොමයක් මයක් වැඩිදියුණු කරලා භාවිතයට සුදුසු මට්ටමකට අරං ඇවිත් තියෙන්නෙ සුද්දන් නිසා..පුරාණ වේද පොත්වල..චීන පොත්වල එක එක තාක්ෂනික‍දේවල් තිබුනාට ඒවා පාවිච්චියට ගන්න පුලුවන් විදියට හදලා ඒ දැනුම නිර්මාණය කරල ාතියෙන්නෙ සුද්දන්..ඉතිං සුද්දගෙ බාසාවෙන් ඉගන ගන්න එක සාර්ථකයි..මොකද අපිට වැඩිදුර ඉගනගන්න විට අනෙක් අයගේ දැනුම බෙදාගන් අවැසි වෙනවා.ඒ වගේ අවස්ථාවක සිංහලෙන් ඉගනගතපු කෙනෙක්ගේ දැනුම අන් අය එක්ක බෙදාගන්න එක ප්‍රශ්ණයක් වනවා..
මේ පාඨමාලා වක සතියක තියෙන වීඩියෝ පාඩම් අභ්‍යාස ආදිය කරන්න මෙගාබයිට්ටු හාරසියක් විතර යනවා..ඒත් මෙගාබයිට්ටු හාරසියට ලංක‍ාවෙදි වියදම් වෙන රුපියල් 100ක මුදලට වඩා මේ පාඩම් මාලා බොහොම වටිනවා..ඒ පාඩම් ගොඩක් වෙලාවට උගන්වන්නෙ අපේ පියසිරි සර් සිරිපාල සර් වගේඋගන්නලාම නාකිවෙච්චි පේපර් බලලා තියෙන එක්ස්පීරියන්ස් එක විතරක් තියෙන ගුරුවරු නෙමෙයි..අමරිකාවෙ විශ්වවිද්‍යාල වල පර්යේෂණ පවත්වනආචාර්ය මහාචාර්ය වරුන්..ඔවුන් න්‍යායික දැනුමින් වගේම ප්‍රායෝගික දැනුමෙනුත් බොහොම පොහොසත්..අමරිකාවෙ කැම්පස් සහ කර්මාන්ත ක්ෂේත්‍රයහෙවත් ඉන්ඩස්ට්‍රි එක කියන්නෙ ලංකාවෙ වගේ ‍කොටස් දෙකක් නෙමෙයි...කර්මාන්ත ක්ෂේත්‍ර වල වැඩිදියුනු කිරීම්..අඩුපාඩු සෙවීම් ආදි කටයුතු වලදි ඒ රටේ විශ්ව විද්‍යාල කෙලින්ම සම්බන්ධ වෙනවා...ඒ වගේම හොඳ ප්‍රොපෙසර කෙනෙක් කියන්නෙ ඒ රටේ හොඳ විද්‍යාඥයෙක් පර්යේෂකයෙක් වගේමබොහෝවිට සුපතල සමාගමක සම්පත් දායකයෙක්..  කොහොම වුනත් මේ කෝසස් එකක්වත් ලේසි නැහැ...වීඩියෝ පාඩම්පෝරම්..ප්‍රශ්ණ වැඩසටහන්එසයින්මන්ට්ආදි වැඩ ගොඩාරියක් තියෙනවා..ටෙක්ස්ට් බුක් එකකුත් ගොඩක් පාඩ්ම වලට ලැබෙනවා..මේ හැම කෝස් එකක්ම නොමිලේ කරන්නෙ..නොමිලේ කල පලියට අගය අඩුවෙන්නෙවත් දෙන දැනුම අඩුවෙන්නෙවත් නැහැ කියලයි මට හිතෙන්නෙ.. අපි හැමෝම ගෙවන්නෙකාර්යබහුල ජීවිත වුනත් මේ වගේ දෙයකට අපි යොදවන කාලය අපතේ යන්නෙ නැහැ කියලයි මට නම් හිතෙන්නෙ..

 
ඉංගිරිසි ඉගනගන්න ක්‍රම..


