අපි මීමුරේ ගියේ පාරෙ බස් එකේ. කලිං මගේ යාලුවෙක් වාහනයක් අරගෙන එන්ට පුලුවනිය කියලා පොර වදන් දුන්නාට හදිසි දානයක් යෙදීම නිසා ඒ වාහනයක යන වැඩය කරගන්න බැරි වුනා. අපි සෙට්වුනේ නුවරදි. නුවර ඉඳලා උදේ 10ට විතර අපි මහියංගන බස් එකකට නැංගා. නැගලා අපි හුන්නස්ගිරියෙන් බැස්සා. හුන්නස්ගිරියට යනකල් අපි ඉතිං පොඩි කයි කෑල්ලක් ගහගෙන ගියා. අපරාදෙ කියන්න බෑ මහියංගන නුවර පාර අපේ ආන්ඩුවෙන් හොඳට හදලා තියෙනවා. මග නග්ගලා ලෙසටම. ඉතිං ඒ අතර ඔය කතාව කිව්හම එක පොරක් කියනවා පාර හැදුවාට මොකද මහින්ද මහත්තයා වංගුවකුත් ගහලා නේ කියලා. කලිං දහඅටයි දැන් දාහතයි. ඒත් බිල් තියෙන් ඇති දහ නවයකට විතර. මටත් මේ කතාව මීටර් වුනේ තත්පර කීපයක් ගිහින්. මිනිහා කියන්නෙ මහින්ද මහත්තයා මහියංගන පාර හදනකොට දහඅට වංගුවෙන් වංගුවක්ම අයථා ලෙස ගසාකාපු අදහසක්. ඉතිං අපිට ඒකට හිනාත් ගියා..
මේ ඉන්නෙ හුන්නස්ගිරි කඩමන්ඩියේදි හමුවුන අයියා කෙනෙක්. මාත් ඉතිං අතබනුව අරං ඒක අමෝරාගෙන වන වන ඡයාරූප ගනිද්දි අයියා එනවා ඉස්සරහින්. මල්ලි මාත් ගන්න ඈ කියලා පොර හිනාවෙලා ගියා. ඉතිං මං ඒ අයියාගේ පොටෝවකුත් ගත්තා.
මේ තියෙන්නෙ හුන්නස්ගිරි ටවුමෙ දර්ශනයක්. අපි හුන්නස්ගිරියෙන් බැහැලා මීමුරේ බස් එක හෙව්වා. කලිං හමු උනේ කයිකාවල වෑන් එක. ඒක මීමුරේටම යන්නෙ නැතිලු. පස්සෙ ඉතිං එතකොට තව වෙලාවත් ඉතිරි වෙලා තියෙන එකේ කඩේකින් බඩට කෑම ටිකක් දාගත්තා. පස්සෙ මීමුරේට යන වෑන් එක වෙන තැනක නවත්තලා තිබුනා. අපි එතෙන්ට ගිහිං වෑන් එකේ නැග්ගා. අපි ගියේ පෝය දවසෙ නිසා සෙනඟ නැ වෑන් එකේ. ඒ රූට් වැන් කියන පරණ වෑන් ජාතියෙ එක ආසනයක මිනිස්සු හය හත් දෙනෙක් දානවාලු සෙනඟ වැඩි දවසට. ඉතිං ඒ මීමුරේ ඉන්න ජනතාවට තියෙන එකම වාහෙනේ තමයි මේක. දවසට එක පාරයි යන්නෙ. එකහමාර තමයි පිටත් වෙන්න තියෙන්නෙ. අපි ඉතිං පැය බාගයක් විතර ඒක ඇතුලෙ වාඩි වෙලා උන්නා.
ඒ අතර අපි කෑම බීම ටිකකුත් ගත්තා..
ඉන් පස්සෙ මීමුරේට යන්න පටන් ගත්තා. ඉල ඇදෙන වංගු තමයි ඒ පාරෙ තියෙන්නෙ. ඔය අස්සෙ ඉතිං පිංතූර ගන්න කැමරා පෝන් එක මෑනුවත් හරියට පිංතූර ගන්න බැරි වුනා. ගොඩක් ඒවා අඳුරු වුනා. මේ පාර කලෙක්ෂන් එකේ. මීමුරේට හුන්නස්ගිරි ඉඳලා යනකොට කිලෝමීටර තිහකට වඩා තියෙනවා මුලු දුර. ඒත් එයින් බාගයක්ම වගේ තේ වතු තමයි තියෙන්නෙ. තේ වතු වල වැඩකරන දෙමළ ජනතාවත් මේ වෑන් එකේම යනවා සමහර වෙලාවට.
