අපි උදේම නැගිට්ටා කියන්නත් බෑ. කෝමහරි හයහමාර හත වෙනකොට නැගිටලා එන්න පිටත් වුනා. වටේම කුරුල්ලන් කෑ ගහනවා. මේ පැත්තෙ ගොඩක් කුරුල්ලන් ඇති කියාල තමයි මට හිතුනෙ.
අපි ටිකක් ඉදිරියට ඇවිත් උදේපාන්දර ලකේගලට ඉරපායපු ආකාරය මේන් මේ විදියට පින්තූරයකට ගත්තා. එතනින් ඉදිරියට ගියාම අපේ අර ලකේගල නගින්න තිබුන අදහස ටිකක් අත ඇරුනා වගේ උනා. කලිං දා රෑ අපිට හමුවුන අපේ අර අයියන්ඩි කීව විදියට ලකේගල උඩට තද සුලං මේ දවස්වල. ඊයෙ රාත්තිරි අපි ඒ තරං හුලං නොවදින ටිකක් පහත ගලක් උඩ හිටියත් එතනටත් ටිකක් තදට සුලඟ දැනුනා. ලකේ ගල මේ පැත්තෙන් දකිනකොට නං ඇත්තටම බය හිතෙනවා. ඒත් ලකේ ගල එහාපැත්තෙන් ඒ කිව්වෙ මීට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් මීට වඩා වෙනස්. ඒකෙදි ලකේ ගල මොකද්ද කියලා අඳුගන්නත් බෑ. මේ කලිං මගේ පෝස්ටුවෙ කෙනෙක් අහලා තිබුනා වගේම ප්‍රශ්ණයක් අපි කලින්දා රෑ අර අයියගෙන් ඇහුවා.
ඇයි මිනිස්සු මීමුරේ එන්නෙ?
" එක එක අය එක එක දේවලට එනවා. හරියටම මේකය කියන්න බෑ. සූරිය අරණ චිත්‍රපටිය ගහපු පැත්ත බලන්න එනවා. ලකේගල නගින්න එනවා. කෑම්ප් ගහගන ඉන්න එනවා. ඇවිදින්න එනවා"
කොහොම උනත් මීමුරේ සවාරිය අයිති වෙන්නෙ ඇඩ්වෙන්චර පැත්තට හෙවත් පාරිසරික සංචාරක පැත්තට. ගල් හෙල් දොලපාරවල්, සහ ඒ හා බද්ධ වුනු මිනිස් ජීවිත වල ආහ්ලාදය අපිට විඳගන්න පුලුවනි මීමුරේ ඇවිත්. ඊට අමතරව මොනාද තියෙන්නෙ කියලා ඇහුවොත් ඉතිං මොකුත් නෑ ම තමයි..
මංනං හිතන්නෙ මීමුරේ පැත්තෙ ඉන්නෙ සුදු ජාතිකයින් වතු වගාවලට සුද්ද කරගෙන එනකොට ටිකක් තමුංගෙ පාඩුවෙ ඉන්න පැත්තකට වෙලා හිටපු සිංහල පිරිසක්. ඊට වඩා ඉතිහාසයක් තිබුනා කියල පිළිගන්න සාධක නෑ. මීමුරේ වටේ තියෙන්නෙ ගල් සහිත කැලෑ. ඒ කැලෑ එලිකලා කියලා විශාල වශයෙන් තේ හෝ වෙනත් දේවල් වගා කරන්න අමාරුයි මොකද ගල් ප්‍රමාණය වැඩියි. දැනට නම් ගැමියො ගම්මිරි්ස වගේ දේවල් වගා කරනවා අමාරුවෙන්.
