පහුගිය දවසක රාත්තිරි මම රෑට කාල හෙම අපේ ගෙදරට වෙලා සනීපෙන් නිදාගෙන හිටියා. ටිකක් රෑ දහයට විතර සැර ඔලුවෙ කැක්කුමක් අල්ලන්න ගත්තා. අවසානෙ මම පැනඩොල් දෙකක් හොයාගෙන බිව්වත් වැඩේ නවතින පාටක් නැහැ. නිදාගන්න කලියෙං මං මගේ ලැප්ටොප් පරිඝනකයෙන් වැඩක් කරමිනුයි හිටියෙ. ඒ වෙලාවෙදි ලැප්ටප් තිරය මත තිබුන අකුරු බොඳවෙලා තැන් මාරුවෙලා වගේ මැට්‍රික්ස් ගතියක් පේන්න ගත්තා. උදේ ඉඳලාම ෆිල්ම් බැලීම,වැල බැලීම,ඉන්ටනෙට් යෑම ආදී බාරදූර රාජකාරි කිහිපයකම මම ලැපත් එක්ක හිටියා. මං හිතුවා මේ වෙහෙස ගතිය ඒ නිසාෙ වෙන්න ඇති කියලා.
නමුත් අර ඇස්වල සෙටිං මාරුවිල්ලත් එක්කම ඔලුවෙ කැක්කුම සැරටම එන්න පටන් ගත්තා. ඒපාර අල්ලපු ගෙදර ඉන්න අපේ අයියන්ඩියත් කාර් රාජයත් අවධිකරගෙන ළඟම ටවුමට යන්න පිටත් වුනා. එතකොට රෑ දොළහ එක විතර ඇති. හප්පා පුදුම වැඩක් නේ. රෑ වෙලා ඔක්කොම බේත් සාප්පු වහල. අපේ අයියා අඳුනන දොස්තර නෝනෙක් හිටියත් ඒ උන්දැත් ඔක්කොම පෝන් ක්‍රියා විරහිත කරගෙන දුම් දම දම නිදි මං හිතන්නෙ.
අපි පිං ඉස්පිරිතාලෙ නොහොත් දැන් මූලික රෝහලක් වෙච්චි අපේ රජයේ රෝහලට ගියා. ඒ යනකොටත් මට ටිකක් සැරට අමාරුයි. ඔලුව කකියනවා හතර අතේ.
ඒ වෙලාවට බේත් ගන්න එන අමාරු අය නවත්තගන්නවාය. අමාරු නැතිවුනත් වුනත් නවතින්න වෙනවාය කියලා කිව්වා. එතැන හිටිය ඇටෙන්ඩන්ට් සිකුරිටි කාන්ඩෙ දොස්තර නෝන කෙනෙක් කතාකරගෙන ආවා. එයා ටිකක් හීන්දෑරි පන්තියන කෙල්ලෙක් සයිස් දොස්තරියක් වුනා. ඒ වුනාට ටිකක් කරුණාවන්තයි. ලෙඩේ විස්තර ජාති අනම් මනම් අහල වාට්ටුවට ගත්තා.
වාට්ටුවට ගියාට මොකද නවතින්න අඩුතරමෙ බෙස්සීට් එකක් සරමක් වත් අරං ගියේ නැහැ. ඒ නිසා මට ඔලුවෙ කැක්කුම අස්සෙත් කෝමද බොල මේ ඉස්පිරිතාල ඇඳන් වල ඉන්නෙ කියල කම්පනා වුනා. මම ගියාම වාට්ටුවම හවුස් ෆුල්. ඔන්න හොඳ සේලයින් බෝතලයක් එල්ල ගනිපු කළු මරුමුස් පෙනුමක් තියෙන ඒත් අහිංසක හිනාවක් තියෙන කොල්ලෙක් ගාවට මාව පංගරාත්තු කලා. මිසී ඇවිල්ලා අර නිදි කොල්ලට අතින් ගහල නැගිට්ටුවාම අනේ ඒ ළමය පූස් පැටිය වගේ ඈතට වෙල මට ඉඩ දුන්න. මං ඉතිං නිදාගන්න උස්සාහ කලා.
