Friday, September 28, 2012

බැරි බර කරේ තියං යෑම


නිර්මලා සහ ඉරෝමි යන දෙන්නගෙන් මං කාටද වැඩියෙන්ම ආස. ඒක හරිම සංකිර්ණයි. ඒත් මේ දවස්වල වැඩිපුරම වාර ගනනක් ගැටෙන්නෙ නිර්මලා ඒ නිසා නිර්මලා ලස්සනයි. හොඳයි,..සුදුයි කියලා හිතෙනවා. දවසක් නිර්මලා ලා නිල්පාට ටී එකක් ඇඳලා ආවා ඩෙනිමට. එයාට ඒක ලස්සනයි. නිර්මලා බ්‍රෙසියර් ගන්නෙකාට හරියට තෝරලා ගැලපෙන එක ගන්නවා ඇති. එයාගෙ කුක්කු දෙක ඉස්සරහට ඇවිල්ල පේනවා ලස්සනට. මේකට පියයුරු කියන්න පුලුවනි. ඒත් ඒ වචනෙ දැම්ම ගමං මට මතක් වෙන්නෙ ඉස්සර ඉස්පිරිතාලෙ පියයුරු පිළිකා ගැන මව් කිරි දෙන එක ගැන අනම් මනම් තිබුන පෝස්ටර්. පියයුරු හොදයි ලෙඩ වුන තන් වලට කියන්න. නැත්තං කුක්කුව හරි තනේ හරි තමයි නියම සෙක්සුවල් ෆීලින් එක එන වචන..

නිර්මලා නිල්පාට ටී එක ඇඳන් ආවම මම කිව්වා මට හිතුනෙ දේ කෙලින්ම...”නිර්මලා ඔය බ්‍රා එක ඔ්‍යාට ලස්සනයි. ඒත් ඉරෝමි මේ වගේ එකක් ඇඳන් ආපු දවසක මං කිව්වෙ “ඔයාගෙ ටී ෂර්ට් එක ලස්සනයි ඉරෝමි “කියලා විතරයි. එයා බලාපොරොත්තු වුනෙත ්එච්චරයි. එතනින් එහාට ගියානං කියන්නෙ වෙන්නෙ ඔයාට අනික් අය ඉරිසියාකරන පපුවක් තිබෙනවා කියලා විතරයි. කෝ බෙසියර් එක හැලිලා එතන... ඒත් නිර්මලා එක්ක හැසිරෙනකොට නිදහස වැඩියි. හරියට ඇමරිකාවෙ ගියා වගේ කියලා හිතෙනවා.
මට ඔය ඔහොම ඉන්නකොට දවසක් ඉරෝමි හමුවෙනවා රෙදි කඩේකදි. ඒක හවුස් ඔෆ් ෆැෂ්න වෙන්න පුලුවන් නෝලිමිට් වෙන්න පුලුවන් කැන්ඩි වෙන්නත් පුලුවන්. ඒත් ඒක ගමේ පොලවත්,...රෙදි මාකට් එකවත් පෙටාවල දෙවනි හරස් වීදියවත් වෙන්න බෑ.මොකද මහත්තයෙක් වෙච්චි මමවත් ලස්සන මහත්තයෙක් කසාද බඳින්න හිතපු ඉරෝමිවත් තුන්වන පන්තියේ සේල් කඩවලින් පේමන්ට් එකෙන් හෝ්ල් සේල් වලිං රෙදි ගන්න රිංගන්නෙ නැති නිසා
 
ඉතිං ඉරෝමි ඇවිත් හිටියෙ ගෙදර වැඩකරන කෙල්ලෙක් එක්ක. මං ඒක දැනගත්තෙ පස්සෙ. මං ඉරෝමිව දැක්කා ෂර්ට් තෝරන තැනක. ඒත් නොදැක්කා වගේ උන්නා. එයා මාව දැකල ආවා. හායි කෝකිල කියාගෙන. ඒ හායි කෝකිල කියන එකේ හආයි කියන කෑල්ල එයාගෙ අලුත් වර්ෂන් එකක්. කියනකොට ලස්සනයි
 
