Thursday, January 20, 2011

තටු ලැබුන නිර්මලී....

මෙසමයෙහි එක්සත් අරාබි එමීර් නම් රාජ්‍යයෙහි එක්තරා නිවෙසක බොහෝ සෙයින් වස්තුව නැතත් සතුටින් සිටින නිවෙසක මෙහෙකාර සේවයේ එක්තරා අංගනාවක් සෙව්හි යෙදේ...මලක් උවත් බෝ දුරමැ පිපී ඇති නිසායෙන් ඇයට අපි නිර්මලී යැයි කියමු..

උදෑසන තම බිලියන 6ක සකල ලෝ වැස්සන්ගේ සුවදුක් විචාරන අප මහ සක් දෙවිඳු සිය කම්පීටර යන්තරය වැරගන්වා ලෝ තතු විචරන්නේ නිබඳවම වියෝ දුක් ගිනිම සිය බිත්තියේ දමන මේ නිර්මලියෙගේ මූනුපොත් තතු බලා ඇය සම්ඟ සිහිනෙන් වත් චැට් කරමියි සිතා සිය දිනපොතේ ලකුණක් දමා ගත්තේය..

අරාබියේ නිවෙසක සෙව්හි යෙදී ලක්ශන අංගයන්ගෙන් ගහන රූ සෝබාවක් ඇති නිර්මලියකට සිටිය හැකිද??ඇයටද අප ආශ්චර්ය රටේ නිකම් යුවතියනට මෙන් මූනුපොත්ට යා හැකිද??නිවෙස් හි සෙව්හි සිටින ඇයට මෙතරම් සැපැ ඇතිදෝහෝයි මේ පාඨකයා සිතනු ඇත...තම්බි උවත් සියලු තම්බියෝ එක් වැනිම කුහක,මුඩුම ,කුජීත ගති නොමැත්තූය..ඔවුනතරද අප මහ බෝසතානන් මෙන් දුක් ඇති තැන ලෙහි හුනු වෙන,,ඔවුනගේ දුඛිදී ඒ වෙනුවෙන් පිහිට වෙන සිය දෝනියැන්දලා වන් වූ සෙව් පිරිසට ආරක්ශා සලසන්නාහු වෙති..ජෙරුසෙලම නම් රටේහිදී ජේසුවා නම් වූ එකාටත් එහා ඇණ ගසාගෙන ලංකා නම් වූ ආශ්චර්ය දේශයට පැමිණි අයවලුන් ගැන පිටු පුරා ඇති පුවත් මීයට ඇදෙන වලසුන් සෙයින් රසබලන්නෝ මෙහි විස්තර විස්තර ඔවුනගේ ඇස් නලලෙහි හොවන්නේමයැ..

මීට ආයු දසකට එපිට වූ ජනී ප්‍රමානය මේ වන්විට බෝ සෙයින් වර්ධනය වී ඇති සෙයින් ශක්‍රයාට පෙර මෙන් සිය සේවය කම්පීටර රහිතව කල නොහේ..ඔහු සතුව ඇති විසාල සර්වර නම් වූ දත්ත බැංකු ලොව්හි මූනුපොත් සර්වර මෙන් කිහිප ගුණයක් විසාලය...දෙව්ලොව පරිගණක කෙසේ වීදැයි විස්තර කිරීම කල හැකිමුත් මෙහි දියුණු වෙන වේගය මෙන් කීප ගුණයකින් වැඩි එහි දියුණුව මෙහි පාඨක තොමෝ දෙව්ලොව යන විට බෝ සෙයින් වෙනස් විය හැක...

මීට ශක්‍ර වර්ශ කීපයකට පෙරින් සක්දෙවි වැඩවිසූ ආසනය දැන් එහි විශේස වැඩපිණිස ගනී...දැන් එයටත් එලාම් සෙට් කර කොම්පීටර සැට් කොරන ලද්දේ ආශ්චර්ය දේශයේ කපුටු කම්පීටර ටැක්නීසියොන් කොල්ලක විසිනැ...ඉදින් දිනෙක යලිත් නිර්මලීය වෙතම යොමු වෙමු...