මීමුරේ ස්වයංපෝෂිත ගමක්. මේ පිටිං යන අයට බිස්කට් සෝඩා විකුනන්න..පිටිං යන්න අයට අනං මනං බලි පෙන්නල සල්ලි හොයන්න එයාලට ඕනි නෑ. එයාලට එයාලාෙග් ජීවන මාර්ග තියෙනවා. සංචාරකයින්ට අතනොපා,සංචාරකයින්ට ඇඩ් එකක් නොවී කොන්ද කෙලින් තියං ඉන්න ඒ මිනිස්සු ගැන මට නං ආඩම්බරයි. ඇත්තටම කිව්වොත් සමාර මීමුරේ මිනිස්සු අපිව පයිසෙට ගනන් ගන්නෙත් නෑ. අපේ සමාර අය හිතං ඉන්නවා ගමකට ගියාම අර ඉස්සර කාලෙ වගේ පිලිඅරං පුටු තියලා පිලිගනී කියලා. ඒත් කාලයක් තිස්සෙ මහත්වරු එන්න අරගෙන අපේ මහත්වරුන්ගෙ මහත්මා ගති වලිං මීමුරේ වැසියො හෙම්බත් වෙලා ඇත්තෙ කියලත් මට වෙලාවකට හිතුනා.
මං අවුරුද්දක් දෙකක් ඈත ගම්මානවල රාජකාරියක සිටිය නිසා දන්නවා මේ කොළඹින් සහ වෙනත් පැතිවලින් යන අය ගම්වල අයට සලකන හැටි. කොළඹ ඉරිඟු එක කරල රුපියල් තිහක් වෙද්දි ඒ ඈත ගම්වල රුපියල් තිහට ඉරිඟු කරල් දහයක් දුන්නත් අපේ මහත්තුරු, "අයියෝ කොළඹත් ඔය ගනන් නේ අඩු නැද්ද" කියලා අහලා අර ගොයියා මරාන කන්න යනවා..
ඉන් පස්සෙ අපි ආයෙත් අර මීමුරේ බස් නවත්තන කඩමන්ඩිය දිහාට ආවා. ඇවිත් ඉතිං අපි ලකේගල නගින්න හිටපු යාලුවො ටික ආයෙත් හමු වෙලා සූරිය අරණ චිත්‍රපටිය කරපු හරියට පියමැන්නා.
මේ තියෙන්නෙ ඒ හරියේ පිංතූරයක්. ඇත්තටම සූරිය අරණ කලේ කොහෙද කියාල මටනං නිච්චිරයක් තිබුනේ නෑ. ඒත් ඒ අය කියපු විදියට මේ දොලපාරවල් එක්ක තියෙන පරිසරය සූරිය අරණට මායිම් වෙලා තියෙනවා. මේ හරියේ ඇවිද්දෙත් පයිංම තමයි. සූරිය අරණ කලා කියලා තිබුන ගොඩක් තැන්වල වතුර බොහොම අඩුවෙලා තිබුනෙ. අපිට ටිකක් හිතේ හැටියට නාගන්න තැනක් නං තිබුනේ නෑ. අපි ඒ ළඟ තිබුන දොලපාරක් දිගට කොන්කිරිට් බැම්මක් බැඳපු ඇලක් දිෙග් ඇවිදගෙන ගියා. පහලට නාන්න තැනක් තියෙනවාද කියලා හොයන්න. මේ පොඩි දොලපාරවල් වල වතුර තිබුනාට ඒවායෙන් නාන්න තරං පිරිසිදු වතුරක් තිබුනේ නෑ.
ඔහොම කැලේ මැදින් යන්න කලිං අපි කඩෙට කියලා හදාගත්තු නුඩ්ල්ස් ටික කෑවා. කාලා අහවරෙවෙලා අපි පැයබාගයක් පැයක් විතර අර කිව් දොලත් එක්ක සමාන්තර වට හදලා තිබුන ඇල දිගේ ගියා. අපිට නිකමට හිතුනා ඒක අනිවාර්යෙන් තවත් කුඹුරු යායකින් ඉවර වෙනවා කියලා. අපි එක්ක බල්ලො දෙන්නෙකුත් එකතු වුනා ගමනට. අපි උන්ට අපිට කන්න බැරි උන නූඩ්ල්ස් පාන් කන්න දුන්න නිසා පස්සෙන්ම එන්න ඇති. කෝම හරි අපි අර කිව්ව කුඹුරු යායට ඇවිත් මේ පින්තූරෙ තියෙන විශාල ගල් සහිත දොලපාරවල් තුනක් එකට එකතුවෙන තැනකට ආවා. එතන වලේ නං වතුර තිබුනා යහමින් ගිලිලා නාන්නට. එතන සම්පූර්ණයෙන්ම යටවෙනවා ඇති වැහි කාලෙට. ඒත් දැංනං අපිට නාගන්න වතුර ඇතිපදං තිබුනා. අපි ගියේ ඉහලින් ඒ කිව්වෙ කුඹුරු යාය ට වතුර ලැබෙන ඇලට ගිහිං කුඹුරු දිගේ පහලට ඇවිල්ලා වතුර සද්දෙ අනුව ගිහිල්ල තමයි මේ වතුර තියෙන තැන හොයාගත්තෙ. එතන අපි හොයාගත්ත තැනක් නම් නෙමෙ. කස්ටිය කලිං නාලා සබන් පාරවල් හෙම තිබුනා. යසට..
