මට පොලිතින් ගැන කතාකිරීමට අයිතියක් නැතිවිය හැක මන්ද මා පොලිතින් කොලවල බත් ඔතාගෙන එන බැවිනි..එහෙත් උදේ පිටත් වූ තැන පටන් නියමිත මල්ලක නියමිත අවකාශයක් කෑම පෙට්ටියක් වෙනුයෙන් වෙන්කර තබාගත නොහැකිනිසා මට අකමැත්තෙන් වුව පොලිතින් වල කෑම ඔතාගෙන ඒමට සිදුව ඇත..
මට පෙනෙනෙ තෙක් මානයේ ඇති බ්ලූමැන්ඩල් කුණු කන්ද දැනටද ගිනි සිලුවක් පිටකරමින් දැවේ..විටින් විට විශාල පිපිරීම් එහි සිදුවන බැව් ප්‍රදේශවාසින් විසින් කියනු මා අසා ඇත..සිතාගැන්මට වත් නොහැකි විශාල කුනු කන්දක් වන මෙහි පහල සහ මැද ස්ථරවල පවතින අධීක කාබනික අපද්‍රව්‍ය තොගවලින් නිකුත් වන කාබනික වායුන් විසින් ඇතිකරන පීඩන මගින් මෙසේ විටින් විට පිපිරෙමින් මේ කුණු කන්ද පිපිරෙන බව මා සිතමි..
සොපින් බෑග් කලාව...
අපි දැන් කඩේකට ගියොත් දෙන සොපින් බෑග් එක සාමාන්‍ය කරණය වී තිබේ..අපි කඩෙන් බඩු ගේන්නම නිවසින් නික්ම ගියත් බෑගයක් රැගෙන යෑමේ කිසිදු උනන්දුවක් අප බොහෝ ලාංකිකයින්ට නැත.කලකට පෙර සුපිරි වෙලදසැල් විසින් නව මලු හඳුන්වාදුන්නත් ඒවා එතරම් ජනප්‍රිය නොවීය..නිකම් ලබාදෙන සොපින් බෑග් එක තරම් මිලදී ගන්නා හන මල්ල අපේ අයට දිරවූයේ නැත..මා කුඩාකල මෙන්ම දැනුදු අපේ ගම්පලාතේ අය බෝමයක් බඩුගන්නට පොලේ යනවිට පොලිසැක් උරයක්,හණ කවරයක්,ප්ලාස්ටික් බෑගයක්,හෝ අවම වශයෙන් කුමන හෝ මල්ලක් රැගෙන යෑමේ සිරිතක් ඇත..නමුත් නාගරික සුපිරි සහ සාමාන්‍ය වෙළඳසැල් වලට ගොඩවදින බෝමයැක් දෙනා බෑග් කඩෙන්ම ගන්ට ඉන්නවා මිස මල්ලක් රැගෙන යනවා මා දැක ඇත්තේ අඩුවෙනි..මා වැඩකරන කාර්යාලය අසබඩ තරමක් ජනප්‍රිය ආපන ශාලාවෙහි එක් කෑම 1ක් ගත්තත් එයට පොලිතින් උරයක් ලබා දෙනු ලබයි.කොටින්ම මාලු බනිසක් ගත්තත් එයටත් පොලිතින් උරයක් ලබා දීම ඒ ආපන ශාලාවේ සිරිත වෙයි..ඉතින් දවසට දෙතුන් විටක් කෑම රැගෙන ඒමට ඒ වෙත යන මට දිනකට පොලිතින් උර 3ක් පමණ නොමිලේම ලැබේ..මා කල්පනා කලේ දාහක් එක්දාස් පන්සීයක් දවසට කෑම ගන්නා ඒ කඩය දිනකට කෙතරම් පොලිතින් ප්‍රමාණයක් නිකුත් කරනවාද යන්නයි..පන්ඩිත මොලෙන් ඒ ගැන සිතා බලා පසුදිනක කවරය දෙන්ට තැනූ විට මට එපා අපරාදෙනෙ පරිසරේ කියා කීවෙමි..පිරිමි අයකැමි කෙනෙක් සිටින විට කිසි අවුලක් නැතුව එසේ කවරය නැතුව කොල කැබැල්ලක පමණක් කෑම ඔතා ගත හැක..නමුත් අද වනතුරුත් ගැහැනු අයකැමි කෙනෙකු හෝ ගැහැනු වෙලඳ සේවිකාවක සිටියහොත් " අනේ පිස්සු නැතුව ගන්න මල්ලි " යැයි කියමින් පාර්සලයේම දමා කෑම එක ලබාදෙයි..නැතහොත් "මෙයාගෙ තියෙන ඇඩ්" යයි කියමින් අන් අය සමඟ එක් වී සිනාසෙයි..එවිට මා වීරයා වී කෑගැසීමට නොයන්නේ ඔවුන් ඇහැටවත් කනටවත් පේන ගෑණු ලමුන් වීම නිසා නොවේ..