Friday, October 14, 2011

සල්ගාදු සල්වාදු...

.මේ ඇහුනද??
හම්මේ ඩිංගක් වැඩට ගිහිං අයිස් ගහල ගහල කම්මැලි කමට ගෙදර ඇවිත් පත්තරෙ අතට ගත්ත විතරයි ගෑණිගෙ සද්දෙ....
අර පංසලේ ශාන්ත සාදු එන්න කියල කෝල් එකක් දුන්න පංසල පැත්තෙ...
එතකොට තමයි මගේ ඇඟට ලේ ටිකක් ඉනුවෙ..කඩේ යන්නෙ නැද්ද? කෝ මේ වත්තවත් ඩිංගක් සුද්ද කරන්නෙ නැද්ද? මේ බලන්නකො මේ ලමයි කරන දේවල් ?වැනි ඉතා මිහිරි ප්‍රශ්ණ හමුවේ මා වඩා කැමතිම ආරංචියක් වයිෆ් හෙවත් වයිපරේ විසින් දැනුම් දෙන ලදී..
.අපරාදෙ කියන්න බෑ සාන්ත සාදු කුකුල කියල හැමෝම කිව්වට මොකද ඔය විහාර තැනිලි,පෙරහැර පැවැත්තිලි,තව බෝධි පූජා මොකුත් නෑ මේ සාන්ත සාදුගෙ...ඒකට අනික් පංසල්වල ඉන්න හාමුදුරුවො..පංසල ලඟින් ගියොත්හරි වෙන උන්දැලට තාප්පෙ හදන්න ඕනි බෝ කොටු හදන්න ඕනි..අපරාදෙ කියන්න බෑ සාන්ත සාදු නම් කියාපු බඩුව..ඔහෙ දායකයො බලෙන් වගේ හදල දුන්නෙ නැත්තං උන්දැ ඔය ඉන්න තැනම තෙමි තෙමි කුඩයක් ඉහල ගෙන හරි ඉඳී..
එහෙව් පොර...
හා මහත්තය මං මේ එනකල් උන්නෙ...
මේ චාර්ලිස් උන්නැහෑ....මේ චන්දර මහත්තැන්ට තේ වතුර ඩිංගක් හදන්න කේතලේ ලිප තියල අර දවල් දානෙට ගෙනාපු කෙසෙල් ඇවරිය අරන් වරෙං...
 චාර්ලිස් උණ්නැහැ නොහොත් ඇබිත්තයා හාමුදුරුවෝ කිව් සැනින් අද්දමින් කුස්සියට වැදුනේය..
ඉතින් මහත්තයො කෝමෙයි ඉතිං..අපිනම්ටනම් ඉතින් උදේ වෙනව..දවල් වෙනව..ආයිත් ඉතින් රෑ වෙනව...ඔච්චර නෙව...
අපියි කියල වෙනසක් නෑ සාදු..උදේ නැගිටිනව අඳිනව ඔපිස් යනව එනව..ටී වි බලනව කතාකරනව නිදාගන්නව...
අන්න් බලමු ඒකෙත් හැටි...හෙ හ් හෙහ් හේහ්...
සාදු හිනාවෙන්ට විය..
ඉන්පසු ටික වෙලාවක් ආගිය තොරතුරු කතාකොට හාමුදුරුවන්ට දානෙට ලැබුනු කෙසෙල් ඇවරිය මාද ගිල ඇබිත්ත දුන් තේ එකත් බිරිද දුන් තේ එක නිවෙන්ටත් පෙර බඩට දමා ගෙන..එකත්පස්ව ඉඳී..
මං මේ චන්දර මහත්තැන්ට එන්ට කීවෙ පොඩි බඩුවක් ගෙන්න ගන්ට...
මොකද්ද හාමුදුරුවනේ...
එහෙමට කියල රහසකුත් නැහැ...රහසක් නැත්තෙමත් නෑ..මං ඉතින් මහත්තය අවුරුදු ගානක් තිස්සෙ දන්න කියන කෙනා නොවැ..ඔය දාම් පාසලේ ඉන්න කොල්ලෙක්ට කියල සුරුට්ටු පැකට් එකක් ගෙන්න ගන්න වගේ නෙමෙයි නේ මේව ඒකයි මාත්තයට කතා කලේ..අනික ඔය වැඩිය පංසල එක්ක ගනුදෙනු තියෙන උනුත් විස්සාස නෑ..උම්මයි අනික් පැත්තට කේලං කියන්නෙ..
වැඩි දෙයක් නෙමෙයි මහත්තයො මට වැඩිහිටි බැලුන් පැකට් දෙකක් ගෙන්න ගන්න..එකක් උනත් ඇති වෙයි ...ඒත් වැඩි හොඳට පස්සට ගන්නත් ඇහැකි නේ දෙකක් ම ගෙනෑවම...
මොකද්ද සාදු වැඩිහිටි බැලුන් කියන්නෙ....??
සාදු නොකිව්වට කමක් නෑ මට සාන්ත කිව්වත් කමක් නෑ..සාදු කියල අහනකොට මට නිකම් හිරිකිතයි වගේ....ඇයි මහත්තය දන්නෙ නැද්ද අර ප්‍රීති සතුට වගේ නම් වලින් තියෙන්නෙ වැඩිහිටි බැලුන්...
හාමුදුරුවෝ නම නම් ස්පෙෂල් එකට දැනගත්තාට ඒ කොන්ඩම පැකට් එකක කොන්ඩම කීයක් ඇතිදැයි කියාවත් නොදන්නා සෙයකි..
හාමුදුරුවනේ ඒ එක පැකට් එකක කොන්ඩම 3ක් තියනවා..
ආ එහෙනම් මහත්තයො ඔහොම ඉන්නකො මං සල්ලිඅරං එනකල්..
හාමුදුරුවනේ මොකට සල්ලිද ඕනි නම් රුපියල් 50ක් 60ක් යයි පැකට් හොඳම ඒව ගත්තත්...
ආ එහෙමද??
