Thursday, August 11, 2011

Memory of Thanu (තනුගේ මතකය)

එදාට  තනූ මගෙ කාමරේට ඇවිත් දවස් 10ක් වුනා.තනූ ලස්සනයි සුදුයි ...මම හීනෙන්වත් හිතුවෙ නෑ තනූ වාගෙ කෙනෙක් මගෙ කාමරේ නවතින්න එයි කියල..මම එදා හිටියෙ බියර් ටිකක් බීල..යාලුවෙකුගේ ගෙදර පාටියකට ගිහින් ඇවිත්..මම තනූව ඇනෙක්ස් එකේ අනික් කාමරේට දමලතිබුනෙ..තනූ දවසක්වත් ඒ කාමරේ හිටියෙ නෑ..එයාට බයයි කිව්ව..මම එක්කරන් ඇවිත් මගේ ඇඳේ නිදාගන්න කියල මම බිමට ආව..අනේ මේ පිස්සු කරන් නැතිව අර කාමරේ තියෙන ඇඳ අරන් එන්න කියල තනූ කිව්ව..පස්සෙ අපිදෙන්නම ගිහිං ඇඳ උස්සං ආව..ඇවිත් දෙන්න මූ න බල බල ඉඳල පස්සෙ අහක බලාගෙන නිදාගත්ත...
එදා බියර් මත නිසාද කොහෙද මගේ කට ටිකක් පන ඇවිත් තිබුනෙ තනූ ඔයා ට මම කතාවක් කියන්නද??
හා...තනූ කිව්ව...
ඔන්න දවසක් ගුරු විද්‍යාලයක් තිබුන..ඒකට ගුරුවරියක් ගියා.  ඈත පලාතක නිසා ගුරුවරිය අමාරුවෙන් නවාතැනට හොයාගත්තෙ. අර ස්කෝලෙ මහත්තයයි ගෙදර ස්කෝලෙ මහත්තයයි ඒ දෙන්න තනියෙං හිටියෙ .
හයියෝ කපිල ඕක පරණ එකක්නේ..
අවසානෙ කොට්ටෙ පැනගන්න බැරි මනුස්සය සීගිරි ගලෙන් පනීද කියල කිව්ව ගුරුවරී..
එහෙම නේ...ඒ තනුජාය..
හුම්..ඒක එහෙම තමා..තනූ ඔයත් මං ගැන එහෙම හිතයි නේ..
තනූගේ මූන බලා සිටියදී වෙනස් විය..කපිල සිතුවේ එය නොකියන්ට තිබූ කතාවක් බවයි...
නෑ..මටත් යන්න,ඉන්න යාලුවොනම් ගොඩයි..ඔයා පිරිමි කෙනෙක් වෙලත් මම ඔයා හොයන් ආවෙ මොකද කියල ඔයා හිතන්න ඇති..ඒත් මම තිව්ව පොඩි විශ්වාසෙටත් වඩා ඔයා හොඳ කෙනෙක්..මම මෙහෙ නවතින්න ආවෙ නෑ..මුල් දවසෙ..ආවෙ නිකම් ඔයා එක්ක කතා කරල යන්න..ඒත් ඔයා මට ඉන්න කියපු තාලෙට මට හිතුන ඔයා හීනෙන්වත් වරදක් කරන කෙනෙක් නෙමෙ කියල.එකවගේ අය ගොඩයි කපිල අයියෙ..ඒත් හොඳ පැත්තට වෙනස් වෙන ඔයා වගේ අය අඩුයි..
මට උදව් කලා කියල කපිල අයියට ලැබෙන දෙයක් නෑ..ඒත් මම ආසයි ඔයත් එක්ක මේ රටේ ඉන්න ටික දවස හරි හිනාවෙලා ඉන්න...
අපෝ මම විහිලුවක් කලේ ඔයා සීරියස් ගන් එපා..මම බියර් බීලනෙ ඉන්නෙ..ඔයා දන් නැද්ද??සොරි මම බොන්නෙ නෑ..ඒ ත් යාලුවො හිතනව මම නොබී හිටියම මම පොර වෙන්න යනව කියල...
අද සිහි කරන විට  ඒ දවස් කෙතරම් සුන්දර දැයි මට සිතේ..මෙය නිකම්ම කිසි හැලහොල්මනක් නැතුව සිටි මා සිත හොල්මන් කිරීමට තරම් වූ ප්‍රායෝගික හින්දි ෆිල්ම් එකක් විය..
"රූ කාන්ත කියන ජීවිතේ සුන්දරද මෙතරම්" යන්නට ඒ කාලය තරම් තවත් උදාහරණ නැත..ඇය  එෆ් එම් ගුවන්විදුලියක ටෙලියක් ඩබින් කිරීමට මා සමඟම පැමිණි තනූජාවිය..ඇගේ ආසාව නිසාම මෙසේ ඇය පැමිණීයත් එවැන් රැකියාවක නිරත වීමට තරම්  ඇය දුප්පත් යුවතියක් නොවීය..ඩබින් ස්ටුඩියෝ එකට එහි හිමිකරුවන් හැර සැප කාර් එකකින් තනියම ආ එකම කෙනා තනු විය..
