Tuesday, January 7, 2014

ඉස්පිරිතාලංකාරය (Governed Hospitals)

පහුගිය දවසක රාත්තිරි මම රෑට කාල හෙම අපේ ගෙදරට වෙලා සනීපෙන් නිදාගෙන හිටියා. ටිකක් රෑ දහයට විතර සැර ඔලුවෙ කැක්කුමක් අල්ලන්න ගත්තා. අවසානෙ මම පැනඩොල් දෙකක් හොයාගෙන බිව්වත් වැඩේ නවතින පාටක් නැහැ. නිදාගන්න කලියෙං මං මගේ ලැප්ටොප් පරිඝනකයෙන් වැඩක් කරමිනුයි හිටියෙ. ඒ වෙලාවෙදි ලැප්ටප් තිරය මත තිබුන අකුරු බොඳවෙලා තැන් මාරුවෙලා වගේ මැට්‍රික්ස් ගතියක් පේන්න ගත්තා. උදේ ඉඳලාම ෆිල්ම් බැලීම,වැල බැලීම,ඉන්ටනෙට් යෑම ආදී බාරදූර රාජකාරි කිහිපයකම මම ලැපත් එක්ක හිටියා. මං හිතුවා මේ වෙහෙස ගතිය ඒ නිසාෙ වෙන්න ඇති කියලා. 


නමුත් අර ඇස්වල සෙටිං මාරුවිල්ලත් එක්කම ඔලුවෙ කැක්කුම සැරටම එන්න පටන් ගත්තා. ඒපාර අල්ලපු ගෙදර ඉන්න අපේ අයියන්ඩියත් කාර් රාජයත් අවධිකරගෙන ළඟම ටවුමට යන්න පිටත් වුනා. එතකොට රෑ දොළහ එක විතර ඇති. හප්පා පුදුම වැඩක් නේ. රෑ වෙලා ඔක්කොම බේත් සාප්පු වහල. අපේ අයියා අඳුනන දොස්තර නෝනෙක් හිටියත් ඒ උන්දැත් ඔක්කොම පෝන් ක්‍රියා විරහිත කරගෙන දුම් දම දම නිදි මං හිතන්නෙ.

අපි පිං ඉස්පිරිතාලෙ නොහොත් දැන් මූලික රෝහලක් වෙච්චි අපේ රජයේ රෝහලට ගියා. ඒ යනකොටත් මට ටිකක් සැරට අමාරුයි. ඔලුව කකියනවා හතර අතේ.

ඒ වෙලාවට බේත් ගන්න එන අමාරු අය නවත්තගන්නවාය. අමාරු නැතිවුනත් වුනත් නවතින්න වෙනවාය කියලා කිව්වා. එතැන හිටිය ඇටෙන්ඩන්ට් සිකුරිටි කාන්ඩෙ දොස්තර නෝන කෙනෙක් කතාකරගෙන ආවා. එයා ටිකක් හීන්දෑරි පන්තියන කෙල්ලෙක් සයිස් දොස්තරියක් වුනා. ඒ වුනාට ටිකක් කරුණාවන්තයි. ලෙඩේ විස්තර ජාති අනම් මනම් අහල වාට්ටුවට ගත්තා.

වාට්ටුවට ගියාට මොකද නවතින්න අඩුතරමෙ බෙස්සීට් එකක් සරමක් වත් අරං ගියේ නැහැ. ඒ නිසා මට ඔලුවෙ කැක්කුම අස්සෙත් කෝමද බොල මේ ඉස්පිරිතාල ඇඳන් වල ඉන්නෙ කියල කම්පනා වුනා. මම ගියාම වාට්ටුවම හවුස් ෆුල්. ඔන්න හොඳ සේලයින් බෝතලයක් එල්ල ගනිපු කළු මරුමුස් පෙනුමක් තියෙන ඒත් අහිංසක හිනාවක් තියෙන කොල්ලෙක් ගාවට මාව පංගරාත්තු කලා. මිසී ඇවිල්ලා අර නිදි කොල්ලට අතින් ගහල නැගිට්ටුවාම අනේ ඒ ළමය පූස් පැටිය වගේ ඈතට වෙල මට ඉඩ දුන්න. මං ඉතිං නිදාගන්න උස්සාහ කලා.

ඔය අව් අස්සෙම ආව හාට් පේසන් කෙනෙක්. මිනිහ ඔපරේසන් එකක් කොරපු බුවෙක්ද කොහෙද. මං ඇවිත් විනාඩි හයකින් විතර පොරත් වාට්ටුවට ගෙනාවා. සීයෙක් බලාගන්න මනුස්යෙක් ඇඳක හොඳට ගොරෝ ගොරෝ නිදි. ඒ පාර ඒ මනුස්සයයි කරුමෙටද මන්ද අර පොර මාට්ටු වුනා ලෙඩෙක්නෙමෙය් කියලා. පාන්දර එකට මොන දානද? ඒත් ඉතිං අර හදවත් ලෙඩාට ඇඳ දෙන්න වුනා. හදවත් ලෙඩා ආව විතරයි දොස්තර නෝන කෙනෙක් ඇවිත් එයාව බැලුවා. හරිම අහිංසක පෙනුමක් තියෙන හා පැටික්කියක් වගේ දොස්තර නෝන කෙනෙක්. කෙසඟ ශරීරයක් ඈට තිබුනා. තළෙලු මුහුනට ඒ දිගැටි නාසය පොඩ්ඩක් විතර දිග වැඩි වගේ තිබුනා. ඇය හිනවෙනකොට නම් ඇය දොස්තර නෝනෙක් කියල කියන්නත් බැරි තරම් අමුතු ළපටි ගතියක් එනවා ඇගේ මූනට.

ඉතිං මං නෙව වාට්ටුවට ඉස්සෙල්ල ආවෙ. ඒත් මෙන්න දොස්තර නෝන ගිහින් අර හාට් පේසන් මිරිකනවා,බලනවා, ඔබනවා, තට්ටු කරනවා එක සෙල්ලමයි. මට ත් ඒ වෙලේ නම් ටිකක් සැරටම ඔලුව කැක්කුම තිබුන නිසා ටිකක් තරහත් ආව. වාට්ටුවට ආවට තාම බෙහෙත් කඳුලක් වත් නොදී දැන් විනාඩි පාළහක් විතර ගියා. කෝමහරි අර හදවත් රෝගියාට කරන්න ඕනි ඔක්කොම දේවල් ටික කරලා ඉවර වෙල ඔන්න මටත් ඔලුවෙ කැක්කුම පිටම නින්දත් යන්න ගියාට පස්සෙ මගේ නම කියල කතාකරනවා ඇහුනා. ඒ දොස්තර නෝන අපේ අයියත් එක්ක කියල තිබුනා හාට් පේෂන් ගැන කලින් බලල හිටියෙ එයාට පොඩි වෙලාවක් තුල වුනත් හදවත් රෝගියාට අනතුරක් වෙන්න සම්භාවිතාවය වැඩි නිසාය කියලා.

ඒ දොස්තර නෝනා මහත්මයා ටිකක් අපේ වයසෙ හෝ ඊට අඩු වයසක වෙන්න ඕන. ඒ නිසාද මන්දා ඇගේ තනි නොතනියට අඩුතරමෙ අර පෙට්ටියක දාල ඔසවන් යන පෙසර් මීටරේ වත් අරං යන්න කාරුවත් ආවෙ නැහැ. ඒ දොස්තර නෝනම ඔක්කොම අඩුම කුඩුම ටික අරං ඇවිත් ඇඳ ගාවින් ඒවා තියාගෙන ලෙඩ ගැන ඇහුවා. දොස්තර නෝනා මහත්මිය බොහොම කරුණාවෙන් ප්‍රශ්ණ රාශියක් අහලා මට තියෙන්නෙ මිග්‍රේන් බව කිව්වා.

මීට කලින් මිග්‍රේන් තිබිල තියෙනවද? ඒ කොයි කාලෙදිද ආදි වශයෙන් අහනවා. මං දැන් දන්නෙ නැහැ මිග්‍රෙන්(ඉරුවාරදය) කියන්නෙ මොකද්ද කියල. ඒත් ඉතිං ටිකකින් තේරුනා මේ ඇවිල්ල මේ වගේ ලෙඩක් කලිං හැදිල තියෙද කියලා තමයි අහන්න කියලා. ඒ පාර ඉතිං මීට අවුරුදු දෙකකට කලිං හැදිල තිබුන ඔලුව කැක්කුම මතක් වෙල ඒක ගැන විස්තර කියාගෙන ගියා.

කෝමහරි මම ඊළග දවසෙ දහවල් 11 වෙනකොට නිදහස ලැබුවා. ඒ වෙනකොට මාව දොස්තර නෝනල දෙන්නෙකුයි මහත්වරු දෙන්නෙකුයි බලලා තිබුනා. ඒ වගේම නර්ස් නෝනල ඇටෙන්ඩන්ලාත් බෙහෙත් ලගටම ගෙනත් දිල වතුරත් ගෙනල්ල දුන්නා.

ඒ එක දොස්තර මහත්මයෙක් කන්සල්ටන් කියන ජාතියෙ ලොකු දොස්තර මහත්තයෙක්. ඒ මහත්තය එනකොට මහරජතුමා එනවා වගේ මේට්‍රන්ලද, නර්ස්ලද, පොඩි දොස්තරලද, තව ඉන්න හැට හුට හමාරක් පරිවාර සෙනගද,අනෙක් අයද ඔක්කොම වටපිටේ එනවා. ඒ වටපිටේ සෙනග දහයක් විතර පිරිවරා ආවට මොකද දොස්තර මහත්මය හරිම හොදයි. මනුස්ස විදියට කතාකරනවා. ලොකු හදිස්සියක් නැහැ. වටේ ඉ්නන ඉගනගන්න දොස්තර අයටත් ලෙඩා ගැන කියල දෙනවා. මගේ ටිකට් කැපුවා . ඒ වෙනකොට ලෙඩ හොඳ වෙලා. ආයිත් ලග ලග කරදර විදියට හිසේ ඇම්ම ආවෙ නැතොත් දිගට බේත් කරන එක තේරුමක් නැහැ කිව්වා.

අනික් ආපු දොස්තර මහත්මයත් උදෙන් ඇවිල්ල බැලුව ඔක්කොම ලෙඩ්ඩු. ඒ බුවානම් හැන්ඩියා. නිකං සිපස් දෙකක් දාල ඩෙනිමයි ටී ෂර්ට් එකයි ඇඳන් එන්නෙ වාට්ටුවට. මිනිහ සීයලට ඇහෙන්න මහ හයියෙන් කතා කරනවා. මිනිහ හොඳයි හොඳ විනෝදෙන් දොස්තර රාජකාරිය කරනවා.

මං හිටපු එකේ හිටිය ටිකක් වයසක මුත්තෙක් ඔන්න මිනිහ දැන් පාන්දර මුත්‍රා දාන්නයි යන්නෙ. ඒ සීයට තිබුන ලෙඩේ අනුව මුත්‍රා මනින්න ඕන. මුත්‍රා මනින කෝප්පය මිලි ලිටර් පන්සීයක් අල්ලන විනිවිද පේන ප්ලාස්ටික් කෝප්පයක්. ඒ සීයා හිටපු ඇඳ ටිකක් උස්සලයි තිබුනෙ. ඒ පැත්තෙන්ම තමයි වාට්ටුවට නර්ස් නෝනල දොස්තර මහත්තුරු ආදිය එන්නෙත්.

මේ වාට්ටුව වැඩි දවස්ගානක් ලෙඩ්ඩු තියාගන්න තැනක් නෙමෙයි. අනෙක් වාට්ටුවලට යොමුකරන තෙක් අමාරු ලෙඩ්ඩු තියාගන්න විශේෂ ඒකකයක්. ඉතිං ලෙඩ්ඩුන්ගේ නම් මතක නැහැ මිසීළට. මිසීල මොකක් හරි දෙන්න ඕන වුනාම හයියෙන් නම කියනවා.