ඉන්පසු මා තව ගම අවට කේලම් ටිකකින් හාමුදුරුවන් සන්නද්ධ කොට යලිත් ආවෙමි..නමුත් හාමුදුරුවන් කීපැරනි කතාවක් මට මතක් වෙයි..එ
මේ හාමුදුරුවෝ මේ පන්සලේ නොවේ..කොහෙදෝ ඈත පන්සලක හිමි නමකි...එහෙත් ඉන්නික්මී මෙහි විත් ඇත්තේද පන්සල සම්බන්ධ ගැහැනු හුටපටයක් නිසාය...
ඔන්න මහත්තයො මහත්තයට විතරයි මේ ගමෙන්ම කියන්නෙ මේක...මං ඒ පන්සලේ හිටිය තරුණ කාලෙ මට වඩා වඩා අවුරුදු 6-7 වැඩිමල් ගෑනු කෙනෙක් ආව හැමදාම බෝධි පූජා තියන්න..ඉතින් ඔය ගෑනු කෙනා ආවෙ ළමයි නැති එහෙකට තියෙන බෝධී පූජාවකට..
කෝමින් කෝමින් හරි ඒ ඇත්තිට ලමයෙක් ලැබුන..ඒ ලමය මගේ...
පස්සෙ කිසි කරදරයක් උනේ නෑ..ඒත් තැන් කීපයකින්ම ගිහිල්ල හරිගිෙය නැති නිසා මං කරපු බෝධි පූජාවල බල මහිමෙන් කියල කටකතා පැතිරුණ..
ඔය සිද්ධිය ගැන කිසිම සැකයක් ගමේ කාටවත් තිබුනෙ නෑ..එත් ලමයට අවුරුදු 2-3 වෙද්දි මගේ හිත නොසන්සුන් උනා..අනේ මටත් ලමයෙක් හිටියනම් කියල ඒ සුරතල් දරුව දැක්කම හිතුන..
අර බෝධිපූජා කරන්න ආපු ගෑනු කෙනාගෙ මිනිහට ඒ තරන් ඒව ගැන ආසා නැතිලු..මං එක්ක බෝම කතා බහ කොරා ඒ කාලෙ ඒ ගෑනු කෙනා..දැනටත් මේ පංසලේ දායක වුන නොවුන බෝමයක් ගෑනු අය ඇවිත් තමුන්ගෙ ප්‍රශ්ණ කතාකරනව..
ගිහි ජීවිතේ විඳල නැති අපිට ඒව අහන එකත් එක සැනසීමක් වෙලාවකට..
ඉතින් මට හිත පාලනය කරගන්න බැරි උනා ඒ නිසා මං දාල ආව..ඒ පංසල..අපිට රහත් වෙන්න බැරි වෙයි මේ ආත්මෙට ඒත් මහත්තයො හිත යම් තරමකින් එකඟ කරගන්නෙ නැත්තං මේ සිවුර දරංඉන්න බෑ..
අර ලමය ලැබුන බෝධි පූජා සිද්ධීය ගැන කියනවනම් මට ඒ හැටි ආසාවක්වත් ඒ හැටි එලවිල්ලක්වත් තිබුනෙ නෑ..ඒ ගෑනු කෙනයි මං යි බොොහාම ලෙංගතු උනා කොටින්ම මං හරි බොලඳ වෙලා දවල් දානෙවල තියෙන අඩුපාඩුත් කිව්ව..එතකොට ඒ ඇත්ති තමුන් උයන කෑම මට ගෙනැත් දුන්න..
මං කවුරුත් එක්ක උනත් හොඳ නිසා මං ගැන කවුරුත් සැක කලේ නෑ..අනික මං කවාදාවත් ඒ වගේ නරක දේ ගැන ප්‍රසිද්ධ කෙනෙක් නෙමෙ..
මං එන්න එනකොට ගමේ සමහර අය ඇඬුව...ඒත් ඉතින් මොනා කරන්නද..
කෙනෙක්ට ඒක පවක් මහා පවක් චීවරේ දාල යන්න තරන් දෙයක් විදියට හිතන්න පුලුවන්..එත් මං හිතුවෙ මට වාසි පැත්තෙන්..දරුවෙක් මල්ලෙක් නැතුව තනියෙං ඉන්න ඒ ගෑනු කෙනාට ලමයෙක් දීම පිනක් කියල මං හිතුව...
මහත්තයො මං බණ කතාවක් වගේ නැතුව මුල අගක් නැතුව මේක කිව්වෙ..මොකද අපේ සිතිවිලිත් මේ වගේමයි..මං ඒ ගැනු කෙනාට කලින් ලං උනේ රාග චේතනාවෙන්ද නැතිද කියල ඇහුවොත් මට ඒකට තාම උත්තරයක් නෑ...කොොහාම උනත් මට ඒ ශරීර කාම ආසාව පාලනේ කොරගන් ඇහැක් උණාට පවුලක් පන්සලක් වෙන්න තියෙන ආසාව පාලනේ කොරගන්න බැරිඋනා මගේ කොලුපැංච දකිද්දි...
අපි ඒ කිව්වෙ අර ලමයෙගෙ අම්මයි මායි පස්සෙන් පහු අපි කලේ වරදක් කියල හිතල අපි ආයෙම එහෙම සම්බන්ධ තිව්වෙ නෑ..
ඒත් කාලයක් එක්ක තියෙන බොහොම ලෙංගතු කමක් තිබුන...
මහත්තය විතරයි මේ වගේ දෙයක් මට කියල හිත සනසගන්න ඉන්න කෙනා..ගොඩක් උන් කුනු හොයනව..අවුස්සනව,,අර කුනුගොඩ ඉන්න ඌරන්ට වගේ පුදුම සන්තෝසයක් තියෙනව සමාරුන්ට කුනු වල..ඒ ඇත්තො කොරන්න පුලුවං දහදුරා වැඩ ඔක්කොම කොරනව අපි පොඩ්ඩක් ගෑනු කෙනෙක් එක්ක කතා කොලත් වැරදියි..
අපි මහන උණාම හිතාන ඉන්නෙ අපි කාලයක් ගිහිං රහත් වෙල අහසින් ගෙදරට වඩී කියල...