ඔවුන් ෂේප් කරගැන්ම විවිධ අවස්ථාවලදී එනම් අලුත් කෑම ලබා ගැන්ම,වැඩිපුර හොදි දා ගැන්ම,රස අයිතම තෝරා ගැන්ම,මාලු හොදි ගන්නා විට පොඩ්ඩක් පැනිය දමා හොදිවලට බිල්කර මාලු කෑල්ලක් දමා ගැනීම ආදී කුජීත දේවල් ගැහැනු අය ෂේප් කරගත් විට කිසිදු අපාසුවෙකින් තොරව කරගත හැකි නිසාය.අනික සොපින් 2000ක් විතර දවසට යන කඩේ මන් නොගත්ත සොපින් දෙක නිසා පරිසරේ පෙරලෙනවයැ..
උත්සව අවස්ථාවල කෑම කොළ භාවිතය...
හෙළ උරුම කාරයන් පාර්ලිමේන්තු ඇවිත් කරපු එක වීර හොඳ වැඩක් නම් කෑම කොල ඇතුලු භාවිත පොලිතීන් වල ගේජ් එක නැත්නම් ඝනකම වැඩිකර ලීමට නීති අනපනත් ගෙන ඒමයි..ඒ නිසා පසුකලෙක කෑමකොල සහ පොලිතින් සිලි කවර වල මිල මෙන්ම පරිසර හිතකාමී බවද වැඩිවිය..මා කලක් ජා ඇල ප්‍රදේශයේ පාරේ වැඩ බිමෙක වැඩ සුපරීක්ෂක ලෙස සිටියෙමි. වේලාව සවස 6-7 පමන වන්නට ඇත..මිනිසෙක් ඇම් ඩී නයින්ටි වර්ගයේ බයිසිකලයෙකින් පැමීන පිටුපස බැඳගෙන තිබූ බාල්දියක් ලහාගෙන පහත් වීගෙන මොකද්දෝ වැඩකි..මා සිටියේ මීටර දෙතුන් සියයක් ඈත බැවින් මට හරියට කුමක් කරන්නේදැයි නොපෙනුනි..එක්වරම පොලිස් රථයක් නවත්වන ලදී..එකලද ඩෙංගු උවදුර නිසා පොලිසිය කුනු ඉවත්කිරීම සම්බන්ධ බලතල ස්වල්පයක් අතට ගෙන තිබූ කාලයකි..පොලිස් රිය නැවැත්වු විගස අර මනුස්සයා විසින් බාල්දිය යලිත් බැඳගෙන වහ වහා යන්නට විය..පසුව මේ කුමක්දැයි බැලීමටත් අසල තේ කඩයෙන් තේ එකක් ලෝඩ් කරගැන්මටත් මා අසලට ගියෙමි..එතැන බත්කොල බොහොමයක් විවෘත කොට අපවිත්‍ර කොට තිබුණි..එවිට පොලිස් මහතුන් දෙදෙනෙකු ඒ පෙන්වමින් කතාකරමින් සිටියේය..ඔවුන්ගේ කතාවට රබර් කණ දැමුමට අර බයිසිකලෙයේ ගිය මිනිසා බත්කොල වල බත් ඌරන්ට ආහාර පිණිස රැගෙන ගොස් ඇති බවත් ප්‍රදේශයේ කුමක් හෝ උත්සව ශාලාවක් විසින් ඔවුන්ගේ බත්කොල මෙතැන දමන බවත්,,ඌරන්ට කෑම උස්සන් යන අර පුස් ඌරා යලි හමු වූවිට ඔහුගේ කණට නිවුටන් කීපයක බලයක් යෙදිය යුතු බවත් පොලිස් මහතුන් දෙදෙනා කතාවිය..ඌරන් යනු ඕනි ජරාවක් කන සතුන් විශේසයකි..එකල පවා ඌරු මස් කිලෝවක් ජා ඇල ප්‍රදේශයේත් රුපියල් තුන්සියයකට වැඩි විය..අපි විසින් කාර්යාල වල,විසල් උත්සව වල,ආපණ ශාලාවල,දී ඉවත්කරන ආහාර වලින් ඌරන් තර කල හැකිනම් එක කොතරම් වටිනා කියන දෙයක්ද?එයින් අපට කසල ටික නිසි අයුරින් ඉවතලිය හැකිවා මෙන්ම තවත් කෙනෙකුට ආදායම් මාර්ගයක්ද සලසා දිය හැක..නමුත් කෑම කොල වල බහා ලන ආහාර මලුවල ආහාර ඉවත් කිරීම නම් ටිකක් හුරුවූ අයෙකුට හැර වෙනකෙකුට අප්‍රිය ජනක දෙයකි..එහෙත් එතරම් පිලුනු නොවූ ආහාර ඉවත් කරගැන්ම නම් ලේසි වැඩකි..
