Friday, October 14, 2011

Linux Sinhala Ubuntu Chrome (උබන්ටු පාදක මෙහෙයුම් පද්ධති වල ක්රෝම් හි සිංහල ස්ථාපනය)

ගූගල් ක්‍රෝම් උබන්ටු හිදී සිංහල ස්ථාපනය කිරීම..මේක ඇත්තටම ගැටලුවක් වෙන්නෙ සිංහල බලන කියන උබන්ටු පිංවතුන්ට තමා..ඒ අවුල මෙන්න මේ පින්තූරෙන් පෙන්නුම් කරනවා...
 දැන් අපි බලමු අවුල ලිහාගන්න හැටි..
පලමුව ගූගල් ක්‍රෝම් ඕපන් කරගන්න..
ඉන්පසු එහි ඇති සෙටින් වෙත යන්න...
සෙටින් යන්න කරන්න තියෙන්නෙ අර පැත්තකින් තියෙන 10 යතුර වගේ එක ඔබන එක.
preferences
මෙන්න මේ විදියට ඔබා කියා ගන්න..
 ඉන් පස්සෙ ඒකෙ ඇතුලෙ තියෙන ෆොන්ට් කියන තැනට යන්න මේන් මේ විදියට..
Customize font
මේ බේසික් කියන තැනින් අන්ඩර් ද හුඩ් කියන තැනට ගියෑම හරි මයෙ හිතේ..(Preferece>>Under the Hood>>Customize Font)
 දැන් ඉන් පස්සෙ මේ තියෙන විදියට ඔය කස්ටමයිස් ෆොන්ට් කියන තැනට ගිහින් මලිති(malithi) වෙබ් ෆොන්ටය හෝ එල් කේ ලග්(LKLUG) කියන වෙබ් ෆොන්ටය තෝරා ගන්න..
select LKLUG or Malithi font
දැන් වැඩේ හරි..
හරි කිව්වට හරිම නෑ සුට්ටක් තියෙනව.
පොඩ්ඩක් අවුල් ඒත් බොහෝදුරට තිබුනට වඩා හොඳයි දැන්..දැන් ඉතින් සිංහල තියෙන වෙබ් එකකට ගිහින් කස්ටියට සිංහල හරියට පේනවද කියල චෙක් කරගන්ට පුලුවන් වෙයි..
මේ ගැන තියෙන කලින් බ්ලොග් එක තමයි...
අකිලගේ සිතුවිලි කියන බ්ලොග් එක
සුපුන් බුද්ධාජීවටත් මගේ ස්තූතිය
ඒ වගේම මේ අවුල ලෙහාගන්න ට්‍රාන්ස්පෝට් ලේයර් එකෙන් සප් එක දුන්න දීපිකා ප්‍රියදර්ශනීටත් ගොඩක් පින්..

No comments:

Post a Comment