Thursday, May 20, 2010

ආදරණීය වස්සානය

ඉන්දියාවෙ ගිහිපු සමහර අය ඇවිත් කියන්නෙ උදේට එහෙ හරිම අප්පිරියාවක් දැනෙනව කියල...මොකද ඒ රටේ මිනිස්සු වැසිකිලිය විදිහට මහාමාර්ග පාවිච්චි කරන නිසා...ඒත් අපේ සමාජයේ සමහර ක්ෂේත්‍ර බැලුවහම මට දැනෙන්නෙ උදේ පාන්දර මල ජරාව පාගගෙන වැඩට යනවට වඩා ලොකු අප්පිරියාවක්...උදාහරන විදිහට අපේ සමාජයෙ ගැහැනු පිරිමි සම්බන්ධ වෙන්න තියෙන ක්‍රමය අපි බලමු..ඒක කොයි තරම් කැතද???..මම කීවෙ විවාහ වීමට පෙර ඒ සඳහා සුදුසු සහකරුවෙකු තෝරා ගැනීම..

දැන් අපි මාර ජනප්‍රිය වෙලා තියෙන ආදර සම්බන්ධතා සලකමු..ඉස්සර ආදරවන්තයො ප්‍රාර්ථනා කලේ සසර සැරි සරන තෙක් ඔබ මගේ කියල ඒත් අද එහෙම නෑ...කිසිම හෙට දවසක් නෑ..මේ සතිය විතරයි ප්‍රෝග්‍රැම් එක..ඊලඟට වෙන කැච් එකක්..එහෙම උනා කියල අපේ දෙමාපියො දරුවන්ගෙ ගිනුමට සමාජෙ ගිණුමට ඒ ඔක්කොම බැර කරල බැන බැන ඉන්නවා..ඔවුන්ගෙ හනමිටි ආකල්ප කර තියාගෙන..

තාවකාලික ප්‍රේම කතා ඇති වෙන්නෙ මොකද??ඇත්තටම පවතින ප්‍රේමය තුල තෘප්තිය නැති වීම හෝ ස්ථාවර වීමට නොහැකිවීම...සි0හලෙන්ම කීවොත් අද අපේ ඉන්න වැඩිහිටි පරම්පරාවගෙ ලෝකෙ තියනා අටෝ රාසියක් කොන්දේසි උඩ විවාහ වීමට සිදුවීම...කුල ප්‍රස්න...දෑවැදි ප්‍රස්න...තරාතිරම..ජාතිය...වයස..ඉතින් කොයි තරම් ප්‍රේමය ප්‍රබල උනත් ඒව අතු ඉති දමල එනකොට ගෙදරින් කොක්ක.. අවසානෙ නවතින්නේ...ඔයා මොනා කීවත් මම කෝමද අවුරුදු 20 ගනනක් කන්න දීපු දෙමාපියො අමතක කරන්නෙ කියලයි..ඔයාලත් දෙමාපියො වෙලා දරුවො අවුරුදු 20 දිවත් අත අරින්න පුරුදු වෙන්න...උන් ගිහින් ඇනගනී..හැබැයි ඒ අය ඒ අයට ඕනි ලෝකෙ ගොඩනගාගනී...මේ ලඟදි මම අහපු රැකියා විරහිත අවුරුදු 26ක පොරක්ගෙ කතාවකින් මම කතාව ඉවර කරන්නම්.."අම්මල අපි හැදුවනම් ඉන්නකම් කන්න දෙන්න පුලුවන් වෙන්න ඕනි" දැන් හිතින් ඒ යෝදයට බනින්නෙ නැතිව හිතන්න එයාට එහෙම හිතුනෙ ඇයි???

9 comments:

  1. ඉන්දි ඉදිරිපත් කරලා තියෙන සමහර මත වලට නම් මම කොහෙත්ම එකග නෑ.සමහට දේවලට එකගයි. අර අන්තීමට රැකියාවිරහිත තරුණයාගෙ උත්තරයට නම් මම හිනා වෙනවා. එයා පිරිමියෙක්ද කියලාත් හිතුනා...