දැන් අර කලින් සීයා ළඟ හිටපු සාත්තුකාරයා සීයාගේ සරම උස්සලා කෑල්ල යාන්තං පාද ගෙන සීය ඇඳේ කොනටම කරලා “ආ දැන් දාන්න“ කිව්වා. ඔය කියනකොටම කාරුහරි වෙන සීය කෙනෙක්ගේ නමක් කියලා අර කොළපාට ඇඳපු සේවිකාව කෑ ගැහුවා ‘‘පිටෝරිස් කවුද?“ කියලා. පිටෝරිසා දොයි. මිනිහගේ සාත්තු කාරයත් කොහෙද මකබෑ වෙල. ඉතිං දෙතුං වතාවක් මිසි නම කියල සද්ද කල නිසා වාට්ටුවම අර පැත්ත බැලුවා.

ඒ බලනකොට අර සීය හෝ ගාල කෝප්පෙ පිරෙන්න චූ පාර අල්ලනවා. ඔන්න දැන් කෝප්පෙන් බාගයක් විතර පිරිල. සීය ලෙඩ කාරය වුනාට මොකෑ ටැප් එක ඇරිය වගෙ මුත්‍රා පාර තදින් විදිනවා. දැන් කෝප්පෙ මට්ටමින් තුන් කාලක් විතරට ආවා. අර නම් කලබලය නිසා ඔලුව හරොගත්ත අය දැන් ඔක්කොම බලං ඉන්නෙ අර සීයගේ ලා ෆැන්ටා පාට මුත්‍රා කෝප්පෙ උතුරයිද කියන මහා සැකයෙන්. දැන් නම් කතාකරන්න ආපු සේවිකාවත් දකිනවා කස්ටිය ඔක්කොම එක දිහාවක් බලනවා.ඒ පාර එයත් හොරැහින් බලන්න ගත්තා. දැන් ඔක්කොන්ම හිතන්න කෝප්පෙ මදිවෙල මුත්‍රා කොප්පෙ මේ පාන්දර කිරි ඉතිරෙව්වා වගේ වාට්ටුව අයිනෙ උතුරලා යයි කියලා. නමුත් සීය වැඩකාරයා. හරියට පිරෙන්න මිලිමීටර් දෙකක් විතර තියෙද්දි චූ පාර නැවතුනා.

දැන් වාට්ටුවටම ලොකු සැනසීමක්. අර නුරුස්සන බනින මෝඩ් එකෙන් ආපු මිසීගේ මෝඩ් එකත් පොඩ්ඩක් වෙනස් වුනා මේ අමුතු ජවනිකාව දැකලා.

මේ වාට්ටුවෙ කෑම දෙන් නැහැ. ඒ නිසා කෑම ගන්න කැන්ටින් යන්න ඕන.හැම වෙලාවෙම නර්ස්ල, ඇටෙන්ඩන්ල, දොස්තර නෝනල ඒ මදිවට බලන්න එන අයගෙන් වාට්ටුව පිරිල. මට පස්සෙ ඇඳක් ලැබුන නිසා වාඩිවෙල බලං ඉන්නකොට දර්ශන ගොඩක් පේනව. ඔය අස්සෙ උදේට කන එකත් මතක නැතිවෙනව තව පොඩ්ඩෙන්. වාට්ටුවෙ කෝල්ගන්න එපාකියල තිබුනත් මම අයියගෙන් ආපු කෝල් එකට ආන්සර කලා. අයිය කෑම ගැන ඇහුවම තමයි මටත් උදේට කන්න මතක් වුනේ. මම කිව්ව කැන්ටිමෙන් ගන්නම් කියල.

අල්ලපු ඇදේ උන්නෙ හාමුදුරු නමක්. මගෙ වාසනාවට කාන්ඩ තුනක් ඇවිත් තිබුන හාමුදුරුවන්ව බලන්න. ඉතිං දාන තුනක්. සහායක ඩැනී කෑවත් තව පාර්සලයක් ඉතුරුයි. ඒ දෙතුන් දෙනාම ඉදිආප්ප ආප්ප වගෙ ඒව ගෙනත් තිබුනෙ. මටත් කෑම හාමුදුරුවන්ගෙන් ලැබුන.ඒත් ඉඳිආප්ප ආප්ප විතරයි නෝ හොදි. හොදි ටිකක් ගන්න තිබුන පිඟානක් තිබුන නම්. ඔය වෙලාවෙම අල්ලපු ඇදේ ලෙඩාට හිටපු තරුණ මහත්මයත් කන්න ගත්තා. එයත් ඉඳිආප්ප. එයා ලෙඩෙක් උනාට ඉඳිආප්ප පාලහ විනාඩි හතරෙන් ඉවරයි.

හොදි ටිකක් පැකට් එකේ ඉතුරු වෙල විසික් කරන්නයි හැදුවෙ. මං කරුණාබර හිනාවක් දාල හොදි ටික ඉල්ලගෙන හාමුදුරුවන්ගෙ උදේ දානෙත් එක්ක කෑවා. නරක නැහැ කෑම ටික. පිඟානකුත් නැතුව අර පොඩි ටේබල් කබඩ් කෑල්ල උඩ තියන් කෑවෙ.

මේ ඉස්පිරිතාල වල ජීවිත ගැන මගෙ තියෙන අත්දැකීම් ගොඩායි. මං ගොඩාක්ම ආසයි පුද්ගලික රෝහල් වලට වඩා ආන්ඩුවෙ ඉස්පිරිතාල වලට. ඒ ආන්ඩුවෙ ඉස්පිරිතාල වල තියෙන රළු ගතියත් ඒ ඉස්පිරිතාලෙම එක අංගයක්. දුප්පත් නූගත් මිනිස්සු වගේම පෝසත් උගත් අයත් ඔය වගේ තැන්වල ප්‍රතිකාර ගනිමින් ඉන්නවා. ඒ වගේ තැන්වල බුරුල පෙන්වලා අර තාපසාරාමෙ ගිරව් මොඩල් එක රඟපාන්න ගියොත් අර දුප්පත් නූගත් මිනිස්සු කන්ට්‍රොල් කරන්න බැරිවෙනවා වගේම පෝසත් උගත් අය කරේ යන්නත් එනවා. ඒ නිසා ඒ ආන්ඩුවෙ ඉස්පිරිතාල වල තියෙන රළු බාවිතාවේ ලොකු වරදක් දකින්නත් බැහැ.

මං ඉපදුන දවසෙ ඉඳලා ආන්ඩුවෙ ඉස්පිරිතාල වලින් කොරගනිපු දේවල් ටික පුද්ගලික රෝහල් හරහා කරගන්න ගියානම් දශලක්ෂ ගානක සල්ලි වියදම් වෙනවා. අපි වගෙ පහල මධ්‍යම පාන්තිකයින්ට එය දරාගන්න පුලුවන් ගානක් නෙමෙයි. කොයිතරං පොඩි පොඩි වගේම ලොකු ලොකු පුද්ගලික ඉස්පිරිතාල තිබුනත් ඉතිං දරුණු ලෙඩකට හදිසි අනතුරකට අපේ ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙම තමයි සුදුසු. තරමක් බරපතල රෝගයකදි ආන්ඩුවෙ ඉස්පිරිතාලෙන් ලැබෙන පුහුනු ශ්‍රමය, පුහුනු කාර්යමන්ඩලය, විවිධ ජාතියේ වෘත්තිකයින්ගේ එකතුව, අත්දැකීම් ලත් වෛද්‍යවරු, නිසි අධීක්ෂණය, තත්ව පාලනය ආදී ගොඩක් දේවල් සම්බන්ධයෙන් මටනම් අපේ රටේ පුද්ගලික රෝහල් වලට වඩා රජයේ රෝහල් විශ්වාසදායකයි.

මේ දවස්වල ඩෙංගු හැමතැනම. ඩෙංගු වලදිත් මට අහන්න දකින්න ලැබුනු මා හොඳින්ම දන්න කොළඹ ප්‍රසිද්ධම පුද්ගලික රෝහල් සම්බන්ධ අමිහිරි කතාන්දර ගොඩාරියක් තිබෙනවා. ඔබේ සමාජ තත්වය ලොකුකම පස්සෙ තියාගන්න පුලුවන් ඉස්සෙල්ල වටින්නේ ජීවිතේ ඒ නිසා ඩෙංගු කියල සැකයක් තියෙන ලෙඩෙක්, උණ රෝගියෙක් අරගෙන පුද්ගලික රෝහල් වල සුකිරි බටිල්ලන් සොයාගෙන යන්න එපා. වහාම ආන්ඩුවෙ ඉස්පිරිතාලෙකටම යන්න.

