Saturday, July 16, 2011

වැරදුන තැන් කියන හාමුදුරුවෝ..

මම දන්නා පවුලක දරුවෙක් ඉපදී සති 3කින් මිය ගියේය..ඔවුන්ට උවමනා වූයේ මේ දරුවාගේ කටයුතු හැකිතරම් හොඳින් සිදු කිරිමටය..ඔව්හු මේ පුංචි දරුවා කුඩා පෙට්ටියක තැම්පත් කළහ.දේහය රැගෙන යෑමට සුඛෝපබෝගී විසාල රථයක්ද ඒ සඳහා තෝරා ගත්හ.ආදාහන කටයුතු බාර සමාගමේ දෙදෙනෙක් ඊට ගැලපෙන ලෙස හොඳින් ඇඳ පැළඳගෙන ඉදිරිපස අසුන් දෙකේ තැම්පත්ව සිටි අතර පිටුපස ඕනෑතරම් ඉඩ තිබූ හෙයින් මම පසුපස අසුනේ හිඳගතිමි.අවසන් කටයුතු බාර මටය.එසේම මෙවැනි ගමනක් යන පලමු වතාව මෙය විය.එම නිසා එය විනෝද ජනක විය.වාහනය රතු එළියක් අසල නැවැත්වූ විට, ළඟින්ම සිටි වාහනයේ අය බැලුවේ අපේ වාහනය දෙසය.ඉස්සරහින් සිටින නිලධාරින් දෙදෙනා දුටු විට ඒ අයගේ අවධානය නිතැතින්ම යොමු වූයේ රථයේ පිටු පසටය.”කෝ මිනී පෙට්ටිය ?” පොඩි පෙට්ටියක් නිසා එය ඔවුන් දුටුවේ නැත.ඒ වෙනුවට දක්නට ලැබුනේ මාවය.මම ඔවුන්ට සිනාසී අත වැනුවෙමි.ඔවුන් බැලූ ආකාරයට තිබුනේ " මේ මිනිස්සුන්ට පිස්සුද? ඇයි මේ පණ තියෙන මිනිහෙක් වලදාන්න ගෙනියන්නේ ?” යන්නය.එම නිසා " එවැනි ලොකු වාහනවල නොයන එක වඩා හොඳ.”

වයස් සීමාවක් නොමැතිව අප සියලු දෙනාටම මිය යෑමට සිදු වන බව සත්‍යකි.

මේ ඇත්තේ අජාන් බ්‍රහමවංස හිමි තායිලන්තයේ සිටියදි සිදු වු සිදුවීමක් උන්වහන්සේ විසින්ම විස්තර කල ආකාරයයි.අජාන් බ්‍රහම් හිමි ලන්ඩනයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ සෛධාන්තික භෞතික විද්‍යාව පිළිබඳ උපාධිධරයෙක් වන අතර පසුව තායිලන්තයේ පැවිදිව අජාන් චා මහතෙරුන් ළඟ බෞද්ධ අධ්‍යාපනය හැදෑරීය..1983 දී ආරාධනයකට අනුව ඔස්ට්‍රේලියාවට සම්ප්‍රාප්ත වන උන් වහන්සේ දැනට බටහිර ඔස්ට්‍රේලියානු බෞද්ධ සංගමයේ අනුශාසක හිමිපාණන් කෙනෙකි..ප්‍රායෝගිකවම ධර්ම මාර්ගය හා ඒ සම්බන්ධ ගැටලු අවබෝධ කරගෙන ඇති උන්වහන්සේ දැනට ලෝ පුරා බෞද්ධ ජනතාවට අසහාය මඟපෙන්වන්නකු ලෙස සිය සේවාව ඉෂ්ඨ සිද්ධ කරනු ලබයි.

මේ උන්වහන්සේ විසින් කරනු ලැබූ දේශනාවක ඇති කථාවකි..මෙහිදී අජාන් හිමි විසින් මරණය හා ලෙඩ රෝග සැහැල්ලුවෙන් වැළඳගැනීමේ අවැසිතාව බෞද්ධයෙකු ලෙස විස්තර කරයි..

