Saturday, October 22, 2011

The Manager කළමනාකාර තුමා.

මැනේජර් වන සාගර කමලනාථ ට එරෙහිව සියලු අවි පෙරට දමා වෘත්තිය සමිති සියල්ල එලි බැස ඇත." සාගර ලොක්කට එන්න කියාපිය මේවට උත්තර දෙන්ට කියාපිය" කියාද කෑ කොස්සන් ගැසීමට තරම් වෘත්තිය නායකයින් කලබල වී ඇත..මෙතෙක් කලක් කැකෑරෙන වැටුප් විශමතා..වැටුප් අඩුවීම,ජීවින වියදමට වැටුප් නොගැලපීම,සේවක කප්පාදුව,කොන්තරත් පදනම මත සේවකයින් ගැනීම ආදී ජනප්‍රිය එහෙත් වසර ගණනක් පැරණි සටන් පාඨ යලි ආවේ කෙසේදැයි සාගරට ගැටලුවකි..විටක උද්ඝෝෂකයින්ගේ නාදය සියලු පරිවරණ ආවරණ වීදුරු අතරින් රිංගා සාගර සිටින කාමරය වෙත එයි..සමාගමේ නිපදෙන භාන්ඩ ලබාගන්නා පාරිබෝගිකයින්ට බලපෑ හැකි බැවින් සේවකයින් විසින් කිසිදු වෘත්තිය අරගලයක් පිටතට නොදිමට තීරණය කර ඇත..එය සාගරට විශාල පීඩනයකි..එසේ මාධ්‍යවල ගියෑනම් මේ ආයතනයට සම්බන්ධ කොටස් අයිති ව්‍යාපාරිකයින් කීපදෙනා සහ දේශපාලකයින්ට ද සිද්ධිය ගමන් කරයි නමුත් දැන් වී ඇත්තේ සියලු කුනු වලට සාගරට කර ගැසීමටය..සාගර සිය ඔත්තු සේවා වලින් අවැස් තොරතුරු ලබාගෙන උද්ඝෝෂන වලට පොළඹන සේවකයින් කිහිප දෙනෙක් දැනටමත් සලකුනු කොට ගෙන හමාරය නමුත් තව විශෙෂ ඔත්තුකරුවෙක් සාගර සතුය..ඔහු සාගරගේ ඔත්තු කරුවෙක්ම නොවේ විටෙක මිතුරෙකි විටෙක උපදේශකයෙකි විටක ඔහු සාගරගේ ජෝකර් කෙනෙකි..
                          ආ සලිත් කෝමද?/මන් මෙහෙට එන්න කිව්වෙ නැත්තං ඕක අස්සෙ තමුන් හමුවෙන්න ගත්තනම් තව කතාවක් ඇවිත් තමුසටත් ගහයි යූනියන් කාරයො..ඒ සාගරය..ඔහෙ ඉන්නව අවුලක් නෑ..බොහෝ කලකට ඉහත සලිත්ගෙන් සාගර මහත්තයා කෑල්ල හලාගත්තේ සාගර විසින් කීපවිටක් මතක් කරනු ලැබීමෙනි..සාගර ආයතනයේ සහායක ලිපිකරුවෙකි..එහෙත් එකතැනක සිට කරන වැඩ බොහොම ඉක්මනින් කරන සහ එකතැනකට වී සිටීමට බැරි කුම්ක් හෝ කරුනක් නිසා සාගර කැමති වූයේ පියන් කෝස් එකටයි..විධායකයින්ගේ රහස් සහ වැදගත් ලේඛන ආදිය ගෙනයෑම ,කඩේ යෑම,අවැසි උනොත් ෆැක්ටරිය සුපර්වයිස් කිරීමත් සාගර අතින් සිදුවිය...එක අතකින් සාගරට එකතැනක වාඩි වී රැකියා කිරීම නොදිරවූයේ ඔහු සතුව තිබෙන සැටලයිට් සිස්ටම් එකට වැදෙන දත්ත ප්‍රමාණය එකතැනක සිටීමේදී අඩුවන නිසා වන්නට පුලුවන..
ඇත්තටම සලිත් මොකද්ද බන් මේ පරණ කෙහෙම්මල් ටික ආයෙ ඇදගෙන යූනියන් කාරයො කරන්න යන්නෙ..ඇයි ඕයි මන් මේ කට එනකොටත් ඔය දූෂණ වංචා,පඩිකේස්,අලුත බඳවගැනීම් ඒව අද ඊයෙ තිබුන දෙයක්ද නෑනෙ..
