Sunday, June 20, 2010

අන්සතු ලඳ

මාව කෙල්ලෙක් චාටර් කලා(කෙල්ලක විසින්)..ඉතින් මම දෙන දඬුවම මොකක්ද???මම ලඟ තියෙන්නෙ කෙල්ලගෙ යාලු කොල්ලගෙ ටෙලිෆෝන් නොම්මරයක් විතරයි.අපි ඉස්සෙල්ලම ගැහැනු ලමයගෙ නොම්මරය හොයාගන්න ඕනි...මම කොල්ලව තරහ ගස්සල කෙල්ලගෙ නම දැනගත්ත...මට කෙල්ල හමු උනේ කෝච්චියෙදි..මමයි එයය් අතර අයි කොන්ටෑක් ඇති උනා මම ගිහින් එයා තනි උන වෙලාවක එයාගෙ නොම්මර ගන්න පුලුවන්ද කියල ඇහුව..

එයා මගෙ ඇඟට ගොඩවෙලා ඇහුව මොකටද කියල..මම කිව්ව නිකමට කතාකරන්න කියල..සෙනඟ අඩු වෙලාවක් උන නිසා මම කෙල්ලගෙන් හොදි නැතිව අහගත්ත...දැන් ඒ ස්ටොර් එක ඉවරයි අපි දෙන්න ආයෙ ඇස් වලින් කතා කර කර යනව...ටික වෙලාවකින් මට අනික් අයට නොපෙනෙන්න එන්න කියල ෆෝන් එක මට පෙන්නුව..මම දැනගත්ත වැඩේ ඉල්ල ගත්ත නොම්මරේ කෙල්ලගෙන්...දැන් එපා හවස 4න් පස්සෙ කෝල් කරන්න කියල කිව්ව..මම එයාගෙන් නම ඇහුවට කීවෙ නෑ...

4 වෙනකල් ඉවසල මම ගත්ත නොම්මරේට ඉස්සුවෙනෑ...ඊට විනාඩි 10කට පස්සෙ මොකද කතාකලේ කියල අහල වෙන නොම්මරේකින් කොල්ලෙක් මට සද්දයක් දැම්ම..හවස මම ආයෙත් කලින් නොම්මරයට කතාකලා එතකොට කොල්ලෙක් කතාකරල මට හොඳ පරුෂ වචන ටිකක් අහන්න ලැබුන...මමත් ඇරියේ නෑ කාලෙකින් කටේ හිරිගැලවිලා යන්න කිව්ව.. උඹේ ඉඩම් මට ඕනෙත් නෑ මම ගන්නෙත් නෑ ඒත් සේල් බෝඩ් එක දැක්ක නිසා තමා කෝල් කලේ කියල ඉතින් එහෙම කිව්වම පනින මල මොනවගේද කියල හිතාගන්න...වාචාල කතාව ඇදිල ගියා ටිකක් දුර.එහා පැත්තෙන් වෙන එකෙක් මොකක්ද මේ කියවිල්ල කියල අහනව..එතකොට තමා මට ස්ටෝරිය මීටර් උනේ......එයා වෙන යාලුවෙකුටත් මම ලයින් එකෙ ඉන්නකොට කතාව කිව්ව...මූ කොහෙද යන පොලොස් කොට්ටෝරුවෙක්..අපේ ඉරේෂ කෝච්චියෙ යනකොට මූ ඒකිට එක එක ඒව කරන්න ගිහින් ඉතින් ඉරේෂගෙන් නොම්මරෙ ඉල්ලුවම මගේ එක දීල..

එක එක ඒව කරන්න ගියානම් ඌ එක්ක කතාකලේ මොකටද??නම්බර් දෙන්න තරම් ෆිට් උනේ කෝමද??ඔයවගේ බේසික් ප්‍රොබ්ලම්වත් ඒ කොල්ල 1ට ඇවිත් තිබුනෙ නෑ....

මම හිතන් ඉන්නේ මම දන්න ගේමක් දෙකක් දමල කෙල්ල ආයෙ මීට් වෙන්න...වෙලා මූනටම අහනව මම ඔයාට කරපු කරදරය මොකක්ද කියල...???

කස්ටිය හිතයි දැන් අහම්බෙන් මීට් උන නොම්මරයක්වත් නැති කෙල්ලෙක් කෝමද මීට් වෙන්නෙ කියල..ඒත් ඒවට තමා ගේම් කියන්නෙ..අර කොල්ලට මම දන්න කෙල්ලෙක් දම්මල රේඩියෝ චැනල් එකකින් හරි ටී වී එකකින් හරි මොනාහරි ප්‍රෝග්‍රෑමකට කපල් එක තේරිලා තියනව කියල දත්ත ගන්නව...