මේ වෑන් එක පැයක් හමාරක් ගිය තැන ලූල්වත්ත කියෙන තැනට ආවා. ඇවිත් එතන නැවැත්තුවා. අපේ වෑන් එකේ ගියෙ ගොඩක් අය තරමක් හතලිහක් පනහක් වයස වෙන උදවිය. තව ගෑනුලමයි දෙන්නකුත් හිටියා. කට්ටිය හෙමීට බැහැලා ගිහින් තේ වතුර බොනවා. කඩෙන් ආප්ප කනවා රොටි කනවා. අපේ පැත්තෙ නං පැයක් හමාරක් ගියාම වාහන තේබොන්න නවත්වන්නෙ නෑනෙ. ඒත් මේ ගමේ අයට ඒ තරං හදිස්සියක් නෑ. කොහොම හරි යන්තං හැන්ද වෙනකොට ගමට ගියාම ඇති. නැවතිලා කයියක් ගහන ගමං රොටියක් කාල තේ වතුර ටිකක් බීල කාරිය තමයි යන්නෙ. සමහර විට ඒ කඳු අතර වලවල් ගොඩේ කැඩිච්චි පාරේ අමාරුවෙන් රථය ගෙනියන රියදුරු මහත්තයාට විවේකයක් ඕනි ඇති අපිට නිකං වාඩිවෙලා ඉන්නත් අමාරු එකේ.
ඉතිං මෙතන තිබුනා කොච්චි සම්බෝලයක් සහ රොටි හෝ ආප්ප. මං කඩේට ගිහිං මොනවා ගන්නවාද කියලා කල්පනා කර කර ඉද්දි අපේ වැන් එකේ ආව ගෑල්ලමයි දෙන්නා රොටි දෙකක් අරගෙන ඒක මැදට අර කොච්චි සම්බෝල දාගෙන සැන්ඩ්විච් එක වගේ හදගෙන ගියා වෑන් එක ඇතුලෙම තියං කන්න. ඉතිං මාත් ආප්ප දෙකක් ඉල්ලුවා කඩේ හිටපු මුදලාලි මහත්තයෙගන් මුදලාලි මහත්තයා ආප්ප දෙක අරං අර කොච්චි සම්බෝල සුට්ටක් විතර දාල මහත්තය මදිනං දාගන්න කියලා කිවුවා. අර ගෑල්ලමයි දෙන්නා රොටි කන්න ගොඩක් කොච්චි සම්බෝල ගන්නවා දැක්ක නිසාත් හැහ් මට බැරි මොකෝ කියන මහන්තත්වය නිසාත් මා තවත් කොච්චි සම්බෝල හැන්දක් දාගෙන ආප්ප දෙක කන් පටන් ගත්තා.
ආප්ප කාලා ඉවර වෙනතෙක් එහෙං මෙහෙන් යාන්තං දැවිල්ල ආවා. කාල ඉවර වුනාම තමයි රගේ තේරුනේ. තුම් මුනින් රැස් පිටවෙනවා. කඳුලු ගලනවා. සොටු දියර එනවා. කවද කාපු කොච්චිද. මං හිතන්නෙ අපි කන කොච්චි වලට වඩා සැරයි වෙන් ඇති අනික මේ කොච්චි තැපෑලෙන් වදින්නෙ. එක දෙමල අයියා කෙනෙක් කිව්වා. මල්ලි අපිටනං මේ තියෙන සීතල ගතියකට කොච්චි නැතුව බෑ වගේ සැර නැතුව කන්න බෑ කියලා. එයාලට සීතල නිසා සැර වැඩිය දැනෙන්න නැතුව ඇති. නොදන්න බම්බු වැඩිපුර දාගෙන කන්න ගිහිං මං එතනින් යස පාඩමක් ඉගෙන ගත්තා. මාත් එක්ක ගියෙ අනික් පුතාල දෙන්නා පොස් කම පෙන්වන්න වෙන් ඇති බබාල වගේ වෑන් එක ඇතුලෙ හිටියා. මං හිතන්නෙ උන් දෙන්නා හුන්නස්ගිරියෙන් ගත්ත පේර ගෙඩියකට වග කියන් ඇති.
මේ අපේ කැමරා වලට මී මුරේ යන අතරමග හමුවුන දර්ශන කීපයක්. මේ නකල්ස් වලට මායිම් කැලෑ වල කාලයක් එන්සාල් වගාව කෙරිලා තියෙනවා. දැන් එන්සාල් වගාව අතහැරිලා. අපිට මුලු ගමන පුරාවට මීමුරේට ගිහිං එන වෑන් විස්සක් තිහක් විතර හමු වුනා. ගොඩක් වෑන් රියදුරන් අයින් කරන්න හෙම බයයි. ඒත් අපේ පළපුරුදු රියදුරු මහත්තයා නං කිසි දේකට සැලෙන්නෙ නැතුව කිසි ආයාසයකින් තොරව පැදවීම සිදුකලා. යන අතරෙ රිලව් සෙට් එකක් හමුවුනා. අන්න පිංතූර ගන්න යාලුවො ටිකක් ඉන්නවා යැයි. වෑන් රියෙ ගිය අපි එක්ක ටිකක් කතා බහ කරපු අංකල් කෙනෙක් කිව්වා. අපි ඉතිං මලු වලිං කැමර් අරං ලෑස්ති වෙනකොට රිලවු පහුවෙලා ගොඩක් දුර ගිහිං ඉවරයි.