    මොකද මම වානිජ විද්‍යාවේදී උපාධියක් එක්ක රස්සාවක් නැතුව අවුරුද්දක් කට්ට කෑවා. හැබැයි උපාධියෙන් විතරක් මට ලැබෙන දෙයක් නෑ කියලා තේරුන හින්දා පුළුපුළුවන් හැටියට අත්දැකීම් ලබා ගන්න පොඩි පොඩි රස්සා කීපයක් කලා. ( උපාධිධාරිනියකට සුදුසු නොවන ) දැන් උනත් මම කරන රස්සාව මගේ උපාධියට මදි වෙන්න පුළුවන් ඒත් මම රස්සාවක් කරනවා.

    කෙනෙක්ට ඕනෙ කමක් තියෙනවාන්ම් යමක් කරන්න පුළුවන්.හොයා ගන්නත් පුළුවන්. උවමානවක් නැත්තම් අර වගේ උත්තරයක් දෙන්නත් පුළුවන්

    ReplyDelete
  2. ඔය පුතාගේ ඉදිමුනු හිත එතනට ගෙනැල්ල තියෙන්නෙ එයාගෙ දෙමාපියො....පුතා ගෙදර රජා වාගෙ එයාට ඕනි දේවල් ඔක්කොම දීල හැදුවහම එයා හිතන්නෙ ඒක තමා වෙන්න ඕනි දේ කියල....අපේ අයිය බයෝ උපාධිය කරන කාලෙත් ගෙදර පොල් කැඩුවෙ එයා...මම එතකොට පැපොල් කැඩුව ගස්ලබු ගස්වල...අපේ න0ගි මම කඩන ගස්ලබු බිමට දමද්දි අතාරිනකොට බනිනව....ගහ උඩ ඉඳන්...

    ReplyDelete
  3. සහතික ඇත්ත!

    (මචෝ බිංදුව ටයිප් කරන්න x අකුරෙන් පුළුවන්)

    ReplyDelete
  4. I can't agree on somethings here. Some people in our society has huge ego and the example you give here (that 26 old guy) is someone like that.
    Talking about short term relationships: what you think about western countries?
    From my point of view I believe its personal freedom to decide what to do in their love life. Not our problem as long as it's not anti-social behaviour.

    P.S: It's true that India is a shithole compared to SL.

    ReplyDelete
  5. 2 රුසිරු: මම භාවිතා කරන්නෙ UCSC කන්වර්ටර් 1 ඒකෙ තියෙන කී1 මොකක්ද දන්නෙ නෑ...

    ReplyDelete
  6. 2ග්‍රේ:මා පවසන්නෙ දෙමාපියන්ගෙ නුසුදුසු පීඩනය නිසා ඇතිවෙන දෙයක් ගැන....බොහෝවිට බාහිරින් එන බලපෑම් නිසා කෙතරම් ගැලපීම් තිබුනත් සමහර සම්බන්ධතා බිඳ වැටෙනව....මේ තරුණ පරම්පරාව විඳවන අසහනයේ එක්තරා පැතිකඩක් තමා තමාට නිසි පුද්ගලයා තෝරා ගැනීම හා ඔහු හෝ ඇය ඇසුරු කිරීමේ නොහැකියාව....ගොඩාක් පුතාල දුවලට තියෙන අභියෝගය තමා අම්මල තාත්තලගෙ ස්පෙක් එකට හරියන යුනිට් 1ක් තෝරාගැනීම...

    ReplyDelete
  7. මෙහෙමයි... මට නම් කවදාවවත් ගෙදරින් ඔහොම බලපෑමක් නෑ. (ලගක් වෙනකන් බදින්න කියල කිව්වෙත් නෑ.) නමුත් එකක් තියෙනවා. මම පෞද්ගලිකව විශ්වාස කරනවා මගේ පවුල් පසුබිමට ගැලපෙන කෙනෙක්ව හොයාගන්න එක තමා හොද කියලා. නැතිනම් ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්. ඒ වගේම අපේ ගෙදරින් දන්නවා මම එයාලගේ හිත රිදවන විදිහේ වැඩක් නොකරන බව. ඒ මාව හදපු විදිහ වෙන්න ඇති.
    නමුත් ඔහොමයි කියලා මගේ සම්බන්දවලට කවදාවත් ගෙදරින් එපා කියල නෑ.
    මම විස්වාස කරන්නේ අපිට මොලයක් තියෙන්නේ හිතලා වැඩ කරන්න. ඒක හරියට පාවිච්චි කරොත් ප්‍රශ්නයක් නෑ.