ඔය අව් අස්සෙම ආව හාට් පේසන් කෙනෙක්. මිනිහ ඔපරේසන් එකක් කොරපු බුවෙක්ද කොහෙද. මං ඇවිත් විනාඩි හයකින් විතර පොරත් වාට්ටුවට ගෙනාවා. සීයෙක් බලාගන්න මනුස්යෙක් ඇඳක හොඳට ගොරෝ ගොරෝ නිදි. ඒ පාර ඒ මනුස්සයයි කරුමෙටද මන්ද අර පොර මාට්ටු වුනා ලෙඩෙක්නෙමෙය් කියලා. පාන්දර එකට මොන දානද? ඒත් ඉතිං අර හදවත් ලෙඩාට ඇඳ දෙන්න වුනා. හදවත් ලෙඩා ආව විතරයි දොස්තර නෝන කෙනෙක් ඇවිත් එයාව බැලුවා. හරිම අහිංසක පෙනුමක් තියෙන හා පැටික්කියක් වගේ දොස්තර නෝන කෙනෙක්. කෙසඟ ශරීරයක් ඈට තිබුනා. තළෙලු මුහුනට ඒ දිගැටි නාසය පොඩ්ඩක් විතර දිග වැඩි වගේ තිබුනා. ඇය හිනවෙනකොට නම් ඇය දොස්තර නෝනෙක් කියල කියන්නත් බැරි තරම් අමුතු ළපටි ගතියක් එනවා ඇගේ මූනට.
ඉතිං මං නෙව වාට්ටුවට ඉස්සෙල්ල ආවෙ. ඒත් මෙන්න දොස්තර නෝන ගිහින් අර හාට් පේසන් මිරිකනවා,බලනවා, ඔබනවා, තට්ටු කරනවා එක සෙල්ලමයි. මට ත් ඒ වෙලේ නම් ටිකක් සැරටම ඔලුව කැක්කුම තිබුන නිසා ටිකක් තරහත් ආව. වාට්ටුවට ආවට තාම බෙහෙත් කඳුලක් වත් නොදී දැන් විනාඩි පාළහක් විතර ගියා. කෝමහරි අර හදවත් රෝගියාට කරන්න ඕනි ඔක්කොම දේවල් ටික කරලා ඉවර වෙල ඔන්න මටත් ඔලුවෙ කැක්කුම පිටම නින්දත් යන්න ගියාට පස්සෙ මගේ නම කියල කතාකරනවා ඇහුනා. ඒ දොස්තර නෝන අපේ අයියත් එක්ක කියල තිබුනා හාට් පේෂන් ගැන කලින් බලල හිටියෙ එයාට පොඩි වෙලාවක් තුල වුනත් හදවත් රෝගියාට අනතුරක් වෙන්න සම්භාවිතාවය වැඩි නිසාය කියලා.
ඒ දොස්තර නෝනා මහත්මයා ටිකක් අපේ වයසෙ හෝ ඊට අඩු වයසක වෙන්න ඕන. ඒ නිසාද මන්දා ඇගේ තනි නොතනියට අඩුතරමෙ අර පෙට්ටියක දාල ඔසවන් යන පෙසර් මීටරේ වත් අරං යන්න කාරුවත් ආවෙ නැහැ. ඒ දොස්තර නෝනම ඔක්කොම අඩුම කුඩුම ටික අරං ඇවිත් ඇඳ ගාවින් ඒවා තියාගෙන ලෙඩ ගැන ඇහුවා. දොස්තර නෝනා මහත්මිය බොහොම කරුණාවෙන් ප්‍රශ්ණ රාශියක් අහලා මට තියෙන්නෙ මිග්‍රේන් බව කිව්වා.