දැන් සාගර මහත්තය හිතන්නෙ එහෙමයි..ඒත් අද දැන් ජීවත් වන එක හරිම අමාරුවෙලා..කස්ටිය ගේ ඕටී කපල ෂිප්ට් එකට දාපු නිසා තවත් කේස් වෙලා..මොකෝ ඉතිරි වෙලාවෙ ඒ මිනිස්සු වෙන ජොබක් කරන්නෙයි..නෑනෙ..දැන් තව කේස් එකක් දැන් අර මිනිස්සුන්ට වෙනද යකඩ කෑල්ලක් සාක්කුවෙ දාගෙන ගිහින් හම්බ කරගන්න තිබුන චෑන්ස් එකත් මහත්තය නැති කලානෙ අර අසරණයො දෙන්නෙක් පොලිසියට අල්ලල දීල..මහත්තය අර ෂිප්ට් එක දානකොට කීවෙ නම් හරි දැන් ඔය විදියට ඔය අයට මේක අස්සෙම මැරීගෙන ඉන්න ඕනි නෑ අපි ඉස්සරහට වැඩිපුර ෂිප්ට් අයට අලවන්ස් ගෙවනව කියල ඒත් ඒව කෙරුනෙ නෑ..
මෙහෙමයි සලිත් ඔය මිනිස්සු හැමෝම හොරකං කරන් ගත්තොත් කෝමද මේක දියුණු කරන්නෙ මට ඔය යකඩ පාස් කිරිල්ල කාලෙක ඉඳල ආරන්ච් වෙල තිබුනෙ ඒත් හරියට අල්ල ගන්න ලැබුනෙ එදා..ඉතින් මං එදා පොලිසියට කියල අර ෆැක්ටරිය පිටිපස්සෙ අතුරු පාරෙ මුරට සිවිල් පොලිස් දෙන්නෙක් දැම්ම..කොහෙද තමුසෙලයි මිනිස්සු ගිහින් එතනදිත් ලොකු ටෝක් දාන්න ගිහින් පොලිසියෙන් හොඳට සම්බුව හම්බ වෙලා තිබුනෙ..පඩි ගැන නම් සලිත් මං කිව්ව මේකෙ ඉන්න පුස් බූරුවො ටිකට (ඩිරෙක්ටර්ස්ලට) වැඩිකරන්න ඕනි කියල..ඒත් මුන් කැමති නෑනෙ...මුන්ට ඕනි එකම ගොනාගෙන් හයිස් පීඩ් යන්න..කොහොම උනත් මං මුලදිම දෙතුන් දෙනෙකුට ඇරල වැඩේ ඕෆ් කරන්න ට්‍රයි කලේ නැත්තෙත් ඔය පඩි කේෂ් එක නිසාම තමයි..
කොහොම උනත් සාගර මාත්තය මෙ පාර වැඩේ නැගල යන්නෙ අර අනික් මහත්තුරුත් මේකට ඒතරන් අකමැත්තක් නැති නිසා..මේ ලගඳි සාගර මහත්තය ලඟ වැඩට ආවෙ ලස්සන මිස් කෙනෙක් අන්න එයා සාගර මහත්තය එක්ක ඇයි හොඳයිවැඩිලු..අනික මේ කොම්පැනියෙ සාගර මහත්තය එක්කම හිටපු ගොඩක් අය තාම ඒ තැන්වලනේ..දැං ගමු අල්විස් මහත්තය සාගර මහත්තයට කලින් අවුරුදු 8කට කලින් මෙහෙ ආවෙ...ඒත් තාම එතනමයි...දැන් සාගර මහත්තයට මෙතන කාර් එකක් ලැට්ටප් එකක් තියෙනව ඒ මදිවට අලුත්  ලස්සන මිස්ලත් වැඩට ගන්නව..ඉතින් ඔය අනික් මහත්තුරු සාගර මහත්තය එක්ක මූනට හිනා උනාට මේව පස්සෙ උණ්දැලත් උල්පන්දම් දෙනව..ඊයෙ මට ඇහුන අල්විස් මහත්තයල කතාවෙනව මේ පාර නම් සාගරයගෙ කලර්ස් ටික බ්ලාස්ට් වෙලාම යයි වගේ කියල..