Monday, January 6, 2014

වකුගඩු සිහින 2 kidney dreams

සිහින 2
මේ උවදුරෙන් බැට කන ජනතාව ගැන ළය උණූ වූ විශ්ව විද්‍යාල කථිකාචාර්ය උතුමෙක් වීය. හේ තෙමේ උනන්දුවෙන් ඒගැන කතා කරනු ඇසූ සරසවි සිසු පිරිසක් එතුමානෝ වටා ඒකරාශී වූහ. පස් පරීක්ෂා කිරීමට යන්ත්‍ර සූත්‍ර තැනීම සිතියම් ගත කිරීම ආදී ශිල්පයන්හී කෙල පැමිනි අයවලුන් මොරටුව නම් සරසවියේ විසූහ. ඔවුන්ගෙන් මේ පිරිස සහයෝගයක් ඉල්ලූ අතර ඔවුන් ඒ සඳහා සිය කාලය හා ස්‍රමය කැපකිරීමට ඉතසිතින් කැමති වූහ. ප්‍රාෙයා්ගික ක්ෂේත්‍රයන්හි වඩාත් ඇලුනු කාර්මික දේ පිළිබඳ නිපුනයින් වූ ඇන්ඩී ටී සිසුන් නම් ඩිප්ලෝමාකාරයින්ද මහ ඉනිජිනේරුකාරයින්ද යන දෙපාර්ශවයම සහයෝගයෙන් කටයුතු කරනු පෙනුනි.
 මේ වකුගඩු ගැටලුව හුදෙක් ජල ගැටලුවක් නොවේය.එය මනුෂ්‍ය ශරීය හා ජෛවීය විද්‍යාවන් හා බැඳී පවතී. ජෛවීය විද්‍යාවන් ගැන චිර ප්‍රසිද්ධ පේරාදෙණි සරසවි යේ සිසුන්ද ආචාරියෝද මේ සිසු කන්ඩායමක් වකුගඩු රෝගයට විසඳුම් හොයනු දැක එයට එකතු වන්නට තීරණය කලෝය. කලක පටන් තිබු තරහ මරහ අමතක කර සම සෞඛ්‍ය සිසුන්ද ඔවුන්ට එකතු විය.  ඔවුන් අන්තර්ජාලය මගින් විදෙස් විශ්ව විද්‍යාල පරීක්ෂණ නිරීක්ෂන දැනුම ලබාගත්තෝය. ඔවුන් විසින් විදෙස් විස්ව විද්‍යාල අධ්‍යන කන්ඩායම් විසින් හුදෙක් මානුෂිය පදනම මත සහායට ගන්නා ලදී. අධ්‍යන කටයුතු කරන අතරම ඔවුන්ගේ සම්පූර්ණ වීර්යය මේ වකුගඩු ගැටලුව ගැන පර්යේෂන කරන්නට යෙදවිනි.
ජයවර්ධනපුර කැළනිය ආදී කළමනාකරන සිසුවෝ ඇතමෙක් උතුරුමැද  වයඹ පැතිවල ජනතාව සම්බන්ධ සමීක්ෂන කිරීම් රාජකාරි වල නිරත විය ඔවුනෙගේ ආචාරියෝද එයට දායක වුනි. විශ්ව විද්‍යාල ගනනාවක සිසුන්ද ආචාර්යවරුන්ද ගෙනයන හුදකලා සටනින් දේශපාලන වාසියක් ගත හැකැයි සිතූ ආන්ඩුව ඔවුන්ට ආධාර උපකාර කිරීමට සැරසුනෝය.
සිසුන් විවිධ පර්යේෂනයන්හි යෙදී වකුගඩු රෝගවලට සමාජිය විසඳුම් මෙන්ම විද්‍යාත්මක විසඳුම්ද ඉදිරිපත් කිරීමට උත්සුකු විය. ලංකාවේ නිදහස් අද්‍යාපනයෙන් පිටරට ගොස් සෙවය කරන අයද සිය හෘද සාක්ෂිය අනුව හැසිරෙන්නට ඕනාය සිතා මේ පිරිසට හැකි පමණ සහයෝගය දැක්වුවෝය. මේ සියලු දේ වෙද්දී වෛද්‍ය සිසුන් පමණක් මෙයට කරගැසීම මදි යැයි බොහෝ වෛද්‍යවරු සිතූහ. වඩාත් ජනතාව සමග ගැටී අත්දැකීම් සහිත බැවින් වෛද්‍යවරු සිය අත්දැකීම් මේ පරීක්ෂන ජාලයට ලබාදීමට කටයුතු කලෝය. ඇතැම් ප්‍රකට වෛද්‍යවරයෙක් සිය චැනල් සේවාව වෙනත් මිතුරකුට පවරා මේ වකුගඩු ලෙඩට බේත් සොයන පරීක්ෂණ කන්ඩායම් වල සහායට ගියෝය. සමහර පුද්ගලික වෛද්‍ය සේවාවන් වල අයිතිකරුවන් කෙතෙක් පින්සේන්ඩු වුවද සමාර දොස්තර මහත්වරු මේ වකුගඩු ලෙඩට බේතක් සොයාගෙන මිස අපි නැවත චැනල් වලට හැරෙන්නේ නැතැයි දැඩිව සිතා පරීක්ෂණ කාර්යන් වල නිරත විය.
ලංකාවේ ව්‍යාපාරිකයින්ද මෙතෙක් ගෙනගිය හුදෙක් මුදල් පසුපස දිවීම මදකට නවතා මේ පරීක්ෂණ කරන අයට නන් අයුරින් උපකාර කලෝය. විදෙස්ගත වී දැනුම ලබාගත යුතුම වූ කාර්යන්ට අවශ්‍ය අනුග්‍රහ සත්කාර පවා අවශය අයට ලැබෙන්නට විය.
විශාල ශ්‍රමයක් සහ දැනුමක් යොදා මාස ගානක් පරීක්ෂණ කලද පුවත්පත් වාර්ථා කරුවන් සතුටු කල හැකි මට්ටමේ ඉන්ද්‍රජාලික දිව්‍ය ඔසුවක් සොයාගත නෙහැකි වූ නමුත් ඔවුන් ජනතාවට අහිතකර කෘෂි රසායන භාවිතයපානිය ජලය ප්‍රතිකාර වලින් තොරව භාවිතයලාංකික ගොවීන්ගේ ලෙඩ වලට ඔරොත්තු දීමේ හැකියාව ආදී දේ ගැන මෙතෙක් නොතිබූ විශාල දත්ත තොගයක් ඒකරාශි කරගන්නා ලදී.
මේ තාක් ලබාගත් සංඛ්‍යාෙල්කන දත්ත  දත්ත,සිතියම් ගත දත්ත,ප්‍රෙව්නික සාධකඉතිහාසක කරුණුජලයෙ ්තත්ව ආදී විශාල විචල්‍යන් ගනනාවක දත්ත හැසිරවීම මිනිස් දෑත් වලින් වත් කුඩා පරිඝනකාදියෙන් කිරීමවත් කාලෝචිත නොවීය. ඒ ගැන වටහාගත් පරිඝනක ක්ෂේත්‍රෙය් ප්‍රවීනයන් මේ සඳහා දියුනු රටවල භාවිත වන සුපිරි පරිඝනකවල සහාය ලබාගන්නටද තීරණය කලෝය.
අවසානයේ වසරක දෙකක දීර්ඝ කාලීන පරීක්ෂණ නිරීක්ෂණ නිගමන අනුව රජරට වකුගඩු රෝගයට සාර්ථක විසඳුම් ලැයිස්තුවක් සහ නිසියාකාර ඔසු සොයාගන්නා ලදී.
සිහින 3
අනුර කුමාරද, දීප්ති කුමාරදකුමාර ගුනරත්නද ආදී පිරිස අධිරාජ්‍යවාදී ධනවාදයේ නවතම ස්වරූපය ගැන වකුගඩු රෝගය ව්‍යාප්තවන පැතිවල ජනතාව දැනුවත් කලෝය. ඉතිහාසයේ අන්කවරදාටත් වඩා අද ඇති වී ඇති කෘමිනාශකබෙහෙත්,පොහොර ආදී දේ වෙළඳපොලට යටත් වී ඇති බවත් කිසිදු පදනමකින් තොරව බෙහෙත් හේත්දකෘමිනාශකද පෝරද භාවිතයට වෙළඳපොල මගින් ගොවියා පොලඹවමින් පවතින බවත් අනුර කුමාර විසින් පවසන ලදී.
ධනවාදය නැමැති සංකල්පය තුල සාධාරනය යන වචනයේ අයිතිය වෙලෙන්දන් සතු වන බවත් මාක්ස් හේගල් විසින් අනුදත් සමාජවාදී සමාජයක් තුල වෙළඳපොලේ බලය අවම වී ගොවියාට අලුත් පශ්චාත්නූතනවාදී සමාජයක් ගොඩනැගෙන බවත් දීප්තිගේ මතවාද කාරයෝ කියන ලදී.
ඔවුන් කියූ බොහෝ දේ ගොවියන්ට නොතේරුන මුත් සුවල්ප පිරිසක් විසින් තමුන් යන ඉරිදා පොලට වඩා ගොඩාක් ලොකු වෙළඳ පොල නැමැති එකක් ඇති බවත් එය හොද නැති ජරා එකක් බවත් අවබෝධ කරගන්නා ලදී. මෙසේ අවබෝධ කොටගත් අය අනික් අයටත් සිය දැනුම මට්ටමින් මේ වෙළඳ පොල ගැන කියාදෙන ලදී. ඒ හරහා මහා පෙරළියක් සිදු වූයේ නැතත් ඉතාම සුලු පිරිසක් හෝ වෙළඳ දැන්වීම් යනු පරම සත්‍ය යැයි යන ගොවීන් අතර තිබූ මතයට හානියක් කරන්නට සමත් විය.
සිහින 4
පුද්ගලික ආයතන මගින් වෙනත් රටවල භාවිත වන ජල ප්‍රතිකාරක විදි ජනතාව අතර ව්‍යාප්ත කිරීමට කටයුතු කලෝය. රුපියල් 40,000ක් පමණ මිල වූ එම ජලය පිරිසිදු කරන මැෂින් කොතරම් සැරට මාකට් කරලා තිබුනේද කිවහොත් ඇතැම් ගමක රූපවාහිනියක්ජංගම දුරකථනයක් නොමැති දුප්පත් නිවෙස්වල ජනයා ඉලැක්ට්‍රික් වතුර පිල්ටර් පහසු ගෙවීමේ ක්‍රමයට මිලදී ගෙන තිබුනි. කන්නෙන් කන්නෙට ගෙවීමට හැකි ආකාරයට පහසු ගෙවීමේ ක්‍රම ආයතන මගින් හඳුන්වා දුන් නිසා බොහෝ නිවෙසියන්ට වතුර පිරිසිදු කරන මැෂින් මිලදී ගත හැකි විය.
මේ අතර පිල්ටර් මිලදී ගැන්මට මුදල් නොමැති ඇතැම් පවුල ්වලට පිටරට සිටින ලාංකික පිරිස්වල දායකත්වය ලැබුනි. රාජ්‍ය නොවන සංවිධාන මගින්ද ෆිල්ටර් විශාල තොගයක් වකුගඩු රෝග පවතින පැතිවල බෙදා හරින ලදී. දේශපාලන පක්ෂ වලින් චන්ද ගන්නට දත කට මැදන් සිටින අයද රෙදි බෙදාදීමදරුවන්ට සපත්තු දීම චීත්ත සාරි බෙදාදීමට වඩා වටිනාකමක් ෆිල්ටර් වලට ලැබී ඇති බව දැන ෆිල්ටරයක් දෙකක් ගමකට බෙදා දී සිය සිනා මූන පත්තරේ දාගන්නට සමත් විය. ෆිල්ටර් බෙදීම් නැමැති තීරුවක්ද සමාර පත්තරවලට එකතු වී තිබුනි.
සිහින 5
මේ පිළිබඳ දේශපාලන වේදිකා කිහිපයක සිදුවූ කතා කිහිපයක් මා යූ ටියුබයෙන් බල බලා සිටියෙමි.
නිලි පොන්සේකා සහ හමුදා පොන්සේකා මේ වකුගඩු ගැටලුව ගැන අදහස ්දක්වා තිබුනි. “ එදා සිනමා නිර්මාණ වලට මම මේ වෙල් වල දුවපැනල තියෙනවා ඒත් අද මේ වෙල්වල වගාකරන මිනිස්සුන්ගෙ වකුගඩු සවුත්තු වෙලා.. මේකට අපේ අතිගරු.. තුමා වගකියන්න ඕනි කියල කට්ටිය කියනවා. නමුත් මම හිතන්නෙ එතුමා මේ ජනතාවට තිබුන ලොකුම කරදරේ වුන ත්‍රස්ථවාදී කරදරේ නතර කරල දුන්නා. ලෝකෙට පරද්දන්න බැරි කොටියා පරද්දපු අපේ අතිගරු... තුමා ඒ පස්නෙ විසඳුවා වගේම මේ වකුගඩු පස්නෙත් විසඳලා දේවි..“ නිලිපොන්සේකා එසේ කියූවේය..
අපේ හමුදාව යුද්ද කරනකොට මේ ජනතාව ගොඩක් උදව් කලා. අද මේ ඒකාධිපති රෙජීමය ජනතාවගේ වකුගඩු රෝගෙත් විකුනගෙන කනවා. දූෂනේ වංචාව වැඩිවෙල. අපි බලයට පත්වෙන දවසක මේ වකුගඩු රෝගෙට නිසි විසදුම් ගේනව. අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනව මේ වකුගඩු රෝගෙට වගකියන්න ඕන මිනිමරු ආන්ඩුව පන්නල අපි එක්ක එකතු වෙලා අනාගෙත් සාර්ථක කරගන්න කියලා“ හමුදා පොන්සේකාගේ ඒ කතාවටද ලොකු විසිල් සහ අත්පුඩියක් ලැබී තිබුනි.
එදා මම 2002දි දෙනකොට වකුගඩු රෝගින් පන්දහක් විතර හිටියෙ. අද ඒක පනස්දහක් වෙල තියෙනව. තිස් අවුරුදු යුද්දෙන් මේ පැත්තෙ නැතිවෙච්ච ඔක්කොම ග්‍රාමරක්ෂක කට්ටිය ගානටත් වඩා වකුගඩු රෝගෙන් දැනට මැරිච්ච පිරිස වැඩිවෙල තියෙනව. මං පත්තරෙ දැක්ක වකුගඩු රෝගෙන් අපේ ගම්වල සහෝදර ජනතාව දොලොස්දාහක් තරං විසාල පිරිසකගේ ජීවිත නැතිවෙල තියෙනව. මේ වෙලාවෙදි මේ තරං පිරිසක් වකුගඩු රෝගෙන් මැරෙනකොට ආන්ඩුව කියයි වකුගඩුත් ත්‍රස්ථවාදියෙක් කියල. (ඒ කතාවට දැඩි අත්පොලසන් නාදයක් ලැබේ එයින් පිකප් වෙන කථිකයා) මං මෙ ජනතාවට කියන්න කැමතියි..ඉදිරියෙ එන එස්සත් ජාතික පස්ස රජයක් යටතෙ වකුගඩු නැතිවෙන අපේ නංගිල මල්ලිලට දකුනු ඉන්දියාවෙන් හරි වකුගඩු ගෙනත් දෙනව. .. වැදගත් සංඛ්‍යාත්මක දත්ත සහිතව ආන්ඩුවෙ වැරදි නිවැරදිව කියන ලද විපක්ෂ නායක කතාවේ මුල හරියේ කිසිවක් රාජ්‍ය මාධ්‍ය වල පලවූයේ නැති අතර ඔහු අවසානයේ පිකප් වී කියන ලද අපේ ජනතාවට ඉන්දියාවෙන් වකුගඩු ගෙනත් දෙනවා යැයි කියූ කොටස පමණක් රාජ්‍ය මාධ්‍යවල හොඳින්ම පල විය. රජයට කැමති නාලිකාවල දොස්තරවරුදසාමාන්‍ය ජනතාවද ඉන්දියාවෙන් වකුගඩු ගෙන්නීමේ කතාව මහත් ගොන් කතාවකැයි කියන ලදී. දේශපාලක විචාරකයෝද සම්පූර්ණ කතාවේ මේ අවසාන කොටස පමණක් ගෙන පට්ට ගසන්නට විය.