කෙතරම් මතකය හැරපියා ලූවත් කෙතරම් දුර ගොස් ලූවත් යලිත් පැමිනෙන පක්ශියක් මෙන් ඇගේ සිත උක්ත දින සංජීවය නම් වූ සිහින කුමරා සමඟින් සිහිනෙන් පෙමින් වෙලී සිටින්නේ...එම සිහිනෙය තුලට එක්වරෙම සිය රූ සොබාවෙන්ම ඇඳුම් පැලඳුම් පිටින්ම ශක්‍රයා කඩා වදින්නේය..

සිය හැඳුනුම්පත නිර්මලිය වෙත දැක්වූ පසු ඇය පුදුම වූ සැටි ශක්‍රයා තමා ගැනම බටර් ගා ගත් සැටි මා පාඨක තෙම වෙහෙස ගන්වන නිසායෙන් එම ස්ලයිඩ්ඩු කපා අපි මැද ස්ලයිඩ් එකකට යමු...

ශක්‍ර:එසේනම් ඔබ යලිත් සිය මව් රට විසීම ගෝචර නොවෙනවා යැය් ඔබ සිතනවා නොවෙද>???

නිර්මලී:දෙවුනි...මා හට රැකීමට මේ දෑය..මා බලා කියාගන්නේ මේ අයයැ..මුන් නම් මට සැබෑ ආදරේයැයි කිව හැකි කිසිවෙකු මට ආස්චරිය රට නොවෙති..මා වර්ශ 5ක කාලයක් විදෙස් ගතැව සිට ගම යනකලැ මා සතුව ඇත්තේ වස්ත්‍ර සහ නොනැසූ චරිතය පමණකි...

ශක්‍ර:ඔබ මුදල් දඬුවම්ට දුන්නේද??නැතහොත් සෙල්ලමටම යෙදවීද???

නිර්මලී: ඔබ ශක්‍ර වීත් මෙසේ වෘශභරාජ ප්‍රශ්ණ විචාරන්නේ ඇයි??

මාගේ දෙමාපියන් යැපුනේ බෙහෙත් ගත්තේ මා මුදලිනි..පැල්පතක් වූ අපිට ගෙයක් යැයි කිව හැකි යමක් දුන්නේ මාය..දැන් විවාහක මාගේ මලනුවන් හා නංගා හට සිල්ප පිණිස මුදල් දුන්නේ මාය..වර්ශ කීපයක සිට යම්තම් ඇවිද ගැනීමට පමනක් වරම් ඇතිවූ මා පියා ඇතුලු පවුලම නඩත්තු කලේ මාම වෙමි..

ශක්‍ර: මා මෙහි පැමිණීමට පෙරැ ඔබේ සිහිනය වෙන කෙනෙකුන් හට දී තිබිණි..මා විසින් එහෙන් මෙහෙන් බලනා ලදුව ඇති ඔබේ දිවි කතාව අනුව ඔහු ඔබේ පෙම්වතාය...

නිර්මලී: එසේමයැ..එහෙත් දැන් ඔහු දෙදරු පියෙකි..සය මසකට පෙර ටැලිෆෝනනයෙන් කතාකල ඔහු නිර්මලී මා ඔබ හැර වෙන කෙනෙකුන් නොවන බව මට වැටහෙනුයේ දැන්ය...යැයි කීය..එහෙත් මින් ඉදිරියට යෑම යනු ඔහුගේ දරුවන් අතරමන් වීම විය හැකි බැවින් මා දැන් ඔහු ඇමතීම නොකරයි..ඔහුට පවා කර්කශ වූ සමාජ වටපිටාව උත්ක්‍රමනය කිරීමට බලය මුදල් එකල නොවීය..දෙමාපිය මිතුරු කීමට පිටු පා මා වැනි නිකමියක,,මුදල් නැතියෙක,,බල නැතියෙක ආවාහ කරගැනීම කතාවලම සිදුවන දේ බව ඔහු පසක් කර දුනි..