ඒකෙත් හැටි බලපන් සලිත්..මේ කෙල්ලට මං දවසක් හතරට විතර වැඩක් දීල ගියා මීටින් එකකට පස්සෙ මීටින් එක ඉවර වෙනකොට 7 විතර වෙලා මං එනකොට මේ කෙල්ල තාම එතනනේ...මං ඇහුවම ඇයි කියල..මිස්ට සාගර මට වැඩේ හදිස්සියි කිව් නිසා කලා කිව්ව..මං හදිස්සියි කිව්වෙ පුරුද්දට..ඉස්සර අර දයාවතී වගේ පී ඒ හිටිය කාලෙ මං හදිස්සිය කිව්වම ඒකි ගෙ මීටරේට යන්නෙ ඒක තව දවස් දෙකකින් දෙන්න ඕනි වැඩක් කියල..ඒත් මේ කෙල්ල හත වෙනකොට වැඩේ ගොඩක් දුරට ඉවරයි..පස්සෙ මං කාර් එකෙන් බස් එකට දැම්ම..නැත්තං රෑවෙනවනේ..පොඩි දීමකුත් තියනව වගේ හෙන කොමල දාන්නෙ කතාවෙන්... පව් බන් කෙල්ල..උන් වැඩ කරන්නෙ උඹලටත් වඩා අඩු කන්ට්‍රැක් එකකට..උණ් හිතනව ඇති සමාරවිට අපිට දුන්නම අපි උණ්ව ස්ථිර කරයි කියල..එකපාරක් කාර් එකේ දාන් ගිය එකට පෙත්සන් ගිහිපු එකේ කෙල්ල ස්තිර කොලොත් ඔය අනික් උන් පුපුරයි..තරහෙ...
සාගර හා සලිත් එකම අධ්‍යාපන ආයතනවල උසස් පෙල කල ක්ලාස් ගිය දෙදෙනකි..බොහො ්පසුවත් දෙදෙනා බස්වල සහ වෙනත් අධයාපන අවස්ථාවලදී .හමුවී ඇත..සලිත් එතරම් පාඩම් කිරීමට එදා සිට කැමති නැත..එහෙත් හොඳ මීටරයක් ඇත.කෙ සේ හෝ සලිත් ලිපිකරු රැකියාවෙන් පියන් තනතුරට ඩිමෝට් වී වැඩකරන අතර සාගර කලමනාකාර තුමා ගෙන් අයිතිකරු ලෙස ප්‍රමෝට් වී වැඩ කරයි...කොයි තරම් කීවත් බොහෝවිට සර්ලා පමණක් සිටින සලිත්ට සාගරත් සර් කෙනෙක් වීම නොවැලක්විය හැකි දෙයක් විය..
දැන් මොනාද බන් සලිත් මේකට කරන්න ඕනි..දැන් දවස් දෙකක් ගියා මේපාර මේ ඌරු පැටව් ටික ආයෙම වැඩ කරන්න එන් එකක් නෑවගේ....
අනිවාර්යෙන් සාගර සර් පඩිනම් වැඩිකරන්නම වෙයි..තව ඉතින් ඔය ප්‍රොමෝෂන් හෙමත් දෙන්න වෙයි...
අයිසෙ මේව පිනට දෙන ආයතන නෙමෙයි නේ කොහොමද ඕයි මිනිස්සු වැඩ කරන්නෙ නැතුව ඕව දෙන්නෙ??මං එනකාලෙ මේකෙ උන් ගොඩක් හිටියෙ පිනට ඕටී කකා..වැඩකරන්න බඩුනෑ..ස්ටොක් නෑ මැටීරියල් නෑ...තව සමහර බිල්ඩින් පවා රෙපයැර් නෑ..දැන් ඕක්කොම තියෙනව මුන් වැඩ කරන්නෙ නෑ..කාලයක් තිස්සෙ අයිස් ගහල සමාරු දැන් ග්ලැසියර් වෙලා..
ඒක හරි සාගර ..සර්..ඒත් මිනිස්සු හිතන්නෙ ඒ වගේ දේවල් වලට සර් අතගැහුවෙ කොම්පැනිය ගැන තියෙන ආදරේට නෙමෙයි බඩු ගන්නකොට ලැබෙන කොමිස් එකට කියල...තව මිනිස්සු කියන කතාවක් තමයි සර් තුයි ලොක්කො ටිකයි එකතු වෙලා මේ කොම්පැනිය ලොකුවට ලස්නට හදල පිටරටට ලොකු ගානකට විකුනන්න යනව කියල..
අනේ සලිත් මේ මිනිස්සු එක්ක වැඩක් කරන්නෙ කෝමද කියල හිතපන්..දැන් ඔය මොන බඩුව ගත්තත් මොන කම්පැනිය උනත් ලොකු ගානක් පාස්වෙනවනම් පොඩි කමිෂන් එකක් දෙනව..සමහර කම්පැනි වලින් විදේශ සංචාර එහෙමත් දෙනව..ඒව හරි සරල දේවල්..දැන් අපි ගමු අර පවර් සිස්ටම් එක රී ප්ලේස් කල වැඩේ දි අපි හයර් කල කම්පැනිය..අපි ඉල්ලවටත් වැඩිය ලස්සනට කරල දුන්න..නේ වැඩේ උන් අපේ ගෙදරට තඩී ෆිජ් එකක් ගෙනත් දාන්න හැදුව..මං අපේ වයිප්ට කිව්වම එයා කිව්ව..මේ තියෙන එක නිසත් ලමයිට හැමදාම ඉන්ෆුලුවෙන්ස් ගතිය තව එකක් ගෙනෑවොත් වැඩිවෙයි කියල එයා කිව්වෙ සල්ලි ගන්න කියල..මට පුලුවන්ද අයිසෙ සල්ලි ඉල්ලන්න ලැජ්ජ නැතුව..මං ඒක අර සී ෆැක්ටරියෙ ලන්ච් රූම් එකට දෙන්න කිව්ව...