නැත්නම් තව ටිකදවසකින් ඉරේෂගෙ නොම්මරේ මතක නැති උන යාලුවෙක් ඒ කොල්ලගෙන් නම්මරේ ඉල්ලල මට දෙයි....

දැන් ඔය ජනප්‍රිය වෙලා තියෙන දෛව අංක විද්‍යාව වාගෙ දෙයක් කියල ඔබතුම කැමතිම ආසම කෙනාගෙ දුරකතන අංකය අග සිට මුලට කියනවද??/කියල අහන්න පුලුවනි..මම හිතන්නෙ ඔය වාගෙ සුලු කෝල් එකකින් කෙල්ලගෙ නොම්මරය මට ගත හැකි....

ඊට පස්සෙ ඩී එච් එල් DHL එකෙන් කියල කෙල්ලගෙ ෆෝන් එකට කතාකරල පාර්සලයක් තියනව මහත්මියගෙ නම සහ දුරකතන අංකය තියෙන..මම හිතන්නෙ මේක විශේෂිත තෑග්ගක් වෙන්න ඇති..අපිට මේක තැපැල්කරන්න පුලුවනි ඒත් තැපෑල ගැන අපි වගකියන්නෙ නෑ..මට මහත්මියගෙ ගෙදරට එන පාර දැනගන්න පුලුවන්නම් ..මේක හෙටම එවත හැකි....

නැත්නම් රජය මඟින් සිම් පත් ලියාපදින්චි වී ඇතිදෑයි නැවත පරීක්ෂා කිරීමේ වැඩපිලිවෙල දමල ඇඩ්‍රස් එක ගන්නව....

ඊට පස්සෙ ඉන්න වේලාවක ගෙදරටම යනව...

ඒත් ඉතින් මේ විප්ලව නිසා කෙල්ලගෙ නම සවුත්තු වෙයිද දන්නෙ නෑ..එක අතකින් බැලුවම මම නිකම් දමාගත්ත බාල්දියක්නේ..කෙල්ලෙක් වැඩිපුර බැලුවකියල නිකම් පිකප් වෙන්නෙ නැතිව හිටියනම් හරි...

7 comments:

  1. උඹ මාර යකෙක් නෙ බං

    ReplyDelete
  2. කියලා වැඩක් නෑ...මාර යකෙක් නේන්නම්...
    දැන් ඔය වැඩේ කරලා ඉවරද...
    කරන්න යනවද...
    අතෑරලා දැම්මද...හික්ස්....

    ReplyDelete
  3. අනේ ඇත්තට තොට වෙන වැඩ නැද්ද හැබෑටම?

    ReplyDelete
  4. කිව්වට තරහා වෙන්න එපා මචන්. උඹ ඇයි බන් ඔච්චර මහන්සි වෙන්න යනෙනේ මේ වගේ වැඩකට. ඔය කාලය ශ්‍රමය ප්‍රයෝජනවත් දෙයකට යොදවපන්කො

    ReplyDelete
  5. එකක් කලාම දහ ගුනේකින් රිටර්න් එක දෙන එකක් වගේ . . හික්ස්

    ReplyDelete
  6. මම කාලයක් මහ පුදුම විදිහෙ මැට්ටෙක් ඉතින් මම අම්බානක ඇන්දුනා දැන් මම ආස නෑ තවත් අඳින්න...මේව කලබලේට කරන්න බෑ ටිකක් ඉවසන්න ඕනි...මේකෙ ඉන්න අනික් ෆාර්සවේ ප්‍රබල මදි ගතියක් දැනෙනවා...ඒක තමා මට තියන අවුල....

    ReplyDelete
  7. හාපෝ..යි
    ඇසට ඇස ලෙයට ලෙය වගේ..
    ඒ වෙලේ අර කිව්වත් වගේ ලියන්නකෝ බ්ලොග් පෝස්ට් එකක්..:D

    මම මේ ඇත්තටමයි අහන්නේ තාමත් තියනවද..රජය මඟින් සිම් පත් ලියාපදින්චි වී ඇතිදෑයි නැවත පරීක්ෂා කිරීමේ වැඩපිලිවෙල ??
    ලියාපදිංචි නොවූ දුරකතන දැන් විසන්ධි කරලාද..?

    ReplyDelete