එයා දැනං හිටියලු මට හිතපු නැති විදියට ප්‍රොමෝෂම ලැබුනා කියලා. යාලුවො කිව්වලු, එයා සතුටු වුනාලු. කවුරු හරි ගර්ල් කෙනෙක් එක්ක යනවා එයා දැක්කලු. දැන් ඉතිං මට හරිගිහිල්ල හින්ද එයා අමතක වෙලාද දන් නැහැලු. එයාගේ හස්බෑන් ඉන්නෙ රටලු. මාස දෙකකට තුනකට වතාවක් එනවලු. වෙඩින් එකෙන් පස්සෙ එයා රට ගියාලු. එහෙ ජොබ් කරන එක ලේසි කියලලු හස්බන් කියන්නෙ...

හරියට කතාකරන බෝනික්කෙක් ගත්ත වගේ..නැත්තං පිස්සියෙක්ට ගලකින් ගැහුවා වගේ..කපුටියක්ට කෑමක් හමුවුනා වගේ මාව ඉරෝමිගේ කෝච්චි කතාවට අහු වුනා. එදත් එහෙමයි. ඉස්සර කෝල් කරනකොට මං කරන්නෙ හුම් කියන එක විතරයි. ටොයිලට් එකේ ස්ටාෆ් එකේ අය ෆැසන් කරන හැටි පාරෙ යනකොට එයා දිහා කොල්ලො බලපු හැටි...අංකල් කෙනෙක් අනවශ්‍ය ලෙස හේත්තුව දාන්න ආහම එයා රවල රවල අංකල්ව දමනය කරපු හැටි...මට අහන් ඉන්න වෙනවා. එයාට බස් එකේ යනකොට හැමදාම කරදර කලේ අංකල්ල විතරයි. එක්කො එයා යන බස්වල යන්නෙ අංකල්ලා විතරයි. නැත්තං අංකල්ලට මෙයාව ෆේවරිට්... ඒක කියලා මං දවසක් බැනුං ඇහුවා ඉරෝමිගෙන්. පාලුව මකාගන්න රේඩි එකක් වෙනුවට ගන්න පුලුවං මහාර්ඝ වස්තුවක්
  අත්වලින් ඇස්වලින් කට ඇල කරලා කියනකොට මාර ලස්සනක් තියෙනවා. ඒකට නිර්මලා කුනුහබ්බයක් කිව්වත් කිසිම එක්ස්ප්‍රෙෂන් එකක් වෙනස් වෙන්නෙ නෑ. ඉරෝමි හරියට ටීවි එකක් වගේ මුහුන අතපය නිතර වෙනස් කරමින ්කතා කරනවා. ටීවි එකෙත් අපිට කියන්න බෑ මේ පැත්තෙ ඊලගට පේන පාට මොකද්ද ප්‍රෝග්‍රැම් එක මොකද්ද කියලා
 
ඇයට බඩක් තිබුනා. සිංහලෙන් කිව්වොත් දැන ්ඇය මාස හතර පහක ගැබිනියක්. මට ඇගේ මුහුන...රඟපෑම සියලු කල කෝලාහල අස්සෙ බඩ පෙනෙන්න ටික වෙලාවක් ගියා. මං ඒත් ඇහුවෙ නෑ ඒ ගැන. කෙල්ලට ලැජ්ජ හිතෙයි කියලා. මං කිව්වා ඔයා මහත් වෙලා කියලා. එතකොට ඔව් අනේ හැමෝම කන්න කන්න කියනවා නේ..මට කන්නත් බෑ මේ දවස්වල කියලා එයා කිව්වා. එයා මට සර්ට් එකක් තෝරලා දුන්නා. ඒක ලස්සන ඇති. ඉතිං ඉතිං කිය කිය එයා මාව එයාගෙ රෙදි තෝරන්නත් එක්කරං ගියා. මේක මැච් වෙනවද. ලස්සනයිද? මොනවද හලො ්බලන්නෙ කියනවකෝ? කියලා ඇය අලුතින් බැන්ද හෝ කලක් පෙම්කල යුවතියක් සේ හැසිරෙන්ට වූවාය. මට්ත් ඒ මනෝරාජික ලෝකයෙන් ගැලවෙන්නට කිසිම හිතක් පහල වුයේ නැත. ඔයා ආස නිල් පාට නේ??
කියා ගැබිනි මව්වරුන් අඳින ජාතියේ එකක් ඇඟට තියා ලස්සනදැයි කියා ඇස්වලින් අසයි..