අපි පැයක් දෙකක්ඒ කිව්වෙ උදේ එකොලහ විතර වෙනකල් ලාස්සනට නෑවා. සබන් පාවිච්චි කලේනං නෑ. මොකද සබන් වතුර නිසා ගල්වල පාරවල් හිටලා තිබුනා. ඉතිං අපි හිතුවා සබන් පාවිච්චි කරලා මේ දොලපාරවල් වල ගලන වතුර ටික අපවිත්‍ර කරන එක අවුල් කියලා. ඒත් අපි එනකොට දැක්කා කස්ටියක් ගෙදර තියෙන ෂැම්පු සබන් පේසල් වොස් ඔක්කොම ඇන්න ඇවිත් උල උලා නානවා..මේ වාගෙ සංවේදි පරිසර පද්ධති ගැන ටිකක් හිතනවානං අපි මෙහේ ඇවිත් ගරජ් වැඩවත්. එහෙම නැත්තං අර කෝච්චි බස්වෙල තෙරපිලා යන වික්‍රම වත් කරන්නෙ නෑනෙ. අපි කරන්නෙ වැඩිම උනොත් දාඩිය ටිකක් දාන්න ඇවිදින එක විතරයි. ඉතිං ඔයාකාර සබන් ක්‍රීම් සහ වෙනත් ද්‍රාවණ උලලා අරින්න තරං කුණු අපේ සරීර වල හිටින්නෙ නෑනෙ. ඒ නිසා මේ වගේ ඉහල දොල පාරවල් වලිං නානකොට සබන් සහ ඒ වගේ දේවල් භාවිතා නොකර ඉන්න එක ඒ පරිසර පද්ධති වල ජීවත් වෙන මාලුන් සහ වෙනත් ජීවින්ට හිතකරයි, හොදයි කියලා මට හිතෙන්නෙ..
මේ තියෙන්නෙ හිඳිමින් යන දොලපාරක සූටි ඇල්ලක්. මේවායේ වැහි කාලෙට යහමින් වතුර යනවා ඇති. අපි යනකොට මේ දොලපාරට සමාන්තරව කන්ද මතින් ගියාට එනකොට දොල පාර මතින්ම එන්න තීරණය කලා. ඒ අස්සෙ මගේ සෙරෙප්පුවකුත් කැඩුනා ගලින් ගලට පනින්න ගිහිල්ලා. ඒක එතනම උඩට විසික් කරලා ආවා. කලින්ම මගේ බෑග් එකේ කොක්ක ගැලවිල තිබුනෙ. ඉතිං සෙරෙප්පු දෙකකුත් නැතුව. එක කොක්කකින් අර සයිඩ් එකට එල්ලං යන ට්‍රැවලින් බෑග් එක අරං යන්නත් අමාරු නිසා මං බෑග් එක ඔලුව උඩිං තියා ගන ආවා. මල්ල ඔලුව උඩ තියාගෙන සෙරෙප්පු නැතිව යනකොට සේරිවාණිජ ජාතකයේ වෙළෙන්දා වගේය කියලා අපේ එක යාලුවෙක් කිව්වා.