ශක්‍ර:එහෙත් මාගේ ශක්‍ර දත්ත පෙන්නුම් කලේ ඔබ කසාද ගැහැනියක බවය...එවිට ඒවා වැරදිද???

නිර්මලී:ඔව් ඔබ හරි...මා මේ කතරට පැමිණියේ ඒ නිසාය..මගේ මලනුවන්,,මව,,පියා පවසන පරිදි ඔහු හොඳ කෙනෙකි..එහෙත් මටනම් ඔහු ගැන කිසිදු ඇල්මක් නොවුනි..විවාහය රෙජිස්ටර වීමෙන් මතු එක් සතියෙකි මා ලංකාවෙහි ගතකලේ..ඉන්පසු මා විදේශගත විය..ඔහු මුදල්,,බලය ඇති නුවර ප්‍රදේශයෙ බලවතෙකි..මාගේ ලක්ශන රූප සොබාවට ඔහු කැමැති බවමැ ඔහු කියයි..එහෙත් මගේ මිතුරන්ද පවසන පරිදි මා ඔහු නොලැබීමට පව් කාරියකි..ඔහු ගති ගුණයෙන්ද කිසි වරදක් නැතියෙකි..එහෙත් ඔහු හට මා සිත නොබැඳීමට මා කුමක් කරම්ද කියන්..ඔබ දෙවියෙක් නෙව...කිම මේ බිරාන්ත වී???

ශක්‍ර: ඔබකලින් පැවසූ පරිදි ඔබ බලාගැනීමට කිසිවෙක් නෑ..එය බොරු නේද??ඔබට විවාහයක් කරදීමට ඔබේ පවුලේ අය බොහෝ මහන්සි වී ඇත..

නිර්මලී: නෑ ඔවුන්ට ඕනි උනේ මට මුකුත් දේ නොදී ඉන්න...අපේ අම්ම මට ඉඩමක් ලියල තියෙනව ඒක පවා ගන්න තමා ඒ අයට ඕනි උනේ..මම දැන් ඔය අම්ම කියන කෙනා නෙමෙයි මගේ අම්ම..එයා මැරිල...පසුව මා පියාට ලැබුනු දෙවැනි කසාදයේ ළමුන් තමා මාගේ මලයා සහ නංගා වෙන්නෙ..මගෙන් නිදහස් වෙල අර මම බැඳපු ගෙනාගෙ වස්තුවට ලොබ බැඳීම තමා සිද්ද වෙන්ට ගියෙ..ඒත් මම අකමැති උනා...

ශක්‍ර:මට දැන් කරන්න පුලුවන් දෙයක් තියෙනවද???

නිර්මලී:මා මෙතෙක් කල් දෙවියන් විස්වාශයෙන් බොහෝ කල් ගෙවුව..එහෙත් මාහට දැන් වැටහෙනුයේ ඔබ වැනි මහා බල ඇතියන්ද මා වැනි කාල කන්නියන් අභිමුව නිරුත්තරයි නේද කියල...මා මිතුරියන් දැන් සිය දරුවන් සහ පවුලේ පින්තූර මූනුපොත්හි දමන විට මට කසාදය කියන්නෙ හීනයක්..ලොකු ගෙවල් ගැන මහ ඇඩ් තියෙනකොට මට මාලිගා කියන්නෙ ඔබ වැනි ලෝකෙකට ආවට පස්සෙ ගන්ට පුලුවන් දෙයක් වාගෙ...

ශක්‍ර:මා නම් සිතන්නේ ඔබට නව කසාදයක් ගැන සිතීමට කල් පැමිණ ඇති බවයි.ඔබට ලැබෙන නව සැමියා ඔබ මල් බඳ වටා සිට කැරකෙන බඹරෙකු මෙන් ඔබ රකීවි..ඔබ සනසාවි..ඔබේ අඳුරු රාත්‍රීන්ට සොඳුරු හීන ගෙනේවි..