මීට කලින් මිග්‍රේන් තිබිල තියෙනවද? ඒ කොයි කාලෙදිද ආදි වශයෙන් අහනවා. මං දැන් දන්නෙ නැහැ මිග්‍රෙන්(ඉරුවාරදය) කියන්නෙ මොකද්ද කියල. ඒත් ඉතිං ටිකකින් තේරුනා මේ ඇවිල්ල මේ වගේ ලෙඩක් කලිං හැදිල තියෙද කියලා තමයි අහන්න කියලා. ඒ පාර ඉතිං මීට අවුරුදු දෙකකට කලිං හැදිල තිබුන ඔලුව කැක්කුම මතක් වෙල ඒක ගැන විස්තර කියාගෙන ගියා.
කෝමහරි මම ඊළග දවසෙ දහවල් 11 වෙනකොට නිදහස ලැබුවා. ඒ වෙනකොට මාව දොස්තර නෝනල දෙන්නෙකුයි මහත්වරු දෙන්නෙකුයි බලලා තිබුනා. ඒ වගේම නර්ස් නෝනල ඇටෙන්ඩන්ලාත් බෙහෙත් ලගටම ගෙනත් දිල වතුරත් ගෙනල්ල දුන්නා.
ඒ එක දොස්තර මහත්මයෙක් කන්සල්ටන් කියන ජාතියෙ ලොකු දොස්තර මහත්තයෙක්. ඒ මහත්තය එනකොට මහරජතුමා එනවා වගේ මේට්‍රන්ලද, නර්ස්ලද, පොඩි දොස්තරලද, තව ඉන්න හැට හුට හමාරක් පරිවාර සෙනගද,අනෙක් අයද ඔක්කොම වටපිටේ එනවා. ඒ වටපිටේ සෙනග දහයක් විතර පිරිවරා ආවට මොකද දොස්තර මහත්මය හරිම හොදයි. මනුස්ස විදියට කතාකරනවා. ලොකු හදිස්සියක් නැහැ. වටේ ඉ්නන ඉගනගන්න දොස්තර අයටත් ලෙඩා ගැන කියල දෙනවා. මගේ ටිකට් කැපුවා . ඒ වෙනකොට ලෙඩ හොඳ වෙලා. ආයිත් ලග ලග කරදර විදියට හිසේ ඇම්ම ආවෙ නැතොත් දිගට බේත් කරන එක තේරුමක් නැහැ කිව්වා.
අනික් ආපු දොස්තර මහත්මයත් උදෙන් ඇවිල්ල බැලුව ඔක්කොම ලෙඩ්ඩු. ඒ බුවානම් හැන්ඩියා. නිකං සිපස් දෙකක් දාල ඩෙනිමයි ටී ෂර්ට් එකයි ඇඳන් එන්නෙ වාට්ටුවට. මිනිහ සීයලට ඇහෙන්න මහ හයියෙන් කතා කරනවා. මිනිහ හොඳයි හොඳ විනෝදෙන් දොස්තර රාජකාරිය කරනවා.
මං හිටපු එකේ හිටිය ටිකක් වයසක මුත්තෙක් ඔන්න මිනිහ දැන් පාන්දර මුත්‍රා දාන්නයි යන්නෙ. ඒ සීයට තිබුන ලෙඩේ අනුව මුත්‍රා මනින්න ඕන. මුත්‍රා මනින කෝප්පය මිලි ලිටර් පන්සීයක් අල්ලන විනිවිද පේන ප්ලාස්ටික් කෝප්පයක්. ඒ සීයා හිටපු ඇඳ ටිකක් උස්සලයි තිබුනෙ. ඒ පැත්තෙන්ම තමයි වාට්ටුවට නර්ස් නෝනල දොස්තර මහත්තුරු ආදිය එන්නෙත්.
මේ වාට්ටුව වැඩි දවස්ගානක් ලෙඩ්ඩු තියාගන්න තැනක් නෙමෙයි. අනෙක් වාට්ටුවලට යොමුකරන තෙක් අමාරු ලෙඩ්ඩු තියාගන්න විශේෂ ඒකකයක්. ඉතිං ලෙඩ්ඩුන්ගේ නම් මතක නැහැ මිසීළට. මිසීල මොකක් හරි දෙන්න ඕන වුනාම හයියෙන් නම කියනවා.