අප දෙදෙනා ප්‍රේම ජවනිකා සඳහාද ඩබින් කිරීම් කලෙමු..එවිට අප දෙදෙනා සැබැ පෙම්වතුන් ලෙසම ඒ කොටස් කල බැව් අධ්‍යක්ෂ මහත්වරුන් මෙන්ම ප්‍රේක්ෂකයින්ද කියන ලදී.කැන්ටිම අවට ගස් ගල් අපිට අපේ කතාවට සෙවන දුන් කලක්ද විය..එහෙත් සොබාවෙන්ම නිකම් බාස් කෙනෙක් වූමට ඈ කැමැති යයි සිතීමට මා අකමැති විය..මුදල් තිබුනත් තනූ මුහුන දුන් ප්‍රශ්ණ මුදල් අතමිට යහමින් නැති අපට වඩා ප්‍රබල යැයි මට සිතිනි..දෙමාපියන් නෑයින් යාලුවන් සහ සමාජයෙන් විශේෂීත වූ ඇගේ සමාජය පැය විසිහතරම රඟපාන නාටකයක් මෙන් විය..
සල්ලි ලස්සන තිබූ ඇයට පැනි හලන්නො  එමට විය..එහෙත් මා එවැනි මාලිග තැනීමට කිසිදු මහන්සියක් නොගත්තේ දුර ඈත ගමක අමාරුවෙන් ස්වාධිනව දිවි ගෙවන මවුපියන් හෝ නංගී ගැන සිතා නොවේ..
මට ඇය සිහිනයක් දේව දූතියක් මෙන් වූ නිසාය..කාලය අපෙ දදෙනාද වෙන් කරන්ට විය..කලක් ගතිවිය..ඇය හමුවන වාර ගනන සතිය දෙක සිට මාසය දක්වා කල් ගියේ අපදෙදෙනාම එක්තරා විදියක වැඩ වලට කොටු වූ බැවිනි.
එක්වරම දවසක් ඇය මා සොයා මා එවිට සිටි එෆ් එම් නාලිකාව වෙත පැමිණුනි..එවිට මා සයිඩ් එකෙන් නිවේදකයෙක් විය..අද වැඩක නැත්නම් මට ලොකු උදව්වක් කරනවද..ඇය ඇසීය..ඒ වනවිට වැඩ කෝටියක් තිබුනත් මා පැනගෙන එන බව ඇය දැන සිටින්නට ද ඇත..
මොකද්ද??.
ඒක මෙහෙම කියන්න බෑ..ඔයා එන්න අර වැව ලඟට..මම ඒ කිව් වැව ලඟට ගිය අතර ඇය පැමීන තිබුනි..මට නියම වූ කාර්යය අයගේ කාර් එක කට්ටියක් දම්මාවා ගිනි තබා විනාශ  කිරිමයි..මරදානෙන් කැඳවාගත් පිරිසක් එය ඉතා මැනවින් කර තිබුනී...
ඉන්පසු ඇයට නවාතැනක් සෙවිය යුතු විය...ඇගේ ප්ලෑන අනුව ඇයට අවැසි වී තිබුනේ තවත් මාසයකින් පමණ රට යන බැවින් එතෙක් නැවතී සිටීමට තැනකි.අපි තැන් කීපයක් බලා මගේ නවාතැනට පැමිණියෙමු...
දැන් තනූ..ඔයා කොහෙ නවතින්න ගියත් අයි ඩී ඉන්නෙ කොහෙද..කොහෙද වැඩ කියල අහනව..ප්‍රශ්ණ ගොඩකට උත්තර දෙන්නත් වෙනව..ඒ මදිවට ඒ දෙන උත්තරවලට හරියන විදියට රඟ පාන්නත් වෙනව..ඔයාට බෑ ඔයා ගෙදරින් පැනල කාර් එක ගිනිතියාගේන මැරුන වගේ ඉඳල රට පනින්න් ඉන්නව කියල බේරෙන්න..කාටවත්ම..
හරි හරි දැන් ඔයත් එනව ඒ පාර අර අපේ අම්මල වගේ උපෙදේස දෙන්න..මොකද්ද මට කරන්න කියන්නෙ..මට දැන්ම බඳින්න බෑ..තාත්තිගෙ බිස්නස් වැටෙනව කියල මම කොහොමද නොදන්න පකිස් බූරුවෙක්ට කැමති වෙන්නෙ..
මං දන්නෑ සමහර විට මං වැරදි ඇති ඒත් ඔයා කැමතිනම් මේ අනික් කාමරේ ඉන්න පුලුවන් වැඩ ටික ක්ලියර් වෙනකල් රට යන්න....මම ඇනෙක්ස් එකම රෙන්ට් එකට ගත්තෙ පස්සෙ කාලෙක වෙන කොල්ලෙක් දෙන්නෙක් දාගන්න..එත් මේ ජොබ නරක නැති නිසා දැන් වෙන එවුන් ඇදගන එන්න ඒතරන් උවමනාවක් උනේ නෑ...
අනික ඕකුන් එක්ක ආවත් කතා කරන්න අඩි ගහන්න ගියාම නිදහසේ නිදා ගැනිල්ලකුත් නෑ...
අනික් කාමරේ මේ සාලෙ..කුස්සිය..වෙන වෙනම බාත් රූම් නැති එක තමා පොඩි අවුලක්ට තියෙන්නෙ..ඒකත් ශිෆ්ට් එකට කරගත හැකි වෙයි.
කුස්සියක් තියෙන නිසා උයන් කන්නත් පුලුවනි...
කපිල එතකොට ගාන කීයද??
එය ඇසුවේ විහිලුවට විය යුතුය..ඒත් මම පැන දුනි..නෑ අවුලක් නෑ මේ දවස්වල මට සල්ලි තියෙනව..මම කීමි..