Saturday, January 4, 2014

රජරට වකුගඩු සිහින 1 kidney dreams

ලංකාවේ රජරට ප්‍රෙද්ශයේ වකුගඩු රෝගයක් දැන් වසර කිහිපයක සිට ව්‍යාප්ත වෙමින් පවතී. අනුරාධපුර පොලොන්නරු ප්‍රෙද්ශයෙන් ආරම්භ වුන මේ වකුගඩු මාරයා දැන් කුරුණෑගල මාතලේ ආදි දිස්ත්‍රික්ක කරාද ව්‍යාප්ත වෙමින පවතී. මේ වකුගඩු රෝගය ඇතිවන්නේ ඇයිදැයි යන්න ගැන බොහෝ මතිමතාන්තර ඇති අතර ඒවා බොහොමයක් සනාථ නොකල මත වෙයි.

ආසනික් විස වීම නිසා වකුගඩු රෝගය ඇතිවන්නේ යැයි පතල මතයක් ඇති අතර ආසනික් විස වීමෙන්, දැනට බහුල ලෙස පැතිරී ඇති වකුගඩු රෝගය ඇතිවිමට පෙර වෙනත් රෝග ලක්ෂන ගනනාවක් ඇතිවෙන බව ප්‍රකට වෛද්‍ය මතය වෙයි. ආසනික් කැඩ්මියම් ආදී ලෝහ ජාති සිරුරට අහිතකර මුත් මේ ඇතිව තිබෙන වකුගඩු රෝගය ආසනික් නිසා ඇතිවූවකැයි කෙලින්ම පැවසිය නොහැක. ආසනික් ශරීරගත වූයේ නම් වකුගඩු අකර්මන්‍ය වෙමින් සෙමෙන් වැඩිවෙන මේ වකුගඩු රෝගයකට එහා ගිය ක්ෂණික තත්වයන් ඇතිවීමට ඉඩ ඇති බව දොස්තර මහත්වරුන්ගේ මතය වෙයි.

ක්ලෝරයිඩ්,ෆ්ලුවොරයිඩ් ආදී දේ ද, නිකල් කැඩ්මියම් වැනි ලෝහද උතුරුමැද පලාතේ පානීය ජලයෙ අනුමත ප්‍රමාණයට ඇති බවද ජලයේ ඇති කිවුල් ගතියද අනුමත ප්‍රමානයට වැඩි බවද සොයාගෙන ඇත. නමුත් මන්නාරම කල්පිටිය පැත්තේ ජනයා ද දිවයිනේ වෙනත් ප්‍රෙද්ශවල ජනයාද මේ කියන ලවණ ඇති ජලය පානය කරති ඔවුන්ට එතරම් වකුගඩු රෝගී අවධානමක් නැත. එබැවින් ඒ නිසා පානිය ජලයේ කිවුල් ගතිය සහ බැර ලෝහ වැඩිවීම නිසාම වකුගඩු රෝගය ඇති වෙනවා යැයි නිච්චියටම කියන්න හැකියාවක්ද නැත.

කෘමිනාශක වල්නාශක අධිකව යෙදීම නිසාද මිනිසුන්ගේ අයහපත් ආහාර රටා නිසාද මෙය ඇතිවිය හැකි බවට තවත් ප්‍රකට මතයකි. නමුත් කල්මුනේ අම්පාර පැත්තේ ගොවියාත් අම්බලන්තොට රිදියගම පැත්තේ ගොවියාත් අනුරාධපුර ගොවියාත් සැලකුවොත් ඔවුන් අතර යොදන කෘමිනාශක වල්නාශක ප්‍රමාණයේවත් ගෙවන ජීවනරටාවේවත් සැලකිය යුතු වෙනසක් නැත. කෘමිනාශක අධික ලෙස යෙදීම සිරුරට අහිතකර වුවත් ඒ නිසාම වකුගඩු ලෙඩ ඇති වේ යැයි නිගමනයකට එලඹිය නොහැක.

පානීය ජලයේ ඇති අහිතකර තත්වය සිතියම් ගත කල විට, ජලයේ අපිරිසිදු තත්වය සහිත සිතියම හා වකුගඩු රෝගීන් බහුලව සිටින පලාත් දැක්වෙන සිතියම අතර රේඛීය සම්බන්ධතාවයක් මෙතෙක් සොයාගෙන නැත.  ඉඳහිට එකෙක් දෙන්නෙක් හෝ සංවිධානයක් පොර වීම සඳහා අහුලාගත් හේතුවක් ඉදිරිපත් කරන නමුත් එය නිසි ලෙස ඔප්පු කර පෙන්වීමට ඔවුන් අසමත් වෙති.

මාගේ මිතුරු පොලොන්නරු ප්‍රෙද්ශයේ රාජකාරි කරන ලද දොස්තර මහත්මයෙකුගෙන් මේ ගැන විමසූ විට ඔහුගේ අදහස වූයේ බෝ නොවන රෝගයක් වන මේ රජරට වකුගඩු රෝගය වැනි රෝග වලට ස්ථිර වශයෙන්ම ප්‍රබල එක හේතුවක් දෙකක් දැක්වීමට අපහසු විය හැකි බවයි. සරල උදාහරණයක් ගතහොත් දැන් ධනවත් සමාජයෙන් දුප්පත් සමාජයටද සංක්‍රමනය වෙමින් පවතින, අධි රුධිර පීඩනය, දියවැඩියාව, හෘද රෝග ආදිය ඇතිවන්නේ කිනම් කරුණක් නිසාදැයි ස්ථීර එක හේතුවක් ලබාදෙන්නට හැකියාවක් නැත. හෘද රෝග වැඩිවන්නට හේතුන ගනනාවක් ඇත. ඒ අතර ප්‍රෙව්නික බලපෑමක්ද දැඩිව ඇත.

මේ දොස්තර මහත්මයා වැඩිදුරටත් කීවේ අනෙක් නැගෙනහිර පලාතේ  සහ දකුනේ මේ කෘෂීකාර්මික පසුබිමම ඇති ගොවීනට මේ රෝගය නොවැලදී උතුරු මැද පලාතේ රෝගීන්ට බහුලව වැළඳීමට ප්‍රෙව්නික සාධකයක් හෝ දැනට සොයාගෙන නොමැති භූගෝලිය සාධකයක් හේතු විය හැකි බවය. නමුත් දැනට කෘෂිකර්මාන්තයට යොදන කෘෂීරසායන ප්‍රමාණය වැඩි බව එතුමා පිළිගත්තේය. ලිංවලින් සහ වැව්වලින් ගන්නා ජලය නිසි ප්‍රතිකාරවලට ලක් නොකර කෙලින්ම බීමට ගැනීමෙන් වකුගඩු රෝග මෙන්ම වෙනත් රෝග තත්වයන් වැඩි විය හැකිබවක්ද එතුමා කියන ලදී.

දකුනු ඉන්දියාවේද මේ ආකාරයෙන් ජලයේ ඇති ෆ්ලුවොරයිඩ් ප්‍රමාණය වැඩි පළාත් තිබී ඇත. කාලාන්තරයක් තිස්සේ ඒ පළාත්වල ජනතාව ෆ්ලුවොරයිඩ වැඩිපුර අඩංගු ජලය පානය කර ඇත. පරම්පරා දෙක තුනක් යන විට ක්‍රමිකව අනික් පළාත්වලට සාපේක්ෂව ෆ්ලුවොරයිඩ වැඩි ජලය පානය කරන ලද ජනයාගේ නව පරම්පරාවේ දරුවන්ගේ බුද්ධි මට්ටම අඩු වී ඇති බව ඒ රටේ විද්‍යාඥ කන්ඩායමක් සොයාගෙන ඇත. දරුවා මව් කුස තුල සිටියදී අවශ්‍ය අයඩීන් අවශ්‍යතාවය නිසිපරිදි නොලැබීමට ෆ්ලෝරයිඩ් හේතු වේ. දරුවන්ගේ බුද්ධි වර්ධනයට අවශ්‍ය යැයි සැලකෙන අයඩින් රිසි පරිදි නොලැබීම නිසා දරුවන්ගේ බුද්ධි මට්ටම අඩුවිය හැකි බවට පරීක්ෂණය කරන ලද දොස්තර මහත්වරු සොයාගෙන ඇත. මේ කාරණාව මට කීවේ පෙර කී දොස්තර මහතාය. ලංකාවේ මේ ගැන නිසි පරීක්ෂණයන් සිදු වී නොමැති නමුත් උතුරු මැද පලාතේ පානීය ජලයේ ෆ්ලුවොරයිඩ වැඩි බව අනාදිමත් කලක සිට කියවෙන මන්ත්‍රයකි.

මා උතුරු මැද පළාතේ කැබිතිගොල්ලෑවේ පාසැල් වලට පොත් බෙදා දීමේ සද්කාර්යයකට පසුගිය දිනවල දායක වුනෙමි. එවිට මට වකුගඩු රෝගය ගැන අසන්න ටලැබුනි. ඉන් අනතුරුව ඒ ගැන තොරතුරු සොයා ගිය නමුත් ස්තීර හේතුවක් සොයාගන්නට නොහැකි විය. එයින් මතු මා නින්දට ගිය විට සිහින කිහිපයක් දකින ලදී. ඒ සමහරක් කිසිදා සත්‍ය නොවන ඒවා වන අතර සමාරක් ඒවා සත්‍ය විය හැකි වටපිටාවක්ද ඇත. මිනිස්සුන්ට පේන සිහින සදාචාරයට ආගමට ජාතියට හෝ රීතින් වලට අනුකූල නොවිය හැකි බැවින් වඩාත් සිල්වත් මේ සිහින බැලීමෙන් වලකින ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමු.

සිහින 1

ඥාණසාර හිමිද, කවිකියන ඥානාලෝක හිමිද, බණ කියන ඥානානන්ද හිමිද එක් වේදිකාවක වකුගඩු රෝගය ගැන කතාකරන්නට පැමිණ තිබුනි. අපෙ හාමුදුරුවනේ කියා පිටුපස බැලූ ඥානසාර සාදු “මේ කල්මුනේ පැත්තෙ ඉන්න මුස්ලිම් මිනිස්සුන්ට මේ ලෙඩේ හැදිල නැහැ වැඩිය. අපේ සිංහල මිනිස්සුට තමයි හැදිල තියෙන්නෙ වැඩියෙන්. ඕක ඔය මුස්ලිම් අයගේ කුමන්ත්‍රණයක් කියල මම කියන් නැහැ. ඒ වුනාට ඔය කල්මුනේ පැත්තෙ තියෙන්නෙ අපේ සිංහල රජකාලෙ ඉදල සිංහල අපිට තියෙන ඉඩං. එදා වෙල්ලස්සෙ ඉංගිරිසින්ට විරුද්ධව කැරලි ගැහුවෙ ඔය දිගාමඩුල්ල පැත්ෙතන් තමයි.. දිගාමඩුල්ල පැත්තෙ ඉස්සර සද්ධාතිස්ස රජතුමා අස්වැද්දුව කියලත් වංශකතා වල සඳහන් වෙලා තියෙනවා. ඒ හොද ඉඩම් අද වෙන රටකින් ආපු හම්බ පරයින්ට අයිති වෙලා. අපිටත් ඉන්න බැරුව රාජධානිත් එක්කම අත් ඇරල ගිහිපු මේ පොලොන්නරුවෙ කාන්තාර කෑලි ටික අපිට අයිති වෙලා.. අපි මේක වෙනස් කරන්න ඕන..අපේ නැගෙනහිර පලාතේ තියෙන පිං බිම් ටික ආයිත් අරගන්න ඕනි..“ යැයි ඥානසාර හිමි දැඩි ස්වරයෙන් පැවසීය..

