Sunday, September 26, 2010

මාව මූනුපොතෙන් කොන් කරල

දවසක් මම මූනු පොතට ලොග් වෙන්න උත්සාහ කරනකොට මට ලොග් වෙන්න කලින් කරන්න වැඩක් තියෙනව කියල වැටුන
මූනුපොතේ පරිපාලනය මගේ යාලුවො විසින් සලකුනු කරන ලද පින්තූර අඳුනගන්න කියල මට කියනව...ඒක විතරයි එයාල දෙන එකම ව්ධික්‍රමය...මගේ එකවුන්ට් එක අඳුනගන්න....පින්තූරෙ වැටෙනව...ඒත් එක්ක ඉන්න පුලුවන් අය දක්වල බහුවරන වගේ තෝරන්න යාලුවො ටිකක් දෙනව...5-6ක් විතර දෙනව...ඒකෙ පින්තූරවල සලකුනු කරපු අයව අඳුනගන්න බැරි නිසා මට මූනුපොතට ඇතුලුවෙන්න බැරිවෙලා...

සලකුනු කල යහලුවන් හඳුනාගැනීමට නොහැකිවීමට හේතු....

*මගේ මූනුපොත් එකවුන්ට් එකේ කට්ටිය 450ක් විතර ඉන්න නිසා සමහරු මාව දන්න අය නොවීම..
*දන්නා කියන යාලුවන් එක් එක් අන්වර්ථ නාමවලින් හඳුන්වයි..එවිට ඔවුන්ගේ විහිලු නම හෝ වෙනත් නම් සලකුනු කල පුද්ගලයාගේ මූනුපොත් ගිනුමේ නමෙහි සඳහන් නොවීම.
*සමහරක් ලාන්කික මිතුරන් ගස්,ගල් මල්., බල්ලන්,ආද්යට කැමති බව දැක්වීම පිණිස එම පින්තූරවල නම සලකුනු කිරීම.....(බල්ලෙක් දමල පින්තූරෙ ලකුනු කොලාම මම දන්නෙ කෝමද කවුද මේ බල්ලට මනාප අය කියලා)..
*ඝනත්වයෙන් සහ තත්වයෙන් ඉතා අඩු පින්තූර වල සිටින පුද්ගලයි න් අඳුනා ගත නොහැකි වීම.
*සමූහ ඡායාරූපවල සිටින ඉතා කුඩා මුහුනු අඳුනාගැනීමට අපහසු වීම..
*සමහර පුද්ගලයින්ගේ ළමාකල හා බාල අවධිවල පින්තූර වල සිටින අය අඳුනගත නොහැකි වීම.
*සමහර පුද්ගලයින් ඉතා හොඳින් දැන ගෙන හිටියත් ඔවුන්ගේ අප දන්නා නම් කොටස මූනු පොත තුල නොවීම.

මෙහිදී මුහුනුපොතේ පාලනාධිකාරිය සිතනවා ඇත්තේ මගේ යහලුවන්ගේ පින්තූරය හා ඔවුන්ගේනම් යන දෙකම මා නොදන්නවානම් ඔහු මගේ යාලුවෙක් නොවිය හැකි බවය

අපේ තාත්තා මූනුපොතේ සිටියානම් ඔහුත් මේම ගැටලුවට මුහුනදෙනවා ඇත මන්ද...ඉස්කෝලෙ උගන්වන ගුරුවරයා අපේ පියාට ඉස්කෝලයා වෙයි..කාලයක් කොන්දොස්තර වැඩක් කල කොන්දොස්තර මහතා ඔහුට කොන්දොස්තරයා වෙයි..කුකුලන් ඇති කරන ධනසිරි මාමා අපේ තාත්තාට කුකුල් දනය වෙයි...බොහෝ කලකට පෙර තල වෙළදාමෙහිසිට දැන් හන්දියෙ කඩේ සිට...ගමේ එවුන්ගේ රී රී මාංශ උලා කන ගිනි තල කඩේ මුදලාලියා අපේ පියාට තලයා වෙයි./...

අපිට මිතුරන් වීමට මුහුන හා නම දැනගත යුතුමද??

5 comments:

  1. ඕකම මටත් ආවා...මම නම් කනා පාරවල් ගහලා ගොඩ දාගත්තා...අනේ මන්දා මේ මුණුපොතනම්...

    ReplyDelete
  2. හදිස්සියෙන්ම එහෙම වුණේ ඇයි අයියා ?

    ReplyDelete
  3. මටත් උනා එපාර මම නව ගිනුමක් හැදුවා.

    ReplyDelete
  4. ඔහොම වෙන්නේ වෙන කෙනෙකුගේ පාස්වර්ඩ් එකකින් වෙන කෙනෙකුගේ ගිනුමකට රිංගන්න ගිහාම.....වෙනදා ඒ ගිනුමට ලොග් වුන අයි පී එඩ්‍රස් එක වෙනස් වුනාමයි ඔහොම වෙන්නේ....
    -- Saman Rathnatake --

    ReplyDelete