එදින පැයක් විතර අපි රෙදි කඩයේ ගත කලෙමු. අවසන වෙන්වෙන තත්පරයේ ඇයට වේදනාවක් දැනෙන්නට ඇත. කෝකිල කෝ මිස්ටර් මට කාඩ් එකවත් දෙන්නෙ නැද්ද? ඒ ඉරෝමිය.. මං ගාව කාඩ් නැතිබවක් අැය දන්නවා ඇත. මා කාඩ් එක නොමැති බව කිවු විට..දැන් ඉතින් අපිට කතාකරනවට වඩා තරුණ මැනේජර් මහත්තයට වෙන වැඩ තියෙනවා නේ..අපිටත් ආරංචියි ටික ටික... ඇය කීවාය..පරණ නම්බර් එක වැඩ කෝල් එකක් දෙන්න හිතුනොත් දෙන්න ඈ.. ඇය කීවාය. අපගේ පෙම ්කතාව අවසාන වන විට ඇය නම්බරය වෙනස් කලාය. කෙතෙක් සිත ඈතට ගියත් ඒ නොම්මරය මගේ මතකයෙන් ඈතට ගොස් නැත. මා ගෙදර ගිය විගස ඇයට කෝල් එකක් දුනිමි. පැය බාගයක් ගිය ඉක්මන දැනුනේ අම්මා විත්...අද කන්නත් කලිං කනේ ගහගන තියෙන්නෙ කියලා කෑම කන්නට ආරාධනා කල විටය..
ඉරෝමිගේ කසාද මිනිහා අර්ධ ව්‍යාපාරිකයෙකි..කාර්යබහුල කෙනෙකි දක්ෂයෙකි....නමුත් පෙම් කිරීමට රවුං යෑමට වෙලාවල් වෙන් කරගන්නට තරම් හේ නිදහස් අයෙකු නොවේ. ඉරෝමිෙග් කසාද මිනිහා මා දන්නේ සුවල්ප වශයෙනි. නුමුත් මා එවන් රෝබෝටික්කලා සමාජයේ කෙතෙකුත් දකිති. වසර දෙක තුනකට පෙර මියගිය අපේ ප්‍රේමය එදාටත් වඩා හොඳින් උලුප්පා ගෙන නිරායාසයෙන්ම ඉරෝමි තුල පැනනැංගේ සැමියා නැමැති රොබෝටික්කා නිසාය

 ඔහු පෙනුමට හෝ හැසිරීමෙන් කිසිම වැරැද්දක් නැතුවා වන්නට ඇත. සමහර විට ඔහු පිටරට සිටින සමයේම වෙනත් කතුන් ගැන නොසිතා සිටින්නට ඇත. ස්කයිපිය හරහා නිතර කතා කරනවාද විය හැක. නමුත් මොනිටරය කිස් කිරීමට නොහැක. ආදරයෙන් වැළඳගත නොහැක. පෙම් බැලුම් හුවමාරුව පවා කල හැක්කේ අල්ප වශයෙනි. එසේ හෙයින් මසකට දෙකක වරක් ඉරෝමිගේ සැමියා ලංකාවේ සිටියත් ඇයට විශාල හිදැසක් ඇති යැයි මට සිතුනි.
ගැහැනු ගැහනු කෙතෙක් කතා කලත් හමු වුවත් පිරිමියෙකුගේන ලැබෙන රළු ප්‍රතිචාරවලට ඔහුගේ නොදැමුනු ගති වලට..සමහර ගැහැනු ආශා කරති. ඔවුන් ප්‍රේම කරන්නේ කීකරු සුවච බලුපැටියා මෙන් නිතර කැරකි කැරකි සිටින, අඩන වැලපෙන ටෙලිනාට්‍ය පෙම්වතාට නොව නිතර දඟකිරීමට වෙර දරන හිතුවක්කාර කම් කර සමාව ඉල්ලන සැබෑ ලෝකයේ පිරිමියාටය
 