“මේ සිතේ ඇතිවෙන චෛතසික නිසා වකුගඩු වලටත් හානි වෙනවා කියල ඉන්දියාවෙදි යෝගියෙක් ආසන්නයේ ඉඳගෙන මා කියවූ ත්‍රිපිටකයේ කොටසක සඳහන් වෙලා තිබුනා. ඔය පිංවතුන් දන්නෙ නැතුව ඇති හිමාලයේ ඉන්න සමහර කෙලෙස් නසපු යෝගීන් වසර දහස් ගානක් තිස්සෙ කිසිම වකුගඩු රෝගයක් නැතුව ජීවත් වෙනවා. මේ අපේ සිතේ ඇතිවන නරක සිතුවිලි පාලනය කරලා අපිට යහපත් විදියට ජීවත් වෙන්න පුලුවන් නම් යහපත් සිතුවිලි වගා කරගන්න පුලුවන් නම් අපිට මෙ වකුගඩු රෝගය බොහොම ඉක්මනින්ම නවත්වා ගන්න පුලුවන් වේවි..“ යැයි ඥානානන්ද සාදු පැවසූ සේක.

රෝහිණී නදියේ ජල ගග ගැලුවා

ශාක්‍ය කෝලිය දෙපසට බෙදුනා..

සංසුන් ගමනින් වැඩ මහ නදියට..

යුද්ධය නැතිකොට සාමය දෙසුවා..



එවන් විකුම් කල අප සමිඳානන්

සිහි කර කර නිති ගුණ මුහුදානන්

පුදා මල් පහන් දීලා මහදන්

මිදෙමු අපිත් වකුගඩු රකුසාගෙන්.. මිදෙමු අපිත් වකුගඩු රකුසාගෙන්..

කවියට බොහෝ ලැදි ඥානාලෝක සාදු මහදන් දීමෙන්ද මල් පහන් පිදිමෙන්ද රත්නත්‍රෙය් ආශිර්වාද ලබාගැනිමින් වකුගඩු රකුසා පැරදිය හැකි බව මිහිරි නදින් දේශනා කලෝය.

වකුගඩු රෝගයට විසදුම් සෙවීම ගැන දුටු තවත් සීන රැසක් ඊලග පෝස්ටුවේ පල වේ.. 

Tuesday, December 31, 2013

යකා වැවට අපේ දෑත

අපේ කන්තෝරුවෙ කන්ඩායමක් එක්ක එකතුවෙලා පහුගිය දවසක අපි යකා වැව කියන නැසීගිය මායිම් ගම්මානයට ගියා. ගිහින් ඒ ගමේ තියෙන ප්‍රාථමික පාසැලට තෑගි ගොඩක් දීල පොඩි ළමයින්ගේ සිත් සතුටු කරලා ආවා. ඒ ගමන අලුත් අත්දැකීම් ගොඩක් එකතු කරගන්න අවස්ථාවක් වුනා. පොත් ගෙනියපු හැටි දීපු හැටි, පොත් පැක් කරපු හැටි අපි ගිහින් බිල්ඩින් වල තීන්ත ගාපු හැටි ආදිය ගැන ඉතිං විස්තර කොරාන්ඩ දෙයක් අමුතුවෙන් නැහැ. අපි වගේ තෑගි දෙන වෙනත් අය දුර කතර ගෙවාගෙන කටු කාගෙන ගිහින් දුෂ්කර පාසැල් හොයාගෙන ගිහින් තෑගි දෙන්නෙ යම් සේද අපිත් ඒ ලෙසටම ඒ වැඩේ කලා. 
ඒ වගේම නෑයෙක් ඒ ගමට ගියාම සලකන්නෙ යම් සේද ඒ ආකාරයෙන්ම අපිට කෑම බීම ආදියෙන් ගම්මු සංග්‍රහ කලා. 
 යකාවැව පාසැලේ විදුහල්පතිතුමා පාසැලේ තිබෙන විසාල ඉඩමෙන් කොටසක් කුරහන් වගාවකට බදු දීල. බද්ද කන්නෙටම රුපියල් තිස්දාහක් විතර. ඒ සල්ලි වලින් ස්කෝලෙ ලයිට් බිල් ආදිය ගෙවලා ඉස්කෝලෙට යමක් කරන අදහසක් තියෙනව කියල එතුමා කිව්වා. වෙනත් කන්ඩායමක් මේ ළඟදි ලොකු ආධාරයක් පාසැලට කරලා තිබුනා. ඒ සල්ලි වලින් විදුහල්පතිතුමා පාසැල වටේට වැටක් ඉදිකරලා අලුත් පරිඝනක විද්‍යාගාරයක් ඉදිකරගෙන යනවා.

මේ තියෙන්නෙ ඉරිඟු සහ කුරහන් වගාවක්.මේ ඉරිඟු කුරහන් වගාවල් වලට තෙල් පෝර ගහන්නෙ නැතුව හදනවා කියල බොහොම දෙනා හිතනවා. නමුත් මේ ඉරිඟු වලට මුල් කාලෙදිම තෙල් ගහන්න ඕනය කියලා මම කතාකරපු ගොයි මහත්තයෙක් කිව්වා. මේ යකාවැව ආදී කැබිතිගොල්ලෑව කියන කුඩා නගරයට ආසන්න බොහෝ ගම්මාන වලට ස්ථිර වාරිමාර්ග පද්ධතියක් නැහැ. හුදකලා වුන වැව් කිහිපයක් තිබෙනවා. ඒ නිසා මේ අයට වගා කරන්න වෙන්නෙ අහස් දියෙන්. මහවැලි ව්‍යාපාරයේ බොහොමයක් වැව් අමුණු වලට වතුර හිග කාලෙදි වතුර කඩ අරන් එන්න පුලුවන් ඇලවල් වැව් අමුනු ආදී පද්ධතියක් තිබෙනවා. නමුත් මේ කැබිතිගොල්ලෑව ආසන්න ගම්මාන බොහොමයකට ඒ වගේ පහසුකමක් නැහැ. ඒ නිසා ගොවිතැන කියන්නෙ වාසනාව උරගා බලන ලොතරයි ඇදීමක් වගේ. මහන්සි වෙල මහන්සි වෙල හරියට වැහි වැටුනෙ නැති වුනොත් ඉවරයි. අහස් දියෙන් කරන වගා ගැන ලොකු විශ්වාසයක් තියන්න බැහැ.

මෙන්න මේ අලපත්වැව කියන පාසැලටත් අපි තෑගි අරං ගියා. ඒකෙදි මටත් තෑගිදෙන්න අවස්ථාව ලැබුනා. මේ උත්සවය තිබුනෙ එළිමහනේ. අපි උදෙන් එනවා කියල කිව්ව නිසා ඒ විදුහල්පති තුමා උත්සවය එළියේ සංවිධානය කරන්න ඇති. මේ පාසැලේ මම තෑගි දෙන්න නියම වුන පලවෙනි දරුවා ඇවිත් හිටියෙ නැහැ. ඒ දරුවාගේ පියා ඇවිල්ලා අපි දුන්න තෑගි පාර්සලය අරං ගියා. මේ පාසැලේ දරුවො අපි තෑගි දෙන හැම වතාවෙම දන බිම තියලා අපිට වැන්දා. වැලි පොලවෙ දරුවො දණ ගහන එක දරුවන්ටවත් දෙමාපියන්ටවත් ගැටලුවක් නොවුනට අපිට ඒක පොඩි ගැටලුවක් වුනා. මොකද ඒ දරුවන්ට දඩුවමක් වගේ සිද්ධියක් නේ ඒක. මම ගිහින් විදුහල්පති තුමාට ඒ ගැන කිව්වාෙ. වැඩක් නැහැ. සමාර ළමයි ඔලුව අතගානකල් නැගිටින්නෙත් නැහැ කියල එතුමා කිව්වා. 
ඉන් පස්සෙ අපි දනගහන්න අවශ්‍ය නෑ කියල පොඩියට දැන්වීමක් කරත් දරුවො පුරුද්දට වගේ වඳින්න ගත්ත නිසා අපි පොඩි කාඩ්බෝඩ් කෑල්ලක් දාලා දණහිස් බිම වදින්නෙ නැතිවෙන්න ට්‍රික් එකක් දැම්මා. 
මේ ඉන්නෙ තැගි ගනිපු දරුවො කිහිප දෙනෙක්. මේ පාසැලේ තියෙන්නෙ එකම එක ගොඩනැගිල්ලයි. ඒක ළමයින්ට මදි කියලා ඒකෙ විදුහල්පති තුමා තාවකාලික මඩුවක් වගේ එකක් ගියවසරේ යනකොට ඉදරිකරගෙන තිබුනාලු. ඒක දැකපු ගියවසරේ ගිය කන්ඩායමේ අපේ අය අතර හිටපු දානපති මහතෙක් අලුත් මාදිලියේ අඩු මිල ක්‍රමයකට ගොඩනැගිල්ලක් තනා දෙන්න උත්සාහයක් අරං තිබෙනවා. නමුත් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ කළාප අධ්‍යාපන කාර්යාලයෙන් අදාල අනුමැතිය විදුහල්පති තුමාට ලැබිල නැහැ. විදුහල්පති තුමා ඒ ගැන කිව්වෙ එතුමා ගිහින් ඒ ක්‍රමයට හදපු ගෙවල් සහ ආන්ඩුවෙ කන්තෝරු ගැන අධ්‍යාපන කාර්යාලයේ ඇත්තන්  දැනුවත් කලාලු. නමුත් අවසානෙ අනුමැතිය නැති නිසා අර දානපති අයත් පස්ස ගහන්න ඇති. වැඩේ කොට උඩ. නන්දා මාලනී මහත්මිය ගේ සිංදුවක් තිබෙනවා පූජාසනයේ ඔබ හිඳුවා ඔබම පුදන ඒ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ... මේ පාසැල් දරුවන් වෙනුයෙන් විදුහල්පති තුමාට ඉහලින් ඉන්නෙ කලාප අධ්‍යාපන කාර්යාලය. නිල වශයෙන් කලාපෙ සියලුම පාසැල් ගරුකරන කලාප අධ්‍යාපන කාර්යාලයම දරුවන්ට අලුත් ගොඩනැගිල්ලක් හදාගන්න කාරණාවට විරුද්ධ වෙලා තියෙනවා. 