නිර්මලී: මේ ගෙදර බබා දැන් මගේ වාගෙ..මෙයා ල දැන් මගේම වාගෙ..මහත්තය මට තාත්තෙක් වාගෙ..මේ පොඩි එකා ඉපදුන දවසෙ ඉඳල ඉන්නෙ මම ලඟ..මට මේ දරුවො මගේ අය වාගෙ..ළඟදි මේ අය ඇක්සිඩන්ට් වෙලා මටත් හරි දුක හිතුන..

මම කොහොමද කෙනෙක් විශ්වාස කරන්නෙ..මම සංජීවට ආදරේ කලා...ඒත් අවසානෙ...මම ගෙදර අය විශ්වාස කලා..ඒත් අවසානෙ..මට මේ ළඟදි මල්ලි ලියුමක් එවල තිබ්බ..තාත්ත ලෙඩවෙලා තියෙන්නෙ මම නිසා ඇවිත් එයා බලන්න කියල...ඉතින් ඒ මනුස්සය බලාගන්නව කියන එකෙනුත් මේ අය බේරෙන්න හදන්නෙ...කොහොම උනත් මම මේ පාර ලංකාවට ගියාම දික්කසාදෙ ගන්නව..අරන් කොහොම හරි ඉතාලි හරි වෙන රටකට හරි යන්න බලනව...

ශක්‍ර:මා දුටු පරිදි ඔබට බොහෝ අය කැමතියි..ඔබ අනාගතේ ලස්සන වෙයි..මට හැකිවිට ඔබ සප් එකක් දෙන්නම්..එහෙනම් සී යූ ලේටර්...යැයි තෙපලූ ශක්‍රයා එසැනින් අතුරුදන් විය..

6 comments:

  1. අනේ මංදා උඹටත් මාර අදහස් එන්නෙ

    ReplyDelete
  2. කතාව කේස් උනා බන් එක තැනකට වෙලා එක හිතකින් ලියන්න බෑ.වැඩ වැඩ..වැඩ...ඒ නිසා පහලට එනකොට කලින් ෆෝමැට් එක අවුල් වෙනව

    ReplyDelete
  3. මෙවන් නිරිමලියෝද සිටිති.
    එක්තරා මෙවන් නිර්මලියක් මා හා මෙවන් කතාවක් කීවාය.
    "නාකි උනාම කොහොමත් මෙහෙ එන්න වෙනවා තමා. හැබැයි මෙහෙ ඉඳලා කසාද බැඳලා දහදුක් විඳලා කන්ඩ බොන්ඩ වත් නැතුව නාකි වෙලා මැරෙනවට වඩා, එහේ කාල බීලා වත් ඉඳලා ඇවිත් මැරෙනවා".

    ReplyDelete
  4. හ්ම්ම්ම් මටත් තේරුණා මුලදී තිබුණ ෆෝමැට් එක අන්තිම වෙනකොට ගොඩාක් වෙනස් වෙලා. මුල ටික වගේම් තිබ්බානම් මරු. කොහොම වුනත් කතාව නම් මැක්සා.

    ReplyDelete
  5. මෙය පලකිරීමට පෙර මෙය අදාල වන කතා නායිකාවට නොපෙන්වීමෙන් මා කලේ වරදකි..මෙය වහාම ඩිලීට් කරන්නැයි සහ එසේම තියන්නැයි යන පණිවිඩ දෙකම මට හමුවූයේ පැය කීපයකට පසු ඊ මේලය විවෘත කල පසුය...ඇයට මෙයින් මානසික හෝ වෙනත් හානියක් වී නම් ඒ පිළිබඳ කණගාටුව පල කරමි..මෙහි සඳහන් ඇගේ මව පිළිබඳ කරුණු ඇය සංවේදී කල බව පැවසීය..

    ReplyDelete