අසනීපවීම කොතරම් හොඳ දෙයක්ද ? මා අසනීප වී නම් මෙසේ දේශනා පැවැත්වීමට මට සිදුවන්නේ නැත.මුලු දවසම ඇඳේ දිගා වී සිටිය හැකියි.අන් සියලු දෙනා මා අසලට විත් මට සත්කාර කරනු ඇත.භික්ෂුන් වහන්සේ නමක් අසනීප වීම මහත් සතුටට හේතුවන කාරණයකි.එය අපේ දායකයිනට පුණ්‍ය කටයුතු කර පිං රැස්කර ගැනීමට අවස්ථාවක් දීමක්ය.අවුරුදු කිහිපයකට උඩදී මම දන්නා ස්වාමින්වහන්සේ නමක් චිකාගෝ නගරයට වැඩියහ.එනුවර ඒ වන විට අධික සීතලක් පැවතිණ.සීත සෘතුවේදී අධික ලෙස හිම වැටීම සිදු වෙයි.සෑම තැනකම වතුර මිදී ඇත.දිනක් උන් වහන්සේ හිම මත ලිස්සා වැටී අතක් කඩාගත්තේය.දෙමව්පියන් බැහැ දකින්නට ගොස් සිටි උන්වහන්සේට රෝහල්ගත වීමට සිදුවිය.උන්වහන්සේගේ මව කඩිනමින් වාට්ටුවට පැමිණියාය.ඒ සිද්ධිය ගැන කියද්දී උන්වහන්සේ පැවසුවේ මවගේ මුහුනේ තිබුණ සතුට, කිසිදිනෙක නොදුටු සතුටක් එවෙලේ ඇගේ මුහුනේ තිබීම, උන්වහන්සේට මහත් ගැටලුවක් වූ බවය.” අම්මට මොකද මේ වෙලා තියෙන්නේ? මගේ අතේ තියෙන වේදනාව දැනෙන්නේ නැද්ද? මගේ අත කැඩිලා. මේක හිනාවෙන වෙලාවක්ද? අම්මට තියෙන මෛත්‍රිය ඕකද? “ මෙහෙම සිතමින් සිටියදී මව තමන්ට දැනෙන සතුට පිළිබඳව පැවසුවාය. කාලයකට පස්සේ ඇයගේ වාරය එළඹියා, ඇයට හැකිවී තිබුණා පුතාව තමා අසලින් රඳවාගෙන සුමාන ගණනක් තිස්සේ ළඟින් හිඳිමින් ඇයගේ සිතේ හැටියට තම පුත්‍රයාට ආදරය පෙන්වීමට.

එය ඇත්තක් නොවේද? අප ආදරය කරන , සැලකිල්ලක් දක්වන අය, මෙවැනි අවස්ථාවලදී ඔවුන් අපව හොඳින් රැකබලා ගනී. එසේ නොවේද? එය කොතරම් හොඳ දෙයක්ද? ප්‍රායෝගිකව මෛත්‍රිය දැක්වීමට ඒ අයට අපි අවස්ථාවක් ලබා දෙන්නෙමු.මෛත්‍රිය යනු " සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා ! සුවපත් වෙත්වා! “ යි කියමින් හිඳීමම නොවේ. වැදගත් වන්නේ අවශ්‍ය තැනට ගොස් ඒ පිළිබඳව යම්ක් ඉටු කිරීමයි.එම නිසා අසනීප අපිට, හොඳින් සැලකීම පුහුනු කිරීමට අවස්ථාවක් ලබා දෙනවා.අඩුපාඩුවලින් තොරව ඒ රෝගීන්ගේ අවශ්‍යතා සපුරාදී ඒ අයගේ සිත් සතුටු කිරීමට, සුවපත් කිරීමට අවස්ථාවක් ලබා දෙනවා. අඩුපාඩුවලින් තොරව ඒ රෝගින් ගේ අවශ්‍යතා සපුරාදී ඒ අයගේ සිත් සතුටු කිරීමට, සුවපත් කිරීමට අවස්ථාවක් අපිට ලැබීම මොනතරම් හොඳද? ඔබ ලෙඩ වීනම් එය මොනතරම් උතුම් පරිත්‍යාගයක්ද? හොඳ දෙයක්ද? ඔබ අන් අයට ඒ අයගේ මෛත්‍රිය දියුණු කර ගැනීමට, දයාව දියුණු කරගැනීමට අවස්ථාවක් ලබාදීම එමඟින් සිදුවෙනවා..