 අපි පාසැලට එන විට දරුවො කිහිප දෙනෙක් බුලත් අතක් අරගෙන ඉස්සරහට ආවා. අර තට්ට හිසක් තිබෙන මහත්මයා තමයි විදුහලේ විදුහල් පති තුමා. මං කලින් කියන්න ආපු කාරණාව තමයි අර ළමයා නොපැමිණි නිසා පියා මගෙන් තෑග්ග ලබාගත්තා කියන කාරණාව. මම පස්සෙ ගිහින් පියා එක්කල ටිකක් කතා කලා. එතුමා කිව්වා. රෑට පැලට යන්න කොල්ලත් ආවලු.තාත්තයි පුතයි පැලට ගිහින් එනකොට ටිකක් දවල්වෙලා.උදේ ගෙදර ආහම කොල්ලට උන ගතිය වගේ තිබුනලු. උදෙන්ම එන්න කියල තිබුන නිසාත් කොල්ල උණුවතුරෙන් නාවල ලෑස්ති කරගන්න වෙලාව යන නිසාත් දවල් වෙල ආවොත් කරදර වෙයි කියලා ඒ ළමයා ඇවිත් තිබුනෙ නැහැ.
මේ ඇලපත්වැව කියන ගමේ හේන් වලට නම් අලිත් එනවය කියල තමයි කතාකරපු අය කිව්වෙ. මුලු මාසයක් හේනේ පැලේ ඉදලා එක දවසක් අලි දෙන්නෙක් හේනට පැන්නාම ඇති ඉතිං ඔක්කොම විනාස කරගෙන යන්න.
මේ පිංතූරෙ තියෙන්නෙ අපි වෙනුවෙන් එක පාසැලක හදල තිබුන සුළු සංග්‍රහය.කුරහන් පිට්ටු, කුරක්කන් හැලප, කිරිබත් මුං කැවුම් ආදිය අපිට කන්න ිතබුනා.. තව  ඉඳිආප්ප කෙසෙල්ගෙඩි ආදියත් තිබුනා. අපි ගිය විද්‍යාල පහේම මේ වගේ සුළු සංග්‍රහ තිබුනා. මං නම් විද්‍යාල පහෙන්ම කිරිබත් කෑවා. මොකද කිරිබත් කෑම කියන්නෙ අපේ චාරිත්‍රයක්. අපි එක්කෙනක් වත් කිරිබත් වලට අතවත් නොතිය ආවනං ඒ ගම්වල අය අපිගැන වැරදියට හිතාවි කියලා මම කිරිබත් කෑල්ල බැගින් හෝ කන්න වගබලා ගත්තා. 
මේ කැබිතිගොල්ලෑව අද්‍යාපන කොට්ඨාශයටම තිබෙන කුඩාම පාසැලක් වන විහාරහල්මිල්ලෑව පාසැලේ ලමයි අපි එනකල් බලාගෙන හිටපු හැටි. . මේකෙ එකේ සිට පහවසර දක්වාම ඉන්නෙ ළමයි දහයක් පාලවක් අතර ගානක්. මේ පාසැලේ විදුහල්පති තුමා පත්වෙල ඇවිල්ල තියෙන්නෙ මේ අවුරුද්දෙ මුලදි. එතුමා එනකොට පාසැලේ එවක හිටපු ළමයි පස් දෙනාගේ දෙමාපියන් එක හඩින් එකම ඉල්ලීමක් කලාලු. ඒ තමයි වෙනත් පාසැලකට ඇතුලත් වෙන්න දරුවන්ගේ අස්වීම් සහතිකේ ලබා දෙන්න කියන එක. නමුත් විදුහල්පතිතුමා අවුරුද්දක් දෙමාපියන්ගෙන් ඉල්ලලා අදවෙනකොට එතුමාට සහ ගුරුමන්ඩලයට ළමයි සංඛ්‍යාව වගේම විදුහලේ තත්වයත් තරමක් දුරට දියුණු කරගන්න හැකියාව ලැබිල තිබෙනවා. 
මේ පිංතූරෙ ඉන්නෙ මේ පාසැලේ හිටපු දරුවො ටිකඅපි දීපු තෑගි ටිකත් එක්ක. මේ පින්තූරෙ මැදින් ඉන්නෙ විදුහල් පති තුමා. මේ පින්තූරෙ පොඩි හාස්‍යජනක ගතියක් මට පේනවා. පිංතූරෙ ගතපු මමත් එක්ක බැලුවාම මේ පින්තූරෙ තෑගි ලබාගතපු ලමයි ගානයි තෑගි දෙන්න ගිහිපු අපි කිහිප දෙනයි ගනනින් සමානයි. ඒ කිව්වෙ තෑගි ගතපු ළමයි දොලහයි. තෑගි දෙන්න ගියපු අය දොලහයි. අපි කස්ටිය වාහන තුනකින් ගියේ. කෝමවුනත් අපි කැබිතිගොල්ලෑවෙ පාසැල් පහකට තෑගි දුන්නා. ළමයි ඔක්කොම දෙසීයකට විතර තෑගි ලැබුනා කියල මම හිතනවා. මේ පාසැලේ විදුහල් පතිතුමා බොහොම කෙටි වුනත් බොහොම සංවේදී කතාවක් කලා. 
කැබිතිගොල්ලෑව අවට අපි තෑගි දීපු හැම ගමක්ම ත්‍රස්ථවාදී තර්ජන වලට දැඩිව මුහුන දීපු ගම්. මේ තියෙන්නෙ ඒ හමුදා කෑම්ප් එකකින් ඉතිරිවෙච්චි මතක සටහන් කිහිපයක්. මේ ඇවිල්ල ජිම්නාස්ටික් කරන්න කෑම්ප් එකකට  තෑගි ලැබුන කට්ටල දෙකක්. යකාවැව කියන පාසැල් සීමාවෙම සැඟවෙන්න බංකර් වගේම හමුදා පොලිස් කඳවුරු තිබිල තියෙනවා. අර විහාරහල්මිල්ලෑව විදුහලේ විදුහල්පති තුමා උසස් පෙළ හදාරන අවධිය කොටි කලබල සැරට තිබුන කාලයක්ලු. කොටි කලබල නිසා ගොඩක්ම අසරණ වෙලා තිබුනාලු එතුමාගේ පවුල. ඒ කාලෙදි කැබිතිගොල්ලෑව පාසැලට කොළඹින් පැමිණි පිරිසක් මේ සිසුවා එක්ක කතා බහ කරල තියෙනවා. එතනදි කතාකල මහත්වරු විෂයානුබද්ධ පොත්පත් සියල්ලම කිසිදු කරදරයකින් තොරව අර කොළඹින් ආපු අය ලැබෙන්න සැලැස්සුවාය කියල විදුහල් පති තුමා කිව්වා. එතුමාගේ ජීවිතයේ ඒ සිද්ධිය එක්තරා සංදිස්ථානයක් කියල ඔහු කිව්වා. ඒ පුද්ගලයාම අද පොතින් එලියට බැහැල ලෝකෙත් එක්ක ගැටෙන දුයිෂෙන් කෙනෙක් වෙලා තියෙනවා. 

ගුරු ගීතය කටපාඩම් තියෙන බොහෝ දෙනා දන්නෙ නැතිව ඇති රුසියාවට ගොඩක් මෙහායින් ලංකාව කියන රටේ ඉතාම සුළු වැටුපකට දුෂ්කර පාසැල් වල උගන්වන ගුරුවරු ගොඩාරියක් ඉන්නවාය කියලා. ඒ දුෂ්කර පාසැල් වල ඉන්න දරුවන්ට තමුන්ගේ උපරිම ශක්තියෙන් සේවය කරන ගුරුමහත්වරු කියන්නෙ පැතලි පිටුවක මුද්‍රනය වුන චරිතයක් වගේ ලේසි පාසු චරිතයක් නෙමෙයි. ඊට වඩා එහා ගිය සමාජ ගැටීම් ගනනාවකට ඔවුන්ට මුහුන දෙන්න සිද්ද වෙනවා. 

Friday, December 27, 2013

අද විකුනන ලඳ (ada seller girl)

අයි පෝන් විකුනන ලදක්

හිමිදිරියෙ බස් එකට ඈ ගොඩවෙලා
විස්තරය පත්තරේ පෙළ ගස්වලා
උස්සා ඇස් දක්වා වටපිට බල බලා..
දායයි අද දහයයි කියයි..

නිල්පාට ඩෙනිමේ..කහපාට කමිසේ..
හැමදාම නිළ ඇඳුම, පත්තර ඇත අතේ..
ඇස් කරකවල බලලා දහයක් දික්කල විගසා..
පත්තරය දෙයි සිනහවක් දහයට දාලා..

කලු කෙස් ඇගේ යයි දුඹුරුවට හැරිලා
සුදු මූන යයි අවුවටම මැලවිලා..
බස් සෙකේ මහ පාරේ දූවිලි මැද ඉඳන්..
හෙට දවස වෙනුවෙන් ඈ අද විකුන..තී..

මල් කුමරියක් නොවේ..සුරදූතියක් නොවේ..
හෙන ගොඩාක් ලස්සන රූ ඇත්තියක් නොවේ..
පිහිටට ඇගේ අද ඇත ඈ අතේ..
එය විකුනලා ඇය ගෙවයි ජී විතේ..

හැමදාම අද ගන්නෙ ඇය ගැන සිතා..
ඇය ගැන මවා හීන මාලිග නගා..
මා වන් හීනෙන් පිරුනු පොරවල් නිසා..
අද හැමදාම විකිනේවි ඈ අත නිසා..




අඩි පහේ ටියුබ් ලයිට් සඳහා :- අද නමින් දිනපතා පුවත්පතක් ලංකාවෙ ඇති අතර එය රුපියල් දහයකි. මිලෙන් අඩු එම පුවත්පත විකිනීමට ගෑනු ළමයි කොළඹ නගරයෙ තැන තැන ඇත. 

Wednesday, December 25, 2013

අලිංගික සුනාමිය (9,10,11)

9

සික් කාලකන්නි හැත්ත. මුං අර ගහගෙන ගිහිපු සුද්දියොන්ගේ ඇදං හිටපුව පවා ගලෝගනලු බං. සික් ඉතරක් පිටිං එනවයි ඉතිං. අපේ ගමේම උන් තමයි.

ඉස්කෝලෙ මහත්තයා හැමටම ඇහෙන්නට මැරිච්ච සුද්දියන්ට සිය කණගාටුව පංසලේ සිට පල කරයි.

අනේ ඉස්කෝලයයි කරුණාව. මෙච්චර මෙහෙ මරණ ගෙවල් වගයක් වෙලා තියෙනවා. කෙහේද යන සුද්දියො වගයක් ගැන මේ මෝල් වහන්සෙ කතා කොරනවා. පංසලේ සිටි එකෙක් සිහින් නදින් අනිකාට කිව්වේය.

පංසලේ සිට මෙය අසා සිටි චමින්දට යමක් කල්පනාවට ආවේය.

දරුවා එක් ගැහැනියකට දුන් චමින්ද. මාත් යනව මිනි හොයන්න යැයි හැන්දෑවෙම පිටත් විය. මහ කැරැන් ගාල්, කඩොල් පිටි අස්සේ මිනි නැතැයි සමාරු සිතූහ. සමහරු සිතුවේ මිනි ගොඩාරියක් ආයිත් මූදට ගහගෙන ගොස් ඇති නිසා යලිත් කඩොල් කැල අස්සේ මිනි සෙවීම වැඩක් නැති වැඩක් ලෙසයි.

නමුත් සුද්දෝ සුද්දියෝ වෑන් එකක් පිරෙන්නට සිට ඇති අතර උන් වෑන් එක පිටින්ම මහා වතුරට අසුව ගසාගෙන ගොස් ඇත. ටිකක් වතුර එනවිට පැන දුවන්නට හදපු සුද්දො සුද්දියෝ රෑනම එකවිට රැල්ලට අසුවන්නට ඇතැයි ගැමියෝ සිතූහ.

සුද්දන්ගේ හොම්බ දිග කැමරා මැනමින් උන් මුහුදේ ගල්ගෙඩි පොටෝ ගනිමින් ඉන්නට ඇතැයි චමින්දද සිතුවේය. මාදැල් අදින කාලෙක එක සුද්දො රෑනක් මාදැල වටා සිට හැම එකම පොටෝ ගහන් ගිය හැටි චමින්දට මතක් වුනේය. ඒ අතර එක සුද්දියෙක් දැල් අදින වෙරලේ දිගාවී සිට දැල් අදින උන්ගේ  සරං කෙටි අස්සෙන් දැල පොටෝ ගන්නට හැදුවා චමින්දට මතකය. අදින දැලේ එවිට ඉදිරියෙන් උන් සයිබු උන්නැහේ.. මේකි මගේ වල්ල පොටෝ ගන්නවද කොහෙද? බලාපල්ල..කොහොමද මගෙ වල්ල එංගලන්තෙ පත්තෙරේ යනකොට..යැයි කිව්වේය.

එයට කට්ටියම හිනා වුනි.

මේ සුද්දන් රෑන නිසාම ලොකු පොලිස් හමුදා කට්ටියක්ද පැමින දවල් බලලා ගියෝය. ඔවුන්ද මහ කඩොල් කැලය සහ කැරන් ගාල බලන්නට බැරි නිසාත් රට වටේම විපත් තව දාස් ගනන් ඇති නිසාත් ආපසු යන්නට ගොස් සිටියේය. මහ කරුවලේ පන්දමක් වත් හොයාගන්නට බැරිවිය. නමුත් පෝයදා බැවින් හඳ යහමින් පායා තිබුනි. තව උන් ඇද්දැයි යන බයෙන් චමින්ද වගුරට බැස්සේය.