උත්සව අවස්ථාවලදී නාගරික මේනම දැන් දැන් ගම්බද පෙදෙස්වලද බහුලව පොලිතින් භාවිත කරයි..කෙතරම් පිරිස හිටියත් පිඟන් සේදීම පහත් දෙයක්ය යන සිතුවිල්ල කෑම කොල වල කෑම දීමට හේතු වී ඇත..කෑම කොල වල කෑම දෑ පසු ඒවා බලු කපුටෙක්ටවත් කෑමට නොහැකිය..බලු සිව්පා පක්ෂි හෝ කිනම් සතෙක් ආහාරයට ගත්තත් මනුෂ්‍යයන් මෙන් දියුනු ඉන්ඳ්‍රිය නැති සත් හූ අර දවටා ඇති පොලිතිනයම ගිල දමති..කොයිතරම් ඥානවන්තයැයි කීවත් පොලොන්නරුව පැත්තේ දී මිනිසුන් විසින් ඉවත්කරන කුනු කන ගොං අලි කීපයක් මන් කීපවරක් රූපවාහිනියෙන් දිටිමි.බොහෝ දෙනා සිතන්නේ පිඟන් සේදීම මහත් අමාරු කාරියකැයි කියාය.නැත උත්සව අවස්ථාවක පිඟන් සේදීමට අවැසි වන්නේ තීනත හෝ හුනු ගෑමට ගන්නා බුරුසුවක්,පොල් කොහු හෝ වෙනත් පිරිසිදු කිරීමේ බුරුසුවක්,තරමක විසාල බාල්දි දෙකක්,කොලපාට පිරිසිදු කාරක දියරයක් සහ අලු ස්වල්පයකි..පලමුව අප විසින් අර පිඟන් වල එන ඉඳුල් තරමක් විසාල තීන්ත ගාන බුරුසුවකින් පිසදා බාල්දියකට දැමිය යුතුය..දැන් වරක් පිඟාන වතුරෙන් සෝදා අලු සහ පිරිසිදු කාරක එකතු කරගෙන පොල් කොහු හො වෙනත් පිරිසිදුකරන බුරුසුවක් භාවිත කොට පිරිසිදුකොටගෙන තවත් දෙවරක් වතුරේ දමා ගන්න..,දැන් පිඟාන් සහ බඳුන් පිරිසිදු වී හමාරය..මෙතැනදී අලු භාවිත කරන්නේ බඳුන් වල රලු ගතිය වැඩිකොටගෙන බඳුන් වැටීම වලක්වා ගැන්මටයි..මේ ක්‍රමය භාවිතයෙන් තරමක් කාර්යශූර අය දෙදෙනකු සිටීනම් පිඟන් සියයක් හමාරක් ඇති තැනක දාහකට වුව කිසිදු අපාසුවකින් තොරව කෑම ලබාදිය හැක..මා මීට වසර 4-5කට පෙර කොට්ටාව පැත්තේ උත්සව පැවැත්වෙන හෝටලයක මංගල උත්සව පැවතෙන දිනවල තාවකාලික පදනම මත වේටර වැඩ කලෙමි..එවිට ඒ හෝටලේ පිඟන් සෝදන්නේ එසේය..ටැප් එකක් ලඟ බාල්දි දෙක තුනක් අතුරාගෙන සිටින තරමක් මැදිවියේ පිරිමියෙකි..අපි විසින් බුෆේ සෙට් එකෙන් කන ලද පිඟන් ගෙනැවිත් අර තීන්ත බුරුසුවෙන් ඉතිරිකල කෑම ඉවත්කල යුතුය..ඉන්පසු කිසිදු පමාවකින් තොරව අර මැදිවියේ පිරිමි කෙනා පිඟන් සේදුම කරගෙන යන්නේ මැෂිමක් පරිද්දෙනි..