දැන් අර කලින් සීයා ළඟ හිටපු සාත්තුකාරයා සීයාගේ සරම උස්සලා කෑල්ල යාන්තං පාද ගෙන සීය ඇඳේ කොනටම කරලා “ආ දැන් දාන්න“ කිව්වා. ඔය කියනකොටම කාරුහරි වෙන සීය කෙනෙක්ගේ නමක් කියලා අර කොළපාට ඇඳපු සේවිකාව කෑ ගැහුවා ‘‘පිටෝරිස් කවුද?“ කියලා. පිටෝරිසා දොයි. මිනිහගේ සාත්තු කාරයත් කොහෙද මකබෑ වෙල. ඉතිං දෙතුං වතාවක් මිසි නම කියල සද්ද කල නිසා වාට්ටුවම අර පැත්ත බැලුවා.
ඒ බලනකොට අර සීය හෝ ගාල කෝප්පෙ පිරෙන්න චූ පාර අල්ලනවා. ඔන්න දැන් කෝප්පෙන් බාගයක් විතර පිරිල. සීය ලෙඩ කාරය වුනාට මොකෑ ටැප් එක ඇරිය වගෙ මුත්‍රා පාර තදින් විදිනවා. දැන් කෝප්පෙ මට්ටමින් තුන් කාලක් විතරට ආවා. අර නම් කලබලය නිසා ඔලුව හරොගත්ත අය දැන් ඔක්කොම බලං ඉන්නෙ අර සීයගේ ලා ෆැන්ටා පාට මුත්‍රා කෝප්පෙ උතුරයිද කියන මහා සැකයෙන්. දැන් නම් කතාකරන්න ආපු සේවිකාවත් දකිනවා කස්ටිය ඔක්කොම එක දිහාවක් බලනවා.ඒ පාර එයත් හොරැහින් බලන්න ගත්තා. දැන් ඔක්කොන්ම හිතන්න කෝප්පෙ මදිවෙල මුත්‍රා කොප්පෙ මේ පාන්දර කිරි ඉතිරෙව්වා වගේ වාට්ටුව අයිනෙ උතුරලා යයි කියලා. නමුත් සීය වැඩකාරයා. හරියට පිරෙන්න මිලිමීටර් දෙකක් විතර තියෙද්දි චූ පාර නැවතුනා.
දැන් වාට්ටුවටම ලොකු සැනසීමක්. අර නුරුස්සන බනින මෝඩ් එකෙන් ආපු මිසීගේ මෝඩ් එකත් පොඩ්ඩක් වෙනස් වුනා මේ අමුතු ජවනිකාව දැකලා.
මේ වාට්ටුවෙ කෑම දෙන් නැහැ. ඒ නිසා කෑම ගන්න කැන්ටින් යන්න ඕන.හැම වෙලාවෙම නර්ස්ල, ඇටෙන්ඩන්ල, දොස්තර නෝනල ඒ මදිවට බලන්න එන අයගෙන් වාට්ටුව පිරිල. මට පස්සෙ ඇඳක් ලැබුන නිසා වාඩිවෙල බලං ඉන්නකොට දර්ශන ගොඩක් පේනව. ඔය අස්සෙ උදේට කන එකත් මතක නැතිවෙනව තව පොඩ්ඩෙන්. වාට්ටුවෙ කෝල්ගන්න එපාකියල තිබුනත් මම අයියගෙන් ආපු කෝල් එකට ආන්සර කලා. අයිය කෑම ගැන ඇහුවම තමයි මටත් උදේට කන්න මතක් වුනේ. මම කිව්ව කැන්ටිමෙන් ගන්නම් කියල.
අල්ලපු ඇදේ උන්නෙ හාමුදුරු නමක්. මගෙ වාසනාවට කාන්ඩ තුනක් ඇවිත් තිබුන හාමුදුරුවන්ව බලන්න. ඉතිං දාන තුනක්. සහායක ඩැනී කෑවත් තව පාර්සලයක් ඉතුරුයි. ඒ දෙතුන් දෙනාම ඉදිආප්ප ආප්ප වගෙ ඒව ගෙනත් තිබුනෙ. මටත් කෑම හාමුදුරුවන්ගෙන් ලැබුන.ඒත් ඉඳිආප්ප ආප්ප විතරයි නෝ හොදි. හොදි ටිකක් ගන්න තිබුන පිඟානක් තිබුන නම්. ඔය වෙලාවෙම අල්ලපු ඇදේ ලෙඩාට හිටපු තරුණ මහත්මයත් කන්න ගත්තා. එයත් ඉඳිආප්ප. එයා ලෙඩෙක් උනාට ඉඳිආප්ප පාලහ විනාඩි හතරෙන් ඉවරයි.