අපිට ටික දුරක් එනකොට කස්ටියක් නනා ඉන්නවා පෙනුනා දොලේ ඉහල කොටහක. ඒ කස්ටිය ඉක්මනට නාලා අපි පොටෝ ගන්නකොටම යන්න පිටත් උනා. ඒ පාර අපිත් ඒ අය එක්කලා සෙට් වුනා. මෙතෙක් ආපු දොලෙ දිගේ ගමන නවත්තලා ඒ අයත් එක්ක එකතුවෙලා එන්න ගත්තා. කඳු ගැට උඩිං ගල් උඩිං. හෙල්මලු අස්සෙන් නැගගෙන බැහැගෙන ආවා කිලෝමීටර දෙක තුනක්ම අර කඩේ ගාවට. කඩේ ගාවම තමයි ඉස්කෝලෙ හෙමත් තියෙන්නෙ. ඉතිං ඒ එනකොට ආවෙ ගමේ මල්ලි කෙනෙක් එක්ක පාර අහගන ගිහිපු කාන්ඩයක් එක්ක. අපි ගිය දුර පාරට වඩා මේ පාර කිස්ටුයි. වාගෙ දැනුනා.
මේ ඉන්නෙ දොලපාරවල් අස්සෙ හිටපු ලස්සන සමනලයෙක්. පව් සතා. මං පොටෝ ගන්න පැන්න පාර උෟ ඉගිල්ලිලා ගියා. යාලුවාගේ කැමර් එකට තමයි ඌව එකතු වෙලා තිබුනෙ.
අපි එනගමන් එක තැනක නැවතුනා අර කන්ඩායමත් එක්කම. මොකද අපිට මාන්සියි ඇවිදලම. වතුර ටිකක් බොන්නත් එක්ක නැවතුනා. මේ දොලපාරෙන් හොඳ වතුර ටිකක් අපිට බෝතලයට අර ගමේ මල්ලියා අරං දුන්නා.
එතනින් පස්සෙ අපි ටික වෙලාවක් ඇවිදලා ආහම ආයෙත් අර කඩේ ගාවටම ආවා. අපෙ යාලුවො දෙන්නා කලිං කඩේට ඕඩර් එක දීලා තිබුන නිසා කෑම ටික හදලා පාර්සල් කරලා තිබුනා. ඔයෙ වෙලාවෙම අහසේ වැහි අඳුරක් මෝදු වෙමින් තිබුනා. පොඩියට වරුසාවක් වගේත් වැටුනා අපි කෑම කන වෙලාවෙ. ඒත් එක්කම අපි යන්න පිටත් වුනා. අපේ අදහස වුනේ ආපු පාරෙන්ම ආපහු යන්නෙ නැතුව වෙනත් පාරකින් යන්න තමයි. ඒ අනුව කැලේ හරහා අර කලිං දැකපු ලකේගල වටෙන් අපේ ගමනාන්තයක් වුන නාරංගමුවට ලඟා වෙන්න තමයි අදහස වුනේ.
ටික දුරක් අපි ඒ අදාල පාර දිගේ එනකොට අපේ කලිං දවසෙ හමුවුන මිතුරො කන්ඩායමේ බාගයක් ඉන්නවා. ඒ අය ලකේ ගල යන්න ආවාට මොකද කස්ටිය සෙට්වෙලා ගල් උඩ ඉඳන් බොනවා දොල පාරක් අයිනෙ. ඉතිං විස්තර ඇහුවම වෙලා තියෙන්නෙ එයාල නැගලා වැරදි පාරවල වලිං. ඒත් අවසානෙ නිවැරදි පාර හමුවෙලා තියෙනවා. පස්සෙ එක යාලුවෙකුගේ කකුල පෙරලිලා දෙපාරක්ම. එයාගෙ දනිස්ස ආයෙත් පැන්නොත් කරදරයි කියලා කස්ටිය හැරිලා ඇවිල්ලා. ඒත් එයාලගේ කස්ටියක් ධෛර්ය අරං නැග්ගාලු. එයාලානං ගොඩක් මීමුරේටත් මීමුරේ ගැන තිබුන වෙබ් සයිට් එකටත් බැන්නා. "අර නඩේ ගුරා කාරයා ඉන්නෙ රාගම ද කොහේද. ඕකා මට අහුවුනොත් මං ඕකට ගෙදරටගිහිල්ල කණට දෙකක් ගහලා එනවා."
