Saturday, January 15, 2011

sri lankan film hall box fun

සින්ඩිකේටර වාරන අයියල මේ බ්ලොග් එක සම්පූර්ණයෙන් කියවල ..වීඩියෝවත් බලලම කොරන දෙයක් කොරොත් හොඳයි කියල තමයි මම හිතන්නෙ...මාතෘකාවටම යකා පන්නන්නෙ නැතුව...

දැන් දැන් ෆිල්ම් හෝල් වල බොක්ස් ප්‍රමාණය වැඩි වෙනව...බොක්ස් 8ක් 10ක් තිබ්බ ෆිල්ම් හෝල් වල දැන් සමහර විට 20ක් 30ක් දක්වා වැඩිවෙලා ...මගේ යාලුවෙක් හිටිය ඌගේ නම මට්ටය දවසක් මට්ටය ටිකක් බලු කඩුවක් අරන් ගිහින්ෆිල්ම් හෝල් එකකට ඉතින් කෙල්ල හිතන්න ඇති මූ බොක්ස් එක්කන් යයි කියල ඒත් මට්ටය එක්කරන් ගිහින් තියෙන්නෙ ඕ ඩී සී එකට...ඕ ඩී සී එකට ගිහින් ෆිල්ම් එක බලන්න පටන් ගත්ත විතරලු..කෙල්ල මුගේ ඇඟේලු...ඉතින් මූ පස්සෙ කස්ටිය ඉන්න නිසා සහ කෑල්ල ගැම්මක් නැති නිසා හිටියලු ඉවසල..

ඊට පස්සෙ කෙල්ල මූට කියනවලු..අනේ ඕලිත තොල් වලින්වත් වැඩක් දමන්න කියල...පස්සෙ මට්ටය තොල් දෙක උල් කරගෙන දැම්මලු සිවුරුවම් පාරක්...මේ සිද්දිය අපේ වෙන යාලුවෙක් පස්සෙ සීට් එකේ ඉඳල බලාගෙන ඉඳල බකස් ගාල හිනා වෙලා.චාටර් බව මීටර් උන.මට්ටය ඉන්ටර්වල් එක පටන්ගන්නකොටම හෝල් එකෙන් එලියෙ...

කොහොම උනත් මේ වීඩියෝ එක බලන්න මේක බැලුවෙ නැති ඔය දෑස කුමටද හෝ මේක බලාගන්න බැරිඋන ඔය ඇස්ගෙඩිදෙක මක්කටදැයි කියල හෝ ඔයාලට හිතෙයි....




8 comments:

  1. මෙකෙ සම්පුර්ණ එක නැද්ද???

    ReplyDelete
  2. මම ඔය නාට්ටිය බලල නෑ..මම හිතන්නෙ ඔතනින් ඉවර ඇති...කෙටි නාට්ටියක් නෙව...

    ReplyDelete
  3. වීඩියෝවනම් පට්ට මචෝ...

    ඇත්ත තමයි කතාව... දැන් එන්න එන්න වැඩි වෙලා තමයි.

    ReplyDelete
  4. මේක මරු. මාත් බැලුවා.

    ෆිල්ම් හෝල් දැන් දුවන්නේ කපල් වලට පින් සිද්ද වෙන්න.. ඉතින් ඔය පෙට්ටිහදල හරි ගාන වැඩි කරගන්න තමා හදන්නේ ඒ මිනිස්සු.

    මරණෙ ගෙද කොහෙද තිබ්බ පෝස්ට් එකක් ෆිල්ම් හෝල් ගැන කාලෙකට පෙර

    ReplyDelete
  5. http://www.youtube.com/watch?v=_fGsCcDSlJY

    ReplyDelete
  6. නියම වීඩියෝ එක...සිරා.............

    ReplyDelete
  7. මේක මේ අවුරුද්දෙ යොවුන් නාට්‍ය උළෙලෙදි වේදිකාගත වෙනව බලන්න මටත් චාන්ස් එකක් ලැබුනා. නාට්‍යය තවත් පොඩ්ඩක් දිගයි. මහලොකු වෙලාවෙක් නෙවෙයි. හොඳ නාට්‍යයක්.

    ReplyDelete