හොදි ටිකක් පැකට් එකේ ඉතුරු වෙල විසික් කරන්නයි හැදුවෙ. මං කරුණාබර හිනාවක් දාල හොදි ටික ඉල්ලගෙන හාමුදුරුවන්ගෙ උදේ දානෙත් එක්ක කෑවා. නරක නැහැ කෑම ටික. පිඟානකුත් නැතුව අර පොඩි ටේබල් කබඩ් කෑල්ල උඩ තියන් කෑවෙ.
මේ ඉස්පිරිතාල වල ජීවිත ගැන මගෙ තියෙන අත්දැකීම් ගොඩායි. මං ගොඩාක්ම ආසයි පුද්ගලික රෝහල් වලට වඩා ආන්ඩුවෙ ඉස්පිරිතාල වලට. ඒ ආන්ඩුවෙ ඉස්පිරිතාල වල තියෙන රළු ගතියත් ඒ ඉස්පිරිතාලෙම එක අංගයක්. දුප්පත් නූගත් මිනිස්සු වගේම පෝසත් උගත් අයත් ඔය වගේ තැන්වල ප්‍රතිකාර ගනිමින් ඉන්නවා. ඒ වගේ තැන්වල බුරුල පෙන්වලා අර තාපසාරාමෙ ගිරව් මොඩල් එක රඟපාන්න ගියොත් අර දුප්පත් නූගත් මිනිස්සු කන්ට්‍රොල් කරන්න බැරිවෙනවා වගේම පෝසත් උගත් අය කරේ යන්නත් එනවා. ඒ නිසා ඒ ආන්ඩුවෙ ඉස්පිරිතාල වල තියෙන රළු බාවිතාවේ ලොකු වරදක් දකින්නත් බැහැ.
මං ඉපදුන දවසෙ ඉඳලා ආන්ඩුවෙ ඉස්පිරිතාල වලින් කොරගනිපු දේවල් ටික පුද්ගලික රෝහල් හරහා කරගන්න ගියානම් දශලක්ෂ ගානක සල්ලි වියදම් වෙනවා. අපි වගෙ පහල මධ්‍යම පාන්තිකයින්ට එය දරාගන්න පුලුවන් ගානක් නෙමෙයි. කොයිතරං පොඩි පොඩි වගේම ලොකු ලොකු පුද්ගලික ඉස්පිරිතාල තිබුනත් ඉතිං දරුණු ලෙඩකට හදිසි අනතුරකට අපේ ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙම තමයි සුදුසු. තරමක් බරපතල රෝගයකදි ආන්ඩුවෙ ඉස්පිරිතාලෙන් ලැබෙන පුහුනු ශ්‍රමය, පුහුනු කාර්යමන්ඩලය, විවිධ ජාතියේ වෘත්තිකයින්ගේ එකතුව, අත්දැකීම් ලත් වෛද්‍යවරු, නිසි අධීක්ෂණය, තත්ව පාලනය ආදී ගොඩක් දේවල් සම්බන්ධයෙන් මටනම් අපේ රටේ පුද්ගලික රෝහල් වලට වඩා රජයේ රෝහල් විශ්වාසදායකයි.