ඇය කාමරයට ගොස් ඇඳුම් මාරුකර වොස් දා ත්‍රි ක්වාටර එකකින් සැරසී එනවිට මම පත්තරේ ඇලී සිටියෙමි.
කපිල තේ එකක් හදන්නද??
හා හොඳයි...
ඇය ගෙනා තේ එක තනා තිබුනේ තේ කොල සීනි කිරිපිටි එකට දමා කලවම් කිරිමෙනි..පසුව ඇයට තේ සෑදිම මම  විසින් කියා දෙන ලදී...
තේ එකක් නොසෑදීමට නොදන්නා තනූ උයන්නට ගත් වෙහෙස මාන්සි ගැන මා වැඩිදුර විස්තර නොකරමි..එහෙත් අලුත බැන්ද කපල් එකක් මෙන් මුල්දිනවල අප දෙදෙනා අතර කිසිදු අමනාප වදනක්වත් හුවමාරු නොවූයේ මන්දැයි මටද ගැටලුවකි.ඇය සහතික හැදීම පාස්පෝට් ගැනීම ආදී දේ සඳහා යයි..කොන්ඩය ස්ටේට් කර සිටි ඇය එය ඉවත් කර සාමාන්‍ය පරිදි කොන්ඩ මෝස්තරයත් අලුතින්ම මිලදී ගන්නා ලද සාමාන්‍ය  ගැමි තරුණියන් මෙන් වූ ඇඳුම් කට්ටල කීපයත් නිකම් කිසි ලක්ෂනක් නැති සෙරෙප්පු ජෝඩුවත් ඇගේ මහේෂෘක්‍ය පෙනුම අඩුකර තැබීමට සමත් විය..
මා ටී වී එකක්ද ඇය වෙනුයෙන් පහසු ගෙවීමේ ක්‍රමයට ගෙනත් දුනි..ඇය පසුව එහි මිල මගෙන් අසා එය ගෙවා දැමුවාය..
කිසියම් හේතුවක් නිසා ඇයට ඇගේ මුලු සමාජයටම වෛර කරන තැනට පැමිණ ඇතැයි මම සිතුවෙමි...
ඇය ගියාය...මා මේ රට තනිකර එක් රාත්‍රියක ඇය නික්ම ගියාය..මගේ උරහිස මත සිට කපිල අයියා..කියා ඉකිගසමින් සිට යන්නට ගියාය..
ගිය පසු එක් වතාවක් කතා කර ඉන්පසු සතියක් දෙකක් යනතෙක් සද්දයක් නැතිවිය..
එහෙත් ඉන්පසු මා එසේ ලෙහෙසියෙන් අමතක කිරීම අමාරු බව කියා ඇය යලිත් කතා කරන්නට විය...මට ඇනෙක්සියත් ජොබත් එපාම විය..මා ගෙදර ගොස් තාත්තා සමඟ පොල් වතු වැඩට සම්බන්ධ විය..
තනූටත් මටත් ඈත් වීමේ අරුමය තේරුනේ ඈත් වී බොහෝ කලකට පසුය...(මාසයකට දෙකකට පසු)
ඉන්පසු ඇය ලංකාවට ආවාය..ඇය සතුව තිබූ මුදල් වියදම් කරගෙන අපි දෙදෙනා රටින් බට සුදු කපල් එකක් මෙන් එතෙක් අප වෙත තිබූ සියලු බැමි මුදාහැර සතුට සොයා ගියෙමු..එහෙත් ටික දවසක් යනවිට හිස්වන පසුම්බි අපට ද හරස් විය..
තනූ ඇගේ තාත්තීගෙන් ඇගේ කොටස ඉල්ලන්නට ගොස් ඇත..තාත්තී විසින් ඇය ගෙන් විස්තර අසා මා හමුවන්ට ඔහු ආවේය..
තමුසෙට කීයක්ද ඕනි...
මා ඔහු දුන් චෙක් එක  විසි කලේය...එහෙත් ඉන්පසු මා යලිත් මගේ සල්ලි ලෙස එය  ඇහිඳ ගන්නා ලදි...ගෙදර පැමිණ එතෙක් නිකමෙකු ව සිටි මා නව නිවසක් තනා රථ වාහනයක් ද ගෙන ඉන්නා විට එහෙන් මෙහෙන් සෙට් වී මඟුලක් ද මට කෙරුණි..මුදල් ඇතිවිට ආයාසයෙන් කිසි දෙයක් සෙවීමට ඇවැසි නොවෙන බව මා දිටිමි.
මා ගමේ පොල් මුදලාලි විය..
දින දෙක තුනක් මා සම්බන්ධයෙන් සොයා කිසිවිට නගරයේ මිතුරන්ට නොකී මගේ දුප්පත් අම්මා තාත්තා තුල සැගව ගත් නිසා තනූද ඇගේ ලොවේ හිමිකරුවෙකුට හිමිවන්නට ඇත..
දැනටද කොලඹ යැවෙන දිනෙ ක ඇය ඇති දැයි ඇස් දෙක වටපිට බලයි..එහෙත් මා දැන් දරු තිදෙනකුගේ පියෙක් බවත් එවිට ම සිහි වෙයි...
අනේ ඒ ලස්සන කාලෙ කියා හූල්ලනු හැර කිසිවක් මට දැන් නොසිතේ..

