Posts

Showing posts from January, 2014

මළ මිනිසුන් මැද මියගිය දරුවෙක්

Image
වර්ථමානය අයිති වෙන්නෙ ජීවත්වෙන මිනිස්සුන්ට නෙමෙයි මැරිච්ච මිනිස්සුන්ට. මේ කතාව කියන්නෙ පවතින ක්‍රමය ගැන විවේචනය කරන වාමාංශිකයින් වගේ අය. සමහර නිර්මාණකාරයිනුත් මේ කතාව කියනවා.

පසුගිය දවසක ආනන්ද විද්‍යාලෙ සිසු දරුවෙක් යකඩ රෝදයක මිට නිසා අනතුරට ලක්වෙලා මියගිහින් තිබුනා. දරුවන් එය සමග සෙල්ලම් කරන විට එක දරුවෙක් එයට අහුවෙලා අවාසනාවන්ත විදියට මියගිහින් තිබුනා. මේ දරුවා දැඩි ලෙස අනතුරට පත්වුනායින් පස්සෙ බාහිර තුවාල තිබිල නැහැ. විනාඩි තිස්පහක් පමණ විද්‍යාලයේ දී තෙල්බෛහත් ගාමින් ඉඳලා ඉන් පස්සෙ තමයි ළමයා රෝහලට ගෙනියල තියෙන්නෙ. රෝහලට දරුවා රැගෙන ගිහින් තියෙන්නෙත් පාසැලේ ශිෂ්‍ය නායකයින් දෙපලක් විසින් කියල තමයි මට නම් ආරංචි වුනේ. රෝහලට යන විට දරුවා මැරිලා.

අනතුර වුන හැටියෙම දරුවා රෝහල්ගත කලානම් දරුවගේ ජීවිතය ගලවගන්න තිබුනා කියලා තමයි දොස්තර මහත්වරු කියල තියෙන්නෙ. ආනන්ද විද්‍යාලය තියෙන තැන ඉඳල රිජ්වේ ආර්යා ළමා රෝහලට පයින් ගියත් යන්නෙ විනාඩි විස්සක් විතර. ඒ දරුවාගේ තනි පිංතූරයක් ආනන්ද විද්‍යාලයේ තාප්පයේ එල්ලා තිබුනා. බොහෝ වෙලාවට පාසැලේ කන්ඩායමක් හෝ දරුවෙක් සම්මාන දින්නම මේ තාප්පෙ වැදෙන පෝස්ටර් වලට විද…

යාන්ත්‍රිකාදරය

Image
වැඩකරන මිනිස්සු වැඩිපුර නිවාඩු ගන්නේ ඇයි. මේ ගැන හොයන්න ගිය ලංකාවෙ තියෙන එක්ස් පී වෙළඳ කලාපෙ අයට කාලෙකට ඉස්සර අලුත් හේතුවක් හම්බ වුනා. ඒ තමයි සෙක්ස් වෙනුවෙන් තමයි මිනිස්සු වැඩිපුර නිවාඩු ගන්නෙ. දැන් ඉස්සර වගේ නෙමෙයි පෘථිවියෙ වැඩිය ජනාවාස නැහැ..ඉන්න අයත් ලොකු වැඩ තොගයක් කරන්න ඕනි. මිනිස්සුන්ගේ වැඩ කිරීමේ හැකියාව අඩුවෙනවා කියන්නෙ ඉතිරි මිනිස්සු ටිකත් ටිකෙන් ටික විනාසයට යනවා. .

කලින් තිබුන බාධා වලට වඩා දැන් තිබෙන බාධා වැඩියි. ඒ නිසා ඒවට මුහුනදෙන්න සිද්ද වෙන වෙලාව වැඩියි. සමූහ ලිංගික කඳවුරු බිහි වුනේ ඒ වෙනුවෙන්.

බොහොම ඉස්සර කාලෙ සෙනසුරාදා ඉරිදා ලංකාවෙ රටවල පහල මට්ටමේ සේවකයෝ පාක් වල රූම් වල සහ හෝල් වලට වෙලා කපල් එක්ක ප්‍රේමයෙන් හිටියා. නමුත් නව ලෝකයේදී දියුනු රටවල මිනිස්සුන්ට තිබුන ගොඩක් දේවල් අපේ රටවලට කැපිල ගිහින් දැන් අපි වගේ රටවලට සිද්ද වෙල තියෙන්නෙ නිවාඩු දෙන්න බැරි තරම් වැඩ වලට පණ දෙන්න.