    බින්දුවට පාවිච්චි කරන්නේ \n

    ReplyDelete
  8. මම මෙහෙම අදහසක් මේකෙ පල කරන එක ගෑණු ලමයෙක් විදියට සුදුසුද කියන එක සමහර අයට ප්‍රශ්නයක් වෙන්න පුලුවන්..... ඒත් සිල් රෙද්දක් පොරවන් ලෝකෙට පෙන්වනවට වඩා මෙහෙම ලියන එක හොඳයි.....

    මේ ලිපියට පාදක උනු මාතෘකාවෙ පැති දෙකක් ම දකිනව... මොකද මමත් එහෙම ප්‍රශ්නෙකට මුහුන දීපු නිසා....

    මමත් මගෙ අම්ම අකමැති කෙනෙක්ට ආදරේ කරපු කෙනෙක්.... නමුත් මගෙ අම්ම හැමදාම වගේ දිනුව.... නමුත් ඒකෙ මහා ලොකු වරදක් මට පෙනෙන්නෙත් නෑ...... සමහර විට මෙහෙම කතා කරන අපිත් කවදහරි දෙමවුපියො උනාට පස්සෙ ඔය තරම්ම නොවුනත් ටිකක් හරි ඔය අදහස්ම දරාවි කියල මට හිතෙනව.අපි ජීවත් වෙන්නෙ ලංකාව කියන සාම්ප්‍රදායික පුංචි දිවයිනේ නෙව... සමාජ සම්මතය වෙනස් කරන්න යාම බොහොම අපහසු වැඩක්...

    අනිත් අතට, දරුවො කියන්නෙ අත් හදා බලල ඉගෙන ගන්න කැමති කට්ටියක්...දෙමව්පියො අත් හදා බලල අත්දැකීම් එකතු කරගත්ත කට්ටියක්... දරුවන්ට තියෙන අසීමිත ආදරේ වගේම සමාජයට තියෙන බය නිසා දරුවන්ට හොඳම දේත් දීල සමාජයෙනුත් බේරිල එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් මරන තියරිය දැන් කාලෙ දෙමව්පියන්ගෙ ප්‍රියතම ක්‍රමය වෙලා.... දරුවන්ට ජීවිතෙ වගකීමක් ගන්න අවස්තාවක් දීල පැත්තකින් ඉඳන් උදව් කරන පුරුද්ද එයාලට අඩුයි....

    දෙමව්පියො වැරදි නෑ... ඒත් දරුවන්ට වද දීල ගෙදර එපා කරවනවට වඩා, අඩුම තරමෙ කලබල නොවි ඉවසීමෙන් වැඩ කරල හීන් නූලෙන් ප්‍රශ්නෙ විසඳන එකයි දෙමව්පියන්ගෙ දක්ෂකම.....

    මොකද දෙමව්පියො වැරදි කියන්න මගෙ හිත මට ඉඩ දෙන්නෙ නෑ...

    (හැබැයි එක දෙයක්.... මා ආදරේ කරපු පුද්ගලය මොන වගෙ කෙනෙක්ද කියල ටික කාලෙකට පස්සෙ මට මොනවට දැනගන්නත් ලැබුන :) )

    ReplyDelete
  9. මම මූනදීල තියෙන්නෙ මගෙ ටැලන්ට් වැඩි වීම සම්බන්ධ ප්‍රස්නෙකට...සාමාන්‍ය කෙනෙක් 1ක් හිතනකොට මම 4ක් හිතනව...මම ගායකයෙක්...පද රචකයෙක්...කවිකාරයෙක්..විචාරකයෙක්...තාක්ෂණ ශිල්පියෙක්....සංවිධායකයෙක්...ඉතින් අම්මල වාගෙම දූටත් මාව සැකයි..ඔයාලම හිතල බලන්න මට ඊළඟට කරනදේ කියන,,අනාගතේ ප්ලෑන් කරන....දවසෙම ෆෝන් එකෙ මල් කඩන පෙම්වතෙක් වෙන්න බෑ මේ බිසී ලෝකෙ ....ඉතින් අපි බහුතරයට අයිති නැති නිසාම කැපෙනව...

    ReplyDelete