මේ දවස්වල ඩෙංගු හැමතැනම. ඩෙංගු වලදිත් මට අහන්න දකින්න ලැබුනු මා හොඳින්ම දන්න කොළඹ ප්‍රසිද්ධම පුද්ගලික රෝහල් සම්බන්ධ අමිහිරි කතාන්දර ගොඩාරියක් තිබෙනවා. ඔබේ සමාජ තත්වය ලොකුකම පස්සෙ තියාගන්න පුලුවන් ඉස්සෙල්ල වටින්නේ ජීවිතේ ඒ නිසා ඩෙංගු කියල සැකයක් තියෙන ලෙඩෙක්, උණ රෝගියෙක් අරගෙන පුද්ගලික රෝහල් වල සුකිරි බටිල්ලන් සොයාගෙන යන්න එපා. වහාම ආන්ඩුවෙ ඉස්පිරිතාලෙකටම යන්න.
නමුත් අර ඇස්වල සෙටිං මාරුවිල්ලත් එක්කම ඔලුවෙ කැක්කුම සැරටම එන්න පටන් ගත්තා. ඒපාර අල්ලපු ගෙදර ඉන්න අපේ අයියන්ඩියත් කාර් රාජයත් අවධිකරගෙන ළඟම ටවුමට යන්න පිටත් වුනා. එතකොට රෑ දොළහ එක විතර ඇති. හප්පා පුදුම වැඩක් නේ. රෑ වෙලා ඔක්කොම බේත් සාප්පු වහල. අපේ අයියා අඳුනන දොස්තර නෝනෙක් හිටියත් ඒ උන්දැත් ඔක්කොම පෝන් ක්‍රියා විරහිත කරගෙන දුම් දම දම නිදි මං හිතන්නෙ.
අපි පිං ඉස්පිරිතාලෙ නොහොත් දැන් මූලික රෝහලක් වෙච්චි අපේ රජයේ රෝහලට ගියා. ඒ යනකොටත් මට ටිකක් සැරට අමාරුයි. ඔලුව කකියනවා හතර අතේ.
ඒ වෙලාවට බේත් ගන්න එන අමාරු අය නවත්තගන්නවාය. අමාරු නැතිවුනත් වුනත් නවතින්න වෙනවාය කියලා කිව්වා. එතැන හිටිය ඇටෙන්ඩන්ට් සිකුරිටි කාන්ඩෙ දොස්තර නෝන කෙනෙක් කතාකරගෙන ආවා. එයා ටිකක් හීන්දෑරි පන්තියන කෙල්ලෙක් සයිස් දොස්තරියක් වුනා. ඒ වුනාට ටිකක් කරුණාවන්තයි. ලෙඩේ විස්තර ජාති අනම් මනම් අහල වාට්ටුවට ගත්තා.
වාට්ටුවට ගියාට මොකද නවතින්න අඩුතරමෙ බෙස්සීට් එකක් සරමක් වත් අරං ගියේ නැහැ. ඒ නිසා මට ඔලුවෙ කැක්කුම අස්සෙත් කෝමද බොල මේ ඉස්පිරිතාල ඇඳන් වල ඉන්නෙ කියල කම්පනා වුනා. මම ගියාම වාට්ටුවම හවුස් ෆුල්. ඔන්න හොඳ සේලයින් බෝතලයක් එල්ල ගනිපු කළු මරුමුස් පෙනුමක් තියෙන ඒත් අහිංසක හිනාවක් තියෙන කොල්ලෙක් ගාවට මාව පංගරාත්තු කලා. මිසී ඇවිල්ලා අර නිදි කොල්ලට අතින් ගහල නැගිට්ටුවාම අනේ ඒ ළමය පූස් පැටිය වගේ ඈතට වෙල මට ඉඩ දුන්න. මං ඉතිං නිදාගන්න උස්සාහ කලා.