විද්‍යාඥයො හොයාගත්තා කාලෙකට කලින් ලංකාවෙ නිර්ධන පංතියේ සති අන්තය. විෂේසයෙන් තරුන වයසේ අයගේ. ඒ බොහොම දෙනෙක් ලිංගික සතුට හොයනවා. ලිංගික කුහකත්වය ලිංගික අසහනය. ලිංගිකත්වය නිසිලෙස නොලැබීමෙන් ඇතිවන මානසික…

කෑම බෙදන්නී

Image
කෑම බෙදන්නී..සද්දෙන් කතා කරන්නී
මුදල් ගනින්නී..වැරදී නැවත ගනින්නී..
බැනුම් අසන්නී..එතකොට මට තද වෙන්නී
මට බත් එක බෙදාදෙන්න කවදද දෝනී...

බර වැඩිදෝ මන්දා ඇස් බිමට හැරෙන්නේ..
මට බත් බෙදනා විට ඇගෙ අත වෙවුලන්නේ
කෝම උනත් ඇගෙ නොම්බරෙ මා නෑ දන්නේ
ඒක දෙන වගක් නෑ මට තාම පේන්නේ..

තෝස එකට සාම්බාරු දෝරෙ ගලනවා
කපල දාපු පරාට උඩ හොදි ඉහිරෙනවා
පුංචි ළමැද කේස් එකෙන් පනින්න යනවා
මගේ හිතේ පෙම උතුරා යන්න හදනවා

ඔබ දුරක යන්නෙපා
මට නොපෙනි යන් නෙපා
පිටුපාල යන් එපා
මට දුකක් දෙන් එපා..
ඔය තාලෙට පැද්දෙන සෙක්කුව අහිමි වෙන් එපා..
හිමි වෙලා මිසක් මගෙ අත ඔබ ඈත යන් එපා..

ඇඹුල් අඹ

Image
කොළඹ සිටින විට හමන දුම සහ දුහුවිලි මුසු වාතයට වඩා තණමල්විල පැත්තේ දුහුවිලි මුසු වාතය වඩාත් සෞම්‍යය. ඒ පැත්තේ ජීවිත කෙසේදැයි අධ්‍යනය කරන්නට මට අවකාශයක් නොවීය. මා රාජකාරි කටයුත්තක් සඳහා තණමල්විල දිහාවට ගොස් සිටියෙමි. ඒ ප්‍රෙද්ශයේ මගේ යාලුවෙක් වීය. තණමල්විල ඔහුගේ ගමයි.

මා සමග ගිය ලොකු මහත්වරුන්ට හොඳ මීකිරි කෑමට උවමනා විය. මාගේ මිතුරාට කිව් පසු ඔවුන් ළඟ හරක් නොමැති බැවින් කිරි නොමැති බව කිව්වේය. නමුත් වෙනත් මී හරකුන් සිටින තැනකින් කිරි මිලට ගෙන මුදවා දිය හැකි බවක් කීවේය. කිරි මුදවා දුන් පසු ලීටරයක් රුපියල් සීයක් පමණ විය හැකි බව මුලින්ම මාගේ මිතුරා මට දැන්වීය. මා ඒ කිරි ලීටර් හයක් මුදවන්නට කීවෙමි.

පසුදින මුදල්ද රැගෙන ලොකු මහත්වරු සමග කිරි බලන්නට ගියෙමු. කිරි මිදී නොතිබුනි. එවිට නිවසේ සිටියේ මාගේ මිතුරාගේ නැගනියයි. මා සමග ගිය මහත්වරු කිරි වල මිල අඩු කරන්නේ නැද්දැයි අර නංගීගෙන් ඇසුවෝය. ඉන් පසු මාද මහත්වරුන්ගේ පැත්ත ගන්නට ඇත. අවසානයේ ලීටර් හයට රුපියල් හාරසීයක් ගෙවා අපි ආවෙමු.