"අඩු තරමෙ හීතලවත් නෑනෙ බං. ඔහිය පැත්ත බලහං කෝ කොච්චර කූල්ද මීදුමද ඔක්කොම තියෙනවා නේ. කියලා බැන්නා." ඒ අය කලිං ලකේ ගල නැගීමේ අදහසේ හිටියත් පස්සෙ අදහස වෙනස් වෙලා. ඉතිං දන් නැද්ද එයාල තෙල් ගගහ හිටිය හින්දා ටිකක් සද්දෙ වැඩියි.
අපි එතනින් මිදිලා ටිකක් ආවා ඉස්සරහට. මං හිතන්නෙ එතකොට වෙලාව එකට විතර ඇති. අපි එකට විතර පිටත් වෙලා කැලේ මැද ගමන පටන් ගන්න කලිං අර බත්මුල් ටික ලෙහාගෙන කොස් ගහක් යටට වෙලා වාඩිවෙලා කාලා දැම්මා. මාලුමිරිස් කරවල පරිප්පු සහ බත් තමයි තිබුනෙ. ඒත් ඉතිං බඩගින්න හින්දාද මන්දා මං නං කොලේ ඉතිරිවෙද්දි ඔක්කොම කෑවා. මීමුරේ ඉදලා නාරංගමුවට විනාඩි හතලිස් පහෙන් යත හැකි කියලා තමයි අර අපිට කලිං දා රෑ හමුවුන අයියා කිව්වෙ. ඇත්තටම මීමුරේ ගමේ දහ දෙනෙක්ගෙන් අහුවොත් දෙයක් ඒ අය දෙන්නෙ වෙනස්ම උත්තර. සමහර අය කිව්වෙ එහෙම පාරක් තිබුනත් දැං ඒක වල්වැදිලා ඇති කියලා. සමහර අය කිව්වා හවස් වෙලා නිසා යන්න එපාය කියලා. තවත් අය අලි ඉන්න කතාවකුත් කිව්වා. මේ කඳුකර ගල් මුල් අස්සෙ අලි ඉන්නවාද කියලා කෙනෙක්ට හිතන්න පුලුවනි. ඒත් ඇත්ත කතාව නං නකල්ස් වල මානිංගල වගේ රිවස්ටන් පැත්තට පවා අලි එනවා. මීමුරේ දිහාටත් අලි එනවා මොකෝ මේ දවස්වල වතුර කෑම හිඟ පාඩු නිසා. අලි අලි සයිස් කියලා නෑ කඳු නං නගිනවාලු බර බර ගාලා. ඒත් අපේ ඉන්න සමහර මහත අයනං මේ මීමුරේ කිලෝ මීරටයක ගියත් නවතී හති කියලා.. එක අතකින් මහත අයට අලි කියන එක පාඩුයි. මොකෝ අලිය කොච්චර ලොකු වුනත් කටුක ජිවිතයට සහ ඇවිදීමට දක්ෂයා. ඒත් මහත මිනිහා බොහෝ විට කම්මැලියා, කුසීතයා වෙනවා කාලෙත් එක්ක.