ඔය අව් අස්සෙම ආව හාට් පේසන් කෙනෙක්. මිනිහ ඔපරේසන් එකක් කොරපු බුවෙක්ද කොහෙද. මං ඇවිත් විනාඩි හයකින් විතර පොරත් වාට්ටුවට ගෙනාවා. සීයෙක් බලාගන්න මනුස්යෙක් ඇඳක හොඳට ගොරෝ ගොරෝ නිදි. ඒ පාර ඒ මනුස්සයයි කරුමෙටද මන්ද අර පොර මාට්ටු වුනා ලෙඩෙක්නෙමෙය් කියලා. පාන්දර එකට මොන දානද? ඒත් ඉතිං අර හදවත් ලෙඩාට ඇඳ දෙන්න වුනා. හදවත් ලෙඩා ආව විතරයි දොස්තර නෝන කෙනෙක් ඇවිත් එයාව බැලුවා. හරිම අහිංසක පෙනුමක් තියෙන හා පැටික්කියක් වගේ දොස්තර නෝන කෙනෙක්. කෙසඟ ශරීරයක් ඈට තිබුනා. තළෙලු මුහුනට ඒ දිගැටි නාසය පොඩ්ඩක් විතර දිග වැඩි වගේ තිබුනා. ඇය හිනවෙනකොට නම් ඇය දොස්තර නෝනෙක් කියල කියන්නත් බැරි තරම් අමුතු ළපටි ගතියක් එනවා ඇගේ මූනට.
ඉතිං මං නෙව වාට්ටුවට ඉස්සෙල්ල ආවෙ. ඒත් මෙන්න දොස්තර නෝන ගිහින් අර හාට් පේසන් මිරිකනවා,බලනවා, ඔබනවා, තට්ටු කරනවා එක සෙල්ලමයි. මට ත් ඒ වෙලේ නම් ටිකක් සැරටම ඔලුව කැක්කුම තිබුන නිසා ටිකක් තරහත් ආව. වාට්ටුවට ආවට තාම බෙහෙත් කඳුලක් වත් නොදී දැන් විනාඩි පාළහක් විතර ගියා. කෝමහරි අර හදවත් රෝගියාට කරන්න ඕනි ඔක්කොම දේවල් ටික කරලා ඉවර වෙල ඔන්න මටත් ඔලුවෙ කැක්කුම පිටම නින්දත් යන්න ගියාට පස්සෙ මගේ නම කියල කතාකරනවා ඇහුනා. ඒ දොස්තර නෝන අපේ අයියත් එක්ක කියල තිබුනා හාට් පේෂන් ගැන කලින් බලල හිටියෙ එයාට පොඩි වෙලාවක් තුල වුනත් හදවත් රෝගියාට අනතුරක් වෙන්න සම්භාවිතාවය වැඩි නිසාය කියලා.
ඒ දොස්තර නෝනා මහත්මයා ටිකක් අපේ වයසෙ හෝ ඊට අඩු වයසක වෙන්න ඕන. ඒ නිසාද මන්දා ඇගේ තනි නොතනියට අඩුතරමෙ අර පෙට්ටියක දාල ඔසවන් යන පෙසර් මීටරේ වත් අරං යන්න කාරුවත් ආවෙ නැහැ. ඒ දොස්තර නෝනම ඔක්කොම අඩුම කුඩුම ටික අරං ඇවිත් ඇඳ ගාවින් ඒවා තියාගෙන ලෙඩ ගැන ඇහුවා. දොස්තර නෝනා මහත්මිය බොහොම කරුණාවෙන් ප්‍රශ්ණ රාශියක් අහලා මට තියෙන්නෙ මිග්‍රේන් බව කිව්වා.
මීට කලින් මිග්‍රේන් තිබිල තියෙනවද? ඒ කොයි කාලෙදිද ආදි වශයෙන් අහනවා. මං දැන් දන්නෙ නැහැ මිග්‍රෙන්(ඉරුවාරදය) කියන්නෙ මොකද්ද කියල. ඒත් ඉතිං ටිකකින් තේරුනා මේ ඇවිල්ල මේ වගේ ලෙඩක් කලිං හැදිල තියෙද කියලා තමයි අහන්න කියලා. ඒ පාර ඉතිං මීට අවුරුදු දෙකකට කලිං හැදිල තිබුන ඔලුව කැක්කුම මතක් වෙල ඒක ගැන විස්තර කියාගෙන ගියා. කෝමහරි මම ඊළග දවසෙ දහවල් 11 වෙනකොට නිදහස ලැබුවා. ඒ වෙනකොට මාව දොස්තර නෝනල දෙන්නෙකුයි මහත්වරු දෙන්නෙකුයි බලලා තිබුනා. ඒ වගේම නර්ස් නෝනල ඇටෙන්ඩන්ලාත් බෙහෙත් ලගටම ගෙනත් දිල වතුරත් ගෙනල්ල දුන්නා.