8 comments:

  1. අසාමාන්‍ය කතාවක්. එක හුස්මට කියවගෙන යන්න පුළුවන් ඔයාගෙ ශෛලියට තමයි මම කැමති.

    ReplyDelete
  2. ලියන විදිය හරිම අමුතුයි.කියෙව්වා.

    ReplyDelete
  3. අනුන්ගේ දින පොත් කියවන එක කැත පුරුද්දක් කියලා කිව්ව ගොබ්බයා හොයා ගන්න මට පුළුවන් උනොත් මං ඌට කියන්නේ කනේ ඇඟිලි ගහ ගන්න...

    ReplyDelete
  4. නියමෙට ලියලා තියනවා..

    ReplyDelete
  5. ස්තූතියි...සැමට..

    ReplyDelete
  6. පෝස්ට් මොඩර්න් ඡායාවක් වැටුනු මොඩර්න් කතාවක්... රස වින්ඳා...

    ReplyDelete
  7. "එදා බියර් මත නිසාද කොහෙද මගේ කට ටිකක් පන ඇවිත් තිබුනෙ"

    අපි අහලා තියෙන විදියට නම් මද්‍යසාර මොළය අවපීඩනයට ලක් කරන දෙයක්; උද්දීපනය කරන දෙයක් නම් නෙවෙයි!

    ReplyDelete