මේ ගමන නං සැබෑවටම අතිශය දුෂ්කර ගමනක්. ඉතිං අපි ලකේගල බල බල ලකේ ගල වටෙං නැගගෙන බැහැගෙන වනයට පිවිසුනා නාරංගමුව බලා.. පොඩි දුරක් නං ඇවිදින එකනං අමාරු නෑ. ඒත් අර බීච්වල මහ පාරවල් වල ඇවිදිනවා වගේ නෙමෙයි. මුල් උඩිං ගල් උඩිං සම හර විට වැටුනු ලොකු ගස් උඩිං පැන පැන කඳු නැගගෙන සීඝ්‍ර බෑවුම් බැහැගෙන නැගගෙන යන එක. ඒක අස්සෙ සමාර වෙලාවට ලිස්සලා වැටෙන වෙලාවලුත් තියෙනවා. අපි ඒ ගමන පුරාවට තැන් හත අටකම නැවතිලා විවේක ගත්තා. වතුර බෝතලය ගමනේ බාගයක් යන්න කලිං ඉවර වුනා. දොඩං බිස්කට් හෙමත් අපි කාලා දැම්මා බත් කාලා පැයක් දෙකක් ගියා වුනත්. මෙහෙම කටුක පාරවල් වල කිලෝමීටර එකක් ඇවිදින එක අමාරුයි සමතලා පාරක කිලෝමීටර තුනක් ඇවිදින එකට වඩා. අතරින් පතර අපිට හමුවුන ගැමියන් සහ කන්ඩායම් අපිට දුර ගැන ඉඟියක් දුන්නා. නමුත් ඒ ගැමියන් කියපු කාලයන් සහ වෙලාවන් නම් අනිවාර්යෙන් වැරදි වෙන් ඕනි. කිසිම බරක් නැතිව නිරෝගී,කලිං ඇවිදලා නැති මහන්සි අඩු කෙනේකට වුනත් මීමුරේ ඉදලා නාරංගමුවට යන්න පැය දෙකක් විතර යනවා කියලා තමයි මට හිතෙන්නෙ.
මොකද ඒක අඩි පාරක් වැනි එකක් මිස පාරක් නෙමෙයි. අපි පැය දෙක හමාරක තුනක දුෂ්කර ගමනකින් පස්සෙ නාරංගමුවට ළඟා වුනා. මෙතනදි කියන් ඕනි මීමුරේ පැත්තෙන් මීමුරේ බස් එක නවත්තවන තැන ඉදලා කැලයට ඇතුල් වෙන්න කිලෝමීටර එකහමාරක විතර දුරකුත්, නාරංගමුව පැත්තෙන් කැලේන් එලියට ඇවිත් මහපාරට එන්න ආයෙත් කිලෝ මීටර එකහමාරක විතර දුරකුත් තනිකර මිනිස් වාසයෙන් තොර අමු කැලය තුල අඩු තරමේ කිලෝමීටර හතර පහකුත් ඇති. අපි කොයිතරම් දුර ගියාද කියලා ඉගියක් දෙනවානං අර ලකේගල කියෙන පින්තූරයෙ ස්වරූපය නොපෙනී වෙනත් ආකාරයකට ලකේ ගල පෙනෙන තරම් ලකේගල වටෙන් අපි අනික් පැත්තට ගියා කියලා තමයි මට හිතෙන්නෙ.
මේ තියෙන්නෙ නාරංගමුව පැත්තෙන් ගතපු රුපරාමුවක්. අපි උදේ සූරිය අරනින් නාන්නත් ගොඩක් දුර ගිහිපු නිසා වෙහෙස වැඩියි. ඇත්තටම අලුත් කන්ඩායමක් යනවා නං මීමුරේ පැත්තෙන් හරි ලග්ගල පල්ලෙගම පැත්තෙන් හරි ඇවිත් මේ ගමන එක් පසකට සම්පූර්ණයෙන් ගිහිං ආයෙත් එන්න නම් යන්න එපා. මොකද ඒ දුර සහ මාර්ගය තරණය කරන්න අලුත් අයට ටිකක් අමාරුයි. ඔන්න කඳු හෙල් නැගලා දුර ඇවිදලා පුරුදු අයට නම් අවුලක් නැතිවෙයි. මං මේ කියන්නෙ අලුත් අය ගං කබරෙයො එයාලට වැඩ බෑ කියන එක නෙමෙයි. ඒත් එන නඩ ගොඩ වෙලාවට එන්නෙ අරක්කු සුට්ටක් බීලා විනෝදයක් දාල..පොඩ්ඩක් කැරකිලා ොගඩක් ආතල් අරං යන්න නේ. ඉතිං මේ මෙතන තියෙන්නෙ පොඩි කැරකීමක් නෙමෙයි. මේක ඇවිල්ලා තනි කස්ටක්. ඒකට යනවනං ඒකටම යන්න ඕනි කියලයි මං හිතන්නෙ..