මා හාමුදුරුවන් ඒ කොන්ඩම් ගෙන්න ගත්තේ කුමන කාරියටදැයි නොදනී..සමහර විට ඒ කොන්ඩම් හාමුදුරුවන්ගේ කබඩ් ලාච්චුවක තවමත් තිබිය හැක..දැනුදු හාමුදුරුවන් බණ කියති...සිල් රකිති භාවනාද කරති..එහෙත් ජනප්‍රිය නොවන නමක් නිසා තවමත් මිනිසුන් අතර සැගැව සිටී....

4 comments:

  1. කපීකේකිOctober 14, 2011 at 6:54 PM

    ඇත්ත තමා සිවුරක් පොරවගත්තට ඒ ඇතුලේ අපිවගේම් හැගීම් දැනීම් තියන මිනිහෙක්නේ ඉන්නෙ.මොකෝ සිවුර දාගත්ත කියල රහත් වෙලාද ඉන්නෙ.සමාජෙත් එක්ක නිතර ගැටෙනව.ඒ දේවල් දකිනව.

    ReplyDelete
  2. මේක මටත් මෙතෙක් කල්පනා නොවිච්ච දෙයක්. ඇත්තටම හිතේ ඒකාග්‍රතාවයකින් යමක් කරන්න හරි නිකං ඉන්න හරි හිතේ ගිනි නිවාගෙන ඉන්න වෙනවා.

    මෙය ලිවීමේදී ඔබේ මතවාදී මැදිහත්වීම අවම වීම තුල මේ චරිතයට ලොකු සාධාරණයක් වෙලා තියෙනවා.

    ReplyDelete
  3. ade maara kathawak! meka aththada? mmmm! man dannawa mehema wechcha thawa (sex jara cse tikak! mata ee athdakeema labapu kenekgenma ahanna labunu kathawak! ) eeth mee wage aththa kelin kiyana kathawak ahuwamai! film 1ka wage! :)

    ReplyDelete