හදිසියේම මිය ගිය උන්ගේ හොල්මන් අවතාර ඇතැයි යන බිය නිසා වෙනත් බිය ඇති කිසිවෙක් මේ වගුර බලන්නට මේ රාත්තිරි ආවේ නැත. පේන ගෙවල්දොරවල් ආදිය බලා කියා ගන්නට මෙන් කිහිප දෙනෙක් සිටියෝය. නමුත් ආයිත් මහ වතුර කඩක් ඒ යැයි යන බයෙන් බොහෝ දෙනා සිටියේ දුවන්ට බලාගෙනය.

දනිහට උඩින් වතුර ඇති නිසා එගොඩ වීමට චමින්ද සරම ගලවා දැමුවේය. ලංකට් එකක් ඇදගෙන කඩේට නොගිය බැවින් ඔහුට ලංකට් එකද නොවීය. නිරුවතින් මහ වගුරේ ලී කෑලි. පෙට්ටි කෑලි, ගෙවල් වල බඩු සාරි රෙදි ආදිය පසුකරමින් කෝටුවකින් අනිමින් චමින්ද හොදින් අවුස්සා බලයි.

වැසුනු ගාලක් අසල සුන්බුන් ගොඩක් තිබු අතර එතනින් සතෙකු පැනයනු චමින්ද දුටුවේය. එතැනට ගිය චමින්දට සුද්දියකගේ අලි පස්සක් දකින්නට ලැබුනි.. කිසිවෙකු ඇතිදැයි කියා හොදින් බලා අනතුරු නැතිව දියේ ගිලීමෙන් වූ මරණයක් වූ එය හොදින් පෙරළමින් චමින්ද විසින් බලන ලදී. මහා විසාල තන පටයද නිරුවත් තැන්ද ගලවා බලන්නට විය.

ඒ වන විට කරදියට අසු ව මිනිය මදක් නරක් වෙමින් පැවති නිසා චමින්ද වල් අදහස් පැත්තක දැමුවේය. ගලවා දැමූ ඇඳුම් අස්සේ පසුම්බියක් විය. ඔහු ඒවාහි වූ නොදන්නා සල්ලි කොල කිහිපයක් අතට ගත්තේය.

එසේ වටපිට ඇවිද්ද ඔහුට සුද්දෝ කිහිප දෙනෙක් හමුවුනි. ඔහු සියල්ල නිරුවත් කොට. මාල බේස්ලට් ඔරලෝසු සියල්ල කඩා ගත්තේය. නැත්නං ගලවා ගත්තේය. දරදඩු සමාර මිනියක බඩු ගැලවීම අපාසුය. ඔහු කෙසේ හෝ හැකි පමණ සුදු රත්තරං හා සුද්දන්ගේ සල්ලි ටික එකතු කරගෙන පොට්ටනියක් හදා ගත්තේය.

හම්මේ මුංගෙ සරීරවල කෑලිවල සයිස් එක. අතපයද? කටවල්ද, පුකවල්ද, ඒ මදිවට අරවත් ලේසි නැහැ. කියා චමින්ද සිතමින් මැරුණ සුද්දන්ගේ මිනි වල ඇඳුම් අස්සවල් සහ ඔවුන්ගේ වොලට්, අත්බෑග පීරන්නට විය.

හොද පාරෙන් ගියොත් මිනිසුන් මුලිච්චි විය හැකි නිසා ඔහු සරම ගැන අදහස පසක දමා වතුරේම දුර පාරකින් පොට්ටනියද ගෙන ඔහුගේ ගෙදරට ගියේය. ඔහු දවල් වතුර බේරුන ටීවි එකේ වූ සිදුරකින් අර සියලු දේ එබුවේය.

10

අනාථයින් සිටි පංසල අතහැර ගිය චමින්දට මිනිස්සු කොයි තරං විරුද්ද වුනත් චමින්ද ඔහුගේ බාගෙට කඩාවැටුන ගෙදරම සිටියේය. ඔහුට පිස්සු හැදී ඇතැයි බොහෝ දෙනා කිව්වෝය. මිනි සොයාගැනීම. ආධාර පෝලිං වල සිටීම. ගෙවල් දොරවල් හදාගැන්ම ආදී බොහෝ දේවල් වල පිරිස කඩිසරව නිරත විය. නමුත් තමුන්ගේ ගෙදර අසලම වූ මිනි වලවල් කපන තැන මිනි වලවල් කපන්නට දායක වුනා හැර..චමින්ද කරන ලද වැඩක් නැත. වැඩෙහි අලස කුසිතයකු වූ චමින්ද මිනි වලවල් කැපීමට වෙහෙසීම සමහරකුට පුදුම ඇතිකරවන සිද්දියක් විය.

මිනි ගාන වැඩිවීමත් ගඳ ගහන්නට වීමත් නිසා කන්ද දිහායින් ආ ඩෝසරයක් මගින විසාල වලවල් කපා ඒවාට මිනි තොග දාන්නට විය. ඒ තඅර මිනි වල වූ රත්තරන් සොරා ගත්තේ යැයි බොහෝ මිනිස්සු චෝදනා ලත්හ.

වැඩක් නැති හැමවිටම ආධාර පෝලිම් වල සිටීම ගෑනුන්ගේ සිරිතක් විය. නමුත් චමින්ද ඔහේ දෙන දෙයක් කා ගෙන පැත්තකට වී සිටියේය. සුනාමිය නිසා මානසිකව වැටුනේ යැයි සැලකුනු චමින්දට බල්ලන්ටද කන්නට එපා වී තිබුන නිකං ලැබුන බත් පැකට් බිස්කට් ආදිය යහමින් ලැබුනි. එක එක වෑන් බස් වලින් පැමිණ ගමට කෑම ජාති බෙදන්නට විය. වැවුන රැවුලෙන් යුතුව. නිවස ඉදිරිපිට කැඩීගිය ටීවි එකක් අසල සිටින මේ මිනිහාට මිනිස්සු කැම ජාති ගෙනත් දුන්හ.

ගමේ උන්ද චමින්දයට පිස්සු. නැත්තං අර පැට්ටි බලන්න මූ එකදවසක් වත් ඉස්පිරිතාලෙට වත් යන්න ඕන නෙව. යැයි කීහ.

නොගැලපෙන බාච්චු කලිසමක්ද ටි සර්ට් එකක්ද කූඩාරමක්ද ලිප්,පොරෝනා ආදිය චම්න්දට ලැබුනි. නමුත් පැට්ටි තවමත් ඉස්පිරිතාලයේය.

11

සුමනසිරි මහත්තයා චමින්දට හොදට සැලකුවේය. මාස තුන හතරකට පසු සුමනසිරි මහත්තයාගේ නැතිව ගිය බෝට්ටුවලටද අයිස් පැක්ටරියටද රක්ෂණ සමාගම් වලින් වන්දි ගෙවා තිබුනි. සුමනසිරි මහත්තයා අයිස් ෆැක්ටරියේ වැඩකල මිනිස්සුන්ටද උදව් කර තිබුනි.

නමුත් සුමනසිරි මහත්තයා වැඩිපුරම සලකා තිබුනේ වැඩි මහන්සියක් නොවී පැක්ටරියේ තේ හදමින් අතුගාමින් සිටි චමින්දයාටය. ඌට ගේකුත් ගෙට බඩු ඔක්කොමත් මහත්තයා ගානේ දී තිබුනේ..

“දුබල එකාට තමයි බාංල වැඩියෙන් සැලකෙන්න ඕන“ , කියලාය.

මාසයක් විතර ගෙයි උන්න පසු බඩුද ගෙයද යලිත් ලැබුන පලමු පිංවතුන්ගෙන් එකකු වූ චමින්ද සොයා යලිත් පැට්ටි ආවේය. තෝ තනියම මේකෙ මක්කකොරන්නද? අනික පුංචි එකාට අර අනුන්ගේ පිල් වල ඉන්න බැහැ.

ඔන්න මාත් ආව. පැට්ටිද බඩු ටික පොදි ගහගෙන අලුත් ගෙදට්ට ආවේය.

සුමනසිරි මහත්තය අර චමින්දය එක්ක ගල් පිට් එකක්වත් තිබුනද බං එච්චර සැලකුවෙ අරූට. අනික ඒ ගෑනිත් අබ්බගාත වෙල ඉද්දි නේ.. ගමේ කොල්ලෙක් අනෙකාට පැවසීය.

අපිට මක්කට බං ඒව. උන්ගෙ නාඩගං උන්ට. අපේ ඒව අපිට. මං මේ බැලුවෙ ගෙයක් ගන්න විදිය. දැන් යන විදියට වතුර දැක්කෙත් නැති උන් ගෙවල් දෙක තුන ගන්න විදියයි අපිටත් කලිං. අනිකා උත්තර දුනි.

සුමනසිරි මහත්තයා චමින්දට දැක්වූ කරුණාවත් ඔහු යලි නගා සිටවන්නට වූ උනන්දුවත් පංසලේ හාමුදුරුවන්ගේද පැසසුමට ලක් විය. දේශපාලකයින්ද ඉක්මනින්ම සිය සේවකයින්ට සැලකූ සෝමසිරි මහතා ආදර්ශමත් හාම්පුතුන්ට උදාහරණයක් කොට ගත්තේය.

චමින්ද දැන් අලුතින් හදන අයිස් පැක්ටරිය බලන්නට යයි. එහි සිටින පැක්ටරිය හදන උන්ට අවශ්‍ය දේවල් ගෙන ඒමට කඩේ යයි.

චමින්ද විසින් මැරිච්ච සුද්දන්ගෙන් හොරකං කරන ලද ආබරණ සහ රට සල්ලි ටිවි එක තුල හංගන ලදී. චමින්ද පිස්සෙකු වගේ ඒ ආබරණ සහ සල්ලි තිබුන ටීවි එක මාසයක් විතර ගෙදර සිට මැණිකක් රකිනා නා රජිදෙකු මෙන් බලාගන්නා ලදී. ටීවි එකද රැගෙන දවල්ට ආධාර කාරයින්ට පේන්ට නිවස ඉදිරියට ආ චමින්ද රෑට ටීවි එක රැගෙන ගේ ඇතුලට ගොස් එලාගත් මෙට්ට කෑල්ලක නින්දට යයි.

ටීවි එක අලුත්ම එකක්  නිසා චමින්දට දුක වාවාගත නොහැකි යයි ගැමියෝ සිතූහ. එගමට පැමිණි මනෝ විද්‍යා උපදේශකයෙක්ද එය ගැඹුරින් විග්‍රහ කරන ලදී. කලක් යනවිට එය පහව යනු ඇතැය ිඇතැමෙක් සිතූහ. මිනිස්සුන්ට අනුන් ගැන කතාකරනු විනා අනුන් වෙනුවෙන් ක්‍රියාත්මක වන්නට වෙලා නොවීය. තමුන් ගැන තමුන්ගේ ආදායම ්ගැන ලැබෙන්නට යන දේවල් ගැනීම ගැන ක්‍රියාකරන්නට මිනිස්සුන්ට සිද්ද වෙලා තිබුනි.

එක් රාත්‍රියක චමින්ද විසින් අර ටීවි එක කරතියාගෙන සුමනසිරි මහත්තයාගේ ගෙදර ගොස් තිබුනි. ඉන් පසුව සුමනසිරි මහත්මයාගේ සිත චමින්ද කෙරෙහි වෙඩරු මෙන් උණු වූ බව දන්නේ චමින්ද පමණි. සුමනසිරි ගේ ගෑනි මහ රෑ චමින්දයා පැමිණ දොරට තට්ටු කල බවත්. එපා කියද්දී සුමනසිරි ගොස් දොර ඇරිය බවත් දැන සිටියාය.

එහි කුමක් වීදැයි දැනගන්නට බැරිව නින්ද යෑම ගැන ඇය තාමත් දුක්වෙයි. පොඩි පහේ උදව් කරන මුත් මෙතරම් චමින්දයාටම බෙදන්නට අර මහ රෑ ආ ගමන හේතුවන්නට ඇතැයි ඉඳහිට සුමනසිරිගේ බිරියට සිතෙයි. නමුත් සාමාන්‍ය පෙළ සමගාමී සමීකරණ ඇයට එකල අමාරුම පාඩමක් විය.