පිටරටට තියා මේ කොම්පැනිය කලින් තිබුනු විදියට පරණ යකඩ වැලටවත් දෙන් බෑ..මොකද යකඩ ටිකත් හෙමීට පාස් කර කර නේ හිටියෙ..
සාගරට මතකයිද අපි අර මැනේජ්මන්ට් ක්ලාස් ගියා කාලයක්...
ඔව් නැතුව ඇයි උඹ අර කෙල්ලෙක්ට පාඩමක් උගන්නන්න කියල ක්ලාස් නෑවිත් හිටිය..හෙහ් හෙහ්..අවසානෙ උඹ තමයි පාඩං ඉගෙනගත්තෙ...
ඒකෙ නෝට් වගයක් හමු උනා මේ ලඟදි ඒකෙ තියෙනව මෝටිවේෂන් ප්‍රෝග්‍රෑම් ගැන..නරකද සාගර ඒ වගේ එකක් කලොත්...එහෙම දෙයක් හරියට කලොත් සාගර සර් ඔයාටත් කම්පැනියටත් ලේසියෙන්ම ගොඩයත හැකිවෙයි..
හුම් මාත් ඔය ගැන හිතුව..ටොයෝට කම්පැනියෙ සප්ලයි චේන් එකට ලොකු ස්ටොක් එකක් තියාගන්නෙ නෑලු..ඒත් අපේ අය ස්ටෝස් වලට බඩු පුරවන්න කියල කෑ ගහනව..ඒ වගේ දවසට සීයක් දෙසියක් කාර් හදන තැනක ස්ටොක් නැතුව බඩු ඔක්කොම වෙලාවට අරගෙන අවුට් වෙන කාර් චෙක් කරල ඒවත් ස්ටොක් ගොඩගහගන්නෙ නැතුව නැවටම පටවන්න කොයි තරම් හොඳ සිස්ටම් එකක් තියෙන් ඕනිද?
අපේ හැමදේම හැදෙන්න ඕනි ඒ මට්ටමට එන්න..ඇයි ඉතින් එකෙක් ලෙඩ නිවාඩුදැම්මොත් ඒ චේන් එකම බාගෙට වැඩ කරන්නනනේ අපේ උණ් හැදිල තියෙන්නෙ??
කොහොමත් ඉන්දියාවෙ හරි මුන් යවල වැඩකරන හැටි පෙන්නන එක හොඳයි..
නිකම් යන්න ට්ප් එකක් දුන්නත් ඒකත් මෝටිවේෂන් නේ..නේ ද සලිත්..
හුම් ඒකත් ඇත්ත තවදෙයක් අර පරණ අයයි අලුත් අයයි එකට දැම්මම එකකේවත් වැඩ කරන්නෙ නෑ.හරියට අනික හෙනවලි කොන්තරක් පිට ගත්ත උණුයි නිකම් උනුයි අතර...
ඒකත් හෙමද? කෝකටත් මිනිස්සු ටික හෙමීට මාරු කරල දාන් ඕනි..නැත්තං මුන් හැමදාම එකතැනනේ..ඒත් ඉතින් කෝමද කරන්නෙ මේකෙත් ඉන්වනේ අපිටත් වැඩිය උඩින් පොලිටිකල් තියෙන උණ්...
බලමු බලමු...
කෝමද සලිත් ගේ දැන් හදල ඉවරද??
කොහෙද ලෝන් එකෙන් උලුවහුටික ගහල උලු තියාගත්ත විතරයි..වයිප්ගෙ පඩියෙන්වත් ලෝන් පාරක් ගහන්න ඕනි..
ලබන මාසෙ බලමු..මං ලක්සයක් දෙකක් දෙන්න බලන්නම්..සලිත් මාව දන්නව කියන්න එපා අනික් උන්ට ඕකේ...
ෆික්සුද සාගර මං ඔව කියන්න ගියෑනම් ඉතින්...හෙහ් හෙහ් ...

No comments:

Post a Comment