මේ නාරංගමුව පැත්තේ පාර අවසාන වෙන තැන. අපි මෙතනින් පස්සෙ ආවෙ ලග්ගල පල්ලෙගම කියෙන තැනට. එතනට එන්න අපිට තුන් සක රියක් හමු වුනා වෙලාවට. එතනින් අපි ලග්ගල පල්ලෙගමට ආහම දඹුල්ලට බස් එකක් හමු වුනා. දඹුල්ලට ඇවිත් අපි රෑ නවය හමාර විතර වෙද්දි ආයෙත් නුවරට ගියා. නුවර මිතුරාගෙ ගෙදර ඒ රාත්‍රිය ගතකලා. අපිට පට් පට් ගලා වාහන සෙට් වුනේ නැත්නම් ඒ තරං දුර අදින්න බැරිවෙයි කියලා තමයි මට හිතෙන්නෙ. මුලු බජට් එකම අපිට රුපියල් පන්දාහක් විතර තමයි තුන්දෙනාටම. පාරෙ බස් එකේ ගියාම අපිට ඕනි තැන්වල ආතල් ගන්න නවත්වන්න බෑ තමයි. ඒත් යන තැන්වල හිතේ හැටියට ගිහිං එත හැකි මොකෝ අපිට ආයි ඒ පාරෙම යන්න ඕන හෝ වාහෙනේ අරං යන්න ඕනි කියලා නියමක් නෑනෙ.
ලග්ගල පල්ලෙගම ඉදලා මාතලේ හරහා නුවරට බොහොම කිට්ටු වුනත් බස් නෑ තිබුනෙ ඒ වෙලාවට. ඒ වෙලාවෙ තියෙන්නෙ දඹුල්ල බස් විතරලු. අන්තිමේ අපි පරංගියා කොට්ටෙ ගියා වගේ තමයි ගියෙ.
අපේ අයටනං මේක ආතල් මදි වුනාට ටුවරිසම් පැත්තෙං මේ ගම්මාන පැත්ත සහ මාර්ග සහ කැලෑ කියන්නෙ සම්පතක් කියලයි මට හිතෙන්නෙ. අවාසනාවට මේ මීමුරේ ගැනවත් මේ මාර්ග ගැනවත් ලංකවෙන් සුද්දන්ට ලැබෙන ටුවරිස්ට් ගයිඩ් පොත්වල නැතුව ඇති. මං මීට කලිං ගිහිපු මේ වාගේ ගමන් දෙක තුනකදිම සුද්දො හමු වුනාට මේ ගමනෙදි සුද්දෙක් ඇහැට දැක්කෙ නෑ. සමාරවිට මේ සුද්දන් එන කාලෙ නොවන්න ඇති. ඒත් ගයිඩ් බුක් එකේ තිබුනානං වෙනත් රටක සුද්දො සුද්දියො ටිකක් හරි එනවානේ මේවා බලන්න.
View Larger Map
ගූගල් මැප් එකේනං ලග්ගල පල්ලේගම ඉදලා මීමුරේට කෙලින්ම දුර කිලෝමීටර 14.2ක් පෙන්නුම් කරනවා. නාරංගමුවෙ ඉදලා ලග්ගල පල්ලේගමට දුර කිලෝමීටර 8ක් විතර වුනොත් අපි ගිහිං තියෙන විස්ථාපනය කිලෝමීටර හයක් වෙනවා..

ලග්ගල පල්ලේගම පිරවුම්හල |
View Larger Map
ගූගල් මැප් එකේනං ලග්ගල පල්ලේගම ඉදලා මීමුරේට කෙලින්ම දුර කිලෝමීටර 14.2ක් පෙන්නුම් කරනවා. නාරංගමුවෙ ඉදලා ලග්ගල පල්ලේගමට දුර කිලෝමීටර 8ක් විතර වුනොත් අපි ගිහිං තියෙන විස්ථාපනය කිලෝමීටර හයක් වෙනවා..
මරු ට්‍රිප් එක නේ??????
ReplyDeleteපට්ට...
යන්න හිතං ඉන්නේ බං! කොහෙද අපේ උන් ඔක්කොම වැඩ කරන්න අරං බේතකට නිවඩුවක් නෑ උන්ට!