සමහර විට ඉරෝමිගේ අම්මලාද කෙල්ලට දැන් මොනවද අඩු..වාහනද? අතට පයට වැඩකාරයොද? සල්ලිද ගෙවල්ද, හැමදේම තියෙනව නේ..,කියා සිතනවා ඇතිය.
පොඩ්ඩක් ඉතිං රට ගිහින් හිටියට මොකද මාසකට දෙකකට සැරයක් එනවා නෙව.. ඇගේ පියා එසේ කියනු ඇත
 
නමුත් ඉරෝමි සිතුදෙය ඉරෝමිට නොලැබී ඇති බවකි මට පෙනුනේ.. ඇය සිතාන සිටියේ වස්තු සම්බාර ඇති නිදහසද ඇති විවේක ඇති සැමියෙකුය. නමුත් ඇයට ලැබී ඇත්තේ එය නොවේය. ඇේග පවුලේ උත්සව වලට යාලුවන් ගේ උත්සව වලට ඉරෝමිට යන්නට සිදුව්න්ෙන් තනිවමය. සැමියා සිටියත් නිතර නොදකින නොපෙනෙන ඔහු ඒ සමාජවලට එතරම් නොගැලපේ. ගැලපුනත් එය වෙනත් සමාගමකි..

මා ඇය හා කතා කලාය...ඇය බොහෝ ලෙන්ගතු වුනාය. ඇය මව සමඟ ඉස්පිරිතාල ගමන නැවැත්වුවේ අනේ අම්මටත් හරි අමාරුයි මාත් එක්ක ගිහිල්ලා කියලාය. මසකට වරක් ඈට කිලිනික් දවස මට නිවාඩු දාන්නට වුනේය. මෙය ඉරෝමිේග මව්පියන් කැමති සංසිද්දියක් නොවේ. නමුත් එය එසේම විය. ඉරෝමිගේ සැමියාගේ නෑයින් තරම්ක ඉහල පැලැන්තියට අයත් පිටරට ජීවත්වෙන හෝ කොළඹ නොපෙනෙන සුපිරි පැලැන්තියේ අයවලුන්යැ. ඔවුන්ට ඉරෝමි ගැන සෙවීමට වගක් නැත. බොහෝ විට මා ඉදිරිපිට අර මහ ගෑනි සහ උලමා හොඳ මූන පෙන්වුවත් ඉරෝමිට බනින්නට ඇත
 
මහ ගෑනි සහ උලමා යැයි වයසක ඒ මිනිස්සුන්ට අපහාස කිරීම වැරදි බව මා දනී. නමුත් ඉරෝමි මට අකමැති වූයේ ඔවුන් නිසායැයි දැන් මට සිතේ. දැන් ඉරෝමි මගේ හොඳ ෆිට් එකකි. ඉරෝමි අකමැති වුයේ ඉරෝමිගේම සිතුවිලි නිසායැයි මා පිළිගන්නට දැන් සූදානම් නැත. මන්ද ඉරෝමි ඉතාම සමීපව මේ දිනවල සිටින නිසාය. එබැවින් ඉරෝමි මට අහිමි වීමේ සියලු බරපැන ඒ වලකජ්ජු එකතුකරමින් කොන්ද කැක්කුම තෙල් ගාමින් දේශපාලනය කියවන අසරණ දෙමාපියන්ට හිමිවිය.. .

කූඹි නොයන රස ගුල 3 කොටස.. නිමි..
 

11 comments:

  1. මුකුති නොකියාම මං තුන්වෙනි කොටසත් කියවලා යන එක හරි නෑ. එක දෙක තුන මේ තැන් සියල්ලේගේම මට හිතුනේ එකම කතාව. මේක කතාවක් නම්... ඇත්තටම ඒක කතාවක් කියලා මට හිතෙන්නැත්තේ මොකද මංදා.තුන කොටස නිමි කියන්නේ හතරක් මඟ එනවා කියන්න වෙන්න ඇති කියලා. මං බලන්නම් හතරේදිවත් මගේ සැකය දුරු කරගෙන කමෙන්ට් කරන්න.