පසුව මගේ මිතුරාට හොඳටම තරහ ගොස්..“මචං නිකං ඕන්නං කියපං.මං උඹට ඕන තරං කිරි මුදෝල දෙන්නං. ඒත් එක එක ලොක්කු *ක්කු එක්ක තව…

අඩ නිරුවතින් දේශපාලනය කිරීමේ අවුල

Image
බිකිනිය හෝ ඊට ආසන්න ඇඳුමකින් පොටෝ වලට පෙනී සිටි නිලියන් පිරිසක් දේශපාලනයට ඇවිත් ඇත. ඔවුන් ඇතැමෙක් විසින් නිරූපිකාවන් ලෙස හැඳින්වෙයි. දැන් අපේ රටේ සිංහල බෞද්ධ ජනයා ඇතුලු විශාල පිරිසක් මේ ගැන කෝප වී ඇත. ඇතැමෙක් සතුටු වෙති. ඇතැමෙක් දේශපාලනය නැමැති වැදගත් සංකල්පයට අත් වෙමින් යන ශෝචනීය තත්වය ගැන දුක්වෙති.

එම නිලියන් විසින් පෙරදී බිකිනිය ඇඳගෙන නිරූපනය කරනු ලැබුවේ ප්‍රේක්ෂකයින් වෙත සතුට ලබා දීමටය. ඒ කාරණාවේදි ඒ ඇත්තෝ සමර්ථ වූ නිසා ඔවුනට ජනප්‍රිය වීමේ අවස්ථාව හිමි වෙන ලදී. නමුත් ජනප්‍රියතාවයේම තවත් අංශයක් සලකා බලන මැතිවරණයනැමැති නායකයින් තෝරා ගන්නා අවස්ථාවට නිළියන් නොගැලපේ යැයි පිරිස කියති. ඒ නොගැලපිම කෙසේ වගුගත කරන්නේ දැයි මට නම් සිතාගත නොහැක.

මංගලගේ නිවසට හොරු පැනීම සහ මංගල සහ ඒ පුරුෂයා අතර අයථා සම්බන්ධයක් තිබීම මේ දිනවල ජාතික ගැටලුවකි. වායුසමනය කරන ලද බස් රිය තුල ජෝඩු අයථා ලෙස හැසිරීම පොලිසියට ප්‍රශ්ණයක් වී තිබුනි. එයද අපේ පුවත්පත් වල සමාජ ගැටලුවක් ලෙස දක්වා තිබුනි. මිනිසුන් කුමන ආකාරයකින් හෝ ලිංගිකව හැසිරීම අන් අයට බාධාවක් නොවන්නේ නම් එයින් මහා සමාජයට කිසිම අවුලක් නොවන්නේ නම් එහි ඇති අරුම…

මං දන්න පොල් වගාව (coconut cultivation)

Image

සඳවතිය මගේ සිහිනේ

සඳවතිය මගේ සිහිනේ
ඝන කලුව මකා දැමුනේ
ඔබ රූපෙ නිසා ලඳුනේ
කියලාය මෙමට සිතුනේ

මනමාල බැලුම් කටකාර කියුම් ඔය ..සේල තොලින් වැසි සුසුදු සිනා කැන්.
මගේ මුවින් පිට නොවෙන වදන් .. ඇත මාව වෙලා සිර කරල තබන්

ආදර දෙව්දුව දුනුදිය දෙනුමට.. ඊතල විද ඈ වසගෙට ගන්නට
කෑදර කම නැති කර සැනසෙන්නට.. මාතර යනකොට අරගෙන යන්නට

සුට්ටක් ලෝඩ් වෙනකල් ඉදලා කවිය අහලාම යන්ට..