එවිට එය ලන්ච් ෂීට් දමනවාට වඩා කෙතෙක් පාසුදැයි බලන කවරෙකුට වුව සිතේ..අනික් වාසිය නම් ඉවතලන කෑම සියල්ල වෙනමම ලබාගත හැකි වීමයි..සතුන්ට කෑමට අපි සුවල්පයක් වෙන්කර ඉතිරිය පසුව වෙනත් වලකට දමා පස් දමන ලදී..එහෙත් එම අවස්ථාවේ කෑම කොල දැම්මානම් කෑම කොල දැමීමට එකෙක් සිටි යුතුය..ඒ ඉවත්කිරීමට එකෙක් සිටිය යුතුය..තවද කෑමකොල ඉවත්කල පිඟන් නැවත හෝදා හෝ පිසදා දැමීමට වෙනත් එකෙකු සිටිය යුතුය..පිඟන් සේදීම ඒ අතින් නම් වාසිදායක වැඩකි...මා ගිය එක් මංගල උත්සවයක් ලංකාවේ ධාවන ශූරියකගේ විය..සුසන්තිකා ජයසිංහ මහත්මිය මගෙන් "මල්ලි සැර ඒ ව නැතුව සොෆ්ට් ඩ්‍රින්ක්ස් හෙම නැත්දැයි" මගේන ඇසීය..මා ලංකාවේ එවකට සිටි මලල ක්‍රීඩකයින් ගනනාවක් එම මංගල උත්සවයේදී සියැසින් දුටිමි..සුසන්තිකා එසේ හෝ මා සමඟ කතා කිරීම මට නම් ගෙනාවේ ගෞරවයකි..
තවද වෙනත් දිනක සෞදි රටේ රැකියා කල ජෝඩුවක් කසාද බඳින අවස්ථාවක ඒ වෙඩිමේ සිටි ඇන්ටි කෙනෙක් මා විසින් අතපසුවීමකින් පුටුවක් පෙරලාගෙන යන්න සැදූවිට වෙරිමතින් " අපිනේ බිව්වෙ ,මේ මල්ලිටත් වෙරිනේ" යැයි අදිමින් කීවාය.එම වෙඩිම වෙනතෙක් මා කාන්තාවන් බොනවා දැක තිබුනත් එසේ බී කාන්තාවන්ද පිරිමින් හා සමව හාමින් නටන අයුරු දැකගැන්මේ වාසනාව හිමි වූයේ ඒ මංගල උත්සවේ දීය.කෙසේ උවත් මෙකල ඇඳුමක් ඇඳ ලස්සනට ගොස් ප්ලාස්ටික් හිනාවකින් සැරසී බකන් නිලා සිටිනවාට වඩා එදා මා ගිය මංගල උත්සව නම් මට එක්කලේ විවිධාකාරයේ අත්දැකීම් රාශියකි..
හප්පේ කෑම කොල ගැන දැන් කස්ටියට මතකත් නැතුව ඇති..කෝම උනත් මේ පිඟන් සේදීම වගේ දේවල් වල සමාජීයව අපට තියෙන නොකැමැත්ත හරි පුදුමාකාර දෙයක්..ලන්ච් ෂීට් පොලිතින් අපිට සුවල්පයක් හෝ භාවිතය අඩු කරගන්න පිලිවන් නම් ඒක වටිනව..මොකද අපි මැරිලත් මේ ආයුකල්පයම යනකල් අපි භාවිත කරපු මේ මලු බෑග් කවර කොල අපි වෙනුවෙන් පොලොවේ තැම්පත්ව තිබෙන නිසා...

මේක නම් පට්ටම පට්ට. හොඳට විස්තර කරලා තියෙනවා
ReplyDeleteස්තූතියි ඔබට...
ReplyDelete