    ReplyDelete
  2. හිතේ ඇති හංඟන්නේ නැතුව ලියලා තියෙන එක ( ඇත්ත හෝ නිර්මාණයක් හෝ වේවා..) ගැන සතුටුය..
    ලොකුවට සල්ලි, ආදරය, පවුල කියලා කතා කලාට ගෑනු පිරිමි හිත්වල යථාර්ථය ‌මේකයි කියලා කීප පොලකම දැකලා තියෙන නිසායි මට එහෙම හිතුනේ...

    ReplyDelete
  3. අඩු තැන්.. හිස් තැන් පිරවීම.. උත්කෘෂ්ඨ ක්‍රියාවකි.. සමාජ මෙහෙවරකි..

    කෙලින්ම ලියලා.. සතුටුයි :)

    ReplyDelete
  4. නැත්තං පිස්සියෙක්ට ගලකින් ගැහුවා වගේ.

    “මගෙ හිත වෙනමම මතකෙකට ගියා “

    අපේ පැත්තෙත් හිටියා පිස්සියෙක්. ගමේ හන්දියෙ කොල්ලො හවහට හවහට ගල් ගහනව ඒ පිස්සිටත්. ඒ පිස්සි නම් කියන්නේම කුණුහබ්බ.... ලස්සන පිස්සි. අන්තිමට පිස්සි බඩ උනා. අන්තරස්දාන වුනා...කාලෙකට පස්සේ ලගදි දවසක තැපැල් කන්තෝරුටව මට ඇයව මුණ ගැහුනා. පිස්සුව සුවයි.දරුවයි ඇයයි යහතින්. දැන් අයට හොද නෑයෙකුත් සහෝදරියකුත් ඉන්නවා. ඒත් දරුවගෙ තාත්ත කවුද කියලා දන්නෙ නැහැ. හන්දියෙ කොල්ලන්ටත් ඇයව අමතක වෙලා ගිහින්. කොහෙමෙ වුනත් ඇය සුවෙන්. ඇගේ දරුවාත් සුවෙන්.....

    දැන් ආපහු කතාවට....... මොනා කියන්න ද? ලිවිල්ල නම් අනර්ඝයි.

    ReplyDelete
  5. බල්ලට පොල්ලෙන්ම ගසා ඇත
    එල!!

    ReplyDelete
  6. අමුවෙංම දාලා...
    එල කොල්ලෙක් ඈ...

    ReplyDelete
  7. හික්ස්... එල එල....

    ReplyDelete
  8. //..........ගැහැනු ගැහනු කෙතෙක් කතා කලත් හමු වුවත් පිරිමියෙකුගේන ලැබෙන රළු ප්‍රතිචාරවලට ඔහුගේ නොදැමුනු ගති වලට..සමහර ගැහැනු ආශා කරති. ඔවුන් ප්‍රේම කරන්නේ කීකරු සුවච බලුපැටියා මෙන් නිතර කැරකි කැරකි සිටින, අඩන වැලපෙන ටෙලිනාට්‍ය පෙම්වතාට නොව නිතර දඟකිරීමට වෙර දරන හිතුවක්කාර කම් කර සමාව ඉල්ලන සැබෑ ලෝකයේ පිරිමියාටය.....//

    මේ ටික හරියටම හරි...........ආසාවෙන් කියෙව්ව ඔන්න...

    ReplyDelete
  9. කමෙන්ට් නොකළොත් උඹේ මහන්සියට අපරාදයක්,

    මචන් මේ කතාව තව ඉස්සරහට යනවනම් "මතු සම්බන්ධයි" කියලාවත් දාන්න කාරුණික වෙයන්කෝ හුදී ජන සංවේගය පිණිසවත්

    ReplyDelete
  10. යථාර්තය යථාර්තිකවම ලියල තියෙනවා.....! හරි අපූරැ පෙලගැස්ම

    ReplyDelete
  11. නියමයි.. ,ලිවිල්ල සුපිරියි !!!

    ReplyDelete