චිත්ත සැත්කම (2)

Image
1 කොටස “ ඔන්නං හිරිවට්ටලත් කරත හැකි යැයි කියූ දොස්තරයාගේ අත මහ විසාල මන්නයකි. පංසලේ අන්දර වැට ගාන්ට කැපීමට ගන්නා විසාල වතු කතුර වැනි විසාල කතුරක් බේත් විදින නේස් නෝනා අත ඇත. සිවුරු වැනි කහපාට රෙදි කඩක් පසෙක ඇති අතර නිරුවත් මනුස්ස ශරීරයක බඩක් ඉස්පිරිතාල ඇඳක් මත ඇත. නේස් නොනෙක් අවිත් ඉන්ජෙක්සන් එකක් ගැසූ පසු මියගියාවන්ව අර ඇඳ මත වූ මනුස්ස සරීරයේ මදක් එසවී තිබුන අතක් කපා දැමූ කෙසෙල් කදක් මෙන් ඩොග් ගා පහත්විය. මන්නය ගත් දොස්තර තැන බඩ පලා ඉන් පසු "මෙන්න මේක කපන් ඕන" යැයි ලොකු මාලු කූරියකුගේ බඩක් වැනි කෑල්ලක් මනුස්ස බඩ ඇතුලෙන් ඇද ගත්තේ එල්ලෙන වැල් වැනි නහර වැල් සමඟය. කෝ කපන් නැද්ද අහන්නාක් මෙන් පණ ගැහෙන ඒ කෑල්ල උස්සාගෙන දොස්තර තැන සිටියේය. මහ කතුර අතදරා සිටි නර්ස් කෙනා සුටුස් සුටුස් ගා දෙකෙලවර කැපුවේය, එවිටම ලේ පාරක් චූස් ගා විදින්ට විය“
"හපෝ...මං කපන් එපෝ" යැයි. කියමින් හාමුදුරුවෝ නින්දෙන් අවදි විය. සද්දය මහ හයියෙන් ඇසී නැත. පියෙසා්ම අසල ඇඳක නිදිය. වාට්ටුවේ බොහෝ දෙනා නිදිය. තමුන්ගේ සිවුරු රෙදි මඳක් ඈත් වී දෙකකුල් ඉහල කොටස්ද මනාව අන් අයට පේන බවක් සාදුට වැටහුනි. නැවත සිවු…

චිත්ත සැත්කම (1)

Image
මෙය විශේෂ වාට්ටුවක් වන හෙයින් මෙහි පිරිසිදුකම වැඩිය. මෙහි සේවය කරන සේවිකාවන් ප්‍රමාණයද සේවිකාවන්ගේ රූප සෝබාවද සාපේක්ෂව වැඩිය. ආන්ඩුවේ තැනක් වුවත් වැඩකරන ගැහැනුන් අනෙක් තැන්වලට වඩා කුළුනු ගුනෙන් යුතු වූ අයවලුන් වන බව ලොකු සාදු සිතුවේය. ඥානසේකර සාදු දැන් ඉස්පිරිතාල ගත වී සතියකි. උන්වහන්සේ දැන් හැටත් පැනලා අපවත්වන්නට පිය මනිමින් සිටින බව ගමේ ඇතැම් මිසදිටුවන්ගේ අදහසයි. පංසල් වත්තේ ආදායමත් පංසලේ ආදායමත් නිසා උන්වහන්සේ කිසිම කරදරයක් නැතිව ගමේ බොහෝ දුප්පතුන්ටත් වඩා සැපවත් ජීවිතයක් ගත කරන බැව් ගමේ ඇතැම් මිසදිටුවෝ කියූහ.
සති කිහිපයකට වරක් දෙකක් ඥාණසේකර සාදු අතුරුදන් වෙයි. එක්කෝ රට යයි. නැත්නම් වෙනත් විහාරයකට යන බැව් කියා නික්ම යයි. උන් වහන්සේ කොහි වඩිනවාදැයි පොඩි සාදුවත් හරියට දන්නේ නැත. රට යනවා නම් පොඩි නම දැනුවත් කරන මුත් ලංකාව තුල උන් වහන්සේ වඩින තැන් ගැන විවිධ කටකතා පැතිර තිබුනි. ඇතැම් පංසලට හිතැති අයෙක් හාමුදුරුවො කොළඹ වඩිනව ඇති ලොකු හාමුදුරුගොල්ල හම්බුවෙන්න. අපේ හාමුදුරුවො මේ හිටියට නිකම්ම නිකං හාමුදුරුවො නෙමෙයි නෙ. ඔය හිටපුගමන් හිතාගන්න බැයි තරං ලොකු මන්ත්‍රිල ඇමතිල පවා පංසලට ඇවිත් යන්න…

සාවියගේ මිදි