ReplyDeleteමීමුරේ යන එක මගෙත් හීනයක්. රිවස්ටන්, පිටවල, ඉලුක්කුඹුර, පැත්තේ කරක් ගහල තිබ්බට තාම මීමුරේ යා ගන්න බැරි වුණා. නාද්දී සබන් පාවිච්චි නොකර මේ වගේ පරිසර පද්ධතියක් ගැන සංවේදී වීම ගැනත් ඒ ගැන අනිත් එවුන්ගේ ඇස් ඇරෙන්න ලිවීම ගැනත් මගේ ප්‍රණාමය! මේ වගේ පරිසර පද්ධති වල සංචාරය කරන හැම එකාම උඹ වගේ නම් කොයිතරම් හොඳද? ජයවේවා!
ReplyDeleteබඩු අරං සංවිධානය වෙලා කැලේ නවතින්න පුලුවං විදියට යනවා නං ඒ පිටවල පතන පැත්තෙන් මේ පැත්තට එන්න පුලුවන් ඇති ...ඒත් ඒකට මැප්ස් ජී පී එස් හෙම අරං යන්න වෙයි... මගපෙන්වන්නෙක් හොයාගත හැකි වුනත් මගපෙන්වන්නෙක් එක්ක ගියාම ඒකෙ තියෙන ත්‍රිල් එක අඩුවෙන ගතියක් එනවා..උදාහරණ විදියට මේ ට්‍රිප් එකේදි අපි නාන්නට ගිය තැන ඒ ගමේ අයවත් නොයන තරං දුරක තියෙන්නෙ.... එයාල ගෙන් ඇහුවාම පාර කියන්නෙත් මග තියෙන වලකට...එතන මඩ වෙනවත් එක්ක..
Deleteඅලි දිවියො කුලුහරක් සහ සර්පයො තමයි ඉතිං ලොකු පස්නෙකට තියෙන්නෙ...
ඊලග ට්‍රිප් 1 කොහෙද යන්නේ ??
ReplyDeleteකොහෙ යන්නද ඉතිං ලංකාවෙම තැනක් තමයි...ගොඩක් වෙලාවට ඒක වෙනත් සෙට් එකක් එක්ක යන්න වෙයි වගේ...වනෝද්‍යානයකට...බලමු...
Deleteලිපි ටික සේරම කියෙව්වා..බොහෝම හොද පැහැදිලි කිරීමක්... තව එක වැඩක් කරන්න පුළුවන්නං වටිනවා..අමිලලගේ කට්ටිය ගමන් ගත් ආකාරය ගූගල් මැප් එකක හරි ඇඳලා පෙන්නන්න පුළුවන්නං..ඒක මට වටිනවා...
ReplyDeleteගූගල් මැප් එකේ නං දාන්න බෑ මොකද අපි ගමනින් බාගයක් පයිං අඩිපාරක් දිගේ ගියේ..ඒ පාර මැප් එකේ නෑ...
Deleteමහනුවරිං මයියංගන පාරේ හුන්නස්ගිරියට...(41.6Km)
හුන්නස්ගිරියෙන් හැරිලා ලූල්වත්ත කයිකාවල පහුකරලා මීමුරේට...(40Km)
මීමුරෙන් කාගෙන් හරි පාර අහගෙන පැය දෙක තුනක් පයිං ඇවිදලා නාරංගමුවට...(8 Km)
නාරංගමුවෙන් කිලෝමීටර 8-10ක් වාහනේක හරි ත්‍රිවිල් එකක(ත්‍රිවිල් එකට රු 400) හරි ලග්ගල පල්ලෙගම හංදියට..
එතනින් මාතලේට...මාතෙලෙන් පස්සෙ ඕනි තැනකට...(38Km)
4 පහු වුනොත් මාතලේට බස් නෑ ඒම වුනොත් දඹුල්ලටම යන්න වෙයි... (60 Km)
රයිටෝ..බොහෝම ස්තූතියි...
Deleteනියම චාරිකාවක් තමයි ගිහිල්ල තියෙන්නෙ.
ReplyDeleteනියමායි.
ReplyDeleteමරු ගමනක් වගෙයි... තෑන්ක්ස් මචං විස්තර කිව්වට.
ReplyDeleteසුපිරියි ඈ... වෙලාවක යන්න ඕනේ :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!