ඉංගිරිසි ඉගනගැනීම(learning English) කියලා ගූග්ල වල සෙවුමක් කලොත් ඉස්සෙල්ලාම එන වෙබ් අඩවි දෙකක් තියෙනවා..එකක් තමයි බීබීසි ලර්නින් ඉංගිරසි එක..අනික තමයි බ්‍රිතාන්‍ය කවුන්සිල වෙබ් අඩවිය.. ඉතිං මේවා හරයා ඉංගිරිසි දැනුම වැඩිදියුනු කරගන්න පුලුවනි ලේසියෙන්ම..සිංහල බාසාවෙන් ඉංගිරිසි ඉගනගන්න යන එක උඩදාගෙන වචනවල සිංහල ‍තේරුම කටපාඩං කරන එක ට වඩා ඉංගිරිසි ඉංගිරිසියෙන්ම හදාරන එක වඩා සාර්ථකයි.. එත‍ොකට අපිට භාවිත කරන්න ගියාම ලේසියි කියලා තමයි දැන උගත් අය කියන්නෙ..

 
කොම්පියුටර ගැන දැනගන්න ක්‍රම..


කොම්පියුටර සහ අලුත් ජාතියෙ ගැජට් කෑලි වෙබ් අඩවි හදන හැටි..සොෆ්ටෙයාර් ගැන ආදිය අපි ආසයි අලුත් තොරතුරු දැනගන්න..ඉතිං වාසනාවට වගේ අපේ බාසාවෙන්ම ලස්සනට කියා දෙන වෙබ් අඩවියක් අපේ අයියල කිහිප දෙනෙක් පවත්වාගෙන යනවා..ඒක තමයි ටෙක් කතා කියන්නෙ..තරමක් රළු මුහුනුවරක් යටතේ පවත්‍වාගෙන ගියත්  පොඩ්කාස්ට් වැඩසටහන මගින් අපි නොදන්න දේවල් යලිත් ඉගනගන්න අවස්ථාව ලැබෙනවා..ඒ වගේම අපිට ගන්න බැරි තරම් මිල අධික පෝන්..අයි පෑඩ් ලැප්ටෝප ආදියත්..ඒ වායේ වැඩකරන මෘදුකාංග ආදියෙත් දෝස ආදිය ලක්ෂණට විස්තර කරනවා..ඒක අක අතකින් අපිට මානසික සහනයක් ලබාදෙනවා..අයි පෝන් එකක් ගන්න බැරි අපිට අයි පෝන් එකේ තියෙන වැරදි ටික හරි අහලා සැනසෙන් වාසනාව මේටෙක් කතා වැඩසටහන ඇසීම මගින් අපිට ලැබෙනවා.. කාලිංග අයියා නම් නිතරම නාසය කසනවා..ඒ වගේම හරිම තද අදහස් අමු අදහස් එයා කියනවා..ඒත් සිංහලෙන් කියලා දෙන නිසා වතුර වගේ තේරුං යනවා කියන දේවල්.. අපි මනුස්සයො වුනාම ‍හැමදාම පල් පතුරු ගහන දේසපාලනේ වාගෙම තාක්ෂනේ ගැනත් එදිනෙදා ජිවිතයේදි දැනගෙන ඉන්න ඕනි..එ‍තකොට අපිට සමහර වෙලාවට වැඩ පහසුකරගන්න පුලුවන් විදි ආදිය ලේසියෙන්ම මතක් වෙනවා..


ඔන්න අපි හිතමු එක්කෙනක්ට ඕනි වෙනවා නිතර අලි පත සයිස් පොත් මුගුරක් කියවන්න..ඒක තැන තැන අරං යන්න..හිතන්න ඒක ඉංගිරිසි පොතක් පිටුදෙදාහක් විතර තියෙන එකක් කියලා..ඒ වගේ වෙලාවක  පොත පරිඝනකයට දාගෙන..නැත්තං පෝං එකට ලෝඩ් කරගෙන..නැත්නම් පොත් කියපොත් කියවන්නම හදලා තියෙන කින්ඩල් කියන උපාංගය යොදාගෙන එහෙමත් නැත්තං අයි පෑඩ් එකක් වගේ එකක දාගෙන අපිට කියවන් පුලුවන් නම් අපිටලේසියි..ඒ වගේම තැන තැන අරං යන එකත් ලේසි..බොහෝම ඉක්මනින් සර්ච් කරලා අපිට ඕනි තැන හොයාගන්නත් පුලුවනි.. අපිට ඒ වගේ ලේසි ක්‍රම කල්පනා වෙන්න නම් අපේ තාක් තාක්ෂණික දැනුම නිතර යාවත්කාලින වෙන්න ඕනි.