මා විසින් මේ උපුටා ගැනීම් සිදුකරන ලද්දේ අජාන් බ්‍රහම් මහ තෙරුන් විසින් මැලේසියාවේ "බුඩිස්ට් ජෙම් ෆෙලෝෂිප්" බෞද්ධ ආයතනයේදී වසර 2001 මැයි මස 30වන දින පවත්වන ලද දේශනය කහවේ අභය හිමි විසින් පරිවර්ථනය කර ඉදිරිපත් කර ඇති ලෙඩරෝග මරණය සහ සාමය කුඩා ධර්ම පුස්තකයෙනි..
මා හට දානමය පින්කමක් සඳහා පිරිකර ලෙස පූජා කිරීමට අවස්තාවක් ලැබිණි, සුදුසු භාන්ඩ කලක් පැවිදිව සිටි සී ටී කුමාර මහතාගෙන් විමසන ලදී..එතුමා පැවසූ පරිදි ලිහිල් බසින් ඇති වැදගත් ධර්ම පුස්ථක කියවීමට ලැබෙන අවස්ථාව ගම්බද උපාසක අයට සහ ස්වාමින් වහන්සේලාට අඩුය.ඒ අනුව මා විසින් කල සොයා බැලීම් වලින් මේ පොත හමු විය..සාර්ථක ලෙස මා පින්කම නිමකල අතර බොහෝ දෙනා මේ පොත පිළිබඳව මට ප්‍රශංසා කරන ලදී..ධර්මය කිසිත් අවබෝධ කරගැනීමට හෝ ධර්ම මාර්ගයේ ගමන් කිරීමට කිසිදු උත්සාහයන් නැති අයවලුන් දෙසන බණ වලට වඩා ප්‍රායෝගිකවම ධර්මය පුරුදු පුහුණු කරනලද මෙවන් මහ තෙරුන්වහන්සේලාගේ දෙසුම් වඩා සමීප බවක් මා හට නම් දැනේ.කහවේ අභය හිමි විසින් පරිවර්ථනය කල අජාන් බ්‍රහම් හිමි විසින් දේහිත තවත් අගනා පොත් රැසක් ඇත..ඒවාද ලිහිල් බසින් ගැඹරු ධර්ම කොටස් අවබෝධය පිණිස වූ වෝම වෙයි.

පොතේ නම:-ලෙඩරෝග මරණය සහ සාමය.
පොතේ අංකය:- ISBN 955 98696 6 5
කතුවරයා:- කහවේ අභය හිමි..
ප්‍රකාශනය:- දහම් හමුව ප්‍රකාශකයෝ..
විමසීම්:- දහම් හමුව ප්‍රකාශකයෝ,
76 , රබර්වත්ත පාර,
ගංගොඩවිල, නුගේගොඩ.
දුරකථනය ෆැක්ස් :- 011-4 319 164
හෝ සුලිර පොත්හල (011 56 11 286)


6 comments:

  1. ඇත්තටම මල්ලි මෙච්චර කාලයක් බොහෝම ආසාවෙන් කියවපු බ්ලොග් එකක් මේක..අදයි හරියටම කෙනා අඳුරගත්තේ...

    පුද්ගලයෙක් වශයෙන් මං උඹව අඳුරගෙන හිටියත් ඒ පුද්ගලයත්..මේ බිලොග් එකත් අතර ඇති සම්බන්ධය මේ වෙනකල්ම මං දැනං හිටියේ නැහැ.

    උඹ දන්නවනං මට දැනෙන සංතෝසේ..මං ආස කරපු බ්ලොග් එකක හිමිකරුවා මාත් එක්ක කතා බස් කරලා තියෙන මං ප්‍රිය කරපු චරිතයක් බව දැනගන්න ලැබීම ගැන...

    විශේෂයෙන්ම මං උඹේ කැමතිම දේ තමා උඹ කාට උනත් බ්ලොග්වලට දාන කමෙන්ට් හරහා ගහන කනේ පාරවල් වලට..

    උඹ මටත් දීලා ඇදපු තැන් මට අහුවෙලා තියෙනවා..ඒත් හොඳම දේ තමා එක කතාවක් එතනින් ඉවර කරලා උඹ ඊ ළග තැනදී අර මුලින් කතාවේ හිටියේ මනසින් දෙවෙනි කතාවට කමෙන්ට් නොකරන ගතිය...

    පොදුවේ කියනවනං වෛර බැඳන් පස්සෙන් එළවන ගතියක් උඹේ දකින්න නැති එක...
    ඒ ගතිය හැමදාටම තියා ගනින් මල්ලි...ජය වේවා..!

    ReplyDelete
  2. ස්තූතියි ඔබට...

    ReplyDelete
  3. සජීවී දහම පොතත් වටිනා ධර්ම කරුණු ඇතුලත් එකක්.අජාන් චා හිමියන්ගේ ධර්ම දේශනාවල එකතුවක්.සුගතදාස නම් කෙනෙකුගේ සිංහල පරිවර්තනයක් .

    ReplyDelete
  4. ලීපි එකින් එක කියවන ගමන්... අචාන් බ්‍රහ්මවංසෝ හිමියන්ගේ දේශන බොහෝමයකට සවන් දී ඇත. ඉහත දැක්වූ පොතද ඊළඟ සැරේ රැගෙන කියවන්නට අදිටන් කරගත්තා හෝඩුවාව දුන් ඔබට ස්තූතියි.

    ReplyDelete
  5. maru lipi tika.........

    ReplyDelete
    Replies
    1. me lipiya mara lassanai, mn ikmanatama e potha gannawa..

      Delete