ගිනියම් වූ වැලි කතරේ කෙම්බිම මට සොයා දෙන්න
නුඹේ නමින් සෙනෙහස් ගී පදවැල් අමුණා කියන්න
මඟ තොටදී හමු උනාම ආදරයෙන් හිනා වෙන්න
අනේ නුඹට පෙම් කලාට මගේ හිතට සමා වෙන්න
සුදු අරලිය මතක සුවඳ අප හදවත් ගොළු කරාවි
විසල් මැදුරු දොරට උඩින් හෙටත් පුරා හඳ වඩී වි
මතක තියා පිදු සෙනෙහේ අප දෙතැනක තනි කරාවි
නුඹ නැති මේ විසල් ලොවේ මගෙ ලෝකෙම නතර වේවි
පහන් තාරකා පායා රෑ අහසේ නිවී යාවි
තනිකම විත් හිත දොරකඩ ඇස උනු කඳුලින් තෙමාවි
හීන පැතුම් මල් පොඩි වී ඒ දුන් හිත සැඟව යාවි
හිත අද්දර ඔබෙ මතකය සැමදා මට රිදුම් දේවි
mama asa sinduwak..... :)
ReplyDeleteමෙය මාගේ පෙම්වතිය අවසන් වරට මගෙන් ඉල්ලා අසා එවූ ගීයයි..ඇයට එහි පදවැල් අවශ්‍ය්ව තිබිණ..(ඇය මට පෙම් නොකරයි.)එවකට අතුරුජාලයේ සුලභ නොවූ ගීතයක් වූ හෙයින් මෙසේ පලකලෙමි...
ReplyDelete