Tuesday, December 24, 2013

අලිංගික සුනාමිය (6,7,8)

6

ඉතිරිකරගත් මුදල් රුපියල් දහදාහක් චමින්ද සතුව තිබු අතර සුමනසිරි මහත්තයාගේ හත් දාහකුත් තිබුන නිසා ටීවි එකත්, ඇන්ටෙනාවත්, ප්ලේයරයත් ගොඩ දා ගත හැකි විය. කපිල මල්ලී ඇවිත් සියල්ල සැට් කොර දුන් අතර ඔහුට රුපියල් දෙසීයක් අත මිට මිලෙව්වත් “පිස්සුද අයියෙ. යැයි ඔහු එය ප්‍රතික්ෂේප කලේය.

අක්කටත් හොද හිංදි ෆිල්ම් එහෙම තියෙනව මං ගාව. සිංදු තැටි දෙක තුනක් තියාගන්න සිංදු අහන්න. අලුත්ම ආපු රේන්බෝරේන්ජ්, ෂොපින්ස්, ලගෙ මියුසිකල් වීඪියො ටිකකුත් හෙන අමාරුවෙන් හොයාගත්ත පහුගිය දවස්වල..ගෙනාවනං නට නට බලන්න ඇහැකි..පට්ට සෝ එක.. ඒකෙ කෙල්ලො ටිකක් ඩාන්ස් කරන නිසා කොල්ලො ගන්නෙම ඒක. දැන් බස්වලත් දාන්නෙ රේන්බො රෙන්ජ් ලගේ සීඩි මනේ.. තියාගන්නම රුපියල් සීයයි සීඩි එක.

පැට්ටි විසින් හදා දුන් තේ වතුර එක බොන ගමන් සිය කඩෙ ඇති තැටි ගැන විස්තරයක්ද කපිල මල්ලී විසින් දෙන ලදී.

පොඩි එකාද අලුත් ටීවි එක දිහා කටඇරගෙන බලාගෙන ඉන්නට විය. මේ ළමයට එච්චර අවධියෙන් ඉන්න හොඳ නැහැ. මේ ළමය නිදිකොරනවා ඉක්මන්ට..චමින්ද ආරූඩ කරගත් විලාසයකින් රෑ වෙනතෙක් ටීවි එක දෙස බලා සිටින දරුවා දෙස බලා පැට්ටිට කියන්නට විය.

ඇයි තොපෙ අත්පයට හෙනද? ටිකක් තියාගෙන නලෝපං කෝ...පැට්ටි  සිය සැමියාට උත්තර දෙන්නට විය.

චමින්ද කරබාගෙන සිටියේය. පැට්ටිද ළමයාද, චමින්දද දැන් ටීවි එකේ කතා බලයි. අටට ගොඩක් චැනල් වල ප්‍රෝර්තිය. මොකට යන පෝර්තියක්ද මන් දන් නැහැ. හැම එකේම පෝර්ති. චමින්ද පෝර්ති විවේචනය කරයි.

දානව දානව ඕක..අර ගොංකටුආරෙ ගෑනු හතර දෙනෙක් දූෂනේ කොරල මරලලු. ඒක දැන් පෙන්නාවි. සිල්වවාහිනි එකේ තමයි හොදටම පෙන්නන්නෙ. සිල්ව වාහිනි තියනවකො හැම එකම මාරු නොකර..පැට්ටි සැමියාට කරුණාවෙන් උපදෙස් දෙයි. අවසන පෝර්ති විවේචනය කරන්නට ගොස් චමින්ද සිල්ව වාහිනියේ නාට්ටි ප්‍රවෘත්ති බලන්නට සිද්ද විය.

කෙසේ හෝ පාන්දර ජාමේ හොටු පෙරාගෙන පීනස පිට පවා නැගිට චමින්ද කුනුහබ්බ වීඩ්යෝ බලයි.

මේ ඒ..යි.. තමුසේ අර පාන්දර නැගිටල බලන කුනුහබ්බ මේ පුංචි එකා ඉන්න කොට දවල්ට හෙම බලනව නෙවෙයි ..හරිය..?

පොඩි එකාට පේන්න කුනුහබ්බ බලල අහුවුනොත් කපනව
තොගේ..දිව,බෙල්ල,අහවල් එක වගේ හැම ජාතියෙම හීන් ඒව ටික..  නයිට් එක කර ගෙදර පැමිණ පැය දෙක තුනක් නින්දේ සිටි සිය සැමියාට කරුණාවෙන් උපදෙස් දුන් පැට්ටී වැඩට ගියාය.

ටීවි එක උඩට රෙද්දක් දාන්න එපා යැයි කපිල මල්ලී කිව්ව නිසා ඔහු රෙද්දක් නොදැම්මේය. පෙරවන සීට් එකෙන් චමින්ද ටීවි එක නිතිපතා පිස දමයි. වීඩියෝ ප්ලේයරයද ඔහු හසුරුවන්නේ කපිල මල්ලී කියාදුන් ආකාරයටම පමණි. වැඩිය වැඩදාන්නට ගොස් ඕවා කැඩේ යැයි සිතුවිල්ලක් අලුතින් ගෙනා උපකරණ කෙරෙහි චමින්දට විය.

7

චමින්දත් කොල්ලා වඩාගෙන කඩේට ගොස් එමින් සිටියදී මහ වතුර කඩ ගැන ආරංචි එන්නට විය. එ් වතුර පසුව සුනාමි වුවත් ඒ වචනය ගොඩක් දෙනා කලින් දැනං හිටියෙ නැත. අහල පහල කඩ ගොඩක් පෝය නිසා වසා තිබුන බැවින් චමින්ද කන්දෙ කඩේට යන්නට ගොස් සිටියේ කොල්ලාට බිස්කට් එකක් ගේන්නට සහ දවාට කන්න උයන්න මක්කහරි අරං එන්නටය. කඩේ ගාවට ගිය එකේ ගල් බනිසක් කමින් පොඩි එකාටද කෑල්ලක් කවමින් තේ වතුර එක ලෑල්ල උඩ නිමෙන්නට හරිමින් නිවිහැනහිල්ලේ චමින්ද සිටින්නට විය.

කඩය තුලද අවටද එක එක කතා පැතිරෙන්නට විය. මූද ගොඩගලන කතාවක් ඇහුන මුත් එය අප්‍රෙල් පලවෙනිදට කියන බොරුව වැනි බොරු එකකැයි කඩේ මුදලාලියාගේ අදහස විය. නමුත් ටිකකින් ගෑනු ඇදං හිටිය නයිටි පිටිං. තං එල්ලව එල්ලව අඩාගෙන දුවගෙන එන්නට විය.

සුමනසිරි මුදලාලිද පවුල සමගින් වේගෙන් කාර් එකේ ආවේය. මුදලාලි දුවද මුදලාලිද පවුලද බය වී සිටියෝය.

එවිට මේ විජ්ජුම්බරය මැද ගත්ත ගල් බනිස කාල තේ එකවත් බොන්නට විදියක් නැතිවෙන විදියක් තමයි පේන්නෙ යැයි චමින්ද සිතන්නට විය.

..දූපල්ල රට ඇතුලට මූද ගොඩ ගලං එනෝ. යැයි කියමින් ගෑනු දුවති. කන්දෙ කඩේ දඩ බඩ ගා වසන්නට විය.

සුමනසිරි මුදලාලි චමින්දයා ආපහු කන්දේ සිට එන විට චමින්දට අසු විය.

තොපෙ මොලෙ හොද නැද්ද. ? මිනිස්සු ගොඩක් මැරිලලු. මට දැන් කෝල් එකක් ආවෙ. බෝට්ටු වල රේඩියෝ වලිනුත් ආරංචිය එනවා. බෝට්ටුත් නැතිවෙලලු. තිරිකුනාමල පැත්තම ඉවරලු..දුවපං ඇහැක් වේගෙන්..ඇතුලට.

සුමනසිරි මහත්තයා චමින්දට කියන්න විය.

මං හැදුවෙ ටීවි එක අරං එන්න කියල. චමින්ද කියන්නට සැරසුනි.. අනෙ තොගේ *ම්බෙ ටීවි එක නෙමෙයි තොට ඔය දරුවත් නැතිවෙයි ගියොත්. කිව්ව දේ අහල බයිසිකලේ හරවං වරෙං..

කියා තත්පර ගානක දෙබස අවසන් කල සුමනසිරි මහත්තයා යලිත් කාර් එකේ හෝන් එක උඩ අත තියාගෙන අඩු ගියරයක දමා ඇක්සලරේටරය පාගන්නට විය.

එන්න එන්නම මිනිස්සුන්ගේ විරෝධය නිසා චමින්දට ආපසු යන අදහස අත හැර ගන්නට විය. බොහෝ දෙනා දරුවා ගැන කියා බනින්ට වූ බැවින් චමින්දට බයිසිකලය අනෙක් දෙසට හරවා ගෙන කන්දේ බයිසිකලය තල්ලු කරන් යන්නට විය.

අයියෝ මගේ ටීවි එකට වතුර එයිද දන් නැහැ. ඔහුගේ හිත වටා සක්මන් කලේ ඒ සිතුවිල්ලය. පැට්ටී නං ඔය වතුරට අහුවෙන එකක් නැහැ යැයි චමින්ද දැඩිව සිතුවේය.

නමුත් වතුර කඩට හසු වූ පැට්ටිගේ කකුලේ ගසාගෙන ආ බෝට්ටුවක ෆයිබර් කෑල්ලක් වැදීමෙන් මැහුන් හත අටක තුවාලයක් සිදු වි තිබුනි.

8

එදා හවස් වනතුරු කිසිවෙකුට වැල්ල දෙසට යන්නට දුන්නෙ නැත. එයින් පස්සෙ එපා කිව්වත් එක එකා ගම දෙසට යන්නට විය. ඒ වනවිටත් බොහෝ දෙනා ගම වෙත යන්නට පටන් ගෙන තිබුනි. චමින්ද යන විට ඔහුගේ ගෙවල් හරියේද වතුර ගොඩ ගසා තිබුනි. තමුන්ගේ ඉහටත් උඩ තැනක වතුර මට්ටම සටහන් වී තිබෙනු දුටු චමින්දට සැබැවින්ම පුදුම සිතුනි.

ඒ කුමක් වුවත් චමින්ද ටීවී එක හොදින් ඇතැයි තවමත් සිතුවේය. ගේ තුලපේන්නට නොවූ ටිවී එක චමින්ද විසින් අසල කඩොල් කැලයෙන් සොයාගෙන ඇවිත් තිබුනේය. සොයාගන්නා විටත් වතුර බේරෙමින තිබු එය ගෙනැවිත් වතුර නැති තැනකින් තිබූ චමින්ද එය හරව හරවා වතුර බේරෙන්නට හැරියේය. ටීවි එක පිටුපස කුඩා සිදුරක් තැනී තිබුනේ මොකක් හෝ යකඩ කෑල්ලක් වැදීමෙන් විය යුතුය. මෙය හිල් වුන නිසා හදන්න බැරි වෙද් දන් නැහැ යි චමින්ද සිතුවේය.

අනික් මිනිසුන් වැලපෙමින්, සියදරුවන් බිරිය, ළමයින් සොයද්දී චමින්ද ටිවි එක ගේ ඉදිරිපිට තබාගෙන සොයාගත නොහැකි වූ ප්ලේයරය ගැනද දුක් වෙමින් සිටියේය. ඔහු අලුත්ම ටීවි එකේ වූ වතුර දැක සෝ බර මුහුනින් සිටියේය. තෙත බරි ගේ මත වූ ගසාගෙන ගිය කැබිනට්ටුව උඩ යලිත් ටීවි එක තබා ඔහු ඒ දෙස දරුවකු මෙන් බලා සිටියේය. ඒ වනතුරුත් චමින්ද සමග සිටි කුඩා එකා අලුත් වතුර සමග සාලයේ සෙල්ලම් කරන්නට විය.