ඒ එක දොස්තර මහත්මයෙක් කන්සල්ටන් කියන ජාතියෙ ලොකු දොස්තර මහත්තයෙක්. ඒ මහත්තය එනකොට මහරජතුමා එනවා වගේ මේට්‍රන්ලද, නර්ස්ලද, පොඩි දොස්තරලද, තව ඉන්න හැට හුට හමාරක් පරිවාර සෙනගද,අනෙක් අයද ඔක්කොම වටපිටේ එනවා. ඒ වටපිටේ සෙනග දහයක් විතර පිරිවරා ආවට මොකද දොස්තර මහත්මය හරිම හොදයි. මනුස්ස විදියට කතාකරනවා. ලොකු හදිස්සියක් නැහැ. වටේ ඉ්නන ඉගනගන්න දොස්තර අයටත් ලෙඩා ගැන කියල දෙනවා. මගේ ටිකට් කැපුවා . ඒ වෙනකොට ලෙඩ හොඳ වෙලා. ආයිත් ලග ලග කරදර විදියට හිසේ ඇම්ම ආවෙ නැතොත් දිගට බේත් කරන එක තේරුමක් නැහැ කිව්වා.
අනික් ආපු දොස්තර මහත්මයත් උදෙන් ඇවිල්ල බැලුව ඔක්කොම ලෙඩ්ඩු. ඒ බුවානම් හැන්ඩියා. නිකං සිපස් දෙකක් දාල ඩෙනිමයි ටී ෂර්ට් එකයි ඇඳන් එන්නෙ වාට්ටුවට. මිනිහ සීයලට ඇහෙන්න මහ හයියෙන් කතා කරනවා. මිනිහ හොඳයි හොඳ විනෝදෙන් දොස්තර රාජකාරිය කරනවා.
මං හිටපු එකේ හිටිය ටිකක් වයසක මුත්තෙක් ඔන්න මිනිහ දැන් පාන්දර මුත්‍රා දාන්නයි යන්නෙ. ඒ සීයට තිබුන ලෙඩේ අනුව මුත්‍රා මනින්න ඕන. මුත්‍රා මනින කෝප්පය මිලි ලිටර් පන්සීයක් අල්ලන විනිවිද පේන ප්ලාස්ටික් කෝප්පයක්. ඒ සීයා හිටපු ඇඳ ටිකක් උස්සලයි තිබුනෙ. ඒ පැත්තෙන්ම තමයි වාට්ටුවට නර්ස් නෝනල දොස්තර මහත්තුරු ආදිය එන්නෙත්.
මේ වාට්ටුව වැඩි දවස්ගානක් ලෙඩ්ඩු තියාගන්න තැනක් නෙමෙයි. අනෙක් වාට්ටුවලට යොමුකරන තෙක් අමාරු ලෙඩ්ඩු තියාගන්න විශේෂ ඒකකයක්. ඉතිං ලෙඩ්ඩුන්ගේ නම් මතක නැහැ මිසීළට. මිසීල මොකක් හරි දෙන්න ඕන වුනාම හයියෙන් නම කියනවා. දැන් අර කලින් සීයා ළඟ හිටපු සාත්තුකාරයා සීයාගේ සරම උස්සලා කෑල්ල යාන්තං පාද ගෙන සීය ඇඳේ කොනටම කරලා “ආ දැන් දාන්න“ කිව්වා. ඔය කියනකොටම කාරුහරි වෙන සීය කෙනෙක්ගේ නමක් කියලා අර කොළපාට ඇඳපු සේවිකාව කෑ ගැහුවා ‘‘පිටෝරිස් කවුද?“ කියලා. පිටෝරිසා දොයි. මිනිහගේ සාත්තු කාරයත් කොහෙද මකබෑ වෙල. ඉතිං දෙතුං වතාවක් මිසි නම කියල සද්ද කල නිසා වාට්ටුවම අර පැත්ත බැලුවා.