අපි යන මග දිගට එහෙං මෙහෙන් වැහි බීරානියක් වගේ තිබුනා. ඒත් වැස්සෙ නම් නැහැ.
කොහොමින් හරි අප ටිකෙන් ටික කයිකවලට කිස්ටු වුනා. කයිකාවල හන්දියෙ තියෙනවා දොලපාරක්. ඒකෙ නම් ටිකක් වතුර තිබුනා. ඒ පැත්තෙම වතුර හිඟයි මේ දවස්වල. ඒ නිසා වන්දනා නඩ කීපයක්ම එතනින් නානවා දැක්කා. ඒ ළඟ හිටියා ලස්සනට බෙල්ලට ලනුවක් දාපු මී හරක් තඩියෙක්. මී හරක් තඩියා අපේ වැන් එක යනකොට ඔලුව වැනුවා. මං අපේ අර අංකල් පිට් එකට මී හරකා පෙන්නලා කිව්වා ආන්න ඔයාගෙ යාලුවෙක්ද කොහෙද ඔලුව වනනවා කියලා. මිනිහා ටිකක් මගෙ පැත්ත හැරිලා ඉස්සරහ සීට් එකේ තඩි කලු දෙමල මනුස්සෙයෙක් පෙන්නලා මාත් එක්කනං නෙමෙයි ආන්න අර උන්දැගෙ යාලුවෙක් වෙන්න ඇති කියලා රහාසින් කිව්වා. පොරත් පස්ට ආතල් තමයි දුන්නෙ ගමන පුරාවටම.
අපි මීමුරේට ගිහිං කලිං බ්ලොග් එකක තිබුනා වගේ පංසල ටෝක් කරන්න ගියා. එදා පෝය දවස වුනාට මොකද පංසලේ කවුරුත්ම නෑ. අඩුතරමෙ මලක් පහනක් වත් දැක්කෙ නෑ. වටින් ගොඩින් ආරංචි කරලා බලනකොට පංසලේ හාමුදුරුවො මයියංගනේට වැඩලා පෙරහැරක් තියෙන නිසා. අහෝ ඛේදයකි. තිතකි ඉරකි මල් වැලකි. දැන් ඉතිං මොකෑ කරන්නෙ. අපි ඉතිං ඒ අහල පහල කඩේකින් තව බඩු ටිකක් අරං ගම දිගේ ඉස්සරහට ඇදුනා..

හොද ගමනක් වගේ ගිහින් තියෙන්නේ.....
ReplyDeleteහාමුදුරුවෝ නැති උනාට පන්සලේ ඉන්න බැරිද ...?
ReplyDeleteඊ ලඟ කොටහ දාපං ඉතිං..........
ReplyDeleteමාර ගමනක්..... අත්දැකීම බෙදා ගත්තට පිං.... මම හිතං හිටියේ දැන් වෑන් බස් නෑ කියලා...
ReplyDeleteඊලඟ කොටසත් ලිව්වනම් තමා ගති !
ReplyDeleteමාත් ගිහින් තියනවා . කවදාවත් අමතක වෙන්නෙ නැති හරිම සුන්දර ගමනක් .
ReplyDeleteඔයාගේ බෙල්ල අංශක 45 ක් වම් පැත්තට ඇලයි ද? එහෙම ඇහුවේ සමහර පොටෝ වමට ඇල කරලා දාලා තියන හින්දා. අපේ බෙල්ල කැඩේනවා එව්වා බලන්ට ගියාම. ඔයාගේ බෙල්ලේ වනයක් ද?
ReplyDeleteපොටෝ ගහද්දි අඳ්‍රර තිබ්බට කමක් නෑ. ඕව දාද්දි පික්චර් මැනේජර් එකට දාල පොඩ්ඩක් විතර එලිය කරලම දාහං :)
ReplyDeleteමමත් ගියා මචං නකල්ස් ගිය සතිඅන්තෙ. කියල වැඩක් නෑ හරිම සුන්දරයි.
ReplyDeleteඅපිට නම් පංසල සෙට් උනා මචෝ..එතකොට කොහේද ඉතිං නැවතුනේ..
ReplyDeleteමේ තියෙන්නේ අපේ මීමුරේ සංචාරේ http://rajitha-sannasa.blogspot.com/2012/03/blog-post_13.html
ඉතුරු ටිකයි කීයක් විතර තට්ටු වෙනවද කියලත් දාහං!යන්න තැනක් හොයනවා ලබන සතියෙ දිහාට!
ReplyDeleteහරි ලස්සන ලිපියක්. මාත් හසලක ගම්මානෙකට ගිහින් තියෙනවා. යහන්ගල පැත්තේ. හරි ලස්සන ගමනක්.මට ඒක මතක් උනා... ඉතිරි කොටසත් ලියන්න. ආසයි කියවන්න.
ReplyDeleteමීමුරේ පැත්තේ විසේසයෙං කියලා බලන්න තියෙන්නේ මොනාද අමිලයියේ...??????
ReplyDeleteharima sundara paththak,namuth apata nathiwegena yanawa parisara winasaya nisa
ReplyDelete